06.04.25 Avyakt Bapdada
Sinhala
Murli 15.12.2004 Om Shanti Madhuban
බාප්දාදාගේ විශේෂ
බලාපොරොත්තුව වන්නේ ඔය සෑම දරුවෙක්ම
ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගත යුතු බවයි.
අද දින, බාප්දාදා සෑම
දිශාවකම සිටින ඔහුගේ සැහැල්ලු අධිරාජවරුන්ගේ සමූහය දෙස බලමින් සිටියා. මෙම රාජකීය
සමූහය පවතින්නේ මුළු කල්පයෙන්ම මෙකල පමණයි. ඔබ ආධ්‍යාත්මික කුල්මත්බවින් සිටින නිසා
ඔබ සැහැල්ලු අධිරාජවරුන්ය. ඔබ උදෑසන අවදි වන විට ඔබ සැහැල්ලුයි; ඇවිදින විට, එහෙ
මෙහෙ යන එන විට සහ ක්‍රියා සිදුකරන විට ඔබ සැහැල්ලුයි, එමෙන්ම ඔබ නින්දට යන විට, ඔබ
නිදා ගන්නේ සැහැල්ලු අවදියකින්. ඔබ මෙය අත්දකිනවා නේද? ඔබ ඉන්නේ සැහැල්ලුවෙන්ද? ඔබ
මෙය බවට පත් වෙලාද, නැත්නම් මෙය වෙමින් සිටිනවාද? ඔබ මෙය වෙලා නේද? ඔබ සැහැල්ලු
මෙන්ම අධිරාජවරුන්; ඔබ සැහැල්ලු අධිරාජවරුන්, ඔබගේ භෞතික ඉන්ද්‍රියයන් පාලනය කරන
තමන්ගේ පාලකයන්, එනම් ඔබට ස්ව-ආධිපත්‍යය තිබෙනවා. එබැවින් එවන් සමූහයක් ඇති වන්නේ
ඔය දරුවන්ගෙන් පමණයි. ඔබට කිසියම් කණස්සලු තිබෙනවාද? කණස්සලු තිබෙනවද? මෙයට හේතුව
ඔබ සියළුම කණස්සලු පියාට දී තිබීමයි. එබැවින් ඔබගේ සියළුම බර ඉවත් කර තිබෙනවා නේද?
කණස්සලු අවසන්, ඔබ සැහැල්ලු අධිරාජවරු බවට පත් වී ඇති අතර ඔබ මෙම මිල කළ නොහැකි
ජීවිතය අත්විදිනවා. සියළු දෙනාගේම හිස මත පාරිශුද්ධත්වයේ ආලෝකය ඉබේටම දිදුලනවා.
සැහැල්ලු අයගේ හිස මත ආලෝක කිරුළක් තිබෙනවා. ඔබ යම් දෙයක් ගැන කණස්සල්ලට පත් වන්නේ
නම්, ඔබ තමන් ලග ඔනෑම බරක් උසුලාගෙන සිටින්නේ නම්, ඔබගේ හිස උඩ මතු වන්නේ කුමක්ද
කියා ඔබ දන්නවාද? ඔබගේ හිස මතට බරක කූඩයක් (කම්කරුවාගේ කූඩය) පැමිණෙයි. එබැවින්
සරලව සිතන්න: ඔබගේ ඉදිරියට කිරුළ සහ කූඩය යන දෙකම ගෙන එන්න. ඔබ වඩාත් කැමති කුමටද?
ඔබ වැඩියෙක් කැමති කූඩයටද ආලෝක කිරුළටද? ගුරුවරු කතා කරන්න, ඔබ වැඩියෙන් කැමති
කුමටද? ඔබ කිරුළට කැමතියි නේද? ඔබගේ සියළුම භෞතික ඉන්ද්‍රියයන් පාලනය කරන අධිරාජවරු
ඔබයි. පවිත්‍රතාවය ඔබට ආලෝක කිරුළක් හදා ගැනීමට මග පාදන අතර ඔබගේ අජීවී ප්‍රතිමා වල
සිහිවටනයේ පෙන්වන්නේ, ද්විත්ව කිරුළකි. තඹ යුගයේ සිට බොහෝ දෙනෙක් අධිරාජවරු වී ඇති
අතර බොහෝ දෙනෙක් රජවරු වී ඇත, නමුත් කිසිවෙකුට ද්විත්ව කිරුළක් නොමැත. කිසිම කෙනෙක්
සැහැල්ලු අධිරාජයෙක්, තමන්ගේ පාලකයෙක් වී නොමැත, මන්ද, පවිත්‍රතාවයේ බලය, ඔබව මායා
ජයගන්නා කෙනෙක් සහ ඔබගේ භෞතික ඉන්ද්‍රියයන් ජය ගන්නා කෙනෙක් බවට පත් කරයි: එය ඔබව
ජයග්‍රාහී කරවයි. සැහැල්ලු අධිරාජවරයෙකුගේ ලක්ෂණය වන්නේ ඔහු නිරන්තරයෙන් තමන් සමග
තෘප්තිමත් වන අතර අන් අයවත් තෘප්තිමත් කරයි. ඔහුව අතෘප්තිමත් කිරීමට, කිසිම ලැබීමක
අඩුවක් ඔහුට නොමැත. ලැබීම්වල අඩුවක් ඇති තැන, අතෘප්තිය ඇති වෙයි. ලැබීම් ඇති තැන
තෘප්තිය ඇත. ඔබ මේ ආකාරයට පත් වෙලාද? තමන්ව පරීක්ෂා කර බලන්න: මා නිරන්තරයෙන් සියළු
ලැබීම් වල ප්‍රතිරුවක්ද, එමෙන්ම නිරන්තරයෙන් තෘප්තිමත්ද? මෙම ප්‍රශංසාව තිබේ:
දේවතාවන්ගේ නොව, බ්‍රහ්මණයින්ගේ සම්පත් ගබඩාවේ කිසිම අඩුවක් නොමැත. ජීවිතයේ ශ්‍රේෂඨ
සැරසිල්ල, තෘප්තියයි. එයට විශාල වටිනාකමක් තිබේ. එබැවින් ඔබ තෘප්තිමත් ජීවාත්මයි,
එහෙම නේද?
මෙතරම් සැහැල්ලු
අධිරාජවරු වන දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. අපූරුයි, මගේ සැහැල්ලු
අධිරාජවරු, අපූරුයි! ඔබ විශ්මිතයි නේද? සැහැල්ලු අය අත් ඔසවන්න! ඔබ සැහැල්ලුද? ඔබ
කිසි දෙයක් ගැන කණස්සලු වන්නේ නැහැ නේද? ඇතැම් විට සුළු කණස්සලු තිබෙනවාද? නැහැ? එය
හොදයි. සැහැල්ලු වන ක්‍රමවේදය ඉතා පහසුයි; එය අපහසු නැහැ. එක් අකුරක වෙනසක් පමණක්
තිබේ. එය බොහෝ පහසුයි. එම අකුර වන්නේ: මගේ (මේරා) ඔබගේ (තේරා) බවට පරිවර්ථනය කරන්න.
එය මගේ නොවෙයි නමුත් ඔබගෙයි. එබැවින් ඔබ හින්දි භාෂාවෙන් “මේරා” සහ “තේරා” ලියන
විට, වෙනස වන්නේ “ම” සහ “ත” පමණයි, නමුත් එය විශාල වෙනසක් සිදු කරයි. එබැවින් ඔබ
සියළු දෙනා “මගේ” කියන අයද, “ ඔබගේ” කියන අයද? ඔබ මගේ, ඔබගේ බවට පරිවර්ථනය කර
තිබෙනවාද? ඔබ මෙය කර නොමැති නම්, එය කරන්න. “මගේ, මගේ” පැවසීම යනු දාසයෙක් වීමයි,
දුකට පත් වීමයි. මායාගේ දාසයන් වීමය, එබැවින් ඔබ සැබවින්ම දුකට පත් වෙයි. දුක් වීම
යනු මායාගේ දාසයන් වීමය. එබැවින් ඔබ මායාගේ දාසයන් නොව මායා පරාජය කරන්නන්ය. දුක
පැමිණෙන විට - එමෙන්ම එය පැමිණෙයි, මන්ද උපත් 63ක් දුකට පත් වීමේ පුහුණුව ඔබට තිබෙන
නිසා, ඔබ එය රස බලයි. එබැවින් එය විටෙක මතු වෙයි. එබැවින් බාප්දාදා පවසා ඇත්තේ
කුමක්ද? ඔය සෑම දරුවෙක්ම සැහැල්ලු අධිරාජයෙක් බව. ඔබ දැන් පවා යම් කොනක කිසියම්
කණස්සල්ලක් තබාගෙන සිටින්නේ නම්, එය දීලා දාන්න. ඔබ තමන් මත බරක් තබාගෙන සිටින්නේ
ඇයි? එයට හේතුව, ඔබ බරක් තබාගෙන සිටීමේ පුරුද්ද වර්ධනය කරගෙන තිබීමද? පරම පියා ඔබට
මෙය පවසන බැවින්, ඔහුට එම බර දී, තමන්ව සැහැල්ලු කරගන්න; සැහැල්ලු සහ ආලෝකමත්.
සැහැල්ලු සහ ආලෝකමත් වීමද වඩාත් හොද, නැත්නම් බරක් උසුලා සිටීමද? එබැවින් ඉතා
ප්‍රවේසමින් තමන්ව පරීක්ෂා කර බලන්න. ඔබ අම්රිත් වේලාවේ අවදි වන විට විශේෂයෙන් ඔබගේ
යටි සිත පරීක්ෂා කර බලන්න, ඔබට වත්මන් කාලයේ කිසිම බරක් නොතිබෙනවාද කියා. යටි සිතේ
පමණක් නොව, ඔබගේ සිහින වල පවා කිසිදු බරක් නොතිබිය යුතුයි. ඔබ ආලෝකමත්ව සහ
සැහැල්ලුවෙන් සිටීමට වඩාත් ප්‍රිය කරනවා නේද? එබැවින් තමන්ව අම්රිත් වේලාවේ පරීක්ෂා
කිරීමේ විශේෂ ගෙදර වැඩය, බාබා ඔබට ලබා දෙනවා. පරීක්ෂා කරන්නේ කෙසේද කියා ඔබ දන්නවා
නේද? කෙසේවෙතත් පරීක්ෂා කරනවාත් සමගම, පරීක්ෂා කිරීම පමණක් සිදු නොකරන්න, නමුත් එය
වෙනස් කරන්න. “මගේ”, “ඔබගේ” බවට වෙනස් කරන්න. මගේ, ඔබගේ. එබැවින් පරීක්ෂා කර වෙනස්
කරන්න, මන්ද, බාප්දාදා ඔබට නැවත නැවතත් පවසන ආකාරයට කාලය (සමය) සහ තමන් (ස්වයම්) යන
දෙකම දෙස බලන්න. කාලයේ වේගය සහ තමන්ගේ වේගය දෙස බලන්න. ඉන්පසුව ඔබට කාලය ගැන
අවධානයක් නොතිබුණු අතර කාලය ඉතා වේගයෙන් ගෙවී ගිය බව නොකියන්න. සමහර දරුවන් සිතන්නේ
දැන් ඔවුන්ගේ උත්සාහයන් ටිකක් මන්දගාමී වුනත් අවසානය වන විට ඔවුන් එය වේගවත් කරන
බවයි. කෙසේවෙතත් අවසානයේ උපකාරී වන්නේ, දීර්ග කාලයක් පුරා සිදු කළ පුහුණුවයි.
අධිරාජවරුන් වී මෙය බලන්න. ඔබගෙන් සමහරු මෙය වී ඇති අතර සමහරු නොමැත. “අපි ගමන්
කරමින් සිටිනවා, අප එය කරනවා, අපි සම්පූර්ණ වෙයි...” ඔබ දැන් ඇවිදමින් හෝ කරමින්
නොසිටිය යුතුයි, නමුත් පියාසර කරමින් සිටිය යුතුයි. ඔබට දැන් පියාසර වේගය අවශ්‍යයි.
ඔබට පියාපත් ලැබී තිබෙනවා නේද? ඔබ සියළු දෙනාටම උනන්දුව, උද්යෝගය සහ එඩිතරකමේ
පියාපත් ලැබී ඇති අතර ඔබට පියාගේ ආශිර්වාදත් තිබේ. ඔබට ආශිර්වාදය මතකද? ඔබ එඩිතරකමේ
එක පියවරක් ගන්න අතර ඔබට පියාගෙන් දහස් ගුණයක උදව් ලැබෙයි, මන්ද, පියාගේ හදවත තුල
ඔය දරුවන් වෙනුවෙන් සෙනෙහස තිබේ. එබැවින් ඔහු සෙනෙහස දක්වන දරුවන් වෙහෙස වනවා
දැකීම, පියාට දරා ගත නොහැක. සෙනෙහසේ ගිලී සිටින්න, එවිට ඔබගේ වෙහෙස වීම අවසන් වෙයි.
ඔබ උත්සාහ දැරීමට ප්‍රිය කරනවාද? ඔබ වෙහෙසට පත්වී ඇත. ඔබ උපත් 63ක් වටේ සැරිසරමින්
හිද ඇති අතර සැරිසරමින්, වෙහෙස වීමෙන් ඔබ විඩාවට පත්විය. ඉන්පසුව, ඔබගේ වටේ
සැරිසැරීම නතර කිරීමට, පියා ඔබව සිංහාසන තුනක අධිපතියන් බවට පත් කළා. ඔබ සිංහාසන
තුන දන්නවා. ඔබ ඒවා ගැන දන්නවා පමණක් නොවෙයි, ඔබ ඒවා මත සිටියි. ඔබගේ අමරණීය සිහසුන
මත ඔබ අසුන්ගෙන සිටිනවා, ඔබ බාප්දාදාගේ හදවත් සිහසුන මත අසුන්ගෙන සිටිනවා, එමෙන්ම
ඔබගේ අනාගත රාජකීය සිහසුන මතද ඔබ අසුන් ගනිවි. එබැවින් ඔහුගේ සියළුම දරුවන්
සිහසුනක් මත අසුන්ගෙන සිටින අන්දම, බාප්දාදා දකියි. ඔබට මුඵ කල්පයටම එවන් හදවත්
සිහසුනක් අත්විදිමට නොලැබෙයි. ඔය පාන්ඩවයන් සිතන්නේ කුමක්ද? ඔබ අධිරාජවරුන්ද? ඔබ
අත් ඔසවනවා. ඔබගේ සිහසුන අත්නොහරින්න. ඔබ ශරීර අවධානයට පත් වන විට, ඉන් අදහස් වන්නේ
ඔබ මඩේ පය තබන බවයි. එම සිරුරුත් මඩය, නමුත් ඔබගේ සිහසුන මත ඔබ අසුන්ගෙන සිටින විට,
ඔබ අධිරාජවරුන් වෙයි.
බාප්දාදා සියළුම
දරුවන්ගේ උත්සාහයේ වාර්ථාව පරීක්ෂා කරමින්, විෂයන් සතරින්ම ඔබ ලගා වී ඇත්තේ කොතැනටද
කියා බලයි. එබැවින් බාප්දාදා ඔබට ලබා දී ඇති සියළු සම්පත් ඔබ කෙතරම් ප්‍රමාණයකට
රැස් කරගෙන තිබෙනවාද කියා බාප්දාදා සෑම දරුවෙකුගේම වාර්ථාව පරීක්ෂා කර බැලුවා.
එබැවින් බාප්දාදා ඔබගේ තැන්පත් ගිනුම පරීක්ෂා කළා. පියා ඔබ සියළු දෙනාටම සමාන
සම්පත් ලබා දී තිබෙනවා, ඔහු සියළු දෙනාටම එකම ප්‍රමාණ ලබා දී තිබේ; ඔහු සමහරුන්ට
අඩුවෙන් සහ සමහරුන්ට වැඩියෙන් ලබා දී නැහැ. ඔබ මෙම සම්පත් රැස් කරන බවට සලකුණ
කුමක්ද? ඔබ සම්පත් ගැන දන්නවා නේද? උසස්ම සම්පත ශ්‍රේෂ්ඨ සිතිවිලි සම්පතයි.
සිතිවිලිද සම්පතකි. එබැවින් වත්මන් කාලයේ එය ශ්‍රේෂ්ඨ සම්පතකි, මන්ද, ඔබට අත්කර
ගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද, ඔබට ලබා ගැනීමට අවශ්‍ය වන කුමන හෝ ආශිර්වාදයක්, තමන්ව
කෙතරම් ප්‍රමාණයකට ශ්‍රේෂ්ඨ කරගැනීමට ඔබට අවශ්‍යද, මෙකල ඔබට මෙය කළ හැක. දැන්
නොකරන්නේ නම් කිසි කලක නොහැකි වෙයි. ඔබගේ සිතිවිලි සම්පත අපතේ හැරීම යනු ඔබගේ
ලැබීම් අපතේ හැරීමය. ඒ අන්දමින්ම ඔබගේ කාලයෙන් තත්පරයක් පවා අපතේ හැරීම; එය වටිනා
ලෙස භාවිතා නොකරන්නේ නම්, ඔබ බොහෝ සේ අහිමි කරගෙන ඇත. එය සමගම මෙම දැනුමේ, ගුණධර්ම
සහ බලයන්ගේ සම්පත්ද තිබේ. එමෙන්ම සෑම ජීවාත්මයකගෙන් සහ පරමාත්ම දෙවියන්ගෙන්
ආශිර්වාද වල සම්පතද තිබේ. ඔබගේ උත්සාහ අතින් පහසුම වන්නේ ආශිර්වාද දීම සහ ආශිර්වාද
ලබා ගැනීමයි. සතුට දී සතුට ලබා ගන්න. දුක නොදෙන්න, එමෙන්ම දුක නොගන්න. ඔබ දුකක්
නොදුන් බව නොසිතන්න, මන්ද, ඔබ දුක ගන්නේ නම්, ඔබ දුකින් සිටියි නේද? එබැවින් සුබ
පැතුම් ලබා දෙන්න. සතුට දී, සතුට ගන්න. සුබ පැතුම් ලබා දෙන්නේ කෙසේද කියා ඔබ
දන්නවාද? ඔබ දන්නවාද? එමෙන්ම ඒවා ලබා ගන්න අන්දමත් ඔබ දන්නවාද? සුබ පැතුම් ලබා දීමට
සහ සුබ පැතුම් ලබා ගැනීමට දන්න අය, අත් ඔසවන්න! අච්චා, ඔබ සියළු දෙනාම දන්නවාද? ඔබ
සියළු දෙනාම දන්නවා. අච්චා. ඔය ද්විත්ව විදේශිකයන් දන්නවාද? සුභාශිංසන. සුභාශිංසන.
සුබ පැතුම් ලබා ගන්න අන්දම දැන ගැනීම වෙනුවෙන් සුභාශිංසන. සියළු දෙනාටම සුබ පැතුම්.
ඔබ ලබා ගන්න ආකාරය සහ දෙන ආකාරය දන්නවා නම්, ඔබට තව මොනවද අවශ්‍ය? අඛණ්ඩව සුබ
පැතුම් දී, අඛණ්ඩව එය ලබා ගන්න, එවිට ඔබ පරිසමාප්ත වෙයි. ඔබට යම් කෙනෙක් අයහපත්
පැතුම් එවන්නේ නම්, ඔබ කරන්නේ කුමක්ද? ඔබ ඒවා ගන්නවාද? ටිකක් සලකා බලන්න: ඔබ එම නරක
පැතුම් ගන්නේ නම්, තමන් තුල පිරිසිදුකම තිබෙයිද? අයහපත් පැතුම් යනු යම් නරක දෙයක්
නේද? ඔබ එය තමන් තුලට ගන්නේ නම්, එවිට තව දුරටත් ඔබ තුල එම පිරිසිදුකම නොතිබෙයි,
එහෙම නේද? සුළු දුර්වලතාවයක් හෝ ඇත්නම්, ඔබට අංග සම්පූර්ණ වීමට නොහැකි වෙයි. කෙනෙක්
ඔබට නරක් වූ දෙයක් දෙන්නේ නම්, ඔබ එය ගන්නවාද? ඔබට කෙනෙක් ඉතා ලස්සණ නමුත් නරක් වූ
පලතුරක් දෙන්නේ නම්, ඔබ එය පිලිගන්නවාද? ඔබ එය පිලිගන්නවාද, නැද්ද? නැත්නම් ඔබ මෙසේ
කියයිද, “එය හොදයි, එමෙන්ම ඔබ එය දී තිබේ...” කෙනෙක් නරක පැතුම් ලබා දෙන ඔනෑම
විටෙක, ඔබගේ මනසින් ඒවා ධාරණය නොකරන්න. ඒවා නරක පැතුම් බව ඔබට වැටහෙයි, එබැවින් එම
නරක පැතුම් ඔබගේ ඇතුලාන්තයට නොගන්න, මන්ද එසේ වුනොත් එය දුර්වලතාවයක් වෙයි. එබැවින්
මේ වසරේ, එමෙන්ම මෙම පැරණි වසරේ තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා, ඔබගේ හදවතේ
අධිෂ්ඨානගත සිතිවිල්ලක් තබා ගන්න. දැන් පවා කවුරු හෝ කෙනෙක් වෙනුවෙන් ඔබගේ හදවත තුල
නරක පැතුම් තිබෙනවා නම්, ඒවා ඉවත් කර දමන්න. ඉන්පසුව, හෙට සිට, ආශිර්වාද දී,
ආශිර්වාද ලබා ගැනීම පමණක් සිදු කරන්න. ඔබ මෙයට එකගද? ඔබ එයට කැමතිද? ඔබ එයට කැමතියි
පමණක්ද, නැත්නම් ඔබ එය කිරීමටත් යනවාද? ඔබ එයට කැමති, නමුත් ඔබගෙන්, එය කල යුතු බව
සිතන අය, කුමක් සිදුවුනත් ඔබ එය කළ යුතුම බව සිතන අය, අත් ඔසවන්න! ඔබ එය කළ යුතුයි.
අද පැමිණ සිටින
සියළුම ආදරණීය සහ සහයෝගී ජීවාත්ම, අත් ඔසවන්න! ප්‍රථම වතාවට පැමිණි අය. අච්චා, ඔබ
සියළු දෙනාම එක පේලියක අසුන්ගෙන සිටිනවා. පැමිණ ඇති ඔය සියළුම ආදරණීය සහ සහයෝගී
ජීවාත්මයන්ට බාප්දාදා සුබ පතනවා. ඔබ සහයෝගී බැවින්, ඔබ ආදරණීයද වෙයි. කෙසේවෙතත් ඔබ
අද තව පියවරක් ගෙන පියාගේ නිවසට, එනම් ඔබගේ නිවසට ඔබ ඇවිත්. එබැවින් නිවසට පැමිණීම
වෙනුවෙන් සුබ පැතුම්. අච්චා, පැමිණ ඇති ඔය සියළුම ආදරණීය සහ සහයෝගී ජීවාත්ම,
ආශිර්වාද දී, ආශිර්වාද ලබා ගන්න බව සිතනවාද? ඔබ මේ ගැන සලකා බලමින් සිටිනවාද? ඔබට
මෙම එඩිතරකම තිබෙනවාද? එඩිතරකම පවත්වාගෙන උපකාර ලබා ගන්නා, සියළුම ආදරණීය සහ සහයෝගී
ජීවාත්ම ඉහලට අත් ඔසවන්න! අච්චා. එවිට ඔබත් පරිසමාප්ත වෙයි. සුබ පැතුම්. ඔබ නිතිපතා
ඉගෙන ගන්නා දේවමය ශිෂ්‍යයෙක් නම් සහ මෙම බ්‍රහ්මින් දිවියේ ඔබ බාප්දාදාව මුණ ගැසීමට
ප්‍රථම වතාවට පැමිණියත්, එමෙන්ම තමන් බ්‍රහ්මින් කෙනෙක් බව ඔබ සලකන්නේ නම්, නිතිපතා
ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්: ඔබ මෙය කළ යුතු බව සිතන්නේ නම්, අත ඔසවන්න! ඔබ ආශිර්වාද දී,
ආශිර්වාද ලබා ගන්නවාද? ඔබ මෙය කරනවාද? ඔය ගුරුවරු අත් ඔසවනවාද? කැබින් එකේ අසුන්
ගෙන සිටින අය අත් ඔසවන්නේ නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් අඛණ්ඩව සුබ පැතුම් ලබා දෙන බව.
ඔබ දැන් මෙය කළ යුතුයි. කුමක් සිදු වුනත් එඩිතරකම පවත්වාගන්න. මෙම අධිෂ්ඨානය ඇති
කරගන්න. නරක පැතුම් වල බලපෑමක් කිසිම විටෙක ඇත්නම්, දහ ගුණයක් වැඩිපුර සුබ පැතුම්
ලබා දී, එම බලපෑම අවසන් කරන්න. දස ගුණයක සුබ පැතුම් වලින් එක නරක පැතුමක් අවසන්
කරන්න, එවිට ඔබට ධෛර්ය ඇති වෙයි. මන්ද, පාඩුවක් විදින්නේ ඔබ නිසා. අනෙක් පුද්ගලයා
අයහපත් පැතුම් ලබා දී පිටව යයි, නමුත් යමෙක් එම අයහපත් පැතුම් ධාරණය කරන්නේ නම්,
දුක අත් විදින්නේ කවුද? ගන්න කෙනාද, දෙන කෙනාද? දෙන කෙනා දුක් අත්විදින නමුත් ගන්න
කෙනා ඊට වැඩි දුකක් අත් විදියි. දෙන කෙනා නොසැලකිලිමත්ය.
අද බාප්දාදා
විශේෂයෙන් ඔහුගේ හදවතේ ආශාව ගැන ඔබට පවසනවා. ඔය සෑම සියළු දරුවෙකු වෙනුවෙන්ම එක්
ආශාවක් තිබේ, ඔබ මේ දේශයේ හෝ විදෙස් රටක කෙනෙක් වුනත්; හෝ ඔබ සහයෝගී ජීවාත්මයක්
වුනත්, මන්ද සහයෝගී ජීවාත්මයන්ටත් හැදින්වීම ලැබී තිබෙනවා. ඔබට හැදින්වීම ලැබී ඇති
බැවින්, එම හැදින්වීම තුලින් ඔබ යම් ලැබීමක් අත්විදිය යුතුයි. එබැවින් බාප්දාදාගේ
ආශාව වන්නේ සෑම දරුවෙක්ම නොකඩවා ආශිර්වාද ලබා දිය යුතු බවයි. ඔබගේ ආශිර්වාද ගිනුමේ
ඔබට අවශ්‍ය තරම් නොකඩවා රැස් කරගන්න, මන්ද, මෙකල ඔබ කෙතරම් ආශිර්වාද එකතු කර රැස්
කර ගන්නේද, ඔබ වන්දනීය වූ විට, ඒ තරමටම ඔබට ජීවාත්මයන්ට ආශිර්වාද ලබා දීමට හැකි
වෙයි. ඔබ ආශිර්වාද ලබා දිය යුත්තේ මෙකල පමණක් නොවෙයි; තඹ යුගයේ සිට ඔබ බැතිමතුන්ට
ආශිර්වාද ලබා දිය යුතුයි. එබැවින් ඔබ එතරම් ආශිර්වාද තොගයක් රැස් කර ගත යුතුයි. ඔබ
රාජකීය දරුවන්, එහෙම නේද? බාප්දාදා ඔය සෑම දරුවෙක්වම දකින්නේ, රජ කෙනෙක් වීමට යන
කෙනෙක් ලෙසයි. ඔබ ඊට අඩු නැහැ. අච්චා.
බාප්දාදාගේ ආශාව,
වැදගත් බව සැලකුවාද? මෙය සිදුකර ඇති අය, ඔබ මෙය කළ බව පෙන්වීමට අත් ඔසවන්න. අච්චා.
මාස 6ක් ඇතුලත කිරීමට බාප්දාදා ඔබට ගෙදරවැඩ දුන් බව ඔබට මතකද? ඔය ගුරුවරුන්ට මතකද?
නව වසර විගසින් ආරම්භ වනු ඇති, එබැවින් මේ මාසයේ බාප්දාදා ඔබගේ අධිෂ්ඨානගත
සිතිවිල්ලේ ප්‍රතිඵලය දෙස බලනවා. මාස 6කදි කිරීමට ඇති ගෙදරවැඩ වෙනම එකක්, නමුත් මෙම
එක මාසයක අධිෂ්ඨානගත සිතිවිල්ලේ ප්‍රතිඵලය දෙස බාප්දාදා බලනවා. එය හොදද? ගුරුවරු එක
මාසයක් ඇතිද? පාන්ඩවයන්, මෙය හොදද? අච්චා. ප්‍රථම වතාවට පැමිණි අය අත් ඔසවන්න! ඉතා
හොදයි. අළුත් දරුවන්ට බාප්දාදා සෑම විටම ආදරෙයි. කෙසේවෙතත් ගසක අළුත් පත්‍ර වලට
කුරුල්ලන් දැඩි සේ ඇලුම් කරන සේම, මායාද අළුත් දරුවන්ට බොහෝ සේ ඇලුම් කරයි. එබැවින්
ඔය සියළුම අළුත් දරුවන්, ඔබගේ නවතාවය පරීක්ෂා කර බලන්න: අද මම, මා තුලට ගෙන ආවේ
කුමන නවතාවයද? අද මා විසින් මා තුලට ධාරණය කළ විශේෂ ගුණධර්මය හෝ විශේෂ බලය කුමක්ද?
ඔබ මේ ආකාරයට නොකඩවා තමන්ව පරීක්ෂා කර, ඔබව ශක්තිමත් සහ පරිනත කරගන්නේ නම්, ඔබ
ආරක්ෂිතව රැදී සිටිවි. ඔබ අමරණීයව රැදී සිටියි. එබැවින් අමරණීයව රැදී සිටින්න, මන්ද
ඔබ අනිවාර්යෙන් අමරණීය තත්ත්වයක් හිමි කරගත යුතුයි. අච්චා.
සෑම දිශාවකම සිටින
සියළුම සැහැල්ලු අධිරාජයන්ට, නිරන්තරයෙන් ආධ්‍යාත්මික කුල්මත්බවින් සිටින සියළුම
ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, නොකඩවා ඔවුන්ගේ සම්පත් රැස් කිරීමේ ගිනුම නිරන්තරයෙන් වැඩි
කරගන්නා තීව්‍ර උත්සාහ දරන ජීවාත්මයන්ට, එකවර ආකාර තුනෙන්ම සේවය කරන ශ්‍රේෂ්ඨ
සේවාධාරී දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය, කෝටි-කෝටි කෝටි ගුණයක් සෙනෙහස, සිහි
කිරීම සහ නමස්කාරය.
වරදානය:
ඔබ පදාර්ථ ජය
ගන්නා කෙනෙක් වී, ඔබගේ සියළු බල, සහයෝගශීලීව මෙන්ම ඔබගේ නියෝග යටතේ ක්‍රියා කරවන්න.
සියල්ලට වඩා
ශ්‍රේෂ්ඨතම සේවකයා, පදාර්ථයි. පදාර්ථ ජයගැනීමේ ආශිර්වාදය ලබන දරුවන් වෙනුවෙන්,
සියළු බල සහ පදාර්ථ සේවකයන් ලෙසින් ඔවුන්ගේ නියෝග යටතේ ක්‍රියාත්මක වෙයි; අවශ්‍ය
ඔනෑම විටෙක ඒවා සහයෝගය ලබා දෙයි. කෙසේවෙතත්, පදාර්ථ ජයගැනීම වෙනුවට නොසැලකිල්ලේ
නිදා ගනිමින්, යම් තාවකාලික ලැබීම් තිබීමේ කුල්මත්බවින් හෝ යම් නිෂ්ඵල සිතිවිලි වල
නර්ථනයේ කුල්මත්බවින් ඔබ කාලය අපතේ යවන්නේ නම්, එවිට ඔබගේ බලයන්ට ඔබගේ අණට අනුව
ක්‍රියා කළ නොහැක. එබැවින් පුථමයෙන්ම ප්‍රධාන බල පරීක්ෂා කර බලන්න: සිතීමේ බලය,
තීරණ ගැනීමේ බලය සහ සංස්කාර වල බලය; මේ තුනම විනයානුකූලද?
පාඨය:
නොකඩවා
බාප්දාදාගේ ප්‍රශංසාව ගයන්න, එවිට ඔබ ගුණධර්ම වල ප්‍රතිමූර්තියක් වෙයි.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ඒකාබද්ධ සේවය නොමැතිව
සාර්ථකත්වය කිසිසේත් සිදුවිය නොහැක. ඔබ සේවය කිරීමට යම් තැනකට ගොස් ආපසු පැමිණ,
මායා පැමිණි බව හෝ ඔබට “නරක මූඩ් එකක්” තිබුණු බව හෝ ඔබ කලබල වූ බව කීම, සිදු නොවිය
යුතුයි. එබැවින් මෙය වැදගත් බව සලකන්න: සේවයේ සාර්ථකත්වය සහ සේවයේ ව්‍යාප්තිය ළගා
වන්නේ, තමන්, අන් අය සමග ඒකාබද්ධව සේවය කිරීමෙනි.