05.08.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ ඔබගේ යෝග බලයෙත් මෙම පැරණි ලෝකය වෙනස්කර එය නව ලෝකයක් බවට පත් කරවනවා.
ඔබ ඉපදී සිටින්නේ ආධ්‍යාත්මික සේවය කිරීමටයි.
ප්‍රශ්නය:
අවංක හා සැබෑ
උත්සාහවන්ත දරුවන්ගේ ගති ලක්ෂණ මොනවා ද?
පිළිතුර:
1. අවංක දරුවන් කිසිදු විටෙක තම අත්වැරදීම් සඟවන්නේ නැත. ඔවුන් අවංකව ඒ පිළිබඳව
බාබාට කියයි. ඔවුන් හරිම නිරහංකාරයි. තමන් කුමනාකාරයක ක්‍රියාවක් කළද එය දකිනා අයත්
එයම කරාවි යන්න පිළිබඳ නිරන්තර අවධානයක් ඔවුනට ඇත. 2. යම් කෙනෙක් විසින් කරන ලද
වැරදි සේවා කටයුත්තක් පිළිබඳව ඔවුන් කිසිදු විටෙක කතා පතුරුවන්නේ නැත. තම තමන්ගේ
සේවා කටයුතු වල කාර්ය බහුලව සිටිනා ඔවුන් අන් අයගේදුබලතා දෙස බලමින් තම ඔළුව නරක්
කරගන්නේ නැත.
ගීතය:
සිත මදක්
ඉවසන්න! ඔබගේ සතුටේ දින අත ළඟයි.
ඕම් ශාන්ති.
පරමාත්ම පියා
තම මිහිරිම මිහිරි ආධ්‍යාත්මික දරුවන්ට ඉවසීම දෙනවා, ලෞකික පියෙක් දරුවන්ට ඉවසීම
දෙන්නාක් සේ. කෙනෙක් අසනීපයෙන් සිටිනා විට: සියලු ලෙඩ දුක් අවසන් වී සතුටේ දීන
පැමිණේවි කියා ඔහුව අස්වසනවා. සීමිත පියෙක් ඔබට දෙන්නේ සීමිත ඉවසීමක්. ඒ ඔබට අසීමිත
ඉවසීමක් දෙන අසීමිත පියායි: දරුවනි, ඔබගේ සතුටේ දින අත ළඟයි. තව ටික දවසයි
තිබෙන්නේ. දැන් පරමාත්ම පියාව සිහි කරමින් සිට අන් අයටත් කියා දෙන්න. ඔබලා ශිව
ශක්තීන්ය. ශිව් බාබාගේ ශක්ති සේනාව දැන් නැවතත් වතාවක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ
සහෝදරවරුනුත් ජීවාත්මයය. ඒ සෑම කෙනෙක්ම බලය ගන්නේ ශිව් බාබාගෙනුයි. ඔබත් බලය
ගන්නවා. පරමාත්ම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. මෙහිදී වරම් දීම හෝ අනුකම්පා
කිරීම කියා දෙයක් සිදුවන්නේ නැහැ. පියාව සිහිපත් කර නොකඩවා ශක්තිය ලබා ගන්න. සිහි
කිරීමෙන් පමණයි පාප දුරුවන්නේ. ඔබත් දිගින් දිගටම බලවත් වේවි. ශිවාගේ ශක්ති සේනාව
පැරණි ලෝකය අලුත් කළා. එතරම් බලවත්. තමන් දැන් යෝග බලයෙත් මෙම පැරණි ලෝකය වෙනස් කරන
බව ඔබ දන්නවා. මිනිස්සු ඉහළට ඇඟිල්ල දික් කර "අල්ලා, දෙවියන් සිහි කරන්න" යි කියා
කියනවා. පරමාත්ම පියාව සිහි කිරීමෙන් මෙම ගල් පර්වත එනම්, ලෝකය වෙනස් වන බව ඔය
දරුවත් දැන් අවබෝධ කරගෙන සිටිනවා. අපි දැන් සුර දේවතා ලෝකය ස්ථාපනය කරනවා. පරමාත්ම
පියා ඔය දරුවට කරුණු පහදා කියා දෙනවා: ප්‍රදර්ශන වලදී ගොඩාක් සේවය කරන්න. උත්සාහ
දරන්න. ඉඩ ලැබෙන සෑම විටෙකම ඉඳගෙන පාඩම් කරන්න. ඒක හරිම පහසුයි. සෑම ආකාරයකම
ඉගැන්වීම් ඔය දරුවන්ට ලැබෙනවා. සෑම කෙනෙක් විසින්ම කරන ක්‍රියාවන් ගිණුම්ගත වෙනවා.
කුමාරීන්ගේ ක්‍රියා හොඳයි. විවාහක අය කියනවා: අද මම කුමාරියක්ව සිටියා නම් මට
නිදහස් කුරුල්ලෙක් වගේ මේ සියලුම දම් වැල් වලින් නිදහසේ ඉන්න තිබුණා. කුමාරීන්
නිදහස් කුරුල්ලන්ය. කෙසේවෙතත්, ඔවුන් නරක ඇසුරේ සිටිය හොත්, අනතුරක් සිදු වෙනවා.
විවාහක කාන්තාවකට තම සැමියා දරුවන් ආදි දවැල් ගණනාවක්ම තිබෙනවා. සිරිත් විරිත් වල
බන්ධනත් රාශියක්ම තිබෙනවා. කුමාරින්ට කිසිම බන්ධනයක් නැහැ. බොම්බේ නුවර කුමාරි දැන්
සූදානම් වෙනවා. ඔවුන් කියනවා: අපි අපේ ප්‍රාන්තය බලා ගන්නම්. සෑම කෙනෙක්ම තම තමන්ගේ
ප්‍රාන්ත වෙනුවෙන් බොහෝ උත්සාහයක් දරනවා. අපේ ගුජරාතය, අපේ යූ.පී. කියා කියනවා.
ඔබලා දැත් ඔබලාගේම ස්වාධිපත්‍යය දිනා ගන්නවා. "මම අහවල් අහවල් ප්‍රදේශයේ සිට පැමිණි
අහවල් අහවල් කෙනා" වැනි කිසිම හැඟීමක් නොතිබිය යුතුයි. කිසිම කෙනෙක් සම්බන්ධයෙන්
ඊර්ෂ්‍යා නොකරන්න. තවත් කෙනෙකුගේ වැරැද්දක් දැක ඔබගේ හිස නරක් කර ගන්න එපා. තමා දෙස
බලා තමන් ජීවාත්ම කී දෙනෙකුට, සහෝදර සහෝදරියන් කී දෙනෙකුට සතුටේ මඟ කියා දුන්නාදැයි
කියා බලන්න. කිසිම කෙනෙකුට පාර පෙන්වා දී නොමැති නම් ඔබගෙන් ඇති වැඩක් නැහැ. බබාගේ
හදවතට ඒමට ඔබට හැකි වන්නේ නැහැ. බාප්දාදාගේ හද ගත්තේ නැතිනම් අනාගත සිහසුන ගැනීමට ද
ඔබට හැකි වන්නේ නැහැ. ඇතැම් දරුවන් සේවය කිරීමට ඉතාමත් කැමැත්තෙත් සිටිනා බව බාබා
දන්නවා. තම ශරිර පිළිබඳව ඔවුන්ට කිසිදු අහංකාරයක් නැහැ. අනිත් අය හරිම අහංකාරයි.
ඔවුන් සිතන්නේ තම තමන්ට නොව, පරමාත්ම පියාට ලොකු උදව්වක් කරනවා කියලායි. ඔබ කිසිදු
විටෙක කිසිම කෙනෙකුගේ දුර්වලතාවයක් නොදැකිය යුතුයි. "අහවලා මෙන්න මේ වගේ කෙනෙක්. මේ
මේ වගේ වැඩමයි කරන්නේ" මේ දින වල අන් අය විසින් කරනා වැරදි සේවාවන් ගැන කතා පතුරුවන
ඇතැම් කපටි දරුවනුත් සිටිනවා. "මෙන්න මෙයා මේ වගේ වැඩ කරනවා" ඔබ ඔබගේ සේවය කරගෙන
යන්න. ඔය බ්‍රහමිණ් දරුවන්ගේ රාජකාරිය වන්නේ යේ කාර්යබහුලව සිටිමයි. පරමාත්ම පියා
මෙහි අසුන් ගෙන සිටින අතර ඔහුට සෑම තොරතුරක්ම ලැබෙනවා. පරමාම පියා සෑම කෙනෙකුගේම
තත්ත්වය දන්නවා. ඔවුන්ගේ සේවය දැක ඔහු ඔවුන්ට ප්‍රශංසා කරනවා. ඔය දරුවන් සේවය
කිරීමට ආසා විය යුතුයි. මෙම ආධ්‍යාත්මික සේවය කිරීමෙන් ඔබ සෑම කෙනෙක්ම තම තමන්ට
යහපත සලසා ගත යුතුයි. ඒ ව්‍යාපාර වැනි දේ ඔබ උපතක් උපතක් පාසා කර ගෙන ආවා.
කලාතුරකින් තමයි ව්‍යාපාරිකයෙක් මෙම ව්‍යාපාරය කරන්නේ. සේවය කිරිමේ ඉතාමත් පහසු
ක්‍රමයක් පියා පැහැදිලි කර කියා දෙනවා. කිසිදු විටෙක කිසිම කෙනෙක්ට අපහාස කරන්න
එපා. බොහෝ අය මෙය කරනවා. ඉතාමත් හොඳ මහාරාතීවරුන්ව පවා මායා නහයෙන්ම අල්ලා ගන්නවා.
ඔබ බාබාව සිහි කළේ නැතිනම්, මායා ඔබව අල්ලා ගනීවි. පරමාත්ම පියා කියනවා: මම
සාමාන්‍ය ශරීරයකින් පැමිණෙන නිසා ඔවුන්ට මාව හඳුනා ගන්න බැහැ. ඇතැම් අය බාබාටත්
උපදෙස් දෙනවා: බාබා. මේක මෙන්න මෙහෙම කරන්න. මෙහෙම කරන්න. බාබා යම් සුළු කාරණයක්
පෙන්වා දුන්නත් ද්‍රෝහීන් බවට පත් වන තරමේ තත්ත්වයකයි ඔවුන් සිටින්නේ. ඔවුන්
ඔවුන්ගේ මත බාබාට දෙනවා. පුංචි අමුකහ කෑල්ලක් ලත් මීයෙක් තමන් ලොකු කඩ කාරයෙක් කියා
සිතුවාලු. තමන් කරන්නේ වැරදි දෙයක් කියා ඔවුන්ට තේරෙන්නේ නැහැ. බොහෝ අය නොකඩවා
වැරදි කරනවා. විටෙක ඔවුන් උසස් තත්ත්වයක සිටිනා අතර තවත් විටෙක පහළ වැටෙනවා. මෙය
සෑමදාකම වෙන දෙයක්. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ මට්ටම පරික්ෂා කර බැලිය යුතුයි. අවංක
දරුවන් ඉක්මනින්ම තම තත්ත්වය ගැන බාබාට කියනවා. ඇතැම් අය තම වැරදි සඟවනවා. මේ
සම්බන්ධයෙන් ඔබ ඉතාමත් නිහතමානී විය යුතුයි. සේවයේ කාර්ය බහුල වන්න. මා යම්
ක්‍රියාවක් කරන්නේ ද එය දකිනා අය ද එයම කරාවි යන්න පිළිබඳ සිහියෙන් සිටින්න. මම
කෙනෙක්ට අපහාස කළහොත්, අනිත් අයත් එයම කරාවි. බොහෝ අය මේ ගැන සිතන්නේවත් නැහැ.
පරමාත්ම පියා පැහැදිලි කර කියා තිබෙනවා: තම තමන්ගේ සේවයේ කාර්ය බහුලව නිරතව
සිටින්න. නැතිනම්, ඔබට බොහෝ සෙයින් පසුතැවිලි වීමට සිදු වේවි. ඇතැම් අය සතුරන්
වෙනවා. ඔබලා දැන් ශුද්‍ර තත්වයෙන් පරිවර්තනය වී බ්‍රහ්මාගේ කටින් උපන්
බ්‍රහමිණ්වරුන් වී සිටිනවා. පංච මහා දුර්ගුණයන්ගෙන් පිරි අය යක්ෂ ප්‍රජාවේ අයයි
කියා කියනවා. ඔබ අයිති දේවමාතා ප්‍රජාවටයි. දේවතාවරුත් වීමට ඔබලා දුර්ගුණ දමනය
කරනවා. මෙහි දේවතාවරුන් නැහැ. දේවතාවරුන් සිටින්නේ ස්වර්ණමය යුගයේයි. ඔබලා දැන්
දේවතා ප්‍රජාවේ කොටස්කරුවන් වෙමින් සිටිනවා. ඔය දරුවන්ට දැන් අන් අයට පහදා දීමට
අවස්ථාව දී තිබෙනවා. ප්‍රදර්ශන වලදී පැහැදිලි කිරීම් කරන්න. ප්‍රදර්ශන හා සමුහ
කණ්ඩායම් වලදී එක් එක් අයගේ හද ගැස්ම දැක ගත හැකියි. ප්‍රොජෙක්ටර් භාවිතයේ දී කිසිම
කෙනෙකුට කියා දිය නොහැකියි. ඔවුන් ඉදිරියටම ගොස් පුද්ගලිකවම කරනා පැහැදිලි කිරීමක
දී පමණයි මිනිසුන්ට යමක් තේරුම් ගත හැකි වන්නේ. ප්‍රදර්ශන හා කණ්ඩායම් විස්තර
කිරීම් ඉතාමත් හොඳයි. කරුණු සඳහන් කර ඇති පෝස්ටර් භාවිත කළ හැකියි. ප්‍රදර්ශන ආදිය
පැවැත් වීමට ඔබට ආශාවක් තිබිය යුතුයි. දෛනික අධ්‍යයනයේ නිරත වුණු විට ඔබගේ කුල්මත්
බව ඉහළ යාවි. ඔබ බන්ධනයේ සිටිනවා නම් ගෙදර ඉන්නා ගමන් පරමාත්ම පියාව සිහි කරන්න
ඔබගේ පාප දුරුවී යාවි. නිවසේ සිටිනා අතර පවා පියාව සිහි කිරීම හොඳයි. කෙසේවෙතත්,
දරුවන්ට බාබාව සිහි කිරීම ඉතාමත් අපහසු දෙයක් වී තිබෙනවා. උපත් 21කට උරුමයක් දෙන
පරමාත්ම පියාව ඔබ සිහි කරන්නේ නැහැ. ඉතාමත් හොඳ දේශන දෙන මහාරාතීන් පවා පරමාත්ම
පියාව සිහි කරන්නේ නැහැ. ඔවුන්ට උදේ පාන්දර අවදි වෙන්නත් බැහැ. අවදී වුණත්, බාබාව
සිහි කිරීමට වාඩි වුණු විට, ඔවුන් නිදි කිරා වැටෙනවා. උදේ පාන්දර වෙලාව සිහි කිරීමට
ඉතාමත් හොඳ වෙලාවකි. භක්ති මාර්ගයේ අය පවා උදේ පාන්දරින් අවදි වී ස්මරණයේ නිරත
වෙනවා. කෙසේවෙතත්, ඔවුන්ට ඇත්තේ පහළ බැසීමේ තත්ත්වයයි. මෙහිදී මෙය ඉහළට නැඟීමයි.
මායා නොයෙකුත් බාධා ගෙන එනවා. උදේ පාන්දරින් අවදි වී පරමාත්ම පියාව සිහි කළේ
තැතිනම්, ඥාන ධාරණය කර ගත හැක්කේ කෙසේද, පාප දුරු වන්නේ කෙසේද? කෙසේවෙතත්, මුරලිය
කියා දීම කුඩා දරුවෙකුට වුවත් ඉගෙන ගෙන කළ හැකියි. මෙම අධ්‍යයනය ඇත්තේ
වැඩිහිටියන්ටයි. මෙය එතරම් විශාල විශ්ව විද්‍යාලයක්. තමන්ට උගන්වන්නේ කවුද යන
කුල්මත් බව ඇතැම් දරුවන්ට නැහැ. මායා කෙනෙකුව රැවටු විට, ඒ අය දෙස බලන්න එපා,
තමන්ගේ සේවය කරගෙන යන්න. පරමාත්ම පියාට සෑම තොරතුරක්ම ලැබෙනවා. ඇතැම් අය ශාරීරික
අවධානයට ලක්ව සිතනවා: " මෙයා මෙහෙම කරනවා. අරයා අරහෙම කරනවා" ඔවුන් අන් අයට අපහාස
කර කර තම කාලය අපතේ හැර ගන්නවා. ඔබගේ රාජකාරිය සේවයේ නිරතව සිටිමයි. යමක් සිදු
වුවහොත් පරමාත්ම පියාට පොඩි ඇඟවීමක් කරන්න. එපමණයි. අන් අය ගැන සිතන්න එපා. ඔය
දරුවන් දිවා රෑ සේවයේ කාර්ය බහුල විය යුතුයි. මෙය ඔබගේ ව්‍යාපාරයයි. සෑම දිනකම
ප්‍රදර්ශන වලදී පැහැදිලි කරන්න. මේ ශිව් බාබා මේ ක්‍රම බාබා. පෙර කල්පයේ පටන්
ප්‍රජාපිතා මාව සිහි කරමින් පැමිණියා. "මානව ලෝකය නිර්මාණය නිර්මාණය වූයේ
ප්‍රජාපිතා බ්‍රහ්මාගෙනුයි" මිනිස්සු සිටියේ නැහැයීම කියා කියන්න බැහැ. පරමාත්ම
දෙවියන් මානව ලෝකය නිර්මාණය කළා, කටු මල් බවට පත් කළා. ඔහු ලෝකය නිර්මාණය කරන්නේ
බ්‍රහ්ම මඟිනුයි. නමුත් ඔහු එය උඩ ඉහළ ඉඳගෙන කරන්නේ නැහැ. බ්‍රහ්ම සිටිය යුත්තේ
මෙහියි. මෙය ඔබට ඉතාමත් පැහැදිලිව කියා දී තිබෙනවා. පරමාත්ම පියා කියනවා. මම මොහුගේ
උපත් ගණනාවක අවසානයේදී ඔහුට ඇතුලු වී මිනිසුන්ව දේවතාවන් කරවනවා. ඉතින් ඔය දරුවන්
දිවා රැ සේවය කරමින් හොඳින් වැඩ කළ යුතුයි. ඔබගේ ව්‍යාපාරික කටයුතු වලින් මද කාලයක්
ඉවත් කරගෙන මෙම සේවයේ නිරත වන්න. වෙලාව නැහැයි කියා නොකිය යුතුයි. අසනීප වුවහොත්
එහෙම, වෙලාව නැහැයි කියා කියනවා ද? ඔබ උත්සාහ දැරිය යුතුයි. තවත් කෙනෙකුගේ දිරිමත්
කිරීමකින් කිසිවක් කර ගත නොහැකියි.පරමාත්ම දෙවියන්ටවත් උඩ සිට සිතිවිල්ලේ බලයෙන්
කිසිවක් කරන්න බැරි නම් අනිත් අය කරන්නේ කෙසේද? දෙවියන්ට කළ නොහැකි දෙයක් නැතැයි
කියා මිනිස්සු විශ්වාස කරනවා, මළවුන්ට පවා පණ දිය හැකියි කියා සිතනවා. අහා, නමුත්
ඔබ පරමාත්මයට කියන්නේ: අහෝ, පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපව පාරිශුද්ධ කරවනු මැන. වෙන
කිසිම දෙයක් ඔබ කියන්නේ නැහැ. පැමිණ මළවුන්ට පණ දෙතැයි කියා ඔබ ඉල්ලන්නේ නැහැ. ඔහු
පාරිශුද්ධකරුයි. භාරතය පාරිශුද්ධව තිබුණා. පරමාත්ම පියා කියනවා: මම සෑම කල්පයක දීම
පැමිණ ඔබව පාරිශුද්ධ කරවනවා. පසුව මායා පැමිණ ඔබව අපිරිසිඳු කරවනවා. මම දැන් නැවත
වතාවක් පැමිණ සිටින්නේ ඔබව පාරිශුද්ධ කරවීමටයි. මම එතරම් පහසු දේ ඔබට කියනවා. වෙද
මහත්වරුන් ඉතාමත් දරුණු රෝග පවා සුව කරවන නිසා ඔවුන්ට ප්‍රශංසාවට ලක් වෙනවා.
කෙනෙකුට දරුවෙක් ඉපදුණු විට නැතිනම් මුදල් ලැබුණු විට තම ගුරුගේ ආශිර්වාදයෙන් තමන්ට
එය ලැබුණායි කියා ඔහු කියාවි. හොඳයි. දරුවා මිය ගියහොත්, ඔහු කියාවි: ඒක තමා දෙවය.
ඔය දරුවන්ට දැන් මේ සියල් තේරෙනවා. සන්නාසීවරුත් පාරිශුද්ධව සිටිනා නිසා ඔවුන්ට ගරු
කරනවා. ඔවුන් හතා යෝගීන්ය. ඔවුන් හතා යෝගීන් වන අතර මිනිසුන් ගෘහවාසීන්ය. ඉතින්
එසේනම් අපි ඔවුන්ගේ අනුගාමිකයින් කියා කියන්නේ කෙසේද? පරමාත්ම පියා කියනවා. දරුවනි,
හොඳින්ම පිළිපදින්න. මන්මනාභව. මා සිහිපත් කරන්න. ඔබ පාරිශුද්ධ වී මා සමඟ නැවත
නිවහනට පැමිණේවි. මම සදා පාරිශුද්ධයි. මිනිසුන් ඔබලාව අපිරිසිඳු කරවන අතර පරමාත්ම
පියා පැමිණ ඔබව පාරිශුද්ධ කරවයි. ඔහු පාරිශුද්ධත්වයේ, සාමයේ හා සතුටේ මහා සයුරයි.
ඔහු ඔබවත් ඒ තත්ත්වයටම පත් කරවනවා. ඔය ජීවාත්මයන් යෝග බලයෙන් තමන්ව පාරිශුද්ධ
කරගන්නවා. තමන් ඉහළම ගණයේ ශරීර ලබනා බව ඔබලා දන්නවා. මිනිසුන්ට ප්‍රායෝගිකවම
දේවතාවරුන් කරවිය යුතුයි. දේවතා ඇඳුම් ඇඳීම නොවෙයි: තමා කෙරෙහි හොඳ අවධානයෙන් සිටිය
යුතුයි. කිසිදු ශාරීරික අවධානයක් නොතිබිය යුතුයි. බාබා, මම අනිවාර්යයෙන්ම මගේ උරුමය
ඔබගෙන් දිනා ගන්නම්. අපි අනිවාර්යයෙන්ම භාරතය උතුම් කරවනවා. කියා ඔබ කියාවි. මෙම
විශ්වාසය ඇති අය පමණයි මෙසේ කියන්නේ. "මේ සියල්ලම මෙතරම් කෙටි කාලයකින් කළ හැක්කේ
කෙසේද?" කියා ඇතැම් අය අහනවා. එවන් කිසිම ගැටළුවක් නොතිබිය යුතුයි. ගැටළු ඇති වුණු
විට සේවය මන්දගාමී වෙනවා. ඉතාමත් කෙටි කාලයයි ඉතිරි වී ඇත්තේ. හැකි උපරිමයෙන්
උත්සාහ දරන්න. යුද්ධයකින් පොඩි කලබලයක් සිදු වුවහොත් සෑම කෙනෙක්ම උත්සාහ දැරීමට
පටන් ගනීවි. පුර්ණ ස්මරණයේ තමනොසිටිය හොත්, තමා සමඟම රණ්ඩු කර ගැනීමට සිදු වන බව ඔබ
දන්නවා. ඒ මොහොතේ දී ව්‍යසන ගණනාවක් සිදු වේවි. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා
කියන්නේ: හැකි උපරිමයෙන් ඉදිරියටම පැන යන්න. මෙය ජීව තරඟයකි. පරමාත්ම පියා ඔබට
ඉතාමත් හොඳින් උගන්වනවා. දුවගෙන ගිහින් දිණුම් කණුව අල්ලා එන්න, ඒ පරමාත්ම පියාගේ
නිවහනයි. එතැනින් නව ලෝකයට පැමිණෙන්න. මෙය හරිම හොඳ තරඟයක්. පරමාත්ම පියා කියනවා:
මාව අල්ලන්න. එනම්, අශාරීරික ලෝකයට පැමිණ නැවතත් මෙහි පැමිණෙන්න. යෝගාවේ ගැලී
සිටින්නන්. පළමුවෙන්ම පැමිණේවි. මුක්ති දේශයට යාමට ඔබට අවශ්‍යයි. පරමාත්ම පියා
කියනවා: මා සිහි කරන්න. ඔබට එහි යා හැකි වේවි. මුක්ති දේශයට සෑම කෙනෙක්ම කැමතියි.
පසුව ඔබලා තම චරිත කොටස් රඟපෑමට පැමිණේවි. කිසිම කෙනෙකුට සදාතනික මෝක්ෂයක් ලැබෙන්නේ
නැහැ. "සදාතනික මෝක්ෂය” කියා දෙයක් පරමාත්මයේ ඉතිහාසයේ හෝ භූගෝලයේ නැහැ. ඔබ ජීවන
මුක්තිය ලබනා අතර අන් සෑම කෙනෙක්ම මුක්තිය ලබනවා. සෑම කෙනෙක්වම රාවණ රාජ්‍යයෙන්
නිදහස් කර ගත යුතුයි. උත්සාහ දරන්නෝ උසස් තත්ත්වයක් දිනා ගනිති. ඔය දරුවන් ඉතාමත්
මිහිරි විය යුතුයි. ඔබගේ ගති ස්වභාවයත් ප්‍රසන්න විය යුතුයි. කේන්ති නොගත යුතුයි.
දුර්වාස කියා නමක් තිබෙනවා. රාජරිෂීන් අතරත් එවන් අය සිටිනවා. සෑම විටම තම අත තම
හදවතේ තබා තමත් කරන්නේ මොනවා ද ඉන් තමන් ලබන්නේ මොනවාද කියා සිතා බලන්න. සේවය නොකර
ඔබ අන් අයවත් තමා හා සම නොකළ හොත් ඔබ කුමන තත්වයකට පත් වෙන්නේ? ලැබෙන සුළු දෙයකින්
පමණක් ඔබ තෘප්තිමත් නොවිය යුතුයි. පරමාත්ම පියා කියනවා: මා පැමිණ සිටින්නේ ඔය
දරුවන්ට සම්පුර්ණ ස්වාධිපත්‍යය හිමි කර දීමටයි. එමනිසා, ධෛර්යවන්ත වී තම
ක්‍රියාවෙන්ම එය ඔප්පු කර පෙන්වන්න. ඒ ගැන කතා කර කර පමණක් ඉඳීමෙන් මෙය කළ
නොහැකියි. පරමාත්ම පියාගේ සේවය වෙනුවෙන් ඔබගේ ඇටමිදුළු දානය කළ යුතුයි. ඇතැම් අය
සියල්ලම කරනමුත් ශාරිරික අවධානයට පත් වී කුමන්ව පරාජය වෙනවා. මායාත් බලයෙන් අඩු
නැහැ. පරමාත්ම පියාගේ ශ්‍රීමත් පිළි නොපදිනා විට, මායා ඔබට පහර දෙන අතර ඔබ පරමාත්ම
පියාගෙන් වෙන් වෙනවා. පරමාත්ම පියා ඔබව සතුටු දේශයේ පාලකවරුන් කරවනවා. එමනිසා, ඔබ
තමන් කෙරෙහිම අනුකම්පා කරගත යුතුයි. මායාගේ කුණාටු ගණනාවක් පැමිණේවි. නමුත් ඔබ
මහාවීරයෙක් විය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සේවය කර
තමාටත් අන් අයට යහපතක් සලසා ගැනීමට ආසා කරන්න. යම් කෙනෙක් විසින් කළ නොමනා සේවා
කටයුත්තක් පිළිබඳව කිසිදු විටෙක කතා පතුරුවන්න එපා. අන් අය ගැන සිතමින් ඔබගේ කාලය
අපතේ හරින්න එපා.
2. අවංක නිරහංකාරී
අයෙක් වී සේවය වර්ධනය කර ගන්න. උදේ පාන්දරින් අවදි වී දැඩි සෙනෙහසින් පරමාත්ම පියාව
සිහි කරන්න. ඔබ කරන දේත් කියන දේත් එක හා සම කර ගන්න.
වරදානය:
"මන්මනභාව්"
යන ස්ථීතියෙහි සිට සෑම කෙනෙකුගේම සිතේ ඇති හැඟීම් අවබෝධ කරගෙන, ඔබ සාර්ථකත්වයේ
ප්‍රතිමූර්තියක් වේවා.
"මන්මනභාව්" යන
ස්ථිතියේ ස්ථාවරව සිටින දරුවන්ට අන් අයගේ සිත් වල ඇති හැඟීම් දැනගත හැකිය. ඔවුන්
කුමක් පැවසුවද, ඔවුන්ගේ හැඟීම් සහ අභිප්‍රායන් මොනවාදැයි අවබෝධ කර ගැනීමේ පුහුණුව
ඔබ අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුය. සෑම කෙනෙකුගේම සිතේ ඇති හැඟීම් අවබෝධ කර ගැනීමෙන්,
ඔවුන්ගේ අවශ්‍යතා සහ අභිලාෂයන් ඉටු කිරීමට ඔබට හැකි වනු ඇත. ඒ තුළින් ඔවුන්
නිරන්තරයෙන් උත්සාහ දරන්නන් බවට පත්වනු ඇත. එවිට, කෙටි කාලයක් තුළ ඔබට සේවාවේ විශාල
සාර්ථකත්වයක් දැක ගත හැකි වන අතර, ඔබ හුදෙක් උත්සාහ දරන්නෙකු වීම වෙනුවට
සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වනු ඇත.
පාඨය:
නින්දට යාමේ
දී සියල්ල පරම පියා වෙත භාර දී ඔබව හිස් කරගන්න; එවිට ඔබට කිසිදු නිෂ්ඵල හෝ අශුභ
සිහිනයක් නොපෙනෙනු ඇත.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
ඔබ ජීවාත්ම,
බ්‍රාහ්මණ ජීවිතය තුළ කෙතරම් පිරිසිදු වන්නේ ද යත්, ඔබ ඔබේ ශරීරය සහ භෞතික පදාර්ථය
පවා පිරිසිදු කරයි. එබැවින්, ඔබ, ජීවාත්මය පිරිසිදු වන විට ඔබේ ශරීරය ද පිරිසිදු
වේ. "සම්පූර්ණයෙන්ම පවිත්‍ර" යන්නෙන් අදහස් වන්නේ අපවිත්‍රත්වයේ සලකුණක්වත් ඉතිරි
නොවිය යුතු බවයි. මන්ද, ඔබ තුළ පවිත්‍රත්වය පවතින ප්‍රමාණයටම ඊට අනුරූපව බ්‍රාහ්මණ
ජීවිතයේ පෞරුෂය ද ඔබ තුළ පිහිටන බැවිනි. ඔබ තුළ පවිත්‍රත්වය යම් පමණකින් හෝ අඩු
නම්, මෙම පෞරුෂත්වය ද අඩු වනු ඇත. පවිත්‍රතාවය පිළිබඳ මෙම පෞරුෂත්වය ඔබ කරන සේවාවේ
සාර්ථකත්වය පහසුවෙන් ළඟා කර ගැනීමට ඔබට මඟ පාදයි.