06.09.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ යොමු විය යුතු එකම කාරණය නම් සතුටේ දේශය වෙත මඟ සියලුම දෙනාට පෙන්වන්නේ කෙසේද යන කාරණයයි. ඉතාමත් උසස් ජීවීන් කොටසක් බවට තමාට පත් විය හැකි සංගම් යුගය වන්නේ මෙය වන බව සියලු දෙනාම දැන ගත යුතුයි.

ප්‍රශ්නය:
දරුවන් වන ඔබ එකිනෙකාට සුබ පතා ගන්නේ කිනම් අවස්ථා වලදී ද? සාමාන්‍ය මිනිසුන් එකිනෙකා හා සුබ පැතුම් බෙදා ගන්නේ කිනම් අවස්ථා වලදී ද?

පිළිතුර:
කවුරු හෝ කෙනෙක් ඉපදුනු විට, කිසියම් ජයක් ලද විට, විවාහ වන මොහොතක දී හෝ වෙන යම් විශේෂ අවස්ථාවක දී සාමාන්‍ය මිනිසුන් එකිනෙකාට සුබ ප්‍රාර්ථනා කර ගන්නවා. කෙසේවුවත්, ඒ කිසිවක් නියම සුබ පැතුමක් වන්නේ නැහැ. දරුවන් වන ඔබ එකිනෙකා තමන්ට සුබ පතා ගන්නේ පරම පියාට අයිති වන මොහොතකදීයි. තමන් සියලුම දුක් කන්දරාවණ්ගෙන් නිදහස්ව සතුටේ දේශය වෙත යන නිසා ඔබ කියනවා තමන් ඉතාමත් වාසනාවන්තයි කියලා. තම හදවතෙන්ම ඔබ සතුට අත් දකිනවා.

ඕම් ශාන්ති.
අසීමිත පියා අසීමිත දරුවන්ට උගන්වයි. එවිට කවුද අසීමිත පියා කියන්නේ? යන ප්‍රශ්නය පැන නඟිනවා. උත්තරීතර පියා යනුවෙන් හැඳින් වූ කෙනා තමයි සියලු දෙනාගේම පියා වන්නේ කියා ඔබ දන්නවා. භෞතික පියෙක්ට උත්තරීතර පියා කියා කියන්න බැහැ. උත්තරීතර පියා වන්නේ එකම එක කෙනයි. සියලුම දරුවන් ඔහුව අමතක කරලා. දුකින් අපිව නිදහස් කර සතුට ලබා දෙන උත්තරීතර පියා වන උත්තරීතර ජීවය ගැන දැන් ඔබ දන්නවා. පරම පියා තමන්ගේ දුක් නැති කර දමන නිසා තමන් සාමයත් සතුටත් වෙත යන බව ඔබ දන්නවා. සියලු දෙනාම සතුට වෙත යන්නේ නැහැ. කොටසක් සාමයේ සිටින අතර අනික් කොටස සතුට වෙත යනවා. කොටසක් සත් යුගයේ සිටත්, තවත් කොටසක් රිදී යුගයේ සිටත්, තවත් කොටසක් තඹ යුගයේ සිටත් පැමිණෙනවා. ඔබ ස්වර්ණමය යුගයේ සිටින කල අනිකුත් සියලු දෙනාම විමුක්ති දේශයේ සිටිනවා. පරමාත්ම දෙවියන්ගේ නිවහන කියා හඳුන්වන්නේ එයයි. මුස්ලිම් ජනතාව යාඥා කරන විට සියලු දෙනාම එකතුව කුදාගේ (දෙවියන්ගේ) ප්‍රශංසාව ගයනවා. ඒ කුමකටද? ඒ දිව්‍ය ලෝකය සඳහා ද නැති නම් අල්ලා වෙත යාම සඳහා ද? පරමාත්ම දෙවියන්ගේ නිවහන දිව්‍ය ලෝකය කියා හඳුන්වන්නේ නැහැ එහි, ජීවාත්මයන් සාමයේ සැතපෙනවා. එහිදි ශරීර නැහැ. ඔවුන් අල්ලා වෙතට යන බවත් යන්නේ ශරීර වලින් නොව ජීවාත්මයන් ලෙසින් බවත් ඔවුන් දැනගත යුතුයි. ඔහුව නොදැන, අල්ලා සිහිපත් කිරීමෙන් පමණක් කෙනෙකුට පාරිශුද්ධත්වයට පත් වන්න බැහැ. දැන්, සාමයේ හා සතුටේ උරුමයන් පරම පියා විසින් සියලු දෙනාටම ලබා දෙනවා කියන කරුණ සම්බන්ධයෙන් මිනිසුන්ට කරුණු තේරුම්කර දෙන්නේ කෙසේ ද? ලෝකයේ සාමය ඇති වන්නේ කෙසේද යන්නත් ලෝකයේ සාමය ඇතිවන්නේ කවදාද යන්නත් ගැන ඔබ කරුණු පැහැදිලි කර දෙන්නේ කෙසේ ද? සේවය ගැන හොඳ අවධානයක් ඇති දරුවන්, තම උත්සාහයේ හැටියට මේ ගැන හොඳින් සිතා බලනවා. බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් වන ඔබට පමණයි පරම පියා තමන්ගේ හැඳින්වීම ලබා දෙන්නේ. ලෝකයේ සිටින සියලුම මිනිසුන් රඟන චරිතයන් පිළිබඳවත් පරම පියා ඔබට කියා දී තිබෙනවා. දැන් පරම පියා හා දරුවන්ගේ හැඳින්වීම මිනිසුන්ට ලබා දෙන්නේ කෙසේද? පරම පියා සියලු දෙනාටම කියනවා තමා ජීවාත්මයක් වශයෙන් සලකා මා සිහිපත් කරන්න එවිට ඔබ පරමාත්ම දෙවියන්ගේ නිවහන වෙත යනු ඇත. සියලු දෙනාම ස්වර්ණමය යුගය වෙත යන්නේ නැහැ. එහි ඇත්තේ එකම ආගමයි අනික් සියලු දෙනාම සිටින්නේ සාම දේශයේයි. මේ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මිනිසුන් සාමය ඉල්ලා සිටිනවා, නමුත් එය ලැබිය හැක්කේ අල්ලාගේ, පරමාත්ම දෙව් පියාණන්ගේ නිවහනේදී පමණයි. සියලුම ජීවාත්මයන් පැමිණෙන්නේ සාම දේශයටයි. නාටකය අවසන් වන විට සියලු දෙනාම ඒ වෙත යනු ඇත. මෙම අපිරිසිඳු ලෝකයෙන් සියලු දෙනාවම රැගෙන යාම සඳහා පරම පියා පැමිණෙනවා. තමන් දැන් සාම දේශය වෙත යනවා ඉන් අනතුරුව සතුටු දේශය වෙත යනවා යන්න දැන් දරුවන් වන ඔබගේ සිත තුළ තිබෙනවා. මෙය ඉතාමත් උසස් සංගම් යුගයයි. ’උසස් මනුෂ්‍ය ජීවීන්‘ යනු ඉතාමත් උසස් ජීවීන් ය. ජීවාත්මයක් පාරිශුද්ධ නොවුණහොත් ඔහුට උසස් මනුෂ්‍යයෙක් බවට පත් වෙන්න බැහැ. පරම පියා දැන් කියනවා මා සිහිපත් කර චක්‍රය හොඳින් තේරුම් ගෙන දිව්‍යමය ගුණ ධර්ම වඩවා ගන්න. මේ මොහොත වන විට සියලුම මනුෂ්‍ය ජීවීන්ගේ චරිතයන් දූෂණය වෙලයි තිබෙන්නේ. නව ලෝකයේදී ඔවුන්ගේ චරිත ඉතාමත් යහපත්. භාරතයේ මිනිසුන්ම තමයි උසස් චරිතයක් ඇති අය බවට පත් වෙන්නේ. අඩු චරිතයක් ඇති අය ඉහළ චරිතයක් ඇති අය ඉදිරියේ දණ ගසනවා. අඩු චරිතයක් ඇති අය උසස් චරිතයක් ඇති අය ගැන කතා බහ කරනවා. දරුවන් වන ඔබට පමණයි මෙය තේරුම් ගත හැකි වන්නේ. අනිත් අයට පහදා දෙන්නේ කෙසේද? ජීවීන්ගේ තෙවෙනි ඇස විවර කිරීමට ඔබ විසින් නිර්මාණය කර ගන්නා පහසුම මඟ කුමක් ද? බාබාගේ ජීවය තුළ ඥානය තිබෙනවා. තමන් ලඟ දැනුම තිබෙනවා කියා මිනිසුන් කියනවා. ඒ ශරීර අවධානයයි. කොහොමනමුත්, මෙහිදී ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. සන්‍යාසීන්ට ග්‍රන්ථ වල දැනුම තිබෙනවා. පියාගේ ඥානය ඔබට ලබා ගත හැකි වන්නේ ඔහු පැමිණ එය ඔබට ලබා දුන් විට පමණි. මෙය උපක්‍රමයෙන් කියා දිය යුතු දෙයක්. ඒ මිනිසුන් ක්‍රිෂ්ණා, දෙවියන් සේ සළකනවා ඔවුන් පරමාත්ම දෙවියන් ගැන දන්නේ නැහැ. ඍෂිවරුන් හා මුණිවරුන් කිව්වා නෙතී... නෙතී... (එයත් නොව මෙයද නොවේ) කොහොමනමුත්, සාමාන්‍ය මිනිසුන් දෙවියන් නොවන බව ඔවුන් තේරුම් ගෙන සිටිනවා. අශරීරික පියා පමණයි නිර්මාණකරු වන්නේ, නමුත් ඔහු කොහොමද නිර්මාණය කරන්නේ ? ඔහුගේ නම, ස්වරූපය, භූමිය සහ කාලය කුමක් ද? ඔවුන් දන්නේ නැහැ, ඉතින් ඔවුන් කියනවා ඔහුට නමක් හා ස්වරූපයක් නැහැ කියා. නමක් හෝ ස්වරූපයකින් තොර දෙයක් තිබිය නොහැකි බව, එය සිදු විය නොහැකි දෙයක් බව තේරුම් ගැනීමටවත් තරම් හැඟීමක් ඔවුන්ට නැහැ. ඔවුන් කියනවානම් ඔහු ගස් ගල් වලත් මාළුවන්ගෙත් කිඹුලන්ගෙත් ඉන්නවා කියා, එතන නමකුත් ස්වරූපයකුත් තිබෙනවා. ඔවුන් එක වෙලාවකට එක දෙයකුත් තව වෙලාවකට තව දෙයකුත් කියනවා. මිනිසුන්ට මේවා තේරුම් කර දෙන්නේ කෙසේ ද කියන එක ගැන ඔබ දිවා රෑ සිතිය යුතුයි. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දිව්‍ය තත්ත්වයට පත් වීම සඳහා ඇති ඉතාමත් උසස් සංගම් යුගය මෙයයි. මිනිසුන් දේව ප්‍රතිමා ඉදිරියේ වැඳ වැටෙනවා. මිනිස්සු මිනිසුන්ගේ ප්‍රතිමා ඉදිරියේ වැඳ වැටෙන්නේ නැහැ. මිනිසුන්ට වැඳ වැටීමට සිදුවන්නේ පරමාත්ම දෙවියන්ට හෝ දේවතාවන්ටයි. මුස්ලිම් ජනතාව සත්‍යයේ ප්‍රශංසාව ගී වලින් ගායනා කර අල්ලා සිහිපත් කරනවා. ඔවුන්ට කවදාවත් අල්ලා ලඟට පැමිණිය නොහැකි බව ඔබ දන්නවා. ප්‍රධානම කාරණය අල්ලා ලඟට පැමිණෙන්නේ කෙසේද යන්නයි. ඉන් අනතුරුව අල්ලා නව ලොව නිර්මාණය කරන්නේ කෙසේ ද? මේ සියල්ල ඔබ තේරුම් කර දෙන්නේ කෙසේ ද? ඔබ මේ සඳහා ඥානයේ සාගරය කැළතිය යුතුයි. පරම පියාට එය කිරීම අවශ්‍ය නැහැ. ඥාන සාගරය කැළඹිය යුතු ආකාරය පරම පියා ඔබට කියා දෙනවා. මේ මොහොත වන විට කලි යුගයේ සිටින සියලු දෙනාම තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී සිටිනවා. ස්වර්ණමය යුග කාලයක් අනිවාර්යෙන්ම තිබෙනවා. ස්වර්ණමය යුගය පිරිසිඳු යුගයක් වශයෙන් හඳුන්වනවා. පිරිසිඳු බව, අපිරිසිඳු බව කියා දෙකක් තිබෙනවා. ජීවාත්මයනුත් මුලදී සතෝප්‍රධාන්ව සිටි නමුත් පසුව එය දූෂණයට පත් වුණා. ජීවාත්මයන් තමෝප්‍රධාන් වූ විට පරම පියා පැමිණිය යුතුයි. පරම පියා පැමිණි විට පමණයි සතෝප්‍රධාන් සතුටු දේශය නිර්මාණය කරන්නේ. සතුටු දේශයේ සිටින්නේ භාරතයේ මිනිසුන් පමණයි. අනිත් සියලු දෙනාම සාම දේශයේ සිටිනවා. සාම දේශයේ සිටින සියලු දෙනාම පිරිසිඳු ජීවාත්මයන් වන අතර ඉන් පසුව මෙම ලොව වෙත පැමිණීමෙන් ටිකෙන් ටික අපිරිසිඳු වෙන්න පටන් ගන්නවා. සෑම මනුෂ්‍ය ජීවයක්ම සතෝ, රජෝ හා තමෝ යන තත්ත්වයන් පසු කරනවා. පරමාත්ම දෙවියන්ගේ නිවහන වෙත යා හැකියි කියා ඔබ මිනිසුන්ට කියන්නේ කෙසේද? පරමාත්ම දෙවියන් කතා කර කියනවා සියලුම ශරීර සම්බන්ධකම් අමතක කර දමා, තමා ජීවාත්මයක් ලෙසින් සලකන්න. ඔබ මා සිහිපත් කළ විට, පංච දුර්ගුණයන් සියල්ල ඔබෙන් දුරු වී යනු ඇත. දිවා රෑ මෙම අවධානයේ සිටින්න. පරම පියාත් හොඳ අවධානයකින් ඉන්නා නිසා තමයි සියලු දෙනාටම සතුට ලබා දීම සඳහා මෙහි පැමිණිය යුතුයි යන සිතිවිල්ල ඔහුට ආවේ. ඔබත් ඔහුගේ උදව්කරුවන් විය යුතුයි. පරම පියාට තනියම මොනවාද කරන්න පුළුවන්? එමනිසා, මෙම ඥානය නමැති සයුර කළඹන්න. මෙය ඉතාමත් උසස් සංගම් යුගය බව පෙන්වා දීම සඳහා ඔබ කුමන උපක්‍රමය ද භාවිත කරන්නේ? මේ මොහොතේ දී පමණයි මිනිසුන්ට උසස් බවක් ලද හැකි වන්නේ. මුලදී ඔවුන් උසස්ව සිට පසුව පහළට වැටුණා. එක පාරටම වැටුණේ නැහැ. පහළට ආ සැනින්ම තමෝප්‍රධාන් වන්නේ නැහැ. මුලදී සෑම දෙයක්ම සතෝප්‍රධාන්ව තිබී පසුව සතෝ, රජෝ හා තමෝ යන පියවරයන් අනුගමනය කරනවා. ඔබ ප්‍රදර්ශන රාශියක් පැවැත්වුවත් මිනිසුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඉතින්, ඔබ දරන වෙනත් උපක්‍රම මොනවාද? විවිධ උපක්‍රම සොයා ගත යුතුයි. මේ සඳහා ඔබට කාලය ලබා දී තිබෙනවා. කිසිම කෙනෙකුට එක් ක‍්ෂණයකින් පරිපූර්ණත්වයක් ලැබිය නොහැකියි. හඳ පවා පූර්ණ වන්නේ ක්‍රමාණුකූලවයි. අපි පියවරෙන් පියවර තමෝප්‍රධාන් වූවා සේම සතෝප්‍රධාන් වීමටත් කාලයක් ගත වෙනවා. එය අජීවී දෙයක් මෙය ජීවී දෙයක්. ඉතින් අපි කොහොමද මෙය තේරුම් කර දෙන්නේ? මුස්ලිම් මිනිසුන් යාඥා කරන්නේ ඇයි, කාගේ සිහියෙන්ද කියන දෙය මුස්ලිම් පල්ලි වල නායකයන්ටත් ඔබ පැහැදිලි කර දිය යුතුයි. ඔබ ඥානයේ සාගරය කැළඹිය යුතුයි. වැදගත් දවස් වලදී ජනාධිපති පවා මුස්ලිම් පල්ලි වලට යනවා. ඔවුන් ගොස් ජ්‍යෙෂ්ඨයින්ව මුණ ගැසෙනවා. පොඩි පල්ලිත්, මුස්ලිම් උත්සව අවස්ථාවල දී එකිනෙකාට සුබ පැතීමට එකතු වන එක් ප්‍රධාන පල්ලියකුත් තිබෙනවා. අපි සියලු දෙනාම දුකින් නිදහස්ව සතුටේ දේශය වෙත පැමිණියායින් පසුවයි සුබ පැතිය යුත්තේ. අපි ඔබට හොඳ තොරතුරු ලබා දෙනවා. කෙනෙක් කිසියම් දෙයකින් ජය ගත් විට ඔහුට සුබ පතනවා. දෙදෙනෙක් විවාහ වූ විට පවා සුබ පතනවා ’ඔබ දෙපළ නිරන්තරයෙන් සතුටෙන් ම සිටිත්වා!‘ එකිනෙකාට සුබ පැතිය යුතු ආකාරය ගැන පරම පියා ඔබට කියා දී තිබෙනවා. මේ මොහොතේ අපි මුක්තිය හා ජීවන මුක්තිය වන අපේ උරුමය අසීමිත පියාගෙන් ලබා ගන්නවා. ඔබට මේ සඳහා සුබ පැතුම් ලද හැකියි. පරම පියා පවසනවා ඔබහට සුබ පැතුම්! ඔබ උපත් 21 කට මිලියනපතියන් බවට පත්වෙනවා. ඔවුන්ට සුබ පැතිය හැකි වන සේ, සියලු දෙනාම පරම පියාගෙන් උරුමය ලබා ගන්නේ කෙසේද? ඔබ මේ සියල්ල දැන ගත්තත් මිනිසුන්ට බැහැ ඔබට සුබ පතන්න ඔවුන් ඔබව දන්නේ නැහැ. ඔවුන් ඔබට සුබ පැතූ විට ඔවුනුත් සුබ පැතුම් ලැබීම සඳහා සුදුස්සෝ වනු ඇත. ඔබ අදෘෂ්‍යමානයි! ඔබට එකිනෙකාට සුබ පතා ගත හැකියි සුබ පැතුම්! අපි දැන් අසීමිත පියාට අයත් වී සිටිනවා. ඔබ හරිම වාසනාවන්තයි! කෙනෙකුට ලොතරැයියක් ඇදුනොත් නැතිනම් ඔහුගේ පවුලට තවත් අළුත් දරුවෙක් එකතු වුණොත් ඔහු සුබ පැතුමට ලක් වෙනවා. ළමයෙක් විභාගයක් සමත් වූ විටත් සුබ පැතුම් ලබනවා. ඔබට හද පත්ලෙන්ම සතුට තිබෙනවා. ඔබ ඔබටම සුබ පතා ගන්නවා. අපට අපගේ උරුමයන් ලබා දෙන පරම පියා මුණ ගැසී සිටිනවා. පරම පියා පැහැදිලි කර කියා දෙනවා ඔබ සියලු දෙනාම පරිහාණියට පත් වී දැන් විමුක්තිය ලබමින් සිටිනවා. සියලු දෙනාම එකම විදියේ සුබ පැතුම් ලබනවා. අවසානයේ දී සියලු දෙනාම දැන ගනීවි. පහළ සිටින පිරිස ඉහළ සිටින අයට සුබ පතාවි. ඔබ සූර්ය වංශයේ අධිරාජ්‍යවරයින් වරියන් බවට පත් වෙනවා. වංශයේ පහළින් සිටිනා අය මල් දාමයේ පබළු බවට පත් වූ අයට සුබ පතාවි. සමත් වූ අය සුබ පැතුමට ලක් වෙනවා, ඔවුන් වන්දනීයත්වයට පාත්‍ර වෙනවා. උසස් තත්ත්වයක් ලද ජීවාත්මයන්ට සුබ පැතුම්. එම ජීවාත්මයන් ඉන් අනතුරුව භක්ති මාර්ගයේ දී වන්දනීයත්වයට පාත්‍ර වෙනවා. මිනිසුන් දන්නේ නැහැ ඇයි එහෙම වඳින්නේ කියලා. එමනිසා, ඔබ තුළ තිබිය යුතු එකම එක සිතිවිල්ල නම් මේ කාරණා අන් අයට තේරුම් කර දෙන්නේ කෙසේ ද යන්නයි. අපි පාරිශුද්ධත්වය ලබා තිබෙනවා. දැන් අපි අනිත් අයව ඒ තත්ත්වයට පත් කරවන්නේ කෙසේද? ලෝකය ඉතාමත් විශාලයි. සෑම නිවසකටම මෙම පණිවිඩය යාමට නම් අපි මොකද කළ යුත්තේ? අත් පත්‍රිකා බෙදන විට සැම දෙනෙක්ම එය ලබන්නේ නැහැ. කිසිම කෙනෙක් පරම පියා ළඟට යන්නේ කොහොම ද කියන එක දන්නේ නැති නිසා සියලු දෙනාගේම අත් වලට මෙම පණිවිඩය ගෙන යා යුතුයි. සෑම මාවතක්ම දෙවියන් වෙතට මඟ පෙන්වනවා කියා ඔවුන් කියනවා. කොහොමනමුත්, පරම පියා කියනවා ඔබ උපතක් උපතක් පාසා වැඳ වැඳ, දාන දෙමින් ක්‍රියා වල නිරත වී සිටියා, ඒත් තවමත් ඔබ මාර්ගය සොයාගෙන නැහැ. ඔවුන් කියනවා ඒ සියල්ල සදාකාලිකව පැමිණි දේවල් කියලා, ඒත් කවදාද එය ආරම්භ වුණේ! සදාතනික බව යන්නෙහි තේරුම ඔවුන් දන්නේ නැහැ. ඔබ අතරිනුත් දරන උත්සාහයේ ප්‍රමාණයට තමයි ඔබ තේරුම් ගන්නේ. ඥානයේ ත්‍යාගය වන උපත් 21 කට සතුටත් ඉන් අනතුරුව දුකත් පැමිණෙනවා. වැඩියෙන්ම භක්ති කර තිබෙන අයගේ ගිණුම් ගැන ඔබට කියා දී තිබෙනවා මේ සියල්ල එකිනෙකාට පෞද්ගලිකව තේරුම් කර දෙන්න බැහැ. අපි මොකද කළ යුත්තේ? පත්තර වල මේවා මුද්‍රණය කරමුද? ඒකට බොහෝ වෙලාවක් යනවා. සිතන තරම් වේගයෙන් සියලු දෙනාටම පණිවිඩය යන එකක් නැහැ. සියලු දෙනාම උත්සාහ කරන්න පටන් ගත්තොත්, ඒ සියල්ලම දිව්‍ය ලෝකය වෙත යාවි. එය එසේ විය නොහැකියි. ඔබ දැන් දිව්‍ය ලෝකය වෙත යාමට උත්සාහ දරනවා. අපේ ආගමට අයිති අය නැවත සොයා ගන්නේ කෙසේ ද? වෙන ආගම් වලට ගොස් සිටින අය සොයා ගන්නේ කෙසේ ද? හින්දු ආගම අදහන අය මූලික වශයෙන්ම දේව ආගමට අයිති අයයි. මෙය කිසිම කෙනෙක් දන්නේ නැහැ. උග්‍ර හින්දු භක්තිකයින් තම ආදී සනාතන දේවී දේවතා ධර්මය අදහන්න පටන් ගනියි. මේ මොහොතේදී සියලු දෙනාම අපිරිසිඳුයි. පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! කියා ඔවුන් කෑ ගසා කියනවා. අශරීරික පියා අමතා තමාව පිරිසිඳු දේශය වෙත රැගෙන යන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. එවන් විශාල අධිරාජ්‍යයක් ඔවුන් ලබා ගත්තේ කෙසේ ද? ලබාගන්න අධිරාජ්‍යයක් දැන් භාරතයේ නැහැ. යුද්ධයෙන් අධිරාජ්‍යය ලද නොහැකියි. සාමාන්‍ය මිනිසුන් දේව තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද යන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ මෙය දැන ගත්තේ පරම පියාගෙන්. මුක්තිය හා ජීවන මුක්තිය ලබා ගැනීම සඳහා මේ ගැන අන් අයට කියා දෙන්නේ කොහොමද? උත්සාහ දැරීම සඳහා ඔබව උනන්දු කරවීමට කෙනෙක් සිටිය යුතුයි, ඒ තුළින් තමා කවුද කියා දැනගෙන අල්ලා සිහිපත් කළ හැකියි. ඔවුන්ගෙන් අහන්න මුස්ලිම් උත්සව වලදී ඔබ කාටද සුබ පතන්නේ? තමන් අල්ලා වෙත යනවා කියන එක ගැන ඔබ තුළ හොඳ විශ්වාසයක් තිබෙනවාද? ඔබට ඒ තුළ ලොකු සතුටක් තිබෙනවා. ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ මෙය කරමින් සිටියා. තමන්ට පරමාත්ම දෙවියන් ලඟට කවදා හෝ යා හැකිද කියා ඔබ සිතමින් සිටියා. ඇයි අපි ඉගෙන ගනිමින් සිටියේ? අල්ලා පමණයි ඉහළම ඉහළ කෙනා. ඔවුන්ට කියන්න ඔබත් ජීවාත්මයන්, අල්ලාගේ දරුවන්. අල්ලා වෙත යාමට ජීවාත්මයන් කැමතියි. පිරිසිඳුව සිටි ජීවාත්මයන් දැන් අපිරිසිඳු වෙලා. දැන් මේ ලොවට දිව්‍ය ලෝකය කියා කියන්න බැහැ. සියලුම ජීවාත්මයන් අපිරිසිඳුයි. අල්ලාගේ නිවසට යාමට පිරිසිඳු විය හැක්කේ කෙසේද? දුර්ගුණ වලින් යුතු ජීවාත්මයන් එහි නැහැ ඔවුන් දුර්ගුණ වලින් තොර විය යුතුයි. එක මොහොතකින් ජීවාත්මයන් සතෝප්‍රධාන් වන්නේ නැහැ. මේ සියල්ල ගැන සිතා බලා මතගෑ යුතුයි. ඥාන සාගරය හොඳින් මතගාන නිසයි බාබාටත් මෙය මෙතරම් පැහැදිලිව ඔබට කියා දිය හැක්කේ. අනිත් අයට කියා දීම සඳහා ක්‍රම හා විධි ඔබත් සොයා ගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම ලොව වෙත පැමිණ තම දරුවන්ව දුකින් නිදහස් කර ඔවුන්ට සතුට ලබා දීමට පරම පියා සිතුවා. එමනිසා, ඔබ පරම පියාගේ උදව්කරුවන් බවට පත් විය යුතුයි. ඒත් සමඟම සෑම නිවසකටම පණිවිඩය යැවීමේ මාර්ගත් සිතන්න.

2. සියලු දෙනාගේම සුබ පැතුම් ලැබීමට නම්, ජයග්‍රහණයේ මල් දාමයේ පබළුවක් වීමට උත්සාහ දරන්න. වන්දනීයත්වයට සුදුසු වන්න.

වරදානය:
කරන්හාර් (ක්‍රියා කරන කෙනෙක්) සහ කරවන්හාර් (දිරිගන්වන ඒකායන කෙනා) යන අවධානය තබා ගැනීමෙන් ඔබට ආලෝක කිරුළක් පැළඳීමට හැකි වේවා.

මම උපකරණයක්, කර්ම යෝගීවරයෙක්, කරන්හාර් (ක්‍රියා කරන කෙනෙක්) වන අතර පරමාත්ම පියා කරවන්හාර් (දිරිගන්වන ඒකායන කෙනා)ය. මෙම ස්වභාවික අවධානය ඔබට තිබේ නම්, ඔබ නිරන්තරව ආලෝක කිරුළක් ඇතිව සිටින අතර සැහැල්ලු අධිරාජ්‍යවරයෙකු බවට පත්වේ. පරමාත්ම පියා සහ මම පමණක් වන අතර තුන්වන පුද්ගලයෙක් නොමැත: මෙම අත්දැකීම පහසුවෙන්ම ඔබව සැහැල්ලු අධිරාජ්‍යවරයෙකු බවට පත් කරවයි. එවැනි අධිරාජ්‍යවරුන් වන අය මායා ජය ගත්තන්, තම භෞතික ඉන්ද්‍රියන් ජය ගත්තන් සහ පදාර්ථ ජය ගත්තන් බවට පත් වේ. කෙසේවෙතත්, වැරදීමකින් වුවද, යමෙකු තමා මතම නාස්තිකාර හැඟීම් සහ අභිප්‍රායන් ගේ බරක් පටවා ගන්නේ නම්, ඔහු කිරුළක් වෙනුවට බොහෝ කණස්සලුවල කූඩ ඔහුගේ හිස මත තබා ගනී.

පාඨය:
සියලු බන්ධන වලින් නිදහස් වීමට නම්, ශාරීරික සබඳතා කෙරෙහි ඇති සියලු බැඳීම් විනාශ කරන්නෙකු වන්න.

අව්‍යක්ත සංඥාව: දැන් සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.

අනෙක් සියලු සිතිවිලි නිහඬ වී “බාබා සහ මම” යන එක සිතිවිල්ල පමණක් ඇති විට ඔබේ යෝගාව බලවත් කරවිය හැකිය. පරමාත්ම පියා හමුවීමේ අත්දැකීම හැර අනෙකුත් සියලුම සිතිවිලි අතුරුදහන් විය යුතුය. එවිට පමණක් ඔබට ඔබේ ස්මරණය ගින්නක් මෙන් බලවත් බව පැවසිය හැකි අතර එතුළින් පරිවර්තනය සිදුවිය හැකිය.