06.04.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පරම පියා සතු සියලුම දේ ඔබ ලබාගෙන ඇත. ඒවා හොඳින් ධාරණය කරගෙන අන් අයටද එය
කරන අයුරු කියා දෙන්න.
ප්‍රශ්නය:
තමන් නාටකයේ
මුල, මැද, අග දැනගෙනත්, ත්‍රිකාල් දර්ශී පරම පියා විසින් හෙට නියමිත කිසිම දෙයක් අද
නොකියන්නේ ඇයි?
පිළිතුර:
බාබා කියනවා : දරුවනි, මම ඔබට කල්තියා කිසිවක් හෝ පැවසුවහොත්, නාටකයේ කිසිම
වින්දනයක් නැති වේවි. මෙය නීතිය නොවේ. මම සියල්ල දන්නා නමුත්, මමත් නාටකයට බැඳී
සිටිනවා. මට ඔබට කල්තියා කිසිවක් පැවසිය නොහැකියි, එමනිසා, ඔබ කුමක් සිදුවේදැයි
සන්තාපයට පත් නොවිය යුතුයි.
ගීතය:
ඔබේ මාවතේ
ජීවත් වන්නත් ඔබේ මාවතේ මියැදෙන්නත්...
ඕම් ශාන්ති.
ඒ කෙනා සියලු
ජීවාත්ම සත්තාවන්ගේ පාරලෞකික පියාය. ඔහු ජීවාත්ම සත්තාවන්ට කතාකරයි. ඔහුට ‘‘දරුවනි,
දරුවනි!’’ යැයි කීමේ පුරුද්ද ඇත. ශරීරය දුවකගේ විය හැකි වුවද, සියලු ජීවාත්ම
සත්තාවන් පුතුන්ය. සෑම ජීවාත්ම සත්තාවක්ම උරුමකරුවෙකි, එනම්, සෑම ජීවාත්ම සත්තාවකටම
උරුමයක් ලැබීමේ හිමිකමක් ඇත. අසීමිත පරම පියාව බොහෝ සෙයින් සිහිකරන්න. උත්සාහය
අවශ්‍ය වන්නේ මෙයටයි. බාබා උත්තරීතර දනව්වේ සිට අපට ඉගැන්වීම සඳහා පැමිණ ඇත.
පූජකවරු සහ ශුද්ධෝත්තමයන් පැමිණ සිටින්නේ තමන්ගේම නිවසින් සහ සමහරුන් පැමිණ ඇත්තේ
ගම්මාන වලිනි. පරම පියා අපට ඉගැන්වීමට පැමිණ සිටින්නේ උත්තරීතර දනව්වේ සිටයි.
කිසිවෙකු මේ ගැන දන්නේ නැහැ. අසීමිත පියා පාරිශුද්ධකරුවාය පරමාත්ම දෙවියන්ය,
පරමාත්ම පියාය. ඔහුට දැනුමේ සාගරය යැයි කියයි. ඔහුට අධිකාරීවරයා යැයි ද කියයි. ඔහුට
ඇත්තේ කුමන දැනුමද? ඔහුට ආධ්‍යාත්මික දැනුම ඇත. ලෝක මිනිස් ගසේ බීජය වන්නේ පරම
පියාය. සත්‍යය ඔහුයි, සචේතනික කෙනෙක් මෙන්ම ප්‍රමෝදයේ ප්‍රතිමූර්තියයි. ඔහුට මහා
ගුණ ගැයුමක් ඇත. ඔහුට මෙම වස්තුව ඇත. සාප්පුවක් ඇති කෙනෙක් තමන් ලඟ මෙපමණ දේ ඇති බව
කියාවි. පරම පියාද මෙසේ කියයි මම දැනුමේ සාගරයයි, සාමයේ සාගරයයි, ප්‍රමෝදයේ
සාගරයයි. මා සතුව මෙම වස්තුව ගබඩාවේ ඇත. සංගම් යුගයේ දී ඒවා බෙදා දීමට මම පැමිණෙමි.
මා සතු සියලු දේ ඔබට මා බෙදා දෙනවා. කොහොමනමුත්, ඔබ ධාරණය කරගත් ප්‍රමාණයත් උත්සාහ
කළ ප්‍රමාණයත් මත එය රඳා පවතී. ඔබ දරුවන් පරම පියා ළඟ ඇති දේ තේරුම් ගන්නා අතර මෙය
හරියටම වටහා ගත යුතුයි. මේ කාලයේ, ඔහු සතු දේ කිසිවෙක් හරිහැටි නොදනී. මෙසේ කියමනක්
තිබෙනවා සමහර මිනිසුන්ගේ ධනය පොළොව යට වැළලෙනවා... මේ සියල්ල මේ කාලයට කියූ
කතාන්දරයි. ගින්න හටගත් විට සියල්ල විනාශ වී යයි. රජවරුන්ට බොහෝ ශක්තිමත් කාමර සිය
මාලිගා වල ඇත. භූමිකම්පා හෝ ගිණි ජාලා ඇති වුවද, ඒ සියල්ලෙන් ආරක‍්ෂා වීමට ඒවාට
හැකිය. ඔබ දරුවන් දන්නවා මේ ලෝකයේ කිසිවක් ඒ ලෝකයේ දී වැදගත් නොවන බව. සියලු නිධි
පවා නැවත පිරී යයි. විද්‍යාවත් නැවත පිරිපහදු වී ඔබට ප්‍රයෝජනවත් වේ. ඔබ දරුවන්ගේ
බුද්ධියේ සියලු දැනුම ඇත. ඔබ දරුවන් දැන් දන්නවා ලෝකයේ මුල, මැද සහ අග පිළිබඳව.
සුළු ප්‍රමාණයක් පමණක් අවසානයේ දී ඉතිරි වන අතර එයද අප ඉදිරියේ දී දැනගන්නවා ඇත.
බාබා සියල්ල කල්තියා කියන්නේ කෙසේද? පරම පියා මෙසේ කියයි මමත් නාටකයට බැඳී සිටිනවා.
දැනට ඔබ දැනගත් දැනුම නාටකයේ නියමිතව තිබෙනවා. පසුවන සෑම තත්පරයක්ම නාටකයට නියමිත
බව තේරුම්ගත යුතුයි. හෙට සිදුවන දේ පිළිබඳව හෙට දිනයේ දී දැනගත හැකියි. බාබා හෙට
සිදුවීමට නියමිත දේ අද ඔබට කියන්නේ නැහැ. මිනිසුන්ට මෙම නාටකයේ රහස් පිළිබඳ
අවබෝධයක් නැහැ. ඔවුන් චක්‍රයේ කාල පරාසය බොහෝ සෙයින් දීර්ඝ කර ඇත! මේ නාටකය තේරුම්
ගැනීමට ධෛර්යය අවශ්‍යයි. ඔබේ මව මිය ගියද, හල්වා කන්න! ඇය මිය ගොස් වෙනත් උපතක් ගෙන
ඇති බව අප තේරුම් ගෙන තිබෙනවා. ඇයි අපි අඬන්නේ? පරම පියා විස්තර කර තිබෙනවා ඔබට
පුළුවන් පුවත්පත් වල දැන්වීම් පළකරන්න, මේ ප්‍රදර්ශනය මේ දිනම, මේ ස්ථානයේම මීට වසර
5000කට පෙර පැවැත්වුණු බව. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය දැන් නැවත සිදුවන බව ඔබට ලියන්න
පුළුවන්. ඔබ තේරුම් ගෙන තිබෙනවා මේ ලෝකය පවතින්නේ තව ටික කාලයක් බවත් සියල්ල විනාශ
වන බවත්. අප උත්සාහ ගනිමින් පාපකාරී ක්‍රියා වලින් ජයගන්නන් බවට පත්වනවා. පාපකාරී
ක්‍රියා වල ආරම්භය සිදුවන්නේ තඹ යුගයේදීය. පාපකාරී ක්‍රියා සිදුකරන කාලවකවානුව
එයයි. මේ කාලයේදී ඔබ, පාපකාරී ක්‍රියා ජයගනු ඇත. එමනිසා, ඔබ පාපකාරී ක්‍රියා
ජයගත්තවුන් වන්නේය. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ පාපකාරී ක්‍රියා වලින් ජයගනු ඇත,
එසේම ඔබ ඉන්පසු පාපකාරී ක්‍රියා ජයගත්තවුන් වන්නේය. ඔබ එහි ජීවාත්ම අවධානයෙන් සිටී,
එහි ශරීර අවධානය නැත. යකඩ යුගයේ ශරීර අවධානය ඇත. සංගම් යුගයේ දී ඔබ ජීවාත්ම අවධානයට
පත් වනු ඇත. ඔබ උත්තරීතර පියාණන්, උත්තරීතර ජීවාත්මය ගැනත් දැනගන්නවා. මෙය පිවිතුරු
ආඩම්බරයක්. බ්‍රහ්මිණ් වන ඔබයි වඩාත්ම උසස් වන්නේ. බ්‍රාහ්මණ වංශයේ වඩාත්ම උසස්
සැරසිල්ල වන්නේ ඔබයි. මේ දැනුම ලබන්නේ ඔබ පමණයි, වෙන කිසිවෙකුට නොලැබෙයි. ඔබේ
වඩාත්ම උසස් වංශය මෙයයි. මෙසේ කියමනක් ඇත ‘‘ගෝපි වල්ලභගේ දරුවන්ගෙන් අතීන්ද්‍රිය
සුවය ගැන අසන්න.’’ ඔබ දැන් ලොතරැයියක් දිනමින් සිටිනවා. යමක් ලැබුණාට පසු, එහි ලොකු
සතුටක් නැහැ. කෙනෙකු දුප්පත් කෙනෙකු වී සිට ධනවත් කෙනෙක් වූ විට මහා සතුටක් ඇති වේ.
ඔබ දන්නවා ඔබ උත්සාහ කළ තරමට, ඔබ පියාගෙන් රාජධානියේ විශාල උරුමය ලබනවා. ඔබ හැම
කෙනෙක්ම ලබන්නේ ඔබගේ උත්සාහයේ තරමටයි. පරම පියා කියන ප්‍රධානම දේ නම් ඔබේ මහා
ආදරණීය පරම පියාණන් සිහිකරන්න. ඔහු සියල්ලන්ගේම ආදරණීය පරම පියාණන් වෙයි. සැමට සතුට
සහ සාමය ලබා දෙන්නේ ඔහු පැමිණීමෙන් පසුවයි. දේවතාවන්ගේ රාජධානිය දැන් ස්ථාපනය
වෙමින් පවතී. එහි රජුන් රැජිණන් නැහැ, ඔබ ඔවුන්ට කියන්නේ අධිරජුන් සහ අධිරාජිණියන්
කියාය. ඔවුන්ට දෙවි දේවතාවන් යැයි කිවහොත්, එය අයිති වන්නේ රජුන්, රැජිණියන් සහ
සියලු යටත් පුරවැසියන් වෙතයි මන්ද, ඒ සියලු දෙනා දෙවි දේවතාවෝ වෙයි. මේ නිසයි
ඔවුන්ට දෙවි දේවතාවන් නොකියන්නේ. පරමාත්ම දෙවියන් එක්කෙනෙකි. මිනිසුන්ට දෙවියන් කිව
නොහැකියි. සූක‍්ෂම කලාපයේ වැසියන් වන බ්‍රහ්මා, විෂ්ණු සහ ශංකර්ට පවා කියන්නේ
දේවතාවන් කියාය. භෞතික ලෝකයේ වැසියන්ට දෙවි දේවතාවන් කියන්නේ කෙසේද? සියල්ලටම ඉහළ
අශරීරික ලෝකයයි, ඉන්පසු සූක‍්ෂම කලාපය ඇත තෙවනුව තිබෙන්නේ මෙයයි. මේ බව ඔබේ
බුද්ධියේ තිබිය යුතුයි. සියලු ජීවාත්ම සත්තාවන්ගේ පරම පියා වන්නේ ශිව බාබාය. ඔහු
ගුරුවරයා මෙන්ම ගුරු ද වෙයි. ඔහු රන්කරුවා මෙන්ම බැරිස්ටර් ද වෙයි. රාවණ්ගේ
සිරගෙයින් ඔහු සියලු දෙනා මුදා ගනී. ශිව බාබා එවැනි මහා බැරිස්ටර්වරයෙකි! එවැනි පරම
පියෙකු ඔබ අමතක කළ යුත්තේ ඇයි? ‘‘බාබා, මට ඔබව අමතක වුණා’’ කියා ඔබ කියන්නේ ඇයි?
මයාගේ බොහෝ කුණාටු ඇත. බාබා කියනවා එසේ වෙනවා. ඔබ යම් උත්සාහයක් දැරිය යුතුයි. මෙය
මායා සමඟ කරන සටනක්. පාණ්ඩවයින් වන ඔබට කෞරවයින් සමඟ ගැටුමක් නැහැ. පාණ්ඩවයින්
ගැටෙන්නේ කෙසේද? එසේ වුවහොත් ඔවුන් හිංසාකාරීන් වෙයි. පරම පියා හිංසාව උගන්වන්නේ
නැහැ. ඔවුන්ට කිසිවක් තේරෙන්නේ නැහැ. ඇත්තෙන්ම අපට ගැටුමක් නැහැ. බාබා අපට ඔහුව
සිහි කිරීමට මඟක් කියා දෙන අතර එවිට මායා සමඟ කිසිම ගැටුමක් නැහැ. දැන්, කතාවක්
තිබෙනවා යමෙක්ගෙන් අසා තිබෙනවා ඔහුට පළමුව ඕන සතුටද දුකද කියා. ඔහු කියා තිබෙනවා
ඔහුට පළමුව ඕන සතුට කියා. රන් යුගයේ දී කිසිම දුකක් තිබෙන්න බැහැ. ඔබ දන්නවා දැන්
සියලු සීතාවන් මේ මොහොතේ රාවණ්ගේ දුක් මඩුව තුළ සිටින බව. මේ මුළු ලෝකයම සාගරය මැද
තිබෙන දූපතකි. දැන් සියලු දෙනා සිටින්නේ රාවණ්ගේ සිර මැදිරියේය. පරම පියාට දැන්
සියලු දෙනාට ගැලවීම ලබා දීමට පැමිණීමට සිදුවී ඇත. සියලු දෙනා දුක් මඩුව තුළ සිටියි.
ස්වර්ගයේ සතුට තිබෙන අතර අපායේ දුක ඇත. මෙයට කියන්නේ දුක් මඩුව කියාය. එය දුකින්
නිදහස් දනව්වයි, ස්වර්ගයයි. එහි එතරම්ම වෙනසක් ඇත! ඔබ දරුවන් පරම පියාණන්ව සිහි
කිරීමට උත්සාහ කළ යුතු අතර එවිට ඔබේ සතුටු දර්ශකය ඉහළ යනු ඇත. පරම පියාගේ උපදෙස් ඔබ
පිළිපදින්නේ නැත්නම්, ඔබ මුරණ්ඩු දරුවෙකි. ඔබ ඉතිරි වන්නේ යටත් වැසියන් අතරේය. සැබෑ
දරුවන් රාජධානිය වෙත යයි. රාජධානිය වෙත යාමට ඔබ පතනවා නම්, ශ්‍රීමත් අනුගමනය කළ
යුතුයි. ඔබ ක්‍රිෂ්ණාගෙන් උපදෙස් ලබන්නේ නැහැ. මාර්ග දෙකයි තිබෙන්නේ. ඔබ දැන්
ශ්‍රීමත් ලබන අතර එහි ප්‍රතිලාභය රන් යුගයේ දී ලබයි. ඉන්පසු, තඹ යුගයේ දී ඔබ
රාවණ්ගේ උපදෙස් ලබයි. සියල්ලෝම රාවණ්ගේ උපදෙස් පිළිපැදීමෙන් යක‍්ෂයින් බවට පත්
වෙයි. ඔබ දැන් පරමාත්ම දෙවියන්ගේ උපදෙස් ලබයි. එකම එක පරම පියා ඔබට උපදෙස් දෙන අතර
ඔහු පරමාත්ම දෙවියන්ය. ඔබ බොහෝ පිවිතුරු බවට පත් වන්නේ පරමාත්ම දෙවියන්ගේ උපදෙස්
පිළිපැදීමෙනි. පළමු පව වන්නේ වස සාගරයේ කිමිදීමයි. දේවතාවන් වස සාගරයේ කිමිදෙන්නේ
නැහැ. මිනිසුන් අසනවා එහි දරුවන් උපදින්නේ නැත්ද? එහි දරුවන් නැත්තේ ඇයි?
කොහොමනමුත්, එය පාප රහිත ලෝකයයි, එය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි. මේ පාප එහි නැහැ.
පරම පියා විස්තර කර දී තිබෙනවා දේවතාවන් ජීවාත්ම අවධානයෙන් සිටින බවත්, දේව
අවධානයෙන් නොවන බවත්. ඔබ ජීවාත්ම අවධානයෙන් සිටින අතර දේව අවධානයෙන් ද සිටී. පළමුව,
මේ දෙකම ගැන ඔබට සවිඥානයක් තිබුණේ නැහැ. රන් යුගයේ දී, ඔබ දෙවියන් දන්නේ නැහැ. ඔබ
දන්නේ ඔබ ජීවාත්ම බවත්, ඔබ ඔබේ පරණ ශරීර අතහැර නව ශරීර ගන්නා බවත් පමණි. ඔබ පරණ
ශරීරය අතහැර නව ශරීරයක් ගන්නේ කවදාද යන්න කල්තියා දැනගනී. ඔබට දරුවෙකු ලැබෙන්න යන
විටත් දර්ශනයකින් කලින් එය දකියි. යෝගා බලයෙන් ඔබ මුළු ලෝකයේම මාස්ටර්වරුන් බවට පත්
වේ. ඉතින්, දරුවන් යෝගා බලයෙන් උපදින්න බැරිද? ඔබට ඕනෑම දෙයක් යෝගා බලයෙන් පිරිසිඳු
කළ හැකියි. කොහොමනමුත්, ඔබ ස්මරණයේ සිටීමට අමතක කරනවා. සමහරු මෙම පුරුද්ද වර්ධනය කර
ගන්නවා. බොහෝ සන්‍යාසීන්ට තමන් ලබන ආහාර පිළිබඳ ලොකු ගෞරවයක් ඇත. ඒ වේලාවට, ඔවුන්
එම ආහාර ගැනීමට පෙර බොහෝ සජ්ජායනා සිදුකරයි. ඔබද ගතයුතු පෙර සූදානම් පිළිබඳව කියා
ඇත. ඔබ මස් නොකෑ යුතු අතර ඇල්කොහොල් පානය නොකළ යුතුයි. ඔබ දේවතාවන් බවට පත් වෙමින්
සිටී. දේවතාවන් කුණු කන්නේ නැහැ. ඔබ ඔවුන් තරම්ම පිරිසිඳු විය යුතුයි. පරම පියා
කියනවා මගෙන් මාව දැන ගැනීමෙන් ඔබ සියල්ලම දැන ගනු ඇත. ඉන්පසු, ඔබට දැන ගැනීමට
දෙයක් නැහැ. රන් යුගයේදී එහි ඇත්තේ වෙනත් විදියක අධ්‍යාපනයක්. දැන් මේ මරණයේ දේශයේ
අධ්‍යයනයේ අවසානයයි. මරණයේ දේශයේ සියලු ව්‍යාපාර අවසානයකට පැමිණ අමරණීය දේශයේ
ව්‍යාපාරය ආරම්භ වනු ඇත. ඔබ දරුවන්ට එවැනි කුල්මත්භාවයක් තිබිය යුතුයි. අප අමරණීය
දේශයේ මාස්ටර්වරුය. ඔබ දරුවන් අතීන්ද්‍රිය සතුටින් සිටිය යුතුයි. ඔබ උත්තරීතර
සතුටක් තබා ගත යුතුයි. අප උත්තරීතර පියාණන්ගේ, උත්තරීතර ජීවයේ දරුවෝය. උත්තරීතර
පියා, උත්තරීතර ජීවාත්මය, දැන් අපව නිවස කරා ගෙන යයි. මෙයට උත්තරීතර ප්‍රමෝදය යැයි
කියයි. මේවා රන් යුගයේ නැහැ. ඔබ මේවාට කන්දෙන්නේ දැන්ය. මේ කාලයේ, ඔබ අයිති වන්නේ
දෙවියන්ගේ පවුලටයි. ගෝප් සහ ගෝපී වරු අත්දැක්ක ‘‘අතීන්ද්‍රිය සතුට’’, මේ කාලයේ
මතකයකි. බාබා, උත්තරීතර දනව්වේ වැසියා, පැමිණ අපේ පරම පියා, ගුරුවරයා සහ ගුරු වෙයි.
මේ තුන් දෙනාම සේවකයන්ය. ඔහුට මේ පිළිබඳ කිසිඳු අහංකාරයක් නැහැ. ඔහු කියනවා මම ඔබට
සේවය කර, සියල්ල ඔබට දී ඉන්පසු නිර්වාණ ලෝකයට වී සිටිනවා. එමනිසා, ඔහු අපේ සේවකයා,
එහෙම නේද? උසස් නිලධාරීන් ඔවුන්ගේ ලිපි අත්සන් කරන්නේ ඔබේ කීකරු සේවක කියාය. බාබා ද
අශරීරික සහ නිරහංකාරීය. බලන්න ඔහු මෙහි සිට අපට උගන්වන අකාරය. වෙන කිසිවෙකුට එවන්
උසස් අධ්‍යයනයක් ඉගැන්විය නොහැකියි. වෙන කිසිවෙකුට එවන් උසස් කරුණු අපට දිය
නොහැකියි. මිනිසුන් දන්නේ නැහැ මොහුට ඉගැන්වූයේ ගුරු කෙනෙකු නොවන බව. ඔහුට ගුරු
කෙනෙක් සිටියා නම්, එවිට ඒ කෙනා තව බොහෝ දෙනෙකුට ගුරු වනවා. ඔහු එක්කෙනෙකුට පමණක්
ගුරු වෙනවාද? පරම පියා පමණමයි අපිරිසිඳු බව පිරිසිඳු කරන්නේ. ඔහු කරගෙන යන්නේ ආදී
සනාතන දේවි දේවතා ධර්මය ස්ථාපනය කිරීමයි. බාබා කියනවා මම සෑම චක්‍රයේම සංගම යුගයේ
දී පැමිණෙනවා. ඔබ කියනවා බාබා, අප පෙර චක්‍රයේ ද හමුවූවා. පරම පියා පමණයි පැමිණ
පිරිසිඳු කරන්නේ. ඔබ දරුවන්ව උපත් 21කට මා පිරිසිඳු කරනවා. එමනිසා, මේ සියල්ල ඔබ
ධාරණය කරගෙන බාබා ඔබට කියාදුන් දේ අන් අයටද කියා දෙන්න. අපි අපේ උරුමය අනාගතයේ උපත්
21 සඳහා පියාගෙන් උරුම කරගනිමින් සිටිනවා. මේ බව සිහි කිරීමෙන් ඔබ සතුටින් සිටියි.
මෙය උත්තරීතර ප්‍රමෝදයයි. පරම පියාගෙන් මාස්ටර් දැනුම පිරි කෙනෙක් සහ ප්‍රමෝදයෙන්
පිරි කෙනෙක් යන වරදානයන් ඔබ ලබන්නේ මේ මොහොතේ පමණයි. රන් යුගයේදී, ඔබ බුධූය
ලක‍්ෂ්මි සහ නාරායනට දැනුමක් වත් නැත. ඔවුන්ට එය තිබුණා නම්, එය අනාදිමත් කාලයක සිට
පවතී. දේවතාවන්ට පවා ඔබ අත්දකින උත්තරීතර ප්‍රමෝදය අත්දැකිය නොහැකියි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දේවතාවකු
වීම සඳහා, ඔබේ ආහාර පාන බොහෝ සෙයින් පිරිසිඳු විය යුතුයි. සියලු පෙර සූදානම්
අනුගමනය කරමින් ඉදිරියට යන්න. ආහාර ගැනීමට පෙර යෝගා බලයෙන් දෘෂ්ඨි දීමෙන් ඔබේ ආහාර
පිරිසිඳු කරන්න.
2. අප උත්තරීතර
පියාණන්ගේ, උත්තරීතර ජීවයේ දරුවන් මෙන්ම ශිෂ්‍යයන් ද වේ. ඔහු දැන් අපව ඔහුගේ නිවහන
වෙත රැගෙන යාමට නියමිතය. මෙම කුල්මත්භාවය පවත්වා ගනිමින් උත්තරීතර සතුටත් උත්තරීතර
ප්‍රමෝදයත් අත්දකින්න.
වරදානය:
ඔබ නිරන්තර
සේවාධාරියෙක් වී, ඔබගේ සේවයට ඇති සෙනෙහසින් ඔබගේ ලෞකික පවුල මෙම දේවමය පවුල බවට
පරිවර්ථනය කරත්වා.
සේවාධාරියෙකුගේ වගකීම
වන්නේ, එම සේවය සිතිවිලි වලින්, වචන වලින් හෝ ක්‍රියාවලින් වුවද, නිරන්තරයෙන් සේවයේ
කාර්යබහුලව රැදී සිටීමයි. සේවාධාරියෙක් කිසිම විටෙක සේවය තමන්ගෙන් වෙන් වූ දෙයක් බව
නොසලකයි. තම බුද්ධිය තුල සේවය කෙරෙහි නිරන්තර සෙනෙහසක් ඇති අය, තම ලෞකික පවුල මෙම
දේවමය පවුල බවට පරිවර්ථනය කරයි. සේවාධාරියෙක් තම නිවස නිවසක් බව නොව නමුත් සේවය
කිරීමට ස්ථානයක් බව සලකයි. සේවාධාරියෙකුගේ ප්‍රධාන ගුණධර්මය වන්නේ අත්හැරීමයි.
අත්හැරීමේ ආකල්පයක් ඇති අය, තම ගෘහයේ සිටින්නේ තපස්යාවේ ප්‍රතිමූර්ති ලෙසයි, මේ
මගින් ඉබේටම සේවය සිදු වෙයි.
පාඨය:
ඔබගේ සංස්කාර
දිව්‍යමය කිරීම සදහා, ඔබගේ මනස සහ බුද්ධිය පරම පියාට කැප කරන්න.
අව්‍යක්ත සංඥාව:
ශ්‍රේෂ්ඨ වීම සදහා මිහිරිබව සහ නිහතමානිකමේ ගුණධර්ම ධාරණය කරගන්න.
සුළු මොහොතකට
ජීවාත්මයකට මිහිරි ද්‍රිෂ්ඨි ලබා දෙන්න හෝ මිහිරි වචන ටිකක් කතා කරන්න, එවිට ඔබ එම
ජීවාත්මය සෑම කලටම පිරිපුන් කරයි. මිහිරි ද්‍රිෂ්ඨි හෝ මිහිරි වදන් වල එම සුළු
නිමේශයන්, එමජීවාත්මයේ ලෝකය වෙනස් කරයි. මිහිරි වදන් කිහිපය සදාකාලික පරිවර්ථනයක්
ගෙන ඒමට මගක් වෙයි.