05.10.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙතෙක් කල් ඔබ කන්නලව් කර කර සිටි ඒකායන කෙනා දැන් ඔබ ඉදිරියට පැමිණ සිටියි. එමනිසා, ඔබ සෑම විටම සතුටින් සිටිය යුතුයි. කිසිම විටෙක කිසිම දෙයක් සම්බන්ධයෙන් දුක් වන්න එපා.

ප්‍රශ්නය:
උත්සාහවන්ත දරුවන් නිරන්තරයෙන්ම තම හදවතින් පරීක්ෂා කර බලන කරුණ කුමක්ද?

පිළිතුර:
මම නම් වූ ජීවය තුළ කුඩා හෝ ලොකු කටුවක් තවමත් ඉතිරි වී තිබෙනවාද? වඩාත් තියුණුම කටුව රාගය නම් වූ කටුවයි. කෝපය නම් වූ කටුවත් ඉතාමත් නරකයි. දේවතාවන් කවදාවත් තරහ ගන්නේ නැහැ. එමනිසා, සුමිහිරි දරුවනි, කුමන හෝ කටුවක් තවමත් ඉතිරි වී තිබෙනවා නම්, ඒවා අතහැර දමන්න. තමාට පාඩුවක් කර ගන්න එපා.

ගීතය:
මවත් පියාත් වන්නේ ඔබයි.

ඕම් ශාන්ති.
සුමිහිරි ආධ්‍යාත්මික දරුවන් පියාගේ ගුණ ගායනයට ඇහුම්කන් දුන්නා. එහිදී, මිනිස්සු සෑම විටම මෙය ගායනා කරනා අතර මෙහිදී, ඔබ මෙම බාබාගෙන් උරුමය දිනා ගන්නවා. බාබා අප හරහා භාරතය ස්වර්ගයක් බවට පත්කරවනා බව ඔබ දන්නවා. එලෙස ඔහු කවුරුන් හෝ මාර්ගයෙන් එය නිර්මාණය කරනවා නම් ඒ අය අනිවාර්යෙන්ම සතුටේ දේශයේ පාලකයින් බවට පත්වනු ඇත. දරුවන් වන ඔබ ලොකු සතුටක් අත් විඳිය යුතුයි. බාබාගේ ගුණ අතිමහත්ය. අපි ඔහුගෙන් අපේ උරුමය දිනා ගන්නවා. දැන් මේ ලබා ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයායි, දරුවන් වන ඔබ මත පමණක් නොව, මුළු ලෝකයටමයි. එය දන්නේ බ්‍රහමිණ්වරුන් වන ඔබ පමණයි. පොදුවේ ගත් කල මුළු ලෝකයේමත් විශේෂයෙන්ම භාරතයටත් බ්‍රහස්පති ග්‍රහයා ලබා ඇත. මන්ද, ඔබ දැන් සොළොස් කලා ගුණාංගයන්ගෙන් සම්පූර්ණ වෙමින් සිටිනා නිසායි. මේ මොහොත වන විට කිසිම කලාවක් ඔබට නැත. දරුන් වන ඔබ තුළ ලොකු සතුටක් තිබිය යුතුයි. මෙහි සිටිනතාක් කල් සතුටින් සිට පසුව පිටට ගිය කල එම සතුට නැතිවන තත්ත්වයක් නොවිය යුතුයි. ඔබ මෙතෙක් කල් ගුණ කිය කියා සිටි කෙනා දැන් ඔබ ඉදිරියටම පැමිණ සිටියි. මීට වසර 5000කට පෙරත් ඔබට අධිරාජ්‍යය ලබා දී ඔහු පිටවී ගිය බව බාබා කියා දෙනවා. ක්‍රම ක්‍රමයෙන් සෑම කෙනෙක්ම ඔහුට කන්නලව් කරන්න පටන් ගන්නා බව ඔබට පෙනෙනවා. ඔබගේ සියලුම පාඨ මතු වේවි. උදාහරණයක් වශයෙන් කියනවා නම්, ඇතැම් මිනිසුන් කියනවා එක ආගමක්, එක රාජ්‍යයක් හා එක භාෂාවක් තිබිය යුතුයි කියලා. මෙවන් දේ කියන්නේ ජීවයනුයි. දේවතාවන් ගෙන් සෑදුණු එක් රාජ්‍යයක් භාරතය තුළ තිබුණු බව ජීවය දන්නවා. මෙම සුගන්ධය සෑම තැනම ව්‍යාප්ත වී යාවි. ඔබ දිගින් දිගටම මෙම සුගන්ධය පතුරුවනවා. නාටක සැලසුමට අනුව, යුද්ධයක ලකුණුත් ඔබ ඉදිරියේම තිබෙනවා. මෙය අලුත් දෙයක් නොවෙයි. භාරතය අනිවාර්යෙන්ම සොළොස් කලා ගුණයෙන් පූර්ණ විය යුතුයි. මෙම යෝගා බලයෙන් ඔබ සොළොස් කලා ගුණාංගයන්ගෙන් පිරෙන බව ඔබ දන්නවා. දානයක් දෙන්න, එවිට, සියලුම අපල උපද්‍රව දුරුවී යනු ඇතැයි කියා කියමනක් තිබෙනවා. පියාත් කියනවා ඔබ තුළ ඇති පාප හා දුර්වලතාවයන් දානය කරන්න. මේ රාවණ්ගේ රාජ්‍යයයි, නේද? පියා පැමිණ ඔබව ඉන් ගලවා ගන්නවා. ලොකුම පාපය නම් රාගයයි. ඔබ ශරිර අවධානයට පත්වෙලා, ඉතින් දැන් ඔබ ජීව අවධානයට පත් විය යුතුයි. ශරිරය පිළිබඳ වූ අවධානයත් ඔබ අතහැර දැමිය යුතුයි. මේ කරුණු තේරුම් ගන්නේ දරුවන් වන ඔබ පමණයි. ලෝකයේ අනෙක් මිනිස්සු මේවා තේරුම් ගන්නේ නැහැ. භාරතය සොළොස් කලා ගුණ වලින් පිරුණු විට, එය පරිපූර්ණ දේවතාවරුන්ගේ රාජ්‍යය වශයෙන් තිබුණා. දැන් එය අපල වලට හසු වෙලා. භාරතය, ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යය වශයෙන් පැවති කල එය ස්වර්ගය වශයෙන් තිබුණා. දැන් එය පස්පව් නම් වූ අපලයට හසු වී ඇති නිසා පියා කියනවා දානයක් දෙන්න. එවිට සියලුම අපල උපද්‍රව දුරු වී යනු ඇත. එමනිසා, පියා කියනවා මෙය දානය කරන්න, එවිට ඔබ කලා දහසයෙන්ම සම්පූර්ණ වනු ඇත. ඔබ එය දානය කළේ නැතිනම් එම තත්ත්වයට පත්වන්නේ නැහැ. ජීව තම තමන්ගේ චරිත ලබා තිබෙනවා. ජීව වන තමන් තුළ ඇති චරිතය කෙතරම් උසස් එකක්ද කියා ඔබ දන්නවා. ඔබ ලෝකයේ අධිරාජ්‍යය නම් වූ වාසනාව දිනා ගන්නවා. මෙය අසීමිත නාටකයක් වන අතර එහි නළු නිළියන් රාශියක් සිටිනවා. පළමු පන්තියේ නළු නිළියන් වන්නේ ලක්ෂ්මි හා නාරායනුයි. ලක්ෂ්මි හා නාරායනට ඉහළම චරිත ලැබී තිබෙනවා. විශ්ණු, බ්‍රහ්මා හා සරස්වතී වෙනවා. පසුව බ්‍රහ්මා හා සරස්වතී විශ්ණු වෙනවා. ඔවුන් උපත් 84ක චක්‍රය වටා ගමන් කරන්නේ කෙසේද යන්න ගැන ඔබ දැන් දන්නවා. ව්‍යාපාරිකයන් ගණන් පොත් තබා ගන්නා විට, ඔවුන් එහි ස්වස්ථිකයක් අඳිනවා. ගණ දෙවියන්ව (ස්වස්ථිකය) වන්දනා කරනවා. මෙය අසිමිත මුදල් පොතක්. ස්වස්ථිකයේ කොටස් හතරක් තිබෙනවා. ඒ හා සමානව, ජගත්නාථපුරි වල එක් වළඳක් තිබෙනවා, එයට හාල් දමා පිසූ විට එම බත, එක සමාන කොටස් හතරකට ඉබේම බෙදෙනවා. දරුවන් වන ඔබට දැන් උගන්වන්නේ කවුද? ඉතාමත් ආදරණීය පියා දැන් පැමිණ ඔබගේ සේවකයෙක් බවට පත් වි ඔබට සේවය කරනවා. කරන ක්‍රියා වල ඵලයෙන් ජීවය නිදහස් කියා මිනිස්සු කියනවා. උපත් 84ක චරිතයක් ජීවයේ පටිගත වි තිබෙනා බව ඔබ දැන් දන්නවා. කරන ක්‍රියා වල ඵලයෙන් ජීවය නිදහස් වෙනවා කියා කීම අතර දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. කෙනෙක් එක තැනක වාඩි වී මාසයක්, මාස එකහමාරක් හරියට මේවා හැදෑරුවොත් පමණයි ඔවුන්ට කිසියම් දෙයක් තේරුම් ගත හැකි වන්නේ. දවසින් දවස කරුණු රාශියක් මතුවෙන්න පටන් ගන්නවා. මෙය කස්තුරි වගෙයි. ග්‍රන්ථ වල කිසිම සාරයක් නැහැ. බාබා කියනවා: දැන් ඒවා ඔබගේ සිහියෙන් ඉවත් කර දමන්න. ඥානයේ සාගරය වන්නේ මා පමණයි. මෙම ස්ථාවර විශ්වාසය තිබෙනා විට, ඒ සෑම දෙයක්ම ඇත්තේ භක්ති මාර්ගයට බව ඔබට තේරුම් ගත හැකි වෙනවා. ඔබ පරිහාණියට පත්වුණු විට ඔබ ලඟට පැමිණ ඔබට ගැලවීම ලබා දෙන්නේ උත්තරීතර පියා උත්තරීතර ජීවය පමණයි. ඉණිමග පෙන්වන පින්තූරයේත් ඔබ මෙය පැහැදිලිව පෙන්විය යුතුයි. භක්ති මාර්ගය ආරම්භ වුණු විට රාවණ්ගේ රාජ්‍යයත් ආරම්භ වෙනවා. ගීතාවේ කොටස් දැන් නැවත පුනරාවර්ථනය වෙනවා. පරම පියා කියනවා මම සෑම කල්පයකම සංගම යුගයේදී පැමිණෙමි. ඔහු මාළුවෙක් නැතිනම් කිඹුලෙක් වෙලා ඉපදෙනවා කියාත් මිනිස්සු කියනවා. පරම්පරා 24ක් ගැන කතා කරනවා. බාබා කියනවා බ්‍රහස්පති ග්‍රහ බලපෑම දැන් ඔබට තිබෙනවා. මම ඔබව ස්වර්ගයේ පාලකයින් බවට පත් කෙරෙව්වා. පසුව රාවණ් ඔබට අපල කාලයක් උදා කෙරෙව්වා. පියා දැන් නැවතත් වතාවක් ඔබව පාලකයින් බවට පත් කරවීමට පැමිණ සිටිනවා. එමනිසා, ඔබ ඔබට පාඩුවක් ඇති නොකර ගත යුතුයි. ව්‍යාපාරිකයන් සෑම විටම තමන්ගේ ගිණුම් පිළිවෙලකට තබා ගන්නවා. පාඩු විඳිනා අය හඳුන්වන්නේ මෝඩයින් හැටියටයි. ලොකුම ව්‍යාපාරිකයා මොහුයි. ඔහුත් සමඟ මෙම ව්‍යාපාරය කිරිමට පැමිණෙන්නේ කලාතුරකින් කෙනෙක්. මෙය අවිනාශි ව්‍යාපාරයක්. අනෙක් සෑම ව්‍යාපාරයක්ම දුහුවිල්ලක් බවට පත් වී යනවා. ඔබ දැන් සැබෑ ව්‍යාපාරයක නිරත වී සිටිනවා. අසීමිත ව්‍යාපාරිකයා, මැණික්කරු කියා හඳුන්වන්නේ පියායි. එමෙන්ම ඥාන සාගරය යනුවෙන් හඳුන්වන්නේත් ඔහුවයි. බලන්න මිනිස්සු කී දෙනෙක් ප්‍රදර්ශනවලට පැමිණෙනවාද කියා. එතනින් මධ්‍යස්ථායට පැමිණෙන්නේ කලාතුරකින් කෙනෙක්. භාරතය ඉතාමත් විශාලයි. ඔබ සෑම තැනම යා යුතුයි. ගංඟා නදියේ ජලය භාරතයේ සෑම දෙසටම ගලන්නේ නැහැ. ගංඟා නදිය පාරිශුද්ධකරු නොවන බවත් ඔබ පැහැදිලි කර කියා දිය යුතුයි. ඥානයේ ගංඟාවන් වන ඔබ එහි යා යුතුයි. ඔබ නිතර නිතරම ප්‍රදර්ශන හා වෙළඳසැල් පැවැත්විය යුතුයි. දවසින් දවස ඉතාමත් හොඳ පින්තූර නිර්මාණය වේවි. පින්තූරයක් දුටු සැනින්ම සතුටක් දැනී ඔබ කියනා දෙය යහපත් දෙයක් යන හැඟිම එන තරමට පින්තූර ලස්සන විය යුතුයි. ලක්ෂ්මි හා නාරායනගේ රාජ්‍යයන් ස්ථාපනය වෙමින් පවතිනවා. බ්‍රහමිණ් ධර්මය ස්ථාපනය වෙමින් පවතිනවා. පසුව දේවතාවන් බවට පත්වන්නේ බ්‍රහමිණ් වරුන් වන ඔබයි. ඔබ දැන් උත්සාහ දරණවා. එමනිසා, ඔබගේ හදවතින් අසන්න මා තුළ කුමන හෝ කටුවක් තවමත් ඉතිරිව තිබෙනවාද? රාගය නම් වූ කටුව මා තුළ තිබෙනවාද? කෝපයේ කුඩා කටුවක් වුණත් ඉතාමත් භයානකයි. දේවතාවන් කවදාවත් කෝපයට පත්වන්නේ නැහැ. ශන්කර් තෙවන ඇස විවෘත කළ විට විනාශය පටන් ගත්තා කියා සඳහන් කර තිබෙනවා. එය ශන්කර් පිළිබඳ වුණු වැරදි කියමනක්. විනාශය සිදුවිය යුතුයි. සූක්ෂම ලෝකයේ සිටිනා ශන්කර්ට නයෙක්, එහෙම ඉන්න පුළුවන්ද? නයි මතුවන්න බිම් එහි නැහැ. අහස පුරා නයි දඟලන්නේ නැහැ. සුක්ෂම ලෝකයේවත් අශාරිරික ලෝකයේවත් මල්වතු හෝ නයි නැහැ. ඒ සෑම දෙයක්ම තිබෙන්නේ මෙහියි. ස්වර්ගයත් තිබෙන්නේ මෙහියි. මේ මොහොත වන විට මිනිස්සු කටු වගේ තත්ත්වයකට පත්වෙලා. අන්න ඒ නිසා තමයි මෙය කටු කැලයක් කියා හඳුන්වන්නේ. ස්වර්ණමය යුගය මල් වත්තක්. බාබා කොහොමද මල් වත්තක් හදන්නේ කියා ඔබට බැලිය හැකියි. ඔහු ඔබව ඉතාමත් ලස්සන කරවනවා. ඔහු ඔබ සියලු දෙනාවම ලස්සන කරවනවා. ඔහුමත් සැමදා ලස්සනයි. මනමාලියන්, දරුවන් වන ඔබ සෑම කෙනෙක්ම ඔහු ලස්සන කරවනවා. රාවණ් ඔබව සම්පූර්ණයෙන්ම අවලස්සන කරවලා. බ්‍රහස්පති ග්‍රහයා ඔබ මත තිබෙන බැවින් ඔබ ඉතාමත් සතුටු විය යුතුයි. කාලයෙන් බාගයක් සතුටත් ඉතිරි බාගය දුකත් නම් තිබෙන්නේ ඇතිවන යහපත කුමක්ද? නැහැ, කාලයෙන් තුන් කාලයක්ම ඔබට සතුට තිබෙනවා. මෙම නාටකය කල්තබාම තීරණය වුණු දෙයක්. එවන් නාටකයක් නිර්මාණය වී තිබෙන්නේ ඇයි කියා මිනිස්සු අසනවා. අහා!, නමුත් එය සදාතනිකයි. ඇයි එවන් දෙයක් නිර්මාණය වුණේ යනුවෙන් ප්‍රශ්නයක් පැන නඟින්නේ නැහැ. මෙය ආදි සනාතන කල් තබාම තීරණය වුණු නාටකයයි. කල්තබාම තීරණය වුණු දෙය දැන් සිදුවෙනවා. කිසිම කෙනෙකුට සදාතනික ගැලවීමක් ලබා ගන්න බැහැ. ඉදිරියටම යන සදාතනික වූ ලෝකය මෙයයි. සමූල ඝාතනයක් කවදාවත් සිදුවන්නේ නැහැ. බාබා නව ලෝකය නිර්මාණය කරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නොයෙකුත් පටලැවිලි තිබෙනවා. මිනිස්සු දෙවියන්ට කතාකරන්නේ ඔවුන් අපිරිසිඳු හා දුකට පත්වුණු විටයි. බාබා පැමිණ සෑම කෙනෙකුගේම ශරිර කල්ප වෘක්ෂයක් බවට (අමරණිය) පත් කරවනවා. ජීව වන ඔබ පාරිශුද්ධ වුණු විට, ඔබ පිරිසිඳු ශරිරයක් ලබනවා. පියා ඔබගේ ශරිරය සදාකාලික කරවනවා. එනම්, කල්ප බාගයකටම ඔබ අකල් මරණයක් අත්දකිනා එකක් නැහැ. ඔබ මරණය ජය ගන්නවා. දරුවන් වන ඔබ හොඳ උත්සාහයක් දැරිය යුතුයි. වැඩි වැඩියෙන් උසස් තත්ත්වයක් ලබා ගත් තරමට එය හොඳයි. සෑම කෙනෙක්ම හොඳ ආදායමක් උපයා ගැනිම සඳහා උත්සාහ දැරිය යුතුයි. දර එකතු කරනා අය කියනවා, වැඩි වැඩියෙන් දර සොයා ගත් තරමට වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා. සමහර අය රැවටීමෙන් මුදල් උපයනවා. එහිදි නම් එවැනි කිසිම දුකක් නැහැ. ඔබ දැන් පියාගෙන් ලොකු ආදායමක් උපයා ගන්නවා. ස්වර්ගයට යාමට තරම් තමන් සුදුසු ද කියා ඔබම පරික්ෂා කර බැලිය යුතුය. (නාරද්ගේ උදාහරණය). මිනිස්සු ග්‍රන්ථවල නොයෙකුත් දේ සඳහන් කර තිබෙනවා. දැන් සියලුම වන්දනා ගමන්වලට නැවතීමේ තිත තබන්න. ගීතයක් තිබෙනවා ඔබ ලෝකෙ වටේ ඇවිද්දා, නමුත් තවමත් සිටින්නේ දුරස්තවයි... කියා. පියා දැන් ඔබට ඉතාමත් හොඳ වන්දනාවක් ගැන කියා දෙනවා. එහි කිසිම අපහසුවක් නැහැ. පියා ඉතාමත් සරළව කියනා දෙයක් නම් නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප දුරුවී යනු ඇත. මම ඔබට ඉතාමත් හොඳ ක්‍රමයක් කියා දෙන්නම්. දරුවනි, ඔබ අහගෙනද සිටින්නේ? මේ මගේ රථයයි. මම එය ණයට ගෙන තිබෙනවා. මේ පියාට ලොකු සතුටක් තිබෙනවා මම මගේ ශරිරය පියාට ණයට දි තිබෙනවා. ඔහු මාව ලෝකයේ පාලකයෙක් බවට පත්කරවනවා. ඔහුගේ නම භගීරාත්ය (භාග්‍යවන්ත රථය). බෝම්බ ආදිය නිෂ්පාදනය කර ඇති බව ඔබ දන්නවා. ගිණි ආදියත් ඇති වේවි. රාවණ්ව මැරීම සඳහා මිනිස්සු ඔහුගේ පඹයෙක් සාදනවා. මෙහිදි, මැරවීම හෝ මැරිම යන දෙයක් සිදුවන්නේ නැහැ. එක පැත්තකින් මිය යෑමුත්, අනෙක් පැත්තෙන් රාවණ්ගේ රාජ්‍යයේ අවසානයත් සිදු වෙනවා. දරුවන් වන ඔබ රාමාගේ රාජ්‍යය වෙත යාමට උත්සාහ දරණවා. ඉතින් එමනිසා, ඔබ සම්පූර්ණ උත්සාහයක් දැරිය යුතුයි. කටුවක් බවට පත්වෙන්න එපා. ඔබ බ්‍රහමිණ්වරුන්ය. ඔබගේ සෑම දෙයක්ම රඳා පවතින්නේ මුරලිය මතයි. මුරලි ලැබුණේ නැති නම් ඔබ මොකද කරන්නේ? එක්කෙනෙක්ට පමණයි ඥානය දෙන්න පුළුවන්, කියා සිතන්න එපා. ඕනෑම කෙනෙක්ට දිය හැකියි. අන් අයටත් පැහැදිලි කර දිය හැකි ඉතාමත් හොඳ පිංතූර දැන් සාදා තිබෙනවා. මෙම ප්‍රධාන පිංතූර ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ තබා බොහෝ දෙනෙක්ට යහපත සලසා දිමක් ඔබට කළ හැකියි. ඒ ව්‍යාපාරය කරනා අතරම, මෙම ගනුදෙනුවත් කරන්න. අවිනාශී ඥාන මිණිමුතු ලබා දෙන බාබාගේ වෙළඳසැල මෙයයි. ගෙවල් දොරවල් හදන්න බාබා ඔබට තහනම් කරන්නේ නැහැ. නැති නම් මුදල් අපතේ යාවි. ගෙයක් දොරක් හදාගෙන සැප පහසුවට ඉන්නේ නැත්තේ ඇයි? ඔබ ලඟ තිබෙන මුදල් පරිහරණයට ගත යුතුයි. ගෙයක් සාදා, ඉතිරි මුදල් කෑමට බීමටත් පරිත්‍යාගවලටත් තබා ගන්න. කාෂ්මිරයේ රජතුමා මිය යන විට ඔහු තමා සතුව තිබුණු සියලුම පෞද්ගලික ධනය ආර්ය සමාජින්ට දානය කළා. මිනිස්සු තම තමන්ගේ ආගම වෙනුවෙන් යම් යම් දේවල් කරනවා. මෙහි එය ඒ වගේ නොවෙයි. සියලුම දෙනා දරුවන්, පරිත්‍යාග කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ සීමිත පරිත්‍යාගයි. මම ඔබට ලෝකයේ ආධිපත්‍යය ලබා දෙමි. නාටකයට අනුව භාරතයේ මිනිස්සු තමාගේ අධිරාජ්‍ය නම් වූ වාසනාව දිනා ගනු ඇත. භක්ති මාර්ගයේ සිටිනා ව්‍යාපාරිකයන් ආගමික කටයුතුවලට කොටසක් වෙන් කර තබනවා. ඒ වෙනුවෙන් ඔවුන් ඊලඟ උපතේදී කිසියම් සීමිත දෙයක් ලබා ගන්නවා. මම දැන් කෙලින්ම මෙහි පැමිණ සිටිමි. එමනිසා, ඔබ තමා සතු සෑම දෙයක්ම මෙම කාර්යයට යෙදවිය යුතුයි. මට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ශිව බාබාට ගෙවල් සාදාගැනිමේ අවශ්‍යතාවක් තිබෙනවාද? මේ සෑම දෙයක්ම බ්‍රහමිණ්වරුන් වන ඔබටයි. දුප්පත්, පොහොසත් සෑම කෙනෙක්ම එකට ජීවත් වෙනවා. එමනිසා, මේ සෑම දෙයක්ම ඔය දරුවන් වෙනුවෙනුයි. කිසියම් කෙනෙක් ගෙදරදි සියලුම සැප පහසුකම් ඇතිව හැදුණු වැඩුණු නිසා, එම පහසුකම් ඔවුන්ට ලබා දිය යුතු බව දැක තිබෙනවා. අන්න ඒ නිසා තමයි සෑම කෙනෙක්ටම ආගන්තුක සත්කාර දක්වන්න කියා ඔබට කියන්නේ. ඔබට යමක් නැති නම්, ඔබට එය දිය හැකියි. පියා ඔය දරුවන්ට ආදරෙයි. වෙන කිසිම කෙනෙක් ලඟ එවන් සෙනෙහසක් නැහැ. උත්සාහ දරන්න කියා දරුවන් වන ඔබට සෑම විටම කියනවා. අන් අය වෙනුවෙන් විවිධ විවිධ ක්‍රම නිර්මාණය කරන්න. මේවා කියා දීම සඳහා වර්ග අඩි තුනක බිමක් ඇති. වැදගත් කෙනෙක් ලඟ ශාලාවක් තිබෙනවා නම්, ඔහුට කියන්න අපි අපගේ වැදගත් අවශ්‍ය කරන පින්තූර මෙහි එල්ලා උදේ වරුවේ පැය දෙකකුත්, සවස් වරුවේ පැය දෙකකුත් පන්ති පවත්වා යන්නම් කියා. අපි අදාල ගෙවීම් කරන්නම්, ඔබගේ නමත් ප්‍රසිද්ධියට පත්වේවි. බොහෝ දෙනා පැමිණ සිප්පි කටු තත්ත්වයෙන් දියමන්ති බවට වෙනස්වනු ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සදාතනික පියා සමඟ සැබෑ අවිනාශී ව්‍යාපාරය කරන්න. ඒ ව්‍යාපාරයත් සමඟම මේ ව්‍යාපාරයටත් ඔබගේ කාලය යොදවන්න. ඥානයේ ගංගාවන් බවට පත් වී සෑම කෙනෙක්වම පාරිශුද්ධත්වයට පත්කරන්න.

2. බ්‍රහමිණ් ජීවිතයේ පදනම වන්නේ මුරලියයි. එය ඔබ ඇහුම්කන් දිය යුත්තේ ද, අන් අයට කියවිය යුත්තේ ද ඉතාමත් ආදරයෙනි. කුමන හෝ කටුවක් ඔබ තුළ ඉතිරි වී තිබෙනවා නම් එය ඉවත් කර දමන්න. දුර්වලතා දානය කරන්න.

වරදානය:
ඔබව අපහාසයට පත්කළ අය කෙරෙහි පිරිසිදු හා ධනාත්මක සිතිවිලි ඇතිව සහ ඔවුන්ව දයාවන්ත හැගීම්බරව නඟා සිටුවත්වා.

ඔබ හා සම්බන්ධ වන ජීවාත්ම කුමන ස්වභාවයකින් යුක්ත වුවද, සතෝගුණි හෝ තමෝගුණි වුවද ඔබ තුළ නිරන්තරයෙන් ඔවුන් කෙරෙහි පිරිසිදු හා යහපත් සිතිවිලි පවතී; එනම්, ඔබට අපහාස කළ අයව ඔබ නඟාසිටුවයි. කිසිදු ජීවාත්මයක් කෙරෙහි අකමැත්තක් හෝ අප්‍රසාදයක් ඇති කර නොගන්න; මන්ද, එම ජීවාත්ම අවිද්‍යාවේ බලපෑමට ලක්ව සිටින බවත්, අවබෝධයෙන් තොරව ක්‍රියා කරන බවත් ඔබ දන්නා බැවිනි. එම ජීවාත්ම කෙරෙහි අකමැත්තක් නොව, දයාව සහ සෙනෙහස දක්වන්න. අන් අය වෙනුවෙන් පිරිසිදු හා යහපත් සිතිවිලි ඇති ජීවාත්ම කිසිවිටෙකත් "මෙම පුද්ගලයා මෙසේ කළේ ඇයි?" යැයි නොසිතයි. ඒ වෙනුවට, එවැනි ජීවාත්මයකට යහපතක් කරන්නේ කෙසේදැයි ඔවුහු නිරන්තරයෙන් සිතති. මෙය සුබ පතන්නෙකුගේ ස්ථිතියයි.

පාඨය:
'තපස්යා' බලයෙන් කළ නොහැකි දේ කළ හැකි දෙයක් බවට පත් කර, සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න.

අව්‍යක්ත සංඥාව: අන් අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.

'ත්‍රිකාලදර්ශී' වීම තුළින් සහ තමන් ඉදිරියේ සිටින ජීවාත්ම සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින්, සෑම ජීවාත්මයකම දුර්වලතා හඳුනා ගත්ත ද, ඔවුහු එම දුර්වලතා තමන් තුළට ගන්නේ නැත; ඒ ගැන කතා කරන්නේ ද නැත. ඒ වෙනුවට, තම දානපති ස්වරූපය තුළින් ඔවුහු සියලු ජීවාත්මයන්ගේ දුර්වලතා නම් වූ කටු ඉවත් කර දමති. කටු බවට පත්වනවා වෙනුවට, ඔවුහු කටු මල් බවට පරිවර්තනය කරති.