05.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට සාමයේ සහ සතුටේ ආශිර්වාදය ලැබෙන්නේ ඒකායන පියාගෙන් මිස කිසිම ශාරීරික ජීවියෙකුගෙන් නොවෙයි. ඔබට විමුක්තිය සහ ජීවන-මුක්තියට මාවත පෙන්වා දීමට බාබා පැමිණ ඇත.

ප්‍රශ්නය:
පියා සමඟ ආපසු යාමට සහ ඉන්පසුව ස්වර්ණමය යුගයේ ආරම්භයේ පැමිණීමට ඔබ සිදු කළ යුතු උත්සාහයන් කුමක්ද?

පිළිතුර:
ඔබට පියා සමඟ ආපසු යාමට අවශ්‍ය නම්, සම්පූර්ණයෙන්ම පිවිතුරු වන්න. ස්වර්ණමය යුගයේ ආරම්භයේ පැමීණීමට නම්, අන් සෑම කෙනෙක්ගෙන් ඔබගේ බුද්ධියේ යෝගාව ඉවත් කරගෙන, එක් පරමාත්ම පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. අනිවාර්යෙන්ම ජීව අවධානයට පත්වන්න. ඔබ ඒකායන පියාගේ උපදෙස් පිළිපදින්නේ නම්, ඔබ උසස් තත්ත්වයකට අයිතියක් හිමි කරගන්නේය.

ගීතය:
ආදරණීය දෙවියනේ, අන්ධයින් වන අපට, පාර පෙන්වනු මැනවි!

ඕම් ශාන්ති.
ගීතය ගායනා කළේ කවුද? දරුවන්, මන්ද, සිටින්නේ එක් දෙවි කෙනෙක් පමණක් වන අතර, ඔහුට නිර්මාණකරු යැයි කියයි. නිර්මාණය, නිර්මාණකරුට අඬගසයි. භක්ති මාර්ගයේදී ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින බව, බාබා ඔබට විස්තර කර ඇත එක්කෙනෙක් මෙම ලෝකයෙන් වන අතර අනෙක් කෙනා මෙම ලොවට එපිටින් සිටියි. සියලුම ජීවාත්මයන්ගේ පියා එක්කෙනෙකි. එක් පියෙක් සිටීම නිසා, සියලුම ජීවාත්මයන් තම තමන්ට සහෝදරයන් යැයි කියයි. ඔවුන් පියාට කන්නලව් කරයි අහෝ දෙවි පියාණෙනි! අහෝ උත්තරීතර පියාණෙනි, අනුකම්පා කළ මැනවි! මට සමාවන්න! බැතිමතුන්ගේ ආරක්‍ෂකයා වන්නේ ඒකායන පියා පමණි. පළමුවෙන්ම ඔබට පියවරුන් දෙදෙනෙක් සිටින බව විස්තර කරන්න. එපිටින් සිටින පියා, සෑම කෙනෙකුටම එකම කෙනා වන අතර, සෑම කෙනෙකුගේම ලෞකික පියා වෙනස්ය. එබැවින් වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුද, ලෞකික පියෙක්ද එසේ නැත්නම් මෙම ලෝකයට එපිටින් සිටින පියාද? ලෞකික පියෙකුට කිසිම විටෙක දෙවියන් හෝ උත්තරීතර පියා යැයි කිව නොහැක. ජීවාත්මයන්ගේ පියා, එක් උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය පමණයි. ජීවාත්මයේ නම කිසිදා වෙනස් නොවන නමුත් ශරීරයේ නම වෙනස් වෙයි. ජීවයක් විවිධ ශරීර තුළින් තමන්ගේ චරිත කොටස් රඟපායි, එනම්, ඔහු පුනර්භව ගනී. ජීවාත්මය අවසන් වශයෙන් උපත් කොපමණ ගන්නේද කියා, පැමිණ විස්තර කරන්නේ පරමාත්ම පියා පමණයි. දරුවනි, ඔබ තමන්ගේම උපත් ගැන නොදනී. පරමාත්ම පියා පැමිණෙන්නේ භාරතයේ වන අතර ඔහුගේ නම ශිවාය. ශිවා, උත්තරීතර ජීවය බව ඔවුන්ට වැටහෙන අතර ඔවුන් ශිවාගේ ජන්ම දිනය හෝ ශිව රාත්‍රියද සමරයි. ජීවාත්ම අශාරීරික වන සේම ඔහුද අශාරීරිකයි. ඔහු ඔහුගේ චරිත කොටස රඟපෑම සඳහා, අශාරීරික බවින් ශාරීරිකභාවයට පැමිණෙයි. අශාරීරික ශිවාට, ශරීරයක් නොමැතිව, චරිත කොටසක් රඟපෑමට නොහැක. මිනිසුන්ට මෙම දේවල් කොහෙත්ම වැටහෙන්නේ නැත ඔවුන් මුළුමනින්ම අන්ධයි. සෑම කෙනෙකුගේම ශරීරයට, භෞතික ඇස් දෙකක් තිබේ. කෙසේවෙතත්, ජීවාත්මයන්ට දිව්‍යමය ඇස යැයිද කියන, දැනුමේ තෙවැනි ඇස නොමැත. ජීවාත්මයන්ට ඔවුන්ගේ පියාව අමතකව ගොසින්ය, ඔවුන් මෙසේ කන්නලව් කරන්නේ මේ නිසාය ’අන්ධ අපට පාර පෙන්වන්න!’ කොහාට යන පාරද? සාමයේ දේශයට සහ සතුටේ දේශයට. සතුට පිරිනමන්නා සහ සියල්ලන්ගේම සත්ගුරු එක්කෙනෙකි, මනුෂ්‍යයන්ට, මනුෂ්‍යයන්හට ගුරූන් වී, ඔවුන්ට විමුක්තිය පිරිනැමිය නොහැක. ඔවුන්ට විමුක්තිය ලබා ගත නොහැකි අතර වෙනත් අයට විමුක්තිය ලබා දීමටද නොහැක. සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නේ එක් පියා පමණයි. එම ඒකායන පියා, ඇල්ෆා සිහි කරන්න! පියා විස්තර කරන්නේ කිසිම කෙනෙකුට සෑම කලටම කිසිවෙකුට විමුක්තිය, ජීවන-මුක්තිය, සාමය හෝ සතුට පිරිනැමිය නොහැක. සාමයේ සහ සතුටේ ආශිර්වාදය පිරිනැමිය හැක්කේ ඒකායන පියාට පමණයි. මනුෂ්‍යයන්හට, එය මනුෂ්‍යයන්ට පිරිනැමිය නොහැක. ඔවුන් ස්වර්ණමය යුගයේ දිව්‍ය ලෝකයේ වාසය කරන්නන් වූ කල්හි, භාරතයේ ජනතාව සතෝප්‍රධාන් විය. ජීවාත්ම පිවිතුරු විය. ජීව, පිවිතුරු සහ සතෝප්‍රධාන් වූ කල, භාරතයට දිව්‍ය ලෝකය යැයි කියන ලදි. අදට වසර 5000කට පෙර, භාරතය සැබැවින්ම සතෝප්‍රධාන් දෙව්ලොව වූ බව, ඔබ දන්නවා එය ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. එය දැන් කලි යුගයේ අවසානය වන අතර එයට අපාය යැයි කියයි. මෙම භාරතය දෙව්ලොව වූ කල්හි, එය බොහෝ ධනවත් විය මැණික් සහ දියමන්ති එබ්බවූ මාලිගා තිබුණි. පියා ඔය දරුවන්ට මෙය මතක් කර දෙයි. ස්වර්ණමය යුගය ආරම්භයේදී එය ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. එයට දෙව්ලොව, පාරාදීසිය යැයි කීහ. එය තව දුරටත් දිව්‍ය ලෝකය නොවන බව, පියා විස්තර කරයි. බාබා පැමිණෙන්නේ භාරතයේ පමණයි. අශාරීරික ශිවාගේ ජන්ම දිනය සමරන නමුත් ඔහු කරන්නේ කුමක්ද කියා කිසිවෙක් නොදනී. ජීවාත්ම වන අපගේ පියා, ශිවාය. අපි ඔහුගේ ජන්ම දිනය සමරනවා. ඔවුන් පියාගේ චරිත කතාව වත් නොදනී. මෙසේ සිහිපත් කෙරෙයි සෑම කෙනෙක්ම දුක ඇති කල, දෙවියන් සිහි කරයි. ඔවුන් කන්නලව් කරන්නේ අහෝ දෙවි පියාණෙනි, අනුකම්පා කරනු මැන! මෙය රාවණගේ රාජධානිය නිසා අපි ඉන්නේ බොහෝ දුකින්! ඔවුන් සෑම වසරකදීම රාවණගේ පඹයෙක් පුළුස්සා දමන නමුත්, හිස් දහයක් ඇති රාවණ කවරෙක්ද කියා ඔවුන් නොදනී. අපි ඔහුව පුළුස්සා දමන්නේ ඇයි? අපි ඔහුගේ පඹයෙක් සාදා ඉන්පසුව එය පුළුස්සා දමන්නට තරම් කුමන ආකාරයේ සතුරෙක්ද ඔහු? භාරතයේ ජනතාවට දැනුමේ තෙවැනි ඇස නොමැති නිසා ඔවුන් මෙය කිසිසේත් නොදනී. ඔවුන් රාමාගේ රාජධානියට කැමති ඒ නිසාය. පිරිමියාගේ පාපයන් පහ ස්ත්‍රියගේ පාපයන් පහ තිබෙන නිසයි, මෙයට රාවණගේ සමාජය යැයි කියන්නේ. විශාලතම සතුරා වන්නේ රාවණගේ පාපයන් පහය, මේ නිසයි මිනිසුන් ඔහුගේ පඹයෙක් සාදා, එය පුළුස්සා දමන්නේ. ඔවුන් පුළුස්සා දමන රාවණ යනු කවරෙක්ද කියා, භාරතයේ ජනයා නොදනී. රාවණගේ රාජධානිය සහ පාපයන් පහ, ආරම්භ වූයේ කවදාද කියාවත් කිසි කෙනෙක් නොදනී. ස්වර්ණමය යුගය සහ රිදී යුගය, රාමාගේ රාජධානිය බවත් තඹ සහ කලි යුගය, රාවණගේ රාජධානිය බවත්, පියා විස්තර කර දෙයි. ස්වර්ණමය යුගයේ එය ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය විය. ඔවුන්ට ඔවුන්ගේ රාජධානිය හිමිවූයේ කාගෙන්ද, හෝ කෙසේද කියා කිසි කෙනෙක් නොදනී. මෙම කාරණා වටහාගත යුතුයි. මෙම දේවල් වලට අවධානය යොමු කළ යුතුයි. වඩාත්ම ආදරණීය වන්නේ, පරමාත්ම පියාය, ඔවුන් භක්ති මාර්ගයේ ඔහුට කන්නලව් කරන්නේ මේ නිසාය. එය භාරතයේ ඔවුන්ගේ (ලක්‍ෂ්මි සහ නාරායනගේ) රාජධානිය වූ කල්හි, දුකෙහි නාමයක් හෝ සලකුණක්වත් තිබුණේ නැත. එය දැන් දුක් දේශය වන අතර බොහෝ ආගම් තිබේ. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් ධර්මය පමණයි. ඔවුන් සියල්ලම අන්ධ බැවින්, මේ සියලුම ජීවාත්ම යන්නේ කොහාටද කියා කිසිවෙකු නොදනී. ආගමික පත පොතෙන් කිසිවෙකුට දැනුමේ තෙවැනි ඇස ලැබෙන්නේ නැත. ඔබට දැනුමේ ඇස ලබා දෙන්නේ දැනුමේ මහා සයුර, උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය, පමණයි. ඔය ජීවාත්මයන්ට, දැනුමේ තෙවැනි ඇසක් ලැබෙයි. ඔවුන් උපත් කොපමණ ගෙන තිබේද කියා, ජීවයන්ට අමතක වී ඇත. ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ රාජධානිය, ගියේ කොහාටද? මනුෂ්‍යයන් උපත් 84ක් ගන්නා බව, සිහි කර ඇත. ඔවුන් 84ක චක්‍රයක් ගැන පවසන නමුත් උපත් 84ක් ගන්නේ කුමන ජීවාත්මද? භාරතයට පළමුව පැමිණි අය දේවතාවන් විය. ඔවුන් උපත් 84ක් ගෙන අවසානයේදී අපවිත්‍ර වෙයි. ඔවුන් ගයන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි! මින් ඔප්පු වන්නේ ඔවුන් අපවිත්‍ර බවයි, මේ නිසයි ඔවුන් මෙසේ කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරනු මැන! අපවිත්‍ර අය, වෙනත් අයව පිවිතුරු කරන්නේ කෙසේද? පියා විස්තර කරන්නේ චක්‍රයෙන් භාගයක්, රාවණගේ රාජධානියේ එය භක්ති මාර්ගයයි. පාපයන් පහ නිසා, භාරතයේ ජනතාව බොහෝ දුක අත්විඳ ඇත. ඔවුන් උපත් 84ක් ගනී. මෙම ගණනය විස්තර කළ යුතුයි. පළමුව, ස්වර්ණමය යුගයෙදී ඔබ සතෝප්‍රධාන් වන අතර ඉන්පසුව රිදී යුගයෙදී ඔබ සතෝය. ජීවය තුළට වෙනත් ලෝහ මිශ්‍ර වෙයි. පියා පැමිණෙන්නේ භාරතයේ පමණයි. ශිවාගේ උපන් දිනය ඇත. අනෙක් ජීවාත්ම සියලු දෙනාම උපතක් ගන්නේ මව් කුසයක් තුළිනි. පියා පවසන්නේ බොහෝ උපත් වල අවසන් උපත වන මෙම උපතෙදී, මම සාමාන්‍ය පැරණි සිරුරක් තුළට ඇතුළු වෙමි. මෙම විස්තර කිරීම ලබා දෙන්නේ එක් අයෙකුට පමණක් නොවෙයි. මෙය ගීතා පාඨශාලාවකි. ඔබව දේවතාවන් බවට පරිවර්ථනය කිරීම සඳහා මෙම රාජයෝගාව, ඔය මනුෂ්‍යයන්ට උගන්වනු ලබයි. පියාට පමණක් ලබා දිය හැකි, ලෝකයේ ආධිපත්‍යය ලබා ගැනීම සඳහා, ඔබ මෙහි පැමිණ ඇත. ගීතාව පමණක් හැදෑරීමෙන් කිසිවෙකු රජෙක් වන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඔහු ඊටත් වඩා දුප්පත් වෙයි. පියා ඔබට ගීතාවේ දැනුම ලබා දී, ඔබව රජවරුන් බවට පත් කරවයි. අන් අයගෙන් ගීතාවට සවන් දීමෙන්, ඔබ දුප්පත් වී ඇත. එය භාරතයේ ලක්‍ෂ්මි සහ නාරායනගේ රාජධානිය වූ සමයේ, පිවිතුරු බව, සාමය සහ සමෘද්ධිය තිබුණි. එය පාරිශුද්ධ පවුල් ආශ්‍රමය විය. එහි හිංසනය ගැන සඳහනක් තිබුණේ නැත. හිංසනය ආරම්භ වූයේ තඹ යුගයේදීය. රාගයේ අසිපත භාවිත කිරීමෙන් ඔබගේ තත්ත්වය මෙය බවට පත් වී ඇත. ස්වර්ණමය යුගයේ ඔබ 100% සමෘද්ධිමත් සහ සතෝප්‍රධාන් විය. කිසිම පූජකයෙක්, පැවිද්දෙක් හෝ වෙනත් මිනිසුන් මෙම රහස නොදනී. දැනුමේ මහා සාගරය, පාරිශුද්ධකරු වන පියා, පැමිණ, ඔබට සතෝප්‍රධාන් වන අන්දම කියයි. රාවණගේ උපදෙස් පිළිපැදීමෙන් මිනිසුන්ගේ තත්ත්වය කුමක් වී ඇත්ද කියා බලන්න! රජවරුන් පවා, ප්‍රතිමා වල දෙපා මුල වැටී, අතීතයේ පිවිතුරු රජවරුන් වූ අයගේ ගුණ ගායනා කරති ඔබ සියලුම ගුණදම් වලින් සපිරි අතර අපි පහත් පවුකාරන්ය. අපට ගුණදම් නොමැත. ඉන් අනතුරුව ඔවුන් පවසන්නේ අපට අනුකම්පා කළ මැන! දේවාලයක සිටින්නට තරම් වටිනා අය බවට අපව පත් කරන්න. පියා පැමිණ, නැවත වරක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපිත කරන අන්දම කිසි කෙනෙකුට වටහා ගත නොහැක. ඔබ දේවතා ධර්මයට අයත්ව සිටි බව, ඔබට දැන් වැටහෙයි. අපි ක්‍ෂත්‍රියයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයන් වූ අතර මෙපමණ උපත් සංඛ්‍යාවක් ගත්තා. අපි දැන් අපගේ උපත් 84 සම්පූර්ණ කරමින් සිටිනවා. ලෝක චක්‍රය නැවත බ්‍රමණය විය යුතුයි. ඔබ මෙහිදී නැවත පිවිතුරු විය යුත්තේ මේ නිසාය. අපවිත්‍ර කිසි කෙනෙකුට, සාම දේශයට හෝ සතුටේ දේශයට යාමට නොහැක. සතෝප්‍රධාන්ව සිටි ඔබලා, දැන් තමෝප්‍රධාන් වී සිටින බව, පියා විස්තර කර දෙයි. ඔබ ස්වර්ණමය යුගයේ සිට කලි යුගයට පැමිණ ඇත. ඔබ නැවත වරක් ස්වර්ණමය යුගී විය යුතුයි, මන්ද, එවිට පමණයි ඔබට විමුක්ති දේශයට සහ සතුටේ දේශයට යාමට හැකි වන්නේ. භාරතය, සතුටේ දේශය විය. එය දැන් දුක් දේශයයි. ඔබ ගීතයේ මෙය ඇසුවා අන්ධ වී ඇති අපට, පාර පෙන්වන්න. අපගේ සාම දේශයට අපි යන්නේ කෙසේද? ඒ මිනිසුන් පවසන්නේ, දෙවියන් සර්ව ව්‍යාප්ත බවයි, ඔහු මෙහි සහ එහි ආදියේ අවතරණය වන බවයි. පියා, පරසුරම් වී, කාව හෝ මරා දමයිද? (ආගමික ග්‍රන්ථයක තිබෙන, පොරවක් ඇති රාමාගේ කතාපුවත), එය කිසිසේත් සිදු විය නොහැක්කක්! චක්‍රය තුළ, ඔබ උපත් 84ක් ගෙන ඇති ආකාරය ගැන, පියා විස්තර කරයි. දැන් ඇල්ෆා වන මා සිහි කරන්න. අහෝ ජීවයනි, ජීව අවධානයට පත් වන්න! ශරීර අවධානයට පත් වීමෙන් ඔබ මුළුමනින්ම දුගී සහ දුකට පත්වී ඇත. ඔබ අපායේ වැසියන් බවට පත් වී ඇත. ඔබට දිව්‍ය ලෝකයේ වැසියන් වීමට අවශ්‍ය නම්, ඔබ අනිවාර්යෙන්ම ජීව අවධානයට පත්විය යුතුයි. ජීවාත්ම ඔවුන්ගේ ශරීර හලා, වෙනත් එකක් ගනී. ඔබගේ උපත් 84 දැන් අවසන් වී ඇති අතර, ඔබ ස්වර්ණමය යුගයේ ආරම්භයට යා යුතුයි. දැන් මා සිහිකර, ඔබගේ බුද්ධියේ යෝගාව, අන් අයගෙන් ඉවත් කරගන්න. ඔබගේ පවුලේ අය සමඟ ඔබට නිවසේ ජීවත් විය හැක, නමුත් ඔබ ජීවයක් යන විශ්වාසය තබා ගන්න. ජීවයක් තම සිරුර හළා, වෙනත් එකක් ගනි. දැන් ජීවාත්ම අවධානයට පත් වී, මා සිහිපත් කරන්න, එවිට මිශ්‍ර ලෝහ පිළිස්සී යාවි. එවිට ඔබ පිවිතුරු වන අතර මා සියලුම දරුවන්ව මා සමඟ ආපසු නිවසට ගෙන යමි. ඔබ මගේ උපදෙස් පිළිපදින්නේ නැතිනම්, ඔබට එතරම් උසස් තත්ත්වයක් හිමි වන්නේ නැත. ලක්‍ෂ්මි සහ නාරායන උසස් තත්ත්වයක් හිමි කර ගත්තා. එය ඔවුන්ගේ රාජධානිය වූ කල, වෙනත් ආගම් නොතිබිණි. අන් සියලුම ආගම් පැමිණීම ආරම්භ වූයේ තඹ යුගයෙදීය. ස්වර්ණමය යුගයේ සිටින්නේ මනුෂ්‍යයන් ටික දෙනෙකි. දැන් බොහෝ ආගම් ඇති නිසා, ඔවුන් බොහෝ දුකට පත්වී ඇත. දේවතාවන් අපවිත්‍ර වූ අතර, ඔවුන්ට තව දුරටත් තමන්ට දේවතාවන් කියා ඇමතීමට නුපුළුවන් විය. එවිට ඔවුන් තමන්ට හින්දූන් යන නම තබාගත්තේය. හින්දු ආගමක් නැත. පියා විස්තර කරන්නේ රාවණ, ඔබව ඒ අන්දමට පත් කර තිබේ. ඔබ වටිනා දේවතාවන් වූ කල, ඔබ මුළු ලෝකයම පාලනය කළ අතර, ඔබ සියලු දෙනාම බොහෝ සතුටින් සිටියා. ඔබ දැන් දුකට පත්වී ඇත. භාරතය දෙව්ලොව වූ අතර, එය දැන් අපාය වී තිබේ. එබැවින්, පියා නොමැතිව කිසි කෙනෙකුට අපාය, දිව්‍ය ලෝකය කළ නොහැක. දේවතාවන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර බව කියයි. මෙහි මිනිසුන් සම්පූර්ණයෙන්ම දූෂිතය ඔවුන්ට අපවිත්‍ර යැයි කියයි. භාරතය, ශිව බාබා ස්ථාපිත කළ, ශිව දේවාලය විය. පියා, දිව්‍ය ලෝකය නිර්මාණය කරන අතර, රාවණ, අපාය නිර්මාණය කරයි. රාවණ, ඔබට සාප කරන අතර පියා ඔබට උපත් 21කට උරුමයක් ලබා දෙයි. දැන් ඔබ සෑම කෙනෙක්ම ශාරීරික ජීවයන්ව නොව, පියාව සිහි කළ යුතුයි. ශාරීරික ජීවයන්ට දෙවියන් යැයි නොකියයි. සිටින්නේ එක් පරමාත්ම දෙවියන් පමණයි. පියා ඔබට අසීමිත උරුමයක් දෙන අතර ඉන්පසුව, රාවණ ඔබට සාප කරයි. මෙකල භාරතයට සාප වැදී ඇති අතර, විශාල ලෙස දුක් අත්විඳිමින් සිටියි. මෙම රාවණ දැන් පරාජය කළ යුතුයි. මෙසේ සිහි කර ඇත ඔබ පාපයන් දන් දුන් විට, අපලයන්ගේ ග්‍රහණය ඉවත් වෙයි. අනෙක් භෞතික සූර්ය ග්‍රහණය, පෘථීවිය මත ඇති සෙවණැල්ලකි. පියා දැන් පවසන්නේ ඔබ මත පාපයන් පහේ අපලයන්ගේ ග්‍රහණය තිබේ. ඔබ මෙම පාපයන් පස, දන් දිය යුතුයි. දන් දිය යුතු පළමුවැන්න වන්නේ, කිසිදා කාමයේ නොගැලී සිටීමයි. මනුෂ්‍යයන්ව අපවිත්‍ර කරන්නේ කාමයේ අසිපතය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියා ඔබට උගන්වන දැනුම සම්පූර්ණ අවධානයෙන් යුතුව ඉගෙන ගන්න. මෙම අවසන් උපතේදී, දැනුමේ තෙවැනි ඇසෙන්, ඔබගේ උපත් 84 ගැන දැනුවත් වී, පාරිශුද්ධත්වයට පත්වන්න.

2. රාවණගේ සාපයෙන් බේරි සිටීමට, ඒකායන පියාගේ සිහිපත් කිරීමේ රැඳී සිටින්න. පාපයන් පහ දන් දෙන්න. ඒකායන පියාගේ උපදෙස් පිළිපදින්න.

වරදානය:
ඔබ හද සිහසුනේ අසුන්ගැනීමෙන් බාප්දාදාගේ සහායකයින් වීමෙන් ඔටුන්නක් සහ තිලකයක් හිමිකර ගනිත්වා.

රජෙකු තම සිංහාසනයේ අසුන්ගෙන සිටින විට, තිලකය සහ ඔටුන්න එහි සලකුණු වේ. ඒ හා සමානව, හද සිහසුනේ අසුන්ගෙන සිටින අයගේ නළලෙහි සෑම විටම ඔවුන්ගේ ජීවාත්ම අවධාන ස්ථිතියේ තිලකය දෘශ්‍යමාන ලෙස දිදුලයි; එය දුර සිට දැකිය හැකිය. සියලු ජීවාත්ම සඳහා කරුණාවේ සුබ පැතුම් ඔවුන්ගේ ඇස් වලින් සහ මුහුණු වලින් දිස් වේ. ඔවුන්ගේ සෑම සිතිවිල්ලක්ම, වචනයක්ම සහ ක්‍රියාවක්ම පරමාත්ම පියාගේ සිතිවිල්ලට සමාන වේ.

පාඨය:
පහසු ස්මරණයේ සිටීම සඳහා, පහසු ස්වභාවයේ ගුණය ධාරණය කර ගෙන ඔබේ සංස්කාර පහසු සහ සරළ කර ගන්න.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

නාටකය පිළිබඳ ඥානය තුළින් තම ප්‍රායෝගික ජීවිතයේ බලය ධාරණය කර ගත් අයට කිසි විටෙකත් කිසිදු කැළඹීමක් ඇති විය නොහැක. නාටකයේ මෙම කරුණ නිරන්තරයෙන් නොසැලී සහ අචලව සිටීමට විශේෂ බලය සපයයි. බලයේ ස්වරූපයෙන් එය අවශෝෂණය කරගත් අය කිසි විටෙකත් පරාජය කළ නොහැක. මෙම දයාවන්ත නාටකයේ සෑම දර්ශනයක්ම, කුමන හෝ ප්‍රතිලාභයක් එයට ඒකාබද්ධ කර ඇත. ඉවසිලිවන්ත වී නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස සියල්ල දැකීමට පුරුදු වන්න, එවිට ඔබ නොසැලී සහ අචලව සිටිනු ඇත.