06.07.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ශරීරය තුළ සිටිනා ගමන්ම ඉන් මිදෙන්න. අශාරීරික වී පරමාත්ම පියාව සිහි
කරන්න. මළ නිහැඬියාව යනු මෙයයි.
ප්‍රශ්නය:
ඔය දරුවන්
දැන් ඔබලාගේ පදනම ශක්තිමත් කර ගනිමින් සිටිනවා. ඔබලා එය ශක්තිමත් කර ගන්නේ කුමක් මත
පදනම්වද?
පිළිතුර:
ඔබගේ පාරිශුද්ධත්වය මත පදනම්වයි. ඔය ජීවාත්මය පාරිශුද්ධ වුණු තරමට, සැබෑ රත්තරන්
බවට පත්වුණු තරමට, ඔබ තව තවත් ශක්තිමත් වේ. කල්ප බාගයකටම කිසිම කෙනෙකුට සෙලවිය
නොහැකි ආකාරයේ ශක්තිමත් ස්වාධිපත්‍යයක පදනමක් බාබා දැන් දමමින් සිටිනවා. කිසිම
කෙනෙකුට ඔබගේ රාජධානිය උදුරා ගත නොහැකියි.
ගීතය:
ඕම් නමෝ ශිවාය
...
ඕම් ශාන්ති.
බාබා කියනවා:
මා සිහි කරන්න - එනම්, අශාරීරික වන්න. කෙනෙක් මිය යන මොහොතකදී පැතිරෙන නිහැඬියාව සේ
වන මළ නිහැඬියාවට ඉඩ හරින්න. මිනිස්සු: ඔහුගේ ශරීරය නිහඬ වෙලා කියා කියනවා. ජීවාත්ම
සත්තාවත් ශරීරයත් එකිනෙකට වෙන් වුණු විට සියල්ල අවසන්. ඔය සියලුම දරුවන් මෙහි අසුන්
ගත් විට එයත් හඳුන්වන්නේ මළ නිහැඬියාව ලෙසිනුයි. ශරීරය තුළ ජීවත්ව සිටින ගමන්ම
අශාරීරික වන්න. තමා ජීවාත්ම සත්තාවක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. සැබෑම සාමය
මෙය බව ඔබ දන්නවා. ඒ මිනිසුන් සාමය යනු කුමක්දැයි කියා දන්නේ නැහැ. මළ නිහැඩියාව
යන්නෙහි අර්ථයවත් ඔවුන් දන්නේ නැහැ. ඇයි ඔවුන් “මළ නිහඩතාවය” කියා කියන්නේ? ඒ එම
පුද්ගලයා මිය ගොස් ඇති බවත් ඔහු නිහඬ වී ඇති බවත් සිහි කර දීමටයි. ඔබත් මිය යනවා.
එනම් නිහඬ වෙනවා. ගාන්ධි ස්මාරකය ළඟට කෙනෙක් ගිය විට: මළ නිහැඬියාවක් තිබෙනවා,
නිහඬව සිටින්න කියා කියනවා. අප ජීවාත්මයන් ශාන්ත ප්‍රතිමූර්තීන් බව අප දන්නවා.
ලෝකයේ අය මෙය දන්නේ නැහැ. අපි අපගේ මුල්ම ස්වරූපයේ ස්ථාවර වෙනවා. අපගේ මුල්ම
ධර්මතාවය සාමයයි. ජීවාත්මය වන අප සාමයේ ප්‍රතිමූර්තීනුයි. මේ ගැන ඔවුන් නොදන්නා
නිසා තමයි සාමය ඉල්ලන්නේ. මට සාමය ඕනේ කියා ජීවාත්මයන් කියනවා. ජීවාත්ම සත්තාවන්ට
තමන්ගේ මුල්ම ධර්මතාවය අමතක වෙලා. ඇත්තටම කියනවා නම් ජීවයන්ගේ ධර්මයම සාමයයි. ඉතින්
එසේනම් තමන් සාමයක් නොමැතිව නොසන්සුන්ව සිටිනවායි කියා ඔවුන් කියන්නේ ඇයි? එක තැනක
අසුන් ගෙන අශාරීරික වන්න. ඒ මිනිස්සු ප්‍රාණයාම කියා හුස්ම ඉහළ පහළ ගැනීම වැනි
අභ්‍යාස මළ මිනිසුන් සේ බලෙන් කරනවා. ඒකට කියන්නේ කෘතිම සාමය කියලයි. ඔබගේ මුල්ම
ධර්මතාවය සාමය බව ඔය දරුවන් දන්නවා. ඔය ජීවාත්මයන් ඔබලාගේ ස්වාධිපත්‍යය ලබනවා. සෑම
තත්ත්වයකටම යන්නේ ජීවාත්මයයි. ජීවය නීතීඥවරයෙක් වෙනවා. ජීවාත්මය කියනවා: මට
රාජ්‍යයක් අවශ්‍යයි. මීට පෙරත් පරමාත්ම පියාගෙත් රාජ්‍යයක් දිනා ගත් ජීවාත්ම සත්තාව
දැන් නැවතත් එයදිනා ගැනීමට පැමිණ සිටිනවා. මිනිස්සු ශාරිරික අවධානයට පත් වුණු විට
දුක් විඳිනවා. තමන් ජීවාත්ම සත්තාවන් බව දැන් ඔබලාට තේරෙනවා. තමන් දැන් මෙහි පැමිණ
සිටින්නේ පරමාත්ම පියා, පරමාත්ම ජීවයෙන් තම ස්වාධිපත්‍ය උරුමය දිනා ගැනීමටයි. ඔය
ජීවයන්ට ඔබගේ රාජ්‍යය අවශ්‍යයි. අසීමිත පියාගෙන් ජිවයන් මෙකල ස්වාධිපත්‍යය ඉල්ලා
සිටිනවා. ශ්‍රී ක්‍රිෂ්ණාටත් ස්වාධිපත්‍යය තිබුණා. පසුව ඔහුට එය අහිමි වුණා.
පරමාත්ම පියා පැමිණ දැන් ඔය දරුවන්ට රාජ්‍යය භාර දෙනවා. මෙය හඳුන්වන්නේ රාජයෝගාව
කියලයි. පරමාත්ම පියා, පරමාත්ම ජීවය රාජ යෝගාව උගන්වනවා. මිනිස්සු ශාරිරික
අවධානයෙන් සිටින නිසා මම අහවල් අහවල් කෙනා යි කියා කියනවා. ඔවුන් ශරීරය “මම” යි
කියා සලකනවා. ඇත්තටම කියනවා නම් “මම, මම” කියා කියන්නේ ජීවාත්මයයි. ජීවය කියනවා: මම
මෙය අහුලා ගන්නවා. ගැහැණු කෙනෙක් ගැන කියන විට නම්: ඇය එය ගන්නිය කියා කියයි.
ඇත්තටම කියනවා නම් ජීවාත්ම සත්තාව පුරුෂ ලිංගිකයි. මම නම් වූ ජීව සත්‍තාව පරමාත්ම
පියාගේ පුත්‍රයෙක් වෙමි. ජීවාත්මය කියනවා: බාබා, මම මගේ ස්වාධිපත්‍යය ඔබගෙන් දිනා
ගනිමි. පරමාත්ම ජීවය ඔය ජීවයන්ට ඔබලාගේ ස්වාධිපත්‍යය දේ. බලන්න, භක්තිය හා ඥානය අතර
කෙතරම් නම් වෙනසක් තිබෙනවා ද කියලා. ශිව දේවාල තිබෙනවා. වැඩියෙන්ම ඝාණ්ඨාර නද
ඇසෙන්නේ ශිව දේවාල වලිනුයි: ඔහුත් ඔහුව අවදි කරවනවා. හැමෝවම අවදි කරවනවා. උදේ
පාන්දරින්ම බෙර වාදන පටන් ගන්නවා. මෙහිදී, පරමාත්ම පියා ඔය දරුවන්ව අවදි කරවා ඔබලාව
දේවතාවරුන් කරවනවා. සීනු ගසන්න අවශ්‍ය නැහැ. පරමාත්ම පියා කියනවා: ඔබගේ
ස්වාධිපත්‍යය ඔබට අවශ්‍ය නම් පළමුවෙන්ම පාරිශුද්ධ වන්න. ඔබගේ බුද්ධියේ අරමුණ හා
ඉලක්කය තිබෙනවා. ශිෂ්‍යයින් කියාවි: මම මගේ සරසවි විභාගය අවසන් කර මෙය කරන්නම්.
සන්නාසීවරුන් සාමය බලාපොරොත්තු වෙනවා. තම ගෙල වටාම මාලය දමාගෙන සෑම තැනකම එය සෙවූ
රැජීණක් ගැන කතාවක් තිබෙනවා. ඒවගේම තමයි ඒ මිනිස්සු සාමය සොයන්නේ පිටතිනුයි. කෙසේ
වෙතත්, ජීවාත්ම සත්තාවත් ශාන්ත ප්‍රතිමූර්තීනුයි. ජීවයන්ට තමන්ගේ මුල්ම ධර්මතාවය
අමතක වෙලා. දැන් තම තමත් ශරීර කියා සලකාගෙන සිටිනවා. පරමාත්ම පියා දැන් නැවතත්
වතාවක් ඔබට සිහිපත් කර දෙන්නේ: ඔබලා ජීවාම සත්තාවනුයි. ඔය ජීවයන් උපත් 84ක් ගෙන
තිබෙනවා. වෙන කිසිම කෙනෙකුට මේ දේවල් පහදා දෙන්න බැහැ. පරමාත්ම පියා කියනවා. ඔබලා
තමන්ගේම උපත් ගැනවත් දන්නේ නැහැ. ඔබලා බ්‍රහ්ම කුමර කුමරියනුයි. පරමාත්ම පියා පහදා
කියන්නේ: පාරිශුද්ධත්වයෙන් තොරව ඔබට ඥානය ධාරණය කර ගත නොහැකියි. සිංහ ධේනුවකගේ කිරි
දැමීමට රන් බඳුනක් අවශ්‍යයි කියා කියනවා. මෙහිදීත් රන් බඳුනක් අවශ්‍යයි. ජීවාත්මයන්
පරමාත්ම පියාව සිහි කිරිමෙන් රත්තරන් වෙනවා. පරමාත්ම පියාත් සැබෑ රත්තරන්. ජීවයක්
පරමාත්ම පියාව සිහි කරනා විට බුද්ධියට ඥානය ධාරණය වන්නේ එවිටයි. ඔබලා සැබෑ රත්තරන්.
පාරිශුද්ධව සිටියා - මෙම ඥානය කිසිම කෙනෙකුට නරකක් කරන්නේ නැහැ. පරමාත්ම පියා
කියනවා: මම ඔය ජීවයට ස්වාධිපත්‍යය දෙනවා. පැරණි ලෝකයේ අවසානයත් නව ලෝකයේ ආරම්භයත්
යන මොහොතේදී ඔබලා මෙම ස්වාධිපත්‍යය ලබනවා. දැන් මිනිසුන්ට ඇත්තේ සීමිත රාජ්‍යයනුයි.
ඔවුන් කිසිම විටෙක අසීමිත රාජ්‍යයක් ලබන්නේ නැහැ. ඔවුන්ට ලෝක පාලකවරුත් විය
නොහැකියි. ඔබලා පරමාත්ම පියා හරහා ඒ තත්වය ලබනවා. ඔබගේ උපත් 84 ගැන දන්නේ පරමාත්ම
පරම දෙවියන් පමණයි. දේවතාවරුන් තමන්ගේ උපත් ගැන දන්නේ නැහැ. ඔවුන් ඒ ගැන දැන ගත
සිටියා නම් අසතුටු වේවි. තමන් ඉණිමගේ පහළට ඇද ගෙන වැටෙනවා ද කියා ඔවුන් පුදුම වී
බලාවි. රාජ්‍යයේ සතුට ඔවුනට අහිමි වේවි. මෙහිදී ඔබලා සියල්ලම දන්නවා. තමන්
ජීවාත්මයන් බවත් ඔබලා දන්නවා. මේ ගැන ගැටළුවක් නැහැ. ඔබලා එකිනෙකාට ඇහුම් කන් දෙන
අතර ඔබලාගේ ගණනත් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙනවා. දේවතා ධර්මයේ ගස ස්ථාපනය වෙමින්
පවතිනවා. කෙනෙක් පැමිණි විට: අපගේ බ්‍රහමිණ් කුළයට අයිති කෙනෙක් පැමිණ සිටිනවා කියා
ඔබට හඳුනා ගත හැකියි. ඔහු තම භක්ති වන්දනාවත් අවසන් කර දැන් පරමාත්ම පියාගෙන් තම
උරුමය දිනා ගැනීමට පැමිණ සිටිනවා. ඥානය අවසන් වන විට භක්තිය ඇරඹෙනවා. කිසිම කෙනෙක්
මේ ගැන දන්නේ නැහැ. ගොඩනැඟිල්ලක් වුවත් පළමුව අලුත්වට තිබී පසුව පරණ වෙනවා. දුර්වල
අත්තිවාරමක් මත ගොඩනැඟු ගොඩනැඟිල්ලකට අනිවාර්යයෙන්ම ඇත්තේ කෙටි ආයු කාලයකි: මේ දින
වල භූමි කම්පාවකින්වත් ඇද නොවැටෙන ආකාරයේ ශක්තිමත් ගොඩනැඟිලි සාදනවා. ඒවා ඇද
වැටෙන්නේ නැති නිසා පාඩු සිදු වන්නේ තැහැ. ඔවුන් ඒවා ඉතාමත් ශක්තිමත්ව සාදනවා.
අත්තිවාරම හොඳ ශක්මත්ව දමනවා. ඔබලා දැත් ස්වාධිපත්‍යයේ පදනම දමමිනුයි සිටින්නේ.
ජීවාත්මය උපත් 21කට රාජ්‍යය දිනා ගන්නවා. මෙහි ඇති අධිරාජ්‍යයන් එතරම් දේවල්
නොවෙයි. අද රාජ්‍යයක් ලබනා කෙනෙක් හෙට ප්‍රහාරයකට ලක් වී සියල්ල අහිමි කර ගන්නවා.
කිසිම දෙයක පදනමක් නැහැ. මිනිසුන්ටත් පදනමක් නැහැ - අද මෙහි සිටිනා ඔවුන් හෙට වන
විට ගිහින්. බාබා දැන් ඔබලා වෙනුවෙන් ශක්තිමත් පදනමක් දමනවා. එවිට ඔබට උපත් 21ක
වාසනාව දිනා ගත හැකියි. ඔබගේ අධිරාජ්‍යය වෙනුවෙන් ශක්තිමත් පදනමක් දමමින් තිබෙනවා.
කිසිම භෞතික කුණාටුවකට ඔබව සෙලවිය නොහැකියි. ගීතාවේත් කියන්නේ කිසිම කෙනෙකුට ඔබගෙන්
උදුරා ගත නොහැකි ආකාරයේ හෝ කඩා නොවැටෙන ආකාරයේ අධිරාජ්‍යයක් බාබා දැන් ඔබට දෙනවා.
දුකක් කියා දෙයක් ගැන සේයාවක්වත් නොමැති ආධිත්‍යයක් තමයි ඔහු ඔබට දෙන්නේ. ඔය
ජීවාත්මයන් විශාල සතුටක් විඳිය යුතුයි. ඔබට ඒ විශ්වාසය තිබෙනවා නේද? විශ්වාසය
නොමැති නම් එම ජීවාත්මය දෙව්ලොවට යාමට සුදුසු නැහැ. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරියන්
රැසක් සිටිනවා: ඔවුන් එන්න එන්නම වැඩි වෙනවා. ඥාන සාගරය, පාරිශුද්ධකරු අපට රාජයෝගාව
උගන්වනා බව ඔබ දන්නවා. මිනිස්සු කියන්නේ ක්‍රිෂ්ණා එය කියා දුන් බවයි. ශිව බාබා
මිනිස් ශරීරයකට ඇතුලු වී එය කියා දුන් බව ඔවුන් තේරුම් ගන්නේ කෙසේද? භාරතය
පාරිශුද්ධව තිබුණා. දැන් අපිරිසිදු වෙලා. ඔවුන් ගිහින් දේව පිළිම ඉදිරියේ ප්‍රශස්ත
ගී ගය ගයා වැඳ වැටෙනවා. ශිවා ඉදිරියේ ඔවුන් ගයන්නේ නැහැ: ඔබ සියලුම ගුණධර්මයන්ගෙන්
සපිරි, සොලොස් කලාවන්ගෙන් සපිරි අයයි. ශිවාගේ වර්ණනාව වෙනමම ඇත්තක්. ඔහු ඥාන
සාගරයයි. පාරිශුද්ධකරුයි. සැමට ගැලවීම ලබා දෙන්නායි. සෑම කෙනෙකුගේම සාක්කු පුරවන
අහිංසක ස්වාමියායි. එවන් පියෙක්ව සෑම කෙනෙකුටම අමතක වෙලා. මිනිස්සු පරමාත්ම පියා,
පරම ජීවයට කන්නලව් කරනවා. පැමිණ අපගේ දුක නැති කර සතුට දානය කරන්නයි කියලා. දුක
නැති කර සතුට දානය කරන්නා එකම එක කෙනෙකි. ඉහළම උපදෙස් ඔහුගේ උපදේශයනුයි. ඒවා
දෙවියන්ගේ උපදෙසුයි. ද්විත්ව උසස් ඔහුගේ උපදෙස් පිළිපැදීමෙන් ඔබ ද උසස් අය වෙති.
මෙම ලෝකය දුෂිත ලෝකයක් කියා ආණ්ඩුවේ අය පවා කියනවා. එය උසස් කළ හැක්කේ කාටදැයි කියා
ඔවුන් දන්නේ නැහැ. සාදු සන්නාසීවරුන් එය කරාවි කියා ඔවුන් සිතනවා. ඒත් ඔවුන්ට එය කළ
නොහැකියි. එය පරමාත්ම පියාගේම කාර්යභාරයයි. මුල් කාලයේ දී මිනිස්සු එකම එක රජ
කෙනෙකුගේ උපදෙස් පිළිපැද්දා. ස්වර්ණමය යුගයේදී ඔබට උපදේශකවරුන් නැහැ.
අධිරාජ්‍යවරුන්ට බලය තිබෙනවා. “උපදේශක “ කියා වචනයක්වත් එහි නැහැ. තමන් ලෝක
පාලකවරුන් වී රාජ්‍යය පාලනය කළ බව ඔබට තේරෙනවා. ඒ කළ ආකාරයෙන්ම ඔබ ගිහින් එය පාලනය
කළ යුතුයි. සැබවින්ම ස්වර්ණමය යුගයේ ලක්ෂ්මී නාරායන රාජ්‍යයක් තිබුණා. සෑම කෙනෙක්ම
තම තමන්ගේ රාජ්‍යය දිනා ගනීවි. ක්‍රිෂ්ණාට ඔහුගේම කියා රාජ්‍යයක් තිබෙනවා. අනිකුත්
රජවරුනුත් සිටිනවා. අවම වශයෙන් අට දෙනෙක් සිටිනවා. ඒත් ඒ අටක්ද නැතිනම් 108ක්ද කියා
ඔබ ඉදිරියට යන විට දැන ගනීවි. අවසානයේදී දීමට තිබෙනා ඥානය ඔබට දැන්ම ලැබෙන්නේ නැහැ.
පරමාත්ම පියා දැනුම දෙන්නේ තවමත් ජීවතුන් අතර සිටින අයටයි. ඔහු එය දිය යුතුයි: එය
නාටකයේ නියමිත දෙයක්. පරමාත්ම ජීවයේ චරිත කොටස ඇත්තේ මේ කාලයටයි. දානය දීමේ ජවනිකාව
යෙදී ඇත්තේ මේ කාලයටයි. පරමාත්ම පියා කියනවා: තවත් ඉදිරියට යන විට ඔබට තව තවත් දේ
අවබෝධ වේවි. ඔහු දවසින් දවස ඔබට සියල්ල පහදා දෙනවා. එහිදී ඔබ රාජ්‍යය පාලනය කළේ
කෙසේද විවාහ සිදු වූයේ කෙසේදැයි කියාත් ඔබ දැන ගත යුතුයි. ධ්‍යාන වලදී ඔබට
පාරාදීසයත් රත්තරත් මාළිගාත් වෙන කිසිවක් නොව රත්තරන්ම සෑම තැනකම ඇති බවත් දැක ගත
හැකියි. දිව්‍ය දේශයේ දී ඔබ ඔබව දකීවි. ගොඩනැඟිලි රන් ගඩොලින් සෑදේවි. ඒ ගඩොල්
ටිකක් අරගෙන එන්න ඕනේ කියාත් ඔබට සිතේවි. නමුත් ධ්‍යානයෙන් ආපසු පැමිණි විට
සිටින්නේ ඔබ පමණයි. මීරා ධ්‍යානයකට සම වැදී සිටිනා විට තමන් ක්‍රිෂ්ණා සමඟ නර්තනය
කරන බව දුටුවා. ඔබ සූක්ෂම කලාපයටත් යනවා, නමුත් එහි ඇට, මස්, ලේ නැහැ. ඔබලා
සුරදේවතාවරුන් වෙනවා. බ්‍රහ්මාගේ ශරීරය පවා සූක්ෂම කලාපයේ දී දැක ගත හැකියි. මොහුම
සුරදේවතාවරයෙක් වෙනවා. මල්වතු ආදියත් ඔබ දකීවි. පරමාත්ම පියා ඔබට දර්ශන පහළ කරවනවා.
බාබා ඔබට සුබිරාස් අඹ යුෂ බොන්න දුන්නා කියාත් ඔබ කියාවි. සූක්ෂම කලාපයේ දී එහෙම
දෙන්න බැහැ. පාරාදීසයේ ඇති මල් පලතුරු විශිෂ්ඨයි. සූක්ෂම කලාපයේ මල් වතු නැහැ. තමත්
මල් වත්තකට ගියා එතැන රාජකුමාරයෙක් සිටියා කියා ඔබ කියාවි. එය වෛකුන්තයයි.
වෛකුන්තයේ දේවල් ඔබට මෙහි දී සොයා ගත නොහැකියි. එහි ඇති සෑම දෙයක්ම අති විශිෂ්ඨයි.
පරමාත්ම පියා කියනවා: මම ඔබලාව වෛකුන්තයේ පාලකවරුත් කරවනවා. මෙහි දුකම හැරෙන්න වෙන
කිසිම දෙයක් නැහැ. අහෝ දෙවියනේ මාව මේ දුකින් මුදවා ගන්න කියා නොකියන කිසිම
මිනිස්සෙක් නැහැ. ඔවුන් දුකේදී දෙවියන්ව සිහි කරනවා. ක්‍රිෂ්ණ බැතිමතෙක් කියාවි
“ක්‍රිෂ්ණා නම මතුරන්න” කියලා, හනුමත් වන්දනා කරනා කෙනෙක් කියාවි “හනුමන් ජය”
මෙහිදී පරමාත්ම පියා කියනවා: නිරන්තරයෙන් මා පමණක්ම සිහි කරන්න. අවසානයේ දී වෙන
කිසිම කෙනෙක් පිළිබඳ හැඟීමකට නොවැටෙන ආකාරයෙන් මාව සිහි කරන්න. මිනිස්සු කාෂිහිදී
තමාව බිල්ලට දී ගන්නා විට තමන් විසින් කළ සියලුම පාප අවබෝධ වී උපතක් උපතක් පාසා කළ
වැරදි වලට තමන් දඬුවම් ලබනවයි කියා ඔවුන්ට දැනේවි. පාප වීසක් කෙරී තිබෙනවා. මෙය
පාපකාරී ජීවාත්මයගේ ලෝකයයි කියනවා. පරමාත්ම පියාට කන්නලව් කරන්නේ ජීවාත්මයනුයි: පරම
පිතා පරමාත්මයනි, ඕ, ශිව බාබා. පරම දේශයේ වැසියාණනි, ඔහුට ඇත්තේ එක් සැබෑ නමකි: ඔහු
සියලුම ජීවාත්මයන්ගේ පරමාත්ම පියායි. රුද්‍ර යන නමට පසුව “සලිග්‍රාම” කියා කීම
එතරම් සුදුසු නැහැ. “ශිවා හා සලිග්‍රාමයින්” කියා කීම නිවැරදියි. මැටි වලින්
ඕවලාකාර ශිව ලිංඟමයකුත් සලිග්‍රාමයනුත් සාදනවා. ඔහු පමණයි පාරිශුද්ධකරු. ඔවුන්
මෙහිත් යාගහෝම පවත්වනවා. භාරතය තමයි ඉහළම ඉහළ. නමුත් දේවතා ධර්මය අමතක කර දමලා.
ඔබගේ ධර්මය ආදි සතාතත දේවි දේවතා ධර්මයයි. එය දිගටම පවතින්න තිබුණා. හින්දු දහම
ආගමක් නොවෙයි. දේවතා ධර්මයේ අය සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසුකරගෙන එනවා. තමෝ තත්ත්වයට
පැමිණි පසු තවදුරටත් ඔවුනට දේවතාවරුන් යයි කිව නොහැකියි. “හින්දු” කියා ආගමකුත්
නැහැ. එමනිසා, ඔබට පහදා දී තිබෙනවා. ඔබට දේවතාවරුන් විය හැකියි: ඉතින් පැමිණ මෙය
අවබෝධ කර ගන්න. වෙලාව නැහැයි කියා මිනිස්සු කියනවා. පරමාත්ම පියා කියනවා: මම සතුටේ
හා සාමයේ උරුමය ඔබට උරුම කර දීමට ඔබලාව මට අයිති කරවා ගන්නවා. ඇතැම් පවුල් හරිම
ආදරෙන් ජීවත් වෙමින් එකිනෙකා සමඟ ගනුදෙනු කරගන්නවා. තම තමන්ගේ ආදායම් සියල්ලම එකට
දමනා ඔවුන් කිසිම දෙයක් සම්බන්ධයෙන් ආරවුල් ඇති කර ගන්නේ නැහැ. ඒ වුණත් මේ තැන
දෙව්ලොවක් කියා කියන්න බැහැ. ස්වර්ණමය යුගයේ කිසිම පවුලක කිසිම කෙනෙක් අසනීප වී හෝ
දුකින් සිටින්නේ නැහැ. එහි නම ම දෙව්ලොව යන්නයි. එහි දී සෑම කෙනෙක්ම සිටින්නේ
සතුටිනුයි. අඛණ්ඩ සතුටක උරුමය පියාගෙන් දිනා ගැනීමට ඔබ පරමාත්ම පියා ළඟට පැමිණ
සිටිනවා. දැන් ඔබට ඥානය ලැබී තිබෙනවා. බාබා, ඔබ තමයි පාරිශුද්ධකරු කියා ඔබ කියනවා:
අපව පාරිශුද්ධ කරවන්න. ඔය දරුවනුත් පරමාත්ම පියාගේ දේව උපකාරකයිනුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
ස්ව-ආධිපත්‍යය දිනා ගැනීමට නම් පාරිශුද්ධත්වයේ පදනම ශක්තිමත් කර ගන්න. පරමාත්ම පියා
පාරිශුද්ධකරු වූවාක් සේම ඒ පියා සේම පාරිශුද්ධ වන්න.
2. ඔබගේ මුල්ම සාම
ධර්මතාවය මත ස්ථාවර වන්න. හැකි උපරිමයෙන් ශාරීරික අවධානය අතහැර දමා ජීවාත්ම අවධානයට
පැමිණෙන්න. මළ නිහැඬියාවේ සිටීම පුහුණු කරන්න. එනම්, අශාරිරික වීම පුහුණු කරන්න.
වරදානය:
ඔබ, ඔබටම සේවය
කර ගැනීමෙන් මෙන්ම අන් අයට ද සේවය කිරීමෙන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.
අන් අයට සේවය කිරීම
මෙන්ම සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමට නම්, ඔබ,ඔබටම සේවය කර ගත යුතුයි. ඔබ සේවය
කිරීමට යන සෑම විටම, එම සේවය කිරීමත් සමඟම, ඔබ අවසානයේ ඔබේ පැරණි සංස්කාර ද ආදාහනය
කරන බව සැමවිටම සිතන්න. ඔබ ඔබේ සංස්කාර වැඩි වැඩියෙන් ආදාහනය කරන තරමට, ඔබට වැඩි
ගෞරවයක් ලැබෙනු ඇත. සියලුම ජීවාත්ම ඔවුන්ගේ මනසින් ඔබට ආචාර කරනු ඇත. කෙසේ වෙතත්,
ඔබ ඔවුන්ව බාහිරව ආචාර කරන අය බවට පත් නොකළ යුතුය, නමුත් ඔවුන්ගේ මනසින් ඔබට ආචාර
කරන අය බවට පත් කළ යුතුය.
පාඨය:
අසීමිත සේවය
කිරීමේ අරමුණ තබා ගන්න, එවිට ඔබේ සියලු සීමිත බන්ධන බිඳී යනු ඇත.
අව්‍යක්ත සංඥාව: ගිනි
කන්දක් වැනි මනෝ ස්ථිතියක රැදී සිට බලවත් ස්මරණයක් අත්විඳින්න.
ඔබේ ස්මරණය ගිනි
කන්දක් බවට පත් නොවන තාක් කල්, විනාශයේ ගිනිදැල් ද ඒවායේ සම්පූර්ණ ගිනිකඳු ස්වරූපය
නොගනී. ගිනි කන්දක ස්ථිතියේ සහ ආධාරක රූප ඇති ජීවාත්ම සෑම විටම එම ගිනි කන්දක
ස්ථිතිය බවට පත්ව නැති නිසා ඒවා දැල්වී සිසිල් වේ. දැන්, ගිනි කන්දක ස්වරූපය බවට
පත්වීමට අධිෂ්ඨානශීලී සිතුවිල්ලක් ඇති කරගෙන, ඔබේ මනසේ සහ බුද්ධියේ ඒකාග්‍රතාවය
සාමූහිකව භාවිත කර, බලවත් යෝගාවේ කම්පන සෑම තැනකම පතුරුවන්න.