05.10.25 Avyakt Bapdada
Sinhala
Murli 03.03.2007 Om Shanti Madhuban
සත්‍ය හෝලිය සැමරීම
යනු මෙම දැනුමේ රතු පැහැය
සහ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ ගුණධර්ම සහ බලයන්ගේ පැහැය තැවරීමයි.
අද දින බාප්දාදා
ඔහුගේ වාසනාවන්තම සහ පුජනීයම දරුවන් සමග හෝලි සැමරීමට ඇවිත්. ලෝකයේ මිනිසුන් මෙම
උත්සවය නිකම්ම සමරන අතර ඔය දරුවන් එය සමරනවා පමණක් නොවෙයි - සැමරීම යනු, එය බවට පත්
වීමයි. ඉතිං, ඔබ පූජනීය වී ඇත, එනම්, පිවිතුරු ජීවාත්ම. ඔබ සියලු දෙනාම කුමන අන්දමේ
ජීවාත්මද? ඔබ, පූජනීයයි, එනම්, බොහෝ සේ පිවිතුරු ජීවාත්මයි. ලෝකයේ මිනිසුන් නිකම්ම්
ඔවුන්ගේ සිරුරු, භෞතික වර්ණ වලින් පාට කරන අතර ඔය ජීවාත්ම තමන්ව වර්ණ ගන්වා ඇත්තේ
කුමන වර්ණ වලින්ද? හොදම වර්ණය කුමක්ද? අවිනාශී වර්ණය කුමක්ද? ඔබ පරමාත්ම දෙවියන්ගේ
ඇසුරේ වර්ණයෙන් තමන්ගේ ජීවාත්මය වර්ණවත් කර ඇති බව ඔබ දන්නවා; එය මගින් ඔය ජීවාත්ම
පාරිශුද්ධත්වයේ වර්ණයෙන් පැහැ ගැන්වී ඇත. පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ මෙම වර්ණය කෙතරම්
ශ්‍රේෂ්ඨ සහ පහසුද යත්, දැන් අවසානයේ පවා, මිනිසුන් පරමාත්ම දෙවියන්ගේ ඇසුරට
වැදගත්කමක් ලබා දෙයි; ඔවුන් සත්සංගමයට (සත්‍යයේ ඇසුර) වැදගත්කමක් ලබා දෙයි. “සත්සං”
හි අරුත වන්නේ, පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ සිටීමයි, පහසුම දෙය මෙයයි. ඔහුගේ ඇසුරේ,
උසස්ම-උසස් කෙනාගේ ඇසුරේ සිටීම අපහසුද? පරමාත්ම දෙවියන් උසස්ම-උසස් වන සේම, මෙම
ඇසුරේ වර්ණයෙන් වර්ණවත් වීමෙන් ඔය දරුවන්ද, උසස්ම-උසස්, පිවිතුරු ශ්‍රේෂ්ඨ ජීවාත්ම,
වන්දනීය ජීවාත්ම වෙයි. ඔබ මෙම අවිනාශි ඇසුරට ප්‍රිය කරනවා නේද? ලෝකයේ මිනිසුන් බොහෝ
උත්සාහ දරයි; දෙවියන්ගේ ඇසුර පසෙකට දමන්න, සිහි කිරීමට පවා ඔවුන් බොහෝ උත්සාහ දරයි.
කෙසේවෙතත්, ඔය ජීවාත්ම පරම පියාව හදුනන අතර ඔබගේ හදවතින් ඔබ පවසන්නේ, “මගේ බාබා”
කියා. පරම පියා මෙසේ පැවසුවා, “මගේ දරුවනේ” එවිට ඔබ වර්ණ ගැන්වීය. පියා ඔබව වර්ණවත්
කළේ කුමන වර්ණයෙන්ද? ඔහු රතු පැහැයෙන් ඔබව වර්ණ ගැන්වීය (ගුලාල් - විශේෂයෙන් වන්දනා
කිරීමට භාවිතා කරන රතු පාට කුඩු). ඔහු ඔබව ගුණධර්ම සහ බලයන්ගෙන්, එනම්, ඔබ දේවතාවන්
බවට පත් වූ වර්ණයෙන් ඔබව වර්ණවත් කළා, එබැවින් දැන් කලි යුගය අවසානයේ පවා, දේවතා
ජීවාත්ම ස්වරූපයෙන් ඔබගේ පිවිතුරු ප්‍රතිමා වන්දනාවට ලක් වනවා. බොහෝ දෙනෙක් පවිතුරු
ජීවාත්ම වෙයි, බොහෝ දෙනෙක් මහා ආත්ම සහ ධර්මාත්ම වෙයි, නමුත් දේවතා ස්වරූපයේ ඔබගේ
පාරිශුද්ධත්වය කෙබදුද යත්, ඔය ජීවාත්ම පිවිතුරු වන අතර ඔබගේ ශරීරද පිවිතුරු වෙයි.
ඔබට මෙතරම් ශ්‍රේෂ්ඨ පාරිශුද්ධත්වයක් තිබුනේ කෙසේද? ඇසුරේ වර්ණයෙන් පමණක්මයි.
පරමාත්ම දෙවියන් ඉන්නේ කොහේද කියා කෙනෙක් ඔය දරුවන්ගෙන් විමසූ විට, ඔබ සියලු දෙනා
කුල්මත් බවින් කතා කරයි. ඔව් සැබවින්ම ඔහු සිටින්නේ පරම දනව්වේ, නමුත් දැන් සංගම
යුගයේ පරමාත්ම දෙවියන් ඔබ සමග ඉන්නේ කොහේද? ඔබ දෙන ප්‍රතිචාරය කුමක්ද? දැන් පරමාත්ම
දෙවියන් ප්‍රිය කරන්නේ, පිවිතුරු ජීවාත්ම වන අපගේ හදවත් සිංහාසන පමණයි. එය එහෙමයි
නේද? පරම පියා ඔබගේ හදවත් තුළ සිටින අතර ඔබ සිටින්නේ ඔහුගේ හදවත තුළයි. ඔහුගේ හදවත
තුළ සිටින අය, අත් ඔසවන්න! ඔබ ඉන්නවාද? අච්චා. ඉතාම හොදයි. ඔබ කුල්මත් බවින්
පවසන්නේ පරමාත්ම දෙවියන් ඔබගේ හදවත හැර වෙනත් ස්ථානයකට ප්‍රිය නොකරන බවයි, මන්ද, ඔබ
සිටින්නේ ඒකාබද්ධව නිසා. ඔබ ඒකාබද්ධ වී සිටිනවා නේද? සමහර දරුවන් පවසන්නේ, ඔවුන්
ඒකාබද්ධව සිටින නමුත් ඔවුන් සෑම විටම පරම පියාගේ ඇසුරේ ප්‍රයෝජනය නොගන්නා බවයි. ඔබ
ඔහුව ඔබගේ සහකරු බවට පත් කර ඇති අතර එය ස්ථිරයි. ඔබ “මගේ බාබා!” යැයි කීහ, එබැවින්
ඔබ ඔහුව ඔබගේ සහකරු කරගත්තා, නමුත් එය සහ සෑම මොහොතකම ඔහුගේ ඇසුර අත්විදීම අතර
වෙනසක් තිබේ. මෙහිදි ඔබ ප්‍රයෝජනයක් ලබන්නේ අංක පිළිවෙලට බව, බාප්දාදා දකියි. එයට
හේතුව කුමක්ද කියා එබ සියලු දෙනාම දන්නවා.
බාප්දාදා ඔබට මින්
පෙරද කියා තිබෙන්නේ: ඔබගේ හදවත තුළ පැරණි සංස්කාර ස්වරූපයෙන්, රාවන්ගේ පැරණි දේපළ
තිබෙනවා නම්, රාවනට අයත් එම දේවල් අයිති ඔබට නොවෙයි, රාවනටයි, ඒවා අයිති වෙන
කෙනෙකුටයි. ඔබට අයිති නැති දෙයක් තමන් සමග ඔබ කිසිවිටෙක තබා ගන්නේ නැහැ; ඔබ ඒවා
ඉවත් කරගනී. කෙසේවෙතත්, බාප්දාදා දැක තිබෙනවා, එමෙන්ම හදවතට සමීප කතාබස් වලදීද
දරුවන් පවසන දේවල් ඔහු අසා තිබේ: “බාබා, මා කුමක් කරන්නද? මගේ සංස්කාර ඒ වගෙයි.” ඔබ
“මගේ සංස්කාර” කියා කියන්නේ ඒවා ඔබගේ සංස්කාරද? මෙසේ කීම හරිද, “එය මගේ පැරණි
සංස්කාරය සහ මගේ පැරණි ස්වභාවයයි.” එය හරිද? මෙසේ පැවසීම නිවැරදි කියා සිතන අය අත්
ඔසවන්න! ඔබගෙන් කිසිවෙක් අත් ඔසවන්නේ නැහැ. එසේ නම් ඔබ එහෙම කියන්නේ ඇයි? ඔබ එය
කියන්නේ වැරදීමකින්ද? ඔබ ජීවමානව මිය ගොස් ඇති නිසා, දැන් ඔබගේ වාසගම කුමක්ද? ඔබට
තිබෙන්නේ ඔබගේ පෙර භවයේ වාසගමද නැත්නම් ඔබගේ වාසගම බී.කේ ද? ඔබගේ වාසගම ලෙස ඔබ
ලියන්නේ කුමක්ද? බී.කේ හෝ අහවලාද? අහවලා? ඔබ ජීවමානව මියැදී ඇති බැවින්, පැරණි
සංස්කාර ඔබගේ වන්නේ කෙසේද? පැරණි සංස්කාර අයිති වෙනත් කෙනෙකුටයි. ඒවා ඔබගේ නොවෙයි.
එබැවින් මෙම හෝලියේදි ඔබ යමක් පුළුස්සනවා නේද? හෝලි වලදි යමක් පුළුස්සන අතර ඔවුන්
යමක් වර්ණ ගන්වයි, එබැවින් ඔබ සියලු දෙනා මෙම හෝලියේදි පුළුස්සන්නේ කුමක්ද? “මගේ
සංස්කාර”. මෙය බ්‍රහ්මින් ජීවිතයේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරගන්න. ජීවිතයත් ශබ්ද කෝෂයක්
නොවේද? එබැවින් දැන්, ඔබගේ සිතිවිලි වල පමණක් නොව, ඔබගේ සිහිනෙන් වත් නොසිතිය
යුතුයි, පැරණි සංස්කාර ඔබගේ සංස්කාර බව සිහිනෙන් වත් ඔබ නොසිතිය යුතුයි. දැන් පරම
පියාගේ සංස්කාර කුමක් වුනත්, ඒවා ඔබගේ සංස්කාරයි. ඔබගේ අරමුණ වන්නේ පියාට සමාන වීම
බව, ඔබ සියලු දෙනාම කියනවා නේද? එබැවින් ඔබගේ හදවතේ මෙම අධිෂ්ඨානගත සිතිවිල්ලෙන් ඔබ
සියලු දෙනාම තමන්ට මෙම පොරොන්දුව වී තිබෙනවාද? වැරදීමකින්වත් “මගේ” නොකියන්න. ඔබ
“මගේ, මගේ” කියන විට, එම සංස්කාර එයින් ප්‍රයෝජන ගනී. ඔබ “මගේ” කියන විට, ඒවා ඔබ
සමග රැදී සිටියි; ඒවා පිටව නොයයි. බාප්දාදා ඔබ සියලු දෙනාව දැකීමට ප්‍රිය කරන්නේ
කුමන ස්වරූපයෙන්ද? ඔබ මෙය දන්නා අතර තවද ඔබ එය පිළිගන්නවා. බාප්දාදා ප්‍රිය කරන්නේ,
සෑම දරුවෙක්ම නළල් සිහසුනේ අසුන් ගෙන සිටිනවා දැකීමටයි, යැපෙන දරුවෙක් නොව,
ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති ස්ව-අධිපති දරුවෙක් ලෙසයි. ඔහු ඔබව දකින්නේ ස්ව-අධිපති
දරුවෙක් ලෙස, පාලන බලය සහ හසුරුවා ගැනීමේ බලය ඇති සහ මාස්ටර් සර්ව-බලධාරියෙක්
ලෙසයි. ඔබ තමන්ව දකින්නේ කුමන ස්වරූපයෙන්ද? මෙම ස්වරූපයෙන් නොවේද? ඔබ තමන්ගේ
පාලකයන් නොව්ද? ඔබ යැපෙන්නන් නොවෙයි නේද? යැපී සිටින සියලු ජීවාත්ම, අයිතියක් ඇති
අය බවට පත් කරන්නේ, ඔබ සියලු දෙනාය. යැපී සිටින ජීවාත්ම කෙරෙහි දයාව ඇති අය ඔබ වන
අතර ඔබ ඔවුන්ව අයිතියක් ඇති අය බවට පත් කරවයි. ඉතිං, ඔබ සියලු දෙනාද මෙහි පැමිණ
ඇත්තේ හෝලි සැමරීමට නේද?
ඔබ සියලු දෙනා
සෙනෙහස් විමානයේ මෙහි පැමිණීම ගැනත් බාප්දාදා සතුටු වනවා. ඔබ සියලු දෙනාටම මෙම
විමානය තිබෙනවා නේද? ඔබට මෙම විමානය තිබෙනවාද? ඔබ උපත ලද සැනින්, බාප්දාදා සෑම
බ්‍රහ්මින් කෙනෙකුටම මනසේ විමානයක උපන් දින තෑග්ග ලබා දුන්නා. එබැවින් ඔබ සියලු
දෙනාටම මනසේ විමානයක් තිබෙනවාද? මෙයට ඔබ ඉතා හොදින් අත් ඔසවනවා. එය හරිද? එයට
පෙට්‍රල් හරිද? පියාපත් හොදද? එය පටන් ගන්න යතුර හරිද? ඔබ මේවා පරීක්ෂා කරනවාද? එය
කෙබදු විමානයක්ද යත්, එයට තත්පරයකදි තුන් ලෝකයට ගමන් කළ හැක. එඩිතරකම මෙන්ම උනන්දුව
සහ උද්යෝගය යන පියාපත් දෙකම හොදින් නම්, එවිට තත්පරයකදි එය පණ ගැන්විය හැක. එය පණ
ගන්වන යතුර කුමක්ද? “මගේ බාබා”. ඔබ “මගේ බාබා” පැවසූ සැනින්, ඔබට අවශ්‍ය ඕනෑම තැනකට
ඔබගේ මනස ළගා වෙයි. පියාපත් දෙකම හොදින් තිබිය යුතුයි. ඔබ කිසි විටෙක එඩිතරකම
අත්නොහැරිය යුතුයි. ඇයි? බාප්දාදාගේ පොරොන්දුව සහ ආශිර්වාදය වන්නේ: ඔබ එඩිතරකමේ එක්
පියවරක් ගන්නා විට පරම පියා පියවර දහසකින් ඔබට උපකාර කරයි. සංස්කාරයක් කෙතරම්
ශක්තිමත් වුනත්, කිසිම විටෙක එඩිතරකම නැති කර නොගන්න. මන්ද? සර්ව බලධාරි පියා ඔබගේ
උදව්කරු වන අතර ඔබ ඉන්නේ ඒකාබද්ධවයි; එබැවින් ඔහු සෑම විටම සිටිනවා. එඩිතරකම ඇතිව,
සර්ව බලධාරියා, ඒකාබද්ධ පියා මත අයිතිවාසිකමක් තබා ගෙන, ස්ථිරව රැදී සිටින්න,
එපමණයි. “එය සිදුවිය යුතුයි, පරම පියා මගේ වන අතර මා ඔහුට අයතියි”; කිසිම විටෙක මෙම
එඩිතරකම අමතක නොකරන්න. එවිට කුමක් සිදු වෙයිද? “මා මෙය කළ යුත්තේ කෙසේද? (කෛසේ)
කියා ඔබ සිතීම වෙනස් වී, ඒ වෙනුවට “එය මෙසේ කරන්න” (එයිසේ) බවට වෙනස් වෙයි. එය “මා
මෙය කරන්නේ කෙසේද? මා කුමක් කරන්නද?” නොවිය යුතුයි. නැහැ. මේ ආකාරයට එය දැනටමත්
සිදුවී අවසන්. ඔබ සිතන්නේ, “මා මෙය සිදු කරනවා, එය සිදුවෙයි, එය සිදු විය යුතුයි,
පියා සැබවින්ම උදව් කරයි.” එය දැනටමත් නිමා කර ඇත, එමෙන්ම බුද්ධියේ ස්ථිර විශ්වාසය
ඇති අයට උපකාර කිරීමට පරම පියා බැදී සිටියි. සිදුවන්නේ ඔබ එම ස්වරූපය ටිකක් වෙනස්
කිරීම පමණයි. ඔබ පියා මත අයිතිවාසිකමක් හිමි කරගන්නා නමුත් ඔබ එහි ස්වරූපය වෙනස්
කරයි. “බාබා, ඔබ උදව් කරනවා නේද? එසේ කිරීමට ඔබ බැදී සිටිනවා නේද?” ඔබ මෙයත් එකතු
කරයි “ඔබ කරනවා නේද?” බුද්ධියේ විශ්වාසය ඇති අයට, ජයග්‍රහණය සහතිකයි, මන්ද, ඔවුන්
උපත ගත් සැනින් සෑම දරුවෙකුගේම නළල මත බාප්දාදා ජයග්‍රහණයේ තිලකයක් තැබීය.
අධිෂ්ඨානය, ඔබගේ තීව්‍ර උත්සාහයට යතුර බවට පත් කරගන්න. ඔබ ඉතා හොද සැලසුම් සාදයි.
බාප්දාදා හදවතට සමීප කතා බස් අසන විට, ඒවායේ එවිට ඔබට බොහෝ එඩිතරකම තිබෙනවා, එමෙන්ම
ඔබ බලවත් සැලසුම්ද සාදයි, නමුත් ඔබ එම සැලසුම් ප්‍රායෝගික කරන විට. ඔබ එය සරළ
බුද්ධියකින් නොකරයි. එහිදි, ඔබ එයට “කළ යුතුයි” කියා සුළුවෙන් දමයි... “එය සිදු විය
යුතුයි.” මේවා තමන් පිළිබදව ඇති විශ්වාසයේ සිතිවිලි නොවෙයි, මන්ද, ඔබ ඒවා තුළට
නිෂ්ඵල සිතිවිලි මිශ්‍ර කරයි.
දැන් කාලයට අනුව, ඔබ
සරළ බුද්ධි ඇති අය බවට පත් වී, ඔබගේ සිතිවිලි ප්‍රායෝගික කළ යුතුයි. සුළුවෙන් වත්
නිෂ්ඵල සිතිවිලි වලට මතු වීමට ඉඩ නොදෙන්න. මෙම අවධානය ඇති කරගන්න: අප මෙය සිදු
කරන්නේ ප්‍රථම වතාවට නොවෙයි; අප බොහෝ වාර ගණනාවක් එය සිදු කර ඇති අතර දැන් එය
නැවතත් සරළව සිදු කරනවා. ඔබ සෑම කල්පයකදීම කී වතාවක් ජය ගෙන තිබේද කියා සරළව සිහි
කරන්න. ඔබ බොහෝ වාර ගණනාවක් ජයගෙන ඇති අතර බොහෝ කල්ප ගණනාවකට ජයග්‍රහණය ඔබගේ උපත්
අයිතියයි. මෙම අයිතියෙන් බුද්ධියේ විශ්වාසය ඇති අය වී, අධිෂ්ඨානයේ යතුර භාවිතා
කරන්න. ඔය බ්‍රහ්මින් ජීවාත්ම නොමැතිව ජයග්‍රහණය කොහේ යන්නද? ජයග්‍රහණය ඔය
බ්‍රහ්මින් ජීවාත්මයන්ගේ ජන්ම උරුමයයි; එය ඔබගේ ගෙල වටා මල්දමයි. ඔබට මෙම කුල්මත්
බව තිබෙනවා නේද? ඔබට මෙම කුල්මත් බව තිබෙනවාද? “එය සිදුවෙයිද නැද්ද?” කියා ඔබ
නොසිතිය යුතුයි. එය දැනටමත් නිම කර ඇත. ඔබගේ බුද්ධියේ මෙතරම් විශ්වාසයෙන් සෑම
කාර්යයක්ම සිදු කරන්න; ජයග්‍රහණය සහතිකයි. ඔබ, බුද්ධියේ එවන් විශ්වාසය ඇති
ජීවාත්මයි; ඔබ එවන් අයයි. “මා ජයග්‍රාහීද, නැද්ද?” කියා නොසිතන්න. ඔබ එයයි. මෙම
කුල්මත් බව ඇති කරගන්න. ඔබ එය විය, ඔබ දැන් එයයි, එමෙන්ම ඔබ එය වෙයි. ඉතිං, ඔබ එවන්
පූජනීය ජීවාත්මයි, එහෙම නේද? පූජනීයම අය ඔබයි. ඉතිං ඔබ බාප්දාදාගේ දැනුමේ ගුලාල් වල
(රතු පාට) හෝලිය ක්‍රීඩා කර ඇත. ඔබ තව ක්‍රීඩා කරන්නේ කුමක්ද?
ඔබගෙන් වැඩි දෙනෙක්
තුළ හොද උනන්දුවක් සහ උද්යෝගයක් තිබෙන බව බාප්දාදා දැක තිබෙනවා. “අප මෙය කරන්නම්,
අප එය කරන්නම්, මෙය සිදුවෙයි.” බාප්දාදාටද බොහෝ සතුටුයි, නමුත් මෙම උනන්දුව සහ
උද්යෝගය නිරන්තරයෙන් ඉස්මතුවී රැදී තිබිය යුතුයි. කෙසේවෙතත්, එය විටෙක යටපත් වන අතර
එය විටෙක ඉස්මතු වෙයි. එය යටපත් කර නොගන්න; එය ඉස්මතු කර තබා ගන්න, මන්ද මුළු සංගම
යුගයම ඔබට උත්සවයකි. ඒ මිනිසුන් උත්සවයක් සමරන්නේ ඇතැම් විට පමණයි, මන්ද, ඔවුන්
වැඩි කාලයක් සිටින්නේ ආතතියෙන් නිසා, ඔවුන් උත්සවශ්‍රීයෙන් නටමින්, ගයමින්, කෑම කෑ
යුතු බවත් එය ඔවුන්ට වෙනසක් වෙයි කියාද ඔවුන් සිතයි. කෙසේවෙතත්, ඔබ සෑම තත්පරයකදීම
ගයමින්, නටයි. ඔබගේ මනසේ සතුටින් ඔබ නිරතුරුවම අඛණ්ඩව නටයි, එහෙම නේද? නැත්නම් එය
එසේ නොවෙයිද? ඔබ නටනවාද? සතුටින් නටන්නේ කෙසේද කියා ඔබ දන්නවාද? ඔබ නටන අන්දම
දන්නවා. නටන අන්දම දන්නා අය අත් ඔසවන්න! ඔබ නටන්න දන්නවා. හොදයි. ඔබ නටන්න දන්නවා
නම් සුබ පැතුම්. ඉතිං, ඔබ නිරන්තරයෙන් නර්ථනය කරනවාද, නැත්නම් විටෙක පමණයිද?
බාප්දාදා ඔබට මේ වසරට
ගෙදරවැඩ ලබා දුන්නා: මෙම වචන දෙක කිසි විටෙක නොසිතන්න: ‘ඇතැම් විට’, ‘යම් දෙයක්’.
ඔබ එය සිදු කර තිබෙනවාද? එසේ නැත්නම් තවමත් ‘ඇතැම් විට’ තිබෙනවාද? දැන් ‘ඇතැම් විට’
‘යම් දෙයක්’ අවසන් කරන්න. නර්ථනය කිරීමෙන් වෙහෙසට පත්වීම ගැන ප්‍රශ්නයක් නැත. ඔබ
වැතිර සිටියත්, වැඩ කරමින් සිටියත්, ඇවිදිමින් හෝ ඉදගෙන සිටියත්, ඔබට මෙම සතුටේ
නර්ථනය සිදු කළ හැක, එමෙන්ම ඔබට පරම පියාගෙන් ලැබී ඇති ලැබීම් වල ගීතද ගායනා කළ
හැක. ඔබ ගීතය දන්නවා නේද? සියලු දෙනාම ගීතය දන්නවා. සමහරු වචන වල ගීත දන්නා අතර
සමහරු එය නොදන්නවා ඇති, නමුත් ලැබීම් සහ පරම පියාගේ ගුණධර්ම පිළිබද ගීතය සියලු
දෙනාම දන්නවා. ඉතිං සෑම දවසක්ම උත්සවයකි, සෑම මොහොතක්ම උත්සවයකි. නිරන්තරයෙන්
නටමින් ගයන්න; බාබා ඔබට කිරීමට වෙන වැඩක් දී නැත: නටන්න, ගයන්න. ඉතිං විනෝද වන්න.
ඔබ බරක් උසුලන්නේ ඇයි? විනෝදයෙන් ඉන්න, නටන්න, ගයන්න, එපමණයි. අච්චා. ඔබ හෝලි
සැමරුවා නේද? දැන් ඔබ වර්ණ සමගත් හෝලි ක්‍රීඩාවේ යෙදෙනවාද? අච්චා, බැතිමතුන් ඔබව
අනුකරණය කරයි නේද? ඔබ පරමාත්ම දෙවියන් සමග හෝලි ක්‍රීඩා කරයි, එබැවින් බැතිමතුන්ද
ඔය එක හෝ වෙනත් දේවතාවන් සමග හෝලී ක්‍රීඩාවේ යෙදෙයි. අච්චා.
අද සමහර දරුවන්
ඊමේල්, ලිපි සහ දුරකථන ඇමතුම්ද එවා ඇත. කුමන පහසුකම් තිබෙන්නේද, ඔවුන් ඒ ආකාර වලින්
හෝලි සුබ පැතුම් එවා ඇත. ඔබ එය එවීමට සිතන මොහොතේම, එය බාප්දාදා වෙතට ළගා වෙයි.
කෙසේවෙතත්, සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන් විශේෂයෙන් සිහිපත් කරයි; ඔබ බාබාව
සිහි කළා. බාප්දාදා ද සෑම දරුවෙකුටම ප්‍රතිලාභයක් ලෙස ඔහුගේ හදවතින් කෝටි ගුණයක
ආශිර්වාද, සෙනෙහස සහ ස්මරණය, එක් එක් කෙනාට පෞද්ගලිකව නමට සහ විශේෂතාවයට ලබා දෙනවා.
ධ්‍යානයට සම වැදුනු පණිවිඩකරුවෙක් (trance messenger) බාබා වෙතට ගිය විට, එක් එක්
කෙනා වෙනම ඇගේ හෝ ඔහුගේ සිහි කිරීම ලබා දෙයි, එමෙන්ම පණිවිඩකරු අතේ සිහි කිරීම
නොයැවූ අයගේ සිහි කිරීම වුවද, බාප්දාදා වෙතට ළගා වනවා. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ
විශේෂත්වය මෙයයි. මේ සෑම දිනයක්ම බොහෝ ආදරණීයයි. ඔබ ගම්වල සිටියත් විශාල නගර වල
සිටියත්, ගම් වල සිටින අයට පහසුකම් නොතිබුණත්, පියාට බොහෝ ආධ්‍යාත්මික පහසුකම් ඇති
නිසා, ඔවුන්ගේ සිහි කිරීමත් පියා වෙතට ලගා වනවා. අච්චා. වත්මන් ලෝකයේ වෛද්‍යවරු
සියලු දෙනාට පවසන්නේ ඖෂධ ගැනීම නවතා ඒ වෙනුවට ව්‍යායාම් කරන ලෙසයි. බාප්දාදා ද
පවසන්නේ: සටන් කිරීම නතර කරන්න, වෙහෙස වීම නවතන්න සහ මුළු දවස පුරාම, විටින් විට
විනාඩි පහකට ඔබගේ මනසට ව්‍යායාම් කරන්න. එක විනාඩියක් අශාරීරික වන්න, එක විනාඩියක්
සුරදූතයෙක් වන්න, එක විනාඩියක් සෑම අන්දමකම සේවාධාරියෙක් (all-round server) වන්න.
මුළු දවස පුරාම එක වරකට විනාඩි පහ බැගින් මෙම මනසේ ව්‍යායාමය සිදු කරන්න. එවිට ඔබ
සදා නිරෝගීව රැදී සිටින අතර වෙහෙස වීමෙන් නිදහස් වෙයි. මෙය කළ හැකියි නේද? මධුබන්
වල අය? මධුබන් අත්තිවාරම වන අතර මධුබන් වල චිත්ත තරංග ඉබේටම සෑම තැනකටම ළගා වෙයි.
මධුබන් වල යම් දෙයක් සිදු වූ විට, එය පසු දිනම මුළු භාරතය පුරාම විවිධ ස්ථාන වලට
ළගා වෙයි. මධුබන් වල බොහෝ පහසුකම් තිබෙන බැවින්, එය හොද දෙයක් හෝ උත්සාහයේ දෙයක්
වුනත්, කිසි දෙයක් සැගවී නොතිබෙයි. එබැවින්, මධුබන් කුමක් කළත්, එම චිත්ත තරංග
ඉබේටම සහ පහසුවෙන් සෑම තැනකම පැතිරී යයි. පළමුව, මධුබන් නිවාසීන් නිෂ්ඵල සිතිවිලි
නතර කළ යුතුයි. මෙය කළ හැකිද? කළ හැකිද? ඔබ සියලු දෙනාම අසුන්ගෙන සිටින්නේ ඉදිරියේ
නේද? මධුබන් නිවාසීන් අත් ඔසවන්න! එබැවින් සියලු නිෂ්ඵලත්වය අවසන් කිරීමට ඔය මධුබන්
නිවාසීන් සැලසුමක් සෑදිය යුතුයි. ඔබගේ සිතිවිලි අවසන් කිරීමට කියා බාප්දාදා ඔබට
නොකියයි, නමුත් සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් කිරීමටයි. ඒවායෙන් කිසිම ඵලක් නොමැත,
අසහනය පමණයි. එය කළ හැකිද? ඔබ අතරේ රැස්වීමක් පවත්වා මෙය කරන බව සිතන මධුබන්
නිවාසීන් අත් ඔසවන්න! ඔබ එය කරන බව, ඔබ එය කළ යුතු බව, හැගෙන්නේ නම් අත් ඉහළට
ඔසවන්න! අත් දෙකම ඔසවන්න! සුබ පැතුම්! බාප්දාදා ඔහුගේ හදවතින් ඔබට සුබ පැතුම් ලබා
දෙනවා. සුබ පැතුම්! මධුබන් වල අයට එඩිතරකම තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ
හැක. ඔබට අන් අය ලවාද මෙය කරවිය හැක. මධුබන් වල සහෝදරියන්ද සිටියි. සහෝදරියන්, අත්
ඔසවන්න! ඔබගේ අත් ඉහළට ඔසවන්න! රැස්වීමක් තියන්න. දාදීන්, ඔවුන් සමග රැස්වීමක්
පවත්වන්න. බලන්න, ඔවුන් සියලු දෙනාම අත් ඔසවනවා. දැන් දෑත් වල ගෞරවය පවත්වාගන්න.
අච්චා.
බ්‍රහ්ම පියා අවසන්
ආශිර්වාදයක් ලබා දුන්නා: අශාරීරික, පාපයෙන් තොර සහ නිරහංකාර. බ්‍රහ්ම පියාගේ මෙම
අවසන් ආශිර්වාදය ඔය දරුවන්ට විශාල තිලිණයක් විය. එබැවින් ඔබට එක තත්පරයකදි බ්‍රහ්ම
පියාගේ තිලිණය ඔබගේ මනසින් පිළිගත හැකිද? පියාගේ තිලිණය නිරන්තරයෙන් ඔබගේ
ප්‍රායෝගික දිවියට දමන බවට අධිෂ්ඨානගත සිතිවිල්ල ඔබට ඇති කළ හැකිද? මන්ද, ආදි දේව්
ගෙන් ලද තිලිණය සුළුපටු දෙයක් නොවෙයි. බ්‍රහ්ම යනු ආදිතම මීමුත්තාය. ඔහුගේ තිලිණය
සුළු දෙයක් නොවෙයි. එබැවින් ඔබගේම උත්සාහයට අනුව, අද හෝලිය යනු දැනටමත් සිදු වී
අවසන් දේ, යන සිතිවිල්ල ඇති කරගන්න - හෝ ලි, හෝ ගයි (එය සිදු වී ඇත.) නමුත් දැන්
සිට, ඔබ නිරන්තරයෙන් මෙම තිලිණය ඉස්මතු කර, සේවයේ ප්‍රතිඋපකාරය බ්‍රහ්ම පියාට ලබා
දෙන බව. බලන්න, බ්‍රහ්ම පියා අවසන් දිනය සහ අවසන් මොහොත දක්වාම නොකඩවා සේවය කළා.
මෙය බ්‍රහ්ම පියා සේවය වෙනුවෙන් තිබූ සෙනෙහස සහ දරුවන් වෙනුවෙන් තිබූ සෙනෙහසේ
ලක්ෂණයකි. එබැවින් බ්‍රහ්ම පියාට ප්‍රතිඋපකාරයක් ලබා දීම යනු, ඔබට ලබා දුන් තිලිණය
නැවත නැවතත් පුනරීක්ෂණය කර එය ඔබගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගැනීමයි. එබැවින්
බ්‍රහ්ම පියාගේ සෙනෙහසට ප්‍රතිඋපකාරයක් ලෙස ඔබ සියලු දෙනාගේ හදවත් වල මෙම
අධිෂ්ඨානගත සිතිවිල්ල තිබිය යුතුයි. මෙය, බ්‍රහ්ම පියාගේ සෙනෙහසේ තිලිණයට
ප්‍රතිඋපකාර කිරීමයි. අච්චා.
සෑම තැනක සිටින
සියලුම වාසනාවන්තම සහ පූජනීයම දරුවන්ට, අධිෂ්ඨානගත සිතිවිලි වල යතුර සෑම විටම
ප්‍රායෝගිකත්වයට දමන එඩිතර දරුවන්ට, විවිධ අන්දමේ සේවයන්හි තම මනස කාර්යබහුලව තබා
ගන්නා අයට, සෑම පියවරකින්ම කෝටි ගුණයක ආදායමක් උපයාගන්න දරුවන්ට, දිනපතාම තම
උද්යෝගය පවත්වාගෙන සෑම දවසක්ම උත්සවයක් ලෙස සමරන අයට, නිරන්තරයෙන් සතුටේ භාග්‍යය
ඇති දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් ජීව අවධානයෙන් හිද, සෙනෙහස අත්විදීමෙන් සහ සෙනෙහසේ ගැලී සිටීමේ මනෝ
ස්ථිතිය තිබීමෙන්, අන් සියල්ල අමතක කරත්වා.
ඔබගේ ක්‍රියා, වදන්
සහ නෑ සබදතා තුළ ඔබ සෙනෙහසේ ගැලී සිටින ලෙසට, ඔබගේ අවධානයේ සහ මනෝ ස්ථිතියේ සෙනෙහස
තිබිය යුතුයි. එවිට ඔබ අන් සියල්ල අමතක කර ජීව අවධානයෙන් සිටිවි. සෙනෙහස, ඔබව පරම
පියා සමග සමීප සම්බන්ධතාවයකට ගෙනැවිත් ඔබව පූර්ණ අත්හළ කෙනෙක් බවට පත් කරවයි. මෙම
සෙනෙහසේ විශේෂත්වයෙන් සහ සෙනෙහසේ ගැලී සිටීමේ මනෝ ස්ථිතියෙන්, ඔබට සියලුම
ජීවාත්මයන්ගේ වාසනාව සහ භාග්‍යය අවදි කළ හැක. වාසනා අගුලේ යතුර මෙම සෙනෙහසයි. මෙය
මාස්ටර් යතුරකි. මෙම යතුරෙන් ඔබට ඕනෑම අභාග්‍යවන්ත ජීවාත්මයක්ව භාග්‍යවන්ත කළ හැක.
පාඨය:
තමන්ගේම
පරිවර්ථනයේ මොහොත ඔබ නියම කරගත් විට, ලෝක පරිවර්ථනය ඉබේටම සිදුවෙයි.
අව්‍යක්ත සංඥාව: යෝගා
බලයෙන් ඔබගේ මනසින් තමන් මත සහ අන් අය මත පර්යේෂණ සිදු කරන්න.
මනසේ බලයේ කැඩපත
වන්නේ ඔබගේ වදන් සහ ක්‍රියාය. මෙම දැනුම නොමැති ජීවාත්ම හෝ මෙම දැනුම තිබෙන ජීවාත්ම
වුවද, ඔවුන් සමග නෑ සම්බන්ධතා පවත්වන විට, ඔබගේ වදන් සහ ක්‍රියා, සුබ පැතුම් සහ
පිවිතුරු හැගීම් වලින් පුරවා තබාගන්න. පිවිතුරු සහ බලවත් මනසක් ඇති අයට ඉබේටම
පිවිතුරු සහ බලවත් වදන් සහ ක්‍රියා තිබෙයි. ඔබට බලවත් මනසක් තිබෙන විට, ඉන් අදහස්
වන්නේ ඔබගේ සිහි කිරීමේ බලය ශ්‍රේෂ්ඨ සහ බලවත් වන බවයි, එවිට ඔබ පහසු යෝගීවරයෙක්
වෙයි.