07.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ලෝක පාලකවරුන් බවට ඔබව පත් කරවීමට ඔබගේ බාබා පැමිණ සිටිනවාය යන කුල්මත් බව ඔබට තිබිය යුතුයි. ඔබ දැන් සිටින්නේ ඔහු ඉදිරියේමයි.

ප්‍රශ්නය:
ගැඹුරු කර්ම නියමය හරි හැටි අවබෝධ කරගත් අය විසින් අනිවාර්යෙන්ම දරණ උත්සාහය කුමක්ද?

පිළිතුර:
සිහි කිරීම සඳහා වන උත්සාහයයි. මන්ද, තමන්ගේ පැරණි කර්ම ගිණුම් තුලනය වන්නේ ස්මරණය තුළින් පමණක් බව ඔවුන් දන්නවා. තම පැරණි කර්ම ගිණුම්, කර්ම වේදනාවන් සමනය කර ගත්තේ නැතිනම්, තම තත්ත්වය විනාශ වී ඊළඟ උපතත් එවැනිම වේවි කියා ඒ ජීවාත්මයන් දන්නවා.

ඕම් ශාන්ති.
බාප්දාදා තමා ඉදිරියටම පැමිණ සිටිනා බව දකිනා විට ඔය දරුවන්ගේ අපරිමිත වූ සතුටේ රසදිය කඳ ඉහළ නඟිනවා. වසර 5000කට පසුව ශිව බාබා නැවතත් වතාවක් බ්‍රහ්මාගේ ශරීරයට ඇතුලුවී සිටිනා බවත් ඔය දරුවන් දන්නවා. කුමක් කිරීමට ද? ඔය දරුවන් තුළ මෙම කුල්මත් බව තිබෙනවා. පරමාත්ම පියා පැමිණ සිටින්නේ තමන්ව ලෝක පාලකවරුන් බවට පත් කරවීමටයි කියා ඔය දරුවන් දන්නවා. ඔහු අපව වටිනා දරුවන් බවට පත් කරවනවා. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමේ ක්‍රමය ඔහු අපට නැවත නැවතත් කියා දෙනවා. ක්‍රමය ඉතාමත් පහසුයි. ඔහු ඔය දරුවන්ට ඉතාමත් පහසු සිහි කිරීමක් උගන්වනවා. අඥාන මාර්ගයේ දී පියෙකුට පිරිමි දරුවෙක් සිටිනා විට උරුමක්කරුවෙක් ඉපදුණු බව ඔහු අවබෝධ කර ගන්නවා. පරමාත්ම පියා පැමිණ මෙකල ඔබව තම භාරයට ගන්නා බව ඔය දරුවන් දන්නවා. ඇත්තවශයෙන්ම, ඔබ සෑම කෙනෙක්ම ශිව බාබාගේ දරුවනුයි. නමුත් ඔහුට ඔබ ඇමතීමටත් ඔහු කියනා දේ ඔබට ඇහුම් කන් දීමටත් හැකි වන පරිද්දෙන් බාබාට ඔබව අයිති කර ගත හැක්කේ කෙසේද ? ශිව බාබා මෙම බ්‍රහ්මාගේ ශරීරය හරහා ඔබට කියන්නේ: මම ඔබගේ පරමාත්ම පියායි. මම ඔබලාව දෙව්ලොව පාලකවරුන් කරවනවා. ඔය ජීවාත්මයන් අපිරිසිදු නිසා ඔබට මුක්තියට යන්නත් බැහැ ජීවන මුක්තියට යන්නත් බැහැ. ඔබ සෑම කෙනෙක්ම එකම එක පරමාත්ම පියාගේ දරුවනුයි. ඔබ සෑම කෙනෙක්ම පරමාත්ම පියාගේ උරුමය හිමි කරගත යුතුයි. දරුවන් රැසක් සිටිනා අතර ඒ ගණනත් එන්න එන්නම වැඩි වෙනවා. ඔහු නිරතුරුවම ඔවුන්ව භාරයට ගන්නවා. අහෝ. ජීවාත්මයනි ඔබලා දැන් මගේ දරුවන්ය. තම තමන් ජීවාත්මයන් බව සලකන්න. කල්ප බාගයක් පුරා අප සිහි කරමින් සිටි පරමාත්ම පියාව දැන් අප සොයාගෙන සිටිනවා. කවදාවත් මෙය අමතක කරන්න එපා. ජීවාත්මය කල්ප බාගයක් පුරා ශරීරය මඟින් පරමාත්ම පියාව සිහි කරනවා. "අහෝ. පාරිශුද්ධකරුවාණනි, දුක නැති කර සතුට දානය කරන්නාණනි" මන්ද, මෙය රාවන රාජ්‍යයයි. මිලියන ගණනක ධනස්කන්ධයක් හෝ ඉඩකඩම්, කර්මාන්තශාලා තමන්ට තිබෙනා නිසා තමත් හරිම සතුටින් සිටිනවායි කියා සිතාගෙන සිටිනා මිනිස්සු සිටිනවා. නමුත් ඒ සියල්ල තාවකාලිකයි. අවසානයේ දී ඒ සෑම කෙනෙක්ම වේදනාවෙන් හැඩීමට පටන් ගනීවි. දුක් කඳු පිටින් ඇද වැටේවි. ඔබලා එක් තත්පරයකින් පරමාත්ම පියාගේ උරුමය දිනා ගන්නවා. ඔහු කියනවා : මම එක් තත්පරයකින් දෙව්ලොව ස්වාධිපත්‍යය ඔබට දෙනවා. මෙම පැරණි ලෝකය විනාශ වේවි. යුද්ධ හා ස්වභාවික ව්‍යසන ඇති වේවි. පිරිසිදුකම තිබිය යුතුයි. ඔය ජීවාමයන් දැන් පාරිශුද්ධ වෙමින් සිටිනවා. ඔය දරුවන් කෙතරම් උත්සාහයක් දරණවාදැයි කියා බාප් හා දාදා දෙදෙනාටම වැටහෙනවා. තම උරුමය දිනා ගැනීමට සුළු උත්සාහයක් දැරීමට පියා ඔබව උනන්දු කරවනවා: තමා ජීවාත්මයක් බව සලකා පරමාත්ම පියාව සිහි කරන්න. ඒ ආධ්‍යාත්මික පියා අශාරීරික වන අතර අප ජීවාත්මයන් ඔහුට කන්නලව් කරනවා. පරමාත්ම පියා අහනවා : අපිරිසිදු ඔය ජීවාත්මයන් පිරිසිදු කරවිය හැක්කේ කෙසේද ? එකම එක පරමාත්ම පියාම පමණයි පාරිශුද්ධකරු වන්නේ. ජල ගංගාවන් පාරිශුද්ධකරු වෙනවා නම්. ඔබලා ඉක්මනින්ම ගිහින් දියේ කිමිද පැමිණිය යුතුයි. ගංගා නදියේ ස්නානය කිරීමට බොහෝ දෙනා යනවා, ඒත් ඇයි ඔවුන් තවමත් අපිරිසිදු ? දිවා රෑ ඔවුන් මතුරන්නේ : පතිතපාවන සීතා රාම්. එනම්: සියලුම බැතිමතුන්ගේ සියලුම සීතාවරුන්ගේ ආරක්ෂකයා පරමාත්ම පියා, පරමාත්ම ජීවය. එකම එක රාමායි. ඔහු පාරිශුද්ධකරුයි. සියලු සැමියන්ගේ සැමියායි. ඔහු පැමිණි විට පමණයි ඔබලාව පාරිශුද්ධ කරවිය හැක්කේ. පරමාත්ම පියා දැන් කියනවා : මගේ ශ්‍රීමත් පිළිපදින්න. වෙන කිසිම කෙනෙකුගේ මත අනුගමනය කරන්න එපා. භක්ති වන්දනා කිරීමෙන් දෙවියන් සොයා ගත හැකියි කියා ඔවුන් සිතනවා. භක්ති වන්දනා කර දෙවියන්ව සොයා ගත හැකි නම් සෑම බැතිමතෙක්වම බේරා ගැනීමට ඔහු පැමිණේවි කියා ඔබ කියන්නේ ඇයි ? ඔහු පැමිණ සෑම කෙනෙක්වම බේරා ගැනීමට නම් ඔවුන්ට සිදු වුණු ව්‍යසනය කුමක්ද ? ආරක්ෂාවක් දෙන්නේ ව්‍යසනයක් ඇති තැනකටයි. පරමාත්ම පියා කියනවා: ඔබලා ඉතාමත් පරිහාණී තත්ත්වයට ඇද වැටිලා. මෙය අන්ත අපාය වන අතර සෑම කෙනෙක්ම සිටින්නේ ලෙඩින්, දුකින්. බලන්න සෑම නිවසකම සිදු වන දේවල්. දුකම හැර වෙන දෙයක් නැහැ. මෙන්න මේ නිසා තමයි ඔවුන් කන්නලව් කරන්නේ : බාබා. අපේ දුක නැති කර සතුට දෙන්න. භාරතය පුරා අඛණ්ඩ සතුටක් තිබුණා තමුත් දැන් එය දුකින් පිරිලා. මෙය භාරතය හා සම්බන්ධ දෙයකි. වෙනත් තැන් නොවෙයි. ඒවා පැමිණෙන්නේ පසුවයි. ඇතැම් අය උපත් 60ක් ගන්නා අතර අනිත් අය ඊටත් අඩු උපත් ගණනක් ගන්නවා. දේවතා ධර්මයට අයිති අය උපත් 84ක් ගන්නවා. මෙම ගණනයට අනුව කල්ප බාගයකට පසුව පැමිණි අය ගන්නේ උපත් 84නුත් බාගයයි. සෑම කෙනෙක්ම උපත් 84 චක්‍රය වටා යන්නේ නැහැ. මිනිස්සු තමන්ගේ සිතට එන සෑම දෙයක්ම කියනවා. ඔය දරුවත් දැන් පරමාත්ම පියාගෙන් ලැබෙනා අවිනාශී ඥාන මිණිමුතු වලින් තම බුද්ධිය පුරවා ගන්නවා. මුතු මැණික් හරිම වටිනවා. පරමාත්ම පියා ඉතාමත් පහසුවෙන් ඔබට සියල්ල පහදා දෙනවා. ඔහු කියනවා : ඔබ මට කන්නලව් කරමින් සිටියා : අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණ අපව පාරිශුද්ධ කරවන්න. එමනිසා, පරමාත්ම පියා පැමිණ සිටිනවා. පාරිශුද්ධ වුවහොත් තමන්ට දෙව්ලොව පාලකවරුන් විය හැකි බව ඔබලාට දැන් තේරෙනවා. ශිව බාබා පැමිණ සිටින්නේ අපව ගල් බුද්ධි ඇති අයගෙන් දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත් කරවීමටයි. භක්ති මාර්ගයේ සෑම පිළිමයක්ම සාදා ඇත්තේ ගල් වලිනුයි. ඔවුන් දිගටම තම හිස ගසා ගත්තේ ගල් මතමයි. පරමාත්ම පියා කියනවා : ඔවුන් කෙතරම් ලොකු උත්සාහයක් දැරුවත්. ඒ කිසිවකින් ඔවුන් කිසි ඵලයක් ලබන්නේ නැහැ. මීට පෙර. ඔබ තමාවම බිල්ලට දී ගත්තා. ඔබට ලැබුණු යහපත කුමක්ද ? වැඩිම වුණොත් ඔබ දේවතා එළියක් දකින්න ඇති. ඒත් ඔබගේ තත්වය එහෙමමයි. පාරිශුද්ධකරු පරමාත්ම පියා එක් වතාවක්, සංගම යුගයට පැමිණෙනවා. ස්වර්ණමය යුගයේ භක්ති මාර්ගයට අයත් කිසිවක් නැහැ. ගෙල කපන්න කියා හෝ අරක මේක කරන්න කියා පරමාත්ම පියා ඔබට කියන්නේ නැහැ. භක්ති මාර්ගයේ දී මිනිසුන් නොයෙකුත් දේ කරනවා. ඒ දින වල දේවතාවරියන්ට නර බිලි පවා දුන්නා. පරමාත්ම පියා කියනවා: ප්‍රතිසංස්කරණයකින් පසුව ඔබලා දේවතාවරුන් වුණා. දැන් ගල් බුද්ධින් ඇති අය බවට පත් වෙලා. දෙව්ලොව ස්වාධිපත්‍ය ඔබලාට දී තිබුණා. දියමන්ති, මුතු මැණික් ඔබ්බවා සෑදු මාළිඟා සහ මහා විශාල ධනස්කන්ධයක් තිබුණා. ඒ සියල්ලට සිදු වූයේ කුමක්ද ? ඔබලා දැන් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා. මුලින් ඔබලා අයිතිව සිටියේ දේවතා ධර්මයටයි. දැන් ඔබලා රජෝ හා තමෝ තත්ත්ව වලට පත්ව සිටිනවා. දේවතා ධර්මයට අයිතිව සිටි ඔබලා. දැන් තමන් හින්දුවරුන් කියා හඳුන්වා ගන්නේ ඇයි ? අනිකුත් ආගම් වල අය තම තමන්ගේ ආගමම පමණයි විශ්වාස කරන්නේ. සෑම කෙනෙකුටම ඇත්තේ එක් ධර්මයකි. මුස්ලිම්වරුන්ට මුස්ලිම් ධර්මයත්, ක්‍රිස්තියානුවරුන්ට ක්‍රිස්තියානි ධර්මයත් තිබෙනවා. ඔබට සිදු වූයේ කුමක්ද ? ඔබලා ඉතාමත් සතුටිත්, පාරිශුද්ධව හා මුලුමනින්ම පාපයෙන් තොරව සිටියා. දැන් ඔබලා ඉතාමත් පාපකාරී වෙලා. ඔබලා සැබවින්ම මුලුමනින්ම පාපයෙන් තොරව සිටියේ කෙසේද පසුව දුෂිත වූයේ කෙසේද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. උපත් 84 ගන්නා ගමන්, සතෝ තත්ත්වයෙන් ඔබ තමෝ වී දැන් මුලුමනින්ම තමෝප්‍රධාන් වී අපිරිසිදු වෙලා. අපි අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගයේ සිට කලි යුගයට පැමිණිය යුතුයි. සෑම දහමක්ම සතෝ, රජෝ හා තමෝ මට්ටම් පසු කර යා යුතුයි. ව්‍යාප්තියක් සිදු විය යුතුයි. ගසේ පින්තූරය බලන්න : ගස මුදුනේ බ්‍රහ්මා අසුන් ගෙන සිටිනවා. තම උපත් 84 අවසානයේ ගස මුදුනේ සිටින්නේ බ්‍රහ්මායි. බිම තපස් දමින් සිටිනා ඔය සියලුම බ්‍රහ්මිවරුන් තමයි අවසානයේ දී අපිරිසිදු ශුද්‍රයින් වන්නේ. ඔබලා පහළින් සිට රාජයෝගාව ඉගෙන ගන්නවා. ශුද්‍රයින්ව සිටි ඔබලාත් දැන් බ්‍රහමින්වරුන් වී සිටිනවා. මෙම කරුණු අවබෝධ කර ගත යුතුයි. ගස. ඉතාමත් හොඳ පැහැදිලිතාවයක් දෙනවා. ඔබ දැන් රාජයෝග තපස්යාවේ සිටිනා අතර ඔබගේ ස්මාරකය මෙහි තිබෙනවා. මෙය සජීවී දිල්වාලා දේවාලයයි. එය අජීවීයි. එය ස්වර්ණමය යුගයේ තිබුණේ නැහැ. ඔබගේ සිහිවටනය දැන් දැකිය හැකියි. සැබෑ දිල්වාලා දේවාලයේ ඔබලා සැබවින්ම සජීවීව අසුන් ගෙන සිටිනවා. දෙව්ලොව නිමවෙමින් පවතිනවා. දෙව්ලොවට ගිය පසු ඒ දේවාල කිසිවක් ඉතිරි වන්නේ නැහැ. එහි සිටින්නේ මමාත් බාබාත් අප දරුවනුත්. මෙය ඔබවම කියාපාන දේවාලයයි. එය මධුබන් සජීවි දිල්වාලාව කියා හඳුන්වනවා. පසුව භක්ති මාර්ගය ඇරඹුණු විට ඔබලා දේවාල සෑදීමට පටන් ගන්නවා. පරමාත්ම පියා ඔබව ධනවත් කෙරෙව්වා. ඒ නිසා ඔබලා ඔහු වෙනුවෙන් දේවාල සෑදුවා. ශිව දේවාල සෑදුවේ එක් පුද්ගලයෙක් පමණක් නොවෙයි. සෑම කෙනෙක්ම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයේ තරමට සෑදුවා. වන්දනීයව සිටි තමන් පසුව තඹ යුගයේ දී වන්දනා කරන්නන් බවට පත් වුණු බව ඔබලා දන්නවා. ශිව බාබා ඔබලාව ඉතාමත් ධනවත් කෙරෙව්වා. එමනිසා, භක්ති මාර්ගයේ දී, ඔබලා ඔහු වෙනුවෙන් දේවාල සාදනවා. මේ කරුණු ඔබ දැන් තේරුම් ගන්නවා. ඉතින් දැත් උත්සාහ දරා රජවරුන්ගෙත් රජවරුන් වන්න. ස්වර්ණමය යුගයේදී ඔවුන්ව අධිරාජ්‍යවරුන් කියා හඳුන්වන අතර රිදී යුගයේ දී රජවරුන් වෙනවා. පසුව, ලෝකය අපිරිසිදු වුණු විට, අධිරාජ්‍යවරුන් අපිරිසිදු වී රජවරුනුත් අපිරිසිදු වෙනවා. පාපයෙන් තොර අධිරාජ්‍යවරුන්ට ඔවුන් දේවාල සාදා ඔවුන්ව වන්දනා කරනවා. පළමුව ඔවුන් ශිව දේවාල සාදා පසුව දේවතාවරුන්ට දේවාල සෑදීමට පටන් ගත්තා. ඔබම දේවාල සාදා ඒවා වන්දනා කිරීමට පටන් ගත්තා. ඔබ. උපත් 84ක් ගන්නවා. කල්ප බාගයක් පුරා වන්දනීයව සිටි ඔබලා ඉතිරි කල්ප බාගයේ දී වන්දනාකරුවන් වෙනවා. දෙවියනුත් වන්දනා ලබන කෙනෙක් හා වන්දනා කරන කෙනෙක් වෙනවායි කියා මිනිස්සු සිතනවා. ඔහු සියල්ලම සපයනවායි කියා සිතතා ඔවුන් ඒවා ආපසු ගන්නෙත් ඔහුමයි කියාත් සිතනවා. හොඳයි. ඔහු දෙයක් දී ආපසු එය ගත්තා නම්, ඇයි ඒ ගැන දුක් වෙන්නේ ? ඔබ භාරකරුවෙක් පමණයි. අඩන්න හේතුවක් නැහැ. පරමාත්ම පියා මෙහි සිට ඔය ජීවාත්මයන්ට කරුණු පහදා දෙනවා. ඔබලා දැන් ක්‍රම ක්‍රමයෙන් ජීව අවධානයට පත් වෙමින් සිටිනවා. ඇතැම් අය කිසිසේත්ම පියාව සිහි කරන්නේ නැහැ. ඔවුන් කොහෙත්ම ජීව අවධානයේ සිටින්නේ නැහැ. මෙහිදී ඔබට හොඳින් පහදා කියන්නේ : ඔබ ජීවාත්මයක් වන අතර පරමාත්ම ජීවය ඔබට උගන්වයි. සංස්කාර ඇත්තේ ජීවාත්ම සත්තාවේයි. බැරිස්ටර් හෝ මැජෙස්ට්‍රේට් වන්නේ ජීවාත්මයයි. හෙට ඔබට කුමක් වේවි ද ? ඔය ජීවාත්මයන් හොඳින්ම පියාව සිහි කරනවා නම්, මෙතැනින් පිට වන ඔබලා ගිහින් අමරණීය දේශයේ උපත ලබාවි. මරණීය දේශයේ තවත් උපතක් ලබන්නේ නැහැ. තවත් කර්ම බන්ධන ඉතිරිව තිබෙනවා නම්, දඬුවම් විඳීමට සිදු වේවි. ඒ සියල්ල කර්ම වේදනා මඟින් ගෙවීමට සිදු වන අතර එවිට ඔබට උසස් තත්ත්වයක් දිනා ගත නොහැකි වේවි. පරමාත්ම පියා මෙහි සිට ඔය දරුවන්ට ගැඹුරු කර්ම නියාමය කියා දෙනවා. ස්වර්ණමය යුගය සතෝප්‍රධාන් බව ඔය දරුවන් දන්නවා: එහි ඇති සෑම දෙයක්ම සතෝප්‍රධාන්. ක්‍රිෂ්ණා එළදෙනුන්ට තණකොළ කැව්වා කියා කියනවා. ක්‍රිෂ්ණා එළදෙනුන්ව බලා ගත්තාද? එවන් දෙයක් සිදුවිය නොහැකියි. ස්වර්ණමය යුගයේ සිටිනා එළදෙනුන් පවා ඉහළම ගණයේ බව කියා තිබෙනවා. ඔවුන්ට කියන්නේ කාමදේනුන් (සියලු ආශාවන් සංසිඳුවන්නී) කියලයි. ජගදම්බා සරස්වතීත් කාමදේනුයි: ඇය සැමගේ ආශාවන් උපත් 21 කටම සපුරාලනවා. ඔබලාත් කාමදේනුයි. පසුව ඔවුන් ඒ නම කිරි දෙනුන්ට දී තිබෙනවා. රජවරුන්ගේ මාළිඟා වල ඉහළම ගණයේ කිරි ගවයින් සිටිනවා. රජවරුන්ටත් එතරම් හොඳ දෙනුන් සිටිනවා නම් ස්වර්ණමය යුගයේ ඒ සතුන් කෙතරම් ලස්සන ඇති ද කියා සිතා බලන්න. එහි කිසිම දුර්ගන්ධයක් නැහැ. පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට කියන්නේ : මා පැමිණ සිටින්නේ ඔබලාව ලස්සන කරවා නැවතත් මා සමඟ ගෙන යාමටයි. ඔබලා මට කන්නලව් කළා : පාරිශුද්ධකරුවාණනි. වඩිනු මැන. මෙම අපිරිසිදු ලෝකයේ අපිරිසිදු ශරීරයට පැමිණෙන්න. මොහු අපිරිසිදු වන අතර ඔහු පිරිසිදු සුරදේවතාවරයෙකි. සැසඳීමක් කරනවා. අපිරිසිදුව සිටි ඔබලා පසුව පිරිසිදු සුරදේවතාවරයින් වෙනවා. ස්වර්ණමය යුගයේ සිටිනා දේවතාවරුන්ට දේවතාවරුන් කියනා අතර සූක්ෂම ලෝකයේ සිටින්නේ සුරදෙවඟනන්ය. ඔය සුරදෙවඟනන් දැන් පාරිශුද්ධ වෙමින් සිටිනවා. පරමාත්ම පියා ඉතාමත් පහසුවෙන් මෙම ඉගැන්වීම් දෙනවා. ඔබ මෙහි පැමිණි පසු කිසිම ඥාති හිත මිතුරෙක් හෝ පවුලේ අයව හෝ ව්‍යාපාර ආදීය සිහි නොකළ යුතුයි. ඔබ පරමාත්ම පියා සමඟ මුහුණට මුහුණ සිටිනවා. ඔබ මෙහි පැමිණ සිටින්නේ යෝගාවෙන් ආදායමක් උපයා ගැනීමටයි. එමනිසා, ඔබලා මෙහි නිරත විය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දඬුවම් වලින් මිදී සිටීමට නම්. යෝග බලයෙන් සියලුම පැරණී කර්ම ගිණුම් පියවා දමන්න. භාරකරුවෙක් වී සියල්ල රැක බලා ගන්න. කිසිම දෙයක් සම්බන්ධයෙන් කලබල වෙන්න එපා. ජීවාත්ම සත්ථා විඤ්ඤානයේ සිටින්න.

2. මෙය ආදායමක් ඉපැයීමට කාලයයි. ඔබගේ නිවස, පවුල හෝ ව්‍යාපාර ආදිය මෙහිදී සිහි නොකළ යුතුයි. සුර දෙවඟනක් වීමට නම් එකම එක පියාගේ සිහියේ සිටිමට මුලු උත්සාහයම දරන්න.

වරදානය:
ඔබ ඔබේ ස්මරණයෙ සෙවුම් ආලෝකය සමඟ නිවැරදි වාතාවරණය නිර්මාණය කරන ජයග්‍රාහී මැණිකක් වේවා.

සේවාදාරී ජීවාත්ම සැමවිටම ඔවුන්ගේ නළලෙහි ජයග්‍රාහී තිලකයක් තබා ගනු ලැබේ. එබැවින්, ඔබ සේවය කිරීමට යන ඕනෑම ස්ථානයකට, පළමුව එම ස්ථානයේ කල්තියා බුද්ධියෙ අවබෝධයෙ සෙවුම් ආලෝකය දල්වන්න. එවිට ඔබේ ස්මරණයෙ සෙවුම් ආලෝකයෙන් එහි සිටින සියලුම ජීවාත්ම පහසුවෙන් සමීප වීමට වාතාවරණයක් නිර්මාණය වෙයි. එවිට ඔබ ඉතා කෙටි කාලයක් තුළ දහස් ගුණයක සාර්ථකත්වයක් අත්කර ගනු ඇත. මේ සඳහා, ජයග්‍රාහී මැණිකක් වීමට අධිෂ්ඨාන කර ගන්න සහ ඔබේ සෑම ක්‍රියාවකදීම ජයග්‍රහණය ඒකාබද්ධ වන ආකාරය බලන්න.

පාඨය:
ඔබට හෝ අන් අයට බාධා කරන ඕනෑම සේවාවක් සේවයක් නොව බරකි.

අව්‍යක්ත් සංඥාව: ගිනි කන්දක් වැනි මනෝ ස්ථිතියක රැදී සිට බලවත් ස්මරණයක් අත්විඳින්න.

ගිනි කන්දක ස්වරූපයක් වීමට නම්, ඔබ දැන් ආපසු නිවසට යා යුතු බව නිරන්තරයෙන් මතක තබා ගන්න. ආපසු යාම යනු ඉන් ඔබ්බට සිටීමයි. ඔබ ඔබේ අශාරීරික නිවසට ආපසු යා යුතු බැවින්, ඔබේ ඇඳුම ඒ අනුව සාදා ගත යුතුය. එබැවින්, ඔබ එහි ආපසු ගොස් සියල්ලන්ම ගෙන යා යුතුය. මෙම අවබෝධය තිබීමෙන්, ඔබ ඉබේම සියලු සබඳතා සහ පදාර්ථයේ සියලු ආකර්ෂණ ඉක්මවා යනු ඇත, එනම්, ඔබ නොබැඳි නිරීක්ෂකයෙකු බවට පත්වනු ඇත. නොබැඳි නිරීක්ෂකයෙකු වීමෙන් ඔබ පහසුවෙන් පරමාත්ම පියාගේ සහකරුවෙකු වී ඔහුට සමාන වනු ඇත.