06.08.26    Avyakt Bapdada      Sinhala Murli     19.10.2011    Om Shanti    Madhuban


කාලය අපතේ හැරීම සහ නිෂ්ඵල සිතිවිලි ජය ගන්න.
එකිනෙකාව මුණගැසී, සංස්කාර සුසංයෝග කළ හැක්කේ කෙසේද කියා සිතන්න.


අද දින, බාප්දාදා සෑම තැනකම සිටින ඔහුගේ මිහිරිතම සහ ආදරණීයතම දරුවන්ව දකිනවා. සියලු දෙනාම බොහෝ සෙනෙහසින් ඔවුන්ගේ සිහි කිරීම ලබා දෙනවා. ඔවුන් තුළ පරම පියා කෙරෙහි පමණක් බොහෝ සෙනෙහස තිබේ. පරමාත්ම දෙවියන්ගේ මෙම සෙනෙහස ලැබෙන්නේ මෙකල පමණයි. සෑම දරුවෙක්ම සෙනෙහසේ ගැලී සිටියි. පරම පියාද සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇගේ සෙනෙහසේ ප්‍රතිචාරය ලබා දෙනවා. අපූරුයි දරුවනේ! අපූරුයි! පියා ඉදිරියේ පෞද්ගලිකව සිටියත්, දුර ඈතක සිටියත්, සෑම දරුවෙක්ම පියාගේ හදවත තුළ මුසු වී සිටියි. සෑම දරුවෙකුගේ හදවත තුළ ‘වෙන කවුරුන් මාහට මෙතරම් සෙනෙහසක් දක්වයිද?’ යන ගීතය වාදනය වෙනවා. පරම පියා සහ දරුවන් අතර ඇති ජීව අවධාන සෙනෙහස කෙබඳු වන්නේද යත්, එය සෑම දරුවෙක්වම සිරුරට නොබැඳී, පියාගේ සෙනෙහස ලබා දෙයි. ඔය දරුවන්ට මෙම සෙහෙස ලැබෙන්නේ මෙකල පමණයි. මෙම සෙනෙහස, ඔබ සිටි ආකාරයෙන්, ඔබව ශ්‍රේෂ්ඨ බවට පත් කරවයි. මෙම සෙනෙහස ලැබෙන්නේ මේ එක උපතෙදි පමණයි. දරුවන්ගේ සෙනෙහස දැක, පරම පියාද දරුවන් කෙරෙහි සෙනෙහසේ ගැලී සිටියි.

අද බාප්දාදා සෑම කෙනෙකුගේම නළලේ භාග්‍යයේ රේඛා තුනක් දකිනවා. එකක් පියාගේ ස්වරූපයෙන් ලැබෙන උරුමයේ භාග්‍යයි. දෙවැන්න, ගුරුවරයාගේ ස්වරූපයෙන් ලැබෙන ශ්‍රේෂ්ඨ ඉගෙනුම් වල භාග්‍යයි. තුන්වැන්න, සත්ගුරූගේ ස්වරූපයෙන් ආශිර්වාද වල භාග්‍යයයි. මෙම තුන් ආකාරයේ භාග්‍යයෙන් සෑම කෙනෙකුගේම නළල බැබලෙනවා. ඔහුගේ භාග්‍යවන්ත දරුවන් දැකීමෙන් බාප්දාදාද සතුටු වනවා. ඔබ ඔහු ඉදිරියේ පෞද්ගලිකව අසුන්ගෙන සිටියත් දුර ඈතක සිටියත්, ඔබ ඔහුගේ හදවතට සමීපයි. පරම පියා සහ දරුවන් අතර ඇති මෙවන් සෙනෙහසක් ලැබෙන්නේ මුළු කල්පයෙන්ම මෙකල පමණයි. ඔබ මෙම සෙනෙහසේ අත්දැකීම අන් අයටත් ලබා දෙනවා. දැන් සමහර මිනිසුන් සිතන්නේ ඔය බ්‍රහ්මින් ජීවාත්ම, යම් දෙයක් සොයාගෙන ඇති බවය. ඔබට ලැබී ඇත්තේ කුමක්ද යන්න, ඔවුන්ට දිගටම පැහැදිලි වෙනවා. ප්ලැටිනම් ජුබිලියේ විශාල බලපෑමක් සෑම තැනකම තිබෙන බව පියා දුටුවා. දරුවන් තම හදවත් වලින් සේවය කර ඇති අතර අනාගතයටත් සැලසුම් සාදා තිබේ. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට බාප්දාදා සුබ පතනවා: අපූරුයි දරුවනේ! අපූරුයි! වසර 75ක් ඔබ තමන්ගේම උත්සාහයට අනුව සෑම දෙයක්ම සිදු කළා. බාධක වලින් නිදහස් වී, අන් අයවත් බාධක වලින් නිදහස් කිරීමෙන්, ඔබ මෙහි ළඟා වී ඇත. ඔය දරුවන්ගෙන් පරම පියාට දැන් අවශ්‍ය වන්නේ කුමක්ද? සෑම දරුවෙක්ම පියාට සමාන වෙයි කියා, පරම පියා නිරන්තරයෙන් බලාපොරොත්තු වනවා. බ්‍රහ්ම පියා ජය ගත් ආකාරයටම, සෑම දරුවෙක්ම සෑම විටම ජයගත යුතුයි. මේ වෙනුවෙන් බ්‍රහ්ම පියා සිදු කළේ කුමක්ද? පියාව අනුගමනය කරන්න! එබැවින්, සෑම පියවරක්ම ගන්න අතර, ඔය සෑම කෙනෙක්ම ප්‍රථමයෙන් පරීක්ෂා කළ යුතුයි: බ්‍රහ්ම පියා මෙය සිදුකළාද? යම් කිසි දරුවෙක් ඔහුගේ උත්සාහයේ සහ සේවයේ දුර්වල බව දැනගෙනත්, දුර්වල අය වෙනුවෙන් ඔහු තුළ එයටත් වඩා වැඩි සානුකම්පිත සහ හිතකාමි හැඟීම් තිබුණි. බාප්දාදා සියලුම දරුවන්ට පවසන්නේ: ඒ අන්දමින්ම පිවිතුරු හැඟීම් සහ සුබ පැතුම් ඇති කරගන්න, එමෙන්ම, සානුකම්පිත සහ හිතකාමී ද්‍රිෂ්ඨියෙන් ඔබගේ පවුලේ සෑම සහෝදරයෙක් සහ සහෝදරියෙකුට සහයෝගය ලබා දෙන්න. සෙනෙහස යන විෂයෙන්, සෑම දරුවෙක්ම ඔහුගේ ධාරිතාවයට අනුව සමත් වී ඇති බව, බාප්දාදා ඔබට මින් පෙරද පැවසුවා. ඔබ ඉදිරියට ගමන් කරන්නේ සෙනෙහස නිසයි. දරුවන්ගේ සෙනෙහස දැක, පියා සතුටු වනවා. සෙනෙහස යන විෂය නිසා, සෑම දරුවෙක්ම අංක පිළිවෙලට ගමන් කරනවා. බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ සෙනෙහස නිසා සිදු කරන කැප කිරීමක්. ඔබ තුළ පියා කෙරෙහි සෙනෙහස තිබේ, එසේ නම් ඔබ සිදුකරන්නේ කුමන කැප කිරීමක්ද? බාප්දාදාට අවශ්‍ය වන්නේ කුමක්ද කියා ඔබට සැබැවින්ම වැටහී ඇත. බාප්දාදාට අවශ්‍ය කුමක්ද කියා ඔබට වැටහෙනවා නේද? හිස වනන්න! ඔබට වැටහෙනවාද? එසේ නම් එය කිරීමට ඔබ තුළ එඩිතරකම තිබෙනවාද? ඔබට එඩිතරකම ඇත්නම්, අත් ඔසවන්න! ඔබට එඩිතරකම තිබෙනවද? අච්චා. දරුවන් තුළ එඩිතරකම තිබෙන විට, පියාගේ උපකාරය සෑම විටම තිබෙයි.

මේ වනතුරු පියා දැක ඇති ප්‍රතිඵලයේ, සම්පූර්ණ පාරිශුද්ධත්වය අතින්, නිෂ්ඵල සිතිවිලි පවා අපවිත්‍රතාවයේ බීජයකි. ඔබගෙන් බහුතරයකට නිෂ්ඵල සිතිවිලි ඇති කිරීමේ සංස්කාරය තවමත් තිබෙන බව, බාප්දාදා දුටුවා. එකක් නිෂ්ඵල සිතිවිලි වන අතර අනෙක කාලය අපතේ හැරීමය. මෙය දැන් පවා ඔය දරුවන් බහුතරයක් තුළ පෙනෙන්නට තිබේ. නිෂ්ඵල සිතිවිලි වල පදනම වන්නේ ඔබට මන්මනභාව් වීමට ඉඩ නොදෙන ඔබගේ මනසයි. බාප්දාදා බොහෝ කාලයක සිට ඔබට මෙම සංඥාව ලබා දෙමින් සිට ඇත: සිදුවීමට යන කුමක් වුවත් සිදු වන්නේ හදිසියේ. යමක් හදිසියේ සිදුවීම අතින්, ඔය දරුවන්ගෙන් බහුතරයකට නිෂ්ඵල සිතිවිලි ඇති කිරීමේ සංස්කාරය ඇති බව, බාප්දාදා දුටුවා. බ්‍රහ්ම පියා, නිෂ්ඵල සිතිවිලි ඇති කිරීම සහ ඔහුගේ කාලය අපතේ හැරීම ජය ගත්තේය; ඔහු කර්මතීට් විය. එබැවින් ඔබ පියාව අනුගමනය කළ යුතුයි.

ඔබගේ මනස, ඔබගේ නිර්මාණයක් බව, ඔබගේ මනසේ නිර්මාණකරු ඔබ බව බාප්දාදා දුටුවා, එබැවින් ඔබගේ මනස ඔබ පාලනය කරයි. ඔය සෑම කෙනෙක්ම ඔබගේ මනස මත හසුරුවා ගැනීමේ බලය සහ පාලන බලය ඇති පාලකයෙක්, නමුත් ඒ තිබියදී ඔබගේ මනස ඔබව මුලා කරයි. එය ඔබගේ නිර්මාණයකි, ඔබ පවසන්නේ, “එය මගෙයි!” කෙසේවෙතත්, ඇති තරම් හසුරුවා ගැනීමේ බලය නොමැති නිසා එය ඔබව මුලා කරයි. මනස, අශ්වයෙක් බවත් කියයි, නමුත් ශ්‍රීමත් යන තෝන් ලණුව ඔබට තිබෙනවා. ඔබට මෙම තෝන් ලණුව තිබෙනවා නේද? ඔබගේ මනස ඕනෑම විටෙක ඔබව නිෂ්ඵලත්වය වෙතට ගෙන යන්නේ නම්, එවිට, තෝන් ලණුව තද කිරීමෙන්, තවමත් ඉතිරිව ඇති නිෂ්ඵල සිතිවිලි වල සුළු අපවිත්‍රතාවය පවා ඔබට අවසන් කළ හැක. ඔබගේ මනසේ පාලකයෙක් වන්න. බ්‍රහ්ම පියා දිනපතාම ඔහුගේ මනස පරීක්ෂා කර බැලූ අන්දමින්ම, දිනපතාම ඔබගේ මනස පරීක්ෂා කර බලා, නිෂ්ඵල සිතිවිලි ඇත්නම් අවසන් කරන්න. අද බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ මෙම නිෂ්ඵල සිතිවිලි අවසන් කළ යුතු බවයි. නරක සිතිවිලි ටිකක් තිබෙන නමුත් වැඩියෙන් නිෂ්ඵල සිතිවිලි තිබෙන අතර මේවා ඔබගේ කාලය බොහෝ සේ වැය කරයි. ඔබගේ මනසේ පාලකයෙක් වී, තෝන් ලණුව බුරුල් වන අන්දමට එයට වෙනත් කිසිම දේකට ආකර්ෂණය විය නොහැකි ආකාරයට, ඔබගේ මනස බොහෝ කාර්යබහුලව තබා ගන්න. මෙය කළ හැකිද? අද බාප්දාදා සියලු දෙනාට, සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් කිරීමේ සිතිවිල්ල ලබා දෙනවා. මෙය කළ හැකිද? සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් කර, මේ සඳහා උත්සවයක් පවත්වන බව සිතන අය, අත් ඔසවන්න! ඔබගේ කාලයද අපතේ යාමට නොදී, ඉතිරි කරගන්න. ඔබගේ කාලය සහ ඔබගේ සිතිවිලි යන දෙකම ඔබ ඉතිරි කරගත යුතුයි, මන්ද, බාප්දාදා එක් එක්කෙනාගේ වාර්ථාව දෙස බලනවා. ඔබගෙන් බහුතරයකගේ වාර්ථාවේ බාප්දාදා මෙම දුර්වලතාවය දුටුවා. තම මනසේ පාලකයන් වන අය පමණයි ලෝකයේ පාලකයන් වීමට යන්නේ. බ්‍රහ්ම පියා, තම මනස ජයගෙන, ලෝකයේ පාලකයෙක් වූ අන්දමින්ම, ඔහු ඔය සියලුම දරුවන්ව දිරිගන්වනවා. පෙර ගමන් ගිය (advance party) අයත් ඔබව දිරිගන්වනවා. පෙර ගමන් ගිය අය පවා පෙ:ව 4.00ට සූක්ෂම කලාපයට පැමිණ මෙසේ විමසන බව ඔබට පවසන ලදි: “විමුක්තියට දොරටු විවර වන්නේ කවදාද?” මේය විවර කරන්නේ කවුද? ඔබ සියලු දෙනා විමුක්තියට දොරටු විවර කරනවා නේද? ඔබ පරිසමාප්තියට පත් වීම යනු, විමුක්තියට දොරටු විවර වෙයි. පෙර ගමන් ගිය අය, බාප්දාදා සමග හදවතට සමීප කතාබහක යෙදී සිටියා: “කවදා වන තුරුද?” එබැවින් පරම පියා ඔබගෙන් විමසනවා: කවදා වන තුරුද? ඉතිං ලබා දිය යුතු ප්‍රතිචාරය කුමක්ද? පළමු පේළියේ අය: කවදා වෙනකල්ද? ඔබ සෑම කාර්යයටම දිනයක් නියම කරගන්නවා නේද? එබැවින් ඔබ මෙම කාර්යයට දිනයක් නියම කරගන්නේ කවදාද? බ්‍රහ්ම පියා ඔහුගේ සුරදූත ස්වරූපය තුළින් ඔබව සිතිවිලි වලින් දිරිගන්වනවා. ඔබට බාබාට දිනය කිව හැකිද? කතා කරන්න! ඔබට දිනය නියම කළ හැකිද? දැන් දිනය නියම කර තිබෙනවාද? පාණ්ඩවයන් අත් ඔසවන්න; ඔබ දිනය නියම කරගත්තාද? එය කර නොමැත! ඇයි? දිදී මෙසේ පැවසුවා: “බාබා, අපට මෙම ගැඹුරු ආශාව තිබුණා”: අප නිවහනට යා යුතුයි, අප නිවසට යා යුතුයි, අප නිවහනට යා යුතුයි”. දාදී මෙසේ පැවසුවා: “අපට මෙම ආශාව ගැඹුරින් තිබෙනවා: අප කර්මතීට් විය යුතුයි, අප කර්මතීට් විය යුතුයි.” ඔබ සියලු දෙනා තුළ දිදී සහ දාදී වෙනුවෙන් සෙනෙහස තිබෙනවා නේද? ඔබ තුළ සියලු දෙනා කෙරෙහි සෙනෙහස තිබේ, මන්ද පෙර ගමන් ගිය සියලු දෙනා කෙරෙහි ඔබ සියලු දෙනා තුළ සෙනෙහස තිබේ. දැන් ඔවුන්ගේ ප්‍රශ්නයට ප්‍රතිචාරයක් ලබා දෙන්න. එබැවින් දැන් ඔබ අතරේ හදවතට සමීප කතාබහක යෙදී, පිළිතුරක් සූදානම් කරන්න. ඔබ මෙය කරනවාද?

එය අද ද්විත්ව විදේශිකයන් මුණ ගැසෙන දිනය නේද? එබැවින් ද්විත්ව විදේශිකයන්ද ඔවුන් අතරේ මෙය සාකච්ජා කර බාබාට දිනය කිව යුතුයි. භාරතයේ අයත් මෙය සාකච්ජා කර බාබාට කිව යුතුයි. ඔබට පිළිතුරක් තිබෙනවාද? ඔව්, කතා කරන්න! කතා කරන්න! යමක් පැවසීමට අවශ්‍ය අය අත් ඔසවන්න. (නිව්යෝක්හි මෝහිනි දීදී: “බාබා, ඔබ දිනය නියම කරන්න එවිට අප සියලු දෙනා නිති සූදානමින්.”) නැහැ, ඔබ එය නියම කළ යුතුයි. ඔබ සූදානම් විය යුතුයි, නේද? පියා මෙසේ කියනු ඇත: මෙම දීවාලිය, මෙම දීවාලියේ පවත්වන්න. නිති සූදානමින්ද? ඔබ නිති-සූදානම්ද? මේ නිසයි බාබා මෙසේ පවසන්නේ : ඔබ බාබාට කිව යුතුයි. (වෛද්‍ය නිර්මලා පැවසුවේ: “බාබා අපට එක වසරක් ලබා දෙන්න, ලබන දීවාලි වෙන කල්”) අච්චා, ඔබ එකඟද? ඇය වසරක් ඉල්ලනවා. එක වසරක් අවශ්‍ය බව හැඟෙන අය, අත් ඔසවන්න! ඉහළට අත් ඔසවන්න! අච්චා. එක වසරක් අවශ්‍ය අයගේ නම් සටහන් කරගන්න. එය හොඳයි. අනෙක් සියලු දෙනා සිනහමුසුව සිටිනවා. කතා කරන්න! (නිර්වායි බායි: “දැන් නැත්නම් කිසිදා නැත! එය අද මේ දැන් සිදුවිය යුතුයි.”) ඉතිං අත්පොලසන් ගසන්න! අච්චා. බොහොම හොඳයි. දැන්, මේ දැන්, ඔය සෑම කෙනෙක්ම ඔබගේ මනසින් තමන්ට පොරොන්දු විය යුතුයි, ඔබ කිසි විටෙක නිෂ්ඵල සිතිවිලි වලට ඔබගේ මනසට ඇතුළු වීමට ඉඩ නොදෙන බව. මෙය කළ හැකිද? ඔබ දැන් සිට පවසන්නේ: දැන් නොවෙයි නම්, කිසිදා නොවෙයි. (Now or never). එබැවින් අඩුම තරමින්, ඔබ කිසිම නිෂ්ඵල සිතිවිල්ලක් ඇති නොකරන බවත් ඔබගේ කාලය අපතේ නොහරින බවටත් ඔබ සියලු දෙනා පොරොන්දු වෙනවා? මෙයට සූදානම් අය අත් ඔසවන්න! ඔබගෙන් බහුතරයක් අත් ඔසවා තිබේ. මෙයට කාලයක් ගත වෙයි කියා සිතන අය අත් ඔසවන්න! කිසිවෙක් නැහැ. ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බව කියන ටික දෙනෙක් සිටිනවා. ටික දෙනෙක් අත් ඔසවනවා. අච්චා, මෙම දීවාලියේ, මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරන්න. අත් එසවූ බහුතර සියලු දෙනා, ඔබ සියලු දෙනා යම් කැප කිරීමක් කළ යුතුයි, මේ නිසයි, ඔය සියලු දෙනා වෙනුවෙන්, ඔබගේ අධිෂ්ඨානගත සිතිවිලි වෙනුවෙන් අපි කේක් එකක් කපමු. ඔබ මෙයට කැමතිද? අද කේක් එක, මෙම අධිෂ්ඨානගත සිතිවිල්ලේ සංඛේතයකි, මන්ද, ඔබ සියලු දෙනාට - එමෙන්ම දැනුම නොමැති අයටත් - අවශ්‍ය වන්නේ දැන් යමක් සිදුවිය යුතු බවයි. දැන් යමක් සිදුවිය යුතුයි, නමුත් ඔවුන්ට එම බලය නොමැත. ඔය දරුවන්ට ඔබගේ සිතිවිලි ඉටු කිරීමට බලය තිබෙනවා. ඔබ පියාව අනුගමනය කරනවා නේද? බ්‍රහ්ම පියාගේ උපත, මෙම අධිෂ්ඨානගත සිතිවිල්ලෙන් හට ගැනුණි: “මා මෙය සිදුකළ යුතුමයි!” මෙසේ නොවෙයි “මා ඒ ගැන සිතන්නම්. මා එය කළ යුතුද, නැද්ද?” “මා මෙය සිදුකළ යුතුමයි.” එම එක අධිෂ්ඨානගත සිතිවිල්ල, බොහෝ දරුවන්ගේ අනාගතය නිර්මාණය කළා. එක් බ්‍රහ්ම පියා බොහෝ සේ එඩිතරකම පවත්වා ගත්තා. ඔහුගේ කොටසින් භාගයක් ඔහුට හිමි වූ අතර ඔහු යාග ගින්නක් නිර්මාණය කළා. ඔහු යග්යාවේ බ්‍රහ්මින්වරු නිර්මාණය කළ අතර දැන් මේ දේශයෙන් සහ විදෙස් රටවලින් ජීවාත්ම, බ්‍රහ්ම පියාගේ එම එක් අධිෂ්ඨානගත සිතිවිල්ල නිසා මෙහි ළඟා වී ඇත. එබැවින් අධිෂ්ඨානගත සිතිවිල්ලකට අත්කරගත නොහැක්කේ කුමක්ද? මෙම ආදර්ශය ඔබ ඉදිරියේ තිබේ. ඔබට ඉතා හොඳ සිතිවිලි තිබෙන අතර මේවා පරම පියා වෙතට ළඟා වෙනවා, නමුත් ඒවා තුළ අධිෂ්ඨානය නොමැත. ඔබ ඉදිරියට ඕනෑම සිදුවීමක් පැමිණෙන විට, එම අධිෂ්ඨානය අඩු වෙයි. සාර්ථකත්වයේ යතුර, අධිෂ්ඨානයයි.

බලන්න, දිල්ලියේ අයට මෙම සිතිවිල්ල ඇති විය: ‘අප මෙය සිදුකළ යුතුයි.’ එබැවින් එය සිදු විය, එහෙම නේද? ඔවුන් මෙසේ පැවසුවේ නැහැ: ‘අපි ඒ ගැන සිතන්නම්, අපි ඒ ගැන බලන්නම්.’ එය සියලු දෙනාගේ අධිෂ්ඨානගත සිතිවිල්ල විය. උපකරණ වූයේ මෙම දියණිය සහ මෙම දරුවාය, නමුත් ප්‍රායෝගික සාර්ථකත්වය ගෙන ආවේ සියලු දෙනාගේ සහයෝගය සහ අධිෂ්ඨානගත සිතිවිලිය. සියලු දෙනා ඔවුන්ගේ හස්තය මෙයට ලබා දුන් අතර ඔවුන් සියලු දෙනා එකමුතු විය. ඔවුන් මෙසේ නොකීහ, ‘හා’, ‘බැහැ’, ‘හා’, ‘බැහැ”. අධිෂ්ඨානගත උපදෙස තිබුණා, මන්ද අධිෂ්ඨානයට මෙතරම් බලයක් තිබේ. ඔබ කුමන කාර්යයක් ආරම්භ කළත්, පළමුව, අනිවාර්යෙන් ඵල දැරිය යුතු, අධිෂ්ඨානගත සිතිවිලි වල බීජය වපුරන්න. මෙම වසර 70 (මේ වසරට 90ක්) ගෙවී ගියේ කෙසේද? අපි වසර 75ක් අවසන් කළේ, බ්‍රහ්ම පියාගේ සහ දරුවන්ගේ සමාගම තුළින් සහ ඔවුන්ගේ අධිෂ්ඨානගත සිතිවිලි වලින්. ඔවුන් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් ඉදිරියට ගමන් කරමින් අන් අයවත් ඉදිරියට ගමන් කරවූවා. වසර 75 සම්පූර්ණ වුනේ මේ අන්දමින්. අද මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න: “අද දින, මා අනිවාර්යෙන් සියලු කාලය අපතේ හැරීම් සහ නිෂ්ඵල සිතිවිලි අවසන් කළ යුතුමයි.” නිෂ්ඵලත්වය අවසන් වූ විට, නිරන්තර, ශ්‍රේෂ්ඨ සිතිවිලිවල සම්පත විශ්මයන් පෙන්වයි.

ඔය ද්විත්ව විදේශිකයන් දැකීමෙන් බාප්දාදා සතුටු වනවා. ඔබ ප්‍රගතිය ලබන අතර දෙගුණයක සේවයක් කිරීමට ඉතා හොඳින් අවධානය යොමු කරනවා. නමුත් බාප්දාදා නැවතත් මෙම සංඥාව ලබා දෙනවා: ඔබ එකිනෙකා සමග සංස්කාර සුසංයෝග කිරීමේ නර්ථනය සිදු කළ යුතුයි. මෙසේ නොසිතන්න: “මධ්‍යස්ථානය හොඳින් ක්‍රියාත්මක වෙනවා, සේවය හොඳින් සිදු වෙනවා.” කෙසේවෙතත්, මෙය එක පවුලක් නිසා - එය පරමාත්ම දෙවියන්ගේ පවුලයි, එය ලෞකික පවුලක් නොවෙයි, නමුත් පරමාත්ම දෙවියන්ගේ පවුලයි, එමෙන්ම පරමාත්ම දෙවියන්ගේ පවුල යනු එකිනෙකා කෙරෙහි සුබ පැතුම් සහ හිතකාමී හැඟීම් තිබීමයි - එකිනෙකා වෙනුවෙන් මෙම සිතිවිල්ල ඇති කරගන්න: “අප සියලු දෙනා එකට, එකිනෙකාගේ ඇසුර ඇතිව ඉදිරියට ගමන් කර, විමුක්තියට දොරටු විවෘත කර, එකට ආපසු නිවහනට යනවා.” මෙහි මිනිසුන් අටක් හෝ දහයක් නොව, මෙම දහදෙනා, එක්කෙනෙක් (එකමුතු) බව මිනිසුන්ට සිතෙන ආකාරයට, සෑම මධ්‍යස්ථානයකම එවන් වාතාවරණයක් තිබිය යුත්තේ මේ නිසයි. දැන් දීපාවලි වෙනුවෙන් ඔබගේ සංස්කාර සුසංයෝග කිරීමේ නර්ථනය සිදු කිරීමේ සිතිවිල්ල ඔය සෑම කෙනෙකුගේම මනසේ තිබිය යුතුයි. එකදු ජීවාත්මයක්වත් කිසිවෙකුගෙන් දුරස්ථ නොවිය යුතුයි; සියලු දෙනා එකමුතු විය යුතුයි. මෙම දීවාලියට සංස්කාර සුසංයෝග කිරීමේ නර්ථනය සිදු කරන්න. මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඔබගේ මනසේ ඇති කරන්න: ‘එකදු පුද්ගලයෙක් වත් මා සමග බරක් ඇතිව නොසිටිය යුතුයි; සියලු දෙනාම සැහැල්ලුවෙන් සිටිය යුතුයි’. ඔබගේ සංස්කාර සුසංයෝග වී නොමැති විට, බරක් තිබෙයි. මෙම සිතිවිල්ලෙන්, දොරටු විවර කිරීමට ඔබ විගසින් සූදානම් වෙයි කියා, පියාට හැඟෙයි. පරීක්ෂා කරන්න: කිසිවෙක් මා සමග අප්සෙටි නොවීම පමණක් නොවෙයි, නමුත් කිසිවෙක් බරද නොවිය යුතුයි. මෙය කළ හැකිද? කළ හැකිද? එය කළ හැකි නම් හිස වනන්න! එය කළ හැකි නම් අත් ඔසවන්න! එවිට මෙම දීවාලියේ ඉතා හොඳ ශෝභාවක් තිබෙයි.

ද්විත්ව විදේශිකයන්: දිනපතාම බාප්දාදා ඔය ද්විත්ව විදේශිකයන්ව ඔහුගේ හදවතේ ඉස්මතු කරගනියි. ඇයි? ඔහු ඔබව මතුකර ගන්නේ ඇයි? මන්ද, ද්විත්ව විදේශිකයන් මුළු ලෝකය පුරාම පියාගේ නාමය කීර්තිමත් කිරීමට උපකරණ වී ඇති නිසා. කුමක් මගින්ද? ඔවුන් භාරත වැසියන් නොවන බැවින්, ඔවුන් විදේශිකයන් වන අතර ඔවුන් තම භාග්‍යය නිර්මාණය කරගෙන තිබේ; එබැවින් ඔවුන්ව අත්හළ යුත්තේ ඇයි? මෙම දිරිගැන්වීම දිල්ලියේ මෙම වැඩසටහන් වල ඉතා හොඳින් පැතිරී ඇති අතර මේ නිසයි බාප්දාදා ඔය දරුවන් සේවය සඳහා උපකරණ ලෙස ඉස්මතු වීමට සලස්වන්නේ. ඔබ භාරතය අවදි කරවයි. ඔබ එය අවදි කරන අතර අනාගතයේද ඔබ භාරතය අවදි කරවන එවන් ප්‍රභූවරු සූදානම් කරයි. ඔබගේ (විදේශිකයන්ගේ) අත්දැකීම් භාරතයේ මිනිසුන්ව අවදි කරවයි. ආරම්භයේ ඔබ බොහෝ ප්‍රභූවරු මෙහි රැගෙන පැමිණි ආකාරය බාප්දාදාට මතකයි. ඔබ වැඩසටහන් පැවැත්වුවා. එම සේවය දැන් සිදුවන්නේ නැහැ. වේදිකවේ ඔවුන්ගේ අත්දැකීම් බෙදාගන්නා, එවන් ප්‍රභූවරු සූදානම් කරන්න. දැන් සංස්කෘතික වැඩසටහන් වැඩියෙන් පැවැත්වෙන අතර ඔබත් අත්දැකීම් බෙදාගත්තා, නමුත් කාලය තිබුණේ බොහෝ අඩුවෙනි. දැන් භාරතයේ අයගේ භාග්‍යය අවදි කරවන, එවන් ප්‍රභූවරු ගෙන එන්න. දැන් සිදු වූ විදේශිකයන්ගේ සහ භාරතයේ අයගේ සේවය, හොඳ බලපෑමක් ඇති කළා. දැන් ඔබ සියලු දෙනා එකතු වී, එවන් සේවා නොකඩවා වැඩි කරන්න. ප්‍රධාන දේ වන්නේ ඔය සෑම කෙනෙක්ම, භාරතයේ වැසියෙක් වුනත්, විදේශයකින් වුනත්, තමන්ව කෙතරම් විගසින් පරිසමාප්ත කරගත යුතුද යත්, ඔබගේ පරිසමාප්තිය, විමුක්තියට දොරටු විවර කළ යුතුයි. අච්චා.

ඔබ බාබා ඉදිරියේ අසුන් ගෙන සිටියත්, ඔබ කොතැනක අසුන්ගෙන සිටියත්, සෑම කෙනෙකුගේම අවධානය තිබෙන්නේ මධුබන් මතයි. සියලු දෙනාම බාප්දාදාව දකිනවා, ඔබගෙන් බහුතරයක් බාප්දාදාව දකිනවා. නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව රැඳී සිටින, සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, නිරන්තර ද්විත්ව උත්සාහ දරන්නන්ට - ද්විත්ව උත්සාහ දරන්නන් යනු තමන් වෙනුවෙන් උත්සාහ දරන අතර සේවය වෙනුවෙන්ද උත්සාහ දරන අයයි; එවන් දෙගුණයක උත්සාහ දරන්නන්ට සහ දෙගුණයක කුල්මත් බව සහ විශ්වාසය ඇති අයට, නිරන්තරයෙන් පරම පියා සමග සිටින අයට, නිරන්තරයෙන් හිතකාමී සහ සානුකම්පාවේ පිවිතුරු හැඟීම් ඇති සියලු දෙනාට, බාප්දාදා පෞද්ගලිකවම ඔහුගේ හදවතින් සෑම සියලු දරුවෙකුටම නමින් සෙනෙහස සහ ස්මරණය ලබා දෙනවා.

කෙසේවෙතත්, සියලු නිෂ්ඵල සිතිවිලි අවසන් කිරීම ගැන බාප්දාදා අද පැවසූ දේ අමතක නොකරන්න. වාර්ථාව කොහොමත් බාප්දාදා වෙතට ළඟා වෙනවා. තීව්‍ර උත්සාහ දරන දරුවන් කී දෙනෙක් සිටිනවාද කියා බාප්දාදා බලන අතර එමෙන්ම එකිනෙකා අතරේ උනන්දුව සහ උද්යෝගය වැඩි කර, ඔවුන්ව ඉදිරියට ගමන් කරවන අයද සිටිනවා. යමෙක් යම් වැරදි දෙයක් සිදු කරන විට, එම කෙනාගේ වැරදි ගැන සිතිවිලි ඔබගේ මනසේ තිබෙයි: ‘ඔහු මේ දේ හෝ අර දේ හෝ අරක සිදු කරනවා’. මේ සියල්ල අවසන් කරන්න! ඔවුන්ට ඔබගේ සහයෝගය ලබා දෙන්න, ඔබගේ ශ්‍රේෂ්ඨ හැඟීම් ඔවුන්ට ලබා දෙන්න. එවන් සේවයක් කිරීමෙන්, ඔබ මුළු සමූහයම, ශ්‍රේෂ්ඨ සිතිවිලි ඇති අයගේ සමූහයක් බවට පත් කළ යුතුයි. ඕනෑම මධ්‍යස්ථානයක, මධ්‍යස්ථානයේ කිසිවෙක් පිළිබදව වෙනත් කිසිම හැඟීමක් නොතිබිය යුතුයි. සුබ පැතුම් සහ පිවිතුරු හැඟීම් පමණක් තිබිය යුතුයි; එය නිවැරදිද? ඉතා හොඳයි. සුබ පැතුම් සමගම, බාප්දාදා ඔහුගේ හදවතින් සියලුම දරුවන්ට සෙනෙහස සහ සිහි කිරීම ලබා දෙනවා. අච්චා.

වරදානය:
ඔබ පරහිතකාමී සේවය සිදු කිරීමෙන්, දයාවෙන් පිරි, ලොවට සෙත සළසන්නෙක් වී, ලෝක රාජධානිය හිමි කරගනිත්වා.

පරහිතකාමී සේවාධාරීන් වන අය, කිසි විටෙක මෙසේ නොසිතිය යුතුයි: ‘මා මෙතරම් දේ කර තිබෙනවා, ඒ නිසා මට ගරු බුහුමන් හෝ ගෞරවය ලැබිය යුතුයි.’ එයත් ගැනීමේ ස්වරූපයකි. දානපතිගේ දරුවන් තුළ ගැනීමේ සිතිවිලි ඇත්නම්, එවිට ඔවුන් දානපතියන් නොවෙයි. දානපතියන් වන අයට එවන් අන්දමේ ගැනීම්, ඔබින්නේ නැත. එම සිතිවිල්ල අවසන් වූ විට, ඔබට ලෝක අධිරාජවරයෙකුගේ තත්ත්වය හිමි වෙයි. දයාවෙන් පිරිපුන්, ලොවට සෙත සළසන්නන් විය හැක්කේ, අසීමිත නිරාශාව ඇති, එවන් පරාර්ථකාමී සේවාධාරීන්ට පමණයි.

පාඨය:
ඔබගේ වරදට, වෙන අය මත වරද පැටවීමත්, අන් අය ගැන සිතීමේ (පරචින්තන්) ස්වරූපයකි.

අව්‍යක්ත සංඥාව: දැන් ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.

උතුම්ම තෑග්ග වන්නේ, දානපතිගේ දරුවෙක් වී, සියලු දෙනාට සහයෝගය ලබා දීමයි. වැරදී ඇති කාර්යයක්, නරක් වී ඇති සංස්කාර හෝ නරක් වී ඇති භාව හැඟීම්, නිවැරදි කිරීමට සෑම විටම ඔබගේ සුබ පැතුම් සමගින් සියලු දෙනාට සහයෝගය ලබා දෙන්න. “මේ කෙනා මෙය පැවසුවා හෝ සිදුකළා” මෙය දකින, ඇසෙන සහ වටහාගන්න අතර, ඔබගේ සහයෝගයේ තොගයෙන් පරිවර්ථනයක් සිදුකර, එම ජීවාත්මය පිරිපුන් කරන්න. සියල්ලට වඩා ශ්‍රේෂ්ඨතම දානය මෙයයි.