05.07.25    Avyakt Bapdada      Sinhala Murli     15.12.2010    Om Shanti    Madhuban


“මගේ” “ඔබගේ” බවට පරිවර්ථනය කර සැහැල්ලු අධිරාජයෙක් වන්න.
සියලු නිෂ්ඵලත්වයට තත්පරයකදී නැවතීමේ තිතක් තැබීමට සහ
ඔබගේ සියලුම සිතිවිලි සහ කාලය වටිනා ලෙස භාවිතා කිරීමට පුහුණු වන්න.


අද දින, සැහැල්ලු අධිරාජවරුන් වන, සෑම තැනකම සිටින ඔහුගේ දරුවන් දෙස බාප්දාදා බලනවා. සැහැල්ලු අධිරාජවරුන්ගේ එවන් සමූහයක් දිස් වන්නේ දැන් පමණයි, මන්ද, ඔබගේ කණස්සලු ඉවත් කර, සැහැල්ලු අධිරාජවරුන් බවට පරම පියා ඔබව පත් කරන්නේ දැන් පමණයි, මේ නිසයි ඔබගේ මෙම සමූහය මෙකල පමණක් දකින්නට ලැබෙන්නේ. ඔබ උදෑසන අවදි වන වෙලාවේ සිට ඔබ ස්ථාවර මනෝ ස්ථිතියක රැඳී සිටියි. ආහාර පාන ගන්න විට සහ සෑම දෙයක්ම සිදු කරන අතර ඔබට කණස්සලු නොමැත. ඔබ නිදන්නේ සැහැල්ලුවෙන්. ඔබ අධිරාජයෙක්, ඒ තිබියදි ඔබ සැහැල්ලුවෙන් සිටියි: ඔබ අවදි වන විට සහ නින්දට යන විට, මෙය අත්විඳිනවාද? ඔබ සියලු දෙනාම ඔබගේ කණස්සලු පරම පියාට භාර දී, මෙම ආධ්‍යාත්මික කුල්මත් බව ලබාගෙන තිබෙනවා, ඔබ සැහැල්ලු අධිරාජවරු වී ඇත්තේ මේ නිසයි. ඔබ ගමන් කරන අතර ඔබට යම් කණස්සල්ලක් ඇත්නම්, එවිට එම කණස්සල්ල ඔබව කවුරු බවටද පත් කරවන්නේ? ඔබට මෙම ආධ්‍යාත්මික කුල්මත් බව තිබෙන විට, ඔබගේ නළලේ ආලෝකයේ දීප්තිය දිස්වෙයි. යම් කණස්සල්ලක් ඇත්නම්, බර කූඩයක් එහි මතුවෙයි. එබැවින් කතා කරන්න: ඔබ ප්‍රිය කරන්නේ මෙම ආලෝකයේ දීප්තියටද නැත්නම් බර කූඩයකටද? ඔය සැහැල්ලු අධිරාජවරු තමන්ට සෙනෙහස දක්වන අතර ඔබ එවන් ස්ථිතියක පියාසර කරන විට, ඔබගේ දිදුලන ආලෝක දකින අන් අය තුළ ඔබ කෙරෙහි බොහෝ සෙනෙහස ඇති වෙයි. මේ නිසයි බාප්දාදා ඔය දරුවන්ට නිරන්තරයෙන් සැහැල්ලු අධිරාජවරුන්ගේ අවධානයේ ස්ථාවරව රැඳී සිටීමට මඟ පාදන්නේ. මේ නිසයි ඔබගේ බැතිමතුන් ඔබගේ ප්‍රතිමා ද්විත්ව කිරුළු සහිතව පෙන්වන්නේ. එකක් ආලෝක කිරුළක් වන අතර අනෙක ඔබගේ අවගුණ පරාජය කර ඔබ හිමි කරගත් ජයග්‍රහණයේ ආධිපත්‍යයි. ඔවුන් ද්විත්ව කිරුළු පෙන්වයි, මේ නිසයි බාප්දාදා සෑම විටම ඔය සියලුම දරුවන්ට මෙම ඉගැන්වීම් ලබා දෙන්නේ: නිරන්තරයෙන් සතුටින් රැඳී සිටීම ඉතා පහසුයි. පහසු වන්නේ කුමක්ද? ‘මගේ’ යන සියලු සීමිත අවධානයන්, පරම පියාට සරළව භාර කරන්න. ඔබ “මගේ, “ඔබගේ” බවට පරිවර්ථනය කළ විට, ඔබ සැහැල්ලු අධිරාජවරු වනවා. එක අකුරක වෙනසක් පමණයි තිබෙන්නේ: (තේ)රා (ඔබගේ) සහ (මේ)රා (මගේ). මෙම එක අකුරක වෙනසින් ඔබ සැහැල්ලු අධිරාජවරු වනවා. මෙය පහසුයි නේද? ඔබ සැහැල්ලු අධිරාජවරු වෙලා නේද? එසේ නැත්නම් ඔබට තවමත් කණස්සලු ටිකක් තිබෙනවාද? ආධ්‍යාත්මික කුල්මත් බව වෙනුවට ඔබට ඕනෑම විටෙක කණස්සල්ලක් ඇත්නම්, එම වෙනසට හේතුව වන්නේ “ඔබගේ” වන සියල්ල “මගේ” කියා පිළිගැනීමයි. ඉතිං ඔබ සියලු දෙනා ප්‍රායෝගිකව පෙන්වා ඇත්තේ කුමක්ද? ඔබගේ සියලු කණස්සලු ඔබ භාර දුන්නාද? නැත්නම් ඔබ විටින් විට ඔබගේ ආධ්‍යාත්මික කුල්මත් බව අතහැර කණස්සල්ලට පත් වනවාද? ඔබට කණස්සලු කිසිවක් තිබෙනවාද, නැත්නම් ඔබ නිරන්තරයෙන් සැහැල්ලුවෙන් සිටිනවාද? නිරන්තරයෙන් සැහැල්ලු අධිරාජවරු ලෙස රැඳී සිටින අය අත් ඔසවන්න! සැහැල්ලු අධිරාජවරු, ඔබට නිසැකද? නැත්නම් විටෙක පමණයිද? සැහැල්ලු අධිරාජවරු ඔබගේ අත් ඉහළට ඔසවන්න! ඇතැම් විට පමණක් මෙය වන අයත්! සේවය ගැන කණස්සලු වීම වෙනම දෙයක්; එම කණස්සල්ල වෙන අයව සැහැල්ලු කිරීමට මගක්. ඔබට කණස්සල්ලේ සංස්කාර තිබෙනවා නම්, එවිට, ඒ වෙලාවේ, එම ‘මගේ’, ‘ඔබගේ’ බවට වෙනස් කරන්න. ඔබගේ කණස්සලු පරම පියාට භාර දී, මෙම ආධ්‍යාත්මික කුල්මත් බව අරගන්න, මන්ද, පියා ඇවිත් සිටින්නේ දරුවන්ගේ කණස්සලු ඉවතට ගෙන ඔවුන්ට කුල්මත් බව ලබා දීමටයි. එබැවින් ඔබගේ ඇතුලාන්තය පරීක්ෂා කරන්න: මා ඇතැම් විටෙක දීර්ඝ කාලයක සංස්කාර වලට නැවත මතු වීමට ඉඩ දෙනවාද? මෙයට හේතුව, ටික කාලයක සිට, බාප්දාදා ඔය දරුවන්ට පවසමින් හිඳ ඇත්තේ, වත්මන් කාලයට අනුව ඕනෑම දෙයක් සිදුවිය හැක; ඕනෑම විටෙක එය සිදුවිය හැක, මේ නිසයි ඔය සෑම දරුවෙක්ම තමන් වෙත අවධානය යොමු කළ යුත්තේ: මට අවශ්‍ය වෙලාවකදී තත්පරයකදි නැවතීමේ තිතක් තැබිය හැකිද? නිදසුනක් ලෙස, ඔබට නිෂ්ඵල සිතිවිලි ඇති වන විට ඔබට නැවතීමේ තිතක් තැබීමෙන් තත්පරයකදි එම නිෂ්ඵලත්වය අවසන් කළ හැකිද? ඔබට එවන් පුහුණුවක් තිබෙනවාද? එසේ නැත්නම්, ඒ වෙලාවේ, අවස්ථාවට අනුව, එම නිෂ්ඵලත්වය අවසන් කිරීමට ඔබට උත්සාහ දැරීමට අවශ්‍ය වනවාද? ඔබ නැවතීමේ තිතක් තැබීමට තැත් කරන නමුත් ඒ වෙනුවට ඔබ ප්‍රශ්නාර්ථ ලක්ණක් තබයි. ඒ වෙලාවේ ඔබ දිගින් දිගටම මෙසේ සිතන්නේ නම්: “ඇයි?”, “මොකක්ද?” හෝ “කොහොමද?”, එවිට පරම පියා සමග ආපසු යාමට ඔබට ඇති අරමුණ: පියා තත්පරයකදී ආපසු යයි. ඔහු තිතක් වන අතර තත්පරයක්ද තිතකි, එමෙන්ම නැවතීමේ තිතක්ද තිතකි. ඔබට එවන් පුහුණුවක් තිබෙනවාද? ඔබ දැන් සිටම මෙය පුහුණු වන්නේ නම්, එවිට පියා හා සමානව, ඔබගේ අත, පරම පියාගේ ශ්‍රීමත් යන හස්තය තුළට දැමීමෙන්, ඔබට ආපසු නිවහනට යාමට හැකි වෙයි. මේ නිසයි බාප්දාදා මින් පෙරත් ඔබට කාරණා දෙකකට අවධානය යොමු කිරීම වැදගත් බව සලකන්න, කියා පවසා තිබෙන්නේ. එම කරුණු දෙක මොනවාද?

එකක් සිතිවිලි සම්පත වන අතර අනෙක කාලයේ සම්පතයි. ඔබට බොහෝ සම්පත් ලැබී තිබෙනවා: දැනුමේ සම්පත, බලයන්ගේ සම්පත එමෙන්ම යෝගාවෙන් අංග සම්පූර්ණ වීමට ඔබට ප්‍රධාන ක්‍රමවේද සියල්ලම ලැබී තිබෙනවා. සංගම යුගයේ මෙම කාලය, මුළු කල්පයෙන්ම වඩාත්ම විශේෂ සහ මිල කළ නොහැකි කාලය බැවින් ඔබට මෙකල ඔබට අවශ්‍ය තරම් ලැබීම් අත්කර ගත හැක, මන්ද, මෙම එක උපත බොහෝ ශ්‍රේෂ්ඨ උපතක් නිසා. මෙම එක උපතෙදි බොහෝ උපත් ගණනාවකට ඔබගේ උරුමය ඔබ නිර්මාණය කරගත යුතුයි. සංගම යුගයේ එක තත්පරයක්වත් ඔබ අපතේ නොහැරිය යුතුයි. එක තත්පරයක් බොහෝ උපත් ගණනාවක් සමග සම්බන්ධයි. එක වසරක රැස් කරගැනීම, වසර බොහොමයක ලැබීම් වලට සමානයි. එබැවින් මෙම කාලයේ වටිනාකම තත්පර හෝ විනාඩි වලින් පමණක් නොවෙයි, නමුත් පැයක් එයටත් වඩා උසස්ය. තත්පරයක් පවා ශ්‍රේෂ්ඨයි; එමෙන්ම සංගම යුගයේ මෙම උපතේ ප්‍රධාන පදනම වන්නේ සිතිවිලිය. බලන්න, ඔබ යෝගාවේ සිටින විට පවසන්නේ; ‘මන්මනභාව්’, එමෙන්ම ඔබගේ අත්තිවාරමට පදනම මෙයයි. ඔබගේ මනසේ කාර්යය වන්නේ සිතිවිලි ඇති කිරීම වන අතර ඔබ ස්මරණ වන්දනාව අත්දකින්නේ ඔබගේ සිතිවිලි වලින් පමණයි. ඔබ එකිනෙකාට විවිධ සිතිවිලි ලබා දීමෙන් ඔබ විශේෂයෙන් අන් අය ලවා මෙය පුහුණු කරවනවා, එහෙම නේද? එබැවින් සෑම දෙයක්ම පරීක්ෂා කරන්න. ගමන් කරමින් සෑම දෙයක්ම සිදු කරන අතර සහ අන් අය සමග සබඳතා පවත්වන අතර ඔබගේ වටිනා කාලය දවස පුරාම වටිනා ලෙස භාවිතා කළාද? මෙම කාලය මිල කළ නොහැකි නිසා සිතිවිලි ඔබව සර්ව බලධාරීන් බවට පත් කරවයි.

බාප්දාදා ඔබට නැවත නැවතත් පවසන්නේ: ඕ, බාප්දාදාගේ ආදරණීය දරුවනේ, මගේ හදවත තුළ ජීවත් වන දරුවනේ, දැන් ඔබගේ නිෂ්ඵලත්වයේ ගිණුම අවසන් කරන්න. සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්න. සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීම යනු සාර්ථක වීමයි. ගෙවී ගියේ එක තත්පරයක් පමණක් කියා නොසිතන්න. සෑම තත්පරයක් සහ සෑම සිතිවිල්ලක්ම වටිනා ලෙස භාවිතා කරන අන්දමට ඔබ අනිවාර්යෙන් තමන් වෙතට අවධානය යොමු කළ යුතුයි. නැවතීමේ තිතක් තැබීමට මේ ප්‍රමාණයට තමන්ව පරීක්ෂා කරන්න. නොසැලකිලිමත් නොවන්න. ‘බාප්දාදා මේ දේ පැවසූ නමුත් මට එය වැටහුනේ නැහැ. ඒ වෙලාවේ මා ඒ ගැන සිතුවේ නැහැ.’ මේ කාලය ඉතාම වේගයෙන් ගෙවී යන අතර එය ගෙවී යයි. බාප්දාදා දැන් පතන්නේ ඔබ සියලු දෙනාගෙන් නොසැලකිල්ල ඉවත් කිරීමටයි. කණට මෙසේ ඇසීම බාප්දාදාට අවශ්‍ය වන්නේ නැහැ: ‘මට වැටහුනේ නැහැ’, හෝ ‘මා සිතුවේ නැහැ’. දැන් නව වසර පැමිණීමට යනවා. එබැවින් නව වසර ආරම්භ වීමට පෙර, බ්‍රහ්මින් ලෝකයේ නොසැලකිල්ල මෙන්ම කම්මැලිකම අවසන් කරන්න. කම්මැලිකමේ විවිධ ආකාර තිබෙනවා. දැන් මේ වසරේ තවමත් ඉතිරිව ඇති කාලය තුළ මෙය පුහුණු කිරීම ආරම්භ කරන්න, ඉන්පසුව නව වසර ආරම්භ වූ විට, එඩිතරකම ඇතිව මෙම සිතිවිල්ල බාප්දාදා ඉදිරියේ තබා එයට සමුදෙන්න. වසර සමගම එයටත් සමු දෙන්න. ඔබට මෙය ලබා දිය හැකිද? ඔබට එය දීමට හැකිද? එයට සමු දිය හැකි අය අත් ඔසවන්න! (සියලු දෙනාම අත් එසවූහ) අපූරුයි දරුවනේ! අපූරුයි! අත් එසවීමෙන් ඔබ බාප්දාදාව බොහෝ සතුටු කළා. ඔවුන් අත් එසවූ යමක් වෙනුවෙන් බොහෝ දරුවන්ට ප්‍රතිලාභයක් ලබා දීමට මතක් වන බව බාප්දාදා දැක තිබෙනවා, නමුත් සමහරු මෙය මතකයට නැඟීමේදී නොසැලකිලිමත් වනවා. ඔබ බාප්දාදා සමග ඉතා හොඳ හදවතට සමීප කතාබස් වල යෙදෙනවා: ‘එය සිදුවෙයි. බාබා ඔබ ටිකක් බලන්න: එය මේ දැන්ම සිදුවෙයි. එය දැන් සිදුවෙයි’. නොසැලකිලිමත් දරුවන්ගෙන් ඔහුට මෙය ඇසෙන විට බාප්දාදා මඳ සිනහවක් නඟයි. ඔහු වෙන කුමක් කරන්නද? එය හොඳයි. ඔබ එය කිරීමට යන බව, ඔබ එය කරන බව සිතයි - බොහෝ දෙනෙක් මෙසේ සිතයි, නමුත් ඔවුන් එය සිදු කරන්නේද නැද්ද, පිළිබඳව තමන්ව පරීක්ෂා කිරීම ගැන කිව හැක්කේ කුමක්ද? ඔවුන් නොසැලකිලිමත් වෙයි.

අද දින, ඔබගේ රටවල් වල සහ ඔබගේ ස්ථාන වල සිටින ඔය සියලු දෙනාට සෑම දෙයක්ම ඉතා පැහැදිලිව දැකීමට සහ සවන් දීමට හැකි බව බාප්දාදා දුටුවා. ඔහු ඉදිරියට පෞද්ගලිකව පැමිණෙන ඔය දරුවන්ට මෙන්ම තම තමන්ගේ ස්ථාන වල සිට සවන් දෙන සහ නරඹන දරුවන්ටත් බාප්දාදා පවසන්නේ: දැන් ඔබගේ උත්සාහය වැදගත් බව සලකන්න, සංගම යුගයේ ඔබගේ සිතිවිලි සහ කාලය. සෙනෙහස යන විෂයයෙන්, ඔය දරුවන්ගෙන් බහුතරයක් සමත් වී ඇත. සෙනෙහසේ පදනමට අනුව ඔබ සියලු දෙනාම හොඳින් ප්‍රගතියක් ලබනවා. සෙනෙහස නිසා, පරම පියාගේ සෙනෙහසට ප්‍රතිචාරයක් බාබාට ලැබෙන නිසා, ඔබ ඉදිරියට ගමන් කරනවා, නමුත් ඔබ සෙනෙහස අතින් අත්දැකීම් ලබා ඇති සේම, ඔබ සිහි කිරීමේ විෂයට සහ බොහෝ උපත් ගණනාවක ඔබගේ පාපයන් විනාශ කිරීමටත් ඔබ අතිරික්ත අවධානයක් යොමු කළ යුතු බව පියාට හැඟී යනවා. ඇයි? ඔබ පරම පියා සමග ආපසු යන්නේ ඔබගේ පාපයන් විනාශ වූ විට පමණයි. එසේ නැත්නම් ඔබ ඔහුගේ පසුපසින් යයි. ආදරණීය ප්‍රතිචාරයක් වන්නේ, ඒකායන කෙනා ඔබට කරන්නට කියා පවසන දේ, ඔබ අනිවාර්යෙන් කිරීමයි, කියා පියාට හැඟෙයි. ඔය දරුවන් පියාට සෙනෙහස දක්වන බැවින්, ඔහුගේ ආශාව වන්නේ අප එකට රැඳී සිටිය යුතු බවයි. ඔබ බ්‍රහ්ම පියා සමග ඔබගේ රාජධානියට පැමිණියා. රාජධානියට පැමිණීම යනු, රාජකීය පවුලේ කොටසක් වීමය. ඔබ සිංහාසනයේ අසුන් නොගන්නවා විය හැක, ඔබ අඩු තරමින් රාජකීය පවුලේ සාමාජිකයන්ගේ සහකරුවන් බවට පත් වනවා. මෙය හඳුනාගන්නේ කෙසේද කියා බාප්දාදා ඔබට දැනටමත් මින් පෙර කියා තිබේ. ඔබ පැමිණි කාලයේ සිට, ඔබ මේ දැනුමේ කෙතරම් වසර ගණනාවක් වුවද, එම කාලයේ සිට ඔබ සෑම විටම බාප්දාදාගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටියා නම්, එවිට දීර්ඝ කාලයක් ඔහුගේ හදවත් සිහසුන මත අසුන්ගෙන සිටි අයට, ඔවුන්ගේ දෙපා දුහුවිලි මත නොතැබූ අයට, එයට අනුව, ඔවුන් රාජකීය පවුල සමග සමීප සම්බන්ධතාවයකට පැමිණෙයි. ඔවුන් රාජකීය පවුලේ කොටසක් වෙයි. ඔබ තුළ සෙනෙහස තිබෙනවා, එමෙන්ම සෙනෙහස ඇති අය, සෙනෙහසේ වගකීම ඉටු නොකර සිටින්නේ නැහැ. හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින අය, තඹ සහ කලි යුග වලදීද යම් සබැඳියාවක සිටියි. ඔවුන් සමීපව රැඳී සිටියි. මේ නිසයි, සෙනෙහසේ වගකීම ඉටු කරමින් සිටින අය, නිරන්තරයෙන් හදවත් සිහසුනේ අසුන්ගෙන සිට, උපතින් උපතට ඔවුන්ගේ අයිතිය හිමි කරගන්නේ. මේ නිසයි බාබා තුළ සෑම දරුවෙක් කෙරෙහිම සෙනෙහස තිබෙන්නේ. මෙම විෂයෙන් සමත් වීමේ සහතිකයක් බාබා ඔබගෙන් බහුතරයකට ලබා දී තිබෙනවා. ඔබ දැන් අනිවාර්යෙන් සියලුම විෂයයන්ගෙන් සමත් විය යුතුයි. ඔබ සමත් වී, සමීපව (පාස්) රැඳී සිටිය යුතුයි. අච්චා.

ප්‍රථම වතාවට පැමිණි දරුවන් නැගිටින්න! ප්‍රථම වතාවට පැමිණි අය. පංතියෙන් භාගයක්ම අළුත්. පැමිණි අයව බාබා සාදරයෙන් පිළිගන්නවා. සුබ පැතුම්. මෙහි පැමිණීම වෙනුවෙන් සුබ පැතුම්. ප්‍රථම වතාවට මෙහි පැමිණීම වෙනුවෙන් සුබ පැතුම්. ඔබ පමා වී පැමිණි නමුත්, එය ප්‍රමාද වැඩියි, වීමට පෙර ඔබ ඇවිත්. දැන් කෙටි කාලයකදී තීව්‍ර උත්සාහ දරන්නන් වීමට අවධානය යොමු කර, ඔබට අවශ්‍ය තරම් අනාගතය නිර්මාණය කරගන්න. ඔබගේ තීව්‍ර උත්සාහයෙන් ඔබට ඉදිරියට ගමන් කළ හැක, මන්ද, දැන් වුවද උත්සාහ දැරීමට ඉඩක් තිබේ. ඔබට අවශ්‍ය තරම් ඉදිරියට ගමන් කළ හැක. ඔබට ඔවුන් සමග ඉදිරියට ගමන් කිරීමට උපකාර කිරීම සඳහා, බාප්දාදා සහ මෙම දිව්‍යමය පවුලේ අය ඔබට චිත්ත තරංග ලබා දෙයි. එබැවින් ඉදිරියට ගමන් කරන්න! එඩිතර වන්න! ඔබගේ එඩිතරකමින් සහ බාප්දාදා සහ පවුලේ අයගේ උපකාරයෙන් ඉදිරියට ගමන් කරන්න! එය හොඳද? ඔව් කියන්න! ඉදිරියට යන්න! අච්චා.

මධුබන් වාසීන්: මධුබන් වල අය වාසනාවන්තයි. සමූහය ටිකක් ශක්තිමත් කර ඔබගේ සහකරුවන් නිර්මාණය කරගන්න. වෙනත් කිසි දේකට සහකරුවන් සාදාගන්න එපා. මධුබන් වල අය මේ සඳහා එකිනෙකාව සහකරුවන් බවට පත් කර, ප්‍රථම අංකය හිමි කරගත යුතුයි. ඔබ එය හිමි කරගන්නවාද? අතීතය, අතීතයේම තිබුනාදෙන්. සිදුවූ සියලු දේ ගැන සියල්ලන්ට අසන්නට සහ දක්නින ලැබුණා. එමෙන්ම මධුබන් වල අයට විශාල ස්වර්ණමය අවස්ථාවක් තිබෙනවා. සියලු දෙනාම මධුබන් වලට ඇතුලත්ය. මධුබන් වල අය - මින් අදහස් වන්නේ පාණ්ඩව භවන් වල අය වෙනත් ස්ථානයක අයගෙන් වෙන්ව සිටින බව නොවෙයි, නැහැ. මධුබන් යනු සියලු දෙනාම එක්සත් බවයි. ඉතිං මධුබන් වල අය, එය කරන බව සිතනවාද? මෙය කරන අය අත් ඔසවන්න! සියලු දෙනාම අත් එසවූහ. ඔබගෙන් සමහරු සිතනවා ඔබ මෙය කළ යුතු බව සහ එය මහ ලොකු දෙයක් නොවන බව, මන්ද ඔබට බාප්දාදා සහ දාදීන් සිටින නිසා එය ලොකු දෙයක් නොවෙයි. ඔය දාදීන් සිතන්නේ කුමක්ද? මධුබන් වල අය අංක එකය. එය හොඳයි. සියලු දෙනාටම මෙය සිදු කර, එය සියලු දෙනාට පෙන්වන්න කියා බාප්දාදා ඔබට පවසා තිබේ. කෙසේවෙතත්, මධුබන් යනු මධුබන්ය. සියලු දෙනාම මෙයට චිත්ත තරංග ලබා දෙන්න, එවිට එය සිදුවෙයි. එය මහ ලොකු දෙයක් නොවෙයි. බාධක වල නමක් හෝ සලකුණක් නොතිබිය යුතුයි. හොඳයි යම් දෙයක් සිදු වී, කතා හුවමාරුවක් සිදුවන්නට ඇති, නමුත් එය අවසන් වී ඇත. ටික කාලයකට පෙර, දාදී මෙහි සිටි විට, සියලු දෙනාම ‘හා ජී” යන පාඩම ස්ථිර කරගෙන තිබුණා. කිසි කෙනෙක් ‘බැහැ’ නොකී අතර ‘හා ජී” කීහ. ඉතා හොඳයි. මධුබන් ප්‍රථම අංකයට පැමිණෙයි. බාප්දාදාට මධුබන් වල කුල්මත් බව තිබේ. ඔහුට සෑම කලාපයක් ගැනම කුල්මත් බවක් තිබේ. මධුබන් දැන් බාබා ඉදිරියේ සිටියි, නමුත් බාබා පවසන්නේ සියලුම කලාප වල අයටයි. හා ජී. මිහිරි ජීවාත්මයනේ, මෙම පාඩම සියලු දෙනාට ස්ථිරයිද? එය ස්ථිරද? මධුබන් මෙම තෑග්ග හිමි කරගත යුතුයි. ඔබට තත්පරයකදි අතීතය, අතීතය බවට පත් කළ හැක. හොඳයි, ඔබ උත්සාහ දරන්නන් වන අතර යම් දෙයක් සිදුවිය, නමුත් දැන් අතීතය අතීතයේම තබා පියාසර කරන්න. පියාසර කරන අය, අතීතය අත්හළ යුතුයි, ඔවුන්ට පියාසර කිරීමට හැකි වන්නේ එවිට පමණයි. එබැවින් ඉතා හොඳයි.

දැන් ගුජරාත් යම් අළුත් දෙයක් කළ යුතුයි. දිල්ලි වල අයටත් යම් අළුත් දෙයක් කිරීමට කියා බාප්දාදා පවසා තිබෙනවා. මේ දේශයේ සහ විදේශයන්හි තරුණයන්, යම් දෙයක් අරඹා ඇති බවත් එයින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකි බවට පුවත බාප්දාදාට ලැබී ඇත. මෙම නව නැපැයුම ආරම්භ වුණා පමණයි, නමුත් භාරතයට සහ විදෙස් රටවලට එකට ආශ්චර්ය සිදුකළ හැක. ඔබ මේ දැන් ආරම්භ කළා පමණක් වන අතර දිල්ලියේ අය හොඳින් ඔවුන්ගේ එඩිතරකම පවත්වාගෙන තිබෙනවා. ඔබ ආරම්භ කර ඇති අතර මෙය ලෝකය පුරාම පැතිරී යන්නේ නම්, එවිට විදේශයන් සහ භාරතය ලෝකය ඉදිරියේ එක බ්‍රහ්මින් පවුලක් බවට පත් වී, ලෝකය එක්සත් කරයි. එය දැනටමත් ආරම්භ වී තිබේ. කෙසේවෙතත්, දැන් ප්‍රධාන රටවලින් මිනිසුන් පැමිණෙන විශාල වැඩසටහනක් පවත්වන්න, එවිට සියලු දෙනාම සහෝදර සහෝදරියන් බව, එක පියාගේ දරුවන් බව, සෑම තැනකම සුපතල වෙයි. සහෝදරත්වයේ සහ සහෝදරීයත්වයේ හඬ නොකඩවා පතුරුවන්න. එක වේදිකාවක් මත විවිධ ස්ථාන වල සියලුම මිනිසුන්ට විශේෂ අත්දැකීමක් ලබා දෙන්න. ඔබ සියලු දෙනාම මෙයට සැලසුම් සාදනවා. ඔබ දැන් අසීමිතභාවය තුළට යනවා. මෙය පරමාත්ම දෙවියන්ගේ පවුල බව සියලු දෙනාම දැන ගත යුතුයි. මෙය ප්‍රසිද්ධ කරන්න. පැමිණෙන සියලු දෙනාම සේවය සිදු කරනවා. ඔබ තම තමන්ගේ උත්සාහයන් සිදු කරන අතර මෙම දේවමය කාර්යයත් කරනවා. මෙයත් ලෝකයේ ප්‍රසිද්ධ වෙයි. එය එක පවුලකි. අච්චා.

බාප්දාදා දැන් සෑම තැනකම ඔය සියලුම දරුවන්ට සුබ පතනවා. සෑම දිනකම, සෑම පැයකම ඉදිරියට ගමන් කිරීම වෙනුවෙන් සුබ පැතුම්. කාලය ඔබ වෙනුවෙන් බලා සිටිනවා. ඔබ කාලය තෙක් බලා නොසිටිය යුතුයි. ඔබට සමාප්තියේ කාලය, ඔබට අවශ්‍ය තරම් සමීපයට ගෙන ආ හැක. කාලය පැමිණි විට ඔබ සූදානම් වන බව, ඔය බ්‍රහ්මින්වරු නොසිතිය යුතුයි. ඔබ එම කාලය සමීපයට ගෙන ආ යුතුයි. කාලය පරම පියාට පවසන්නේ : “බ්‍රහ්මින් ජීවාත්ම, මා වන කාලය, දැන් සමීපයට ගෙන ආ යුතුයි.” පදාර්ථද පරම පියාට පවසන්නේ: “දැන් සමාප්තිය සමීපයට ගෙන එන්න.” ඉතිං බාප්දාදා ලබා දිය යුතු ප්‍රතිචාරය කුමක්ද? ඔහු කුමන පිළිතුරක්ද ලබා දිය යුත්තේ? ඔහු මෙසේ පැවසිය යුතුද : කාලය දැන් බොහෝ ආසන්නයට ඇවිත්. ඔබ වෙනුවෙන් ඔහු මෙම පිළිතුර ලබා දිය යුතුද? ඔහු ලබා දිය යුතු පිළිතුර කුමක්ද? කතා කරන්න! ඔහු පිළිතුරු දිය යුත්තේ කෙසේද? දැන් සමාප්තිය සමීපයට ගෙන එන්න, එනම්, ඔබව අංගසම්පූර්ණ සහ පරිසමාප්ත කරගන්න, මන්ද, බාප්දාදා තනිව ආපසු යන්නේ නැහැ; ඔහු ආපසු යන්නේ ඔය දරුවන් සමගයි. එබැවින් දිනයක් නියම කරන්න! කවදා වන විටද? ඔබට යම් වැඩ කොටසක් ලබා දී ඇති අතර එබැවින් දැන් ඔබ අතරේ එය සාකච්ඡා කරන්න. බාප්දාදා පදාර්ථයන්ට ලබා දිය යුතු පිළිතුර කුමක්ද? පදාර්ථ සිටින්නේ බොහෝ අසහනයෙන්. දුකට පත් ජීවාත්ම ඔවුන්ගේ මනසින් විලාප දෙනවා. දැන් ඔබගේ මනසින් සේවය වැඩි කරන්න. මනසින් සේවය කරන නමුත් දැන් එය තව අඛණ්ඩව වැඩි කරන්න. එය දැන් තව වැඩි කරන්න, මන්ද පදාර්ථ සහ දුකින් සිටින ජීවාත්ම පරම පියා වෙතට පැමිණ අසරණ බවින් හඬා වැටෙනවා. එබැවින් ඔබ ඔවුන්ට සාමයේ සහ සතුටේ අත්දැකීමක් ලබා දිය යුතුයි. ඔවුන්ට එක තත්පරයක සාමය අවශ්‍යයි: ‘අපට සාමය ටිකක් දෙන්න!’ කෙනෙක් බඩගින්නේ සිටින විට, ඔහුට යමක් අවශ්‍යයි, සුළු වශයෙන් වුවද, එබැවින් ඔබගේ මනසින් කරන සේවය දැන් වැඩි කරන්න. ඔබ වචන වලින් සේවය කරන අතර බාප්දාදා ඉන් සතුටු වනවා. අච්චා. බාප්දාදා ඔබට ලබා දී ඇති ඔබගේ ගෙදරවැඩ මතකයේ තබාගෙන අන් අයටත් එය මතක් කර දෙන්න. අච්චා.

ඔහුගේ හදවත් සිහසුනේ අසුන්ගෙන සිටින බාප්දාදාගේ දරුවන්ට, ලෝකයට යහපත ගෙන ඒමේ කාර්යයේ නිරන්තරයෙන් ඉදිරියට ගමන් කරන දරුවන්ට, ද්‍රිෂ්ඨි ලබා දෙනවාට අමතරව, බාප්දාදා ඔහුගේ හදවතින් ඔබට සෙනෙහස ලබා දී ඔබට සුබ පතනවා. සුබ පැතුම්. දුර අසුන්ගෙන සිටින අතර, සෑම දරුවෙක්ම පෞද්ගලිකවම බාබා ඉදිරියේ අසුන් ගෙන සිටීම අත්දකිනවා, එමෙන්ම සියලුම දරුවන්ව ඔහුගේ හදවතේ මුසු කරගනිමින් බාප්දාදා පවසන්නේ: නමස්තේ, නමස්තේ.

වරදානය:
සෙනෙහස සහ බලයේ සමබරතාවයේ ප්‍රතිරුවක් ලෙස සේවය කිරීමෙන්, ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ඔබට නිරන්තරයෙන් එක් ඇසක පරම පියා කෙරෙහි සෙනෙහස තිබෙන අතර අනෙක් ඇසේ පරම පියා විසින් ඔබට ලබා දුන් වගකීමේ (සේවයේ) අවධානය තිබේ. ඒ අන්දමින්ම, සෙනෙහසේ ප්‍රතිරුවක් වනවාට අමතරව දැන් බලයේ ප්‍රතිරුවක්ද වන්න. සෙනෙහසට අමතරව ඔබට ඕනෑම කෙනෙකුගේ හදවත පසාරු කිරීමට හැකි වන අයුරින් ඔබගේ වචන එතරම් බලයකින් පුරවන්න. අවශ්‍ය වචන යොදා ගනිමින් මවක් ඇගේ දරුවාට උගන්වයි, නමුත් සෙනෙහස නිසා, එම වදන් සැර හෝ කටුක බව නොදැනෙයි. ඒ ආකාරයෙන්ම, සියලු දෙනාටම මෙම සත්‍ය දැනුම පැහැදිලි වචන වලින් කියන්න, නමුත් ඔබ සාර්ථකත්වයේ ප්‍රතිරුවක් වන අන්දමට ඔබගේ වදන් බොහෝ සෙනෙහසකින් පිරී තිබිය යුතුයි.

පාඨය:
සර්ව බලධාරි පියාව ඔබගේ සහකරු කරගන්න, එවිට ඔබ පසුතැවිලි වීමට සිදුවීමෙන් නිදහස් වෙයි.

අව්‍යක්ත සංඥාව: ගිණි කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණය අත්දකින්න.

සූර්යයාගේ කිරණ සෑම තැනකම විහිදී යන සේ, මාස්ටර් සර්ව බලධාරියෙකුගේ ස්ථිතියෙන්, සෑම තැනකම බල සහ විශේෂතා වල කිරණ විහිදීම අත්විඳින්න. මේ සඳහා මෙම ස්ව-අභිමන් අවධාන ආසනයේ තමන්ව ස්ථාවර කරගන්න: ‘මම මාස්ටර් සර්ව බලධාරියෙක් වන ජීවාත්මයක්මි, මම බාධක විනාශ කරන්නෙක්මි.’ ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් විය යුතුයි, එවිට කිසිම බාධකයකට ඔබ ඉදිරියට පැමිණීමට නොහැකි වෙයි.