05.08.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරමාත්ම පියා පැමිණ සිටින්නේ මෙම ගණිකා නිවාසය ශිව දේවාලයක් බවට පත් කර
වීමටයි. ගණිකා වෘත්තියේ නියැලින්නියකට වුවත් මෙම පණිවිඩය දී ඇයට යහපතක් සැලසීම ඔබගේ
රාජකාරියයි.
ප්රශ්නය:
තමාට මහත්
පාඩුවක් ඇතිකර ගන්නේ කුමන දරුවන්ද?
පිළිතුර:
කුමන හේතුවක් හෝ නිසා මුරලිය අතපසු කරන්නන් තමාට පාඩු සිදු ගනිති. ඇතැම් දරුවන්
එකිනෙකා සමඟ අමනාප වි පන්තියට පැමිණීම නතර කරනවා. ඔවුන් කුමන ආකාරයක සමාවට කරුණක්
කියා ගනිමින් ගෙදරට වී නිදා ගන්නවා. මෙය කිරිමෙන් ඔවුන් තමන්ටම පාඩු සිදුකර ගනිති.
මන්ද, බාබා සෑම දිනකම කුමන හෝ ආකාරයක අලුත් කරුණක් කියා දෙන නිසාවෙනි. ඔබ එයට
ඇහුම්කන් දුන්නේ නැති නම් කොහොමද එය ක්‍රියාවට නංවන්නේ.
ඕම් ශාන්ති.
මිහිරිම
මිහිරි ආධ්‍යාත්මික දරුවනි, මායා ඔබට කෙතරම් අමතක කෙරෙව්වත් තමන් දැන් ලෝක පාලකයෙක්
බවට පත්වීමට උත්සාහ දරමින් සිටිනා බව ඔබලා දන්නවා. මායා ඔබගෙන් ඇතැම් අයට මෙය මුලු
දවසටම අමතක කරවනවා. එතරම් සතුටක් අත්විදිය හැකි තරමේ ස්මර්ණයක්වත් ඔවුන් තුළ නැහැ.
පරමාත්ම දෙවියන්ම පැමිණ තමාට උගන්වනා බවත් ඔවුන්ට අමතක වෙනවා. මෙය අමතක කර ගැනිමෙන්
ඔවුන්ට සේවයක් කර ගත නොහැකි වෙනවා. ඉතාමත් පහත්ම මට්ටමක සිටිනා ගණිකා වෘත්තියේ
නියැලෙන අයට පවා ඔබ සේවය කළ යුතුයි කියා ඊයේ රාත්‍රියේ බාබා ඔබට පැහැදිලි කර කියා
දුන්නා. පරමාත්ම පියාගේ ඥානය ධාරනය කර ගැනිමෙන් තමන්ට දෙව්ලොව අධිරාජිණියන් විය
හැකි බව ඔවුන්ට දන්වන්න. ධනවතුන්ට එම තත්ත්වයට පත්වන්න බැහැ. හොඳින් ඉගෙන ගත්
සියල්ල හරිහැටි දන්නා අයට මෙම දැනුම ඔවුන්ටත් ලැබෙන්න සැලැස්විය හැකිය. ඒ අසරණයින්
බොහෝ සතුටු වේවි. මන්ද ඒ කාන්තාවනුත් දුර්වල අයයි. ඔවුන්ට පැහැදිලි කර කියා දිය
හැකියි. පරමාත්ම පියා නිරතුරුවම නොයෙකුත් ක්‍රම පෙන්වා දෙනවා. ඔවුන්ට කියන්න: ඉහළම
තත්ත්වයේ සිටි ඔබලා දැන් පහළම පහළ තත්ත්වයකට ඇද වැටිලා. භාරතයත් ගණිකා මඩමක් වී
ඇත්තේ ඔබලාගේ නම නිසායි. මෙම උත්සහය දැරිමෙන් ඔබට නැවතත් වතාවක් ශිව දේවාලයට යා
හැකි වෙනවා. හොදෙක් මුදලට පමණක් ඔබලා දැන් එතරම් කිලිටි වැඩ කරනවා. දැන් එය කිරිම
නතර කරන්න. මේ ආකරයෙන් ඔවුනට කරුණු කාරනා පැහැදිලි කර කියා දුන්නොත් ඔවුන් ඉතාමත්
සතුටට පත්වේවි. මෙය යහපත් දෙයක් නිසා කිසිම කෙනෙකුට ඔබව නතර කළ නොහැකියි. දෙවියන්
අයිති දුප්පතුන්ටයි. ඔවුන් මුදලට පමණක් එතරම් කිළිටි වැඩ කරනවා. එය ඔවුනට
ව්‍යාපරයක් වැනිය. සේවය ව්‍යාප්ති කරවීමේ මාර්ග දැන් තමා සොයා ගන්නම් කියා ඔබලා
කියනවා. ඇතැම් දරුවන් කුමණ හෝ කාරණයක්නිසා අමනාප. වී ඉගෙනීමත් නතර කර දමනවා. තමන්
ඉගෙන ගත්තේ නැතිනම් තමන්ම තමන්ට පාඩු සිදුකර ගන්නා බව ඔවුනට තේරෙන්නේ නැහැ. අහවල්
අහවල් කෙනා මේ මේ දේවල් කළා කියා ඔවුන් අමනාප වි නතර වෙනවා. කොහොමත් කලාතුරකින්
තමයි සුමානෙකට සැරයක් පැමිණෙන්නේ. බාබා සෑම දිනකම මුරලියෙන් විවිධ අවවාද දෙනවා. ඔබ
මුරලියට ඇහුන්කන් දිය යුතුයි. පන්තියට පැමිණි විට පමණයි ඔබට එය ඇසිය හැක්කේ. එක්
එක් ආකාරයේ හේතු කාරණා කියමින් සමාවට කරුණු කිය කියා ආපසු නින්දට වැටෙනා අය රාශියක්
සිටිනවා. හරි අද මම පන්තියට යන්නේ නැහැ, ඒ වුණත් බාබා ඉතාමත් හොඳ කරුණු කියනවා. ඔබ
සේවය කළ හොත් ඉහළ තත්ත්වයක් ලැබේවි. මෙය ඉගෙනීමක් බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ
ග්‍රන්ත හදාරන පඩිවරුන් රැසක් සිටිනවා. වෙන කිරිමට දෙයක් නැති විටක ඔවුන් පොත්
කටපාඩම් කරගෙන ආධ්‍යාත්මික පන්ති පටන් ගන්නවා. එහි කිසිම අරමුණක් නැහැ. මෙම
ඉගෙනීමෙන් සෑම කෙනෙකුගේම බෝට්ටුව එතෙර කරගෙන යා හැකියි. එම නිසා ඔය දරුවන් ඉතාමත්
පහත් තත්ත්වයට ඇද වැටුණු අයට සේවය කළ යුතුයි. එවැනි කාන්තාවන් මෙහි පැමිණෙන බව දැන
ගත් පොහොසත් අයට මෙහි එන්න හිතෙන්නේ නැහැ. ඔවුන්ගේ ශාරිරික අවධානය නිසා ඔවුන්
අපහසුතාවයට පත් වෙනවා. හොඳයි ඔවුන්ට වෙනම පාසලක් විවෘත කරන්න. ශාරිරික ජීවිකාව සඳහා
කරන අනෙකුත් හැදෑරීම්වල ඇත්තේ පැන්ස කිහිපයක වටිනාකමක් පමණය. නමුත් මෙය උපත් 21 කට
වටිනා දෙයක්. බොහෝ දෙනෙකුට යහපත් සැලසිය හැකියි. සාමාන්‍යයෙන් තමන්ගේ නිවසේ ගීතපාඨ
ශාලාවක් විවෘත කල හැකි දැයි කියා අසන්නේ මව්වරුනුය. පරමාත්ම දෙවියන්ගේ සේවය කිරිමට
ඔවුන් තුළ ඇත්තේ මහත් උද්දාමයක්. පිරිමි අය නිතරම සමාජ ශාලාවල රස්තියාදු වෙමින්
සිටිනා අයයි. ධනවතුනට මෙය දිව්‍ය ලෝකයයි. ඔවුන් දිගටම නොයෙකුත් විලාසතා ආදිය කළත්
බලන්න දේවතාවරුන් ලඟ ඇති ස්වභාවික ලස්සන දිහා ලොකු වෙනසක්. මෙහිදි ඔබට කියන්නේ
සත්‍යයයි. ඒත් එන්නේ ඉතාමත් ටික දෙනයි. ඒත් දුප්පතුන් මිනිස්සු අනිකුත් තැන් වලට
ඉක්මණින්ම යනවා. එක එක මාදිලියේ හැඩ වැඩ පවා කරගෙන ඔවුන් ඒ තැන්වලට යනවා. අද කාලයේ
පුජකවරුන් විවාහ ගිවිස ගැනිම් පවා සංවිධානය කරනවා. මෙහිදි එවැන්නක් කළ හොත් ඒ ඇයව
ආරක්ෂා කර ගැනිමටයි. එවිට ඇයට රාග ගින්නෙන් ආරක්ෂා වී ඥාන ගින්න මත අසුන්ගෙන තම සිය
දහස් වාරයක වාසනාව උදාකර ගත හැකියි. ඇය තම දෙමාපියන්ට කියාවි: මාව විනාශ කරනා මේ
වැඩේ නතර කර දැන් දෙව්ලොව වෙතට යාමට සුදානම් වෙමු. එවිට දෙමාපියන් කියන්නේ: අපි
මොනවා කරන්නද? අපි අපේ පරම්පරා ගත නාමය අපහාසයට ලක්කරනවායි කියා සමාජයේ මිනිස්සු
කියන්න පටන් ගනිවි. විවාහ නොවීම සමාජ විරොධියි. මිනිසුන්ගේ මත අදහස් හා සිරිත්
විරිත් අතහැර දමන්න. මිනිසුන්ගේ මත අදහස් හා සිරිත් විරිත් අතහැර දමන්න ඔවුන්ට
බැහැ. භක්ති මර්ගයේදි ඔවුන්: මගේ කියා සිටින්නේ එකම එක පියා පමණයි කියා ගායනා කළා.
මීරාගේ ගීතත් තිබෙනවා. කාන්තාවන් අතරින් ඉහළම තැන සිටින්නේ මීරායි. පිරිමි අය
අතරින් නාරද ඉදිරියෙන් සිටිනා බව කියා තිබෙනවා. තමාට ශ්‍රී ලක්ෂ්මී විවාහ කර ගත
හැකිදැයි කියා අලුත් කෙනෙක් ඇසුවොත් තමන්ම එයට සුදුසු දැයි කියා පරික්ෂා කර
බලන්නැයි කියා ඔවුන්ට කියන්න. ඔහුගෙන් අහන්න: ඔබ මුළු මනින්ම පාරිශුද්ධ ද? ගුණධර්ම
වලින් පරිපුර්ණද? මෙම ලෝකය පාපකාරියි. අපිරිසිදුයි. පරමාත්ම පියා පැමිණ සිටින්නේ
ඔබව ඉන් ඉවත්කරගෙන පිරිසිදු කර ලීමටයි. පාරිශුද්ධ වන්න එවිට ඔබට ලක්ෂ්මී විවාහ කර
ගත හැකි වේවි. ඇතැම් අය බාබා ලඟට ඇවිත් නොයෙකුත් දේ පොරොන්දු වෙනවා. පසුව ගෙදර
ගිහින් පාපයේ ගැලෙනවා. බාබාට ඒ වගේ තොරතුරු ලැබෙනවා. බාබා කියනවා: එවැනි අය මෙහි
ගෙන එන බ්රහමීණ් ගුරුවරයාත් එයට හසු වෙනවා. ඉන්ද්‍ර සභාව ගැන කියා තිබෙනවා. එවැනි
අය මෙහි ගෙන අයටත් දඩුවම් විඳිමට සිදු වෙනවා. බාබා නිතරම කියනවා එවැනි දුර්වල අයව
මෙහි ගෙන එන්න එපා කියලා. නැති නම් ඔබගේ තත්ත්වයත් බිද වැටේවි. මන්ද ඔබ ඔවුන්ව ගෙන
එන්නේ නීතියට පටහැනිවයි. බ්රහමීණ් ගුරුවරයෙක් වීම ඉතාම පහසුයි. දින 10 කින් 15
කින් ඒ තත්ත්වයට පත්විය හැකියි. ඕනෑම කෙනෙකුට පැහැදිලි කර කියාදීමේ පහසු ක්‍රම බාබා
පෙන්වා දෙනවා. ඔය භාරත වාසින් ආදි සනාතන දේවි දේවතා ධර්මය අයිති අයයි. ඔබලා දෙව්ලොව
වාසිනුයි. දැන් ඔබලා අපාය වාසිනුයි. නැවත වතාවක් ඔබ දෙව්ලොව වාසි විය යුතුය. එම
නිසා පාප දුරලන්න. ඉතාමත් සරළව පියා සිහි කිරිම පමණයි කිරිමට ඇත්තේ ඔබගේ පාප දුරු
වී යාවි. එය ඉතාමත් පහසුයි. කෙසේ වෙතත් ඇතැම් අයට මෙය තේරෙන්නේම නැහැ. ඔවුන්ටම මෙය
තේරෙන්නේ නැති නම් කොහොමද තවත් කෙනෙකුට පහදා දෙන්නේ? විශ්‍රාමික අවධියේ සිටිනා
කාලයේදි පවා ඇතැම් අයට බණ්ධන රැහැන් තිබෙනවා. මේ දිනවල මිනිස්සු එසේ සියල්ල අතහැර
විශ්‍රාම වෙනවා කියා දෙයක් කරන්නේ නැහැ. ඔවුන් තමෝප්‍රධාන්, ඔවුන් මෙහි ඇලිලා
සිටිනවා. පෙර කාලයේදි එවන් විශ්‍රාම කාලයක් ගත කිරිමට වුවමනා අයට ලොකු ආශ්‍රම
තිබුණා. දැන් ඒ තරම් ප්‍රමාණයක් නැහැ. වයස අවුරුදු 80, 90 වෙලාත් ඇතැම් අය කිසිවක්
අතහැර දමන්නේ නැහැ. තමන් ශබ්දයෙන් ඔබ්බට ගොස් දැන් දෙවියන් සිහිකර්යි යන්න ඔවනුට
තේරෙන්නේ නැහැ. දෙවියන් යනු කවුරුද කියා ඔවුන් දන්නේ නැහැ. දෙවියන් සෑම තැනම
සිටිනවා යැයි කියා ඔවුන් කියනවා. ඉතින් කාවද සිහිකරන්නේ? තමන් වන්දනා කරුවන් බවත්
ඔවුන්ට තේරෙන්නේ නැහැ. පරමාත්ම පියා ඔබ වන්දනා කරන තත්ත්වයෙන් වන්දනීය තත්ත්වයට ඒත්
උපත් 21 කටම ඒ තත්ත්වයට පත්කරවනවා. එමනිසා ඔබ අනිවාර්යයෙන් ඒ සඳහා උත්සහ දැරිය
යුතුයි. මේ පැරණි ලෝකය විනාශ විය යුතුයි කියා බාබා පැහැදිලි කර කියා දි තිබෙනවා. ඔබ
දැන් ආපසු නිවස බලා යා යුතුයි. මෙම සැලකිල්ල පමණයි තිබිය යුත්තේ. එහි කිසිම සාපරාදි
දෙයක් නැහැ. ඒ පාරිශුද්ධ ලෝකය වෙනුවෙන්. උත්සහ දරන්නැයි කියා පියා දැන් ඔබව උනන්දු
කරවනවා. සේවයට බැදි ආදරණීය දරුවන්ව ඔහු තම දෑසේ තබාගෙන ආපසු ගෙන යනවා. ඉතාමත් පහත්
තත්ත්වයකට ඇද වැටී ඇති අයව නගා සිටවීමට කෙනෙකුට ධෛර්යය තිබිය යුතුයි. ඒ රජයට විශාල
පිරිසක් සේවය කරනවා. ඒ සෑම කෙනෙක්ම උගත් හැඩ වැඩ ඇති අයයි. මෙහි සිටිනා බොහෝමයක්
දෙනා දුප්පත් සාමාන්‍ය අයයි. පරමාත්ම පියා මෙහි සිට ඔවුන්ව ඉහළටම ගෙන එනවා. ඔබගේ
හැසිරීම ඉතාමත් රාජකීය විය යුතුයි. ඔබට උගන්වන්නේ පරමාත්ම පියායි. අනිත්
අධ්‍යාපනයේදි කෙනෙක් වැදගත් විභාගයක් සමත් වුණහොත් ඔහු ඉතා උසස් අයෙක් වෙනවා. මෙහි
පරමාත්ම පියා දුප්පතුන්ගේ ස්වාමියායි. කුමණ හෝ දෙයක් මෙහි එවන්නේත් දුප්පනුයි. එක්
රුපියලක දෙකක මුදල් ඇණවුමක් පවා ඔවුන් එවනවා, පරමාත්ම පියා කියනවා: ඔබලා ඉතාමත්
වාසනාවන්ත අයයි. ඔබට විශාල දෙයක් ආපසු ලැබේවී. මෙය අලුත් දෙයක් නොවෙයි. නොබැදි
නිරීක්ෂකයෙක් ලෙස නාටකය නරඹන්න. පරමාත්ම පියා කියනවා: දරුවනි හොඳින් ඉගෙන ගන්න. මෙය
දෙවියන්ගේ යගියාවයි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගත හැකියි. නමුත් ඔබ මෙහෙන් යමක් ගත
හොත් එහිදි ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. සියල්ල ඔබට ලැබෙන්න යන්නේ දෙව්ලොවදීයි.
ඉතාමත් කාර්යශුර සිහිබුද්ධිය ඇති දරුවන්ව බාබාට සේවය සඳහා අවශ්‍යයි. සුදේෂ් හා
මෝහිනි වැනි සේවය කෙරෙහි උද්යෝගය ඇති දරුවන් අවශ්‍යයයි. ඔබගේ නම් කර්තියට ලක් වේවි.
එවිට මිනිස්සු ඔබට ගරු කරාවි. බාබා නිතරම ඔබට සෑම උපදේශයක් දෙනවා. වෙලාව ඇති සෑම
මොහොතකදිම සිහි කිරිමේ නිරත වන්නැයි කියා බාබා දරුවන්ට කියා තිබෙනවා. විභාගයේ දවස්
ලඟ ලඟම එන විට ශිෂ්‍යයින් තනිවම පාඩම් කරනවා. පුද්ගලික ගුරුවරුන් පවා ඔවුන්ට
සිටිනවා. අපට ගැවරුන් රාශියක් සිටිනවා. එහෙත් ඉගෙන ගැනිම කෙරෙහි ඔබ ආසාවක් තිබිය
යතුයි. පරමාත්ම පියා සෑම දෙයක්ම ඉතාමත් පහසුවෙන් පහදා දෙනවා. ගමන් ජීවාත්මයක්ය යන
විශ්වාසය පමණක් තබාගෙන සිටින්න. ඒ ශරිරය විනාශවන සුලු වන අතර ඔය ජීවාත්මයන්
අවිනාශියි. ඔබට මෙම ඥනය ලැබෙන්නේ එකම. ස්වර්ණම යුගයේ සිට කලි යුගයේ අවසානය දක්වා
වෙන කිසිම කෙනෙකුට එය ලද නොහැකියි ඔබට පමණයි ලැබෙන්නේ. තමන් ජීවයක් යන විශ්වාසයේ
සිටින්න. අපි අපේ උරුමය පියාගෙන් දිනා ගන්නවා. පියාව සිහි කිරිමෙන් පමණයි පාප දුරු
වන්නේ. නිහඩව මෙය තමාටම කියා ගැනිමෙන්ම වුවත් විශාල යහපතක් සිදුවේවි. නමුත් ඔය
දරුවන් වාර්තා පවත්වා ගැනිම අමතක කරනවා. ඔබ වෙහෙසට පත්වෙනවා. ඔබ ඉතාමත් පහසුවෙන්
දැනුම පැහැදිලි කරනවා. ජීවාත්මය වන මම සතෝප්‍රධාන්ව සිට දැන් තමෝප්‍රධාන් වෙලා.
පරමාත්ම පියා දැන් කියනවා: මා සිහි කරන්න ඔබ සතෝප්‍රධාන් වේවි. මෙය ඉතාමත්ම පහසුයි.
ඒත් ඔබට අමතක වෙනවා. මෙහි සිටිනාතාක් කල් තමා ජිවයක් බව සලකන්න. ජිවය වන මා බාබාගේ
දරුවෙක්මි. පරමාත්ම පියා සිහි කිරිමෙන් ඔබ දෙව්ලොව රජදහන හිමිකර ගන්නවා. පියාව සිහි
කිරීමෙන් කල්ප භාගයක්ම පාප පිළිස්සි යනවා. බාබා ඔබට ඉතාමත් පහසු ක්‍රමයක් පෙන්වා
දෙනවා. සෑම දරුවෙකම මෙය ඇහෙනවා. මේ බාබාත් මෙය පුහුණු කරනවා. මෙන්න මේ නිසා තමයි
ඔහු ඔබට උගන්වන්නේ. මම බාබාගේ රථයයි. බාබා මට ආහාර කවනවා. ඔය දරුවනුත් එසේම සිතිය
යුතුයි. නොනවත්වාම ශිව බාබා සිහි කිරිමේ විහාල යහපතක් තිබෙනා නමුත් ඔබලාට එය අමතක
වෙනවා. මෙය ඉතාමත් පහසුයි. ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ කිසිම කෙනෙක් නොමැති විට කදි
එක් තැනක අසුන්ගෙන මම ජීවාත්මයක්මි යන්න සිහිකරන්න. මා බාබා සිහිකළ යුතුයි.
අසනීපයෙන් සිටිනා විටකදි පවා ඔබට බාබා සිහිකළ හැකියි. ඔබ බන්ධනයක සිටී නම්, එහි
අසුන්ගෙන බාබාව සිහිපත් කිරීම දිගටම කරගෙන යන්න, එවිට, වසර 10 ක් 20 ක් පවා මෙහි
සිටිනා අයටත් වඩා උසස් තත්ත්වයක් ඔබට දිනා ගත හැකි වේවි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සේවය කරනා
විට ඔබ ඉතාමත් හොඳ සිහිබුද්ධියෙන් යුතු ක්‍රියාශීලි අයෙක් වන්න. වෙලාව ලැබෙන සෑම
මොහොතකදීම හුදෙකලාව අසුන්ගෙන පරමාත්ම පියාව සිහිකරන්න. ඉගෙනීම කෙරෙහි තදින්ම බැදි
සිටින්න. මේ ඉගෙනුමත් සමඟ අමනාප වන්න එපා.
2. ඔබගේ හැසිරීම
ඉතාමත් රාජකීය හැසිරීමක් කර ගන්න. අපි දැන් නිවහන බලා යා යුතුයි. මෙම පැරණි ලෝකය
විනාශ වීමටයි යන්නේ. එමනිසා, සියලු බන්ධන රැහැන් කඩා දමන්න. විශ්‍රාමික (ශබ්දයෙන්
එපිට) තත්ත්වයේ සිටීම පුහුණු කරන්න. ඉතාමත් පහත් තත්ත්වයට ඇද වැටුණු අයට පවා සේවය
කර ඔවුන්වත් නඟා සිටුවන්න.
වරදානය:
ඔබගේ උසස්
ආකල්පයෙන් අන් අයගේ ආකල්ප පරිවර්තනය කර නිරන්තර සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට
පත් වේවා.
සාර්ථකත්වයේ
ප්‍රතිමූර්තියක් වීමට නම්, අන් අයගේ ආකල්ප ඔබේම ආකල්පයෙන් සහ ඔවුන්ගේ සිතිවිලි ඔබේ
සිතිවිලිවලින් පරිවර්තනය කිරීමේ කාර්යය ඉටු කරන්න. මේ පිළිබඳව පර්යේෂණ කරන්න. ඔබ
මෙම සේවය කිරීමේ කාර්යබහුල වූ විට, ඔබ ස්වයංක්‍රීයව බොහෝ දුර්වලතා ඉක්මවා යනු ඇත.
දැන්, මේ සඳහා සැළැස්මක් සාදන්න, එවිට සිසුන් සංඛ්‍යාව වැඩි වනු ඇත, ආදායම තවත්
බොහෝ වැඩි වනු ඇත, ඔබට ගොඩනැගිලි ලබා දෙනු ඇත; සම්පූර්ණ සාර්ථකත්වය පහසුවෙන්
සාක්ෂාත් කරගත හැකිය. මෙම ක්‍රමය ඔබව සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත් කරනු ඇත.
පාඨය:
ඔබේ කාලය
වටිනා ආකාරයකින් භාවිතා කිරීම දිගටම කරගෙන යන විට ඔබ එයින් රැවටීමෙන් බේරෙනු ඇත.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
පරමාත්ම පියා ඔබ සැමට
බොහෝ සෙනෙහසක් දක්වනවා , ඔබට දිනපතා පිළිතුරු දීමට ඔහු එම දිගු ලිපිය ලියයි. සෙනෙහස
හා ස්මරණය මගින් ඔබේ මිතුරා වී මිත්‍රත්වයේ වගකීම් ඔහු ඉටු කරයි. මෙම සෙනෙහස
වෙනුවෙන්, ඔබේ දුර්වලතා සියල්ල ඔහුට කැප කරන්න. දෙවියන්ගේ සෙනෙහසේ ඒකාබද්ධ වී සිටින
විට කිසිම සීමිත බලපෑම් වලට ඔබව ආකර්ෂණය කළ නොහැක. ඔබ නිරන්තරයෙන් ඔබගේ අසීමිත
ලැබීම් වල ගිලී සිටින විට ආධ්‍යාත්මිකත්වයේ සුගන්ධය මුළු වාතාවරණයෙහිම පැතිරී යයි.
විශේෂ දැනුම්දීම:
බාබාගේ ශ්‍රීමත් වලට අනුව, මුරලි වූ කලී බාබාගේ දරුවන් සඳහා පමණි, රාජ යෝග පාඨමාලාව
හදාරා නැති ජීවාත්මයන් සඳහා නොවේ. එබැවින්, සියලුම උපකරණ ගුරුවරුන්ගෙන්, සහෝදර
සහෝදරියන්ගෙන් අපි නිහතමානීව ඉල්ලා සිටින්නේ බාබාගේ සකාර් මුරලි ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය
පටිගත කිරීම් YouTube, Facebook, Instagram හෝ ඕනෑම what's app කණ්ඩායමක පළ නොකරන
ලෙසයි.