07.05.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, බ්‍රහ්මාගේ කටින් උපන් දරු පරම්පරාව වන්නේ ඔය බ්‍රහමිණ්වරුනුයි. පරමාත්ම
පියාගෙත් ඥානයේ තෙවෙනි ඇස ලබන්නේ ඔබලා පමණයි. ඔබලා දැන් සිටින්නේ පරමාත්ම දෙවියන්ගේ
ඇකයේයි.
ප්‍රශ්නය:
වෙන කිසිම
ධර්මයක් නොමැති නොබෙදුණු රාජ්‍යයේ ස්ථාපනයට පදනම වන්නේ කුමක්ද?
පිළිතුර:
යෝග බලයයි. මෙම නොබෙදුණු රාජ්‍යය කිසිදු විටෙක භෞතික බලයෙන් ස්ථාපනය කළ නොහැක. ඇත්ත
වශයෙන්ම ක්‍රිස්තියානුවන්ට විශාල බලයක් තිබෙනවා. ඔවුන් සෑම කෙනෙක්ම එකට එකතු
වුවහොත් මුලුලෝකයම පාලනය කළ හැකියි. ඒ වුණත් ඒක නීතිය නොවෙයි. ලෝකය පුරා එකම එක
රාජ්‍යය ස්ථාපනය කිරීම පරමාත්ම පියාගේම කාර්ය භාරය පමණයි.
ගීතය:
ඔබගේ අහසේ
සිහසුන අතහැර දමා මහ පොළොවට පැමිණෙන්න...
ඕම් ශාන්ති.
"ඕම් ශාන්ති"
යන්නෙහි අරුත ඔය දරුවන්ට නොයෙකුත් වර පැහැදිලි කර කියා දී තිබෙනවා. "ඕම්" යනු මම
කවුද යන්නයි. එනම්, මම ජීවාත්මයක් වන අතර මෙම ශරීරය මගේ ඉන්ද්‍රියයි. ජීවාත්ම
සත්තාව වන මම පරම දනව්වේ වැසියෙක්මි. භාරතීය වැසියන් කන්නලව් කරනවා: දුර ඈත දේශයේ
වැසියාණනි, වඩිනු මැනව, භාරතය පුරා ධර්මය අපහාසයට ලක්ව දුක විශාල වශයෙන් පවතී.
නැවතත් වතාවක් පැමිණ ගීතාවේ පණිවිඩය දෙනු මැනුව. ගීතාවේ පමණයි ශිව බාබා පැමිණෙන්න
කියා දෙවියන්ට ආරාධනා කරන්නේ. මන්ද ඔහු සෑම කෙනෙකුගේම පියායි. ඔවුන් කියනවා: භාරතීය
වැසියන් මත තැවතත් වතාවක් මායා, රාවණගේ සෙවනැල්ල වැටී ඇති නිසා තමයි සෑම කෙනෙකුම
අසතුටට හා අපිරිසිඳු බවට පත්වෙලා ඇත්තේ. ඔවුන් කන්නලව් කර: ඔබගේ ස්වරූපය වෙනස් කර
මෙහි පැමිණෙනු මැනව, මනුෂ්‍ය වේශයෙන් පැමිණෙන්න කියා කියන්නේ. මම මානව රූපයකින්
පැමිණෙනවා. මගේ පැමිණීම දිව්‍යමය හා අසහාය වෙනවා. මම මව්කුසකට ඇතුලුවන්නේ නැහැ. මම
ඇතුලු වන්නේ සාමාන්‍ය මහළු ශරිරයකටයි. මම සෑම කල්පයකදී ම මගේ අශාරීරික ස්වරූපය
වෙනස් කර පැමිණෙන බව ඔය දරුවන් දන්නවා. ඥාන සාගරය වන්නේ පරමාත්ම පියා පරමාත්ම
ජීවයයි. ක්‍රිෂ්ණාට කවදාවත් මෙසේ කියන්න බැහැ. පරමාත්ම පියා කියනවා: මම මෙම
සාමාන්‍ය ශරීරයට ඇතුලු වී නැවතත් වතාවක් ඔබට පහසු රාජයෝගාවඋගන්වනවා. මට පැමිණිය
හැක්කේ ලෝකය අපිරිසිඳුවුණු විට පමණයි. මා පැමිණෙන්නේ කලි යුගය ස්වර්ණමය යුගය බවට
පත්කරවීමටයි. බ්‍රහ්ම, විෂ්ණු හා ශංකර්ගේ පිංතූර තිබෙනවා. බ්‍රහ්මා මඟින්
ස්ථාපනයත්, ශංකර් මඟින් විනාශයත් පසුව විෂ්ණු මඟින් පෝෂණයත් කෙරීගෙන යනවා. ලක්ෂ්මි
හා නාරායන විෂ්ණුගේ ස්වරූප දෙකයි. බාබා නැවතත් වතාවක් තම ස්වරූපය වෙනස් කර මෙහි
පැමිණ සිටිනවා. ඔහු අපගේ පරමාත්ම පියා, පරමගුරුවරයා මෙන්ම පරම ගුරු ද වෙනවා.
අනිකුත් ගුරූන්ට පරම, උත්තරීතර කියා කිව නොහැකියි. මොහු ඒ ත්‍රිත්වයම වෙනවා: පියා -
ගුරුවරයා -ගුරු. භෞතික පියවරුන් තම දරුවන්ව පෝෂණය කර ඔවුන්ව පාසලටත් යවනවා.
දරුවෙකුගේ පියෙක් ඔහුගේ ගුරුවරයා ද වීම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. කිසිම කෙනෙකුට
එසේ කිව නොහැකියි (තම පියා ඒ චරිත තුනම එකට ඇත්තෙක්). සියලුම ජීවාත්මයන් මට කන්නලව්
කරනවා. මිනිස්සු පරමාත්ම දෙවි පියාණන් ගැන කියනා නිසා ඔහු සියලුම ජීවාත්මයන්ගේ
පරමාත්ම පියා විය යුතුයි. මෙම ගීතය අයිති භක්ති මාර්ගයටයි. ස්වර්ණමය යුගයේ මායා
නොමැති නිසා එහි දී ඔබට කන්නලව් කිරීමට සිදුවන්නේ නැහැ. එහි ඔබට සතුටම හැරෙන්න වෙන
කිසිවක් නැහැ. කල්පය වසර 5000ක් කියා ඔබලා දන්නවා. කල්ප බාගයක් පුරාවට ස්වර්ණමය හා
රිදී යුග, දිවා කල තිබුණු අතර ඉතිරි කල්ප බාගය තඹ හා කලි යුග වන රාත්‍රියයි. ඔය
බ්‍රහමිණ්වරුන් බ්‍රහ්මාගේ කටින් උපන් දරුවනුයි. බ්‍රහ්මාගේ දවස හා රාත්‍රිය, එනම්
බ්‍රහමිණ්වරුන්ගේ කාලය සිහි කෙරෙනවා. දවස හා රාත්‍රිය පිළිබඳ ඥානය ඔය දරුවන්ට
තිබෙනවා. ලක්ෂ්මී හා නාරායනට මෙම ඥානය නැහැ. ඔබලා දැන් සිටින්නේ සංගම යුගයේයි.
භක්ති මාර්ගය දැන් අවසානයක් කරා පැමිණෙමින් තිබෙනා බවත් හිමිදිරිය උදා වීමට ඇති
බවත් ඔබලා දන්නවා. ඔබට මෙම ඥානය ලැබුණේ පරමාත්ම පියාගෙනි. කලි යුගයේ හෝ ස්වර්ණමය
යුගයේ කිසිම කෙනෙකුට මෙම ඥානය නැහැ. මෙන්න මේ නිසා තමයි බ්‍රහ්මාගේ දවස හා
බ්‍රහ්මාගේ රාත්‍රිය ගැන සිහි කෙරෙන්නේ. ඔබලා දැන් සූර්ය හා චන්ද්‍ර වංශ දිනා
ගැනීමට උත්සාහ දරනවා. පසුව කල්ප බාගයකින් අනතුරුව, ඔබ ඔබගේ රාජ්‍යය අහිමි කරගන්නවා.
ඔය බ්‍රහමිණ්වරුන් හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම ඥානය නැහැ. ඔබලා දේවතාවරුන් වුණු
පසු මෙම ඥානය රැඳී තිබෙන්නේ නැහැ. දැන් මේ ඇත්තේ රාත්‍රියයි. ශිවාගේ රාත්‍රිය
සිහිකර තිබෙනවා. ක්‍රිෂ්ණාගේ රාත්‍රිය ගැනත් සඳහන් කර තිබෙනවා. නමුත් ඔවුන් එහි
අර්ථය දන්නේ නැහැ. ශිව ජයන්තිය යනු ශිවාගේ නැවත පහළ වීමයි. එවන් පරමාත්ම පියෙකුගේ
දිනයක් අවම වශයෙන් එක මාසයක් පුරාවත් සැමරිය යුතුයි. මුලු ලෝකයම අපිරිසිඳු බවින්
පාරිශුද්ධ කරවන්නා වෙනුවෙන් නිවාඩු දිනයක්වත් ඔවුන් නියම කර නැහැ. පරමාත්ම පියා
කියනවා: මම සෑම කෙනෙකුගේ ම ගැලවුම්කරුයි. මම සෑම කෙනෙකුගේම ගැලවුම්කරු වී ඒ සෑම
කෙනෙක්ටම නිවහන කරා ගෙන යනවා. ඔබලා දැන් රාජයෝගාව ඉගෙන ගැනීමට උත්සාහ දරනවා.
පරමාත්ම පියා ඔබ සෑම කෙනෙකුටම ඥානයේ තෙවෙනි ඇස ලබා දෙනවා. ජීවාමයක ස්වරූපය
කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා කියනවා: ඔය ජීවාත්මයන් මහපට
ඇඟිල්ලේ ස්වරූපය ගත් අයෙක්වත් අප්‍රමාණ ආලෝකයකින් පිරි කෙනෙක්වත් නොවෙයි. ඔබලා
තාරුකාවනුයි. තිත් වගේයි. ජීවාත්මය වන මමත් තිතක්. කෙසේවෙතත්, මම නැවත උපත් ගන්නේ
නැහැ. මගේ ගුණ වර්ණනාව වෙනස්. මම උත්තරිතර වන නිසා ඉපදීම මරණය චක්‍රයට මා හසුවන්නේ
නැහැ. ඔය ජීවාත්මයන් ශරීරවලට ඇතුලු වන නිසා උපත් 84ක් ගන්නවා. මම මෙම ශරීරයට ඇතුලු
වෙනවා. මා මෙය ගෙන සිටින්නේ ණයටයි. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඔබලාත්
ජීවාත්මයනුයි. නමුත් තමන් ජිවාත්මයන් බව ඔබලාට තේරෙන්නේ නැහැ. පරමාත්ම පියාව සිහි
කරන්නේ ජීවාත්මයයි. ජීවාත්මයන් දුකින් සිටිනා විට සෑම විටම ඔහුව සිහිකරනවා: අහෝ
දෙවියනි. කරුණාබර බාබා, අපට අනුකම්පා කරනු මැනව. ඔබ කරුණාව ඉල්ලන්නේ පරමාත්ම පියා
ඥානයෙන් පිරි, ප්‍රමෝදයෙන් පිරි සහ පාරිශුද්ධත්වයෙන් පිරි කෙනා වන නිසායි. ඔහු
දැනුමින් පිරුණු අයෙක්: ඔහු ඥාන සාගරයයි. ඔහුගේ ගුණ වර්ණනාව මිනිසුන්ට දෙන්න බැහැ.
මුලු ලෝකයටම ප්‍රමෝදය දීම පරමාත්ම පියාගේම කාර්යයි. ඔහු තමයි නිර්මාණකරු, අන්
සියල්ල නිර්මාණයයි. නිර්මාණකරුවෙක් නිර්මාණය කරනවා. පළමුව ඔහු බිරිඳක් ගෙන පසුව
ඇයත් සමඟ ඒ නිර්මාණය බිහිකරනවා: ඔහු එය විනාශ කරන්නේ නැහැ. මෙම අසීමිත පියා පැමිණ
ස්ථාපනය, පැවැත්ම හා විනාශය දිරිමත් කරවනවා. ආදි සනාතන දේවි දේවතා ධර්මයේ පැවැත්ම
ඔහු දිරිමත් කරවනවා. ස්වර්ණමය යුගය ආරම්භයේ දී රාජධානිය ඉක්මනින්ම ස්ථාපනය වෙනවා.
අනිකුත් ආගම් වල අය තම තමන්ගේ ආගම් ස්ථාපනය කරවනවා. පසුව එම ධර්මය සිය දහස් මිලියන
ගණනින් වැඩි වුණු විට රාජධානිය ස්ථාපනය වෙනවා. ඔබ දැන් ඔබගේ රාජධානිය ස්ථාපනය කර
ගනිමින් සිටිනවා. ඔබ යෝග බලයෙන් මුලු ලෝකයේම පාලකවරුන් බවට පත්වෙනවා. කිසිම කෙනෙකුට
ලෝකය භෞතික බලයෙන් පාලනය කළ හැකිවන්නේ නැහැ. ක්‍රිස්තියානුවන්ට විශාල බලයක් ඇති
නිසා ඔවුන් එකට එකතු වුණහොත් මුලු ලෝකයම පාලනය කළ හැකි බව බාබා ඔබට පහදා කියා දී
තිබෙනවා. කෙසේ වෙතත්, භෞතික බලයෙන් ලෝක රාජධානිය හිමිකර ගැනීම කිසිම කෙනෙකුට නීතිය
නොවෙයි. භෞතික බලය ඇති අය ලෝක පාලකවරුන් වීම නාටකයේ තිබෙන නීතිය නොවෙයි. පරමාත්ම
පියා පැහැදිලි කර කියා දෙනවා: යෝග බලයෙන් පමණයි ඔබට ලෝක රාජධානිය මගෙන් දිනා ගත
හැක්කේ. එහි කිසිම බෙදා වෙන් කිරීමක් නැහැ. අහසත් පොළොවත් සියල්ල අයිති ඔබටයි.
කිසිම කෙනෙකුට ඔබව ඇල්ලිය නොහැකියි. නොබෙදුණු රාජ්‍යය කියන්නේ එයටයි. මෙහි රාජධානි
ගණනාවක් තිබෙනවා. පරමාත්ම පියා පැහැදිලි කරකියා දෙනවා: මම සෑම වසර 5000 කට වරක්ම ඔය
දරුවන්ට මෙම රාජයෝගාව උගන්වනවා. ක්‍රිෂ්ණා ජීවය දැන් මෙය. ඉගෙන ගනිමින් සිටිනවා.
ක්‍රිෂ්ණා අංක එකේ රජ කුමරායි. මේ කාලයේ දී තම උපත් 84 අවසානයේ දී ඔහු බ්‍රහ්මා වී
සිටිනවා. ලෝක චක්‍රය කැරකෙනේ කෙසේද යන්න ඔය දරුවන්ට පහදා කියා දී තිබෙනවා. පරමාත්ම
පියා නැවතත් වතාවන්දෙව් ලොව ස්ථාපනය කරනවා. සියලුම අසංඛ්‍යය වූ ආගම් සියල්ල
අනිවාර්යයෙන්ම විනාශ වී යා යුතුයි. එකම එක ධර්මයේ ස්ථාපනය සිදු විය යුතුයි. භාරතය
100%ක් ඉසුරුබරව තිබුණු කල එය තම ධර්මයෙන් උසස්ව සිටියා. දේවතාවරුන්ගේ ක්‍රියාවනුත්
උසස් විය යුතුයි. ඔවුන්ගේ ගුණ ගායනා කර තිබෙනවා: සියලුම ගුණ ධර්මයන්ගෙන් පිරි...
මුලදී ඔවුන් පාරිශුද්ධව සිටි නමුත් දැන් අපිරිසිඳුවෙලා. පරමාත්ම පියා පැමිණ නැවතත්
වතාවක් ගැහැනු පිරිමි දෙගොල්ලන්වම පාරිශුද්ධ කරවනවා. රක්ෂබන්ධන් උත්සවය එතරම්
ඉහළින් සමරන්නේ ඇයි ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණ ඔබ දෙදෙනාම
මෙම අවසන් උපතේදී පාරිශුද්ධව සිටිනවා නේද කියා ඔබගෙන් පොරොන්දුවක් ගත්තා.
සන්නාසිවරුන්ගේ ධර්මය වෙනමම එකක්. ඥානය, භක්තිය හා නිරාශාව ඔබ වෙනුවෙනුයි. එකම එක
තැනකට ඇස් යොමු කරගෙන ක්‍රිස්තියානු පූජකවරුන් සක්මන් කරනා ආකාරය ඔබලා දැක ඇති.
ඔවුන් කිසිසේත්ම වෙන කිසිම කෙනෙක් දෙස බලන්නේ නැහැ. එවැනි පූජකවරියනුත් සිටිනවා:
ඔවුන් සිහිකරන්නේත් ක්‍රිස්තුන්වම පමණයි. ක්‍රිස්තුන් දෙවියන්ගේ පුත්‍රයායි කියා
සඳහන් කර තිබෙනවා. ඔබලා ජීවාත්මයනුයි. සුදු ඇඳුම් සමඟ ඔබට කිසිම සම්බන්ධතාවයක්
නැහැ. ඔබ අයිති එකම එක කෙනාටයි: එකම එක කෙනාව ඔබලා සිහිකළ යුතුයි. සැබෑම පුජකවරියන්
ඔබලායි. ඒබාබාගෙන් ඔබලා උරුමය දිනා ගත යුතුයි. ඔහු සිහි කිරීමෙන් පමණයි ඔබගේ පාප
දුරුවන්නේ. මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා අණ කර තිබෙන්නේ: නිරන්තරයෙන් මා පමණක්
සිහි කරන්න. තම තමන් ජීවාත්මයන්ය යන විශ්වාසය නොමැතිකම නිසා පූජකවරියන්
ක්‍රිස්තුත්ව සිහි කරනවා. පරමාත්ම දෙවියන් කවුදැයි කියා ඔවුන් දන්නේ නැහැ.
පළමුවෙන්ම පැමිණෙන, භාරතීය ජනතාව පවා මේ කිසිවක් දන්නේ නැහැ. ලක්ෂ්මි හා නාරායනට
මෙම ලෝකය ගැන දැනුමකුත් නැහැ. ඔවුන් ත්‍රිකාලදර්ශිත් නැහැ. ඔය බ්‍රහමිණ්වරුන්
ත්‍රිකාලදර්ශින් වෙනවා. පරමාත්ම පියා ඔබලාව සිප්පි කටු වලින් දියමන්ති බවට පත්
කරවනවා. ඔබලා දැන් සිටින්නේ පරමාත්ම දෙවියන්ගේ ඇකයේයි. ඔබලාගේ මෙම අවසන් උපත ඉතාමත්
අගනා උපතකි. ඔබලා පොදුවේ ගත් කල මුළු ලෝකයටමත් විශේෂයෙන්ම භාරතයටත් ආධ්‍යාත්මික
සේවය කරනවා. ඒ අය භෞතික සමාජ සේවකයින් වන අතර ඔබලා ආධ්‍යත්මික අයයි. ඔබලාට
උගන්වන්නේ උත්තරීතර ජීවාත්මයයි. සෑම ජීවාත්මයකටම පරමාත්ම පියාව සිහි කරන්නැයි කියා
සිහිපත් කරවන්න. පාරිශුද්ධකරු ලෙස සිහි කෙරෙන්නේ පරමාම පියාවම පමණයි. පහළට පැමිණීමට
ඔබලාට උපත් 84ක් ගත වෙනවා. නැවතත් ඉහළට නැඟීමට ඔබට ගත වන්නේ එක් තත්පරයකි. මේ ඔබගේ
මරණීය දේශයේ අවසන් උපතයි. මරණීය දේශයට පරාජයත් අමරණීය දේශයට ජයග්‍රහණයත්. මෙය
අමරණීයත්වයේ කතාන්දරය කියාත් හඳුන්වනවා. සදාතනික පියා පැමිණ ඔය අමරණීය ජීවාත්මයන්ට
අමරණීයත්වයේ කතාව කියා දී අමරණීය දේශයට ගෙන යනවා. පරමාත්ම පියා කියනවා: හොඳයි, අන්
සියල්ල අමතක වුණත් තමන් ජීවාත්මයන්ය යන විශ්වාසයේ පමණක් ඉඳ ඔබගේ පරමාත්ම පියා වන මා
සිහිකරන්න. ඔබගේ බුද්ධියේ යෝගාව මා හා බැඳ ගන්න. සියලු පාප දුරු වී ගොස් ඔබ පින්වත්
ජීවාත්මයන් බවට පත්වේවි. ඔබලා මානවයිගෙන් දේවතාවරුන් බවට පත්වේවි. මෙය අලුත් දෙයක්
නොවෙයි. පරමාත්ම පියා වසර 5000 කට පසුව පැමිණ ඔබට ඔබගේ උරුමය උරුම කර දෙනවා. රාවණ
පසුව ඔබට ශාප කරනවා. මෙය නාටකයක්. මෙම කතාන්දරය භාරතය හා බැඳුණක් පමණි. මේ දේවල්
පහදා දෙන්නේ පරමාත්ම පියා පමණයි. කිසිම වේද ග්‍රන්ථයක මෙය සඳහන් කර නැහැ. මෙන්න මේ
නිසා තමයි පරමාත්ම දෙවි පියාණන්, ඥානයෙන් පිරි, සාමයෙන් පිරි හා ප්‍රමෝදයෙන් පිරි
කෙනා වන්නේ. ඔහු ඔබව තමා හා සම කරවනවා. ඔබලාත් වන්දනීයව සිටියා. දැන් වන්දනාකරුවන්
වෙලා. පසුව වන්දනාකරුවන් ව සිට ඔබලා වන්දනීය වෙනවා. මෙය දෙවියන්ට අදාල වන්නේ නැහැ.
එය අදාල වන්නේ ඔය භාරතීය ජනතාවටයි. මුලදී ඔබ වන්දනා කළේ ශිවාව පමණයි: ඔබ පිරිසිඳු
භක්තියක නිරත වුණා. පසුව දේවතාවරුන් වන්දනා කරන්න පටන්ගෙන ක්‍රම ක්‍රමයෙන් පහළට ඇද
වැටුණා. දැන් ඔබලා නැවතත් වතාවක් දේවතාවරුන් වෙමින් සිටිනවා. ටිකක් හදාරනා අය
පුරවැසියන්ගෙන් කොටසක් වේවි. හොඳින් ඉගෙන ගෙන අන් අයටත් උගන්වනා අය රාජකීය පවුලේ අය
වේව්. පුරවැසියන් රැසක් නිර්මාණය වෙනවා. අධිරාජ්‍යවරයෙකුට පුරවැසියන් සිය දහස්
ගණනක් සිටීවි. හරියටම මිට පෙර කල්පයේ දී කළ ආකාරයෙන්ම ඔබලා උත්සාහ දරනවා. රෝසරියේ
කොටසක් බවට පත්වන්නේ කවුදැයි කියා එකිනෙකාගේ උත්සාහයෙන් දැකිය හැකියි. පුරවැසියන්
අතරිනුත් ඇතැම් අය ධනවත් වන අතර අනිත් අය දුප්පත්. භක්ති මාර්ගයේ දී දෙවියන්ගේ
නාමයෙන් පින්දහම් කරනවා. ඇයි? දෙවියන්ට කිසිම දෙයක් නතුව ද? නැතිනම් තමත් සියල්ල
ක්‍රිෂ්ණාට පිළිගන්වනවා කියාත් කියනවා. ඒ සියල්ල පූජා වන්නේ දෙවියන්ටයි. ඔවුන් කුමන
දේ කළත් ඒ සියල්ලේ ඵලය ඔවුනට ලැබෙන්නේ ඊළඟ උපතේදීයි. එක් උපතකට ලබනවා. පරමාත්ම පියා
කියනවා: මම පැමිණ සිටින්නේ උපත් 21ක ඔබගේ උරුමය ලබා දීමටයි. මගේ නමින් කරනා සෑම
දෙයකටම ඔබට උපත් 21කට ප්‍රතිලාභ ලැබෙනවා. වක්‍රව කළ විට ලැබෙන්නේ එක් උපතකට පමණක්
තාවකාලික සතුටකි. පරමාත්ම පියා පහදා කියනවා: ඔබගේ සෑම දෙයක්ම දුහුවිල්ලක් වීමටයි
යන්නේ. එමනිසා, ඔබ සතු සෑම දෙයක්ම වටිනා ලෙස යොදවන්න. නිතරම ආධ්‍යාත්මික
විශ්වවිද්‍යාලයක් හා රෝහලක් ස්ථාපනය කළහොත් සෑමකෙනෙක්ම සදා නිරෝගී හා සදා ධනවත්
තත්ත්වයට පත්වේවි. මෙමඟින් විශාල ආදායමක් උපයා ගන්නවා. යෝගාවෙන් නිරෝගී සුවයත්
චක්‍රය ගැන දැන ගැනීමෙන් ධනයත් ඔබ ලබනවා. එමනිසා, එවන් විශ්වවිද්‍යාල හා රෝහල් සෑම
නිවසකම විවෘත කරන්න. වැදගත් අය සිටිනා තැන් වල බොහෝ දෙනෙකුට පැමිණ යහපතක් කර ගත
හැකි ආකාරයේ ලොකු මධ්‍යස්ථානයක් විවෘත කරන්න. ස්වභාවික ප්‍රතිකර්ම කරන්නන් ලියනවා
වගේ ඔබගේ පුවරුවේත් ලියන්න. පරමාත්ම පියා සෑම කෙනෙකුගේම ගති ස්වභාවය වෙත කර ඔවුන්ව
පාරිශුද්ධ කරවනවා. මේ කාලයේ දී සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. මුලු ලෝකයම දා නිරෝගී
ධතවත් තැනට පත් කරවන්නේ පරමාත්ම පියායි. ඔහු දැන් ඔය දරුවන්ට උගන්වනවා. ඔබලා ඉතාමත්
මිහිරි දරුවනුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ මෙම
වටිනා ජීවිතයේදී තමාව ආධ්‍යාත්මික සේවයේ නිරත කරවා තබා ගන්න. විශේෂයෙන්ම භාරතයටත්
පොදුවේ මුලු ලෝකයටමත් සේවය කරන්න.
2. තමා සතු සෑම
දෙයක්ම ප්‍රයෝජනවත් ලෙස යෙදවීමට නම් කෙළින්ම එය පරමාත්ම දෙවියන්ට පිළි ගන්වන්න.
ආධ්‍යාත්මික රෝහලක් හා විශ්ව විද්‍යාලයක් විවෘත කරන්න.
වරදානය:
ඔබ සියලු
ආකර්ෂණයන්ගෙන් නිදහස් වී, ඔබේ නියත හා ස්ථාවර අවධිය සමඟ, අතීන්ද්‍රිය සුඛය
අත්විඳිත්වා.
ඔබ ඉන්ද්‍රියන්ගේ සහ
සියලු සම්බන්ධතා වල ඕනෑම ආකර්ෂණයකින් නිදහස් වූ විට, ඔබට අතීන්ද්‍රිය සුඛය
අත්විඳීමට හැකි වනු ඇත. ඕනෑම ඉන්ද්‍රියකින් බලපෑමට ලක් වූ විට, ඔබව ආකර්ෂණය කරන
විවිධ දේවල් ඔබේ අතීන්ද්‍රිය ප්‍රීතිය අත්විඳීමට සහ සතුටින් සිටීමට බාධා ඇති කරයි.
කෙසේවෙතත්, ඔබේ බුද්ධිය සියලු ආකර්ෂණයන්ගෙන් නිදහස් වී එක් දෙයක් මත ස්ථාවර වූ විට,
සියලු කැලඹීම් අවසන් වේ. එවිට, නියත හා ස්ථාවර අවධියක් තිබීමෙන්, ඔබ අතීන්ද්‍රිය
සුඛය අත්විඳියි.
පාඨය:
ඔබේ බුද්ධියේ
රේඛාව නිරන්තරව පැහැදිලිව තබා ගන්න, එවිට ඔබට අන් අයගේ හැඟීම් දැන ගැනීමට හැකි වනු
ඇත.
අව්‍යක්ත සංඥාව:
නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.
ඕනෑම ආකාරයක කැලඹීමක්
මධ්‍යයේ නොසැලෙන ලෙස සිටීම උසස් බ්‍රහ්මින්වරයෙකුගේ ලක්ෂණයකි. ලෝකය කැලඹීමක තිබිය
හැකි නමුත්, ඔය උසස් ජීවාත්මයන්ට උච්ඡාවචනය විය නොහැක. ඇයි? ඔබ නාටකයේ සෑම
දර්ශනයක්ම දන්නවා. ඥානයෙන් පිරුණු සහ බලවත් ජීවාත්ම නිරන්තරව හා ස්වභාවිකවම නොසැලී
සිටියි. එබැවින්, ඔබ කිසි විටෙකත් වාතාවරණයට බිය නොවිය යුතු අතර නිරන්තරව නොබියව
සිටිය යුතුය.