06.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඉගෙන ගන්නා අතරම දැන් ඔබ ගුරුවරයෙක් බවටත් පත් වී අන් අයට ඉගැන්විය යුතුයි.
මෙම අධ්‍යාපනය තිබෙන්නේ ඔබගේ මෙම අවසන් උපත සඳහායි. එමනිසා, ඔබ හොඳින් ඉගෙනගෙන අන්
අයටත් ඉගැන්විය යුතුයි.
ප්‍රශ්නය:
ස්වර්ණම යුගයේ
රාජ්‍යය බිහිවන්නේ කුමක් පදනම් කරගෙනද?
පිළිතුර:
සංගම යුගයේ අධ්‍යාපනය පදනම් කරගෙනයි. හොඳින් ඉගෙනගෙන බ්‍රහස්පති ග්‍රහයා ලද අය
සූර්ය වංශයට ඇතුළු වනු ඇත. ඉගෙනගන්නේ නැතිව සේවය නොකර සිටිනා අය ලබන්නේ බුධ
ග්‍රහයායි (ඥානයෙන් අඩු). ඔවුන් මෝඩයින් වගෙයි. ඔවුන් පුරවැසියන්ගේ කොටසට අයිති
අයයි. උසස් පුරවැසියන්, සේවක සේවිකාවන් සෑම කෙනෙක්ම නිර්මාණය වන්නේ මෙම අධ්‍යාපනය
මතයි.
ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික
පියා, එනම් උත්තරීතර ජීවය දැන් ආධ්‍යාත්මික දරුවන්, එනම් ආධ්‍යාත්මික ජීව වන ඔබට
සියල්ල පැහැදිලි කර කියා දේ. ආධ්‍යාත්මික පියා කියා හඳුන්වන්නේ උත්තරීතර ජීවයවයි.
සියලු දෙනාගේම පියා වන්නේ එකම උත්තරීතර පියා වන උත්තරීතර ජීවයයි. ඔහු මෙහි සිට
බ්‍රහ්මාගේ ශරීරය මඟින් ඔබට කියා දෙනවා. භක්ති මාර්ගයේදී මිනිස්සු ත්‍රිමූර්ති
බ්‍රහ්මා ගැන කතා කරනවා. බ්‍රහමිණ්වරුන් වන ඔබ මෙවන් දෙයක් ගැන කියන්නේ නැහැ. ඔබ
කතා කරන්නේ ත්‍රිමූර්ති ශිවා ගැනයි. එනම්, බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර් ගේ
නිර්මාණකරු වන්නේ ශිවායි. ත්‍රිමූර්ති බ්‍රහ්මා යන්නෙහි කිසිම අර්ථයක් නැහැ. මේ
දේවතාවන් තුන්දෙනාගේ නිර්මාණකරු ශිවායි. ත්‍රිමූර්ති ශිවා කියා කියන්නේ අන්න ඒ
නිසායි. නිර්මාණකරු එක්කෙනයි, අන් සියලු දෙනාම නිර්මාණයයි. අසීමිත පියවරුන්
සිටින්නේ එකම එක කෙනායි. සෑම කෙනෙක්ටම තම තමන්ගේ භෞතික පියවරුන් සිටිනවා. මේ
මොහොතේදී සෑම කෙනෙක්ම ශිව බාබාගේ දරුවෝ බවට පත්ව තිබෙනවා. ජීව වන අපි උපත් 84ක
චක්‍රයක් වටා ගමන් කළ නිසා අපට සීමිත පියවරුන් 84 දෙනෙක් සිටිනා බව දරුවන් වන ඔබ
දන්නවා. ස්වර්ණමය යුගයේදී දෙමාපියන් දරුවන්ට අසීමිත උරුමයක් දෙන්නේ නැහැ. ස්වර්ණමය
යුගය සඳහා ඔබ අසීමිත උරුමයක් දිනාගන්නේ මේ කාලයේදීයි. එය ලක්ෂ්මි හා නාරායනගේ
රාජ්‍යයයි. අනිකුත් සියලුම රාජකීය අය තම තමන්ගේ භෞතික පියවරුන්ගෙන් තමාට අයිති
උරුමය දිනා ගන්නවා. ඒ වුණත්, ඔබට එහිදී ලොකු සතුටක් තිබෙනවා. මේ මොහොතේදී, අසීමිත
පියා ඔබව අසීමිත ලෝකයේ පාලකයින් බවට පත් කරවනවා. ඔබ උපත් 21කටම අඛණ්ඩ සතුටක් දිනා
ගන්නවා. එහිදී, දුකක සලකුණක්වත් නැහැ. පාපයේ මාර්ගය ඇරඹුණු තැන පටන් දුක පටන්
ගත්තා. පැමිණෙන ඕනෑම කෙනෙක්ට තේරුම් කර කියා දෙන්න ඔබට පියවරුන් දෙදෙනෙක් සිටිනවා.
ඔබ උපත් 84ක් ගන්නවා, එමනිසා, ඔබට සීමිත පියවරුන් 84 දෙනෙකුත් සිටිනවා. ඔබට, අසීමිත
එකම පියා පමණයි සිටින්නේ. අශාරීරික ලෝකය කුමක්ද යන්න ගැන ඔබ තුළ අවබෝධයක් තිබිය
යුතුයි. ඔබ පින්තූරයක පෙන්වා තිබෙන අශාරීරික ලෝකය තවත් විශාල එකක් විය යුතුයි. ඒ මත
කුඩා දිළිසෙන තාරුකාවනුත් තිබිය යුතුයි. තරු වගේ බැබලෙන කුඩා ජීව සිටින ලොකු
පින්තූරයක් බවට එය පත්විය යුතුයි. කලාමැදිරියන්ගෙන් මාල සෑදුවාක් සේ, අශාරීරික
ලෝකයත් ඒ වගේ විය යුතුයි. ප්‍රොජෙක්ටර් එකෙන් පින්තූරයක් පෙන්වන විට ඔබ අශාරීරික
ලෝකයත් පෙන්විය යුතුයි. ගස පෙන්වන පින්තූරය ලොකුවට තිබෙනවා නම්, ජීව වන අප එහි
සිටිනවාය යන්න පැහැදිලිව පෙන්නුම් කළ හැකියි. දරුවන්ට එය තේරුම් ගැනීමත් ඉතාමත්
පහසු වනු ඇත. බ්‍රහ්මා මාර්ගයෙන් දිව්‍යමය සමාජය බිහි කරනා අසීමිත බාබා මොහුයි. ඔබ
දැන් බ්‍රහමිණ්වරුන්ය. පසුව ඔබ ගුණධර්ම වලින් පිරි දේවතාවන් බවට පත්වනු ඇත. දැන්
සෑම කෙනෙක් ළඟම ඇත්තේ යක්ෂ ගතිගුණය. ඒවා හඳුන්වන්නේ යක්ෂ දුර්ගුණ කියලයි. දුක
පටන්ගන්නේ පාප මාර්ගයෙනි. රජෝප්‍රධාන් වූ සැනෙකින්ම ඔබ අසතුටට පත්වන්නේ නැහැ. ඔබගේ
කලාවන් ක්‍රමාණුකූලව පහත බසින්න පටන් ගනී. ප්‍රධානම පින්තූර නම් ත්‍රිමූර්ති, ලෝක
චක්‍රය සහ ස්වර්ගය හා අපාය පෙන්වන ගෝල දෙකයි. මේවා පළමුවෙන්ම පැහැදිලි කර දීම
අවශ්‍යයි. ගස පෙන්වන පින්තූරයේ, මුල් කල්ප භාගයත් අනෙක් කල්ප භාගයත් ගැන හොඳ
පැහැදිලි කිරීමක් කර තිබෙනවා. නිවැරදිවම යමක් කළ විට ඔවුන්ට එය සම්පූර්ණයෙන්ම
තේරුම් ගත හැකි වෙනවා. ඥානයේ සාගරය වන පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට මෙය කියා
දෙන්න බැහැ. ත්‍රිමූර්ති පින්තූරය අනිවාර්යෙන්ම අවශ්‍යයි. නැවත නැවත කියා දෙන්න.
සෑම කෙනෙක්ම සිහි කරනා අශාරීරික, අසීමිත පියා මොහුයි. ඔහු අපේ අසීමිත පියා වන බව
ජීවය දන්නවා. දුක දැනෙන මොහෝතේදී සෑම කෙනෙක්ම ඔහුව සිහි කරනවා. ස්වර්ණම යුගයේදී
ඔහුව සිහිකරන්න අවශ්‍ය නැහැ. ඒ සතුටේ දේශයයි. දේවතාවන් දිගින් දිගටම නැවත උපත්
ගන්නවා. කිසිම කෙනෙක් මෙයවත් දන්නේ නැහැ. සතෝප්‍රධාන් තත්ත්වයෙන් අපි රජෝ හා තමෝ
තත්ත්වයන් ලැබුවේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. ජීවයේ කහට බැඳිලා. උපත් 84ක තම චරිතය
රඟපෑ යුතු බව ඔබ දන්නවා. එම වාර්තාව අප තුළ නිවැරදිවම පටිගත වී තිබෙනවා. එවන් කුඩා
ජීවයන් තුළ විශාල චරිත කොටසක් පටිගත වී තිබෙනවා. ගැඹුරින්ම තේරුම් ගත යුතු දේ
මෙයයි. කිසිම මනුෂ්‍යයෙක්, පූජකවරයෙක් හෝ සන්යාසී කෙනෙක්ට මේ දේවල් තේරුම් ගන්න
බැහැ. නොයෙකුත් ක්‍රියාකාරකම් ගැන සඳහන් කළත් එය නාටකයක් නොවෙයි. මෙය නාටකයකි. මීට
පෙර, නාටක හෝ චිත්‍රපටි තිබුණේ නැහැ. මුලදී මිනිස්සු බැලුවේ නිහඬ චිත්‍රපටයි. නමුත්
දැන් ’කථන‘ ඒවාත් තිබෙනවා. ජීව වන අපිත් නිහඬතාවයේ සිට ’කථනය‘ට පැමිණෙනවා. ’කථන‘
වලින් අපි ’චලන‘ වලටත්, එතැනින් නිහඬතාවයටත් ගමන් කරනවා. වැඩිය කතා නොකරන ලෙස ඔබට
කියන්නේ අන්න ඒ නිසයි. රාජකීය අය කතා කරන්නේ ඉතාමත් හෙමින්. ඔබ සූක්ෂම කලාපයට යා
යුතුයි. සූක්ෂම කලාපයේ ඥානය ගැන පියා ඔබට පැහැදිලි කර කියා දී තිබෙනවා. මෙය ’කථන‘
ලෝකය වන අතර එය චලන ලෝකයයි. එහිදී ඔබ කතා කරන්නේ දෙවියන්ටයි. එහිදී, සුදු ආලෝකයක
ස්වරූපයක් තිබෙනා නමුත් කිසිම ශබ්දයක් නැහැ. ඔවුන් එකිනෙකා තේරුම් ගන්නේ ’චලන‘
භාෂාවෙනි. ’චලන’ ලෝකය ඔස්සේ ඔබ දැන් නිහඬ ලෝකය වෙත ගමන් කරනවා. පියා කියනවා මම
පළමුවෙන්ම සූක්ෂම ලෝකයත්, පසුව භෞතික ලෝකයත් නිර්මාණය කළ යුතුයි. අශාරීරික ලෝකය,
සූක්ෂම කලාපය හා භෞතික ලෝකය යනුවෙන් ලෝක තුනක් ගැන සඳහන් කරනවා. බ්‍රහ්මා, විශ්ණු
හා ශන්කර් සූක්ෂම කලාපයේ වැසියන් වන බවවත් බොහෝ මිනිසුන් දන්නේ නැහැ. එහි ලෝකයක්
නැහැ. එහි පෙනෙන්න සිටින්නේ බ්‍රහ්මා, විශ්ණු හා ශන්කර් පමණයි. ඔබ විශ්ණුව අත්
හතරකින් පෙන්වනවා. එයින් පෙන්වන්නේ මෙය පවුල් මාර්ගයක් වන බවයි. සන්යාසීන් අයිති
හුදෙකලා මාර්ගයටයි. එයත් පියා කියන නාටකයමයි. පියා කියනවා ප්‍රධානම දෙය නම්
’මන්මනාභව්‘ යන්නයි. අන් සියලු දෙයක්ම විස්තර පමණයි. කෙටියෙන් කියනවා නම්,
බීජයකුත්, ගසකුත් තිබෙනවා. බීජයක් දෙස බැලූ විට ඔබට මුළු ගසම ඉන් දැකිය හැකියි.
පියා බීජය වන අතර ඔහු ලඟ මෙම ගසේ හා ලෝක නාටකය පිළිබඳ වූ දැනුම ඇත. ලෝක නාටකය ගැන
කියන විස්තරය ගස පිළිබඳ වන විස්තරයට වඩා වෙනස්. මේ සියලුම දේවල් ගස පෙන්වන
පින්තූරයේ පෙන්වා තිබෙනවා. ඕනෑම ආගමක කාට හෝ මෙම පින්තූරය පෙන්වුවොත් ඔහුට ස්වර්ගය
වෙත යා නොහැකි බව ඔහු තේරුම් ගනීවි. භාරතය පෞරාණිකව තිබුණු කල, සිටියේ දේවතාවන්
පමණයි. අන් සෑම කෙනෙක්ම සිටියේ සාම දේශයේයි. බීජය හා ගස යන දෙක ගැනම ඔබ දන්නවා.
බීජය ඉහළ තිබෙනා අතර ඔහු හඳුන්වන්නේ ගසේ අධිපති ලෙසිනුයි. ඔබ දැන් පියාට අයිති අතර
එමනිසා, ඔබ මත දැන් බ්‍රහස්පති ග්‍රහයා ලබා ඇත. පියාට අයිති අය මත බ්‍රහස්පති
ග්‍රහයා ලබා ඇති බව සඳහන් කර තිබෙනවා. පසුව ශුක්‍රා හා බුධ යන ග්‍රහයින් ලබනවා.
බ්‍රහස්පති ග්‍රහයා ඇති අය සූර්ය වංශයේ කොටස්කරුවන් බවට පත්වෙනවා. බුධ ග්‍රහයා ලබා
සිටිනා අය පුරවැසියන් බවට පත්වෙනවා. ඔවුන්ට සේවය කිරීමේ හැකියාවක් නැහැ. පියාව සිහි
කරන්න බැරි නම්, ඔවුන් මෝඩයින් වෙනවා. ඒ තුළත්, ඔවුන් අංක පිළිවෙලෙහි වෙනවා. ඇතැම්
අය උසස් පුරවැසියන් බවට පත්වන අතර, අනිත් අය පහළ පුරවැසියන් වෙනවා. ධනවත්
පුරවැසියන් හා ඔවුන්ගේ සේවක සේවිකාවන් අතර ලොකු වෙනසක් තිබෙනවා. සෑම දෙයක්ම රඳා
පවතින්නේ අධ්‍යාපනය මතයි. අධ්‍යාපනයත් සතෝගුණී, රජෝගුණී හා තමෝගුණි වෙනවා.
අධිරාජ්‍යයක් නිර්මාණය වෙමින් පවතිනවා. දක්ෂ අය පියාව සිහි කරනවා. මුළු ගසම ඔබගේ
සිහියේ තිබෙනවා. ගුරුවරයෙක් හෝ නීතීඥයෙක් බවට පත්විය හැක්කේ ඉගෙනගැනීමෙන් පමණයි.
ගුරුවරයෙක් පසුව උගන්වනවා. සෑම කෙනෙක්ම ඉගෙන ගන්නවා. ඇත්තේ එක අධ්‍යාපනයයි ඇතැම් අය
ඉගෙනගෙන උසස් තත්ත්වයට පත්වෙනවා. අනෙක් අය ඉගෙනගත් තැනම ගුරුවරුන් බවට පත්වෙනවා.
තමන් ඉගෙන ගත් සෑම දෙයක්ම ඔවුන් උගන්වනවා. ඔබත් දැන් ඉගෙනගන්නවා. ඇතැම් අය ඉගෙනගෙන
ගුරුවරුන් වෙනවා. අන් අයවත් තමා හා සම තත්ත්වයට පත්කරවීම ගුරුවරයාගේ වගකීම යැයි
කියනවා. ඔබ ගුරුවරුන් වුණේ නැතිනම් අන් අයට උදව් කරන්නේ කෙසේද? ඉතිරි වී ඇත්තේ
ඉතාමත් ටික කාලයයි. විනාශය අනිවාර්යෙන්ම සිදුවේවි. එවිට ඔබගේ අධ්‍යාපනය අවසන්
වෙනවා. පසුව වසර 5000කින් අනතුරුව බාබා පැමිණ නැවතත් ඔබට උගන්වනවා. මෙම අධ්‍යාපනය
අවුරුදු සිය ගණනක් පුරා පවතින්නේ නැහැ. සෑම කෙනෙක්ටම ගුරුවරයෙක් වෙන්නත් බැහැ.
සියලු දෙනාම ගුරුවරුන් වුණානම් බොහෝ දෙනෙක් හොඳ උසස් ස්ථාන හිමිකර ගනීවි. එය
අනුක්‍රමිකයි. පළමුවෙන්ම පැමිණෙන ඕනෑම කෙනෙක්ට පියවරුන් දෙදෙනා පිළිබඳ වූ හැඳින්වීම
ලබා දෙන්න. මෙහි පින්තූරය තිබුණොත් බොහෝ දෙනා ඉතාමත් හොඳින් මේවා තේරුම් ගනීවි.
ත්‍රිමූර්ති පින්තූරය අනිවාර්යෙන්ම ඔබ ලඟ තිබිය යුතුයි. මොහු ශිව බාබා වන අතර, ඔහු
මී මුත්තා වන ප්‍රජාපිතා බ්‍රහ්මායි. ඉතින් එමනිසා, ඔහු අනිවාර්යෙන්ම පළමුවෙන්ම
පැමිණිය යුතුයි. බ්‍රහ්මා සෑමදෙනාම ඉදිරිපිට සිටිනවා. නිර්මාණය ඔහු හරහා සිදුවෙනවා.
ඔබ දැන් බ්‍රහමිණ්වරුන් බවට පත් වී ඇත. පසුව ඔබ දේවතාවරුන් බවට පත්වනු ඇත.
බ්‍රහමිණ්වරුන්ගේ ගස ඉතාමත් කුඩායි. දේවතාවන් සිටින්නේ ටික දෙනෙක් වන අතර පසුව
ඔවුන්ගේ ගණන වර්ධනය වනු ඇත. ඔබගේ අලුත් ගස දැන් ස්ථාපනය වෙමින් පවතී. අනිකුත්
ආගම්වල ජීවයනුත් තම තමන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා ඉහළ සිට පහළට පැමිණේ. බිමට
වැටීමක් ගැන මෙහිදී ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. ඔබගේ නව වෘක්ෂය දැන් ස්ථාපනය වෙමින්
පවතී. මායාත් ඔබ ඉදිරිපිටම සිටිනවා. ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් විය
යුතුයි. ලෝකය වෙනස් වන නිසා ඔබ පරිවර්ථනය විය යුතුයි, එමනිසා, ඔබ උත්සාහ දැරියි
යුතුයි. සංගම යුගයේදී දේවතා ධර්මය ස්ථාපනය වෙනවා. ස්වර්ණමය යුගය කොතෙක් කාලයක්
පවතිනවාද, පසුව එය කලි යුගය බවට පත්වන්නේ කෙසේද යන දේවල් ගැනත් ඔබට පෙන්වා දී
තිබෙනවා. කලි යුගයේදී සෑම කෙනෙක්ම තමෝප්‍රධාන් විය යුතුයි. ඔබට සතෝප්‍රධාන් විය
හැක්කේ තමෝප්‍රධාන් වුවහොත් පමණයි. ඔබ සතෝප්‍රධාන්ව සිටියා. නමුත් පසුව ජිවයේ කහට
බැඳුනා. දැන් පහළට පැමිණි අලුත් ජිවයක් වුණත් උපත් දෙකක්, තුනක් ගන්නවා. එවන්
කෙනෙක් තුළ ඉතාමත් ඉක්මණින් කහට බැඳෙනවා. ඒ කෙටි කාලය තුළදී එම ජීවය සතුටත් දුකත්
දෙකම අත්දකිනු ඇත. ඇතැම් ජීව එක් උපතක් පමණක් ගන්නවා. ජීව වල ආගමනය අවසන් වූ විට
විනාශය සිදුවනු ඇත. එවිට සියලුම ජීව නිවස බලා යා යුතු වේ. පව්කාර ජීවයනුත් පින්වත්
ජීවයනුත් එකට එකතුව නිවස බලා යනු ඇත. ඉන් අනතුරුව, පින්වත් ජීව පහළට පැමිණේ. සෑම
දෙයක්ම වෙනස් වන්නේ සංගම යුගයේදීයි. ඉතින් එමනිසා, දරුවන් වන ඔබ සම්පූර්ණ නාටකය
පිළිබඳ වූ සිහියේ සිටිනු ඇත. සම්පූර්ණ ඥානය පියා සතුව ඇත. ඔහු කියනවා මම පැමිණ
ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ සියලුම රහස් ඔබට ලබා දෙනු ඇත. භක්ති මාර්ගයේදී මම
ඔබට දැනුම කියා දෙන්නේ නැහැ. භක්තිවන්තයින් මා සිහි කරනා විට, මම ඔවුන්ට දර්ශන ලබා
දෙනවා. මගේ චරිත කොටසත් ආරම්භ වන්නේ භක්ති මාර්ගය ඇරඹුණු දා සිටයි. ස්වර්ණමය
යුගයේදී හා රිදී යුගයේදී මම විශ්‍රාමිකව සිටිමි. දරුවන්ව සතුටු ලෝකයට පිටත් කර
ඇරියායින් පසුව මට වෙන මොනවද කරන්න තිබෙන්නේ? මම ටිකක් විවේක ගන්නවා. විශ්‍රාම
ගැනීමේ සිරිත ඇත්තේ භාරතයේයි. අසීමිත පියා කියනවා මම විශ්‍රාමිකව සිටිමි. ගුරූ
වශයෙන් පැමිණ අපව විශ්‍රාමය කරා ගෙන යන්නේ අසීමිත පියා පමණයි. මිනිස්සු දෙවියන්ව
සොයා ගැනීම සඳහා ගුරූන් ලඟට යනවා. ඔවුන් ග්‍රන්ථ කියවනවා. වන්දනා ගමන් යනවා. ගංඟාවල
නානවා. කොහොමනමුත්, ඔවුන්ට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ දැන් අසීමිත පියාව
සොයාගෙන සිටිනවා. ඔහු ඔබව දුකින් ගලවාගෙන රාවණ්ගේ රාජ්‍යයෙන් මුදවාගෙන රාමාගේ
රාජ්‍යය වෙත ගෙන යනවා. රාවණ්ගේ දුකින් ඔබව ගලවා ගැනීම සඳහා අසීමිත පියා පැමිණෙන්නේ
එකම එක වතාවයි. අන්න ඒ නිසා තමයි ඔහුව ගැලවුම්කරු කියා හඳුන්වන්නේ. ස්වර්ණම
යුගයේදී, එය රාමාගේ රාජ්‍යය වෙනවා. අනෙකුත් සියලුම ජීව සාම දේශය වෙත යනු ඇත. තමාගේ
ජීවයේ ධර්මය වන්නේ සාමය බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජීව නොසන්සුන්තාවයකට පත් වී
සාමය ගැන සිතන්න පටන් ගන්නේ මෙහි පැමිණ තමන්ගේ චරිත රඟපාන්න පටන් ගත් විටයි. ජීව
යනු සාම දේශයේ නේවාසිකයන්ය. ජීවය දැන් කියනවා මට සාමය අවශ්‍යයි. මගේ මනසට සාමය
අවශ්‍යයි. ජීවයකට මනසකුත්, බුද්ධියකුත් තිබෙනා බව පැහැදිලි කර දී තිබෙනවා. ජීවය
සාමයේ ප්‍රතිමූර්තියක්, එය රඟපෑම සඳහා මෙහි පැමිණෙනවා. ඔහු මෙහිදී සාමය අත්දකින්නේ
කෙසේද? මේ නොසන්සුන් බවේ දේශයයි. ස්වර්ණමය යුගයේදී සාමයත්, සතුටත් දෙකම තිබෙනවා.
පාරිශුද්ධත්වය හා සෞභාග්‍යයත් තිබෙනවා. පියා පැහැදිලි කර කියා දෙනවා ඔබට සතුට,
සාමය, සෞභාග්‍යය සියල්ලම තිබුණා. ඔබ දැන් අන් අයට පැහැදිලි කර දිය යුතුයි. මීට පෙර
කල්පයේදී තමාගේ උරුමය දිනාගත් අය දැනුත් මේවා හොඳින් තේරුම් ගැනීමට උත්සාහ දරාවි.
ප්‍රමාද වී පැමිණියත් පරණ අයට වඩා ඉතාමත් හොඳින් ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන්.
අවසානයේදී පැමිණෙන අයට වඩාත් හොඳ කරුණු දැන ගැනීමට අවස්ථාව උදා වේවි. මන්ද, දවසින්
දවස මෙම ඥානය ඉතාමත් පහසු වෙනවා. තමන් සියලු දේම තේරුම් අරගෙන සිටිනා බව ඔවුන්
දන්නවා. නමුත් දැන් ඔවුන් තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වීමට උත්සාහ දැරිය
යුතුයි. ඒ සඳහා ඉතාමත් හොඳ උත්සාහයක් දැරිය යුතුයි. ඉතිරි වී ඇත්තේ ඉතාමත් කෙටි
කාලයක් බව ඔවුන් දන්නවා. හැකි උපරිම ආකාරයෙන් උත්සාහ දැරීමේ කාර්යයේ නිරත වී සිටිය
යුතුයි කියා ඔවුන් සිතනවා. මරණයට පෙර ඔවුන් එම උත්සාහය දැරිය යුතුයි. වාර්තාවක් තබා
ගත යුතුයි. අධ්‍යාපනය ඉතාමත් පහසුයි. එයට අමතරව, ස්මරණය පිළිබඳ ගැටළුවකුත් තිබෙනවා.
ඕ මනස, හිමිදිරි උදෑසන රාමා සිහි කරන්න කියා සඳහන් වී තිබෙනවා. ජීවය කියනවා ඕ මනස,
රාමා සිහි කරන්න! භක්ති මාර්ගයේදී රාමා යනු කවුදැයි කිසිම කෙනෙක් දන්නේ නැහැ.
මිනිස්සු කතා කරන්නේ රඝූ කුළයේ සිටිනා රාමා රජු ගැනයි. මිනිස්සු ඒ තරම් පටලැවිලි
සාදාගෙන තිබෙනවා. සෑම කෙනෙක්ගේම පියා වන රාමා කවුද? මිනිස්සු කිසිම දෙයක් තේරුම්
ගන්නේ නැහැ. කාලය හා මුදල් අපතේ හරිනවා. දරුවන් වන ඔබට මම ලෝකයේ අධිරාජ්‍යය නම් වූ
වාසනාව ලබා දුන්නා. ඉන් ඔබ කළේ කුමක්ද? වසර 5000කට පෙර ඔබට ස්වාධිපත්‍යය ලබා
දුන්නා. එය අහිමි කර ගත්තේ කෙසේද? දිගටම පහළට බැසගෙන එන්නේ කෙසේදැයි කියා දැන් ඔබ
දන්නවා. දැන් ඔබ නැවතත් වර්ධනය විය යුතුයි. වර්ධනය වීම සඳහා ගතවෙන්නේ එක තත්පරයයි.
නමුත් පරිහාණිය කරා යාමට වසර 5000ක් ගත වෙනවා. බ්‍රහ්මාට විශ්ණු වීමට එක
තත්පරයකුත්, විශ්ණුට බ්‍රහ්මා වීමට වසර 5000කුත් ගත වෙනවා. බාබා ඔබට කරුණු රාශියක්
කියා දෙනවා. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබ දැන්
’කථන‘ තත්ත්වයේ සිට ’චලන‘ තත්ත්වයටත්, චලන බවින් නිහඬ බවටත් පැමිණිය යුතුයි. ටිකක්
කතා කරන්න. සුහදව සහ මනා රාජකීයත්වයකින් යුතුව කතා කරන්න.
2. දැනුම අවබෝධ කර
ගැනීමෙන් පසුව සතෝප්‍රධාන් වීමට හොඳ උත්සාහයක් දරන්න. ස්මරණයේ වාර්තාවක් තබා ගන්න.
වරදානය:
ඔබ මෙම ලෝකය
කෙරෙහි ඇති බැඳීම් වලින් නිදහස් වී, සූක්ෂම ලෝකය පුරා පියාසර කරන පක්ෂියෙකු වේවා.
ඔබේ බුද්ධිමය යානය
මගින් සූක්ෂම ලෝකය සහ අශාරීරීක ලෝකය පුරා සැරිසැරීම සඳහා, පියාසර කරන පක්ෂියෙකු
වන්න. ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක, අවශ්‍ය ඕනෑම තැනකට යාමට ඔබේ බුද්ධිය භාවිත කරන්න.
මෙය කළ හැක්කේ ඔබ මෙම ලෝකය කෙරෙහි ඇති බැඳීම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වූ විට
පමණි. මෙම ලෝකය නීරස එකකි; කිසිදු ලැබීමක් නොමැති මෙම නීරස ලෝකය සමඟ ඔබට කිසිදු
සම්බන්ධයක් නොමැති විට, ඔබේ බුද්ධියෙන් එහි යාම ඔබ නැවැත්විය යුතුය. මෙම ලෝකය අපායේ
අතිශය ගැඹුරු ස්ථානයක පවතී; එබැවින් මෙම ලෝකයට යාම පිළිබඳ කිසිදු සිතිවිල්ලක් හෝ
සිහිනයක්වත් ඇති කර නොගන්න.
පාඨය:
ඔබේ මුහුණ සහ
ක්‍රියාකාරකම් තුළින් සත්‍යය සහ යහපත් ගුණාංග පිළිබඳ අත්දැකීමක් ලබා දීම උතුම්
ක්‍රියාවකි.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
අන් අයව ඉහළ නැංවීමේ
සහ දයාවේ හැඟීම් වලින් පිරී සිටින අය නිරන්තරයෙන්ම තෘප්ති මාණික්‍යයන් බවට පත්වේ;
ඔවුන් තමන් තුළම තෘප්තිමත් වන අතර අන් අයව ද තෘප්තිමත් කරවති. ඔවුන්ගේ ආශ්චර්යය
වන්නේ බලාපොරොත්තු සුන් වූවන් තුළ බලාපොරොත්තුවක් ඇති කිරීමයි. ඔවුන්ගේ
බලාපොරොත්තුවේ පහන් නිරන්තරව දල්වා ඇත්තේ අන් අය බලාපොරොත්තු රහිත බව පෙන්නුම් කළ
පුද්ගලයින් සහ තත්වයන් සඳහා ය. අන් අයව ඉහළ නැංවීමේ යහපත් ප්‍රාර්ථනා සමඟින්, ඔවුන්
සෙනෙහස, බලය, මිහිරි වචන සහ උද්යෝගයේ සහ උනන්දුවේ සහයෝගය ලබා දෙමින් අධෛර්යයට පත්
වූ ජීවාත්මයන්ව බලවත් කරවයි; එනම්, ඔවුන් යාචකයන්ව අධිරාජ්‍යයන් බවට පත් කරවනවා ඇත.