05.04.25    Avyakt Bapdada      Sinhala Murli     15.11.2009    Om Shanti    Madhuban


ඔබගේ ස්ව-අධිරාජයේ ප්‍රතිඵලය පරීක්ෂා කර බලා, තමන්ව පරිවර්ථනය කර නිරන්තර සහ නොබිදි (අඛණ්ඩ) රාජධානියට අයිතියක් හිමි කරගන්න.


අද දින, හදවතට සැනසීම ගෙන දෙන පරම පියා, ඔහුගේ රාජ්-දුලාරේ (රාජකීය බොහෝ ආදරණීය) දරුවන්ව මුණගැසීමට ඇවිත්. ඔබ එතරම් ආදරය ලබන අය වන්නේ කෙසේද? ඔය සෑම කෙනෙක්ම සිංහාසන තුනක පාලකයෙක් බව ඔබ දන්නවාද? එකක්, ස්ව-ආධිපත්‍යයේ සිංහාසනයයි, දෙවැන්න බාප්දාදාගේ හදවත් සිංහාසනයයි එමෙන්ම තැන්වැන්න අනාගත සිහසුනයි. ඔබට සිහසුන් තුනටම අයිතියක් තිබේ. තවද ඔබගේ අනාගත සිහසුනට ඔබ මෙහිදි පුහුණු වනවා. ඔබ දැන් අනාගතය වෙනුවෙන් සූදානම් වනවා එමෙන්ම උත්සාහ දරනවා. වත්මන් කාලයේ ඔබගේ උත්සාහය, ඔබට බොහෝ උපත් ගණනාවකට ඔබගේ රාජධානියේ භාග්‍යය හිමි කරගැනීමට මගපාදයි. රාජධානියක භාග්‍යය වෙනුවෙන් ඔබගේ සංස්කාර ඔබ මෙකල ධාරණය කරගනී, මන්ද, ඔබගේ වර්ථමාන කාලයේ උත්සාහය, ඔබට අනාගතයේ රාජධානියට අයිතියක් හිමි කරගැනීමට මගපාදයි. එබැවින් ඔබගේ වර්ථමාන කාලයේ උත්සාහය නිවැරදිද කියා පරීක්ෂා කර බලන්න. අනාගතයේ එක රාජධානියක් තිබෙයි; එබැවින් දැන් ඔබගේ මනසේ තිබෙන්නේ එක රාජධානියක්ද කියා පරීක්ෂා කර බලන්න. ඔබගේ උත්සාහය තුල ඔබට තිබෙන්නේ එක් රාජධානියක්ද? නැත්නම් මායා, රාජධානියේ බාධක ඇති කරනවාද? එක් රාජධානියක් තිබීම වෙනුවට, මායාගේ බලපෑම නැහැ නේද? රාජධානි දෙකක් නැහැ නේද? අනාගතයේ විශේෂත්වය වන්නේ එක් රාජධානියක් තිබීමයි. එබැවින් වර්ථමානයේ පුහුණුව අනාගතයේ දිගටම පැවතෙනවා. එබැවින් වත්මන් කාලයේ ඔබට ස්ව-ආධිපත්‍යය තිබේද කියා පරීක්ෂා කර බලන්න. මායා ඔබගේ ස්ව-ආධිපත්‍යයට අකුල් හෙලන්නේ නැහැ නේද? රාජධානි දෙකක් නැහැ නේද? රාජධානි දෙකක් ඇත්නම්, එවිට, එක් රාජධානියක සංස්කාර වලින් ඔබ තමන්ව පුරවා ගන්නේ කවදාද? අනාගතයේ විශේෂතාවය වන්නේ එක් රාජධානියක් සහ එක් ධර්මයක් තිබීමයි. එම ධර්මය කුමක්ද? ඔබගේ විශේෂ ධාරණාව කුමක්ද? සම්පූර්ණ පාරිශුද්ධත්වය. එබැවින් තිබෙන්නේ එක් ධර්මයක්ද කියා පරීක්ෂා කර බලන්න. අපවිත්‍රබවේ අනෙක් ධර්මය අතර මැදදි අකුල් හෙලන්නේ නැහැ නේද? මෙයට අමතරව, නීතිය සහ පිලිවෙල එකක්ද කියා පරීක්ෂා කර බලන්න. එසේ නැත්නම් මායා ඒ අතරමැදට විත් බාධා ඇති කරනවාද? එක් රාජධානිය කිසිම බාධකයක් නොමැතිව දිගටම පවතිනවද? තව දෙයක්, එම රාජධානියේ, ඔබට නිරන්තරයෙන් සහ ස්වාභාවිකව සතුට සහ සාමය තිබෙයි; එබැවින් ඔබගේ රාජධානියේ නිරන්තර සතුට සහ සාමය තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. කිසිම බාධාවක් නැහැ නේද? මායා ඔබගේ ස්ව-ආධිපත්‍යයට ඇගිලි ගසමින් අසාමය පතුරන්නේ නැහැ නේද? යම් විමුක්තියක් හෝ වර්ණනාවක් වෙනුවෙන් ඔබගේ ස්ව-ආධිපත්‍යයට එරෙහිව මායා බලපෑමක් ඇති කරන්නේ නැහැ නේද? ඔබට නිරන්තරයෙන් සතුට, සාමය, ආනන්දය, සෙනෙහස සහ අතීන්ද්‍රීය ප්‍රීතිය තිබෙනවාද? ඔබගේ අනාගත රාජධානියේ ඔබට සියළුම ලැබීම් සහ අංගසම්පූර්ණත්වය තිබෙන බව සහ මේ නිසා තෘප්තියද තිබෙන බව ඔබ දන්නවා. එබැවින් දැන් වුවද, ඔබ ස්ව-ආධිපත්‍යයෙන් සම්පූර්ණද නැත්නම් යම් අඩුවක් තිබෙනවාද? වත්මන් කාලයේ ඔබ දරන උත්සාහයේ යම් අඩුවක් ඇත්නම්, එවිට ඔබ අනාගත නිරන්තර සහ නොබිදි රාජධානියට අයිතියක් හිමි කරගන්නේ කෙසේද? සෑම දෙයක්ම රදා පවතින්නේ ඔබගේ වත්මන් උත්සාහය මතයි. වත්මන් කාලයේ යම් අඩුවක් ඇත්නම්, ඔබට අනාගතයේ අංගසම්පූර්ණ රාජධානියට අයිතියක් ඇති කෙනෙක් විය නොහැක. දීර්ග කාලයක ස්ව-ආධිපත්‍යයේ පුහුණුව ඔබට අනාගත රාජධානියට අයිතියක් හිමි කරගැනීමට මගපාදයි. එබැවින් මෙම පරීක්ෂා කිරීම නිරන්තරයෙන් සිදු විය යුතුයි, මන්ද ඔබ දැන් දීර්ග කාලයක් පුරාවට උත්සාහ නොදරන්නේ නම්, ඔබට ලැබෙන්නේ ඉතා අඩු ප්‍රතිලාභයකි. මේ නිසයි විටින් විට, මේ වෙනුවෙන් දැන් සිට තමන්ව පරිසමාප්ත සහ අංග සම්පූර්ණ බවට පත් කිරීම සදහා බාප්දාදා ඔබගේ අවධානය මෙයට යොමු කරන්නේ. ඔබගේ උත්සාහය නොකඩවා සිදු වන නමුත් ඔබගේ උත්සාහයේ අතරින් පතර ඔබ ‘තෝ’ යන වචනය (නමුත්) විටින් විට භාවිතා කරන්නේ නම්, නමුත් මේ දේ සිදු වෙයි; නමුත් මා මේ දේ කරනවා, එවිට මෙම සංස්කාරය ඔබට උපත් 21කට නිරන්තර සහ නොබිදි රාජධානියට අයිතියක් හිමි කරගැනීමට මග පාදන්නේ නැත. බාප්දාදා සෑම කලටම ඔබගේ අවධානය යොමු කරවනවා. ඔනෑම බාධකයක් පැමිණෙන්නේ නම්, ඔනෑම කුණාටුවක් පැමිණෙන්නේ නම්, එවිට එම කුණාටුව (ටූෆාන්), තිලිණයක් (ටෝෆා) බවට පත් කිරීමට පරීක්ෂා කරන්න. කුණාටුව, කුණාටුවක් ලෙස රැදි නොතිබිය යුතුයි, ඒ වෙනුවට එය තිලිණයක් බවට පත් විය යුතුයි. මායා යුධ ප්‍රකාශ කරන විට ඇය ඔබට අත්දැකීමක් ලබා දෙනවා. එබැවින් එම අත්දැකීම දෙස ඔබ බැලිය යුත්තේ, ඔබට ඉදිරියට ගමන් කිරීමට මගපාදන, අත්දැකීමේ ඉනිමගක් ලෙසයි. මේ සදහා, බාප්දාදා පවසන්නේ: නිරන්තරයෙන් තමන්ගේම වාර්ථාව පරීක්ෂා කර බලන්න. ඔබගේ වාර්ථාව ඔබ පරීක්ෂා කරන තරමට, එයට අනුව පරීක්ෂා කිරීමෙන් පසුව ඔබ එවිට තමන්ව වෙනස් කරගනියි. ඉතිං ඔබ එක් එක් කෙනා තමන්ගේම වාර්ථාව පරීක්ෂා කරනවාද? ඔබ කරනවාද? දිනපතා ඔබගේ වාර්ථාව පරීක්ෂා කරන අය අත් ඔසවන්න! විටෙක පමණක් එය පරීක්ෂා කරන අය නොවෙයි, දිනපතා පරීක්ෂා කරන අය. දිනපතාම ඔබගේ වාර්ථාව පරීක්ෂා කර බලා එය වෙනස් කරන්න, මන්ද, බාප්දාදා දීර්ග කාලයක සිට ඔබට කාලය ගැන සංඥා කරනවා. ඔබට කාලය දැක ගත හැක; මිනිසුන්ගේ සිත්වල කණස්සල්ල (චින්තා) වැඩි වනවා, නමුත් ඔබගේ මනසේ ඔබට කිසිදු කණස්සල්ලක් නොමැති අතර ඒ වෙනුවට ඔබට තිබෙන්නේ පරමාත්ම දෙවියන් පිලිබද සිතිවිලිය (ප්‍රභූ චින්තන්). ඔබගේ මනසේ පරමාත්ම දෙවියන් පිලිබද සිතිවිලි තිබෙන නිසා, ඔබ උපකරණ බව ඔබ දන්නා අතර ඔබ නිරහංකාරයි, මන්ද පරම පියා, කරවන්හාර් නිසා. (ඔබව දිරි ගන්වන කෙනා). මේ හේතුවෙන්, ඔබගේ මනස කණස්සල්ලට පත් වන්නේ නැත. කරවන්හාර් ඔබ ලවා එය සිදු කරනවා; මෙම අවධානය ඔබට නොකඩවා ඉදිරියට ගමන් කිරීමට මග පාදයි.

දැන් ඔය සෑම කෙනෙක්ම විශේෂයෙන් පරීක්ෂා කළ යුත්තේ සංගම යුගයේ සෑම සියළු තත්පරයක්, මොහොතක් සහ සිතිවිල්ලක්ම පිවිතුරු සහ ශුභ විය යුතු බවයි. මේ කාලයේ වැදගත්කම ගැන දැනගන්න: එක තත්පරයක්, තත්පරයක් නොවෙයි, නමුත් එක තත්පරයකට බොහෝ වටිනාකමක් සහ වැදගත්කමක් තිබේ. ඇතැම් විට සමහර දරුවන් පවසන්නේ ඔවුන්ට සිතිවිල්ලක් ඇති වූ බවයි, නමුත් ඇත්ත වශයෙන් ඔවුන් තත්පර දෙකක් හෝ හතරක් එයට භාවිතා කළා.කෙසේවෙතත් සංගම යුග කාලයට විශාල වටිනාකමක් තිබේ. දැන් එක තත්පරයක්, පැයකට සමානයි. ඔබගේ අවසන් ප්‍රශ්න පත්‍රය හදිසියේ ඔනෑම මොහොතක සිදු විය හැකි බව බාප්දාදා පවසා ඇති නිසා මෙම වත්මන් කාලයට විශාල වටිනාකමක් තිබේ. එය කවදාද කියා ඔබට බාප්දාදා පවසන්නේ නැහැ, මේ නිසයි මෙම වත්මන් කාලයට ඔබ සම්පූර්ණ සහ අංගසම්පූර්ණ අවධානය යොමු කළ යුත්තේ. බාප්දාදා ඔබට සියළුම සම්පත් ලබා දී ඇති අතර ඒ සෑම සම්පතක්ම නිසි වෙලාවට භාවිතා කළ යුතුය. සම්පත් වල පාලකයන් ඔබයි. පාලකයෙකුගේ විශේෂත්වය වන්නේ, යම් විශේෂිත වූ වෙලාවකදි අවශ්‍ය වන්නේ කුමන සම්පතද, එම සම්පත, එම වෙලාවේ භාවිතා කිරීමය. ඉඩ දීමේ බලයට ඔබ නියෝග කරන විට, ඒ වෙලාවෙදි, මෙම ඉඩ දීමේ බලයද භාවිතා වෙන්නේ? මන්ද පාලකයෙක් යනු, නිසි වෙලාවට තම සම්පත් භාවිතා කළ හැකි කෙනෙකි. ඉතිං දැන් ඔබ සියළු දෙනා තමන් වෙතට බොහෝ අවධානය යොමු කළ යුතුයි. සෑම කෙනෙකුගේම මුහුණේ සහ ක්‍රියාකාරකම් වල සතුටේ සම්පත නිරන්තරයෙන් දිස්විය යුතුයි. සතුට යනු සදාතනික පියාගෙන් ලැබෙන තිලිණයකි. එබැවින් සදාතනික පියාගේ තෑග්ග ඔබ ලග සදාකල් තබා ගන්න. සතුට පිලිබදව කියන්නේ, සතුට මෙන් පෝෂණයක් නොමැති බවයි; සතුට වැනි සම්පතක් නොමැත. නිරන්තර සතුට ඇති අයගේ දෑස තුල, මුහුණේ සහ ක්‍රියාකාරකම් වල සතුට ඉබේටම දිස් වෙයි.

බාප්දාදාගේ ආශිර්වාදය වන්නේ: නිරතුරුව සතුටින් රැදී සිට සතුට බෙදා ගන්න, මන්ද ඔබ එය බෙදා ගන්න විට සතුට වැඩි වනවා. වෙන ඔනෑම සම්පතක් බෙදා ගන්න විට එය අඩු වන නමුත් ඔබ සතුටේ සම්පත වැඩියෙන් බෙදා ගන්න තරමට එය වඩාත් වැඩිවෙයි. එබැවින් ඔබ ලග නිරන්තරයෙන් සතුටේ සම්පත තිබේද කියා පරීක්ෂා කර බලන්න.

දැන් මේ දේශයේ දරුවන් වුනත් විදෙස් රටවල දරුවන් වුනත්, බාප්දාදා එක දෙයක් වෙනුවෙන් ඔය සියළුම දරුවන්ට සුබ පැතුම් ලබා දෙනවා. ඒ කුමක්ද? එය මේ දේශයේ වුනත් විදෙස් රටවල වුනත්, ඔබ සියළු දෙනා ඔබගේ උනන්දුව සහ උද්යෝගයෙන් ජීවාත්මයන්ට පරම පියාගේ පණිවිඩය ලබා දී ඇත. ඔබගේ සතුටින් ඔය එක් එක් කෙනා කුමන වැඩසටහන් කළත්, ඔබට එක වැඩසටහනක් තිබෙන්නට ඇති; නොයෙක් ස්ථාන වල ඔබට එක වැඩසටහනක් තිබුණා, නමුත් ඔබ ඉන් දහස් ගුණයක ඵල නෙලා ගත්තා. බාප්දාදාට ඇති වූ සිතිවිල්ල නම්, වර්ථමාන කාලයට අනුව, සිදුවීම් වැඩි වැඩියෙන් සංවේදී වීමට යනවා, එමෙන්ම මේ නිසයි එය ගම්බද හෝ කුමන කොනක වුනත්, කිසිම තැනකින් එවන් කිසිම පැමිණිල්ලක් නොතිබිය යුතුයි. අපගේ පියා පැමිණි නමුත් ඔබ අපට පණිවිඩය ලබා දුන්නේ නැහැ. මේ නිසයි ඔබ සියළු දෙනා උනන්දුවෙන් සහ උද්යෝගයෙන් සිදු කළ කාර්යය ගැන බාප්දාදා සතුටු වන්නේ. නොකඩවා එකට එකතු වී, ඔබලා අතර ඒ හා සමාන වැඩසටහන් පවත්වන්න. ඔබ සියළු දෙනාම තම තමන්ගේම ආකාරයට ඔබගේ උනන්දුව, උද්යෝගය සහ එඩිතරකම භාවිතා කළ අන්දම සහ ඔබ සියළු දෙනාම දැන් එය ඉතා හොදින් සිදු කළ බව බාප්දාදා දුටුවා. අනාගතයේද, කාලයට අනුව, පණිවිඩය නොලැබුණු එක කොණක් වත් ඉතිරි නොවිය යුතු බවට අරමුණ තබාගන්න. මෙය සිදු කිරීමේදී, ඔබට තමන් වෙනුවෙන් හොදින් උත්සාහ දැරීමට හැකි වන අතර අන් ජීවාත්මයන්ටත් සෙතක් සිදුවෙයි. ඔබ සියළු දෙනාම මෙම වැඩසටහන් වලට කැමතියි නේද? ඔබ ඒවාට කැමතිද? ඉතිං බාප්දාදා නැවත නැවතත් ඔය සියළුම දරුවන්ට පවසන්නේ: ජීවාත්ම කෙරෙහි සානුකම්පිත වන්න. මෙකල, දුක සහ අසාමය නිසා, ඔවුන් සියළු දෙනාම ඔවුන්ගේ හදවතින් පවසන්නේ: අනුකම්පා කරන්න! කාරුණික වන්න! ඉතිං ඔය දරුවන් පරම පියාගේ සහකරුවන්ය. ඉතිං දැන් ඔය දරුවන්ගේ මාර්ගයෙන්, බාප්දාදාට දැකීමට අවශ්‍ය වන්නේ සෑම දරුවෙක්ම සානුකම්පිත වීමේ චරිත කොටසක් රගපෑමයි. දුක් ලෝකය වෙනස් කිරීමට සහ එම සතුටේ ලෝකය අනිවාර්යෙන් පැමිණීය යුතු බවට උද්යෝගය ඔබට තිබේ. එබැවින් එම සතුටු ලෝකයට පැමිණීමට සහ මේ දුක සහ අසාමය විනාශ කිරීම සදහා තත්ත්වයන් වෙනස් වනවා. එබැවින් පරම පියාගෙන් අදට ලැබෙන පණිවිඩය මතකයේ තබා ගන්න: දැන් නොකඩවා ඔබගේ මනසින්, වදන් වලින්, ඔබගේ මුහුණින් සහ ඔබගේ ක්‍රියාකාරකම් වලින් සේවය කිරීමේ වේගය වැඩි කරන්න. නොකඩවා ඔබගේ රාජධානිය සමීපයට ගෙන එන්න. අච්චා.

ප්‍රථම වතාවට බාප්දාදාව මුණගැසීමට මෙහි පැමිණි අය, අත් ඔසවන්න! බොහෝ දෙනෙක් සිටිනවා. ඔබට නැගිටින්න පුළුවන්. සුබ පැතුම්. ඔබ අඩු තරමින් අවසානයට පෙර මෙහි ලගා වුනා. ඔබ අළුත් උපතක් ගෙන තිබෙනවා. සෑම දිශාවකින්ම පැමිණි සියළුම දරුවන්ට, බාප්දාදාගෙන් සහ සෑම තැනකම සිටින සියළුම දරුවන්ගෙන් සුබ පැතුම්! සුබ පැතුම්! බ්‍රහ්මින් පවුලේ අය දැකීමෙන් ඔබට සතුටුයි නේද? දැන් පැමිණි අයට බාප්දාදා පවසන්නේ: බොහෝ කාලය ගෙවී ගොස් ඇත. ඉතිරිව තිබෙන කාලය ඉතාම කෙටියි, එබැවින් ඔබ තීව්‍ර උත්සාහ දැරිය යුතුයි. තීව්‍ර උත්සාහ දරන්නන් ඉදිරියට ගමන් කරයි. ඔබ දැන් ඇවිද නොයා යුතුයි; ඔබ පියාසර කළ යුතුයි. පියාසර ස්ථිතිය ඇති කිරීමට ඔබ උත්සාහ දරන්නේ නම්, එවිට ඔබ පමා වී පැමිණියත්, ඔබට පියාගේ උරුමයට සම්පූර්ණ අයිතිය හිමි කර ගැනීමට හැකි වෙයි. සෑම තත්පරයකදීම සතුටින් රැදී සිට සියළු දෙනාටම මෙම පණිවිඩය ලබා දෙන්න. අච්චා.

ඉතිං, අද, බාප්දාදා ඔබට පැවසුවේ, ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති අය වීමට, තමන්ගේ පාලකයෙක් වීමට සහ ඔබගේ ස්ව-ආධිපත්‍යයේ ප්‍රතිඵලය පරීක්ෂා කර බැලීමට කියා. එය පරීක්ෂා කර බලා, දීර්ග කාලයක් පුරා කුමන හෝ දුර්වලතාවයක් තිබී ඇත්නම්, එය වෙනස් කරන්න, මන්ද, ඔබගේ රාජධානිය නිරන්තර සහ නොබිදි ආකාරයකට දීර්ග කාලයක් පුරා නොකඩවා පැවතීමේ අවශ්‍යතාවයක් තිබේ. දීර්ග කාලයක් පුරා උත්සාහ දරන අය ඉබේටම දීර්ග කාලයක් පුරාවට ඔවුන්ගේ ප්‍රතිලාභයට අයිතියක් හිමි කරගනී. එබැවින් දීර්ග කාලයක උත්සාහය තිබීම වැදගත් බව සලකන්න. පරීක්ෂා කිරීම සිදුවන නමුත් වෙනස් කිරීමත් සිදු වනවාද?

බාප්දාදාගේ හදවත් සිහසුන මත අසුන්ගෙන සිටින සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ට, බාප්දාදා දිනපතාම අම්රිත් වේලාවේ ඔය සියළුම දරුවන්ට විශේෂයෙන් බලය බෙදා දෙයි. අම්රිත් වේලාවේ, බාබා විශේෂයෙන් බලයේ විශේෂ ආශිර්වාදය බෙදා හරියි. ආශිර්වාදයක් ලෙසින් මෙම බලය අම්රිත් වේලාවේ ගන්නා අය, විශේෂ තීව්‍ර උත්සාහ දරන්නන් වෙයි. අම්රිත් වේලාවට වැදගත්කමක් ලබා දීම යනු, නිරන්තරයෙන් බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටීමයි. සමහර දරුවන් මෙයට අවධානය යොමු කරන අතර බාප්දාදා විශේෂයෙන් එම දරුවන්ට දිනපතාම සහතිකයක් ලබා දෙයි: අපූරුයි දරුව! අපූරුයි!

සෑම තැනකම සිටින ඔය සියළුම තීව්‍ර උත්සාහ දරන්නන්ට, බාප්දාදාව ඔබගේ සහකරු බවට පත් කරගන්න සහ ඒකාබද්ධව සිටීම පුහුණු කරන ඔය දරුවන්ට බාප්දාදා විශේෂ ආශිර්වාදයක් ලබා දෙනවා: ඔබ නිරන්තරයෙන් අඛණ්ඩව පියාසර කර අන් අයව පියාසර කරවීමට ඔවුන්ට සහයෝගය ලබා දෙත්වා. ඔබ සියළු දෙනාම ජයග්‍රාහී වන අතර ඔබගේ ජයග්‍රහණයේ ඵලය ලෙස සෑම මොහොතකදීම ඔබට නොකඩවා බාප්දාදාගෙන් ආශිර්වාද ලැබෙයි, එබැවින් අමරණීය වී නොකඩවා සියළු දෙනාට පානය කිරීමට අමෘතය ලබා දෙන්න. ඔය සෑම තැනකම සිටින දරුවන් සිටින්නේ බාප්දාදා ඉදිරියේ. සෑම දරුවෙක් වෙනුවෙන් බාප්දාදාගේ හදවතේ සෙනෙහස තිබේ, මන්ද, සෑම දරුවෙකුටම එක් හෝ වෙනත් විශේෂත්වයක් තිබේ. දැන් සියළු විශේෂතා සමගින් ඔබව විශේෂ ජීවාත්මයක් බවට පත් කරගෙන, අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න. සෑම දරුවෙක්ම බාප්දාදාගෙන් පෞද්ගලිකවම කෝටි ගුණයක සෙනෙහස සහ ස්මරණය පිලිගනිත්වා! අච්චා. දැන් අපි දිගටම මුණගැසෙමු. නමස්තේ.

දාදීන්ට: ඔබ සියළු දෙනා බොහෝ සේ අවට සංචාරය කළා. මේ දිනවල අසාමය වැඩි වන අතර එබැවින් ඔවුන් දවස පුරාම අසරණභාවයට පත්ව සිටින අතර එබැවින් සාමයේ චිත්ත තරංග ඔවුන්ට සාමය ලබා දි, ඒ නිසා ඔවුන් සතුටට පත් වෙයි. නිදසුනක් ලෙස වෙහෙසට පත්ව සිටින කෙනෙකුට පැය භාගයක විවේකයක් ලැබුණු විට, ඔහු සතුටු වෙයි. ඔබ හොදින් සියල්ල සිදු කළා. සියළුම ස්ථාන වල, ඔබ තරුණ වුනත් වැඩිමහල් අය වුනත්, ඔබ සියළු දෙනාම හොදින් සියල්ල සිදු කළා. උද්යෝගය ඇති විට වියදම් ලොකු දෙයක් නොවෙයි. අඩු තරමින් බොහෝ ජීවාත්මයන්ට පණිවිඩය ලැබුණා. ඔබට එරෙහිව ඇති (මිහිරි) පැමිණිල්ල අවසන්ය (ඔබ ඔවුන්ට පණිවිඩය ලබා නොදුන් බව). එය හොදයි. දිගටම විටින් විට එවන් වැඩසටහන් නිර්මාණය කරන්න. එක් එක් නගරයට තමන්ගේ ධාරිතාවයට අනුව, සිදුකළ හැක්කේ කුමක් වුනත් එය හොදයි.

විදෙස් රටවල ජ්‍යෙෂ්ඨ සහෝදරියන්ට: ඔබ කණ්ඩායම් වශයෙන් මෙහාට මිනිසුන් අඩගසා ඔවුන්ව නැවුම් කිරීම ගැන බාප්දාදා සතුටුයි, මන්ද එහිදි ඔවුන් සිටින්නේ බොහෝ ඈත්වයි. ඔවුන් වඩාත් සමීපයට පැමිණෙත්ම, ඔවුන්ට එකිනෙකාගේ ගුණධර්ම දැකගැනීමට හැකි වෙයි. එකිනෙකාගෙන් ඈත්ව සිටීමෙන් ඔවුන්ට මේවා පිලිබදව අවධානයක් නොමැත. එබැවින් ඔවුන් එකිනෙකාව දකින විට, ඔවුන්ට උද්යෝගයක් ඇති වෙයි. ඉතිං, අබූවල වැඩසටහන් තිබීම හොද බව හැගෙයි, එමෙන්ම ඔබ එකිනෙකාට උද්යෝගය ලබා දී, සමූහය ශක්තිමත් කිරීම හොදයි. සෑම දෙයක්ම හොදින්ද? සෑම දෙයක්ම හොදින් ඉදිරියට යනවාද? එකිනෙකා සමග සහයෝගශීලී වීමෙන් ඔබ ඉදිරියට ගමන් කරයි. ඔබ ඔබගේ කාලය ලබා දෙයි, තමන්ගේම සේවය පසෙකට දමා ඔබගේ හදවතින්ම කාලය ලබා දෙයි. ඔබ දැන් ඔබගේ කාර්යය සම්පූර්ණ කර ඇත, ඔබ සාර්ථක වූ අතර ඔබට දැන් ආපසු යා හැක. ඔබ සියළු දෙනාම ඉතා හොදින් උපකරා කළා. ඔබ විදෙස් රටවල් වෙනුවෙන් මෙන්ම ඉන්දියාව වෙනුවෙන්ද වැඩසටහන් පැවැත්වූවා.

මෙවර සේවය කිරීමට, එය යූපී, බරණැස් සහ බටහිර නේපාලයේ වාරයයි: දැන් බාප්දාදා සියළුම කලාප වල අයට පවසන්නේ: සේවය කිරීමට සාදා ඇති සියළුම අංශ වලින් සාමාජිකයන් සිටින අන්දමට දැන් එවන් කණ්ඩායමක් සූදානම් කරන්න. ඔය එක් එක් කලාපයේ, ඔබගේ ප්‍රදේශ වල සෑම අංශයකම මිනිසුන්ට සේවය කරන අතර ඔබ නොකඩවා එසේ කරයි. කෙසේවෙතත් සෑම කලාපයකම සෑම අංශයකින්ම සාමාජිකයෙක් සිටින අන්දමට එවන් සේවා කණ්ඩායමක් තිබිය යුතුයි. ඔබ කොහේ හෝ වැඩසටහන් පවත්වන විට මෙම කණ්ඩායම තම තමන්ගේ අංශ වල මිනිසුන්ට විශේෂ ආරාධනා යැවිය යුතුයි. ඔවුන්ට මෙම පණිවිඩය නොලැබුණු බව එවිට කිසිම අංශයක් පැමිණිලි නොකළ යුතුයි. නිර්මාණය කර ඇති විවිධත්ව කණ්ඩායමේ සියළු දෙනා තමන්ගේ අංශයේ සේවය වැඩි කළ යුතු අතර ඒ සමගම සෑම කෙනෙක්ම ඔහුගේ හෝ ඇගේ අත්දැකීම් බෙදා ගත යුතුයි: මෙම දැනුම මගින් මට ලැබුණේ කුමක්ද, එමෙන්ම මා දැන් අත්දකින්නේ කුමක්ද? ඉතිං සෑම කලාපයකම එවන් සේවා කණ්ඩායමක් සූදානම් කරන්න. දේශන පැවැත්වීමට එතරම් කාලයක් නොමැති වුවද, උත්සවය අවසානයේදී, ඔවුන්ව පේළියක අසුන් ගන්වා, වේදිකා ලේකම් ඔවුන්ගේ හැදින්වීම ලබා දිය යුතුයි. ඔවුන්ගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකුට තම අත්දැකීම් බෙදා ගත හැක, එමෙන්ම කාලය ඇත්නම්, තම පවුලේ අය සමග ජීවත් වෙමින් ව්‍යාපාර කරගෙන යන අතර තම ජීවිත පරිවර්ථනය කරගත්තේ කෙසේද පිලිබද අත්දැකීම් ඔවුන්ට බෙදා ගැනීමට අවස්ථාවක් ලබා ගත හැක. කණ්ඩායම් වලට නොකඩවා සේවය කරන විශේෂ ‘මයික්’ සිටිය යුතු බව බාප්දාදා මින් පෙරද පැවසුවා.

බ්‍රහ්ම පියාගෙන් විශේෂ පෝෂණය ලැබීමට උත්තර ප්‍රදේශය අයිතියක් හිමි කරගැනීම හොදයි. යූපී වල බ්‍රහ්මගේ නමින් සිහිවටනයක් තිබෙනවා. ජගදම්බා සහ බ්‍රහ්ම බාබාගෙන් පෝෂණය ලැබීම යූපී වල භාග්‍යයයි. එබැවින් මෙය පෝෂණය ලද භූමියකි. බ්‍රහ්ම පියා සහ ජගදම්බා උත්තර් ප්‍රදේශයට භාග්‍යයේ තාරකාවක් වීමේ ආශිර්වාදය ලබා දුන්නා. එය හොදයි. පරමාත්ම පියා දිනෙන් දින දැක තිබෙන්නේ, දැන් පෙරට වඩා, සේවා ස්ථාන, උප මධ්‍යස්ථාන සහ ගීතා පාඨශාලාවල හොද ව්‍යාප්තියක් තිබෙන බවයි. බාප්දාදා විශේෂ සුබ පැතුම් ලබා දෙන්නේ මේ නිසයි. නොකඩවා ඉදිරියට ගමන් කර, සංඛ්‍යා වැඩි කිරීමේ සහ පණිවිඩය ලබා දීමේදි අංක එක බවට පත් වන්න. එය හොදයි; බාප්දාදාට සතුටුයි; මේ අන්දමින් නොකඩවා ඉදිරියට ගමන් කරන්න. ගුරුවරුන්ට සුබ පැතුම්! ඔබ ප්‍රගතිය ලබනවා, එබැවින් ඔබට හැකි තාක් දුරට නොකඩවා ප්‍රගතිය ලබන්න. අච්චා.

වරදානය:
ඔබ සියළු දෙනාට සුබ පතන්නෙක් වී, සමූහයේ සහයෝගයේ බලයෙන් ජයග්‍රහණය ලබත්වා.

සමූහයේ සෑම කෙනෙක්ම එකිනෙකාගේ උදව්කරුවෙක් සහ සුබ පතන්නෙක් වන්නේ නම්, එවිට සමූහයේ සහයෝගයේ බලයෙන් ඔබ වට වීමෙන්, ආශ්චර්ය සිදුවිය හැක. එකිනෙකාට සුබ පතන්නන් වී, එකිනෙකාට සහයෝගය ලබා දෙන්න, එවිට මෙම වටරවුම තුලට ඇතුළු වීමට මායාට එඩිතරකමක් නොමැති වෙයි. කෙසේවෙතත්, සමූහය තුල සහයෝගයේ බලය ඇති වන්නේ, කෙතරම් දේට මුහුණ දීමට සිදු වුනත්, ඔබ අනිවාර්යෙන් ඒවාට මුහුණ දී ජයගෙන, එය සියළු දෙනාට ප්‍රායෝගිකව පෙන්වන බවට අධිෂ්‍ඨානගත සිතිවිල්ල ඔබට ඇති වූ විට පමණයි.

පාඨය:
ඕනෑම ආශාවක් (ඉච්චා) ඔබට යහපත් (අච්චා) වීමට ඉඩ නොදෙයි. එබැවින් ආශාවන් පිලිබද දැනුම ගැන නොදැනුවත් වන්න.

අව්‍යක්ත සංඥාව: ශ්‍රේෂ්ඨ වීමට මිහිරිබව සහ නිහතමානීකමේ ගුණධර්ම ධාරණය කරගන්න.

පැණි රස (මිහිරි) කැවිලි කෑමෙන් සහ අන් අයට පිලිගැන්වීමෙන්, ඔබගේ මුව සුළු මොහොතකට රසවත් වන අතර ඔබ සතුටට පත් වෙයි. ඒ ආකාරයෙන්ම, ඔබම මිහිරි වූ විට, ඔබගේ මුවෙන් නිරන්තරයෙන් මිහිරි වදන් මතු වෙයි. එවන් මිහිරි වදන් ඔබව සතුටට පත් කරන අතර අන් අයවත් සතුටු කරයි. මේ අන්දමින් නිරතුරුවම සියළු දෙනාගේ මුව මිහිරි කර, නිරන්තරයෙන් මිහිරි ද්‍රිෂ්ඨි, මිහිරි වදන් සහ මිහිරි ක්‍රියා සිදු කරන්න.