05.09.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ පොරොන්දුව වන්නේ, ඔබ පාරිශුද්ධත්වයට පත් වන තුරු, දිගටම පියාව සිහිපත්
කරන බව සහ ඔබ පරම පියාට පමණක් ආදරය කරන බවයි.
ප්‍රශ්නය:
කාලය දැකීමෙන්
නුවණ ඇති ඔබ දරුවන් දරන්නේ කුමන උත්සාහයද?
පිළිතුර:
අවසානයේ, ඔබගේ සිරුර හැර යන විට, තිබිය යුත්තේ බාබාගේ සිහි කිරීම පමණක්මය; වෙනත්
කිසිවක් සිහි නොවිය යුතුයි. දැන් සිටම ඔය නුවණ ඇති දරුවන්, එවන් උත්සාහයක් දිගටම
දරයි, මන්ද, ඔබ ආපසු නිවසට යාමට පෙර, ඔබ කර්මතීට් විය යුතු බැවින්. මේ සඳහා, ඔබගේ
පැරණි සමට ඇති බැඳීම දිගටම ඉවත් කරගන්න: මා දැන් බාබා වෙතට යනවා.
ගීතය:
ඔහු අපගෙන්
වෙන් වන්නෙත් නැහැ, අපි දුක් විඳින්නෙත් නැහැ.
ඕම් ශාන්ති.
පරම පියා
මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙන අතර, ඔය දරුවන් අසීමිත පියාට පොරොන්දු
වන්නේ: බාබා, මා අයිති ඔබටයි. අවසානය දක්වා, අප සාම දේශයට යන තුරු, අපගේ හිස මත ඇති
උපත් ගණනාවක පාපයන්, ඔබගේ සිහිපත් කිරීම තුළින් පිළිස්සී යයි. මෙයට යෝගාවේ ගින්න
යැයි කියයි වෙනත් මඟක් නැත. පාරිශුද්ධකරු සහ ශ්‍රී ශ්‍රී 108 ජගත්ගුරු යැයි කියන්නේ
ඒකායන ඔහුට පමණි. ලොවෙහි පියා, ලොවෙහි ගුරුවරයා සහ ලොවෙහි සත්ගුරු වන්නේ ඔහුම
පමණයි. නිර්මාණයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය ලබා දෙන්නේ පරම පියා පමණයි. මෙය
අපවිත්‍ර ලෝකයයි. මේ ලෝකයේ එකදු පුද්ගලයෙක් හෝ පිවිතුරු වීම, කෙසේවත් විය
නොහැක්කක්. පාරිශුද්ධකරු පියා, සියල්ලන්ට විමුක්තිය පිරිනමයි. ඔබ ඔහුගේ දරුවන් වී
ඇත. ලෝකය පිවිතුරු කරන අන්දම ඔබ ඉගෙනගන්නවා. ත්‍රිමූර්තියට ඉහළින් අනිවාර්යෙන්ම
ශිවාව තැබිය යුතුයි. ඔබ මෙසේද ලිවිය යුතුයි දේවතා ආධිපත්‍යය ඔබගේ උපත් අයිතියයි.
එයද සිදුවන්නේ දැන්, චක්‍රයේ සංගම යුගයෙදීය. එය පැහැදිලිව නොලියන්නේ නම් මිනිසුන්ට
එය වටහා ගැනීමට නොහැකි වනු ඇත අනෙක් කාරණය වන්නේ, ඔවුන් ’බ්‍රහ්ම කුමාරී‘ යන නම
කියවන විට, ’ප්‍රජාපිතා‘ යන වචනයද අනිවාර්යෙන්ම අවශ්‍යයි, මන්ද බ්‍රහ්ම යන නම, බොහෝ
දෙනෙකුට ඇති බැවින්. ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරී ඊෂ්වර්ය විශ්ව විද්‍යාලය කියා ඔබ
ලිවිය යුතුයි. ගලක් වැනි වර්තමාන ලෝකය, පාරිශුද්ධ සහ දිව්‍යමය ලෝකයක් බවට පරිවර්ථනය
කරන්නේ ඒකායන පියා පමණක් බව, ඔබ දන්නවා. මෙකල, එකදු මනුෂ්‍යයෙක්වත් පිවිතුරු නැත.
සෑම කෙනෙක්ම නොකඩවා එකිනෙකා සමඟ කලහ ඇති කරමින් අපහාස කරමින් සිටියි. පියා,
මත්ස්‍යයෙක් සහ කිඹුලෙක් සේ අවතරණය වූ බව පවා ඔවුන් කියයි. අවතරණය යනු කුමක්ද
කියාවත් ඔවුන්ට නොවැටහෙයි. අවතරණය වීම සිදුවන්නේ, එම ඒකායන කෙනා පමණයි. ඔහු සූක‍්ෂම
අන්දමකින් සිරුරකට ඇතුළු වී, ලෝකය පිවිතුරු කරයි. අන් සියලුම ජීවාත්ම තමන්ගේම
සිරුරු ගන්නා නමුත් එම ඒකායන කෙනාට තමන්ගේම සිරුරක් නැත. කෙසේවෙතත්, ඔහු ඥානයේ මහා
සාගරයයි. ඉතිං ඔහු ඥානය ලබා දෙන්නේ කෙසේද? ඔහුට සිරුරක් අවශ්‍යයි. ඔබ හැර වෙනත්
කිසිවෙකු මෙම දේවල් නොදනී. පවුලේ අය සමඟ නිවසේ සිටිමින්, පිවිතුරු වීම, එඩිතර
ක්‍රියාවකි. මහාවීරයෙක් වීම යනු, එඩිතරකම පෙන්වීමයි. සන්යාසීන්ට කළ නොහැකි දේ,
ප්‍රායෝගීකව කිරීමට, විශාල එඩිතරකමක් අවශ්‍යයි. පවුලේ අය සමඟ නිවසේ වාසය කර, නෙළුම්
මලක් සේ පිවිතුරුව රැඳී සිටීමට කියා, පරම පියා ඔබට ශ්‍රීමත් ලබා දෙයි. ඔබට උසස්
තත්ත්වයක් හිමි කර ගත හැකි වන්නේ එවිට පමණයි. ඔබ ලෝක රාජධානිය ලබා ගන්නේ වෙන
කොහොමද? මෙය සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන වීමට ඇති අධ්‍යයනයයි. මෙය පාඨශාලාවක්.
බොහෝ මිනිසුන් මෙහි ඉගෙන ගන්නවා. මේ නිසයි මෙසේ ලියා තිබෙන්නේ ලෝක ආධ්‍යාත්මික
විශ්ව විද්‍යාලය. මේවා සම්පූර්ණයෙන්ම නිවැරදි වචනයි. අප ලෝකයේ අධිපතියන්ව සිටියේ
පෙර දිනයේ බව, භාරතයේ ජනයා වන ඔබලා දන්නවා. වර්තමානයේ පවා, රාධේ සහ ක්‍රිෂ්ණා මෙන්ම
ලක‍්ෂ්මි සහ නාරායන වෙනුවෙන් දේවාල දිගටම තැනෙනවා. ඇතැම් අය අපවිත්‍ර මනුෂ්‍යයින්
වෙනුවෙන් පවා දේවාල තනනවා. තඹ යුගයේ සිට ඇත්තේ අපවිත්‍ර මනුෂ්‍යයින් පමණයි. ශිවා සහ
දේවතාවන් වෙනුවෙන් දේවාල තැනීම සහ අපවිත්‍ර මනුෂ්‍යයින් වෙනුවෙන් දේවාල තැනීම අතර
විශාල වෙනසක් තිබේ ඔවුන් දේවතාවන් නොවේ. එබැවින් පියා පවසන්නේ, ඔබ මෙම දේවල් ඉතා
හොඳින් මතගෑ යුතු බවයි. දවසින් දවස, ලියා ඇති දේවල් වෙනස් කළ යුතු අන්දම ගැන බාබා
විස්තර කරනවා. ඔබ මෙසේ නොඇසිය යුතුයි එය ආරම්භයේදී ඒ අන්දමින් නිර්මාණය නොකළේ ඇයි?
ඔබ මෙසේද නොඇසිය යුතුයි, ’මන්මනභව‘හි අරුත අපට ඒ අන්දමින් මුලදී විස්තර කර නොදුන්නේ
ඇයි? ආ! නමුත් ආරම්භයේදී ඔබට මේ අන්දමින් සිහිපත් කිරීමේ සිටීමට නොහැකිය. සෑම දේකටම
නිවැරදි ප්‍රතිචාරයක් ලබා දිය හැක්කේ දරුවන්ගෙන් ඉතාමත්ම ටික දෙනෙකුට පමණයි. ඔබට
උසස් තත්ත්වයක් හිමි කරගැනීම, ඔබගේ භාග්‍යයේ නොමැති නම්, ගුරුවරයා ඒ ගැන කුමක්
කරන්නද? ඔහු ඔබට ආශිර්වාද කිරීමෙන් පමණක් ඔබව උසස් බවට පත් කරවන්නේ නැහැ. ඔබ
කුමනාකාරයේ සේවයක් කරනවාද කියා, ඔබ තමන්ව පරීක‍්ෂා කර බැලිය යුතුයි. ඔබ නිරතුරුවම
ඥානයේ මහා සයුර ආවර්ජනය කරමින් සිටිය යුතුයි. ’ගීතාවේ දෙවියන් කවුරුන්ද?‘ යන
පිංතූරය, ප්‍රධාන එකකි. පරමාත්ම දෙවියන් අශාරීරිකයි. ඔහුට බ්‍රහ්මාගේ සිරුර නොමැතිව
කිසිම දෙයක් කිව නොහැක. ඔහු සංගම යුගයෙදී බ්‍රහ්මාගේ සිරුර තුළට ඇතුළු වෙයි.
බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර් සිටින්නේ වෙන කුමකටද? ඔහුගේ චරිත කතාව තිබිය යුතුයි.
කිසිම කෙනෙක් කිසිම දෙයක් නොදනී. ඔවුන් බ්‍රහ්මා ගැන කියන්නේ අත් 100 ක් ඇති
බ්‍රහ්මා වෙතට යන්න! හෝ අත් 1000 ක් ඇති බ්‍රහ්මා වෙතට යන්න! මේ ගැන කතාපුවතක් සාදා
ඇත. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් බොහෝ දෙනෙක් සිටිති. ඔවුන් මෙහි පැමිණෙන්නේ
පිවිතුරු වීමටයි. ඔවුන් උපතින් උපතට අපවිත්‍ර වෙමින් සිටියා. ඔබ දැන් සම්පූර්ණයෙන්ම
පිවිතුරු විය යුතුයි. නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්නට කියා, ඔබට ශ්‍රීමත්
ලැබෙයි. බාබාව සිහිපත් කරන්නේ කෙසේද කියා වටහා ගැනීමට, ඔබගෙන් ඇතමෙකුට තවමත් බැරිය.
ඔවුන් ව්‍යාකූලත්වයට පත් වනවා. පියාට අයිති වීමෙන් පසුවත්, ඔබ පාපයන් ජයගන්නා
කෙනෙක් නොවන්නේ නම්, එමෙන්ම ඔබ සිහිපත් කිරීමේ වන්දනාවේ නොසිටින්නේ නම්, ඔබ එවිට
කුමන තත්ත්වයක් හිමි කරගනීද? ඔබ කැප වී සිටින කෙනෙක් වුවත්, ඉන් අත්වන ප්‍රයෝජනය
කුමක්ද? ඔබ පුණ්‍යවන්ත ජීවාත්මයක් වී, අන් අයවත් එසේ කරවන තුරු, ඔබට උසස් තත්ත්වයක්
හිමි කරගැනීමට නොහැක. ඔබ අඩුවෙන් මා සිහිපත් කරන තරමට, ඔබට ලැබෙන තත්ත්වයද අඩු
වෙයි. එවිට ඔබ ද්විත්ව කිරුළක් පළඳින්නේ කෙසේද? ඔබ දරණ උත්සාහයට අනුව, අංක
පිළිවෙලට, ඔබ ටිකක් පසුව පහළට පැමිණෙනු ඇත. ඔබ සෑම දෙයක්ම කැප කර ඇති නිසා, ඔබට
ද්විත්ව කිරුළක් ලැබෙයි කියා සිතන්න එපා. නැහැ, ඔබ පළමුව සේවිකාවක් හෝ දාසියෙක් වී,
අවසානයේදී ඇතැම් විට, ඔබට යමක් ලැබෙනු ඇත. ඔවුන් කැප වී ඇති නිසා, බොහෝ දෙනෙකුට
අහංකාරකමක් තිබේ. ඔබට සිහිපත් කිරීම තිබුණොත් මිසක්, ඔබ කවුරුන් බවට පත් වෙයිද?
සේවිකාවක් හෝ දාසියක් වනවා වෙනුවට, ධනවත් පුරවැසියෙකු වීම හොඳයි. සේවිකාවන්ට සහ
දාසයන්ට ක්‍රිෂ්ණා සමඟ ඔංචිල්ලාවල අසුන් ගෙන පැද්දෙන්නට අවසර නොලැබෙයි. මේවා වටහා
ගත යුතු කාරණාය. ඔබ මෙහිදී බොහෝ උත්සාහ දැරිය යුතුයි. සුළු පමණකින් සතුටට පත්
නොවන්න මම ද රජ කෙනෙක් වෙමි. එසේ නම් රජවරු බොහෝ දෙනෙක් සිටියි. පියා පවසන්නේ පළමු
සහ ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමේ වන්දනාවයි. ඉතා හොඳින් සිහිපත් කිරීමේ සිටින
අය, සතුට අත්විඳියි. ජීවාත්මයක්, සිරුරක් අතහැර තවත් එකක් ගන්නා බව, පියා විස්තර
කරයි. ස්වර්ණමය යුගයේ ඔවුන් තම සිරුරු අතහැර වෙනත් ඒවා ගන්නේ විශාල සතුටකිනි.
මෙහිදී ඔවුන් හඬන්නට පටන් ගන්නවා. ඔවුන්ට ස්වර්ණමය යුගයේ දේවල් අමතක වී ගොසින්ය.
එහිදී ඔවුන් තම සිරුරු අත්හරින්නේ, දී ඇති සර්පයාගේ නිදසුන මෙනි. මෙම පැරණි සිරුර
දැන් අත්හැරිය යුතුයි. තමන් ජීවාත්මයක් බවත්, ඔබගේ පැරණි සිරුර අත්හල යුතු බවත්, ඔබ
සෑම කෙනෙක්ම දන්නවා. පරම පියාගේ සිහිපත් කිරීමේ සිටින නුවණ ඇති දරුවන්ට අවශ්‍ය
වන්නේ පියාගේ සිහිපත් කිරීමේ සිටියදී, තම සිරුරු අත්හැර, ඉන්පසුව ගොස් පියාව මුණ
ගැසීමටයි. පරම පියාව මුණ ගැසිය හැක්කේ කෙසේද කියා, කිසිම මනුෂ්‍යයෙක් නොදනී. ඔය
දරුවන් මාර්ගය සොයාගෙන තිබේ. ඔබ දැන් උත්සාහ දරමින් සිටිනවා. ඔබ ජීවමානව මිය ගොස්
ඇති නමුත්, ඔය ජීවාත්ම, පළමුව පිවිතුරු විය යුතුයි. ඔබ පිවිතුරු වී, ඉන්පසුව ඔබගේ
පැරණි සිරුරු අතහැර, ආපසු නිවහනට යයි. ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ ලඟා වුණු විටම, ඔබ
තම සිරුරු අත්හරින බව ඔබට හැඟෙයි. කෙසේවෙතත්, ඔබගේ කර්මතීට් තත්ත්වයට ඔබ පත් වූ
සැනින්, ඔබගේ සිරුර ඉබේටම අත්හැරෙයි. දැන් මට අවශ්‍ය වන්නේ, ගොස් පියා සමඟ සිටීමට
පමණයි. මෙම පැරණි සිරුර කෙරෙහි නීරසයක් ඇතිවාක් මෙනි. සර්පයෙක් තුළ උගේ පරණ සමට
නීරසයක් තිබේ. ඔබගේ අළුත් සම (සිරුර) සූදානම් කෙරෙමින් තිබෙන නමුත්, ඔබගේ කර්මතීට්
තත්ත්වයට ඔබ පත් වන තරු එය සූදානම් නොවනු ඇත. අවසානයේදී ඔබගේ ස්ථීතිය මෙය වනු ඇත.
එපමණයි! අපි දැන් ආපසු නිවහනට යනවා. එකල, යුද්ධය සඳහා සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම
සූදානම් වනු ඇත. විනාශය සඳහා සෑම දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ කර්මතීට් අවස්ථාව මතයි.
අවසානයේදී ඔබ සෑම කෙනෙක්ම අංක පිළිවෙලට ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වනු ඇත. විශාල
යහපතක් තිබේ ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් වනවා. එබැවින් ඔබ බොහෝ සේ පියාව සිහි කළ
යුතුයි. අසුන් ගෙන සිටින විට සහ එහෙ මෙහෙ යන විට, නිරන්තරයෙන් පරම පියාව සිහිපත්
කරන බොහෝ දෙනෙක් මතු වන අන්දම ඔබ දකිනු ඇත. මරණය අත ලඟය. යුද්ධය මේ දැන් සිදුවීමට
යන බව, ඔවුන් පුවත්පත් වල පවසයි. මහා යුද්ධය සිදුවන විට, එම බෝම්බ ද මුදා හරිනු ඇත
වැඩි කාලයක් ගත නොවනු ඇත. නුවණ ඇති දරුවන් සෑම දෙයක්ම වටහා ගනී. කෙසේවෙතත්, නුවණ
නැති අය, කිසි දෙයක් වටහා ගන්නේ නැත. ඔවුන් ඥානය කිසිසේත් ධාරණය කරගන්නේ නැහැ.
ඔවුන් ’ඔව්, ඔව්‘ කියා දිගටම පැවසුවත්, ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත ඔවුන්
සිහිපත් කිරීමේ සිටින්නේ නැහැ. ශරීර අවධානයෙන් සිට, දිගටම මෙම පැරණි ලෝකය සිහි කරන
අය, කිසි දෙයක් වටහා ගන්නේ කෙසේද? පරම පියා දැන් පවසන්නේ ජීවාත්ම අවධානයට පත් වන්න!
ඔබ ඔබගේ සිරුර අමතක කළ යුතුයි. අවසානයේ ඔබ මෙය කරන්නට විශාල වශයෙන් උත්සාහ දරනු ඇත,
නමුත් මේ මොහොතේ ඔබට කිසි දෙයක් වැටහෙන්නේ නැහැ. අවසානයේදී විශාල ලෙසින් පසුතැවිලී
වීමට සිදුවනු ඇත. බාබා ඔබට දර්ශනද දෙනු ඇත ’ඔබ සිදු කළ පාපයන් මේවාය. දැන් ඒවාට
දඬුවම් විඳින්න! දැන් ඔබ ලබන තත්ත්වයද බලාගන්න.‘ ඔබට ආරම්භයේදී දර්ශන පෙනුනි
අවසානයේද එවන් දර්ශන ඇති වෙයි. පරම පියා පවසන්නේ ඔබගේ ගෞරවය අහිමි කර නොගන්න. මෙම
ඉගෙනුමෙහි කාර්ය බහුල වන්නට උත්සාහ දරන්න. තමන් ජීවාත්මයක් බව සලකා, නිරන්තරයෙන් මා
පමණක් සිහි කරන්න. පාරිශුද්ධකරු වන්නේ ඔහුම පමණයි. ලෝකයේ වෙනත් කිසිම කෙනෙකුට
පාරිශුද්ධකරු විය නොහැක. මේවා ශිව දෙවියන්ගේ වදන්ය. සියල්ලන්ටම විමුක්තිය
පිරිනමන්නා සහ පාරිශුද්ධකරු වන්නේ ඒකායන කෙනා පමණක් බව කියැවෙයි. සෑම කෙනෙක්ම සිහි
කරන්නේ ඔහුවම පමණයි. කෙසේවෙතත්, පළමුව තමන් ජීවාත්මයක්, තිතක්, බව සැලකීමෙන් පමණයි,
ඔබට පියාව සිහි කිරීමට හැකි වන්නේ. ඔබ නම් වූ ජීවාත්මය තුළ, උපත් 84 ක චරිත කොටස්
පටිගත වී ඇති බව ඔබ දන්නවා. එය කිසිමදාක විනාශ නොවනු ඇත. මෙය වටහාගැනීම, ඔබගේ
නැන්දම්මාගේ ගෙදර යනවා වගේ පහසු නැත! ඔබට මෙය අමතක වන නිසා, ඔබට වෙන කෙනෙකුට විස්තර
කිරීමට නොහැක. ශරීර අවධානය, සෑම කෙනෙක්වම සම්පූර්ණයෙන්ම මරා දමා ඇත. මෙම ලෝකය,
මරණයේ දේශය බවට පත් වී ඇත. සෑම කෙනෙක්ම අඛණ්ඩව අකල් මරණ අත්විඳියි. කුරුල්ලන් සහ
සතුන් මිය යන අන්දම සහ මනුෂ්‍යයින් මිය යන අන්දම අතර වෙනසක් නැත. ලක‍්ෂ්මි සහ
නාරායන, අමරණීය දේශයේ අධිපතියන්ය. එහි අකල් මරණ නැත. එහි දුකක් නැත. මෙහි, දුක ඇති
වන විට, ඔවුන් සිය දිවි නසා ගන්නවා ඔවුන් තමන්ටම අකල් මරණ ගෙන එයි. මෙම ගමනාන්තය
ඉතාමත්ම ඉහළයි. කිසිම විටෙක සාපරාදී ද්‍රිෂ්ඨියක් ඇති නොවන්නට, විශාල උත්සාහයක්
අවශ්‍ය වෙයි. මෙතරම් උසස් තත්ත්වයක් හිමි කරගැනීම, ඔබගේ නැන්දම්මාගේ ගෙදර යනවා වගේ
පහසු නැත! විශාල එඩිතරකමක් අවශ්‍යයි. එසේ නැත්නම් ඔබ සුළු දේටත් බිය වනවා. අපවිත්‍ර
ද්‍රිෂ්ඨියක් ඇති කෙනෙක් බලෙන් ඇතුල් වී, ඔබව ස්පර්ෂ කළහොත්, පොල්ලක් ගෙන ඔහුව එලවා
දමන්න! ඔබ බියගුල්ලෙක් නොවිය යුතුයි. ’ශිව ශක්ති පාණ්ඩව සේනාව‘ සිහිපත් කර ඇත්තේ,
දිව්‍යලෝකයේ දොරටු විවෘත කිරීම වෙනුවෙනි. ඔබගේ නාමය කීර්තිමත් වෙයි. එබැවින් ඔබ
එතරම් එඩිතර බවක් පෙන්විය යුතුයි. සර්ව බලධාරියාව ඔබ සිහි කරන විට, එම ශක්තිය ඔබ
තුළට ඇතුළු වෙයි. ඔබ තමන් ජීවාත්මයක් බව සලකා, පරම පියාව සිහි කළ යුතුයි. මෙම
සිහිකිරීමේ ගින්නෙන් පමණයි, ඔබගේ පාපයන් දුරු වන්නේ. එවිට ඔබ පාප ක්‍රියා පරාජය කළ
රජෙක් බවට පත් වෙයි. සිහිපත් කිරීමටයි උත්සාහය අවශ්‍ය වන්නේ. යමක් කරන කෙනෙකුට එහි
ප්‍රතිලාභය ලැබෙයි. ඔබ අන් අයටත් අනතුරු ඇඟවිය යුතුයි. සිහිපත් කිරීමේ වන්දනා
ගමනින් ඔබගේ ඔරුව එගොඩට යයි. අධ්‍යයනයකට, වන්දනා ගමනක් යැයි නොකියයි. එම වන්දනා
ගමන් භෞතික වන අතර, මෙම වන්දනා ගමන ආධ්‍යාත්මිකයි. ඔබ ඍජුවම නිවසට, සාම දේශයට යයි.
පරම පියාද සිටින්නේ නිවසේය. මා සිහිපත් කරමින් ඔබ නිවසට ලඟා වෙයි. සෑම කෙනෙක්ම
ඔහුගේ චරිත කොටස මෙහි රඟපෑ යුතුයි නාටකය සදාකල්හි පැවතෙනවා. පරම පියා දිගින් දිගටම
ඔය දරුවන්ට පහදා දෙයි පළමුවෙන්ම පරම පියාව සිහිපත් කරන්න, දෙවනුව, පිවිතුරු වී
දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න. ඔබ වැඩියෙන් සේවය කරන තරමට, ඔබ හිමි කරගන්නා තත්ත්වය
උසස් වනු ඇත. ඔබලා අනිවාර්යෙන්ම සෙත සළසන්නන් විය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. සර්ව
බලධාරී පියා ඔබ සමඟ සිටින බව, සෑම විටෙකම සිහි තබා ගන්න. මෙම අවධානය ඔබට ඇති විට,
ඔබ තුළට බලය ඇතුළු වී, ඔබගේ පාපයන් පිළිස්සී යනු ඇත. ’ශිව ශක්ති පාණ්ඩව සේනාව‘ යන
නාමය සිහිපත් කර ඇත. එබැවින් එතරම් එඩිතරකමක් පෙන්වන්න. කිසිම විටෙක බියගුල්ලෙක්
නොවන්න.
2. ඔබ ජීවමාන මරණයක්
ලැබූ පසු, තමන්ව කැප කිරීම ගැන අහංකාරකමක් නොතිබිය යුතුයි. තමන්ව කැප කර,
පුණ්‍යවන්ත ජීවයක් වී, අන් අයවද ඒ හා සමාන කරවන්න. යහපතක් තිබෙන්නේ මෙහි පමණයි.
වරදානය:
බාධක වලින්
නිදහස් වීමේ මනෝ ස්ථිතිය තුළින් ඔබේ අත්තිවාරම ශක්තිමත් කර ගැනීමෙන් ඔබ ගෞරව සහිතව
සමත් වේවා.
සමහර දරුවන්ට දිගු
කාලයක් තිස්සේ බාධක වලින් නිදහස් වීමේ මනෝ ස්ථිතියක් ඇති බැවින්, ඔවුන්ට ශක්තිමත්
අත්තිවාරමක් ඇත. ඔවුන්ම බලවත් වන අතර ඔවුන් අන් අයව ද බලවත් කරවයි. දිගු කාලයක්
තිස්සේ බලවත් හා බාධක වලින් නිදහස් වූ ජීවාත්මයක් අවසානයේ බාධක වලින් නිදහස් වී
ගෞරව සහිතව සමත් වී පළමු කොට්ඨාශයට යනු ඇත. එබැවින්, දිගු කාලයක් පුරා බාධක වලින්
නිදහස් වූ මනෝ ස්ථිතියක් නිසැකවම අත්විඳීමේ අරමුණ නිරන්තරව තබා ගන්න.
පාඨය:
සෑම
ජීවාත්මයක්ම ඉහළ නැංවීමේ හැඟීම ඔබට නිරන්තරව ඇති විට සහ ඔවුන් වෙනුවෙන් සුබ පැතුම්
ඇති විට, ඔබට නිරායාසයෙන් අඛණ්ඩවම ආශිර්වාද ලැබෙනවා ඇත.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
යෝගාව යනු නිහඬතාවයේ
බලයයි. මෙම නිහඬතාවයේ බලයෙන් ඔබ සහ අනෙක් අය ඉතා පහසුවෙන් පරිවර්තනය කළ හැකිය. මෙම
බලයෙන් පදාර්ථ මෙන්ම ජීවාත්මයන් ද පරිවර්තනය වේ. වචන වලින් ඔවුන්ට පාඨමාලාව ලබා
දීමෙන් ඔබ ජීවාත්මයන් පරිවර්තනය කරයි, නමුත්, පදාර්ථ පරිවර්තනය කිරීම සඳහා, ඔබට
නිහඬතාවයේ බලය අවශ්‍ය වේ, ඔබට යෝගාවේ බලය අවශ්‍ය වේ.