07.07.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා ඉතාමත් රාජකීය දරුවන්ය. ඔබ සෑම කෙනෙක්ම තම පියාවත් ගුරුවරයාවත් සත්ගුරුවත් නිතර සිහිපත් කරමින් ආධ්‍යාත්මික සේවයේ නිරත විය යුතුයි.

ප්‍රශ්නය:
තමන් අසීමිත නළුවන්ය යන හැඟීමෙන් සිටින්නන්ගේ ලක්ෂණ මොනවාද?

පිළිතුර:
ඔවුන් තම සිහියට කිසිදු සූක්ෂම හෝ භෞතික මිනිස් ජීවයක්ව ගෙන නොඒමට වග බලා ගනියි. ඔවුන් සෑමවිට එකම එක පියාවත් සාමයේ දේශය වන තම නිවහනත් පමණක් සිහි කරති. මන්ද, මුළු ශ්‍රේෂ්ඨත්වයම රදා පවතින්නේ එකම එක පියා තුළයි. බාබා මුළු ලෝකයටම උදව් කර අපිරිසිදු අයව පාරිශුද්ධත්වයට පත් කරවන්නාක් සේ දරුවන් වන ඔබලාද පියා ලෙසින්ම උදව්කරුවන් විය යුතුයි.

ඕම් ශාන්ති.
පළමුවෙන්ම පියා දරුවන් වන ඔබලාටඅනතුරු අඟවනවා. මෙහි පියා ඉදිරියේම ඔබ අසුන් ගෙන සිටිනා විට ඔබ තමන් ජීවයක්ය කියා සලකනවා ද? තමන් අසුන්ගෙන සිටින්නේ පියා ඉදිරියේයි ඒ වගේම ගුරුවරයා ඉදිරියේයි යන්න ඔබගේ සිහියේ නිරන්තරයෙන් තබා ගන්න. පළවෙනි කාරණය නම් ඔබ ජීවයක් ය යන කාරණයයි. පියා ජීවයක්. ගුරුවරයාත් ජීවයක්, ගුරුත් ජීවයක්. තුන්ගොල්ලෝම එකම එක්කෙනාමයි. ඔබ මේ ඇහුම්කන් දෙන්නේ අලුත් දේකටයි. ඔබ කියනවා: බාබා, අපි හැම කල්පයකම මෙයට ඇහුම්කන් දෙනවා. පියා තමාට උගන්වනවා යන්නත්, ජීව වන ඔබ සෑම කෙනෙක්මත් තම තමන්ගේ ඉන්ද්‍රයන් හරහා ඔහුට ඇහුම්කන් දෙන බවත් බුද්ධියට සිහිපත් වීමට ඉඩ හරින්න. දරුවන් වන ඔබලාට ඉහළම ඉහළ පියාගෙන් මෙම ඥානය ලැබෙන්නේ මේ කාලයේදීම පමණයි. ඔහු සියලුම ජීවයන්ගේ පියා වන අතර ඔහු ඔබට උරුමය ලබා දෙනවා. ඔහු දෙන ඥානය කුමක් ද? ඔහු සෑම කෙනෙකුටම ජීවන මුක්තිය දානය කරනවා. එනම් ඔහු සෑම කෙනෙක්වම නිවහන කරා ගෙන යනවා. ඔහු කීදෙනෙක්ව ගෙන යනවා ද? මේ සියල්ලම ඔබ හොඳින් දන්නවා. මදුරු රැලක් සේ සියලුම ජීවාත්මයන් නැවත නිවස බලා යා යුතුයි. සත් යුගයේ දී ඇත්තේ එකම එක ධර්මයකි. එහි සියල්ලම තිබෙනවා. පාරිශුද්ධත්වය, සාමය හා සතුට. පින්තූර භාවිතයෙන් පැහැදිලි කිරීම දරුවන්ට හරිම පහසුයි. ලෝක සිතියමක එංගලන්තය තිබෙන්නේ කොහිදැයි කියා පෙන්වූ විට දරුවන්ට එය මතක තබා ගැනීම ඉතාමත් පහසු වෙනවා. මෙහිදීත් ඒ වගේමයි. සෑම ශිෂ්‍යයෙකුටම එය පැහැදිලි කර කියා දිය යුතුයි. ගුණ ගායනයත් එකම එක කෙනෙකුගෙයි: ඕම් නමෝ ශිවාය, ඉහළම ඉහළ දෙවියන්ට තමයි එහෙම කියන්නේ. පවුලක් බිහි කරනා පියා තමයි පවුලේ ජ්‍යෙෂ්ඨයා. ඒ පියා සීමිත නිවසක කෙනෙක්. නමුත් මොහු අසීමිත නිවහනේ පියායි. ඔහු ගුරුවරයාත් වෙනවා. ඔහු ඔබට උගන්වනවා. දරුවන් වන ඔබලා තූළ විශාල සතුටක් යුතුයි. ඔබලා රාජකීය ශිෂ්‍යයින්ය. පියා කියනවා: මම ඇතුළු වන්නේ සාමාන්‍ය ශරිරයකටයි. ප්‍රජාපිතා බ්‍රහ්මා අනිවාර්යෙන්ම මෙහි සිටිය යුතුයි. ඔහු නැතිව කිසිවක් නරන්නේ කෙසේ ද? ඔහු හදා ගැනීමට ගත් කෙනෙක්. එම නිසා අනිවාර්යයෙන්ම ඔහු පරිණත කෙනෙක් විය යුතුයි. පරිණත පුද්ගලයෙක් අවශ්‍යයි. ක්‍රිෂ්ණා: දරුවා දරුවා කියා කියන්නේ නැහැ. එසේ ආමන්ත්‍රණය කරන්නේ වැඩිමහල් පුද්ගලයෙක්ම පමණයි. කුඩා දරුවෙකුට කිසිම කෙනෙක් බාබා කියා කියන්නේ නැහැ. ඉතින් එම නිසා තමන් අසුන්ගෙන සිටින්නේ කවුරුන් ඉදිරියේ ද යන්න දරුවන් වන ඔබලාගේ සිහියට ඇතුළු විය යුතුයි. දරුවන් වන ඔබලා තූළ එම සතුටත් තිබිය යුතුයි. ශිෂ්‍යයන් කොහේ අසුන් ගෙන සිටියත් ඔවුන්ගේ සිහිය නිතැතින්මතම පියා හෝ ගුරුවරයා වෙතට ඇදී යනවා. ඔවුන්ගේ පියා හා ගුරුවරයා එකිනෙකාට වෙනස්. ඔබගේ පියා, ගුරුවරයා හා සත්ගුරු තිදෙනාම එක්කෙනෙක්. මේ බාබා ශිෂ්‍යෙයක්: ඔහුත් ඉගෙන ගන්නවා. එකම එක වෙනස තමයි ඔහු තම රථය කුළියට දී තිබිම. වෙන කිසිම වෙනසක් නැහැ. නැතිනම් ඔහුත් ඔබ වගේම තමයි. ඔබට අවබොධ වෙන දේ ඔහු වන ජීවයටත් අවබෝධ වෙනවා. ශ්‍රේෂ්ඨත්වය අදාල වන්නේ එකම එක පියාටයි. ඔහු ප්‍රභු, ඊෂ්වර ආදි නම් වලින් හඳුන්වනවා. මොහුත් කියනවා: තමා ජීවයක් ලෙස සලකා එකම එකඋත්තරීතර ජීවයව සිහිපත් කරන්න. සියලුම සූක්ෂම හා භෞතික ශාරීරික අයව අමතක කර දමන්න. ඔබ සෑම කෙනෙක් ම සාම දේශයේ වැසියන් ය. ඔබලා අසීමිත නළුවන් ය. වෙන කිසිම කෙනෙක් මේ දේවල් ගැන දන්නේ නැහැ. මුළු ලෝකයේම වෙන කිසිම කෙනෙක් මේ කාරණා ගැන දන්නේ නැහැ. මෙහි පැමිණෙන අයට මේ දේවල් හොඳින් අවබෝධ වන අතර ඔවුන් අඛණ්ඩව පියාගේ සේවයෙත් නිරතව සිටිනවා. ඔබලා සත්‍ය යේ සහයකහින් නේද?පියාත් පැමිණ සිටින්නේ ඔබලාට සේවය කිරිමටයි. ඔහු අපිරිසිඳු අයව පාරිශුද්ධත්වයට පත් කරවීමේ සේවය කරනවා. තම අධිරාජ්‍යය අහිමි කරගෙන අසතුටට ඔබ පත් වුණු විට ඔබ පියාට කන්නලව් කරනවා. ඒ අධිරාජ්‍යය තමාට දුන් පියාටම වෙන්න ඇති ඔබ කන්නලව් කරමින් අඬගසන්නේ. පියා පැමිණ සිටින්නේ ඔබලාව සතුටු දේශයේ පාලකවරුන් බවට පත් කරවීමටයි යන්න දරුවන් වන ඔබලාට දැන් තේරෙනවා. ලෝකයේ සිටිනා වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. භාරතයේ සෑම කෙනෙක්ම අයිති වන්නේ එකම එක ආගමටයි. ඒක තමයි ප්‍රධානම ධර්මය. ඒධර්මය තව දුරටත් නොපවත්නා විටෙක පියා පැමිණ එය නැවත ස්ථාපනය කරවනවා. මුළු ලෝකයම අල්ලා දෙවියන් කිය කියා කතා කරනවා. දෙවියන්ම දැන් හරියටම මීට පෙර චක්‍රයේදීත් කළ අයුරින්ම නාටකයට අනුව මෙහි පැමිණ සිටිනා බව දරුවන් වන ඔබලා දන්නවා. පියා පැමිණ ස්ථාපන කාර්යය සිදු කරනවාය කියා කියනා ගීත කණ්ඩයම තමයි මෙයත්. බ්‍රහමිණ් වරුන් හා දේවතාවරුන් ගැන සඳහන් කෙරෙනවා. ක්ෂත්‍රියන් ගැන සඳහන් වන්නේ නැහැ. ක්ෂත්‍රියන් කලා දෙකකින් අඩු අයයි. එම නිසා බ්‍රහමිණ්වරුන් හා දේවතාවරුන් පමණයි නමස්කාරයට ලක්වන්නේ. රිදීයුගය නව ලෝකය කියා හඳුන්වන්නේ නැහැ. මුලදීසත් යුගයේදීලෝකය සම්පුර්ණයෙන්මඅලුත්. මේ ලෝකය දැන් පරණම පරණවෙලා. පසුව ඔබලා අලුත්ම අලුත් ලෝකය වෙතට යාවී. අපි දැන් ඒ ලෝකය වෙතට යනවා. මෙන්න මේ නිසා තමයි තමන් සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන කෙනෙක් බවට පත් වෙනවා කියා සඳහන් කරන්නේ. අපි සත්‍ය නාරායන්ගේ කතන්දරයට ඇහුම්කන් දෙමු. එය රජකුමාරයෙක් බවට පත් වීම සඳහා වූ කතාවක් නොවෙයි. එය හඳුන්වන්නේ සත්‍ය නාරායන්ගේ කතන්දරයලෙසයි. මිනිස්සු නාරායනන් වෙනම ම පුද්ගලයෙක් කියා සළකනවා. නමුත් ඔහුගේ ජීවීත කතාව ගැන පෙන්වන්නේ නැහැ. ඥානයේ කරුණු රාශියක් තිබෙනවා. මේ නිසා තමයි ඔබට දවස් හතක් පුරා ඥානය දෙන්නේ. හතක් පුරා ඔබ බතියක සිටිය යුතුයි. මෙහි පැමිණ හැම වෙලාවේම බතියේ ම සිටිය හැකි කියා දෙයක් නැහැ. උදේටත් සවසටත් ඉගෙන ගන්නවා. දවල් වරුවේ වාතාවරණය එතරම් හොඳ නැහැ. රෑටත් 10 ත් 12 ත් අතර වෙලාව ඉතාමත් නරක වාතාවරණයක් ඇති වෙලාවක්. දරුවන් වන ඔබ සෑම කෙනෙක්ම ස්මරණයේ නිරතව සතෝප්‍රධාන් විය යුතුයි යන අවධානයේ මෙහි දී සිටිය යුතුයි. එහි දී තම තමන්ගේ රැකි රක්ෂා කටයුතු වල නිරත වීමට ඔබට සිදු වෙනවා. රැකියාවක් කරනා ගමන් තවත් හොඳ රැකියාවක් ගැනිම සඳහා ඉගෙන ගන්න අයත් රැසක් සිටිනවා. ඔබ මෙහිදී ඉගෙන ගන්නවා. එමනිසා තමාට උගන්වනා ගුරුවරයාව සිහිපත් කළ යුතුයි. ගුරුවරයෙක් ලෙස ඔහුව සිහිපත් කළ හැකි නම් පියා, ගුරුවරයා හා ගුරු යන තුන් ආකාරයෙන්ම ඔබට එකම විට සිහිපත් කළ හැකියි. ඔබට මෙය ඉතාමත් පහසුයි. එමනිසා, එක් ක්ෂණයකින් ඔහු සිහිපත් කිරිමට ඔබට හැකි විය යුතුයි. මේ අපේ බාබා අපේ ගුරුවරයා හා අපේ ගුරුයි. දිව්‍ය ලෝකයේ උරුමය අප ලබා ගන්නේ ඉහළම ඉහළ පියාගෙනුයි. අපි අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකයට යමු. දිව්‍ය ලෝකය අනිවාර්යෙන්ම ස්ථාපනය වෙනවා. ඔබ උසස් තත්ත්වයක් දිනාගැනිමට උත්සාහා දරනවා. මේ ගැන දන්නේ ඔබ පමණයි. ඔබගේ හඬ පැතිරෙන විට මිනිස්සු මේ ගැන දැන ගනිවී. බ්‍රහ්මිණ්වරුන් වනඔබලාගේ ආධ්‍යාත්මිකධර්මය වන්නේ ශ්‍රිමත් අනුගමනය කර මෙම ආධ්‍යාත්මික සේවයේ කාර්යබහුල වීමයි. ශ්‍රිමත් අනුගමනය කරමින් ශ්‍රිමත් අනුගමනය කරමින් ඔබලා විසින් ගෙන යන විශාල කාර්ය භාරය ගැන මිනිසුන්ට දැන ගැනිමට ලැබෙවි. ඔබ කරනා ආධ්‍යාත්මික සේවය වෙන කිසිම කෙනෙක්ට කරන්න බැහැ. බ්‍රාහ්මිණ් ධර්මයට අයත් ඔබටම පමණයි මෙම කාර්යය කළ හැක්කේ. එමනිසා ඔබ මෙම කාර්යයේ නිරත වෙමින් ඒ වෙනුවෙන්ම පමණක් කාර්යය බහුල විය යුතුයි. පියාත් ඒ වගේමකාර්යය බහුලවයි සිටින්නේ. නැද්ද? ඔබ අධිරාජ්‍යයක් ස්ථාපනය කරනවා. රාජ්‍ය නායකයන් මුණගැසෙන්නේ එකිනෙකාව පෝෂණය කර ගැනිම සඳහා පමණයි. ඉතාමත් අදෘශ්‍යමාන ලෙස ඔබලා මොනවාද කරන්නේ? ඔබලා නොපෙනෙන කවුරුත් නොදන්නා අවිහිංසක විරුවන්ය. කිසිම කෙනෙක් මෙහි අර්ථය දන්නේ නැහැ. ඔබලා ද්විත්ව අවිහිංසාවාදි හමුදාවයි. ලොකුම පාපය නම් අපිරිසිදු කරවීමේ පාපයයි. මෙම පාපයෙන් ජය ගත යුතුයි. දෙවියන් කතා කරයි: ලොකුම සතුරා රාගයයි. මෙම පාපයෙන් ජය ගැනීම තුළින් ඔබ ලෝකය ජය ගත්තන් බවට පත් වේ. ලක්ෂ්මි හා නාරයන් ලෝකය ජය ගත්තවුන් නේ ද? භාරතය ලෝකය ජය ගත්තා. ඔවුන් ලෝක පාලකවරුන් බවට පත් වුණේ කෙසේ ද? පිට අයට මේ දේවල් තේරුම් ගැනිමට ඉතාමත් පුළුල් අසිමිත බුද්ධියක් අවශ්‍යයි. වැදගත් විභාග වලට වාඩි වෙන අයට පුළුල් හා අසිමිත බුද්ධියක්තිබිය යුතුයි. ඔබ ශ්‍රිමත් අනුගමනය කරමින් තමාගේ ම කියා රාජ්‍යයක් ස්ථාපනය කර ගන්නවා. ලෝකයේ සාමය තිබුණු බවත් ඒ කාලයේ දී වෙන කිසිම රාජ්‍යයක් නොතිබුණු බවත් ඕනෑම කෙනෙක්ට පහදා දීමට ඔබට හැකියි. දිව්‍ය ලෝකයේ සාමය පමණක්ම තිබෙන්න බැහැ. පාරාදීසය අල්ලාගේ වත්ත ලෙස හඳුන්වනවා. වත්තක් විතරක් තිබෙන්නේ නැහැනේ. එහි මිනිස්සුත් ඉන්නවා. තමන් දැන් පාරාදීසයේ පාලකවරුන් බවට පත් වෙනවා යන ඥානය දරුවන් වන ඔබලාට දැන් තිබෙනවා. දරුවන් තුළ විශාල කූල්මත් බවකුත් උසස් සිතිවිලිත් නිතර තිබිය යුතුයි. බාහිර සතුටක් ඔබට අවශ්‍ය නැත. මේ කාලයේ දී ඔබ ඉතාමත් සරල විය යුතුයි. ඔබ දැන් ඔබලාගේ ඥාතීන් ගේ ගෙදරටයි යන්නේ. මේ ඔබ ගේ දෙමාව්පියන්ගේ නිවහනයි. මෙහි ඔබට පියවරුන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් ඉහළම ඉහළ අශාරීරික කෙනා වන අතර අනෙක් කෙනා ඉහළම ඉහළකෙනෙක් වන භෞතික කෙනා. ඔබ දැන් විෂ්ණු ගේ දේශය වන ඔබ ගේ ඥාතීන් ගේදේශය වෙතටයි යන්නේ. එය ක්‍රිෂ්ණා ගේ දේශය කියා හඳුන්වන්නේ නැහැ. දරුවෙකුට දේශයක් අයිති වන්නේ නැහැ. එය විෂ්ණු ගේ දේශයයි. ඒ කියන්නේ ලක්ෂ්මි හා නාරයන් ගේ දේශයයි. ඔබ රාජයෝගා ඉගෙන ගන්නවා. එමනිසා ඔබ අනිවාර්යයෙන්ම සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් බවට පත්වනු ඇත. දරුවන් වන ඔබලා දෙවියන්ගේ සැබෑම සහායකයින්ය. බාබා දෙවියන්ගේ සැබෑම සහායකයෙක් කියා හඳුන්වන්නේ අවම වශයෙන් පැය අටක කාලයක් පුරාවත් ජීව අවධානයේ සිටිය හැකි කෙනෙකුටයි. කර්ම බන්ධන කිසිවක් ඉතිරි නොවුණු විටෙක ඔබට සහායකයින් වී තම කර්මාතීත් තත්ත්වයට පත් විය හැකිය. සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් නාරායන් බවට පත්වීම සඳහා කර්මාතීත් තත්ත්වය අනිවාර්යයෙන්ම අවශ්‍යය. තවදුරටත් කර්ම බන්ධන තිබෙනවා නම් දඬුවම් විදීමට සිදුවේවි. ස්මරණය සඳහා දැඩි උත්සාහයක් අවශ්‍ය බවදරුවන් වන ඔබලාට තේරුම් ගත හැකියි. මේ සඳහා ඇති එකම ක්‍රමය ඉතාමත් පහසුයි. ඉතාමත් සරලව පියාව සිහිපත් කරන්න. භාරතයේ ඉතාමත් පෞරාණික යෝගාව ඉතා ප්‍රසිද්ධයි. පියා පැමිණ ඔබට උගන්වන මෙම ඥානය ඇත්තේ යෝගාව සඳහා ය. ක්‍රිෂ්ණා යෝගා උගන්වන්නේ නැහැ. ක්‍රිෂ්ණාව ස්වදර්ශන චක්‍රයක් සමඟ පෙන්වනවා. ඒ පින්තූර සම්පූර්ණයෙන්ම වැරදීයි. දැන් ඔබ කිසි පින්තූරයක් ආදිය සිහි නොකළ යුතුයි. සියල්ල අමතක කර දමන්න. ඔබගේ සිහිය කිසිම කෙනෙකු වෙතට ඇදී නොයා යුතුයි. ඔබගේ රේඛාව ඉතාමත් පැහැදිළි විය යුතුයි. මෙය ඉගෙන ගැනීමට ඇති කාලයයි. ලෝකය අමතක කරන්න, තමා ජීවයක් බව සලකා පියාව සිහිපත් කරන්න. ඔබගේ පාප සියල්ල දුරු වී යන්නේ එවිට පමණයි. පියා කියනවා: මුලදී පැමිණෙන විට ඔබ පැමිණියේ අශාරීරිකවයි. ඔබලා සියල්ල දත් අයයි. ඒ නළුවන් සීමිත අය වන අතර ඔබලා අසීමිතයි. තමන් නොයෙකුත් වාර ගණනාවක් පුරා මෙම චරිතය රඟ දක්වා ඇති බව ඔබ දන්නවා. වාර ගණනාවකදීම ඔබලා අසීමිතත්වයේ පාලකවරුන් බවට පත්ව තිබෙනවා. මෙම අසීමි. නාටකය තුළම නොයෙක් වර තවත් කුඩා නාට්‍ය රඟ දක්වා තිබෙනවා. සත් යුගයේ සිට කලි යුගය දක්වා සිදුවන සෑම දෙයක්ම ඒ ආකාරයටම නැවතත් සිදුවෙනවා. ඉහළ සිට පහළට සියල්ල ඔබගේ සිහියේ තිබෙනවා. අශාරීරික ලෝකය, සූක්ෂ්ම කලාපය හා ලෝක චක්‍රය තිබෙනවා. ඒපමණයි. වෙන කිසිම දේශයක් සමඟ ඔබට කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඔබගේ ආගම ඔබට විශාල සතුටක් ගෙන දෙන්නක්. අනිත් අයටත් පැමිණීයට කාලය පැමිණි විට ඔවුන් නැවතත් පැමිණේවී. අංක පිළිවෙළට පහළට පැමිණි ආකාරයෙන්ම ආපසු යාවී. අනිත් ආගම් ගැන කිව හැක්කේ කුමක් ද? ඔබ කළ යුත්තේ පියාව ස්මරණය කරමින් සිටිම පමණයි. සියලූමආදිය පින්තූර අමතක කර දමා එකම එක පියාව සිහිපත් කරන්න. බ්‍රහ්මා විෂ්ණු හා ශංකර්වත් සිහිපත් නොකළ යුතුයි. සිහි කළ යුත්තේ එකම එක පියාව පමණි. උත්තරීතර ජීවය ඕවලාකාර හැඩයකින් යුක්තයි කියා ඔවුන් විශ්වාස කරනවා. කොහොමද කවුරුත් ඕවලාකාර හැඩයකින් ඉන්නේ? එසේනම් ඔහු ඥානය කතා කරන්නේ කොහොම ද? ශබ්ද විකාශන යන්ත්‍රයකින් (LOUD SPEAER ) කතා කරාවි ද? දිව්‍ය ඥනයකින් කිසිවක් සිදු වන්නේ නැහැ. ඔහු ශංකර් උත්පාදනය කරනවා කියා දෙයක් නැහැ. මේ සියල්ල නාටකයේ තල් තබාම තීරණය වූ කරුණුයි. විනාශය සිදු විය යුතුයි. ජීව වන ඔබලා ශරීර හරහා කතා කරනවා සේ දෙවියනුත් දරුවන් වන ඔබලාට කතා කරනවා. ඔහු ගේ චරිත කොටස දිව්‍යමයි. අසහායයි. අපිරිසිදු අයව පාරිශුද්ධ කරවනා එකම එක පියෙක් පමණයි සිටින්නේ. ඔහු කියනවා: මගේ කොටස අසහායයි. මීට පෙර කල්පයේ දී පැමිණි අය නැවතත් පැමිණේවී. අතීතයේ දී සිදු වුණු සෑම දෙයක්ම නාටකයයි. පොඩි හෝ වෙනසක් තිබෙන්න බැහැ. උත්සාහය ගැනත් සිතිය යුතුයි. නාටකයට අනුව ඔබගේ උත්සාහය මදියි කියා කියන්න බැහැ. එසේනම්, ඔබ ලබනා තත්ත්වය ඉතාමත් පහළ එකක් වේවි. ඔබගේ උත්සාහයන් දැඩි කර ගත යුතුයි. නාටකයට දමා තබන්න එපා. නිතරම තම වාර්තාව පරික්ෂා කර බලන්න. වාර්තාව වර්ධනයකර ගනිමින් යන්න. සටහන් තබා ගන්න. ඔබගේ වාර්තාව වර්ධනය වෙනවා ද නැතිනම් දුර්වල වෙනවා ද? ඉතාමත් ප්‍ර‍වේසම් විය යුතුයි. මෙහි දී නම් ඔබලාට බ්‍රහ්මිණ්වරුන්ගේ ආශ්‍රය තිබෙනවා. නමුත් පිට ලෝකයේ ඇත්තේ නරක ආශ්‍රයයි. ඔවුන් කතා කරන්නේම නරක දේවල් ගැනයි. පියා දැන් ඔබලාව ඒ වැරදි ආශ්‍රයෙන් මුදවා ගන්නවා. මිනිසුන් තම ජීවන රටාව ඇඳුම් පැළඳුම් ආදිය වෙනස් කරගෙන තිබෙන්නේ වැරදි ආශ්‍රය නිසායි. ඔවුන් සම්පුර්ණයෙන්ම තම දේශයත් ඇඳුමුත් වෙනස් කරගෙන. මේක නිකම් හරියට තමාගේම ආගමට අගෞරව කර ගන්නවා වගෙයි. බලන්න ඔවුන්ගේ කොණ්ඩ විලාසිතා දෙස. ඇත්තේ ශරිර අවධානයමයි. කොණ්ඩ ලස්සන කර ගැනිමටම පමණක් ඔවුන් රුපියල් 100, 150 වියදම් කරනවා. අන්ත ශාරිරික අවධානය කියන්නේ අන්න ඒකයි. ඒ වගේ අයට කවදාවත් ඥානය ගන්න බැහැ. බාබා කියනවා: සරලව ජීවත් වෙන්න. මිල අධික සාරියක් ඇන්දත් ශරීර අවධානයට එනවා. ඒශරීර අවධානය නැති කර දැමීමට නම් ඔබ අඳින පළඳින සෑම දේම ඉතාමත් සරල විය යුතුයි. හොඳ වගේම මිළ අධික දේ ඔබව ශාරිරික අවධානයට ලක් කරවනවා. මේ කාලයේ දී ඔබ සිටින්නේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසිලායී. (ගැහැනු දරුවෙක් විවහා වීමට පෙර දින ඇයට අන්දවන්නේ පරණ ඉරුනු ඇඳුම්) සියල්ලෙන්ම තම බැඳිම ඉවත් කර ගන්න. ඉතාමත් සාමාන්‍ය ලෙස ඉන්න තම වගකීම් ඉටු කිරිම සඳහා පාට ඇඳුම් ඇඳ ගෙන ඔබට විවාහ මංගල්‍ය වලට යා හැකි යි. නමුත් නැවත ගෙදර පැමිණි පසු මාරු කරගන්න. ඔබ දැන් ශබ්දයෙන් එහාට යායුතුයි. විශ්‍රාමික අවධියේ සිටින්නන් අඳින්නේ සුදු අඳුම්. තරුණ, මහළු ඔබ සැම කෙනෙක්ම දැන් ඉන්නේ විශ්‍රාමික අවධියේයි. පොඩි දරුවන්ට පවා ශිව බාබා ගැන සිහිපත් කර දෙන්න. ඔවුන්ට යහපත සැලැස්විය හැක්කේ මින් පමණයි. අපි දැන් ශිව බාබා ළඟට යාමට ඉන්නේ; එපණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තම හැසිරීම කිසිදු ආකාරයකින් ශාරීරික අවධානය මත පදනම්ව නොමැති බවට සෑම විටම වග බලා ගන්න. ඉතාමත් සරළව ඉන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් බැඳිමක් තබා ගන්න එපා. නරක ආශ්‍රය සම්බන්ධයෙන් ප්‍රවේසම් වන්න.

2. ස්මරණය සඳහා උත්සාහ දැරීමෙන් ඔබගේ සියලුම කර්ම බන්ධන බිඳ දමා කර්මාතීත් වන්න. අවම වශයෙන් පැය අටක් ජීවාත්ම අවධානයේ සිටිමින් බාබාගේ සැබෑම සහායකයෙක් වන්න.

වරදානය:
ඔබ මාස්ටර් නිර්මාණකරුවෙකු වී, ඔබේ පුළුල් හා අසීමිත බුද්ධිය සහ විශාල හදවත භාවිත කර සෑම කෙනෙකුටම අයත් වීමේ අත්දැකීම ලබා දෙත්වා.

මාස්ටර් නිර්මාණකරුවෙකුගේ පළමු නිර්මාණය තම ශරීරයයි. ශරීර වල ස්වාමිවරුන් වීමේ සම්පූර්ණ සාර්ථකත්වය අත්කර ගන්නා අය සෑම කෙනෙකුටම තම සෙනෙහස හා සම්බන්ධතාවයෙන් අයත් වීමේ අත්දැකීම ලබා දෙයි. එවැනි ජීවාත්මයක් සමඟ සම්බන්ධතාවයක් තිබීමෙන්, ජීවාත්ම සාමය, සෙනෙහස, ප්‍රීතිය, සහයෝගීතාවය, ධෛර්යය, උනන්දුව සහ උද්‍යෝගය දානපතියෙකුගෙන් කුමන හෝ විශේෂත්වයක සතුට අත්විඳිති. එවැනි ජීවාත්ම පමණක් පුළුල් හා අසීමිත බුද්ධියක් ඇති, විශාල හදවත් ඇති අය යැයි කියනු ලැබේ.

පාඨය:
ඔබගේ උනන්දුව සහ උද්යෝගයේ පියාපත් තුළින් නිරතුරු දිගින් දිගටම පියාසර අවධිය අත්විඳින්න.

අව්‍යක්ත සංඥාව: සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.

උසස් සිතිවිලි වලින් ඔබව පුරවා ගැනීම සඳහා, භාරකරුවෙකු ලෙස රැඳී සිටින්න. භාරකරුවෙකු වීම යනු ආලෝකමත් සහ සැහැල්ලු සුර දූතයෙකු වීමයි. එවැනි දරුවන්ගේ සෑම උසස් සිතිවිල්ලක්ම සැමවිටම සාර්ථකයි. ඔය දරුවන්ගේ එක් උසස් සිතිවිල්ලක් වෙනුවෙන් ඔබට පියාගෙන් උසස් සිතිවිලි දහසක ඵලය ලැබේ; ඔබට එකකට දහස් ගුණයක ප්‍රතිලාභ ලැබේ.