05.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, අසීමිත සතුට ලබා ගැනීම උදෙසා, ඔබට මෙම අසීමිත දැනුම ලැබෙනවා. රාජයෝගාවේ
ඉගැන්වීම් තුළින්, ඔබ නැවත වතාවක් රාජධානිය හිමි කරගන්නවා.
ප්‍රශ්නය:
ඔබගේ දේවමය
පවුල සම්පූර්ණයෙන්ම අසහාය වන්නේ, කුමන කාරණාවෙන්ද?
පිළිතුර:
මෙම දේවමය පවුලේ ඔය සමහර දරුවන්, එක් දිනක් පමණක් වයසැති අය වන අතර, ඇතැම් අය දින
අටක් වයසැති අයයි, නමුත් ඔබ සෑම කෙනෙක්ම එකට ඉගෙන ගන්නවා. පියා, ගුරුවරයා වී, ඔහුගේ
දරුවන්ට උගන්වයි. මෙය අසහාය දෙයකි. ඉගෙනගන්නේ ජීවාත්මයයි. ඔය ජීවාත්ම ‘බාබා‘ කියා
කියන අතර, බාබා ඔබට ඔබගේ උපත් 84 හි කතාපුවත කියයි.
ගීතය:
දුර ඈත දේශයේ
වැසියා මෙම විදේශයට ඇවිත්.
ඕම් ශාන්ති.
බ්‍රහස්පතිගේ
දශාවේ දිනයට, වෘක‍්ෂයට අධිපතිගේ දිනය, යැයිද කියයි. සෑම වසරකම මෙම උත්සවය සැමරෙයි.
ඔබ සෑම සතියකම වෘක‍්ෂයට අධිපතිගේ දිනය සමරයි. වෘක‍්ෂාධිපති යනු, මානව ලෝක වෘක‍්ෂයේ
බීජයයි. ඔහු ජීවමාන ජීවාත්මයක්. මෙම වෘක‍්ෂයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම
තිබෙන්නේ ඔහුට පමණයි. අන් සෑම ගසක්ම අජීවී වන අතර, මෙම ගස ජීවමානයි. මෙම ගසට කල්ප
වෘක‍්ෂය යැයි කියයි. එහි ආයුෂ වසර 5000 කි. මෙම ගසට කොටස් හතරක් ඇත. සෑම දේකටම
කොටස් සතරක් තිබේ, ලෝක චක්‍රයටත් කොටස් හතරක් තිබේ. මෙම පැරණි ලෝකය දැන් විනාශ
වීමටයි යන්නේ. ලෝකය බොහෝ සේ විශාලයි. කිසිම මනුෂ්‍යයෙකුගේ බුද්ධියේ මෙම දැනුම
නොමැත. මේවා නව ලොවට, නව දැනුමයි. ඔබට නව ලෝකයේ රජවරුන් වීමට, ආදි සනාතන දෙවි දේවතා
ධර්මයේ දේවතාවන් වීමට, මේවා නව ඉගැන්වීම්ය. භාෂාව එයමයි, හින්දිය. වෙනත් රාජධානි
ස්ථාපිත වන විට, ඒවායේ භාෂා වෙනස් බව, බාබා විස්තර කර ඇත. ස්වර්ණමය යුගයේ භාෂාව
කුමක් වෙයිද? ඔය දරුවන් එය ටිකක් දන්නවා. මුල් දිනවල සමහර දියණියන්, ධ්‍යානයකට සම
වැදී, ඔවුන් දුටු දේ ඔබට කියයි. සංස්කෘත භාෂාව එහි නොපවති. සංස්කෘත භාෂාව පවතින්නේ
මෙහිය. මෙහි පවතින කිසිවක් එහි පැවතිය නොහැක. එබැවින් එම කෙනා, වෘක‍්ෂාධිපති බව ඔය
දරුවන් දන්නවා. ඔහුට පියා, වෘක‍්ෂයේ නිර්මාපකයා යැයිද කියයි. එම කෙනා, ජීවමාන
බීජයයි. අන් සෑම බීජයක්ම අජීවියි. ඔය දරුවන්ද ලෝකයේ මුල, මැද සහ අවසානය දැනගත
යුතුයි. මෙම දැනුම ඔවුන්ට නොමැති නිසා, මෙකල මනුෂ්‍යයින්ට කිසිම සතුටක් නැත. මෙම
දැනුම අසීමිත වන අතර ඔබට එය තුළින් අසීමිත සතුට ලැබෙනවා. සීමිත දැනුම තුළින් ඔබට
යම් සතුටක් ලැබෙන්නේ නම්, එය කපුටෙකුගේ අසූචි මෙනි. ඔබ දැන් නැවත වරක් අසීමිත සතුට
ලබා ගැනීම සඳහා උත්සාහ දරන බව ඔබ දන්නවා. මෙම ‘නැවත වරක්‘ යන වදන් වලට සවන් දෙන්නේ
ඔබ පමණයි. මනුෂ්‍යයින්ගෙන් දේවතාවන් බවට නැවත වතාවක් පරිවර්ථනය වීම සඳහා, රාජයෝගාවේ
ඉගැන්වීම් ලැබෙන්නේ ඔබට පමණයි. අශාරීරික පියා දැනුමේ සාගරය බව ඔබ දන්නවා. ජීවාත්ම,
වන ඔහුගේ දරුවන්ද අශාරීරිකයි. කෙසේවෙතත්, ඔබ සෑම කෙනෙකුටම තමන්ගේම සිරුරක් තිබේ. එම
කෙනාගේ උපත සූක‍්ෂම (අලෞකික) බව කියැවෙයි. කිසිම මනුෂ්‍යයෙකුට ඔහු මෙන් උපතක්
ගැනීමට නොහැකියි. ඔහු මෙම කෙනාගේ විශ්‍රාමික තත්ත්වයේදී ඔහු තුළට ඇතුළු වෙයි. ඔහු
මෙතැන අසුන් ගෙන පෞද්ගලිකවම, මුහුණට මුහුණලා ඔය දරුවන්ට (ජීවයන්ට) විස්තර කර දෙයි.
වෙනත් කිසිම කෙනෙක්, ජීවාත්මයන්ට ‘දරුවා, දරුවා‘ යැයි නොකියයි. අන් අය කුමන ආගමකට
අයත් වුවත්, ජීව වන අපගේ පියා, ශිව බාබා බව ඔවුන් දන්නවා. ඔහු නිසැකයෙන්ම ‘දරුවා,
දරුවා‘ යැයි කියනු ඇත. කෙසේවෙතත්, කිසිම මනුෂ්‍ය ජීවයකට දෙවියන් කියා කිව නොහැක,
වෙනත් කිසිවෙකුට බාබා කියා කිව නොහැක. ගාන්දිජීට බාපු (පියා) යැයි කීහ. නගර සභාවක
නගරාධිපතිටත් පියා කියා අමතයි. කෙසේවෙතත්, ඒ සියලුම පියවරුන් භෞතිකයි. ඔය ජීවයන්ගේ
පියා, ඔබට උගන්වන බව ඔබ දන්නවා. පියා නැවත නැවතත් ඔබට පවසන්නේ තමන් ජීවාත්ම බව
සලකන්න. එම පියා මෙහි පැමිණ ඔය ජීවයන්ට උගන්වයි. මෙය දෙවියන්ගේ පවුලයි. පියාට
දරුවන් බොහෝ දෙනෙක් සිටියි. ඔබ මෙසේද කියයි බාබා මා ඔබට අයත්ය. එබැවින් ඔබ ඔහුගේ
දරුවා වෙයි. ඇතැම් අය කියන්නේ බාබා, මා ඔබගේ එක් දිනයක් වයසැති දරුවාය, හෝ දින අටක්
වයසැති, හෝ මසක් වයසැති. මුලින්ම දරුවෙක් සැබවින්ම කුඩාය. කෙසේවෙතත්, මෙහි සිටින
කෙනෙක්, දින දෙකක් හෝ හතරක් වයසැති දරුවෙක් වුවත්, ඔහුගේ අවයව විශාලයි. මේ නිසයි
සියලුම විශාල (භෞතික වශයෙන්) දරුවන් ඉගෙන ගත යුත්තේ. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට
පියා උගන්වයි. ඔබත් ඉගෙන ගන්නවා. ඔබ පියාගේ දරුවන් වී ඇති අතර, ඔබ උපත් 84 ක් ගෙන
ඇති අන්දම ගැන ඔහු ඔබට විස්තර කර දෙනවා. පියා පවසන්නේ මෙම කෙනාගේ බොහෝ උපත් ගණනාවක
අවසන් උපතේ අන්තිමේදී මා ඔහු තුළට ඇතුළු වී, ඔබට උගන්වනවා. ඔහුගෙන් මෙම අනිත්
ගුරුවරුන්ද මතු වී ඇති, වඩාත්ම ජ්‍යෙෂ්ඨතම ගුරුවරයා වෙතට, ඔබ මෙහි පැමිණ ඇති බව, ඔය
දරුවන් දන්නවා. ඔවුන්ට මඟ පෙන්වන්නන් යැයි කියයි. ඔවුන්ද සියලු දෙනාට උගන්වයි. මෙම
දැනුම දැන ගන්නා අය, ඉන්පසුව දිගින් දිගටම අන් අයට උගන්වයි. පළමුවෙන්ම ඔබ විස්තර කළ
යුත්තේ පියවරුන් දෙදෙනෙක් සිටින බවයි. එක්කෙනෙක් මෙම ලෝකයෙන් වන අතර, අනෙක් කෙනා
මෙම ලෝකයට එපිටින්ය. නිසැකයෙන්ම වඩාත් ශ්‍රේෂ්ඨ කෙනා වනුයේ, දෙවියන්ය, මෙම ලෝකයට
එපිටින් සිටින පියාය. ඔබ දැන් මෙම ලෝකයට එපිටින් සිටින පියාව සොයාගෙන ඇති බව ඔබ
දන්නවා. වෙනින් කිසිවෙකු මෙය නොදන්නා නමුත්, ඔවුන්ට ක්‍රම ක්‍රමයෙන් මෙය දැන ගන්නට
ලැබෙයි. බාබා ඔය ජීවාත්මයන්ට උගන්වන බව ඔය දරුවන් දන්නවා. ජීවාත්ම වන අප අපගේ
සිරුරු අතහැර අපගේ ඊලඟ එක ගනු ඇත. අප උසස්ම-උසස් දේවතාවන් වෙයි. ගමන් කරන අතර සමහර
දරුවන් මෙම උසස්ම-උසස් ඉගෙනුම දමා යයි. ඔවුන් එක් හෝ තව දෙයක් ගැන සැක කිරීමට පටන්
ගනී, එසේ නැත්නම් ඔවුන්ට මායාගේ කුණාටු දරා ගැනීමට නොහැකි වෙයි. ඔවුන් විශාලතම
සතුරා වන රාගයට පරාජය වෙයි. ඔවුන් ඉගෙනුම නතර කරන්නේ මෙම හේතු නිසාය. රාගය, ඔබගේ
විශාලතම සතුරා නිසා ඔය දරුවන් බොහෝ දේ දරා ගත යුතුයි. පියා පවසන්නේ ඔය අහිංසක
මව්වරුන් චක්‍රයෙන් චක්‍රයට මට අඬ ගසමින් සිටියා. ඔබ කන්නලව් කරන්නේ බාබා, මාව
නිරුවත් කිරීමෙන් බේරා ගන්න! පියා පවසන්නේ එකම ක්‍රමය වන්නේ සිහිපත් කිරීමය, වෙනත්
මඟක් නැත. සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි ඔබට දිගටම බලය ලැබෙන්නේ. බලවත් මායාට,
අඛණ්ඩව ඇගේ බලය නැතිවී ගොස්, ඉන්පසුව ඔබ නිදහස් වෙයි. බොහෝ දෙනෙක් මේ අන්දමින්
බන්දනයන්ගෙන් මිදී, ඔවුන් මෙහි පැමිණෙයි. ඔවුන් පහර කෑම අවසන් වෙයි. ඉන්පසුව ඔවුන්
පැමිණ, බ්‍රහ්මාගේ මාර්ගයෙන් ශිව බාබාට කතා කරයි. මෙම පුරුද්ද ඔබ තුළ ධාරණය කරගන්න.
ඔබ ශිව බාබා වෙතට යන බව ඔබගේ බුද්ධියේ තබා ගන්න. ඔහු මෙම බ්‍රහ්මාගේ ශරීරය තුළට
ඇතුළු වෙයි. අප ශිව බාබා ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. සිහිපත් කිරීම තුළින් පමණයි,
අපගේ පාපයන් දුරු වන්නේ. තමන් ජීවයක් බව සලකා පියාව සිහිපත් කරන්න! ඔබට ලබා දෙන
ඉගැන්වීම් මේවා පමණයි. ඔබ මෙහි, පියාව මුණ ගැසීමට පැමිණෙන විටත්, තමන් ජීවයක් බව
සලකන්න. ඔබ ජීව අවධානයට පත් වේවා! ඔබට මෙම දැනුම ලැබෙන්නේ දැන් පමණයි. ඔබ දැරිය
යුතු උත්සාහය මෙයයි. එම භක්ති මාර්ගයේ මිනිසුන් බොහෝ ආගමික ග්‍රන්ථ ආදිය හදාරයි.
මෙහි ඔබ දැරිය යුතු එකම උත්සාහය වන්නේ සිහිපත් කිරීමේ සිටීමයි. පහසුම උත්සාහය
මෙයයි. එමෙන්ම එය අපහසුම උත්සාහයද වෙයි. කෙනෙකුගේ පියාව සිහි කිරීම තරම් පහසු දෙයක්
නැත. පුතෙක් උපත ලද විගසම ඔහු ‘බාබා, බාබා‘ කීමට පටන් ගනී. දියණියක් උපත ලද විගසම
ඇය ‘මමා, මමා‘ කීමට පටන් ගනී. එම ජීවාත්මය, ස්ත්‍රි වස්ත්‍රයක් ගෙන ඇත. ස්ත්‍රියක්
සාමාන්‍යයෙන් ඇගේ මව වෙතට යන අතර, පුතෙක්, උරුමයක් ලැබෙන නිසා, සාමාන්‍යයෙන් ඔහුගේ
පියාව සිහි කරයි. ඔය ජීව සියල්ලක්ම පුතුන්ය. ඔය ජීව, පියාගෙන් ඔබගේ උරුමය ලබා ගන්නේ
ඔහුව සිහි කිරීමෙනි. ඔබට ශරීර අවධානය තිබේ නම්, ඔබට උරුමයක් හිමි කර ගැනීමට අපහසු
වෙයි. පියා පවසන්නේ මා උගන්වන්නේ ඔය දරුවන්ට පමණයි. පියා ඔබට උගන්වන බව ඔය දරුවන්ද
දන්නවා. පියා හැර වෙනත් කිසිවෙකුට මෙම දේවල් ඔබට කිව නොහැක. ඔබ භක්ති මාර්ගයේ ඔහුට
ආදරය කළා. ඔබ සියලු දෙනාම එක් ආදරවන්තයාගේ පෙම්වතුන් විය. මුළු ලොවම එක්
ආදරවන්තයාගේ පෙම්වතුන්ය. උත්තරීතර ජීවයට, උත්තරීතර පියා යැයිද කියයි. පියාට
පෙම්වතෙක් යැයි නොකියනු ඇත. පියා විස්තර කර දෙන්නේ භක්ති මාර්ගයේදී ඔබ මගේ
පෙම්වතුන් විය. දැන් වුවත් මගේ පෙම්වතුන් වන බොහෝ දෙනෙක් සිටියි. කෙසේවෙතත්,
දෙවියන් යනු කවුරුන්ද කියා ඔවුන් බොහෝ අවුලට පත්ව සිටියි. ඔවුන් ගණදෙවියන් සහ
හනුමාන් ආදීන්ට ‘උත්තරීතර ජීවය‘ යැයි කියා, සියල්ල අවුල් කරගනී. එක් අයට හැර, වෙනත්
කිසිවෙකුට එම අවුල ලිහන්නට බැරිය. මෙය කිරීමට වෙනත් කිසිවෙකුට බලයක් නැත. පැමිණ ඔය
දරුවන්ට විස්තර කර දෙන්නේ පියා පමණයි. පසුව ඔබ දරන උත්සාහයට අනුව, ඔය දරුවන් අංක
පිළිවෙලට වටහා ගෙන, ඉන්පසුව වෙනත් අයට විස්තර කර දෙන්නට සුදුස්සන් වෙයි. රාජධානියක්
ස්ථාපනය වෙමින් පවතිනවා. ඔබ චක්‍රයකට පෙර කළ එම ආකාරයෙන්ම, ඉගෙන ගන්නවා. ඉන්පසුව
මෙයට, නව ලෝකයේදී ඔබට ඔබගේ ප්‍රතිලාබය ලැබෙයි. එයට කියන්නේ අමරණීය දේශය කියාය. ඔබ
මරණය ජය ගනී. එහි අකල් මරණ නොමැත, එහි නාමයම වන්නේ දෙව්ලොවයි. ඔය දරුවන් මෙම
ඉගෙනුමෙන් බොහෝ සතුට අත් විඳිය යුතුයි. පියාව සිහි කිරීමෙන් ඔබට පියාගේ දේපලද
සිහිවෙයි. තත්පරයකදී මුළු නාටකයේම දැනුම ඔබගේ බුද්ධින් වලට ඇතුල් වෙයි. අශාරීරික
ලෝකය, සූක‍්ෂම දේශය සහ උපත් 84 හි චක්‍රය සහිත ශාරීරික ලෝකය තිබේ. මෙම මුළු නාටකයම
පදනම් වී ඇත්තේ භාරතයේය. අන් සියල්ලම අතුරු කතාය. පියා ඔබට මෙම දැනුම පවසයි. උසස්ම
අය බවට පත් වෙමින් සිටින ඔබ, ඉන්පසුව පහත්ම අය බවට පත් වෙයි. ඔබ ද්විත්ව කිරුළු
පලන් රජවරු වී ඉන්පසුව මුළුමනින්ම යාචකයන් වෙයි. භාරතය දැන් යාචකයෙක් වී ඇත, එය
ජනතාවගෙන් සැදී ජනතාවගේ රජයකි. ස්වර්ණමය යුගයේ, එය ද්විත්ව කිරුළු පලන්
අධිරාජ්‍යවරයා සහ අධිරාජිනියගේ අධිරාජ්‍යයි. සෑම කෙනෙක්ම ආදි දේව් බ්‍රහ්මා, ගැන
විශ්වාස කරයි, එමෙන්ම ඔහුට බොහෝ නම් දි තිබේ. ඔහුට මහාවීර යැයිද කියයි. හනුමාන්ටද
මහාවීර යැයි කියයි. ඇත්ත වශයෙන්ම ඔය දරුවන් සැබෑ මහාවීරයන් (නිර්භීත සටන්කාමීන්) සහ
හනුමාන්ලාය, (රාමාට ගැඹුරින් ආදරය කරන අය), මන්ද ඔබ එපමණකට යෝගාවේ සිටියි, කෙතරම්
මායාගේ කුණාටු ආවත්, ඔබ චංචල වන්නේ නැත. මහාවීරගේ දරුවන් වන ඔබලා, මායා පරාජය කරන
නිසා, මහාවීරයන් වෙයි. ඔබ සෑම කෙනෙක්ම රාවණ, පාපයන් පහ පරාජය කරයි. එය මනුෂ්‍යයෙක්
පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔබ සෑම කෙනෙක්ම දුන්න නැමිය යුතුයි, ඉන් අදහස් වන්නේ ඔබ
මායා ජය ගත යුතු බවයි. මෙහි සටන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. යුරෝපයේ මිනිසුන්
සටන් කරන්නේ කෙසේද? භාරතයේ කෞරවයන් සහ යාවනයන් අතර යුද්ධය තිබේ. ලේ ගංඟාවන් සෑම
තැනකම ගැලු බවද සිහි වෙයි. ඉන්පසුව කිරි ගංඟාවන් ගලනු ඇත. විෂ්ණු පෙන්වා ඇත්තේ
ක‍්ෂීර තටාකයකය. ලක‍්ෂ්මි සහ නාරායන් පරස්නාත්ය (ගල්, දිව්‍යමය ජීව බවට පරිවර්ථනය
කරන ස්වාමියා. නේපාලයේ ඔවුන්ට පශුපති (සියලුම ජීවයන්ව කර්ම බන්දනයන්ගෙන් මුදවාගන්නා
කෙනා) යැයි නම් තබා ඇත. ඔවුන් දෙදෙනාම විෂ්ණුගේ එක් ස්වරූපයයි පරස්නාත් සහ
පරස්නාතිනි. (ගල්, දිව්‍යමය බවට පරිවර්ථනය කරන දෙවියන් සහ ඔහුගේ අගමෙහෙසිය). ඔවුන්
පශුපතිනාත් පති සහ පශුපතිනාත් පතිනි (කර්ම බන්දනයන්ගෙන් සියලුම ජීව මුදවාගන්නා,
දෙවියන් සහ ඔහුගේ අගමෙහෙසිය). ඔවුන් එහි විෂ්ණු ගේ පිළිරුවක් මෙන්ම විලක්ද නිර්මාණය
කරයි. විලකට කිරි ඇතුළු වන්නේ කොහෙන්ද? වැදගත් දින වල ඔවුන් එම විලට කිරි වත්කර,
විෂ්ණු කිරි විලක දිගා වී සිටින අයුරු පෙන්වයි. එහි තේරුමක් නැත. අත් හතරක් ඇති
මනුෂ්‍යයෙක් සිටිය නොහැක. ඔය දරුවන් දැන් සමාජ සේවකයන්ය. ඔබ ආධ්‍යාත්මික පියාගේ
දරුවන් නොවේද? පියා සෑම දෙයක්ම විස්තර කරදෙයි. ඔබ තුළ මේ ගැන සැකයක් නොතිබිය
යුතුයි. සැක යනු මායාගේ කුණාටුය. ඔබ මට අඬ ගැසුවා ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න!
පැමිණ අපව පිවිතුරු කරන්න! පියා පවසන්නේ නිරන්තරයෙන් මා සිහිපත් කරන්න, එවිට ඔබ
පිවිතුරු වෙයි. ඔබ උපත් 84 හි චක්‍රයද සිහි කළ යුතුයි. පාරිශුද්ධකරු, ඥාන සාගරය
යැයි කියන්නේ පියාට පමණයි. කරුණු දෙකකි. ඔහු අපවිත්‍ර අයව පිවිතුරු කරන අතර, උපත්
84 හි චක්‍රයේ දැනුමද පවසයි. උපත් 84 හි චක්‍රය අඛණ්ඩව සෑම කල්හිම පැවතිය යුතු බව
ඔය දරුවන් දන්නවා, එහි අවසානයක් නැත. ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට ඔබට මෙය
වැටහෙයි. පියා බොහෝ සේ මිහිරියි. ඔහුට සියලුම සැමියන්ගේ සැමියා යැයිද කියයි. ඔහු
පියාද වෙයි. පියා පවසන්නේ ඔය දරුවන්ට මගෙන් විශාල උරුමයක් ලැබෙනවා. කෙසේ වුවත්,
පියා වන මාව දික්කසාද කරන සමහර අයද සිටිනවා. මෙයද නාටකයේ නියම වී තිබේ. ඔවුන් ඉගෙන
ගැනීම නතර කරනවා, ඉන් අදහස් වන්නේ ඔවුන් මාව දික්කසාද කරන බවයි. ඔවුන් එතරම් මෝඩයි!
දක‍්ෂ දරුවන් පහසුවෙන් සෑම දෙයක්ම වටහා ගෙන අන් අයට ඉගැන්වීම ආරම්භ කරයි. ලෞකික
අධ්‍යාපනයකින් ඔවුන්ට කුමක් ලැබෙයිද, මෙම අධ්‍යාපනයෙන් කුමක් ලැබෙයිද කියා, ඔවුන්
සැනෙකින් වටහා ගෙන, එබැවින් ඉගෙන ගත යුත්තේ කුමක්ද කියා, තීරණය කරගනී. බාබා ඔය
දරුවන්ගෙන් විමසන විට, ඔය දරුවන් පිළිතුරු දෙන්නේ, මෙම ඉගෙනුම ඉතා හොඳ බවයි. එනමුත්
ඇතැම් අය කියන්නේ අපි මොනවා කරන්නද? අප ලෞකික ඉගෙනුමක් හැදෑරුවේ නැත්නම් අපගේ
යහළුවන් සහ නෑදෑයින් කලබල වෙයි. පියා පවසන්නේ දවසින් දවස කාලය අඩු වී ගෙන යනවා.
පසුව, ඔබට දැන් මෙන් ඉගෙන ගැනීමට නොහැකි වෙයි. විශාල බලයකින් සූදානම් සිදුවෙමින්
පවතිනවා. බලාපොරොත්තු නොවන සෑම සිදුවීමකටම සැලසුම් සිදු වෙමින් පවතිනවා. දවසින් දවස
එකිනෙකා අතර වෛරය වැඩීවීගෙන යනවා. ඔවුන් කියන්නේ සැනෙකින් සෑම කෙනෙක්ම විනාශ කළ
හැකි එවන් දේවල් ඔවුන් නිර්මාණය කර ඇති බවයි. ඔය දරුවන් දන්නවා, නාටකයට අනුව,
යුද්ධය දැන්ම ආරම්භ විය නොහැකි බව. පළමුව රාජධානිය ස්ථාපිත විය යුතුය. එතකල් අපි
අපගේ සූදානම් සිදු කළ යුතුයි. ඔවුන්ද ඔවුන්ගේ සූදානම් කරගෙන යනවා. පසුව ඔබගේ බලපෑම
විශාල වශයෙන් පැතිරෙයි. මෙසේ සිහි කර තිබේ ඔහෝ දෙවියනේ, ඔබගේ දිව්‍යමය රංගනය බොහෝ
ආශ්චර්යමත්ය! එම ප්‍රශංසාවෙන් කියැවෙන්නේ මෙම කාලය ගැනයි. මෙසේද සිහි කර තිබේ ඔබගේ
ක්‍රම සහ විදි අසහායයි. සෑම ජීවාත්මයක්ම රඟපාන චරිත කොටසද අසහායයි. පියා දැන් ඔබට
ශ්‍රීමත් ලබා දෙනවා නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් දුරු වී
යයි! ඔහුගේ ශ්‍රේෂ්ඨ උපදෙස් සහ මනුෂ්‍යයන්ගේ උපදෙස් අතර විශාල වෙනසක් තිබේ. මුළු
ලොවටම සාමය ගෙන ආ හැක්කේ, උත්තරීතර පියා, උත්තරීතර ජීවය හැර වෙනත් කිසිවෙකුට නොවන
බව, ඔබ දන්නවා. නාටකයට අනුව, 100% පාරිශුද්ධත්වය, සාමය සහ සතුට, වසර 5000 කට පෙර කළ
එම ආකාරයෙන්ම, නැවතත් ස්ථාපනය වනවා. කෙසේද? පැමිණ මෙය වටහා ගන්න. ඔය දරුවන්
උදව්කරුවන්ද විය යුතුයි. බොහෝ උපකාර කරන අය, ජයග්‍රාහී මාලාවේ පබුළු වෙයි. ඔය
දරුවන්ට ලබා දුන් නම්, බොහෝ විනෝදමත් ඒවා විය. එම නම් වල ලැයිස්තුවක් ඇල්බමයක දමා
තැබිය යුතුයි. ඔබව බත්තියක තබන ලදී. ඔබගේ නිවෙස් සහ පවුලේ අය අතහැර විත් ඔබ පියාට
අයත් වුණා. ඔබ පැමිණි විට, ඔබව බත්තියකට දමන ලදී. එය කෙතරම් ශක්තිමත් බත්තියක්ද
කියතොත් පිටස්තර කිසිවෙකුට එයට ඇතුළු වීමට නොහැකි විය. ඔබ ඇවිත් පියාට අයත් වූ විට,
ඔබට අළුත් නම් තැබීමට සිදු විය. ඔබ සෑම දෙයක්ම කැප කළා. මේ නිසයි ඔබ සෑම කෙනෙකුටම
වෙනස් නම්, දෙන ලද්දේ. එය විශ්මයකි! පියා ඔය සෑම කෙනෙකුටම නමක් තැබුවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ
බුද්ධිය තුළ කිසි දෙයක් ගැන සැකයක් නොතිබිය යුතුයි. මහාවීරයෙක් වී, මායාගේ කුණාටු
ජයගන්න. මායාගේ කුණාටු වලට ඔබව සෙලවීමට නොහැකි වන පමණට, එවන් යෝගාවේ සිටින්න.
2. දක‍්ෂ වී ඔබගේ
ජීවිතය, දේවමය සේවය සඳහා යොදවන්න. සැබෑ ආධ්‍යාත්මික සමාජ සේවකයෙක් වන්න. මෙම
ආධ්‍යාත්මික ඉගෙනුම ඉගෙනගෙන, අන් අයටත් එය කියා දෙන්න.
වරදානය:
ඔබ ලෝකයට යහපත
සළසන්නෙකු වී ඔබේ අහංකාරය සහ ඔබේ සැක අවසන් කිරීමෙන් දයාවන්ත වේවා.
ජීවාත්මයකට කොපමණ
අඩුපාඩු තිබුණත්, එම ජීවාත්මයේ සංස්කාර කෙතරම් දැඩි වුවත්, ඔහුට කිසිදු ප්‍රඥාවක්
නොමැති වුවද සහ නිරන්තරයෙන් අන් අයට අපහාස කළත්, දයාවන්තව ලෝකයට යහපත සළසන දරුවන්
වන ඔබ සියලු ජීවාත්ම සමග නීතිගරුකව සහ සෙනෙහසින් පිරිපුන්ව සිටිනු ඇත. යමෙකුට වෙනස්
විය හැකිද නැද්ද යන්න හෝ යමෙකු සැමවිටම එසේද යන්න හෝ යමෙකුට කිසිවක් කළ නොහැකිද
යන්න පිළිබඳව ඔබට කිසි විටෙකත් සැකයක් ඇති නොවේ. "සියල්ලට මා පමණයි, ඒ තැනැත්තා
නිකම් නිකමෙක්." මේ ආකාරයේ අහංකාරය සහ ඔබේ සැක පසෙකලා, දුර්වලතා සහ අඩුපාඩු හඳුනා
ගනිමින්, සමාව දීමට සහ දයාවන්ත වීමට හැකි ඔය දරුවන් ලෝකයට යහපත සැළසීමේ සේවය කිරීමේ
දී සාර්ථක වනු ඇත.
පාඨය:
බ්‍රහ්මින්වරුන්ගේ ශරීරයේ, මනසේ සහ ධනයේ සහයෝගය ඇති තැන, සාර්ථකත්වය ඔබ සමඟයි.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
ජීවාත්ම, ඔබගේ ජීව
අවධාන ස්වරූපය අත්දුටුව විට, ඔවුන් පියාට ආකර්ෂණය වී, ‘ඔහෝ ප්‍රභූ’ (අහෝ දෙවියණේ)
යන ගීත ගායනා කර, ශරීර අවධානයෙන් තමන්ව පහසුවෙන් පුද කරයි. ඔහෝ ඔබගේ භාග්‍යය! ඔහෝ
මගේ භාග්‍යය! මෙම භාග්‍යය අත්විදීම නිසා ඔවුන් ශරීරය සහ ශාරීරික නෑදෑයින් පිළිබද
අවධානය අත්හරීවි.