07.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඉතාමත් ඉහළම දිව්‍යමය ගුණධර්මය නම් නිහඬව සිටීමයි, එනම්, ශබ්ද නගා කතා නොකිරීම හා මිහිරිව කතා කිරීමයි. දරුවන් වන ඔබලා දැන් මෙම කථන ලෝකයෙන් චලන ලෝකයටත් එතැනින් නිහඬතාවයටත් යාමටයි සිටින්නේ. එමනිසා, අනවශ්‍ය ලෙස ශබ්දයට එන්න එපා.

ප්‍රශ්නය:
අනිකුත් සියලුම දිව්‍යමය ගුණධර්මත් ඉතාමත් පහසුවෙන් උකහා ගත හැකි වන්නේ කුමන ප්‍රධාන ගුණය උකහා ගැනීම තුළින් ද?

පිළිතුර:
ප්‍රධානම ධාරණාව වන්නේ පාරිශුද්ධත්වයයි. දේවතාවරුන් පාරිශුද්ධයි. මෙන්න මේ නිසා තමයි ඔවුන් තුළ දිව්‍යමය ගුණධර්ම තිබෙන්නේ. මෙම ලෝකයේ කිසිම කෙනෙක්ට දිව්‍යමය ගුණධර්ම නැහැ. රාවන්ගේ අධිරාජ්‍යය තුළ දිව්‍යමය ගුණධර්ම තිබිය හැක්කේ කෙසේද? රාජකීය දරුවන් වන ඔබලා දැන් දිව්‍යමය ගුණධර්ම උකහා ගනිමින් සිටිනවා.

ගීතය:
අහිංසකත්වයේ දෙවියන් තරම් අසහාය කෙනෙක් තවත් නොමැත.

ඕම් ශාන්ති.
පළුදු වී ඇති සියල්ල ප්‍රාණවත් කළ හැක්කේ ඒකායන කෙනාටම පමණක් බව දරුවන් වන ඔබලාට දැන් තේරෙනවා. භක්ති මාර්ගයේ දී මිනිස්සු බොහෝ අය ළඟට යනවා. වන්දනා ගමන් රැසක්ම යනවා. පළුදු වූ සියල්ල ප්‍රාණවත් කළ හැක්කේ එකම එක කෙනාට පමණී. අපිරිසිදු අයව පාරිශුද්ධත්වයට පත් කරවන්නාට පමණී. මුක්තිය දානය කරන්නා. මඟ පෙන්වන්නා හා ගැලවුම්කරු වශයෙන් සිටින්නේ ද එකම එක කෙනෙක් පමණී. මේ සියල්ල ඔහුගේ කීර්තියයි. කොහොමනමුත්, මිනිසුන් ගණනාවක්. ආගම් ගණනාවක්, නිකායන් ගණනාවක් හා ග්‍රන්ථ ගණනාවක් තිබෙනා නිසා මිනිස්සු විවිධ මාර්ග වලින් සත්‍යය සොයනවා. සාමය හා සතුට බලාපොරොත්තුවෙන් ඔවුන් සත්සන් (ආධ්‍යාත්මික කණ්ඩායම්) සොයා යනවා. එවත් සත්සන් වලට නොයනා අය මායාගේ කුල්මත් බවින් කුල්මත් වී සිටිනවා. දැන් මේ ඇත්තේ කලි යුගයේ අවසානය බව දරුවන් වන ඔබලා දන්නවා. සත් යුගය බිහි වන්නේ කවදාද දැන් ඇත්තේ කුමන යුගයදැයි කියා කිසිම දෙයක් මිනිස්සු දන්නේ නැහැ. ඕනෑම දරුවෙකුට මෙය තේරුම් ගත හැකියි. තව ලෝකයේ අනිවායෙන්ම සතුට ඇති අතර පැරණී ලෝකයේ ඇත්තේ දුකයි. මෙම පැරණී ලෝකයේ මිනිසුන් බොහෝ පිරිසක් සිටිනා අතර ආගම් ගණනාවකුත් තිබෙනවා. අතීතයේ සත් යුගය තිබුණු අතර දැන් ඇත්තේ කලි යුගය බව ඔබට ඕනෑම කෙනෙකුට විස්තර කර කියා දිය හැකියි. සත් යුගයේ තිබුණේ එකම එක ආදි සනාතන දේවි දේවතා ධර්මය පමණී. එහි වෙන කිසිම ආගමක් තිබුණේ නැහැ. බාබා මෙය ඔබට නොයෙක් වර පැහැදිලි කර ඇති අතර දැන් නැවතත් කියනවා. පැමිණෙන ඕනෑම කෙනෙක්ට පැරණී ලෝකයේත් අළුත් ලෝකයේත් වෙනස පෙන්වා දෙන්න. ඔවුන් මොනවා කිව්වත් කමක් නැහැ. සෑම කල්පයකම කාල පරාසය වසර 10,000ක් කියා ඇතැම් අය කියනවා තවත් පිරිසක් කියනවා වසර 30,000ක් කියලා. විවිධ මත ගණනාවක් තිබෙනවා. ඔවුන් ලඟ ඇත්තේ ග්‍රන්ථ වල මඟ පෙන්වීමයි. ග්‍රන්ථ රැසකුත් උපදෙස් රැසකුත් තිබෙනවා: ඒ සියල්ල මිනිසුන්ගේ උපදේශයනුයි. ග්‍රන්ථ පවා ලිව්වේ මිනිසුනුයි. දේවතාවරුන් ඒවා ලිව්වේ නැහැ. සත් යුගයේ තිබුණේ දේවතා ධර්මයයි. ඔවුන්ව මිනිසුන් කියා හඳුන්වත්තේ නැහැ. ඔබට මුණ ගැසෙතා සෑම ඥාති හිත මිතුරෙකුටම මේ සියල්ල කියන්න. මේ දේවල් ගැන සිතා බැලිය යුතුයි. අළුත් ලෝකයේ ඉන්නේ මිනිස්සු ඉතාමත් ටික දෙනයි. නමුත් පැරණී ලෝකයේ ජනගහනය බොහෝ සෙයින් වර්ධනය වෙලා. සත් යුගයේ තිබුණේ එකම එක දේවතා ධර්මයක් පමණක් වන අතර මිනිසුන් පවා ඉතාමත් ටික දෙනයි හිටියේ. දිව්‍යමය ගුණධර්ම ඇත්තේ දේවතාවරුන්ට පමණී; මිනිසුන්ට ඒවා නැහැ. මෙත්ත මේ නිසා තමයි මිනිසුන් මෙම කලි යුගයේ දී දේවතාවරුන්ට නමස්කාර කරන්නේ, ගුණ ගායනා කරන්නේ. දේවතාවරුන් දිව්‍යලෝකයේ සිටි අතර තමන් සිටින්නේ මෙම කලි යුගය වන අපායේ බව ඔවුන් දන්නවා. මිනිසුන්ට දිව්‍යමය ගුණධර්ම තිබෙත්ත බැහැ. අහවල් අහවල් කෙනා ලඟ මෙතරම් දිව්‍යමය ගුණධර්ම තිබෙනවා කියා කෙනෙක් කිව්වොත් ඔහුට කියන්න: නැහැ. පාරිශුද්ධව සිටින්නේ දේවතාවරුන් පමණී. එමනිසා, දිව්‍යමය ගුණධර්ම ඇත්තේ දේවතාවරුන්ට පමණී. මෙහි කිසිම කෙනෙක් පාරිශුද්ධ නැති නිසා කිසිම කෙනෙක් ලඟ දිව්‍යමය ගුණධර්ම නැහැ. මෙය රාවන්ගේ යක්ෂ රාජ්‍යයයි. දිව්‍යමය ගුණධර්ම සහිත දේවතාවරුන් අයිති වන්නේ අළුත් ගසටයි. පසුව එම ගස පරණ වෙනවා. දිව්‍යමය ගුණධර්ම සහිත කිසිම කෙනෙක්ට රාවන්ගේ රාජ්‍යයේ ඉන්න බැහැ. සත් යුගයේ ඇත්තේ ආදි සනාතන දේවි දේවතා ධර්මයට අයත් පවුල් මාර්ගයයි. පවුල් මාර්ගයේ සිටිනා අයගේ ගුණ ගායනා කෙරෙනවා. සත් යුගයේ දී අප පාරිශුද්ධ දේවතාවරුන්ය. එහි අත්හැරීමේ මාර්ගයක් නැහැ. ඔබට කරුණු ගණනාවක් ලැබෙනවා. කොහොමනමුත්, මේ සියලුම කරුණු කිසිම කෙනෙකුගේ සිහියේ රැඳෙන්නේ නැහැ. කරුණු අමතක වන නිසා ඔබ අසමත් වෙනවා. ඔබ දිව්‍යමය ගුණධර්ම උකහා ගන්නේ නැහැ. මේ එකම එක දිව්‍යමය ගුණධර්මය ඉතාමත් හොඳයි: කිසිම කෙනෙක්ට ඕනෑවට වඩා කතා නොකිරිමත් මිහිරිව, අඩුවෙන් කතා කිරීමත් ඉතාමත් හොඳයි. මන්ද දරුවන් වන ඔබලා දැන් මෙම කථන ලෝකයෙන් චලන ලෝකයට එතැනින් නිහඬ ලෝකයටත් යා යුතුයි. එමනිසා, ඕනෑවට වඩා කතා කිරීම නවත්වන්න. ඉතාමත් අඩුවෙන් මිහිරිව කතා කරනා කෙනෙක් රාජකීය පවුලකට අයත් කෙනෙක් බව වැටහෙනවා. නිරන්තරයෙන් ඔබගේ කටින් මුතු මැණීක්ම පිට වීමට ඉඩ හරින්න. ඔබ කාට කතා කළා වුණත්, සන්යාසී කෙනෙක්ට කතා කළත්, පැරණී ලෝකයත් නව ලෝකයත් අතර වෙනස ඔහුට පැහැදිලි කර කියා දෙන්න. සත් යුගයේ දිව්‍යමය ගුණධර්ම ඇති දේවතාවරුන් සිටියා: ඒක ගෘහවාසී ජීවන මාර්ගයක්. ඔබ සන්යාසීවරුන්ගේ ආගම් ඊට වඩා වෙනස්. ඒ වුණත්, නව ලෝකය සතෝප්‍රධාත්ව තිබුණු බවත් දැන් එය තමෝප්‍රධාත් වී ඇති බවත් ඔබට තේරෙනවා. ජීව තමෝප්‍රධාන් වුණු විට ඔවුනට ලැබෙන්නේ තමෝප්‍රධාත් ශරීර දැන් මේ ඇත්තේ අපිරිසිදු ලෝකයයි. සෑම කෙනෙක්වම හැඳින්වෙන්නේ අපිරිසිදු අය වශයෙනුයි. එය පාරිශුද්ධ සතෝප්‍රධාන් ලෝකයයි. ඒ නව ලෝකය පසුව පැරණී වෙනවා. දැනට සියලුම මිනිසුන් අදේවවාදීන්. මෙන්න මේ නිසා තමයි කෝලාහල ගණනාවක් ඇති වන්නේ. තමන්ගේ පාලකයා. අයිතිකරු ගැන දන්නේ නැති නිසා. ඔවුන් දිගටම රණ්ඩු සරුවල් කර ගන්නවා. නිර්මාපකයාත් නිර්මාණයත් ගැන දන්නා අයව හඳුන්වන්නේ දේවවාදීන් ලෙසයි. අත්හැරීමේ ධර්මයට අයිති අය නව ලෝකය ගැන දන්නේ නැහැ. එමනිසා, ඔවුන් එහි යන්නේවත් නැහැ. සෑම ජීවයක්ම දැනට තමෝප්‍රධාන් බව පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. දැන් කාටද පුළුවන් සෑම ජීවයක්වම සතෝප්‍රධාන් කරවන්න? බාබාටම පමණයි මෙය කළ හැක්කේ සතෝප්‍රධාන් ලෝකයේ සිටින්නේ මිනිසුන් ඉතාමත් ටික දෙනයි. ඒ කල අන් සියලු දෙනාම සිටින්නේ මුක්ති දේශයේයි. එය ජීව වන අප වාසය කරනා බ්‍රහ්ම ලෝකයයි. එය හඳුන්වන්නේ බ්‍රහ්මාණ්ඩය කියලයි. ජීව අවිනාශීයි. මෙය සෑම ජීවයකටම රඟපෑමට චරිතයක් ඇති සදාතනික වූ නාටකයකි. මෙම නාටකය ඇරඹුණේ කවදාදැයි කියා කිසිම කෙනෙක්ට කියන්න බැහැ. මෙම නාටකය සදාකාලිකයි. පැරණී ලෝකය නව ලෝකයක් බවට පත් කරවීමට පමණයි පියා පැමිණෙන්නේ. පියා නව ලෝකයක් නිර්මාණය කරනවා නොවෙයි. මිනිසුන් අපිරිසිදු වූ විට, ඔහුට කන්නලව් කරනවා. සත් යුගයේ සිටිනා කිසිම කෙනෙක් එම ලෝකය පාරිශුද්ධ ලෝකයක් නිසා ඔහුට කන්නලව් කරන්නේ නැහැ. රාවන් ඔබව අපිරිසිදු කරවනා අතර පසුව උත්තරීතර පියා වන උත්තරිතර ජීවය ඔබව පාරිශුද්ධ කරවනවා. බ්‍රහ්මාගේ දවසත් බ්‍රහ්මාගේ රාත්‍රියත් සම සමව පවතින බව සඳහන් කරනවා. දවස උදා වන්නේ දැනුමිනි. එහි අවිද්‍යාවක් නැහැ. භක්ති මාර්ගය අවිද්‍යාවේ අඳුරු මාර්ගය කියා හැඳින්වෙනවා. නැවත උපත් ගනිමින් එන අතර දේවතාවරුන් අන්ධකාරයට ඇතුළු වෙනවා. මිනිසුන් සතෝ, රජෝ හා තමෝ යන මට්ටම් පසු කර යන්නේ කෙසේද කියා ඉණීමඟ පින්තූරයේ පෙන්වා ඇත්තේ මෙන්න මේ නිසායි. සෑම කෙනෙක්ම දැන් සිටින්නේ සම්පූර්ණ දිරාපත් තත්ත්වයක. පියා පැමිණෙන්නේ ඔබව එහාට මාරු කර යැවීමටයි. එනම් මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත් කරවීමටයි. දේවතාවරුත් සිටිනා විට යක්ෂ ගති ඇති මිනිසුත් ඇත්තේ නැහැ. දැන්, යක්ෂ ගති ඇති අයව දිව්‍යමය ගුණාංග ඇති අය බවට පත් කරවන්නේ කවුද? දැන් ආගම් ගණනාවක් තිබෙනා අතර මිනිසුන් ගණනාවකුත් සිටිනවා. ඔවුන් දිගටම රණ්ඩු සරුවල් වෙනවා. සත් යුගයේ ඇත්තේ එකම එක ආගමක් පමණී. එහි කිසිම දුකක් නැහැ. ග්‍රන්ථ වල බොරු කතාන්දර රෑසක් ලියා තිබෙනවා; උපතක් උපතක් පාසා මිනිස්සු ඒවා කියව කියවා සිටියා. පියා කියනවා: ඒ ග්‍රන්ථ සියල්ල අයිති භක්ති මාර්ගයටයි. කිසිම කෙනෙකුට ඒවා මාර්ගයෙන් මා ලඟට පැමිණීය නොහැකියි. මම ම පැමිණ සැමටම මුක්තිය දානය කරන්නේ එකම එක වතාවයි. කිසිම කෙනෙක්ට නිකම්ම නිවස බලා යා නොහැකියි. ඔවුන්ව වාඩි කරවා ඉවසීමෙන් පැහැදිලි කර කියා දෙන්න. කිසිම වාදයක් නොතිබීය යුතුයි. ඒ මිනිසුන් සිටින්නේ ඔවුන්ගේ අහංකාරත්වයෙන්. සන්යාසීන් හා පූජකවරුන්ට තම තමන්ගේ අනුගාමිකයින් සිටිනවා. ඔහු බ්‍රහ්ම කුමාරීන්ගේ විජ්ජාවට හසු වෙලයි කියා එක ක්ෂණයකින්ම ඔවුන් කියාවි. ඥානවන්ත පුද්ගලයෙක් නම් මේ කරුණු ගැන ටිකක් සිතා බැලිය යුතුයි කියා කියාවි. ප්‍රදර්ශන හා සංදර්ශන වලට සෑම ආකාරයකම පුද්ගලයින් පැමිණෙනවා. ඒ කවුරු හෝ ඔබගේ ප්‍රදර්ශන වලට පැමිණීයහොත්, බාබා ඔබට මහත් ඉවසීමකින් සියල්ල පැහැදිලි කරනවා සේ ඔවුන්ටත් ඉවසීමෙන් පැහැදිලි කර කියා දෙන්න. වැඩි සද්දෙන් කතා කරන්න එපා. ප්‍රදර්ශන වලට බොහෝ අය එකට එකතු වෙනවා. එමනිසා, ඔවුනට කියන්න: තමාට ටිකක් කාලය දී තමන්ම පැමිණ අවබෝධ කර ගත්ත. නිර්මාපකයාත් නිර්මාණය ගැනත් වූ රහස් මා ඔබට කියා දෙන්නම්. නිර්මාණකරු වන පියාට පමණයි නිර්මාණයේ මුල, මැද හා අග ගැන කියා දිය හැක්කේ. අනිත් සෑම කෙනෙක්ම නෙති, නෙතී (ඒකත් නැහැ මේකත් නැහැ) කියා කියනවා විතරයි. එක පුද්ගලයෙක්ටවත් දැන්ම ආපසු යන්න බැහැ. දැනුම තුළින් ජීවන මුක්තිය ලද්දායින් අනතුරුව තවත් දැනුමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට මෙය ඔබට පැහැදිලි කරන්න බැහැ. පරිණත පුද්ගලයෙක් පැහැදිලි කරනා විට. ඔහු අත්දැකීම් ඇති අයෙක් සත්සන් වලට ගිහින් ඇති කෙනෙක් කියා මිනිස්සු සිතනවා. පොඩි ළමයෙක් කියා දුන්නොත්, මෙයා මොනවාද දන්නේ කියා සිතනවා. එමනිසා, වැඩිමහල් පරිණත අය වන ඔබලාට ඔවුන් මත බලපෑමක් ඇති කළ හැකියි. මෙම දැනුම ඔබට ඉගැන්වීම සඳහා පියා පැමිණෙන්නේ එකම එක වතාවයි. ඔහු ඔබලාව තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් කරවනවා. ඔබ මව්වරුන් අන් අයත් සමඟ වාඩි වී ඔවුන්ට මෙය කියා දුන්නොත් ඔවුන් සතුටු වේවි. ඔවුන්ට කියන්න: දැනුමේ සාගරය වන පියා අමෘතයේ කලස අප මව්වරුන්ට දී තිබෙනවා. අපි පසුව එය අන් අයට කියා දෙනවා. දිගටම ලොකු නිහතමානීත්වයකින් කතා කරන්න. දැනුමේ සාගරය වන්නේ ශිවා පමණී, ඔහු එම දැනුම අපට දෙනවා. ඔහු කියනවා: මම මව්වරුන් වන ඔබලා තුළින් මුක්තියේත් ජීවන මුක්තියේත් දොරටු විවෘත කරනවා. වෙන කිසම කෙනෙක්ට එය කළ නොහැකියි. අපි සෑම කෙනෙක්ම උත්තරිතර ජීවය සමඟ ඉගෙන ගනිමු. අපට උගත්වත්තේ මනුෂ්‍යයෙක් නොවෙයි. උත්තරීතර ජීවය වන උත්තරීතර පියා තමයි දැනුමේ සාගරය වන්නේ. ඔබ සෑම කෙනෙක්ම භක්තියේ සාගරයි. ඔබලා භක්තියේ මිස දැනුමේ අධිකාරින් නොවෙයි. මා පමණයි දැනුමේ අධිකාරිත්වය ඇත්තා. මිනිස්සු ගුණ ගායනා කරන්නේ මේ එකම එක කෙතා ගැන පමණයි. ඔහු පමණයි ඉහළම ඉහළ කෙනා. අපි විශ්වාස කරන්නේ ඔහුව පමණී. බ්‍රහ්මා මාර්ගයෙන් ඔහු අපට කියා දෙන නිසා තමයි බ්‍රහ්ම කුමාරින් හා බ්‍රහ්ම කුමාරයිත්ව සිහිපත් කෙරෙන්නේ. ඔවුන් සමඟ අසුත් ගෙත ඉතාමත් මිහිරිව මේ ආකාරයෙන් ඔවුන්ට පැහැදිලි කර කියා දෙත්ත. කෙනෙක් කෙතරම් උගත් කෙනෙක් වුණත් ඒත් ඔහු ප්‍රශ්න රෑසක් අසාවි. පළමුවෙන්ම. ඔවුන් තුළ පියා කෙරෙහි විශ්වාසයක් ඇති කරවන්න. ඔවුන්ට කියන්න: පළමුවෙන්ම, පියා නිර්මාණකරු ද නැද්ද යන්න අවබෝධ කර ගන්න. ශිව බාබා පමණයි සියල්ලගේ නිර්මාණකරු. ඔහු දැනුමේ සාගරයයි. ඔහු පියා, ගුරුවරයා හා ගුරු වේ. නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳ වූ දැනුම අපට දෙන්නේ එකම එක පියා වන නිර්මාණකරු පමණක්ය යන විශ්වාසය බුද්ධියේ තිබීය යුතුයි. අපට පැහැදිලි කරන්නේ ඔහු පමණයි. ඔහු අපට පැහැදිලි කරන්නේ හරි දේ පමණී. එවිට කිසිම කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් අසන්න බැහැ. පියා පැමිණෙන්නේ සංගම යුගයේ දී පමණී. ඔහු කියන්නේ: මා සිහිපත් කරන්න. ඔබගේ පව් දැවී යාවි කියායි. මාගේ රාජකාරිය අපිරිසිදු අයව පාරිශුද්ධ කරවීමයි. දැන් ලෝකය තමෝප්‍රධාත් වෙලා. පාරිශුද්ධකරු වන පියා පැමිණෙන තෙක් කිසිම කෙනෙක්ට ජීවන මුක්තිය ලබන්න බැහැ. ඒ සෑම කෙනෙක්ම ගංගා නදියේ දිය නෑමට යනවා. එමනිසා. ඒ සෑම කෙනෙක්ම අපිරිසිදු අය විය යුතුයි. ගංගාවල නාත්ත කියා මා ඔබට කියන්නේ නැහැ. මම කියන්නේ: මා පමණක් සිහිපත් කරන්න. ආදරවන්තියන් වන ඔබ සියලු දෙනාගේම ආදරවන්තයා මමයි. සෑම කෙනෙක්ම සිහිපත් කරන්නේ එකම එක ආදරවන්තයාවයි. නිර්මාණයේ නිර්මාපකයා වන්නේ එකම එක පියායි. ඔහු කියනවා: ජීව අවධානයට පත්ව මා සිහි කරන්න. මෙම යෝගා ගින්නෙන් ඔබගේ සියලුම පාප දැවී හළු වී යනු ඇත. පැරණී ලෝකය පරිවර්ථනය විය යුතු මෙම කාලයේ දී පමණයි පියා පැමිණ මෙම යෝගාව උගන්වන්නේ. විනාශය ඉදිරියේමයි. අපි දැන් දේවතාවරුන් වෙමින් සිටිමු. පියා සෑම දෙයක්ම ඉතාමත් පහසුවෙන් කියා දේ. පියා ඉදිරියේම සිට පියාට ඇහුම් කන් දෙන ඔබගෙන් ඇතැම් අය ඇහුම් කන් දීමේ දී එතරම්ම ස්ථාවර නැහැ. ඔබගේ සිහිය නිතර නිතර වෙනත් දිසා වෙතට ඇදී යනවා. මුළු දවසම අපතේ හරිනවා. භක්තිය සඳහා වෙන් කර ඇති වෙලා වලදී පවා ඔවුන්ගේ සිහිය එහෙ මෙහෙ සෑම තැනකටම යනවා. ඒ දේම ඇතැම් විට සෑම කෙනෙක්ටම වෙනවා මායා නිසා. ඇතැම් දරුවන් පියා ඉදිරියේ අසුන් ගෙන සිටිය දී ධ්‍යන වලට යනවා. ඒ වෙලාවත් කාලය නාස්ති කිරීමක්. ඉන් කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. පියා කියනවා: ස්මරණයේ සිටින්න ඔබගේ පාප දුරු වී යාවි. ධ්‍යාන වලට යන විට ඔබගේ සිහිය පියාගේ ස්මරණයේ රැඳෙන්නේ නැහැ. මෙම කාරණා පිළිබඳව ගොඩාක් පටලැවිලි තිබෙනවා. ඇස් වහන්නවත් එපා. ඔබ බාබාව ස්මරණය කළ යුතුයි. ඇස් ඇරගෙන සිටිමට බය වෙන්න එපා. ඇස් විවෘතව තබා ගෙන සිටිමින් සිහියේ එකම එක ආදරවන්තයාව පමණක් තබා ගෙන සිටින්න. ඇස් වසාගෙන සිටිම මෙහි සිරිත නොවෙයි. පියා කියනවා: ස්මරණයෙන් සිටින්න. ඔහු ඔබට ඇස් වහන්න කියා කියන්නේ නැහැ. ඇස් වහගෙන ඔළුව නමා ගෙන හිටියොත් බාබා කොහොමද ඔබව දකින්නේ? කවදාවත් ඇස් වහන්න එපා. ඇස් වැහුවොත්. මොකක් හරි වැරැද්දක්. ඔබ වෙත කාව හරි මතක් කරනවා ඇති. බාබා කියනවා: තමාගේ යහළු හිතමිතුරන් මතක් කරනවා නම්. ඔබට සැබෑ ආදරවන්තියක් වෙන්න බැහැ. සැබෑ ආදරවන්තියක් වුණොත් තමයි ඉහළ තත්ත්වයක් දිනා ගත හැකි වන්නේ. සියලු උත්සාහයන් රඳා පවතින්නේ ස්මරණය මතයි. පියාව අමතක කර සෑම තැනම රස්තියාදු වීමට සිදු වන්නේ ශාරීරික අවධානය නිසායි. ඉතාමත් මිහිරි වන්න. වාතාවරණයත් මිහිරි විය යුතුයි; කිසිම සද්දයක් නොතිබීය යුතුයි. එන ඕනෑම කෙනෙක්ට ඔබ කෙතරම් මිහිරිව කතා කරනවා ද කියා ඇහෙන්න තිබීය යුතුයි. හොඳ නිහඬතාවයක් තිබිය යුතුයි: රණ්ඩු සරුවල් වෙන්න හොඳ නැහැ. නැතිනම්, පියා, ගුරුවරයා හා සත්ගුරු යන තිදෙනාම අපහාසයට ලක් කළා වේ. එවිට ඔබට ලැබෙන්නේ පහළ තත්ත්වයකි. දරුවත් වන ඔබලාට දැන් අවබෝධය ලැබී තිබෙනවා. පියා කියනවා: උසස් තත්ත්වයක් දිනා ගන්නේ කෙසේදැයි යන්න මා ඔබට කියා දෙනවා. ඔබ හොඳින් ඉගෙන ගෙන අන් අයටත් ඉගැන්විය යුතුයි. ඔබ කාටවත් දැනුම නොදෙනා නිසා, තමා කුමනාකාරයේ තත්ත්වයක් ලබා ගනීද කියා ඔබටම තේරුම් ගත හැකි වේවි. පුරවැසියන් නිර්මාණය කළේ නැතිනම් ඔබ පත් වන්නේ කුමන තත්ත්වයකට ද? යෝගා නැතිව දැනුමත් නැතිනම්. ඉගෙන ගත් අය ඉදිරියේ දණ තැමීමට සිදු වේවි. තමාව පරීක්ෂා කර ගත්ත. දැත් අසමත් වී පහළ තත්ත්වයක් ලදහොත්, කල්පයක් කල්පයක් පාසා ඔබට ලැබිමට සිදු වන්නේ පහළ තත්ත්වයකි. පියාගේ රාජකාරිය ඔබට පැහැදිලි කර දීමයි. තේරුම් ගත්තේ නැතිනම්, ඔබම ඔබගේ තත්ත්වය විනාශ කර ගන්නවා. අන් අයට පැහැදිලි කළ යුත්තේ කෙසේද කියා බාබාම ඔබට කියා දෙනවා. අඩුවෙන් කතා කිරීමත් සුමටව කතා කිරීමත් හොඳ දෙයක්. සේවය කරනා අයව බාබා අගය කරනවා. ඉතාමත් හොඳින් සේවය කරනා අයට බාබාගේ හදවතේ අසුන් ගත හැකියි. සේවය කිරීමෙන් ඔබට ඔහුගේ හදවතේ හිඳ ගත හැකියි. ඔබටත් අනිවාර්යෙන්ම ස්මරණ වන්දනාව අවශ්‍ය වෙනවා.ඔබ සතෝප්‍රධාන් වන්නේ එවිට පමණයි. වැඩියෙන් දඬුවම් වින්දොත් තත්ත්වය බාල වෙනවා. පාප දුරු වී නැතිනම්, සෑහෙන දඬුවම් විඳීමට සිදු වන අතර ඔබගේ තත්ත්වයත් අඩු වෙනවා. අලාභයක් කියා හඳුන්වන්නේ මෙයයි. මේකත් ව්‍යාපාරයක්. පාඩු විඳ ගත්ත එපා. දිව්‍යමය ගුණධර්ම උකහා ගත්ත. උසස් වන්න. ඔබගේ වර්ධනය සඳහා බාබා ඔබට නොයෙකුත් දේ කියනවා. යමක් කරන කෙනාට යමක් ලැබෙනවා. ඔබ සුර දේවතාවරුන්ගේ දේශයේ වැසියෙක් බවට පත් වෙනවා. එමනිසා. ඒ ආකාරයට දිව්‍යමය ගුණධර්ම උකහා ගන්න. අච්චා.

සුමිහිරි,ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දෑත් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඕනෑම කෙනෙකුට කතා කරනා විට ලොකු නිහතමානීත්වයකින් හා ඉවසීමකින් කතා කරන්න. ඔබගේ වචන හා හැසිරීම ඉතාමත් මිහිරි විය යුතුයි. නිහඬ වාතාවරණයක් නිර්මාණය කර ගන්න. කිසිම ශබ්දයක් නැති විට පමණයි සේවය සාර්ථක වන්නේ.

2. සැබෑ ආදරවන්තියක් බවට පත් වී එකම එක ආදරවන්තයාව සිහිපත් කරන්න. ඇස් වසාගෙන හෝ හිස පහත් කරගෙන කවදාවත් ස්මරණයේ නිරත වන්න එපා. ජීවාත්ම අවධානයේ සිටින්න.

වරදානය:
ඔබ නිරන්තරයෙන් මහා දානපතියෙකු වී ඔබගේ සියලු වස්තු ඔබට සහ අන් අය සඳහා භාවිතා කරත්වා.

පරමාත්ම පියාගේ භණ්ඩාරය (නිධන් ගබඩාව) සෑම දිනකම ක්‍රියාත්මක වන අතර ඔහු සෑම දිනකම බෙදා හරිනු ලැබේ. එලෙසම, ඔබ නිරන්තරයෙන් දන් දීම දිගටම කරගෙන යා යුතුව ඇත, මන්ද, ඔබට මෙම ඥානය, බල සහ සතුට යන වස්තු පිරී ඉතිරී ඇත. මේවා ඔබ ළඟ තබාගෙන, භාවිතා කිරීමේ අනතුරක් නැත. ඔබේ නිධන් ගබඩාව විවෘතව ඇති විට, සොරුන් එන්නේ නැත. වසා තැබුවහොත්, සොරුන් පැමිණෙනු ඇත, එබැවින් ඔබට ලැබී ඇති වස්තු දෙස සෑම දිනකම නැවත නැවතත් බලා ඒවා ඔබට සහ අන් අයට භාවිතා කරන විට ඔබ නිරන්තරයෙන් මහා දානපතියෙකු වනු ඇත.

පාඨය:
ඔබ අසා ඇති ඕනෑම දෙයක් හොඳින් මතගාන්න, මන්ද, එසේ හොඳින් මතගෑමෙන් පමණයි ඔබ බලවත් වන්නේ.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

සේවය සහ ඔබගේ මනෝ ස්ථිතිය, පරම පියා සහ ඔබ, ඒකාබද්ධ මනෝ ස්ථිතියයි. ඒකාබද්ධ ස්වරූපයෙන් සේවය කරන්න, එවිට ඔබ නිරන්තරයෙන් සුරදූත ස්වරූපය අත්විදියි. ඔබ පියා සමග නිරන්තරයෙන් සිටින අතර ඔහුගේ සහකරුද වෙයි. මෙම ද්විත්ව අත්දැකීම තිබිය යුතුයි. ඔහු කෙරෙහි ඔබ තුළ ඇති සෙනෙහසේදි, නිරන්තරයෙන් ඔහුගේ ඇසුර අත්විදින්න, එමෙන්ම සේවය කරන විට නිරතුරුව ඔබගේ සහකරුව අත්දකින්න.