06.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබට වෙලාව ඇති ඕනෑම විටෙක හුදෙකලාව සිට, සිහිපත් කිරීමේ වන්දනාවේ සිටින්න. ඔබගේ වන්දනා ගමන අවසන් වන්නේ ඔබ ගමනාන්තයට ළඟා වු පසු පමණයි.

ප්‍රශ්නය:
පියා සංගම යුගයෙදී දරුවන්ව පුරවන, චක්‍රයෙන් භාගයක්ම පවතින, ගුණධර්මය කුමක්ද?

පිළිතුර:
පියා පවසන්නේ : මා අතිශයින් මිහිරි වන්නා සේම, මා ඔය දරුවන්වත් මිහිරි කරවනවා. දේවතාවන් බොහෝ සේ මිහිරියි. ඔය දරුවන් දැන් මිහිරි වන්නට උත්සාහ දරණවා. බොහෝ දෙනෙකුට යහපත සිදුකරන, එමෙන්ම කිසිදු රකුසු සිතිවිලි නොමැති අය, මිහිරිය. උසස් තත්ත්වයක් හිමි කරගන්නේ එම අයයි. පසුව වන්දනාවට පාත්‍ර වන්නේ ඔවුන්ය.

ඕම් ශාන්ති.
ජීවාත්මය, මෙම සිරුරේ පාලකයා බව, පියා මෙතැන අසුන්ගෙන විස්තර කරයි. ඔය දරුවන්ට දැන් දැනුම ලැබී තිබේ. එබැවින් ඔබ පළමුවෙන්ම මෙය වටහා ගත යුතුයි. ඔබ ජීවාත්ම බව, පළමුවෙන්ම වටහා ගන්න. සෑම ජීවයක්ම සිරුර තුළින් ක්‍රියාත්මක වී, ඔහුගේ චරිත කොටස රඟපායි. ඔවුන් සිටින්නේ ශරීර අවධානයෙන් නිසා, වෙනත් කිසිම මනුෂ්‍යයෙකුට මෙවන් සිතිවිලි ඇති වන්නේ නැත. ඔබ ජීවාත්මයක් බවත්, එය ඔබගේ ශරීරය බවත්, යන සිතිවිල්ලෙන් ඔබව මෙහි අසුන් ගන්වයි. ජීවාත්මයක් වන මම, පරම පියා, පරමාත්ම ජීවයේ දරුවෙක්මි. ඔබට මෙම ස්මරණය නැවත නැවතත් අමතක වෙයි. පළමුවෙන්ම මෙය සම්පූර්ණයෙන් සිහි කරන්න. මිනිසුන් වන්දනා ගමනක යන විට, ඔවුන්ට දිගින් දිගටම ඉදිරියට ගමන් කරන්නට යැයි කියයි. ඔබද, දිගින් දිගටම සිහිපත් කිරීමේ වන්දනා ගමනේ ඉදිරියට යා යුතුයි, එනම් සිහිපත් කළ යුතුයි. ඔබට සිහිපත් කිරීම නොමැති නම්, ඉන් කියැවෙන්නේ ඔබ වන්දනා ගමනේ නොයන බව සහ ඔබ ශරීර අවධානයෙන් සිටින බවයි. ශරීර අවධානය ඇති විට, එක් හෝ තව පාප කර්මයක් සිදුවෙයි. මනුෂ්‍යයින් සෑම විටෙකම පාපකර්ම සිදුකරනවා නොවෙයි. එය එසේ වූයේ නම් ඔවුන්ගේ ආදායම නතර වෙයි. එබැවින් හැකි පමණින් සිහිපත් කිරීමේ වන්දනා ගමනේ මන්දගාමී නොවන්න. තනිවම අසුන් ගන්න, දැනුමේ මහා සයුර කලඹා කරුණු උකහා ගන්න. ඔබ කෙතරම් වෙලාවක් බාබාගේ සිහිපත් කිරීමේ සිටිනවාද? මිහිරි දෙයක් ඉබේටම සිහිපත් වෙයි. මෙකල මනුෂ්‍යයින් දිගින් දිගටම එකිනෙකාට පාඩු සිදුකරන බව ඔය දරුවන්ට විස්තර කර තිබේ. බාබා ප්‍රශංසා කරන්නේ ගුරුවරුන්ට පමණයි, නමුත් එම ගුරුවරුන්ගෙන්ද ඇතැම් ගුරුවරුන් නරකයි. එසේ නැත්නම් ගුරුවරයෙක් යනු උගන්වන කෙනෙකි, ආචාරධර්ම උගන්වන කෙනෙකි. ධාර්මික සිතක් ඇති සහ යහපත් ස්වභාවයක් ඇති අයගේ හැසිරීම යහපත්ය. පියෙක් මත්පැන් ආදිය බොන්නේ නම්, ඔහුගේ දරුවන්ද එම ආශ්‍රයෙන් පැහැගැන්වෙනු ඇත. එයට නරක ආශ්‍රය යැයි කියයි, මන්ද එය රාවණගේ රාජධානිය බැවින්. රාමාගේ රාජධානිය අනිවාර්යෙන්ම තිබුණු නමුත්, එම ආශ්චර්යමත් මිහිරි දේවල් ගැන දන්නේ ඔය දරුවන් පමණයි - එය කෙසේ වීද, එමෙන්ම එය ස්ථාපනය වුණේ කෙසේද කියා. මෙසේ කියනු ලබයි මිහිරි, වඩා මිහිරි, වඩාත්ම මිහිරි පියාගේ සිහි කිරීමේ සිටීමෙන් පමණයි, ඔබ පිවිතුරු වී, අන් අයවත් පිවිතුරු කරවන්නේ. පියා නව ලෝකයට ඇතුළු වන්නේ නැත. ලෝකයේ මනුෂ්‍යයින්, සතුන්, ගොවිපළවල්, කෙත් ආදිය තිබේ. මනුෂ්‍යයින්ට සෑම දෙයක්ම අවශ්‍යයි. ග්‍රන්ථ වල සඳහන් කර ඇති, එකදු කෙනෙක්වත් ඉතිරි නොවන විනාශය වැරදියි. කිසිම විටෙක සම්පූර්ණ නිරුද්ධියක් සිදු වන්නේ නැත ලෝක චක්‍රය අඛණ්ඩව බ්‍රමණය වෙයි. ඔය දරුවන්, එහි ආරම්භයේ සිට අවසානය තෙක්, ඔබගේ අවධානයේ තබා ගත යුතුයි. මිනිසුන් විවිධ මාදිලියේ පිංතූර සිහි කරයි. ඔවුන් සියලුම මේලාවන් රැස්වීම් ආදිය සිහියේ තබාගනී. ඒ සෑම දෙයක්ම සීමිතයි. ඔබගේ සිහි කිරීම අසීමිත වන අතර ඔබගේ සතුටද අසීමිතයි එමෙන්ම ඔබගේ ධනයද අසීමිතයි. ඔහු අසීමිත පියා නොවේද? ඔබට සීමිත පියෙකුගෙන් ලැබෙන සෑම දෙයක්ම සීමිතයි. ඔබට අසීමිත පියාගෙන් අසීමිත සතුට ලැබෙයි. ධනය තුළින් සතුට ලැබෙයි. එහි අසීමිත ධනය ඇත. එහි සෑම දෙයක්ම සතෝප්‍රධාන්ය. ඔබ සතෝප්‍රධාන්ව සිටි බවත් ඔබ නැවතත් එය විය යුතු බවත් ඔබගේ බුද්ධියේ ඇත. මෙකල ඔබ එය දන්නවා. ඔබද අංක පිළිවෙලට මිහිරි, වඩා මිහිරි සහ වඩාත්ම මිහිරියි. බාබාට වඩා මිහිරි වන අය, උසස් තත්ත්වයක් හිමි කරගනී. බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරන අය වඩාත්ම මිහිරියි. පියාද වඩාත්ම මිහිරියි. සෑම කෙනෙක්ම ඔහුව සිහි කරන්නේ මේ නිසාය. මිහිරි වන්නේ පැණි සහ සීනි විතරක් නොවෙයි ඉන් කියැවෙන්නේ මනුෂ්‍යයින්ගේ හැසිරීම ගැනයි. විටෙක මෙසේ කියැවෙයි ’මේ කෙනා මිහිරි දරුවෙකි.‘ ස්වර්ණමය යුගයේ කිසිම රකුසු දෙයක් නැත. එවන් උසස් තත්ත්වයක් ලබා ගැනීමට, ඔබ නිසැකයෙන්ම මෙහිදී උත්සාහ දරන්නට ඇති. ඔබ දැන් නව ලෝකය දන්නවා. ඔබට, සතුටු දේශයේ නව ලෝකය, හෙට මෙහි තිබෙන්නා සේය. සාමය තිබුණේ කවදාද කියා මිනිසුන් නොදනී. ඔවුන් ලෝක සාමය අයදියි. ලොවෙහි සාමය තිබුණු බවත්, ඔබ දැන් නැවත වරක් එය ස්ථාපිත කරන බවත් ඔය දරුවන් දන්නවා. ඔබ මෙය සෑම කෙනෙකුටම පහදා දෙන්නේ කෙසේද? මිනිසුන්ට බොහෝ සෙයින් අවශ්‍ය දේවල් ගැන කරුණු, ඔබ උපුටා ගත යුතුයි. ඔවුන් ලෝක සාමය වෙනුවෙන් දිගින් දිගටම අයදින්නේ බොහෝ සේ අසාමය ඇති නිසාය. ඔවුන්ට ලක‍්ෂ්මි සහ නාරායන් ගේ පිංතූරය පෙන්වන්න. එය ඔවුන්ගේ රාජධානිය වූ සමයේ, ලොවෙහි සාමය තිබිණි. එයට දිව්‍ය ලෝකය, දේවතාවන්ගේ ලෝකය යැයි කීහ එහි ලෝකයේ සාමය තිබුණා. වසර 5000 කට පෙර හරියටම සිදුවූයේ කුමක්ද කියා කිසිවෙකු නොදනී. ප්‍රධානතම දෙය මෙයයි. සෑම තැනකම සිටින සියලුම ජීවයන් විමසන්නේ, ලොවෙහි සාමය තිබිය හැක්කේ කෙසේද කියාය. සියලුම ජීවාත්ම සාමය අයදින අතර ඔබ මෙහි සාමය ස්ථාපිත කිරීම සඳහා උත්සාහ දරමින් සිටිනවා. ලොවෙහි සාමය අවශ්‍ය අයට කියන්න, භාරතය පමණක් තිබුණු කල්හි, ලොවෙහි සාමය තිබුණු බව. භාරතය, දිව්‍ය ලෝකයව පැවති කල්හි, සාමය තිබුණු නමුත් එය දැන් අපායයි. දැනට පවතින අසංඛේය ආගම් නිසා, කලි යුගයේ අසාමය තිබේ එය මායාගේ රාජධානියයි. එය භක්තියේ පම්පෝරියද වෙයි. දවසින් දවස එය තව තවත් වැඩෙයි. මිනිසුන් මේලාවන්, රැස්වීම් ආදියට යන්නේ එහි අනිවාර්යෙන්ම යම් සත්‍යයක් තිබේ යැයි සිතමින්ය. එම දේවල් තුළින් කිසිම කෙනෙකුට පිවිතුරු විය නොහැකි බව ඔබ දැන් දන්නවා. කිසිම මනුෂ්‍යයෙකුට, ‘පාරිශුද්ධත්වයට පත් වන මාර්ගය‘ ඔබට පෙන්විය නොහැක. පාරිශුද්ධකරු වන්නේ පියාම පමණයි. තිබෙන්නේ එක් ලෝකයක් පමණයි එයට නව ලෝකය සහ පැරණි ලෝකය කියා සරළව කියයි. නව ලෝකයේදී නව භාරතය සහ නව දිල්ලිය තිබේ යැයි කියයි. එය නැවත වරක් අළුත් විය යුතු අතර එවිට එහි නව රාජධානියක් තිබෙයි. මෙහි, පැරණි ලෝකයේ තිබෙන්නේ පැරණි රාජධානියයි. පැරණි ලොව කුමක්ද එමෙන්ම නව ලෝකය කුමක්ද කියා දන්නේ ඔබ පමණයි. භක්තියේ බොහෝ ව්‍යාප්තිය තිබේ. එයට අවිද්‍යාව යැයි කියයි. දැනුමේ මහා සයුර වන්නේ ඒකායන පියා පමණයි. ඔබට ’රාමා, රාමා‘ කියා ජප කරන්නට හෝ මේ දේ හෝ අර දේ කරන්නට කියා පියා කියන්නේ නැහැ නැත. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත නැවතත් ඒ අන්දමින්ම සිදුවන ආකාරය ගැන ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. ආධ්‍යාත්මික දැනුම නම් මෙම අධ්‍යාපනය, ඔබ දැන් හදාරමින් සිටිනවා. කිසිම කෙනෙක් මෙහි අරුත නොදනී. දැනුමේ මහා සයුර කියන්නේ ඒකායන පියාට පමණයි. ඔහු ආධ්‍යාත්මික දැනුමින් පිරි පියාය. පියා කතා කරන්නේ ජීවාත්මයන්ටයි. පියා ඔබට උගන්වන බව ඔය දරුවන්ට වැටහෙනවා. මෙය ආධ්‍යාත්මික දැනුමයි. ’රුහානි දැනුම‘ යනු ආධ්‍යාත්මික දැනුමයි. පරම පියා, පරමාත්ම ජීවය, තිතක් බවත් ඔහු ඔබට උගන්වන බවත් ඔය දරුවන් දන්නවා. ජීවාත්ම වන අප ඉගෙන ගන්නවා. මෙය අමතක නොකරන්න. අපට ලැබෙන දැනුම අප ඉන්පසු වෙනත් ජීවාත්මයන්ට ලබා දෙනවා. ඔබ ජීවාත්මයක් බව සලකා, පියාගේ සිහිපත් කිරීමේ සිටින විට පමණයි, සිහිපත් කිරීම තිබිය හැකි වන්නේ. බොහෝ ජීව, සිහිපත් කිරීමේ දුර්වලය. ඔවුන් විගසින් ශරීර අවධානයට පත්වනවා. ඔබ ජීවාත්ම අවධානයට පත් වීමට පුහුණු විය යුතුයි. ජීවය වන මා, මෙම කෙනා සමඟ ගනු දෙනුවක් කරනවා. ජීවාත්මය වන මා ව්‍යාපාරයක් කරනවා. තමන් ජීවාත්මයක් බව සලකා, පියාව සිහිපත් කිරීමේ පමණයි යහපතක් තිබෙන්නේ. මා වන්දනා ගමනක යනවා යන දැනුම, මෙම ජීවාත්මයට තිබේ. ඔබ ක්‍රියා සිදු කළ යුතුයි. ඔබගේ දරුවන්, ව්‍යාපාරික කටයුතු ආදියද ඔබ බලාගත යුතුයි. ව්‍යාපාරික කටයුතු කරන අතර, ’මා ජීවාත්මයක්‘ කියා කෙනෙකුට සිහිපත් වන්නේ ඉතා අපහසුවෙනි. පියා පවසන්නේ කිසිම විටෙක වැරදි ක්‍රියා සිදු නොකරන්න. විශාලතම පාපය වන්නේ කාමයේ හැසිරීමයි. සෑම කෙනෙක්වම විශාල වශයෙන් කරදරයට පත් කරන්නේ මෙයයි. ඔය දරුවන් දැන් පිවිතුරු වන්නට, පොරොන්දුවක් වෙයි. මෙම පොරොන්දුවේ සිහිවටනය, රක‍්ෂා බන්දනයයි. මුල් දිනවල, රාඛියක වටිනාකම වූයේ සත කිහිපයක් පමණයි. බ්‍රහ්මණ පූජකයෙක් ගොස් රාඛි බැන්දේය. මේ දිනවල ඔවුන් බොහෝ නව මෝස්තර ඇති රාඛි සාදයි. ඇත්ත වශයෙන්ම රාඛි බලපැවැත්වෙන්නේ මේ කාලයටයි. ඔබ පියාට පොරොන්දු වනවා මම කිසිම විටෙක නැවතත් කාමයේ ගැලෙන්නේ නැහැ. මා ඔබගෙන් ලෝකයේ අධිපතියෙකු වීමේ මාගේ උරුමය හිමි කරගන්නෙමි. පියා පවසන්නේ ඔබ උපත් 63 ක් විෂ සාගරයේ ගිලෙමින් සිටියා. මා දැන් ඔබව ක‍්ෂීර සාගරයට රැගෙන යන්නෙමි. එවන් සාගරයක් සැබවින්ම නැත. එසේ කියන්නේ සැසඳීම සඳහා පමණයි. මා ඔබව ශිවාලයට (ශිව දේවාලයට) රැගෙන යන්නෙමි. එහි බොහෝ සතුට තිබේ. මෙය දැන් අවසන් උපතයි. ඕ ජීවාත්මයණි, පිවිතුරු වන්න! ඔබ පියාට ඇහුම්කන් දෙන්නේ නැද්ද? දෙවියන්, ඔබගේ පියා ඔබට පවසන්නේ සුමිහිරි දරුවනි, කාමයේ නොගැලෙන්න. බොහෝ උපත් ගණනාවක පාපයන්ගේ බර ඔබගේ හිස මත ඇත. ඒවා පුළුස්සා දැමිය හැක්කේ මා සිහිකිරීමෙන් පමණයි. පෙර චක්‍රයේද ඔබට මෙම ඉගැන්වීම් ලබා දුන්නා. ඔබ පියාව පමණක් දිගටම සිහිපත් කරනවා, යන සහතිකය ඔබ පියාට දුන් විට පමණයි, පියා ඔබට මෙම සහතිකය දෙන්නේ. ශරීරය පිළිබඳ අවධානය තව දුරටත් ඉතිරි නොවන තරමට, බොහෝ සේ පියාව සිහිපත් කරන්න. ඇතැම් සන්යාසීන් බ්‍රහම් පදාර්ථය ගැන දැනුම තිබෙන, බොහෝ දැඩි, ස්ථීර අයයි. ඔවුන්ද කොහේ හෝ තැනක අසුන් ගෙන සිටින අතරම තම සිරුරු අත්හැර යයි. මෙහි, පියා ඔබට විස්තර කරන්නේ, ඔබ ආපසු නිවහනට යා යුත්තේ ඔබ පිවිතුරු වීමෙන් පසුවයි. ඒ මිනිසුන් ඔවුන්ට අවශ්‍ය විටෙක තම සිරුරු හැර යයි. කෙසේවෙතත්, ඔවුන්ගේ සිරුරු හැර ගිය විට, ඔවුන් විමුක්තිය හෝ ජීවන මුක්තියට යනවා නොවෙයි නැත. ඔවුන් නැවතත් ආපසු මෙහි පැමිණිය යුතුයි, නමුත් ඔවුන් නිර්වාණයට ගිය බව, ඔවුන්ගේ අනුගාමිකයන් විශ්වාස කරයි. පියා විස්තර කරන්නේ එකදු ජීවාත්මයකටවත් ආපසු නිවහනට යා නොහැක එය නීතිය නොවෙයි. වෘක‍්ෂය අනිවාර්යෙන්ම වර්ධනය විය යුතුයි. ඔබ දැන් අසුන් ගෙන සිටින්නේ සංගම යුගයේය. අන් සියලුම මනුෂ්‍යයින් සිටින්නේ කලි යුගයේය. ඔබ දේවතා සමාජයේ කොටසක් බවට පත්වෙමින් සිටිනවා. ඔබගේ ආගමට අයත් අය, අඛණ්ඩව පැමිණෙයි. එහි දේවතාවන්ගේ පාරම්පරික වෘක‍්ෂය තිබේ. මෙහිදී, ඔවුන් වෙනස් වී හෝ වෙනත් ආගම් වලට හැරී ඇත. ඔවුන් නැවතත් මතු වෙයි. එසේ නැත්නම් එහි ඔවුන්ගේ හිදැස, පුරවන්නේ කවුද? ඔවුන් අනිවාර්යෙන්ම ඔවුන්ගේම හිදැස පිරවීමට නැවත මෙහි පැමිණෙයි. මේවා බොහෝ සියුම් කාරණාය. වෙනත් ආගම් වලට හැරී ඇති ඉතා හොඳ අය බොහොමයක්ද පැමිණෙයි. එබැවින් ඔවුන් තමන්ගේම තැනට ආපසු පැමිණෙයි. ඉස්ලාම් ආගමේ අයද ඔබ වෙතට පැමිණෙනවා. බොහෝ ප්‍රවේසම් විය යුතුයි. වෙනත් ආගම් වල බොහෝ දෙනෙක් මෙහි පැමිණෙන්නේ කෙසේද කියා පිරික්සීමට ඔවුන් (පොලීසිය) විගසින් පැමිණෙයි. හදිසි අවස්ථාවක් ඇති විට, ඔවුන් බොහෝ දෙනෙක් අල්ලා ගන්නා නමුත්, ඔවුන්ට මුදල් දුන් විට, ඔවුන්ව මුදවා හරියි. චක්‍රයකට පෙර සිදුවූයේ කුමක්ද කියා ඔබ දැන් දකියි. පෙර චක්‍රයන්හිද එය ඒ අයුරින්ම සිදුවිය. ඔබ දැන් සාමාන්‍ය මනුෂ්‍යයින් ගෙන් දේවතාවන් බවට, උසස් ජීව බවට පරිවර්ථනය වනවා. මෙය වඩාත්ම උසස් බ්‍රහ්මණ වංශයයි. මෙකල, පියා සහ දරුවන් ආධ්‍යාත්මික සේවයේ සිටියි. දුප්පතෙක් ධනවත් කිරීම, ආධ්‍යාත්මික සේවයයි. පියා යහපත ගෙන එයි. එබැවින් ඔය දරුවන්ද උදව් කළ යුතුයි. තව බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වන අය, බොහෝ ඉහළට නඟීවි. ඔය දරුවන් උත්සාහ දැරිය යුතුයි, නමුත් ඔබ කණස්සලු නොවිය යුතුයි, මන්ද වගකීම ඇත්තේ පියා මතයි. විශාල බලයකින් උත්සාහ දැරීමට, ඔබව දිරිගන්වයි. ඉන්පසුව ඔබ කුමන ඵලයක් ලැබුවත්, එය ඔබ පෙර චක්‍රයේ ලැබූ එයම බව වැටහෙනු ඇත. පියා, ඔය දරුවන්ට පවසන්නේ දරුවනි, කණස්සලු නොවන්න. සේවය සඳහා උත්සාහ දරන්න. දරුවන් මෙය බවට පත් නොවන්නේ නම්, පියා කුමක් කරන්නද? ඔබ කෙතරම් වෙහෙස වී උත්සාහ දැරුවත්, ඔවුන් මෙම වංශයට අයත් නොවන්නේ නම්, ඇතැම් අය ඔබගේ ඔළුව බොහෝ සෙයින්ද තවත් අය ඊට අඩුවෙන්ද කා දමයි. ඔවුන් විශාල වශයෙන් දුක් අත්විඳින විට, ඔවුන් සියල්ලන්ම පැමිණෙනු ඇතැයි බාබා කියා තිබේ. ඔබගේ කිසිවක් අපතේ නොයයි. ඔබගේ වගකීම වන්නේ නිවැරදි මාවත පෙන්වීමයි. ශිව බාබා පවසන්නේ මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යයි. දෙවියන් අනිවාර්යෙන්ම සිටින බව, මහා භාරත යුද්ධ සමයේද දෙවියන් සිටි බව, බොහෝ දෙනෙක් කියයි. කෙසේවෙතත්, එම සමයේ සිටියේ කුමන දෙවියන්ද කියා ඔවුන් ව්‍යාකූලත්වයට පත්ව සිටියි. එය ක්‍රිෂ්ණා විය නොහැක. ක්‍රිෂ්ණාට එම මුහුණුවරින්ම සිටිය හැක්කේ ස්වර්ණමය යුගයේ පමණයි. සෑම උපතකදී මුහුණුවර වෙනස් වෙයි. ලෝකය දැන් පරිවර්ථනය වනවා. දෙවියන්, පැරණි දේ අළුත් කරන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. යථා කාලයේදී ඔබගේ නාමය කීර්තිමත් වෙයි. ස්ථාපනය දැන් සිදුවෙමින් පවතිනවා. ඉන්පසුව විනාශය සිදුවී, ඔබ පාලනය කරනු ඇත. නව ලෝකය එක පසෙකත්, පැරණි ලෝකය අනෙක් පසින්ද පෙන්වන පිංතූරය ඉතාමත් හොඳයි. මෙසේ කියැවෙයි බ්‍රහ්මා මඟින් ස්ථාපනය, ශංකර් මඟින් විනාශය, නමුත් ඔවුන්ට කිසිම දෙයක් නොවැටහෙයි. ප්‍රධානතම පිංතූරය, ත්‍රිමූර්තියයි. උසස්ම උසස් වන්නේ ශිව බාබාය. බ්‍රහ්මාගේ මාර්ගයෙන් ශිව බාබා ඔබට සිහිපත් කිරීමේ වන්දනා ගමන, උගන්වන බව ඔබ දන්නවා. බාබා සිහිකරන්න. ’යෝගා‘ යන වචනය, අපහසු බව දැනෙයි. ’සිහි කිරීම‘ යන වචනය ඉතාමත්ම පහසුයි. ’බාබා‘ යන වචනය බොහෝ සේ ආදරණීයයි. ලෝකයේ ආධිපත්‍යය අපට ලබා දෙන පියාව සිහිපත් කිරීමට ජීවාත්ම වන අපට නොහැකි වීම ගැන ඔබම ලජ්ජාවට පත් වෙයි! ඔබටම ලැජ්ජා සිතෙයි. පියාද පවසන්නේ ඔබ මෝඩයි! ඔබට පියාව සිහිපත් කිරීමට නොහැකි නම්, ඔබගේ උරුමය ඔබ හිමි කරගන්නේ කෙසේද? ඔබගේ පාපයන් දුරු වන්නේ කෙසේද? ඔබලා ජීවාත්ම වන අතර, මා ඔබගේ සදාතනික, පරම පියා, පරමාත්ම ජීවයයි. ඔබට පිවිතුරු වී සතටු දේශයට යෑමට අවශ්‍ය නම්, ශ්‍රීමත් පිළිපදින්න. ඔබගේ පියා වන මා සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. ඔබ මා සිහිපත් නොකරන්නේ නම්, ඔබගේ පාපයන් දුරු වන්නේ කෙසේද? අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම අන්දමකින්ම උත්සාහ දරන්න, කිසිම දෙයක් ගැන කණස්සලු නොවන්න, මන්ද, පියාම අපට වගකියන බැවින්. අපගේ කිසිම දෙයක් අපතේ නොයයි.

2. පියා මෙන් බොහෝ සේ මිහිරි වන්න. බොහෝ දෙනෙකුට යහපත සළසන්න. මෙම අවසන් උපතෙදී අනිවාර්යෙන්ම පිවිතුරු වන්න. ව්‍යාපාරික කටයුතු ආදිය සිදුකරන අතර මෙසේ පුහුණු වන්න: මා ජීවාත්මයක්.

වරදානය:
ඔබේ පවුලේ ව්‍යාප්තියෙහි රැඳී සිටින අතරතුර, ඔබේ සුරදූත ස්වරූපය පෙන්වමින් ඔබ දෘෂ්ටිය ලබා දෙන ප්‍රතිමාවක් වේවා.

ඔබේ ගෘහය ප්‍රසාරණය වන අතරතුර, එම ප්‍රසාරණය ඒකාබද්ධ කිරීමට පුරුදු වී ඉන් ඔබ්බට රැඳී සිටින්න. එක් මොහොතක්, ඔබේ භෞතික කාර්යයන් ඉටු කර ඊළඟ මොහොතේ, අශාරීරික වන්න. මෙම පුහුණුව ඔබේ සුරදූත ස්වරූපය පෙන්වනු ඇත. ඔබ ඉහළම ස්තිථියේ සිටීමෙන්, සුළු තත්ත්වයන් රළු ආකාරයකින් අත්විඳිනු ඇත. ඉහළින් සිටීමෙන්, ඔබ පහත් වීමෙන් නිදහස් වනු ඇත; ඔබ වෙහෙසීමෙන් බේරෙනු ඇත. කාලය ඉතිරි වන අතර වේගවත් සේවය සිදුවනු ඇත. ඔබේ බුද්ධිය කෙතරම් පුළුල් හා අසීමිත වනු ඇත්ද යත්, ඔබට එකවර බොහෝ කාර්යයන් ඉටු කිරීමට හැකි වනු ඇත.

පාඨය:
නිරන්තරයෙන් සතුටින් සිටීම සඳහා, මෙම ඥානයේ තෙල් ජීවාත්මයේ පහනට වත් කිරීම දිගටම කරගෙන යන්න.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

පරමාත්ම පියා ඔහුගේ දරුවන්ට ඉතාමත් සෙනෙහසක් දක්වයි, එනිසයි ඔහු පවසන්නේ : දරුවනි, ඔබ කුමක් වුවද, කෙසේ වුවද, ඔබ මගේයි. ඒ ආකාරයෙන්, සෙනෙහසේ සාගරය තුළ ගිලී සිටින අතරතුර ඔබේ හදවතෙන් කියන්න: “බාබා, ඔබ කුමක් වුවත්, මට සියල්ලම ඔබමයි!” මුසාවේ රජදහනේ කිසි දෙයකට ආකර්ෂණය නොවන්න. පියා ඔය දරුවන්ට ඔබගේ උසස් භාග්‍යයේ රේඛාව ඇඳගන්නට පෑනක් දී තිබෙනවා: මෙමගින් ඔබට රිසි පරිදි ඔබේ භාග්‍යයේ රේඛාව ඔබට ඇඳගත හැක.

විශේෂ දැනුම්දීම:
බාබාගේ ශ්‍රීමත් වලට අනුව, මුරලි වූ කලී බාබාගේ දරුවන් සඳහා පමණි, රාජ යෝග පාඨමාලාව හදාරා නැති ජීවාත්මයන් සඳහා නොවේ. එබැවින්, සියලුම උපකරණ ගුරුවරුන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන් අපි නිහතමානීව ඉල්ලා සිටින්නේ බාබාගේ සකාර් මුරලි ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය පටිගත කිරීම් YouTube, Facebook, Instagram හෝ ඕනෑම what's app කණ්ඩායමක පළ නොකරන ලෙසයි.