06.09.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ඉගෙනුම ඔබගේ ආදායම් මාර්ගයයි. මෙම ඉගෙනුම තුළින් ඔබ උපත් 21කට ආදායමක් පිළියෙල කරගනී.

ප්‍රශ්නය:
විමුක්ති දේශයට යාම, පාඩුවක්ද ලාභයක්ද?

පිළිතුර:
බැතිමතුන්ට එය ආදායමක්, මන්ද, කල්ප භාගයක් ඔවුන් සාමය අයදමින් හිඳ ඇත. බොහෝ උත්සාහ දැරීමෙන් අනතුරුවත් ඔවුන්ට සාමය හමු වී නැහැ. ඔවුන්ට දැන් පියාගෙන් සාමය ලැබීමට තිබේ, එනම්, ඔවුන් විමුක්ති දේශයට යයි. ඉතිං කල්ප භාගයක ඔවුන්ගේ උත්සාහයන්වල ඵලය එයයි. එයත් පාඩුවක් නොව ආදායමකි යැයි කියන්නේ ඒ නිසයි. ඔය දරුවන් උත්සාහ දරන්නේ ජීවන-මුක්ති දේශයට යාමටයි. මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය දැන් ඔබගේ බුද්ධිය තුළ නර්ථනය කරමින් තිබේ.

ඕම් ශාන්ති.
සෑම දෙයක්ම වැටහෙන්නේ ජීවයට බව, ආධ්‍යාත්මික පියා, ඔය මිහිරිතම දරුවන්ට විස්තර කර දී තිබේ. මෙකල පියාට, ඔය දරුවන්ව ආධ්‍යාත්මික ලෝකයට ගෙන යාමට තිබේ. එය ආධ්‍යාත්මික දේවතා ලෝකය ලෙස හැඳින්වෙන අතර මෙය භෞතික ලෝකය, මනුෂ්‍ය ලෝකය ලෙස හැඳින්වෙයි. මනුෂ්‍යයන් දැන් අපවිත්‍රයි, ඔවුන් එම දේවතාවන්ව ප්‍රශංසා කරමින් ඔවුන්ව වන්දනා කරන්නේ ඒ නිසයි. වෘක‍්ෂයේ, ප්‍රථමයෙන් එක් ධර්මය පමණක් තිබෙන බවට අවධානය, ඔබට තිබේ. ඔබ බහු-රූපි පිළිරුව විස්තර කරන විට, ඔබ වෘක‍්ෂයේ පිංතූරයද විස්තර කළ යුතුයි. මෙම වෘක‍්ෂයේ බීජය තිබෙන්නේ උඩ ඉහළය. පියා, වෘක‍්ෂයේ බීජයයි. බීජය කෙබඳුද, ඵලය, එනම් ඉන් මතුවන පත්‍රද එවැනිය. මෙයත් විශ්මයකි. එතරම් කුඩා දෙයක් බොහෝ ඵල ලබා දෙයි! එහි ස්වරූපය දිගින් දිගටම බොහෝ වෙනස් වෙයි. කිසිවෙක් මෙම මනුෂ්‍ය වෘක‍්ෂය නොදනී. මෙය කල්ප වෘක‍්ෂය ලෙස හැඳින්වෙයි. මේ ගැන සඳහන් වී ඇත්තේ ගීතාවේ පමණයි. ගීතාව, අංක එකේ ධර්මයේ ග්‍රන්ථය බව සෑම කෙනෙක්ම දන්නවා. ආගම් අංක පිළිවෙලට ස්ථාපිත වන ආකාරයෙන්ම ආගමික ග්‍රන්ථද අංකානුරූපයි. මෙය වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි. වෙනත් කිසිවෙකුට මෙම දැනුම නැත. වෘක‍්ෂයේ ප්‍රථමයෙන් තිබෙන්නේ කුමන ධර්මයද, ඉන්පසුව අනෙක් ආගම් වර්ධනය වන්නේ කෙසේද කියා ඔබගේ බුද්ධියේ තිබේ. මෙය මහා නාටකය ලෙස හැඳින්වෙයි. මුළු වෘක‍්ෂයම ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. ප්‍රධාන දේ වන්නේ, වෘක‍්ෂය වැඩෙන්නේ කෙසේද යන්නයි. දේවතා කඳ දැන් නොපවති. සියලුම අතු රිකිලි තවමත් එහි ඍජුව තිබෙන නමුත් ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ අත්තිවාරම නොපවති. ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය වී, අනෙක් සියලුම ආගම් විනාශ වන බව සිහිකර තිබේ. දේවතා වෘක‍්ෂය ඉතා කුඩා වන බව ඔබ දැන් දන්නවා. එකල්හි අනෙක් කිසිදු ආගමක් නොතිබෙයි. වෘක‍්ෂය ආරම්භයේදි කුඩා වන අතර පසුව එය නොකඩවා වර්ධනය වෙයි. එය ක්‍රම-ක්‍රමයෙන් වර්ධනය වී, දැන් බොහෝ විශාල වී ඇත. එහි ආයුෂ දැන් අවසන්ය. මෙය විස්තර කිරීමට නුග ගසේ නිදසුන ඉතා හොඳයි. ගීතාවේ දැනුම වන්නේද මෙයයි. පියා මෙහි අසුන්ගෙන ඔබට පෞද්ගලිකවම මෙය පවසන අතර එය තුළින් ඔබ රජුන්ගෙත් රජවරු බවට පත් වෙයි. පසුව භක්ති මාර්ගයේදි ගීතා ග්‍රන්ථය ආදිය, නැවතත් ලියැවෙයි. මෙම නාටකය සදාතනිකව පෙර නියම වූවකි. එයම නැවත නැවතත් සිදුවෙයි. පසුව කුමන ආගම ස්ථාපිත වුවද, එයටම අයත් ග්‍රන්ථය තිබෙයි. සීක් ආගමට එයටම අයත් ග්‍රන්ථය තිබෙන අතර ක්‍රිස්තියානුවන්ට සහ බෞද්ධයින්ට තමන්ගේම ග්‍රන්ථ තිබෙයි. මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය, දැන් ඔබගේ බුද්ධිය තුළ නර්ථනය කරයි. බුද්ධිය, දැනුමේ නර්ථනය, නටයි. ඔබ මුළු වෘක‍්ෂය ගැන මෙන්ම ආගම් පැමිණෙන්නේ කෙසේද, වෘක‍්ෂය වැඩෙන්නේ කෙසේද සහ ඉන්පසුව එක් ධර්මය ස්ථාපිත වී අන් සියල්ලම විනාශ වන්නේ කෙසේද කියා දන්නවා. ඔවුන් ගයන්නේ දැනුමේ සූර්යයා පායන විට... දැන් සම්පූර්ණ අන්ධකාරය තිබේ. දැන් බොහෝ මනුෂ්‍යයන් සිටින නමුත් එකල්හි ඔවුන් සියලු දෙනාම මෙහි නොසිටියි. ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායන්ගේ රාජධානියේ සිටියේ නැත. එක් ධර්මය නැවත වරක් ස්ථාපිත විය යුතුයි. පැමිණ මෙම දැනුම පවසන්නේ පියා පමණයි. ඔය දරුවන් පැමිණ, ආදායමක් උපයා ගැනීම සඳහා බොහෝ දැනුම හදාරයි. පියා, ගුරුවරයා විලසින් මෙහි පැමිණෙන බැවින් කල්ප භාගයකට ඔබගේ ආදායම වෙනුවෙන් පිළිවෙලක් සකස් කෙරෙන අතර ඔබ බොහෝ ධනවත් වෙයි. ඔබ දැන් ඉගෙනගන්නා බව ඔබ දන්නවා. මෙය අවිනාශී ඥානයේ මුතු මැණික් වල ඉගෙනුමයි. භක්තිය, අවිනාශී ඥාන මුතු මැණික් බව නොකියයි. භක්ති මාර්ගයේ ඔවුන් ඉගෙන ගන්නා කුමකින් වුවත් තිබෙන්නේ පාඩුවක්ම පමණයි ඔවුන් මුතු මැණික් වන්නේ නැත. ඥාන මුතු මැණික්වල සාගරය ලෙස හැඳින්වෙන්නේ ඒකායන පියා පමණයි. අනෙක භක්තියයි. එහි කිසිදු අරමුණක් හෝ ඉලක්කයක් නැත. එහි ආදායමක් නැත. ඔවුන් පාසැලේ ඉගෙන ගන්නේ ආදායමක් උපයා ගැනීමටයි. පසුව භක්තියේ යෙදීමට ඔවුන් ගුරූ කෙනෙක් කරා යයි. සමහරු තරුණ වියේ ගුරූ කෙනෙක් හදාගන්නා අතර තවත් සමහරු තම මහළු වියේදි ගුරූ කෙනෙක් හදාගනී. ඇතැමුන් තරුණ වියේදි අත්හැරීම සිදුකරයි. බොහෝ මිනිසුන් කුම්භ මේලාවට යයි. සත් යුගයේ ඒ කිසිවක් නොතිබෙයි. ඔය දරුවන්ගේ අවධානයේ දැන් මේ සියලුම දේවල් තිබේ. ඔබ දැන් නිර්මාණකරු සහ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන දන්නවා. ඔවුන් චක්‍රයේ කාල වකවානුව දීර්ඝ කර ඇත. දෙවියන් සර්ව ව්‍යාප්ත බව ඔවුන් පවසා තිබේ. ඔවුන්ට කිසිදු දැනුමක් නොමැත. පියා පැමිණ, ඔබව අවිදු නින්දෙන් අවදි කරවයි. ඔබ දැන් නොකඩවා දැනුම ධාරණය කරගන්නවා. ඔබගේ බැටරි නොකඩවා චාජ් වෙනවා. දැනුම තුළින් ආදායමක් තිබෙන අතර භක්තිය තුළින් පාඩුවක් ඇතිවෙයි. ඔබගේ පාඩු ලැබීමේ කාලය අවසන් වන විට, ආදායමක් උපයා ගැනීමට ඔබව දිරිගැන්වීම සඳහා පියා පැමිණෙයි. මුක්තියට යාමද ආදායමකි. සියලු දෙනාම දිගින් දිගටම සාමය ඉල්ලයි. ’අහෝ සාමය පිරිනමන්නා‘ කියා පවසන අතර, ඔවුන්ගේ බුද්ධිය යන්නේ පියා වෙතටයි. ඔවුන් පවසන්නේ ලෝකයේ සාමය තිබිය යුතු බවයි, නමුත් එය සිදුවන්නේ කෙසේද කියා කිසිවෙක් නොදනී. සාම දේශය, සතුටු දේශයෙන් වෙනස්ය. ඔවුන් එයවත් නොදනී. අංක එකට සිටි කෙනා පවා කිසිවක් දැන සිටියේ නැත. ඔබට දැන් සියලුම දැනුම තිබේ. මෙම කර්ම ක‍්ෂේත්‍රයේ ඔබගේ චරිත කොටස් රඟපෑමේ රංගනය සිදු කිරීමට, ඔබ මෙහි පැමිණ ඇති බව ඔබ දන්නවා. ඔබ පැමිණියේ කොහේ සිටද? බ්‍රහම්ලෝකයේ සිට. ඔබ අශාරීරික ලෝකයේ සිට ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා මෙම භෞතික ලෝකයට පැමිණියා. ජීවාත්ම වන අප, වෙනත් ස්ථානයක නිවැසියන්ය. පංච මහා භූතයන්ගෙන් සැදි මෙම සිරුරු මෙහි ඉතිරි වෙයි. අපට කතා කිරීමට හැකි වන්නේ අපට සිරුරු ඇති විට පමණයි. අප ජීවමාන නළුවන්ය. මෙම නාටකයේ මුල, මැද සහ අවසානය ගැන ඔබ නොදන්නා බව, ඔබ තව දුරටත් නොකියයි. පෙර ඔබ එය දැන සිටියේ නැහැ. ඔබ ඔබගේ පියාව, ඔබගේ නිවහන හෝ ස්වරූපය නිවැරදිව දැන සිටියේ නැත. ජීවාත්ම තම චරිත කොටස් නොකඩවා රඟපාන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. ඔබට මෙය සිහි වී තිබේ. පෙර ඔබට මෙය සිහි වූයේ නැත. ඔබව සත්‍ය දේශයේ අධිපතියන් බවට පත් කරවන සත්‍යය, ඔබට පවසන්නේ, සත්‍ය පියා පමණක් බව, ඔබ දන්නවා. ඔවුන් සත්‍යය ගැන සීක් ග්‍රන්ථයේ කොටසක් වන, සුක්මනියේ (සාම ගීතිකාව) ලියා ඇත. සත්‍ය දේශය, සත්‍යය ලෙස හැඳින්වෙයි. සියලුම දේවතාවන්, සත්‍යය කතා කරන අයයි. ඔබට සත්‍යය කියා දෙන්නේ පියාය. බලන්න, ඔහුව කෙතරම් වර්ණනා කෙරෙනවාද කියා! සිහි කර ඇති ඔහුගේ වර්ණනාව ඔබට ප්‍රයෝජනවත්ය. මිනිසුන් ශිව බාබාව වර්ණනා කරනවා. වෘක‍්ෂයේ මුල, මැද සහ අවසානය දන්නේ ඔහු පමණයි. පියා ඔබට සත්‍යය පවසයි, එබැවින් ඔය දරුවන් සත්‍යවාදි වෙයි. සත්‍ය දේශයද නිර්මාණය කෙරෙනවා. භාරතය, සත්‍ය දේශය විය. සියලු දෙනාටම විමුක්තිය පිරිනමන පියා පැමිණෙන්නේ භාරතයේ පමණක් බැවින්, අංක එකේ, උසස්ම-උසස් වන්දනා ස්ථානය, මෙයයි. ඒකායන ධර්මය ස්ථාපනය කර, අන් සියල්ල විනාශ වෙයි. සූක‍්ෂම දේශයේ කිසිවක් නොමැති බව, පියා ඔබට විස්තර කර දී තිබේ. ඒ සියලුම දේවල් මිනිසුන්ට ලැබෙන දර්ශන පමණයි. ඔවුන්ට භක්ති මාර්ගයේද දර්ශන ලැබෙයි. දර්ශන නොමැතිව ඒ දේවාල ආදි සියල්ල ගොඩ නැගුනේ කෙසේද? වන්දනා කිරීම සිදුවන්නේ ඇයි? ඔවුන්ට දර්ශන ලැබී, එම ජීව, ජීවමාන ස්වරූපයෙන් සිටින බව, ඔවුන්ට හැඟෙයි. පියා විස්තර කරන්නේ භක්ති මාර්ගයේ ගොඩනඟන සියලුම පූජනීය ස්ථාන ආදිය, ඔබ දැක ඇති සහ අසා ඇති සියලුම දේවල්, නැවතත් ඒ ආකරයෙන්ම සිදුවෙයි. චක්‍රය අඛණ්ඩව භ්‍රමණය වෙයි. දැනුම සහ භක්තියේ නාටකය, නිර්මාණය කර තිබේ. සෑම විටම පැවසෙන්නේ දැනුම, භක්තිය සහ නිරාශාව. කෙසේවෙතත් ඔවුන් කිසිදු විස්තරයක් කොහෙත්ම නොදනී. දැනුම දහවල බවත් භක්තිය රාත්‍රිය බවත්, පියා මෙහි අසුන්ගෙන පැහැදිලි කරදෙයි. නිරාශාව රාත්‍රියේ තිබෙන අතර ඉන්පසුව එය දහවල වෙයි. භක්තියේ දුක තිබේ, එහි නිරාශාව තිබෙන්නේ ඒ නිසයි. සතුට තුළ නිරාශාව ඇති බව ඔබට කිව නොහැක. අතහැරීම සිදුකරන්නේද දුක නිසයි. පිවිතුරු බව තුළ සතුට ඇති බව ඔවුන් විශ්වාස කරයි. ඔවුන් තම භාර්යාවන් අතහැර පිටව යන්නේ ඒ නිසයි. වර්තමානයේ ඔවුන් ධනවතුන්ද වී ඇත, මන්ද ධනය නොමැතිව කෙනෙකුට සතුට ලබා ගත නොහැක. මායා ඔවුන්ට පහර දී ඔවුන්ව වනාන්තර වලින් නැවතත් නගරයට ගෙන එයි. විවේකානන්ද සහ රාමක්‍රිෂ්ණා අතීතයේ විසූ ශ්‍රේෂ්ඨ සන්යාසීන් දෙදෙනෙකි. රාමක්‍රිෂ්ණාට, අතහැරීමේ බලය තිබුණු නමුත් භක්තිය පිළිබඳ සෑම දෙයක්ම විස්තර කර, එය ක්‍රියාත්මක කළේ විවේකානන්දයි. ඔවුන් දෙදෙනාටම ආගමික ග්‍රන්ථ තිබේ. කෙනෙක් පොතක් ලියන විට ඔහු සම්පූර්ණ සිතේ ඒකාග්‍රතාවයෙන් අසුන්ගෙන සිටියි. රාමක්‍රිෂ්ණා තම චරිත කතාව ලියන විට, ඔහුගේ අනුගාමිකයාට ගොස් ඈතින් අසුන් ගැනීමට කියා ඔහු පැවසීය. ඔහු බොහෝ ප්‍රසිද්ධියට පත් වූ ඉතා දැඩි සන්යාසී කෙනෙක් විය. ඔබගේ බිරිඳට, ඔබගේ මව කියා ඇමතිය යුතු බව, පියා නොකියයි. පියා පවසන්නේ ඇයද ජීවාත්මයක් බව සලකන්න. සියලුම ජීවාත්ම සහෝදරයන්ය. සන්යාසීන්ගේ කාරණාව වෙනස්ය. ඔහු (රාමක්‍රිෂ්ණා) තම භාර්යාව, ඔහුගේ මව බව සැලකූහ. ඔහු තම මවව ප්‍රශංසා කළා. මෙය, දැනුමේ මාවතයි. නිරාශාව වෙනම දෙයකි. නිරාශාව නිසා ඔහු තම භාර්යාව තම මව බව සැලකූහ. ’අම්මා‘ යන වචනය භාවිත කරන විට, සාපරාදී ඇසක් තිබිය නොහැක. සහෝදරිය යන සම්බන්ධතාවයෙන් සාපරාදී දැක්මක් තිබිය හැක. මවක් පිළිබඳ කිසිම විටෙක නරක සිතිවිල්ලක් ඇති නොවෙයි. පියෙකුට තම දියණිය පිළිබඳ සාපරාදි සිතිවිලි තිබිය හැකි නමුත් මවක් පිළිබඳව කිසිම විටෙක කිසිදු සාපරාදි සිතිවිල්ලක් ඇති නොවෙයි. එබැවින් එම සන්යාසී තම බිරිඳව, තම මව ලෙස සැලකීම ආරම්භ කළා. ඔහු සම්බන්ධව ඔවුන් මෙසේ විමසන්නේ නැහැ ලෝකය පවතින්නේ කෙසේද? නිර්මාණය සිදුවන්නේ කෙසේද? එය නිරාශාව තිබුණු එක පුද්ගලයෙක් වූ අතර ඔහු තම බිරිඳ, තම මව බව සැලකූහ. බලන්න, ඔහුව කෙතරම් වර්ණනා කෙරෙනවාද! මෙහි, සහෝදරයා සහ සහෝදරිය යන අවධානය තුළින් වුවත් බොහෝ දෙනෙකුගේ ද්‍රිෂ්ඨිය ඇදි යයි. බාබා මෙසේ පවසන්නේ ඒ නිසයි තමන් සහෝදරයන් බව සලකන්න. මෙය දැනුම පිළිබඳ කාරණයක්. එය, එක පුද්ගලයෙක් පමණක් පිළිබඳ කරුණක්. මෙහි ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන බොහෝ සහෝදර සහෝදරියන් සිටියි. පියා මෙහි අසුන් ගෙන ඔබට සෑම දෙයක්ම විස්තර කර දෙයි. මේ කෙනාද ආගමික ග්‍රන්ථ ආදිය හදාරා තිබේ. හුදකලා මාවතේ එම ආගම, වෙනම එකකි. එය පිරිමීන් සඳහා පමණයි. එය සීමිත නිරාශාව වන අතර ඔබට මුළු අසීමිත ලෝකය පිළිබඳවම නිරාශාවක් තිබේ. පියා සංගම යුගයෙදි පමණක් පැමිණ ඔබට අසීමිත දේවල් පහදා දෙයි. ඔබ තුළ දැන් මෙම පැරණි ලෝකය කෙරෙහි නිරාශාවක් තිබිය යුතුයි. මෙය බොහෝ අපිරිසිදු සහ අපවිත්‍ර ලෝකයකි. මෙහි සිරුරු පිවිතුරු විය නොහැක. ජීවාත්මයන්ට පිවිතුරු සිරුරු ලැබෙන්නේ සත් යුගයෙදි පමණයි. මෙහිදි ජීවාත්මය පිවිතුරු වන නමුත්, ඔහුගේ කර්මතීට් තත්ත්වයට ලඟා වන තුරු, ඔහුගේ සිරුර අපවිත්‍රව රැඳී තිබෙයි. රත්රන් වලට වෙනත් ලෝහ මිශ්‍ර වූ විට එයින් සාදන ආභරණද ලෝහ සමග මිශ්‍රයි. වෙනත් ලෝහ ඉවත් කළ විට, ආභරණද සැබෑ රනින් තිබෙයි. ලක‍්ෂ්මි සහ නාරායන්ගේ ජීවාත්ම සහ සිරුරු යන දෙකම සතෝප්‍රධාන්ය. ඔය ජීවාත්ම සහ ඔබගේ සිරුරු, යන දෙකම තමෝප්‍රධාන් සහ අවලස්සණයි. රාග චිතකය මත අසුන් ගැනීමෙන් ජීවාත්ම අවලස්සණ වී ඇත. පියා පවසන්නේ මා පැමිණ, ඔබව අවලස්සණ බවින් ලස්සණ කරවනවා. මේ සියල්ල දැනුමේ කාරණාය ජලය ආදිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. සියලු දෙනාම රාග චිතකය මත අසුන් ගැනීමෙන් අවලස්සණ වී ඇත. එබැවින් ඔබට පිවිතුරු වීමට පොරොන්දුවක් වීම සඳහා, රාඛියක් බඳියි. පියා පවසන්නේ මා කතා කරන්නේ ජීවාත්මයන්ටයි. මා ජීවාත්මයන්ගේ පියාය, ඔබ නොකඩවා මෙසේ සිහිකරමින් සිටි ඒකායන කෙනාය බාබා පැමිණ, අපව සතුටු දේශයට ගෙන යන්න! අපගේ දුක නැති කරන්න! කලි යුගයේ අසීමිත දුක තිබේ. පියා විස්තර කරන්නේ ඔබ රාග චිතකයේ අසුන් ගැනීමෙන් අවලස්සණ සහ තමෝප්‍රධාන් වී ඇත. මා දැන් පැමිණ සිටින්නේ ඔබව රාග චිතකයෙන් ඉවත් කර, දැනුම චිතකය මත අසුන් ගැන්වීමටයි. ඔබ දැන් පිවිතුරු වී දෙව්ලොව යා යුතුයි. ඔබ පියා සිහි කළ යුතුයි. පියා ඔබව ඇද ගනී. යුවලක් බාබා වෙතට පැමිණි විට, ඔවුන්ගෙන් එක්කෙනෙකුට එම ආකර්ෂණය දැනුනු අතර අනෙකාට එය නොදැනුනි. සැමියා සැනෙකින් පැවසුවේ, ’මා මෙම අවසන් උපතේදි පිවිතුරු වී, රාග චිතකය මතට නොනැඟ සිටින්නම්.‘ ඉන් අදහස් වන්නේ විශ්වාසය තිබුණු බව නොවෙයි. විශ්වාසය තිබුණේ නම්, ඔවුන් අසීමිත පියාට ලිපියක් ලියා, සම්බන්ධකමක් පවත්වා ගනී. ඔවුන් පිවිතුරුව රැඳී සිටින නමුත් ඔවුන් තමන්ගේම ව්‍යාපාරයේ මුළුමනින්ම ගිලී සිටින බව, බාබාට අසන්නට ලැබුණා. ඔවුන් පියාගේ සිහිපත් කිරීමේ කොහෙත්ම නොසිටියි. ඔබ එවන් පියෙක්ව බොහෝ සිහි කළ යුතුයි. සැමියා සහ බිරිඳට එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහස තිබේ. බිරිඳක් බොහෝ සෙයින් ඇගේ සැමියා සිහි කරයි! වැඩියෙන්ම සිහි කළ යුත්තේ අසීමිත පියාවයි. මෙවන් ගීතයකි ඔබ මට සෙනෙහස පෑවත්, ප්‍රතික‍්ෂේප කළත්, මා කිසිදින ඔබගේ අත අත් නොහරිමි. ඔබ මෙහි පැමිණ ජීවත් විය යුතු නැහැ. එය අත්හැරීම වෙයි. ඉන් අදහස් වන්නේ ඔබ ඔබගේ පවුල සහ නිවස අතහැර පැමිණ, මෙහි සිටින බවයි. ඔබට පවසා තිබෙන්නේ ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරමින් පිවිතුරු වන්න. ආරම්භයේ මෙම උදුන (බත්තිය) නිර්මාණය කිරීමට සිදුවුනේ එය මඟින් බොහෝ දෙනෙක් ගොස් සේවය කිරීමට සුදානම් වූ නිසයි. ඔවුන් ගැන ඉතා හොඳ කතාපුවතක් තිබේ. පියාට අයත් වී එහි යග්යාවේ සිටි මුත්, කිසිදු ආධ්‍යාත්මික සේවයක් නොකළ අය, ගොස් සේවකයන් සහ දාසයන් වෙයි. ඔවුන්ට අවසානයේ තම උත්සාහයන් වලට අනුව අංක පිළිවෙලට, කිරුලක් ලැබෙයි. ඔවුන්ගේ වංශද තිබේ ඔවුන්ට පුරවැසියන්ගේ කොටසක් විය නොහැක. පිටත පුද්ගලයෙකුට ඇතුලෙහි කෙනෙක් විය නොහැක. වල්ලභචාරි නිකායට අයත් අය, පිටත අයට කිසි විටෙක ඇතුලට පැමිණීමට අවසර නොදෙයි. මේ සියලු කාරණා වටහාගත යුතුයි. දැනුම, තත්පරයක දෙයකි. එබැවින් පියා, දැනුමේ සාගරය ලෙස හැඳින්වෙන්නේ ඇයි? ඔහු දිගටම ඔබට විස්තර කරන අතර අවසානය දක්වාම ඔබට අඛණ්ඩව විස්තර කරයි. රාජධානිය ස්ථාපිත වූ විට, ඔබ ඔබගේ කර්මතීට් ස්ථීතියට ලඟා වෙයි. එවිට දැනුම අවසන් වෙයි. එය තත්පරයක කාරණයක් පමණයි, එනමුත් එය විස්තර කළ යුතුව තිබේ. ඔබට සීමිත පියෙකුගෙන් සීමිත උරුමයක් හිමි වන අතර අසීමිත පියා ඔබව ලෝකයේ අධිපතියන් බවට පත් කරවයි. ඔබ සතුටු දේශයට යන අතර ඉතිරි සියලු දෙනාම සාම දේශයට යයි. එහි තිබෙන්නේ සතුටම හැර වෙනත් දෙයක් නොවෙයි. පියා පැමිණ ඇති අතර, රාජයෝගාව හැදෑරීමෙන්, අප නව ලෝකයේ අධිපතියන් වෙන බවට සහතිකය අපට තිබේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම අපිරිසිදු සහ අපවිත්‍ර ලෝකය කෙරෙහි අසීමිත නිරාශාවක් ඇති කර, ජීවාත්මය පිවිතුරු කරගැනීමට සම්පූර්ණයෙන් උත්සාහ දරන්න. එක් පියාට පමණක් ආකර්ෂණය වී සිටින්න.

2. දැනුම ධාරණය කරගැනීමෙන් ඔබගේ බැටරිය චාජ් කරගන්න. ඥාන මිණි මුතු වලින් තමන්ව ධනවත් කරගන්න. දැන් එය, ආදායමක් උපයාගැනීමේ කාලයයි. එබැවින් තමන්ව පාඩු විඳීමෙන් ආරක‍්ෂා කරගන්න.

වරදානය:
ඔබ මේ ඥානය නම් මිණිමුතු උකහාගෙන සියලු නාස්තිය අවසන් කරන ශුද්ධ හංසයෙක් වේවා.

ශුද්ධ වූ හංසයන්ට විශේෂතා දෙකක් ඇත. එකක් නම් මේ ඥානය නම් මිණිමුතු අහුලා ගැනීම වන අතර අනෙක අවබෝධයේ බලයෙන් ජලය සහ කිරි අතර වෙනස හඳුනා ගැනීමයි. ජලයෙන් කිරි වෙන් කිරීම යනු නාස්තිකාරකම සහ බලවත් බව අතර වෙනස හඳුනා ගැනීමයි. නාස්තිය ජලය හා සමාන යැයි කියනු ලබන අතර, බලවත් බව කිරි වැනි යැයි කියනු ලැබේ. ඉතින්, නාස්තිය අවසන් කිරීම යනු ශුද්ධ වූ හංසයෙකු වීමයි. මෙම දැනුමේ මිණිමුතු සෑම මොහොතකම ඔබේ බුද්ධියේ රැඳී සිටීමට ඉඩ දෙන්න. ඔබේ මතගෑම අඛණ්ඩව සිදුවන විට, ඔබ මිණිමුතු වලින් පිරී යනු ඇත.

පාඨය:
තම උසස් පදවිය තුළ නිරතුරුවම ස්ථාවරව සිටින සහ ඕනෑම විරෝධයක් අවසන් කරන අය ජයග්‍රාහී ජීවාත්මයන් වෙයි.