06.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ කැපවීම පිළිගනු ලබන්නේ, ඔබ සම්පූර්ණයෙන් පිවිතුරු වූ විට පමණයි. ඔබ කෙතරම් පිවිතුරු වී ඇත්ද කියා ඔබගේ හදවතින් විමසන්න.

ප්‍රශ්නය:
මෙකල, ඔය දරුවන් විශාල සතුටකින් පියා වෙනුවෙන් තමාව කැප කරන්නේ මන්ද?

පිළිතුර:
ඔබ මෙකල, පියා වෙනුවෙන් කැප වීමෙන්, ඔහු උපත් 21කට ඔබ වෙනුවෙන් කැප වන බව ඔබ දන්නා බැවින්. සියලුම මනුෂ්‍යයන්, රුද්‍රාගේ දැනුමේ යාග ගින්නට මෙකල බිලි වන බවද ඔය දරුවන් දන්නවා. මේ නිසයි ඔබ විශාල සතුටකින් පෙර තියාම ඔබගේ සිරුර, මනස සහ ධනය කැප කොට, ඔබට තිබෙන සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කරන්නේ.

ගීතය:
ඔබගේ හදවත් කැඩපතෙහි තම මුහුණ බලන්න!

ඕම් ශාන්ති.
ශිව දෙවියන් කතා කරයි. ඔහු අනිවාර්යෙන්ම දැනුම සහ ශ්‍රීමත් ලබා දෙන්නේ ඔහුගේ දරුවන්ට පමණයි අහෝ දරුවනි, අහෝ ජීවයනි! ’ප්‍රාණය සිරුර හැර ගිය විට’ සහ ’ජීවාත්මය සිරුර හැර ගිය විට’ යන දෙකම එකයි. අහෝ මනුෂ්‍ය ජීවයනි, හෝ අහෝ දරුවනි, ඔබගේ ජීවිතයේ කෙතරම් පාපයන් සහ කෙතරම් පින් තිබී ඇත්ද කියා ඔබ දුටුවාද? චක්‍රයෙන් භාගයක් පුණ්‍යවන්ත බවද, ඉතිරි භාගය තුළ පාපයන් තිබීමේ ගණනය පිළිබඳව ඔබට පවසා තිබේ. රාමා ලෙස හඳුන්වන පියාගෙන් පුණ්‍යවන්ත බවේ ඔබගේ උරුමය ඔබට ලැබෙයි. රාමා යැයි කියන්නේ අශාරීරික කෙනාටය. මින් හැඳින්වෙන්නේ සීතාට අයත් කෙනා නොවෙයි. ඔබ සැබවින්ම චක්‍රයෙන් භාගයක් පිවිතුරු සහ පුණ්‍යවන්ත ජීවාත්ම වශයෙන් සිටි බවත්, ඉන්පසුව චක්‍ර භාගයක් ඔබ පාපකාරී ජීවාත්ම වූ බවත්, ඔය බ්‍රහ්මණයන්, බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් ඔය දරුවන්ගේ බුද්ධියට දැන් ඇතුළු වී තිබේ. ඔබ දැන් පිවිතුරු සහ පුණ්‍යවන්ත ජීව බවට පත් විය යුතුයි. ඔබ කෙතරම් ප්‍රමාණයකට පුණ්‍යවන්ත ජීවයක් බවට පත් වී ඇතිද කියා ඔබ සෑම කෙනෙකුටම තම හදවතින් විමසිය හැක. පාපකාරී ජීවාත්මයකින්, පුණ්‍යවන්ත ජීවාත්මයක් බවට පත්විය හැක්කේ කෙසේද කියා පියා ඔබට පහදා දී තිබේ. යාගහෝම පැවැත්වීමෙන් හෝ තපස් රැකීමෙන් ආදිය ඔබට පුණ්‍යවන්ත ජීව විය නොහැක. එය භක්ති මාර්ගයයි. එසේ කිරීමෙන් කිසිම මනුෂ්‍යයෙක් පුණ්‍යවන්ත ජීවයක් වන්නේ නැත. ඔබ පුණ්‍යවන්ත ජීවාත්ම වන බව, ඔය දරුවන්ට දැන් වැටහෙනවා. රකුසු උපදෙස් පිළිපැදීම තුළින්, පාපකාරී ජීව වීමෙන් ඔබ අඛණ්ඩව ඉනිමඟ දිගේ පහළට පැමිණියා. ඔබ කෙතරම් කාලයකට පුණ්‍යවන්ත ජීව වී සතුටේ උරුමය හිමි කරන්නේද කියා, ඔබගෙන් කිසිවෙකු නොදනී. සියලුම මනුෂ්‍යයන් එම පියා සිහිපත් කර, ඔහුට උත්තරීතර පියා, උත්තරීතර ජීවාත්මය යැයි කියයි. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ට, දෙවියන් යැයි කිව නොහැක. වෙනත් කිසිවෙකුට දෙවියන් යැයි ඇමතිය නොහැක. ඔබ මෙකල ප්‍රජාපිතා බ්‍රහ්මා ගැන පවසන නමුත්, භක්ති මාර්ගයේ සෑම කෙනෙකුටම මනුෂ්‍යයන්ගේ පියාව (ප්‍රජාපිතා) සිහි නොවෙයි. සෑම කෙනෙක්ම සිහි කරන්නේ අශාරීරික පියාව පමණයි. අහෝ දෙවි පියාණෙනි! අහෝ භගවාන්! (දෙවියන්). ඔවුන්ගේ මුවින් පිට වන වදන් මේවාය. ඔවුන්ට මතක් වන්නේ ඒකායන කෙනාව පමණයි. මනුෂ්‍යයන්ට කිසිම විටෙක තමන්ට දෙවි පියාණන් යැයි කිව නොහැකි වන අතර බ්‍රහ්ම, විෂ්ණු හෝ ශංකර්ටද තමන්ට දෙවි පියාණන් යැයි කිව නොහැක. ඔවුන්ට ශාරීරික නම් තිබේ. ඉන්නේ එක් දෙවි පියාණන් පමණයි. ඔහුටම කියා සිරුරක් ඔහුට නැත. භක්ති මාර්ගයේදී, මිනිසුන් බොහෝ සෙයින් ශිවාට වන්දනාමාන කරති. ඔව් බාබා ඔය දරුවන්ට මෙම ශරීරය තුළින් කතා කරන බව ඔබ දැන් දන්නවා ’අහෝ දරුවනි!’ ඔහු මෙසේ පවසන්නේ, බොහෝ සෙනෙහසින් යුතුවයි! ඔහු පාරිශුද්ධකරු සහ සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා බව ඔහු දන්නවා. මිනිසුන් පියාගේ ප්‍රශංසාව ගායනා කරන නමුත් ඔහු වසර 5000කට පසුව පැමිණෙන බව ඔවුන් නොදනී. එය කලි යුගයේ අවසානය වන විට, ඔහු අනනිවාර්යෙන්ම පැමිණෙයි. එය දැන් කලි යුගයේ අවසානයයි, එබැවින් ඔහු නිසැකයෙන්ම පැමිණ සිටියි. ඔබට උගන්වන්නේ ක්‍රිෂ්ණා නොවෙයි. ඔබට ශ්‍රීමත් ලැබෙයි, නමුත් එය ක්‍රිෂ්ණාගෙන් නොවෙයි. ක්‍රිෂ්ණා ජීවාත්මයද දේවතාවක් වූයේ ශ්‍රීමත් පිළිපැදීමෙනි. උපත් 84ක් ගැනීමෙන් අනතුරුව ඔබ දැන් රකුසු උපදෙස් පිළිපදියි. පරම පියා පවසන්නේ ඔබගේ චක්‍රය අවසන් වීමට ආසන්න වන විට, මම පැමිණෙන්නෙමි. ආරම්භයේදී පැමිණි ඔබ, දැන් සිටින්නේ සම්පූර්ණ පරිහාණියට පත් වූ තත්ත්වයකයි. ගසක් පූර්ණ පරිහාණියේ තත්ත්වයට පත් වූ විට, මුළු ගසම එසේ වෙයි. පියා විස්තර කරන්නේ ඔබ තමෝප්‍රධාන් වීමෙන් සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් වී ඇත. මෙය මනුෂ්‍ය ලෝකයේ විවිධ ආගම් වල වෘක්‍ෂයයි. එයට උඩු යටිකුරු වූ ගස කියාද කියයි එහි බීජය තිබෙන්නේ උඩ ඉහළය. මුළු ගසම මතු වන්නේ එම බීජයෙනි. මිනිසුන් පවසන්නේ අහෝ දෙවි පියාණෙනි! මෙසේ පවසන්නේ ජීවාත්මයයි. ජීවාත්මයේ නම, ජීවාත්මයයි. ජීවාත්මයක්, සිරුරක් තුළට ඇතුළු වන විට, නමක් දෙන්නේ ශරීරයටයි. නාටකය දිගටම පැවතෙයි. ජීව ලෝකයේ නාටකයක් නැත. නාටකයට තිබෙන ස්ථානය, මෙයයි. මෙහි ආලෝකය සහ නාටකය වෙනුවෙන් සෑම දෙයක්ම තිබේ. ජීවාත්ම වාසය කරන ස්ථානයේ, ඉර, සඳ හෝ නාටකයේ රඟ දැක්වීමක් නැත. දහවල සහ රාත්‍රිය පවතින්නේ මෙහිය. සූක්‍ෂම දේශයේ හෝ අශාරීරික ලෝකයේ දහවල හෝ රාත්‍රිය නොමැත. කර්ම ක්ෂේත්‍රය මෙයයි. මිනිසුන් හොඳ සහ නරක ක්‍රියා සිදුකරන්නේ මෙහිය. ස්වර්ණමය සහ රිදි යුගයන්හිදි රාවණගේ රාජධානියේ තිබෙන පාපයන් පහ නොමැති නිසා, හොඳ ක්‍රියා තිබෙයි. පියා මෙහි අසුන් ගෙන ඔබට කර්ම, අකර්ම සහ විකර්ම ගැන රහස් කියා දෙයි. මෙය කර්ම ක්ෂේත්‍රය බැවින් ක්‍රියා සිදු කළ යුතුයි. ස්වර්ණමය යුගයේ මිනිසුන් සිදුකරන සියලුම ක්‍රියා, අකර්මයි. එහි රාවණගේ රාජධානියක් නැත. එයට දිව්‍ය ලෝකය යැයි කියයි. මෙකල දිව්‍ය ලෝකයක් නැත. ස්වර්ණමය යුගයේ තිබුණේ එක් භාරතය පමණයි වෙනත් භූමි තිබුණේ නැත. මෙවැනි කියමනකි දිව්‍යමය දෙවි පියාණන්. එබැවින් පියා, නිසැකයෙන්ම දිව්‍ය ලෝකය නිර්මාණය කරයි. භාරතය, පෞරාණික දේශයක් බව, සියලුම ජාතීන් දන්නවා. ආරම්භයේදී තිබුණේ භාරතය පමණක් බව, කිසිවෙකු නොදනී. එය තව දුරටත් එසේ නොවෙයි. මෙය වසර 5000කට පෙර පිළිබඳ කාරණාවකි. ක්‍රිස්තු තුමාට පෙර, භාරතය දිව්‍ය ලෝකය වූ බව කියැවෙයි. නිර්මාණකරු, අනිවාර්යෙන්ම නිර්මාණය නිමවයි. තමෝප්‍රධාන් බුද්ධි තිබෙන නිසා, ඔවුන්ට මෙපමණක්වත් නොවැටහෙයි. ශ්‍රේෂ්ඨතම දේශය වන්නේ භාරතයයි. එය මනුෂ්‍ය ලෝකයේ මුල් පරම්පරාවයි. මෙම නාටකය පෙර තීරණය වූ එකකි. ධනවත් මිනිසුන් දුප්පතුන්ට උදව් කරයි. මෙයත් ආරම්භයේ සිටම පැවතී ඇත. භක්ති මාර්ගයේද, ධනවත් අය, දුප්පතුන්ට දන් දෙති. කෙසේවෙතත්, මෙය අපවිත්‍ර ලෝකයයි. මිනිසුන් කුමන දාන දුන්නත්, දන් දෙන්නේද අපවිත්‍ර අය වන අතර, දානය ලබන්නේද අපවිත්‍ර අයයි. අපවිත්‍ර අය, අපවිත්‍ර අයට දන් දීමෙන් කුමන ඵල ලැබෙයිද? ඔවුන් කොපමණ දන් දුන්නත්, කොපමණ පුණ්‍යකර්ම සිදු කරමින් සිටියත්, ඔවුන් අඛණ්ඩව ඉනිමඟ දිගේ පහළට පැමිණ ඇත. භාරතය කරන ආකාරයෙන් දන් දෙන වෙනත් කිසිම දේශයක් නැත. ඔබ දැන් ඔබට ඇති සෑම දෙයක්ම, ඔබගේ සිරුර, මනස සහ ධනය මෙහිදී කැප කරයි. මෙයට, ස්ව-ආධිපත්‍යය හිමි කරගැනීම සඳහා, අශ්වයා බිලි දෙන, රුද්‍රාගේ දැනුමේ යාග ගින්න යැයි කියයි. ජීවය පවසන්නේ මෙම පැරණි ශරීරයද මෙහිදී බිලි විය යුතුයි. මෙය තුළට මුළු ලෝකයේම මිනිසුන් බිලි වන බව, ඔබ දන්නවා. එබැවින් අපි සතුටින් බාබා වෙනුවෙන් කැප නොවන්නේ ඇයි? ඔබ පියාව සිහි කරන බව, ජීවාත්ම වන ඔබලා දන්නවා. ඔබ කියමින් සිටියේ බාබා, ඔබ පැමිණි විට, මා ඔබ වෙනුවෙන් කැප වෙමි, මන්ද, මා ඔබට කැප වූ විට, ඔබ උපත් 21කට මා වෙනුවෙන් කැප වෙයි. මෙය ගනුදෙනුවකි. මා ඔබට කැප වන අතර, ඔබ 21 වරක් මා වෙනුවෙන් කැප වෙයි. පියා පවස්නනේ ඔබ පිවිතුරු වන තුරු මා ඔය ජීවාත්මයන්ගේ කැප වීම පිළිගන්නේ නැත. පරමාත්ම පියා පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔය ජීවාත්මයන් පිවිතුරු වෙයි. පියාව අමතක කිරීමෙන් ඔබ බොහෝ අපවිත්‍ර මෙන්ම දුකට පත් වී ඇත! මිනිසුන් දුකට පත් වූ විට ඔවුන් සරණක් සොයයි. රාවණ ඔබව උපත් 63ක්ම දුකට පත්කර ඇත. එය එක් සීතාවක් පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි සියලුම මනුෂ්‍යයන්, සීතාවන්ය. රාවණ විසින්, සීතාව ශෝකයේ පැලට දැමූ අන්දම ගැන ඔවුන් රාමායනයේ නිකමට කතාවක් ලියා ඇත. ඇත්ත වශයෙන්ම ඒ සෑම දෙයකින්ම හැඳින්වෙන්නේ මෙකල ගැනයි. සෑම කෙනෙක්ම සිටින්නේ රාවණගේ සිර කුටියේය, එනම්, පාපයන් පහ තුළයි, මේ නිසයි ඔවුන් දුකින් කන්නලව් කරන්නේ අපව මින් මුදවන්න! එය එක්කෙනෙක් පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. පියා විස්තර කරන්නේ මුළු ලෝකයම සිටින්නේ රාවණගේ සිරගේය. මෙය රාවණගේ රාජධානියයි. ගාන්දිජී සහ අන් සියලු දෙනාම පැවසුවේ ඔවුන්ට රාමාගේ රාජධානිය අවශ්‍ය බවය. රාමාගේ රාජ්‍යය ඔවුන්ට අවශ්‍ය බව, සන්යාසීන් කිසිදා නොපවසයි. මෙසේ කියන්නේ භාරතයේ ජනතාව පමණයි. මෙකල, ආදි සනාතන දෙවි දේවතා ධර්මයක් නැත. වෙනත් සියලුම අතු තිබේ. ස්වර්ණමය යුගය තිබුණු කල්හි, එකල තිබුණේ එක් ආදි සනාතන දෙවි දේවතා ධර්මය පමණයි. එම නාමය වෙනස් විය. ඔවුන්ට තමන්ගේම ධර්මය අමතක වී වෙනත් ආගම් වලට හැරුණි. හින්දූන්ගේ ජනගහණය, එය තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩුවී ඇත්තේ, බොහෝ දෙනෙක් වෙනත් ආගම් වලට හැරී ඇති බැවින්ය. භාරතයේ ජනතාවගේ ගණන අඩු වූයේ මේ නිසාය. එසේ නොමැති නම්, භාරතයේ ජනතාවගේ ජනගහණය විශාලතම වනු ඇත. ඔවුන්ව වෙනත් බොහෝ ආගම් වලට හරවන ලදි. පරම පියා පවසන්නේ ඔබගේ ආදි සනාතන දෙවි දේවතා ධර්මය උසස්ම ධර්මයයි. ඔබ සතෝප්‍රධාන්ව සිටි අතර ඉන්පසුව ඔබ වෙනස් වී තමෝප්‍රධාන් විය. ඔබ කන්නලව් කළ, දැනුමේ මහා සාගරය සහ පාරිශුද්ධකරු දැන් ඔබට පෞද්ගලිකවම උගන්වන බව, ඔය දරුවන්ට වැටහෙයි. ඔහු දැනුමේ මහා සාගරය මෙන්ම සෙනෙහසේ මහා සාගරයයි. ඒ අන්දමින්ම ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා කළ නොහැක. ක්‍රිෂ්ණාට පාරිශුද්ධකරු හෝ දැනුමේ මහා සාගරය යැයි කිව නොහැක. තිබෙන්නේ එක් සාගරයයි. සතර දිශාවේම, වටේටම තිබෙන්නේ එක් සාගරයයි සාගර දෙකක් නැත. මෙය මනුෂ්‍ය ලෝකයේ නාට්‍යයයි. මෙහි සෑම කෙනෙකුටම තමන්ගේම චරිත කොටස තිබේ. පියා පවසන්නේ අන් සෑම කෙනෙකුගේම වගකීම් වලට වඩා, මගේ වගකීම සම්පූර්ණයෙන්ම වෙනස්ය. දැනුමේ මහා සාගරය මමයි. ඔබ පාරිශුද්ධකරු වන මා හට කන්නලව් කරයි. ඉන්පසුව ඔබ මට විමුක්තිදායකයා යැයි කියයි. ඔහු ඔබව මුදවන්නේ කුමකින්ද? කිසි කෙනෙක් මෙයද නොදනී. ඔබ ස්වර්ණමය සහ රිදී යුගයන්හිදී බොහෝ සතුටින් සිටි බව ඔබ දන්නවා. එයට දිව්‍ය ලෝකය යැයි කීහ. එය දැන් අපායයි. මේ නිසයි සෑම කෙනෙක්ම මෙසේ කන්නලව් කරන්නේ අපව දුකින් මුදවා, සතුටු දේශයට රැගෙන යනු මැනවි! අහවල් කෙනා දෙව්ලොව වැසියෙක් වී ඇති බව, සන්යාසීන් කිසිදා නොකියයි. ඔවුන් පවසන්නේ අහවලා නිර්වාණයට, එනම්, එපිට ඇති දේශයට ගිය බවයි. විදේශයන්හිද ඔවුන් පවසන්නේ අහවලා දෙව්ලොව වාසස්ථානයට පිටත්ව ගියා. ඔවුන් විශ්වාස කරන්නේ ජීවය, දෙවි, පියාණන් වෙතට ගිය බවයි. දිව්‍ය ලෝකය සැබවින්ම තිබුණු නිසා, ඔවුන් දෙව්ලොව දෙවි පියාණන් ගැන පවසයි. එය දැනට නොපවති. අපායට පසුව, දිව්‍ය ලෝකය තිබිය යුතුයි. දිව්‍ය ලෝකය ස්ථාපිත කිරීම සඳහා, දෙවි පියාණන් පැමිණිය යුතුයි. දිව්‍ය ලෝකය තිබෙන්නේ සූක්‍ෂම කලාපයේ හෝ අශාරීරික ලෝකයේ නොවෙයි. පියා, අනිවාර්යෙන්ම මෙහි පැමිණිය යුතුයි. පියා පවසන්නේ මා පැමිණ, පදාර්ථයන්ගේ ආධාරය ගන්නෙමි. මනුෂ්‍යයින් උපදින ආකාරයට මා උපතක් ලබන්නේ නැත. මම මව් කුසක් තුළට ඇතුළු වන්නේ නැත. ඔබ සියලු දෙනා මව් කුසක් තුළට ඇතුළු වෙයි. ස්වර්ණමය යුගයේදී දඬුවම් විඳීමට පාපයන් සිදු නොකරන බැවින්, මව් කුසක්, මාලිගාවක් මෙනි. එයට මව් කුසක මාලිගාවක් යැයි කියන්නේ ඒ නිසාය. මෙහි මනුෂ්‍යයන් පාපකර්ම සිදු කරන බැවින් ඔවුන්ට දඬුවම් විඳීමට සිදුවෙයි. මව් කුසට සිරගෙයක් යැයි කියන්නේ ඒ නිසාය. මෙහි, රාවණගේ රාජධානියේ, මිනිසුන් දිගින් දිගටම පාපයන් සිදුකරයි. මෙය පාපී ආත්මයන්ගේ ලෝකයයි. එය, දිව්‍ය ලෝකය, පුණ්‍ය ආත්මයන්ගේ ලෝකයයි. ක්‍රිෂ්ණා, බෝ පත්‍රයක් මත පාවී ආ බව කියැවේ. ක්‍රිෂ්ණාගේ වර්ණනාව ඔවුන් පෙන්වන්නේ මෙසේය. ස්වර්ණමය යුගයෙදී මව් කුසක් තුළ දුකක් නැත. පියා ඔබට කර්ම, අකර්ම සහ විකර්ම වල න්‍යාය විස්තර කර දෙයි. ඔවුන් ගීතාව, ග්‍රන්ථය නිර්මාණය කර තිබෙන්නේ මෙයින්ය, නමුත් ශිව දෙවියන් පවසයි වෙනුවට ඔවුන් ක්‍රිෂ්ණාගේ නම භාවිත කර ඇත. ඔබ අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත උරුමය හිමි කරගන්නා බව ඔබ දැන් දන්නවා. භාරතය, දැන් රාවණගෙන් සාපයක් ලබා තිබේ, එය මෙතරම් පහත් වී තිබෙන්නේ මේ නිසාය. මෙම විශාල සාපයද නාටකයේ නියම වී තිබේ. පියා පැමිණ ආශිර්වාද ලබා දෙයි ඔබට දීර්ඝායුෂ ලැබේවා! ඔබට දරුවන් සිටිත්වා! ඔබ ධනවත් වේවා! ඔහු ඔබට සෑම අන්දමකම සතුටෙහි උරුමය ලබා දෙයි. ඔහු පැමිණ ඔබට උගන්වයි. ඔබ මෙම ඉගෙනුම තුළින් දේවතාවන් බවට පත් වෙයි. නව නිර්මාණය බිහි කෙරෙනවා. පියා ඔබව බ්‍රහ්මාගේ මාර්ගයෙන් ඔහු සතු කරගන්නවා. ප්‍රජාපිතා බ්‍රහ්මව සිහි කර ඇත. ඔබ ඔහුගේ දරුවන්, බ්‍රහ්ම කුමර කුමරියන් වී තිබේ. ඔබ සීයාගේ උරුමය, පියාගේ මාර්ගයෙන් හිමි කරගන්නවා. ඔබ පෙරද එය හිමි කරගත්තා. පියා දැන් නැවත පැමිණ ඇත. පියාගේ දරුවන්, පියා වෙතට යා යුතුයි. කෙසේවෙතත්, මනුෂ්‍ය ලෝකය, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන් ස්ථාපිත වූ බව සිහිකර තිබේ. මෙය, මෙහිදී සිදු විය යුතුයි, එහෙම නේද? ජීව වශයෙන් ඔබ පවසන්නේ ඔබ සහෝදරයන් බවය. ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන විට, ඔබ සහෝදර සහෝදරියන් වෙයි. මෙකල, ඔබ සියල්ලන්ම, සහෝදර සහෝදරියන්ය. ඔබගේ උරුමය, ඔබ පියාගෙන් හිමි කරගත්තා. දැන් වුවද ඔබගේ උරුමය, ඔබ පියාගෙන් හිමි කරගනිමින් සිටිනවා. ශිව බාබා පවසන්නේ මා සිහි කරන්න! ඔය ජීවාත්ම, ශිව බාබාව සිහි කළ යුතුයි. ඔබ පිවිතුරු වන්නේ ඔහු සිහි කිරීමෙන් පමණයි. වෙනත් මාර්ගයක් නැත. පිවිතුරු නොවී, ඔබට විමුක්ති දේශයට යාමට නොහැක. ආරම්භයේදී ජීවන-මුක්ති දේශයේදී, ආදි දේවතා ධර්මය තිබුණි. පසුව අන් සියලුම ආගම් අංක පිළිවෙලට පැවතීම ආරම්භ විය. පියා අවසානයේ පැමිණ, සියලු දෙනාවම දුකින් මුදවා ගනී. ඔහුට විමුක්තිදායකයා යැයි කියයි. පරම පියා පවසන්නේ සරළව මා සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් පිළිස්සී යනු ඇත. ඔබ මෙසේද කන්නලව් කරයි බාබා එන්න! අපව අපවිත්‍ර බවින් පිවිතුරු කරන්න! ගුරුවරයෙක් කරන්නේ ඔබට ඉගැන්වීම පමණයි. ඔහු ඔබගේ චරිතය නිර්මාණය කරයිද? මෙයත් ඉගෙනුමක්. දැනුමේ මහා සයුර වන පියා පමණයි පැමිණ, ඔබට දැනුම ලබා දෙන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කර්ම, අකර්ම සහ විකර්ම පිළිබඳ න්‍යාය දැන, තව දුරටත් විකර්ම කිසිවක් සිදු නොකරන්න. කර්ම ක්ෂේත්‍රය තුළ, කර්මයන් සිදු කරන අතර, සියලුම පාපයන් අතහැර, ඒ අනුව පාපකාරී ක්‍රියාවන්ගෙන් ආරක‍ෂිතව සිටින්න.

2. පියා ඔබගේ කැප වීම පිළිගන්නා අන්දමින්, ඒ තරම් පිවිතුරු වන්න. පිවිතුරු වී, පිවිතුරු ලෝකයට යන්න. ඔබගේ සිරුර, මනස සහ ධනය මෙම යාග ගින්නට කැප කර, ඔබට ඇති සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කරන්න.

වරදානය:
ඔබ ඥානයෙන් පරිපූර්ණ වී මෙම ඥානයේ ආලෝකය සහ බලයෙන් බාධක විනාශ කරන්නෙකු වේවා.

භක්ති මාර්ගයේ දී, ගණපති බාධක විනාශ කරන්නා ලෙස වන්දනාමාන කරනු ලැබේ. ඒ සමඟම, ඔහු ඥානයෙන් පිරි මාස්ටර් ලෙසද හැඳින්වේ. ඥානයෙන් පරිපූර්ණ වන ඔබ දරුවන් කිසි විටෙකත් බාධක වලින් පරාජය නොවේ, මන්ද මෙම ඥානය ඔබේ ගමනාන්තයට ළඟා වීමට පහසු වන ආලෝකය සහ බලය යැයි කියනු ලැබේ. එලෙසම, බාධක විනාශ කරන්නන් වන ඔබ පරම පියා සමඟ නිරන්තරයෙන් ඒකාබද්ධ වී මෙම ඥානය මතගාන විට බාධක වලින් පරාජය කළ නොහැක.

පාඨය:
ඔබ තුළ සහ පිටත ඇති සියලුම අඩුපාඩු පියා වෙත සම්පූර්ණයෙන්ම යොමු කළ විට ඔබට ආත්ම ශක්තිය ලැබෙනු ඇත.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

දැන් අත්දැකීම් ඇති අය බවට පත් වී අන් අයට නොසැලෙන සහ අචල බව අත්විඳීමට සැලැස්වීමට කාලයයි. සෙල්ලම් කරන කාලය දැන් අවසන්ය. දැන්, නිරන්තරව බලවත් වී දුර්වල ජීවාත්ම බලවත් කිරීම දිගටම කරගෙන යන්න. ඔබට දුර්වල වීමේ සංස්කාර තිබේ නම්, ඔබ අන් අයවද දුර්වල කරවයි. මෙම ඥානයේ සෑම කරුණකම අත්දැකීම් ලබා ගැනීම සඳහා, හුදෙකලාව කෙරෙහි ඇල්මක් ඇති කර ගෙන ඔබේ ඒකාග්‍රතාවයේ පුහුණුව වැඩි කර ගන්න.