05.09.24 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙහි ඔබට පවුල් මාර්ගයේ සෙනෙහස ලැබෙනවා. මන්ද, පරම පියා සිය හදවතින්ම
පවසනවා : මගේ දරුවනී කියා. ඔබට උරුමය ලැබෙන්නේ පරම පියාගෙනී. ශරීරධාරී, ගුරු
කෙනෙකුට මෙම සෙනෙහස ලබාදිය නොහැක.
ප්රශ්නය:
මෙම ඥානය
උකහාගත් තියුණු බුද්ධි ඇති දරුවන්ගේ ලක්ෂණ මොනවා ද?
පිළිතුර:
ඔවුන්ට මෙම දැනුම අන් අයට කියා දීමට ප්‍රියමනාපය තිබෙයි. ඔවුන්ගේ බුද්ධි, නෑදෑයන්
සහ මිත්‍රයන් සොයා නොයයි. තියුණු බුද්ධි ඇත්තන් ඉගෙන ගනිද්දී කිසිවිට ඈනුම්
නොඅරිති. කිසිවිට ඔවුන් පාසලේ දී දෑස් පියාගෙනවත් නොසිටිති. මෙහි සිටිනා දරුවන්
බුද්ධිය එහෙ මෙහෙ කැරකෙන උමතු වූවන් සේ සිටියේ නම් මෙම දැනුම ඔවුන් වටහා නොගනී. ඒ
අයට පරම පියා සිහිපත් කිරීම ඉතා අසීරු වේ.
ඕම් ශාන්ති.
මෙය පරම
පියාගේ සහ දරුවන්ගේ හමුවීමකි. මෙය ගුරු - ගෝලයන් හෝ ශිෂ්‍යයන් ගේ සභාවක් නොවේ. එම
ගුරුන්ගේ දැක්ම ඒ අය තම ගෝලයන් හෝ ශිෂ්‍යයන් වශයෙන් තිබෙයි. ඔවුන්ගේ දැක්ම ඒ අය ගැන
සුළුවෙන් තිබෙයි. ඔවුන් ඒ මිනිස්සු දෙස බලන්නේත් එම දැක්මෙනී. ඔවුන් ජීවාත්මයන් දෙස
නොබලයි. ඔවුන් ශරීරය පමණක් දකිනවා. එසේම, ඔවුන්ගේ ගෝලයිනුත් ශරීර අවධානයෙන්
සිටිනවා. ගෝලයින් එම පුද්ගලයාව තම ගුරුන් වශයෙන් සලකති. ඒ අයගේ දැක්ම: එතුමා අපගේ
ගුරුන්නාන්සේ. ගුරුන් ගැන මහත් ගරුත්වයක් ඔවුන්ට ඇත. මෙහි ඇත්තේ ඊට වඩා ලොකු
වෙනසකි. මෙහි පරම පියාට දරුවන් කෙරෙහි ගරුත්වයක් ඇත. ඔහු ඔබලාට ඉගැන්විය යුතු බව
ඔහු දනී. ඔහු විසින් ඔබට ලෝක චක්‍රය කැරකෙන අන්දම ඉගැන්වීමටත් අසීමිත ඉතිහාසය සහ
භූගෝලය ද පහදා දීමටත් ඇත. ගුරුන්ට තම ගෝලයන් කෙරෙහි හදවතින් සෙනෙහසක් නොතිබෙයි. තම
දරුවන් සේ සෙනෙහස නොදෙති. පරම පියාට දරුවන් කෙරෙහි බොහෝ සෙනෙහස ඇති අතර දරුවන්ටත්
පියා කෙරෙහි බොහෝ සෙනෙහස ඇත. ඔබ දන්නවා එම බාබා ඔබට ලෝක චක්‍රයේ දැනුම දෙමින් සිටින
බව. ඒ අය මොනවද උගන්වන්නේ? ඒ අය වේද ශාස්ත්‍ර ආදී දේ කියා දෙනවා. අඩ චක්‍රයක් පුරා
ඔවුන් භක්ති මාර්ගයේ ශිල්ප ශාස්ත්‍රයන් නිරූපණය කරමින්, ගායත්‍රී මන්ත්‍ර ආදිය
උගන්වමින් සිටිනවා. පරම පියා පැමිණ ඔහුගේ හැඳින්වීම ඔබට ලබා දෙනවා. අප කොහෙත්ම පරම
පියා ගැන දැන සිටියේ නැහැ. ඔහු සර්ව ව්‍යාප්ත වූ කෙනෙක් කියායි අප කීවේ. දෙවියන්
සිටින්නේ කොහිද කියා ඔවුන්ගෙන් ඇසුවොත් ඔවුන් එසැනින් කියන්නේ දෙවියන් සර්ව
ව්‍යාප්තයි කියායි. මිනිස්සු මෙහි ඇවිත් ඔබ උගන්වන්නේ මොනවාද කියා ඔබෙන් අසන විට
ඔවුන්ට කියන්න: මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කරන, එනම්, රජවරු බවට
පත්කරවන රාජයෝගාවයි ඔබට උගන්වන්නේ කියා. මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්ථනය කරන
අධ්‍යාපනයක් තමන් දෙන්නේ යැයි කියන තවත් ආධ්‍යාත්මික සභාවක් නොමැත. දේවතාවරු
ස්වර්ණම යුගයේ සහ මනුෂ්‍යයන් යකඩ යුගයේ සිටී. අප දැන් ඔබට, ඔබ පෘථිවි තලයේ පාලකයන්
බවට පත්වීමේ ලෝක චක්‍රයේ රහස් පහදා දෙනවා. එසේම පාරිශුද්ධ වීම සඳහා ඉතාමත් හොඳ
මාර්ගයක් ඔබට පෙන්වා දෙනවා. එවන් ක්‍රමයක් අන් කිසිවෙකුට ඉගැන්විය නොහැකියි. මෙය
පහසු රාජයෝගාව වේ. පරම පියා පාරිශුද්ධකරුවායි. ඔහුමයි සර්ව බලධාරී. ඉතින්, ඔහු
සිහිපත් කිරීම මගින් ඔබේ පාපයන් පිළිස්සී යන්නේ යෝගාව ගින්නක් නිසාවෙනි. ඉතින්,
මෙහිදී ඔබට අළුත්ම විෂයන් උගන්වා ඇත. මෙයයි දැනුමේ මාර්ගය. ඥාන සාගරය ඒකායන පියාය.
ඥානය සහ භක්තිය වෙනස් ඒවා වේ. පරම පියාට පැමිණ ඉගැන්වීමට සිදුවන්නේ ඥාන සාගරය ඔහුම
වූ බැවිනී. ඔහුමයි පැමිණ ඔහුගේ හැඳින්වීම ලබා දෙන්නේ: මම සියල්ලන්ගේම පියා වෙමි. මා
බ්රහ්මා තුළින් මුළු ලොවම පාරිශුද්ධ කරනවා. ස්වර්ණම යුගය පාරිශුද්ධ ලොවයි. එවිට
යකඩ යුගය අපවිත්‍ර ලොවයි. එමනිසා, මෙය යකඩ යුග අන්තයේ සහ ස්වර්ණම යුග ආරම්භයේ ඇති
සංගම යුගයයි. මෙයට කියන්නේ අධික යුගය කියායි. මෙම යුගයට පැනගත්ත අප පරණ ලොවෙන් නව
ලොවට පනිනවා. ඒ මිනිසුන් ඉනිමඟ දිගේ කෙමෙන් පහළට බැසගෙනයි එන්නේ. අප කෙලින්ම ඉහළට
යනවා. අප පරණ ලොව අත්හැර දමා නව ලොවට යනවා. මෙය අසීමිත කාරණාවකි. අසීමිත ලොවෙහි
බොහෝ මිනිසුන් සිටී. දිව්‍යලෝකය යැයි කියන නව ලොවෙහි සිටින්නේ මිනිසුන් ස්වල්ප
දෙනෙකි. එහි සැවොම පාරිශුද්ධව සිටී. මේ යකඩ යුගයේ සැවොම අපවිත්‍රයි. රාවණ ඔබව
අපවිත්‍ර කළා. අප සියලු දෙනාටම පැහැදිලි කර දෙනවා: ඔබ දැන් සිටින්නේ රාවණ රජදහන නම්
වූ පරණ ලොවෙහිය. මුලින්ම, ඔබ සිටියේ දිව්‍යලෝකය නම් වූ රාම රාජ්‍යයේය. අපට කියන්න
පුළුවන් දැන් අප උපත් 84හි චක්‍රය වටා ගොස් පහළට පැමිණ සිටිනවා කියා. ඉතා හොඳ
නුවණැති අය මෙය ඉතා ඉක්මණීන් වටහා ගනීවි. කාගේ බුද්ධියෙහි මෙය නොරැඳේ ද ඔවුන් මෙහි
උමතු අය මෙන් ඉඳිමින් වටපිට බලමින් සිටීවි. මෙසේ: ඔබ නම් පිස්සෙක් වාගේ යැයි කියති.
සන්යාසීන් ඔවුන්ගේ කතා කියන විට, කෙනෙකු නිදි කිරුවොත් හෝ ඔහුගේ අවධානය වෙනතක
ගියොතින් ඔහු එම පුද්ගලයාගෙන් එසැනම අසන්නේ: මම මොනවද දැන් කීවේ? පරම පියාත් සෑම
දෙනා දෙසම නොකඩවා බලන්නේ නියතවම කිසිවෙකුත් මෙහි උන්මත්තකයෙක් මෙන් නොඉඳිනවා ඇතැයි
යනුවෙනි. ඉතාමත් හොඳ සිහි නුවණැති දරුවන් ඉගෙන ගනිද්දී ඈනුම් අරින්නේ නැත. පාසලක
සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් දෑස් වසා සිටින්නේ නැත. ඔවුන්ට කොහෙත්ම දැනුම
වැටහෙන්නේත් නැත. ඉන්පසු පරම පියා සිහිපත් කිරීමත් ඔවුන්ට ඉතා අසීරු වෙයි. ඔවුන්ගේ
පාපයන් කැපී යන්නේ කෙසේ ද? සූක්ෂම බුද්ධි ඇත්තන් ඉතා හොඳින් සියල්ල ධාරණය කරගෙන
අන් අය සමඟ දැනුම බෙදා දීමට ප්‍රිය කරති. කෙනෙකුට දැනුම නොමැති විට, ඔහුගේ බුද්ධිය
ඥාතීන්, මිත්‍රයන් සොයා යයි. මෙහිදී පියා කියනවා : ඔබ සියල්ලක්ම අමතක කළ යුතුයි.
අවසානයේදී කිසිම දෙයක් මතක් විය නොයුතුයි. බාබා සන්යාසීන් ආදීන් දැක තිබෙනවා. ඔවුන්
බ්රහ්මාණ්ඩය ගැන දැඩි විශ්වාසයකින් සිටින්නේ. ඔවුන් හිමිදිරියේ බ්රහ්මාණ්ඩය
සිහිපත් කරමින් ඒ අයුරින් ශරීරය අත්හරිති. ඔවුන්ගේ නිහඬතාවයට විශාල බලපෑමක් ඇති කළ
හැකියි. ඒ කෙසේවෙතත්, කිසිම කෙනෙකුට බ්රහ්මාණ්ඩය තුළට මුසුවිය නොහැක; ඔවුන්ට තවමත්
මව් කුසයෙන් උපත ලබන්නට සිදුවේ. පරම පියා පැහැදිලි කළා: ඇත්තෙන්ම, ක්‍රිෂ්ණාට
ශ්‍රේෂ්ඨ ආත්මයක් කියති. මිනිස්සු එසේ කියන්නේ වැටහීමකින් තොරවයි. පරම පියා පහදා
දෙනවා: ශ්‍රී ක්‍රිෂ්ණා සම්පූර්ණයෙන් පාපයෙන් තොරවූ (නිර්විකාරී) කෙනෙකි. එහෙත්
ඔහුට සන්යාසි යැයි නොකියති. ඔහු දේවතාවක් යැයි කියති. ඔහුට සන්යාසී හෝ දේවතාවරයෙක්
කියා ඇමතුවත් එය අර්ථාන්විතයි. ඔහු කෙසේද දේවතාවක් වුණේ? ඔහු සන්යාසි බවෙන්
දේවතාවරයෙක් වූ කෙනෙකි: ඔහුට අසීමිත අත්හැරීමක් තිබූ පසු ඔහු නව ලෝකයට ගියා. ඒ
මිනිසුන්ට තිබෙන්නේ සීමිත අත්හැරීමක්; ඔවුන්ට අසීමිතයට යා නොහැකියි. ඔවුන් සීමිතය
තුළ පාපය තුළින් පුණරුත්පත්ති ගනී. ඔවුන්ට අසීමිතයේ අධිපතීන් විය නොහැක. ඔවුන්ට
රජෙක් රැජිණක් විය නොහැක්කේ ඔවුන්ගේ ධර්මය වෙනම එකකි. අත්හැරීමේ ධර්මය දේවතා ධර්මය
නොවේ. පරම පියා කියයි : මම අධර්මිෂ්ටතාවය විනාශ කර දේවතා ධර්මය ස්ථාපනය කරමි. පාපය
අධර්මය වේ. එමනිසායි, පරම පියා කියන්නේ : මා ඒ සියලු දේ විනාශ කරන්නේ ආදී සනාථන
දේවි දේවතා ධර්මය ස්ථාපනය කිරීම සඳහායි. භාරතයෙහි ස්වර්ණම යුගය තිබූ කල එහි තිබුණේ
එක් ධර්මයයි. එම ධර්මය අනතුරුව අධර්මය විය. ඔබ දැන් නැවත වරක් ආදී සනාථන දේවි දේවතා
ධර්මය ස්ථාපනය කරමින් සිටිනවා. සෑම කෙනෙකුම කොපමණ උත්සාහ දරයි ද, ඒ අනුව ඔහු ඉහළ
තත්ත්වයක් අත්කර ගනී. ඔබ සෑම කෙනෙකුම ජීවාත්මයක් යන විශ්වාසය තිබිය යුතුයි. ඔබ
නිවසේ ඔබේ පවුලේ අය සමඟ ජීවත්විය හැකියි නමුත් එසේ හිඳිමින් හැකි පමණීන්, ගමන්
බිමන් වල යෙදෙන විටත් මෙය ස්ථිර කළ හැකියි. භක්තිවන්තයින් පාන්දරින්ම අවදි වී
හුදෙකලාවේ ගොස් රෝසරි මාලයේ ඇට කරකවති. ඔබේ ගිණුම මුළු දවසටමයි: මේ වේලාවේ මෙපමණ
ස්මරණය තිබුණා, දවස මුළුල්ලේ මට මෙපමණ ස්මරණය තිබුණා. එවිට ඔබට එකතුවක් තිබෙයි. ඒ
මිනිස්සු උදේ පාන්දර නැගිට රෝසරි මාලයේ බීජ, සැබෑ දේවතාවන් නොවුවත් ඒවා කරකැවීම
කරති. ඇතැම් අයගේ බුද්ධි දිගටම වටපිටාවේ සෑමතැන් වලටම යයි. භක්ති කිරීමෙහි යහපතක්
නොමැති බව ඔබට දැන් වැටහී ඇත. මෙය ඥානයයි; ඉන් බොහෝ සේ යහපත ඇත. දැන් ඔබ ඉහළ
නඟිමින් සිටින තත්ත්වයේ ය. පරම පියා ඔබට නැවත නැවත කියයි : මන්මනාභව්! මේ වදන්
ගීතාවෙහි ද සඳහන් වේ. එහෙත් ඒවායේ අර්ථය කිසිවෙකුටත් කිව නොහැකියි. ඔබට පිළිතුරු
දිය යුතු ආකාරය කිසවෙකුත් නොදනී. ඇත්ත වශයෙන්ම, එහි අර්ථය: තමාව ජීවාත්මයක් සේ සලකා
සියලු ශරීරධාරීන් අත්හැර මා පමණක් සදා ස්මරණය කරන්න. දෙවියන්ගේ වදන් මේවායි.
කෙසේවෙතත්, ඔවුන්ගේ බුද්ධිය තුළ ඇත්තේ ක්‍රිෂ්ණා දෙවියන්ය කියායි. ඔහු උපත විපතට
ලක්වන ශරීරධාරියෙකි. ඔහුට කෙසේ ද දෙවියන් යැයි කියන්නේ? එමනිසා, සන්යාසීන් ආදීන්ට
පියා සහ දරුවන් යන සම්බන්ධතාවය නොතිබේ. ගාන්ධිතුමාටත් බාපුජී (පියා) කියති. එසේ
අමතන්නේ පිය පුතු සම්බන්ධතාවයෙන් නොවෙයි. ඔහු මනුෂ්‍ය ජීවයක්. තමන්වම ජීවාත්ම
වශයෙන් සලකන්නැයි ඔබට පහදා දී තිබෙනවා. අසීමිත බාපු ජී (පරම පියා) මොහු තුළ සිටින
කෙනායි. ඔබට ලෞකීක සහ අලෞකීක පියවරු දෙදෙනාගෙන්ම උරුමයක් ලැබෙනවා. ඔබට බාපුජීගෙන්
මොනම උරුමයක් වත් ලැබුණේ නැහැ. හොඳයි, භාරතයට නිදහස ලැබුණා, එහෙත් එයට උරුමයක් කියා
කිව නොහැකියි. එයට සතුට ලැබී තිබිය යුතුයි. උරුමයන් දෙකක් ඇත. එකක් සීමිත පියාගෙන්
ලැබෙන උරුමය, අනෙක අසීමිත පියාගෙන් ලැබෙන උරුමය. බ්‍රහ්මාගෙන් උරුමයක් ඔබට නොලැබේ.
ඔහුට ප්‍රජාපිතා හෝ මීමුත්තා යැයි කීවත් ඔහුම කියන්නේ: ඔබට මාගෙන් උරුමයක් ලැබෙන්නේ
නැත. ඉතින් ඔහුම කියනවා නම් ඔහුගෙන් මොනම උරුමයක් වත් ඔබට නොලැබෙයි කියා බාපුජීගෙන්
ඔබට කුමක් ලැබෙනු ඇත්ද? කිසිවක් නැත! බ්‍රිතාන්‍යයන් නික්ම ගියා. දැන් තිබෙන්නේ
කුමක් ද? උපවාසයේ යෙදීම! අවහිර කිරීම සහ වැඩවර්ජනය ආදී දේවල් නොකඩවා කෙරෙනවා. අපරාධ
ක්‍රියාවන් බොහෝ සේ දිගටම කෙරෙනවා. ඔවුන් කිසිම කෙනෙකුට බිය නැත. ඔවුන් උසස්
නිළධාරීන් පව මරා දමනවා. සතුට වෙනුවට තවත් බොහෝ සේ දුක තිබේ. අසීමිත විෂයන්
තිබෙන්නේ මෙහි පමණයි. පරම පියා කියයි : පළමුවෙන්ම, ස්ථිර විශ්වාසය තබන්න : මා
ජීවාත්මයක්, ශරීරය නොවෙයි. පරම පියා මාව භාරගත්තා; මා හදාගන්නට ගත් දරුවෙකි. ඥාන
සාගරය වූ පරම පියා පැමිණ සිටිනවා. ඔහු ලෝක චක්‍රයේ රහස් ඔබට පැහැදිලි කර දෙයි. මේ
දේවල් පැහැදිලි කිරීම අන් කිසිම කෙනෙකුට කළ නොහැකිය. පරම පියා කියයි : ඔබේ ශරීරය
අමතක කරන්න. සියලු ශරීර ධර්මයන් අමතක කරන්න, නිරන්තරව මා පමණක් සිහිපත් කරන්න.
අනිවාර්යෙන්ම ඔබ සතෝප්‍රධාන් විය යුතුව තිබේ. ඒ පරණ ලෝකය අනිවාර්යෙන් විනාශ වී යන
බවත් ඔබ දන්නවා. නව ලොවේ සිටින්නේ ඉතාමත් ටික දෙනෙකි. කෝටි ගණන සහ නව ලක්ෂ ගණන අතර
බොහෝ වෙනසක් තිබෙනවා. සියලු ජීවාත්මයන් කොහේ යාවිද? දැන් ඔබේ බුද්ධි තුළ තිබෙනවා,
අප සියලු ජීවාත්මයන් ඉහළ සිටි බවත් ඉන්පසු අප පහළට අපගේ චරිත කොටස කිරීමට බැස ආ
බවත්. ජීවාත්මයකට නළුවෙක් කියති. ජීවාත්මය ශරීරය තුළින් රඟපායි. ජීවාත්මයට ඔහුගේ
ඉන්ද්‍රීයන් අවශ්‍ය කරයි. ජීවාත්මය ඉතා කුඩායි. එහි උපත් මිලියන 8.4ක් නොතිබෙයි.
සැවොම උපත් මිලියන 8.4ක් ගත්තොත් චරිත කොටස් පුණරාවර්තනය වන්නේ කෙසේ ද? ඔබට කිසිම
දෙයක් වත් මතකයට නොඑනු ඇත. එය ඔබේ මතකයට ඉක්මවූ දෙයකි. උපත් 84 පවා ඔබට මතක් කළ
නොහැකියි; ඔබට ඒවා අමතක වී ඇත. ඔය දරුවන් දැන් පරම පියා සිහිපත් කළ යුතුයි. එවිට
අනිවාර්යෙන්ම ඔබ පාරිශුද්ධ වෙනවා. මේ යෝග ගින්නෙහි ඔබේ පාපයන් පිළිස්සී යාවි. ඔබ
සෑම චක්‍රයේ ම ඔබේ අසීමිත උරුමය අසීමිත පියාගෙන් ලබාගන්නවා යන විශ්වාසය ද ඔබට තිබිය
යුතුයි. දැන් ඔබට දිව්‍යලෝකයේ පුරවැසියන් වීම සඳහා පරම පියා කීවේ : නිරන්තරයෙන් මා
පමණක් සිහිපත් කරන්න, මන්ද‚ පාරිශුද්ධකරුවා මා පමණයි. ඔබ පරම පියාට කන්නලව් කරමින්
සිටියා. ඉතින්, පරම පියා ඔබව පාරිශුද්ධ කිරීමට පැමිණ සිටිනවා. දේවතාවරු පවිත්‍රයි.
එහෙත් මනුෂ්‍ය ජීවයන් අපවිත්‍රයි. ඔබ පාරිශුද්ධ වී සාම දේශයට යා යුතුව ඇත. ඔබට
අවශ්‍ය සාම දේශයට යාමට ද නැතිනම් සතුටු දේශයට යාමට ද? සන්යාසීන් කියන්නේ සතුට නම්
කපුටෙකුගේ පැහැරවීමක් බඳුයි කියායි. ඔවුන්ට අවශ්‍ය වන්නේ සාම දේශයට යාමටයි.
එහෙයින්, ඔවුන්ට ස්වර්ණම යුගයට යා නොහැකියි. ස්වර්ණම යුගයෙහි තිබෙන්නේ ගෘහස්ථ
මාර්ගයයි. දේවතාවරු පාපයෙන් තොර වූවන් (නිර්විකාරී) වී සිටියේ. ඔවුන් නැවත නැවත
ඉපදීමෙන් අපවිත්‍ර වුණී. පරම පියා දැන් කියන්නේ : ඔබ නිර්විකාරී විය යුතුයි. ඔබට
දිව්‍යලෝකයට යාමට අවශ්‍ය නම්, මා සිහිපත් කරන්න, එවිට ඔබේ පාපයන් කැපී ගොස් ඔබ
පාරිශුද්ධ පුණ්‍යාත්මයක් වේවි. ඉන්පසු ඔබ සාම දේශයට ගොස් එතැනින් සතුටු දේශයටත්
යනවා ඇත. එහිදී සතුට මෙන්ම සාමයද ඇත. දැන් මෙය දුක් දේශයයි. පරම පියා පැමිණ නැවත
වරක් සතුටු දේශය ස්ථාපනය කරනවා. දුක් දේශය විනාශ කරනවා. ඔබ ඉදිරියේ එම ප්‍රතිමා ද
ඇත. ඔවුන්ගෙන් අසන්න: ඔබ දැන් සිටින්නේ කොතැනද? යකඩ යුගයේ. විනාශය මඳක් ඉදිරියේ ඇත.
කුඩා කැබැල්ලක් පමණයි ඉතිරි වන්නේ. දැන් සේ බොහෝ මහද්වීප එහි නොතිබෙයි. මෙහි
හිඳිමින් ඔබට ලොවේ ඉතිහාසය සහ භූගෝලය උගන්වන්නේ පරම පියාමයි. මෙය පාසැලකි. පරමාත්ම
දෙවියන් පවසන්නේ : සියල්ලට කලින් ඔබ පරම පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. දැන් ඔබට
මේ යකඩ යුගයේ සිට ස්වර්ණම යුගයට යාමට තිබේ. එහි සතුට මිස අන් කිසිවක් නැත. ඒකායන
ස්මරණය යනු අමිශ්‍ර ස්මරණයයි. ඔබේ ශරීර ද අමතක කළ යුතුව ඇත. ඔබ පැමිණියේ සාම
දේශයෙන්, ආපසු යන්නේත් සාම දේශයටයි. එහි අපවිත්‍ර ජීවයන්ට යා නොහැකියි. ඔබ පරම පියා
සිහිපත් කරමින් පාරිශුද්ධ වීමෙන් අනතුරුවයි ඔබ මුක්ති දේශයට යන්නේ. ඔබ මෙය ඉතා
හොඳින් පැහැදිලි කළ යුතුයි. කලින් මේ පින්තූර සියල්ල තිබුණේ නැහැ. පින්තූර නැතිවයි
සියලු දේ ඉතා කෙටියෙන් ඔබට පැහැදිලි කළේ. මේ පාසලේදී ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවරුන්
බවට වෙනස් වීමට ඇත. මෙම දැනුම නවලොව සඳහායි. මෙම දැනුම දෙන්නේ පරම පියා පමණයි. පරම
පියා ගේ බැල්ම ඔබ මතමයි තිබෙන්නේ. අප ජීවාත්මයන්ටයි ඔහු උගන්වන්නේ. ඔබට අසීමිත පරම
පියා උගන්වන දේ ඔබත් පැහැදිලි කළ යුතුයි. ඔහුගේ නාමය ශිව බාබා යි. ඔබ "අසීමිත බාබා"
කීවොත් ඔවුන් කලබල වෙයි. මන්ද, එහි බාබාවරු බොහෝ දෙනෙක් සිටී. ඔවුන් නගරාධිපතිට පවා
බාබා කියති. පරම පියා කියයි : මා මොහු තුළට ඇතුළු වූවත්, මාගේ නම ශිවා මයි. මා ඔබට
දැනුම දෙන්නේ මේ රථය තුළිනි. මොහුව දරුකමට භාරගෙන මා ඔහුට ප්‍රජාපිතා බ්රහ්මා කියා
නම් තැබුවා. ඔහුත් උරුමය ලබන්නේ මා වෙතිනි. අච්චා.
සුමිහිරි, ආදරණීය
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පරණ ලොවෙන්
නව ලොවට දැන් එක් පිම්මකින් තරණය කළ යුතු කාලය වේ. එබැවින් පරණ ලොව කෙරෙහි අසීමිත
අත්හැරීමක් තබා ගන්න. එය ඔබේ බුද්ධියෙන් ඉවත් කරන්න.
2. ඉගෙනුමට සම්පූර්ණ
අවධානය යොමුකරන්න. ශිෂ්‍යයන් පාසැලේ දී සාමාන්‍යයෙන් දෑස් වසා සිටීම නොකරති. ඉගෙන
ගන්නා අතරේ ඔබේ බුද්ධිය අයාලේ යනවාද, එසේම ඈනුම් නොඇර සිටිනවාද යන්නෙහි අවධානය
යොමන්න. නොකඩවා, ඉගෙන ගන්නා විෂයන් ධාරණය කරගන්න.
වරදානය:
ඔබට ස්වයං
පරමාධිපත්‍ය හිමිවීමෙන් සහ ඔබගේ ආධ්‍යාත්මික කුල්මත්භාවයෙන් පැරණි ලෝකය අමතක කර ලෝක
පරමාධිපත්‍යයට අයිතියක් ලැබේවා.
සංගම යුගයේදී පරමාත්ම
පියාගේ උරුමයට අයිතියක් ඉල්ලා සිටින අය ස්වයං පරමාධිපත්‍යයට අයිතියක් ඇති අය වන අතර
එබැවින් ලෝක රාජධානියටද අයිතියක් ඇත. අද ඔබට ස්වයං පරමාධිපත්‍ය ඇති අතර හෙට ලෝකයේ
රාජ්‍යය හිමි වනු ඇත. එය අද සහ හෙට දවසේ ප්‍රශ්නයක්. එවැනි අයිතියක් ඇති ඔබ ජීවාත්ම
ආධ්‍යාත්මික කුල්මත්ත්භාවයේ රැඳී සිටින අතර එම කුල්මත්භාවය පැරණි ලෝකය පහසුවෙන්
අමතක කිරීමට ඔබට හැකියාව ලබා දෙයි. අයිතියක් ඇති අයට කිසිවිටෙක කිසිම වස්තුවක්,
පුද්ගලයෙක් හෝ සංස්කාරයක් මත යැපීමට සිදු නොවේ. සීමිත දේවල් අත්හැරීමට ඔවුන් උත්සාහ
කළ යුතු නැත, මන්ද, එම දේවල් ඉබේම ඒවායින් ඉවත් වේ.
පාඨය:
තමන් සතු සෑම
තත්පරයක්ම, හුස්මක්ම සහ සෑම නිධානයක්ම වටිනා ආකාරයෙන් භාවිතා කරන අය පමණක්
සාර්ථකත්වයේ ප්‍රතිමූර්තීන් බවට පත් වෙති.