05.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, දැන් අන් අයගේ නමට හා ස්වරූපයට සිරවී සිටීමේ අසනීපයෙන් ඔබව ආරක්ෂා කරගන්න.
වැරදි ආකාරයේ ගිණුමක් සාදන්න එපා. ඒ එකම පියාගේ ස්මරණයෙහි රැදී සිටින්න.
ප්‍රශ්නය:
ඔය වාසනාවන්ත
දරුවන් ඔබේ වාසනාව නිර්මාණය කරන්නේ කුමන ප්‍රධාන උත්සාහය දැරීමෙන්ද?
පිළිතුර:
වාසනාවන්ත දරුවන් වන ඔබ, සියලුම දෙනා හට සතුට ලබාදීමේ උත්සාහයේ යෙදෙනවා. වාසනාවන්ත
දරුවන් තම සිතිවිලි, වචන හෝ ක්‍රියා යන කිසිවකින් කිසිම කෙනෙක්ව අසතුටට පත්කරවන්නේ
නැහැ. සිසිලසකින් හිඳිමින් දිගින් දිගටම ඉදිරියට යන විට ඔබ නිරන්තරයෙන්ම ඔබගේ
වාසනාව නිර්මාණය කර ගනු ඇත. මෙය ඔබගේ ශිෂ්‍ය ජීවිතයයි. ඔබ තවදුරටත් ඔබගේ හුස්ම
හිරකර නොගත යුතුයි, නමුත් නිරන්තර සතුටින් සිටින්න.
ගීතය:
ඔබය මව, ඔබමය
පියා ...
ඕම් ශාන්ති.
දරුවන් සියලුම
දෙනා මුරලි එකට සවන් දෙනවා. කොතනකදී හෝ ඔබ මුරලි එක ලබන විට. ඔබ දන්නවා මෙම
ප්‍රශංසනීයත්වය එය අශාරීරික තැනැත්තාගේ මිස ශාරීරික තැනැත්තාගේ නොවන බව. ඒ අශාරීරික
තැනැත්තා දැන් ශාරීරික තැනැත්තා මාර්ගයෙන් මෙය (ගීතාව) කියනවා. ඔහු මොහු මාර්ගයෙන්
බළනවා කියාත් ඔබට කිව හැකියි. මා වන ජීවාත්මය, දකිනවා. ජීවාත්මයන් ඉතාමත් සූක්ෂමයි.
ජීවාත්මයක් මෙම දෑස් මගින් දැක ගත නොහැකියි. ඔබ දන්නවා ජීවාත්මයන් ඉතාමත් සූක්ෂම
බව. භක්ති මාර්ගයේ මිනිසුන් පවා ජීවාත්මයන් සූක්ෂම බව තේරුම් ගන්නවා, නමුත්
ජීවාත්මයක් යන්නෙහි නියම තේරුම ඔවුන්ගේ බුද්ධිය තුළ නැහැ. ලෝකයේ සිටින සෑම කෙනෙක්ම
උත්තරීතර ජීවය සිහිපත් කරනවා, නමුත්, ඔවුන් දන්නේ නැහැ ඒ කවුද කියා. ඔබත්, මෙය
දැනගෙන සිටියේ නැහැ. දරුවන් දැන් තේරුම් ගන්නවා මොහු සාමාන්‍ය භෞතික ගුරුවරයෙක් හෝ
නෑදෑයෙක් නොවන බව. මේ දාදාත් ලෝකයේ සිටින අනෙක් මනුෂ්‍යයන් වැනිම වූ මනුෂ්‍යයෙක්.
ඔබ මෙසේ ප්‍රශංසනීයත්වය ගායනා කළා. “ඔබය මව, ඔබමය පියා”, ඒ වගේම ඔහු උඩ සිටින බව
විශ්වාස කළා. බාබා කියනවා : මා දැන් මොහු තුළට ඇතුළු වී සිටිනවා. මා, ඒ ඔබ සිහිපත්
කළ තැනැත්තාමයි. ඉතින් දැන් මා මොහු තුළට ඇතුළු වී සිටිනවා. මුලදී, ඔබ බොහෝ
සෙනෙහසින් යුතුව මා ප්‍රශංසනීයත්වය ගායනා කළා වුවත් ඔබ තුළ යම් බියක් ද තිබුණා.
බාබා දැන් මෙම ශරීරය තුළට ඇතුළු වී සිටිනවා. අශාරීරික තැනැත්තා දැන් මේ ශාරීරික
තැනැත්තා තුළට ඇතුළු වී සිටිනවා. ඔහු මෙහි අසුන්ගෙන දරුවන් වන ඔබ හට උගන්වනවා.
ලෝකයේ සිටින කිසිම කෙනෙක් ඔහු උගන්වන්නේ මොනවාද කියා දන්නේ නැහැ. ඔවුන් සිතනවා
ක්‍රිෂ්ණා තමයි ගීතාවේ දෙවියන්, ඒ වගේම ඔහු විසින් රාජයෝගා උගන්වනවා කියා. අච්චා,
පසුව පියා විසින් කරන්නේ කුමක්ද? “ඔබය මව, ඔබමය පියා” කියා ඔබ විසින් ගායනා කළා
වුවත් ඔබ කවදා කුමන දැනුමක් ඔහු විසින් ලැබුවාද කියා දන්නේ නැහැ. ඔබ ගීතාවට සවන්
දුන්නා. ඔබ සිතුවා ක්‍රිෂ්ණා තමයි එය කිව්වේ, ඒ වගේම ඔහු නැවතත් එය ඉගැන්වීමට යනවා.
එය තමයි මිනිසුන් විශ්වාස කරන්නේ. මෙයද ඒ මහා භාරත යුද්ධයම සිදුවන කාලයයි. ස්ථිර
ලෙසම ඒ ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් සිදුවිය යුතුයි. දිනෙන් දින, මිනිසුන් තේරුම්
ගන්නවා ගීතාවේ දෙවියන් කවුද කියා. මහා භාරත් යුද්ධය ඉතා හොදින් පෙන්නුම් වෙනවා. මෙම
ලෝකය අනිවාර්යෙන්ම විනාශයට පත්වනවා. පාණ්ඩවයන් කඳුමත දියවී ගියා කියා කථාවක්
තිබෙනවා. එමනිසා, දැන් විනාශය ඔබ ඉදිරියෙහි තිබෙන බව මිනිසුන්ගේ බුද්ධිය තුළට
ඇතුළුවිය යුතුයි. කොහොමනමුත්, ක්‍රිෂ්ණා සිටින්නේ කොහේද? ක්‍රිෂ්ණා නොව ශිවා ගීතාවේ
දෙවියන් කියා ඔබගෙන් අසන තුරු ඔවුන් ඔහුව සොයනවා. ඔබගේ බුද්ධිය තුළ මෙම කරුණ ඉතා
හොදින් ස්ථාපිත විය යුතුයි. ඔබ කිසිම විටෙක මෙය අමතක නොකළ යුතුයි. ඕනෑම කෙනෙක්ට,
ක්‍රිෂ්ණා, ගීතාවේ දෙවියන් නොව ශිවා බව විස්තර කරන්න. ඔබ හැර මේ ලෝකයේ වෙන කිසිම
කෙනෙක් මෙසේ කියන්නේ නැහැ. ගීතාවේ දෙවියන් දැන් අපට රාජයෝගා උගන්වනවා. එමනිසා, ඔහු
අනිවාර්යෙන්ම සාමාන්‍ය මනුෂ්‍යයකුගෙන් නාරායන බවට පත්වෙනවා. දරුවන් තේරුම් ගන්නවා.
පරමාත්ම දෙවියන් ඔබට උගන්වන බව, ඒ වගේම ඔහු ඔබව සාමාන්‍ය මනුෂ්‍යකුගෙන් නාරායන බවට
පත්කරවන බවත් ඔබ දන්නවා. සත් යුගයෙහි ස්ථාපිත වූයේ ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යයයි.
එම දිව්‍යලෝකය දැන් පවතින්නේ නැහැ. එමනිසා, නාරායන හෝ දේවී දේවතාවන් මෙහි නොසිටී.
අතීතයේදී ඔවුන් සිටි බව ඔබට පිංතූර මගින් දැකගත හැකියි. ඔබට දැන් තේරෙනවා මීට
අවුරුදු 5000කට ප්‍රථම මෙය ඔවුන්ගේ රාජ්‍යව තිබුණා කියා. දැන් මේ අවසානයයි; දැන්
යුද්ධය ඔබ ඉදිරියෙහිය. ඔබ තේරුම් ගන්නවා බාබා ඔබට උගන්වන බව. ඔබගේ මධ්‍යස්ථාන තුළ
ඔබ ඉගෙන ගන්නා අතර අන් අයටත් උගන්වනවා. අන් අය හට උගන්වන ආකාරය ඉතාමත් හොඳයි. මෙම
පිංතූර මගින් සියලු දේ හොදින් විස්තර කළ හැකියි. ප්‍රධානම දේ තමයි: ගීතාවේ දෙවියන්
කවුද? ඒ ක්‍රිෂ්ණාද, ශිවාද? එහි විශාල වෙනසක් තිබෙනවා. දිව්‍යලෝකය නිර්මාණය කොට
සියලුම දෙනා හට විමුක්තිය ලබාදෙන්නේ සහ නැවත වතාවක් ආදී සනාතන දේවී දේවතා ධර්මය
ස්ථාපනය කරන්නේ ශිවාද, ක්‍රිෂ්ණාද? අවසානයේදී ප්‍රධානම කරුණ වන්නේ මෙම කරුණු තුන
පිළිබඳ වූ තීරණයයි. බාබා මේවා අවධාරණය කරයි. මිනිසුන් ඔවුන්ගේ අදහස් ලියන විට, මෙය
ඉතා හොඳයි කියා කියන නමුත් එහි කිසිම ප්‍රයෝජනයක් නැහැ. දෙවියන් සිටින්නේ එකම
කෙනෙක් බව ඔප්පු කරමින් ඔබ ජයග්‍රහණය ලබනවා. ගීතාව කියන සියලුම දෙනාත් දෙවියන් කියා
දෙයක් නැහැ. පරමාත්ම දෙවියන් විසින් රාජයෝගා හා දැනුම මගින් දිව්‍ය ආගම නිර්මාණය
කරනු ලැබුවා. බාබා විස්තර කරනවා : සමහර දරුවන් මායාගෙන් පහර කනවා. කිසිම කෙනෙක්
තවමත් කර්මාක්ෂය තත්ත්වයට පත්වී නැහැ. දිගින් දිගටම උත්සාහයේ යෙදීමෙන්, ඔබ නිරන්තර
සතුටින් සිටින අතර අවසානයේ බාබාගේ ස්මරණයෙහි සිටිනවා. එහි කිසිම වැළපීමක් ඇති වන්නේ
නැහැ. ඔබගේ හිස තුළ දැන් විශාල බරක් තිබෙනවා. එය නැති කරලිය හැක්කේ ස්මරණයෙන්
පමණයි. බාබා ඔබට මෙම උත්සාහයේ යෙදීමේ ක්‍රමය කියා දී තිබෙනවා. ස්මරණය තිබීමෙන්
පමණයි ඔබගේ පාපයන් විනාශ කර දැමිය හැක්කේ. ස්මරණයේ නොයෙදීම නිසා යම් කෙනෙකුගේ නමට
හා ස්වරූපයට බැඳී සිටීමෙන් සිටින බොහෝ බුධූන් සිටිනවා. ඔවුන්ට උද්යෝගයෙන් සිට අන්
අයට දැනුම විස්තර කර දීම අපහසු වෙනවා. අද ඔවුන් ඉතාමත් සතුටින් කෙනෙක් හට විස්තර
කරනවා. නමුත් හෙට ඔවුන් හුස්ම හිරකරගෙන , ඔවුන්ගේ සතුට නැති කර ගන්නවා. මායා ඔබට
පහර දෙන්නේ කුමන අවස්ථාවන්හිදී ද යන්න ඔබ විසින් තේරුම් ගත යුතුයි. මේ නිසා තමයි ඔබ
බාබා සිහිපත් කිරීමට උත්සාහ දැරිය යුතු වන්නේ. වෙහෙසට පත්ව හඬන්නට වැලපෙන්නට පටන්
ගන්න එපා. මායා ඔබට පහර දී ඇති බව තේරුම් ගෙන බාබා සිහිපත් කිරීමට උත්සාහ කරන්න. ඔබ
කිසිම විටෙක වැළපිය නොයුතුයි. බාබා සිහිපත් කිරීමෙන් ඔබ විශාල සතුටක් ලබනවා. ඒ වගේම
ඔබට ඉක්මණින් දැනුම ගැන කතා කළ හැකි වනවා. බාබා, ඒ පාරිශුද්ධකරුවා කියනවා: මා
සිහිපත් කරන්න. වෙන කිසිම මනුෂ්‍යයෙක් හට බාබාගේ, ඒ නිර්මාණකරුවාගේ හැඳින්වීම නැහැ.
මනුෂ්‍යයන් ලෙස, ඔබ පියාව දන්නේ නැතිනම්, ඔබ සතුන්ටත් වඩා නරකයි. ක්‍රිෂ්ණාගේ නම
ගීතාවට ඇතුලත් කර තිබෙනවා. ඉතින් , ඔවුන් පියාව සිහිපත් කරන්නේ කෙසේද? මෙය තමයි ඔබ
විස්තර කල යුතු වන ලොකුම වැරැද්ද වන්නේ. ශිව බාබා තමයි ගීතාවේ දෙවියන් වන්නේ. ඔහු
තමයි ඔබට ඔබගේ උරුමය ලබා දෙන්නේ. ඔහු තමයි ඔබට විමුක්තිය හා ජීවන මුක්තිය ලබා
දෙන්නේ අනෙක් ආගම්වල සිටින අයගේ බුද්ධියට මෙය ඇතුළු වන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ කර්ම
බන්ධන ගෙවා නිවස කරා යනවා. අවසානයේදී, ඔවුන් හැඳින්වීමෙහි පුංචි කොටසක් ලබා ගන්නවා.
නමුත් ඔවුන් ඔවුන්ගේම ආගම් කරා නැවතත් යනවා. බාබා ඔබට විස්තර කර දෙනවා: ඔබ තමයි
එවැනි දිවයාංගනාවන් ලෙස සිටියේ. දැන් පියා සිහිපත් කිරීම මගින්, ඔබ නැවතත් එම
දිවයාංගනාවන් බවට පත්වනවා. ඔබගේ පාපයන් නැති වී යනවා. කොහොම නමුත් ඔබ සමහරු තවමත්
වැරදි වැඩවල යෙදෙනවා. සමහරු බාබා හට මෙසේ ලියනවා: අද. මගේ තත්ත්වය හුඟක් බැහැලා
තියෙනවා: මම බාබා සිහිපත් කළේ නැහැ. ඔබ බාබා ස්මරනය කළේ නැතිනම් , අනිවාර්යෙන්ම ඔබ
පසුතැවිලි වනවා. මෙය මළ මිනී වල ලෝකයයි: සෑම කෙනෙක්ම දැනටමත් මියගොස් තිබෙනවා. ඔබ
අයත් වන්නේ බාබාටයි. එමනිසා, බාබාගේ උපදෙස් තමයි: මා සිහිපත් කරන්න. එවිට ඔබගේ
පාපයන් නැති වී යනවා. මේ ශරීර සියල්ල පැරණි වන අතර තමෝප්‍රධාන්ය. අවසානය වනතුරුම
යම් හෝ දෙයක් සිදුවනවා. බාබාගේ ස්මරණයෙහි සිට ඔබ ඔබගේ කර්මාක්ෂය තත්ත්වයට පත්වන
තුරු මායා නිරන්තරයෙන්ම ඔබව සොලවනවා. ඇය කිසිම කෙනෙක්ව තනියෙන් තියන්නේ නැහැ. සෑම
විටම ඔබව පරීක්ෂාවට ලක්කරන්න: මායා මා තල්ලු කරනවාද? ඔබට උගන්වන්නේ සත්‍යයයි. ඔබ
මෙය අමතක කරන්නේ ඇයි? ජීවය කියනවා ජීවිතයටත් වඩා ආදරණීය වන්නේ බාබායි කියා. ඔබ එවන්
වූ පියෙක් අමතක කරන්නේ ඇයි? බාබා ඔබට මේ දැනුම නම් වූ ධනය ලබාදෙන්නේ ඒ අන්අයහටත්
ලබා දිමටයි. ප්‍රදර්ශනයන්හිදී හා පොලවල්වලදී ඔබට බොහෝ දෙනා හට මෙය දිය හැකියි. ඔබ
නිරායාශයෙන්ම එහි දිව යායුතුයි. එය කිරීමට ඔබ බොහෝ කැමති විය යුතුයි. වර්තමානයේදී
එහි ගොස් මෙය විස්තර කිරීමට ධෛර්යමත් කළ යුතුයි. කොහොම නමුත්. මේ සඳහා ඔබ විසින්
මෙය හොදින් තේරුම්ගත යුතුව තිබෙනවා. ශරීර අවධානයෙන් සිටින අයගේ ඊතලය එතරම් හොදින්
වැදෙන්නේ නැහැ. නොයෙකුත් ආකාරයේ කඩුද තිබෙනවා. ඔබගේ යෝගා නම් වූ කඩුව බොහෝ තියුණු
විය යුතුයි. ඔබට සේවය සඳහා උද්යෝගය තිබිය යුතුයි. එහි ගොස් බොහෝ දෙනා හට යහපත
සළසන්න. අවසානයේදී බාබා හැර වෙන කිසිම කෙනෙක් සිහිනොවන ආකාරයෙන් මෙය පුහුණු
කලයුතුයි. ඔබට රාජකීය තත්ත්වයක් ලැබිය හැක්කේ එවිට පමණයි. අවසාන මොහොතේදී ඔබගේ
සිහියෙහි තිබිය යුත්තේ ඇල්ෆා සහ නාරායන් ගේ ස්මරණය පමණයි. බාබා සහ නාරායන් මෙන්ම,
උරුමය පමණක් සිහිපත් කරන්න. කොහොම නමුත් මායාත් පොඩි නැහැ. දුර්වල අය සම්පූර්ණයෙන්ම
පහතට වැටෙනවා. ඔවුන් කිසියම් කෙනෙකුගේ නමට හා ස්වරූපයට ගොදුරු වනවා. ඔවුන් වැරදි
ක්‍රියාවන්හි ගිණුමක් විවෘත කරනවා. ඔවුන් එකිනෙකා හට පෞද්ගලික ලිපි පවා යවනවා.
මනුෂ්‍ය ශරීරයකට ඔබ ආදරය කරන්න පටන් ගතහොත් ඔබ වැරදි ආකාරයේ කර්ම බන්ධනයක් ඇති
කරගන්නවා. බාබා මේ සියලු ප්‍රවෘත්ති ලබනවා. ඔවුන් වැරදි ක්‍රියාවන්හි යෙදී මෙසේ
පවසනවා. මේ ආකරයේ දෙයක් සිදුවූවා. අහෝ, නමුත් ඔබ වැරදි ආකාරයක ගිණුමක් නිර්මාණය කර
තිබෙනවා. සෑම කෙනෙකුගේම ශරීරය අපරිසිදුයි. ඔබ එය සිහිපත් කරන්නේ ඇයි. බාබා කියනවා:
මා සිහිපත් කරන්න. එවිට ඔබ නිරන්තරයෙන් සතුටින් සිටිනවා ඇත. අද, ඔවුන් සතුටින්
සිටිනා අතර හෙට ඔවුන් මළ මිනියක් වැනි තත්ත්වයට පත් වෙනවා. උපතක් උපතක් පාසා ඔබ
අනික් අයගේ නමට හා ස්වරූපයට ගොදුරුවී සිටිනවා. මේ අන් අයගේ නමට හා ස්වරූපයට
ගොදුරුවීමේ අසනීපය සත් යුගයේ නැහැ. එහිදී සම්පූර්ණ පවුලම බැඳීමෙන් තොරව සිටිනවා.
ඔවුන් ජීවයන් මිස ශරීර නොවන බව ඔවුන් තේරුම් ගන්නවා. එය ජීව අවධානයෙන් යුතුවූ
ලෝකයයි. මෙය ශරීර අවධානයෙන් පිරි ලෝකයක්. ඔබ කල්ප බාගයක් යනතුරුම ශරීර අවධානයෙන්
සිටියා. බාබා කියනවා: දැන් ශරීර අවධානය අත්හරින්න. ජීව අවධානයට පත්වීමෙන් ඔබ මිහිරි
හා සැහැල්ලු තාවයට පත්වෙනවා ඇත. බාබාව අමතක නොකරවීමට අන් අයට සිහිපත් කරවන්නේ බොහොම
ටික දෙනයි. බාබා ඔබට නීතියක් දෙනවා: මා සිහිපත් කරන්න. වාර්තාවක් තබාගන්න.
කොහොමනමුත් මායා ඔබට වාර්තාවක් තබාගැනීමට ඉඩ දෙන්නේ නැහැ. ඔබ ඉතා ගැඹුරින් එවන් වූ
පියෙක්ව සිහිපත් කල යුතුයි. ඔහු තමයි සියලු ස්වාමිපුරුෂයන්ගේ ස්වාමිපුරුෂයා වන්නේ,
ඒ වගේම සියලු පියවරුන්ගෙත් පියා වන්නේ. ඔබ බාබා සිහිපත් කර අන් අයවත් එම තත්ත්වයට
පත්කරලීමට උත්සාහ කල යුතුයි. ඔබ මෙය කිරීමට බොහෝ කැමති විය යුතුයි. බාබා සේවයෙහි
යෙදෙන දරුවන් ඔවුන්ගේ රැකියාවෙන් ඉවත් කරලනවා. ඔහු ඔබගේ තත්ත්වය දකින විට, ඔහු මෙසේ
කියනවා: මෙම සේවයෙහි සෑමවිටම නිරත වන්න. ඔබගේ ඉලක්කය හා අරමුණ ඔබ ඉදිරියෙහියි.
භක්ති මාර්ගයේ මිනිසුන් පිළිම ඉදිරියෙහි ස්මරණයෙහි යෙදෙමින් සිටිනවා. ඔබ ජීවයක් ලෙස
සිතා බාබා පමණක් සිහිපත් කරන්න. ප්‍රතිරූපයකින් තොර අයෙක් බවට පත්වී ඒ
ප්‍රතිරූපයකින් තොර පියාව සිහිපත් කරන්න. මේ සඳහා උත්සාහ දැරිය යුතුයි. ලෝකපාලකයකු
බවට පත්වීම යනු ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා තරම් පහසු දෙයක් නොවේ. බාබා කියනවා: මා
ලෝක පාලකයකු බවට පත්වන්නේ නැහැ ; මම ඔබව මෙම තත්ත්වයට පත්කරවනවා. ඔහු බොහෝ සෙයින්
උත්සාහ දැරිය යුතුයි. ශක්තිමත් දරුවන් නිරායාශයෙන්ම සැළකිල්ලට ලක් වෙනවා.
රැකියාවෙන් නිවාඩු ගෙන සේවයෙහි නිරතවන්න. සමහර දරුවන් හට බැඳීම් තිබෙනවා. ඔවුන්ට
නොයෙකුත් බන්ධන තිබෙනවා. බාබා කියනවා: ඔබගේ සියලු අසනීපයන් මැකී යනවා. නිරන්තරයෙන්
බාබා සිහිපත් කරන්න. නමුත් මායා ඔබව ඔහුගෙන් ඈත් කිරීමට යනවා. ස්මරණය තමයි ප්‍රධානම
දෙය වන්නේ. ඔබ ඒ නිර්මාපකයාත් ඔහුගේ නිර්මාණයේ මුල මැද හා අග පිලිබඳවත් දන්නවා.
එමනිසා, ඔබට තවත් මොනවද අවශ්‍ය වෙන්නේ ? වාසනාවත් දරුවන් අන් අයවත් සතුටට පත්කිරීමට
උත්සාහ දරනවා. ඔබගේ සිතුවිලි වචන හා ක්‍රියා මගින් කිසිම කෙනෙක්ව අසතුටට පත්කරන්න
එපා. සිසිලස ඇතිව ඉදිරියට යාමෙන් ඔබ ඔබගේ වාසනාව නිර්මාණය කරනවා. කෙනෙක් මෙය තේරුම්
ගන්නේ නැති නම් එය ඔහුගේ වාසනාවේ නැති බව තේරුම් ගත යුතුයි. එය ඔවුන්ගේ වාසනාවේ
තිබෙනවා නම් ඔවුන් ඉතා සැලකිලිමත් ලෙස සවන් දෙනවා. ඔවුන් විසින් කරමින් සිටියේ
කුමක්ද කියා ඔවුන් මෙසේ අත්දැකීම් කියනවා: මට දැන් තේරෙනවා මා කරන ලද සියලු දෙයෙහි
තිබුනේ පිරිහීමක් පමණයි කියා. ඔබ බාබා සිහිපත් කලහොත් පමනයි විමුක්තිය ලැබිය හැකි
වන්නේ. කෙනෙක් පැය බාගයක් හෝ පැයක් හෝ බාබා සිහිපත් කරන්නේ බොහොම අපහසුවෙන්. අනෙක්
වෙලාවට ඔබ නිදි කිරනවා. බාබා කියනවා: ඔබ කල්ප බාගයක් යනතුරුම නිදි කිරමින් සිටියා.
දැන් ඔබට පියා හමුවී තිබෙනවා. ඔබ දැන් සතුටින් සිටිය යුතුයි. මෙය ඔබගේ ශිෂ්‍ය
ජීවිතය වන හෙයින් ඔබ සතුටින් සිටිය යුතුමයි. කොහොමනමුත්. දරුවන් නැවත නැවතත් බාබාව
අමතක කර දමනවා. බාබා කියනවා: ඔබ කර්ම යෝගීන්. ඔබ ඔබගේ ව්‍යාපාර ආදිය එලෙසින්ම ගෙන
යා යුතුයි. පොඩ්ඩක් නිදා ගැනීම ඉතා හොඳයි. මෙම ස්මරණය තබාගැනීමෙන් ඔබ ආදායමක්
ලබාගන්නා අතර සතුටින්ද සිටිනවා. ස්මරණයෙහි යෙදීම අවශ්‍යම දෙයක්. දවස තුලදී ඔබට
කාලයක් නැත්නම්, රාත්‍රී කාලයේ දී ඔබට කාලය සාදා ගතයුතුයි. මෙම ස්මරණය තබාගැනීමෙන්
ඔබට විශාල සතුටක් ලැබෙනවා. ඔබ කාට හෝ යම් බන්ධනයක් තිබෙනවා නම් මා බාබාගෙන් උරුමය
ලැබිය යුතු බවත් කිසිම කෙනෙක්ට එය නවතාලිය නොහැකි බවත් ඔහුට හෝ ඇයට කිව යුතුයි.
ආණ්ඩුවට මෙය විස්තර කර දෙන්න: විනාශය දැන් ඔබ ඉදිරියේයි. බාබා කියනවා: මා සිහිපත්
කරන්න. එවිට ඔබගේ පාපයන් නැතිවී යනවා. මේ අවසාන උපතේදී පාරිශුද්ධත්වයෙන් සිටින්න.
මේ නිසා තමයි අප පාරිශුද්ධත්වයට පත්වන්නේ. කොහොම නමුත්. මෙම දැනුම පිළිබඳ කුල්මත්බව
තිබෙන අය තමයි මෙය කියන්නේ. මෙහි පැමිණීමෙන් පසුවත් ඔබගේ දිගින් දිගටම මනුෂ්‍ය
ශරීරයන් සිහිකරමින් සිටීම යුතු නැහැ. ශරීර අවධානයෙන් යුතුව රණ්ඩු කිරීම කෝපයෙන්
යක්ෂාවේෂ වනවා වැනියි. කෝප වූ කෙනෙක් දෙස හෝ බාබා බැලුම් හෙලන්නේ නැහැ. සේවය කරන
අයට සෙනෙහස ඇති වනවා. ශරීර අවධානයෙන් යුතුව කෙරෙන වැඩ හොදින් පෙනෙනවා. ඔබ බාබා
සිහිපත් කරන විට ඔබ ලස්සන වනවා. මෙය තමයි ප්‍රධානම දෙය. එකිනෙකා දෙස බලන්න නමුත්
බාබා සිහිපත් කරන්න. සේවය වෙනුවෙන් ඔබගේ ඇටකටු පූජා කරන්න. බ්‍රාහ්මින් දරුවන් කිරි
හා පැණි මෙන් ජීවත් විය යුතුයි. ලුණු වතුර මෙන් නීරස නොවිය යුතුයි. ඔවුන් තේරුම්
නොගන්නා නිසා ඔවුන් එකිනෙකා මෙන්ම බාබාවද පිළිකුල් කරනවා. එවන් වූ දරුවන් විසින්
ලබාගන්නා තත්ත්වය කුමක්ද? අවසානයේදී ඔබට දර්ශන ලැබෙන අතර ඔබ විසින් කරන ලද වැරදි
මොනවාද කියා දැන ගන්නට පටන් ගන්නවා. බාබා කියනවා: කෙනෙකුගේ වාසනාවේ එය නැතිනම්
කෙනෙක් හට කළහැක්කේ කුමක්ද? අච්චා.
සුමිහිරි , ආදරණීය,
බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර. අධ්‍යාත්මික දරුවන්ගෙන් අධ්‍යාත්මික පියාට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. බන්ධන
වලින් නිදහස් වීමට නම්, මෙම දැනුම පිළිබඳ ඔබේ කුල්මත් බව පවත්වා ගන්න. කිසිදු ශරීර
අවධානයෙන් යුතු වූ හැසිරීමක් නොතිබිය යුතුය. එකිනෙකා සමග ලුණු වතුර මෙන් සිටීමේ
සංස්කාර නොතිබිය යුතුය. ඔබ මානව ජීවයන්ට ආදරය කරන විට බන්ධන වලින් මිදිය නොහැකියි.
2. කර්මයෝගී කෙනෙක්
මෙන් වාසය කරන්න. අනිවාර්යෙන්ම ස්මරණයෙහි යෙදෙන්න. ජීවාත්ම අවධානයට පත්වීමට උත්සාහ
කරන්න. සුමිහිරි හා සිසිල් බවට පත්වන්න. සේවයට ඔබගේ ඇට මිදුළු පූජා කරන්න.
වරදානය:
ශ්‍රීමත්
අනුගමනය කිරීමෙන් සහ ඔබේම නියෝග හෝ අන් අයගේ නියෝග මිශ්‍රණය අවසන් කිරීමෙන් ඔබ සැබෑ
දානපතියෙකු වේවා.
පියා ඔබට සහ ලෝකයට
ප්‍රතිලාභ ලබා දීම සඳහා සියලු වස්තු ලබා දී ඇත. ඒවා නාස්තිකාර ලෙස හෝ ප්‍රයෝජනවත්
නොවන කාර්යයක් සඳහා භාවිතා කිරීම, නැතහොත් ඔබේම නියෝග හෝ අන් අයගේ නියෝග සමඟ
ශ්‍රීමත් මිශ්‍ර කිරීම යනු ඔබට භාර දී ඇති දේ රැකබලා ගැනීමේදී වංක වීමයි. දැන්, මෙම
වංකකම සහ මිශ්‍රණය අවසන් කර ආධ්‍යාත්මිකත්වය සහ දයාව උකහා ගන්න. ඔබට සහ අනෙක්
සියල්ලන්ටම අනුකම්පා කර ස්වයං-දානපතියෙකු වන්න. ඔබ දෙස බලා පියා දෙස බලන්න. අන් අය
දෙස නොබලන්න.
පාඨය:
අව්‍යක්ත
සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
“බාබා සහ මම” ඒකාබද්ධ
වී ඇත. බාබා, කරවන්හාර් (දිරි ගන්වන කෙනා) වන අතර ජීවාත්මයක් වන මම, උපකරණයකි. මෙය
හැදින්වෙන්නේ සිතිවිලි ඉක්මවා සිටීම ලෙසයි, එනම්, එය ඒකායන කෙනාව සිහි කිරීමයි.
පිවිතුරු සිතිවිලි පවත්වා ගන්න අයට කිසිදු විටෙක කණස්සලු තිබිය නොහැක. පරම පියා සහ
ඔබ ඒකාබද්ධව සිටින සේම, එම සිරුර සහ ජීවාත්මය ඒකාබද්ධව ඇත. ඔබගේ අනාගත ස්වරූපය වන
විෂ්ණු, ඒකාබද්ධ ස්වරූපයයි. ඒ අන්දමින්ම, ඔබ වෙනුවෙන් සේවය සහ සියලු දෙනාගේ සේවය
ඒකාබද්ධ වන විට, ඔබට අඩුවෙන් වෙහෙස වීමට සිදුවන අතර වැඩි සාර්ථකත්වයක් ලැබෙයි.