07.08.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම දැනුමේ අවිනාශී මිණි මුතු ධාරණය කරගෙන, දුගී බවින් දැන් ධනවත් වන්න. ඔය
ජීවාත්ම, රූප් සහ බසාන්ට්ය (දැනුමේ මිණි මුතු වස්සන, යෝගාවේ ප්‍රතිරුවක්).
ප්‍රශ්නය:
නිරතුරුවම
උත්සාහ දරන අතරතුර ඔබ ඇති කළ යුතු ශුභ ප්‍රාර්ථනා මොනවාද?
පිළිතුර:
සෑම විටෙකම මෙම ශුභ පැතුම් තබාගන්න ජීවාත්මය වන මා, සතෝප්‍රධාන්ව සිටියා. මා බලයේ
උරුමය පියාගෙන් හිමි කරගත් අතර, මා නැවත වතාවක් එයට හිමිකම් කියනවා. උත්සාහ දරන අතර
මෙම ශුභ පැතුම් ඇතිකරගෙන, සතෝප්‍රධාන් වන්න. සෑම කෙනෙක්ම සතෝප්‍රධාන් වන්නේ නැහැ
කියා නොසිතන්න. නැහැ, දිගින් දිගටම සිහිපත් කිරීමේ වන්දනාවේ සිටින්නට උත්සාහ
දරමින්, සේවය කිරීමෙන් බලය ලබා ගන්න.
ගීතය:
මෙම පාපතර
දේශයෙන් අපව ඉවතට ගෙන, සුව පහසුව ඇති තැනකට ගෙන යනු මැනවි.
ඕම් ශාන්ති.
මෙය ඉගෙනුමකි.
සෑම දෙයක්ම වටහාගත යුතුයි. අන් සියලුම සත්සංග ආදිය අයත් වන්නේ භක්තියේ මාර්ගයටයි.
භක්තියේ යෙදී සිටි අතර සෑම කෙනෙක්ම යාචකයෙක් වෙලා. එම යාචකයන් (ෆකීර්) වෙනස්ය. ඔබ
වෙනත් මාදිලියක යාචකයන්ය. ඔබ ධනවත්ව සිටි අතර දැන් ෆකීර්වරුන් (ආගමික යාචකයන්) වී
තිබේ. ඔබ ධනවත්ව සිටි බව කිසිවෙකු නොදනී. ඔබ ධනවත්ව සිටි බව, ලොවට අධිපති වූ ඔය
බ්‍රහ්මණයින් දන්නවා. අප ධනවත් ස්වාමිවරුන්ව සිටි අතර දැන් දුප්පත් ස්වාමීවරු වී
ඇත. ඔබ මෙම ඉගෙනුම හොඳින් හැදෑරිය යුතුයි. ඔබ මෙම දේවල් ධාරණය කර, වෙනත් අයටද මේවා
ධාරණය කිරීමට දිරිමත් කළ යුතුයි. ඔබ දැනුමේ අවිනාශී මිණිමුතු ධාරණය කළ යුතුයි. ඔය
ජීව, රූප් සහ බසාන්ට්ය. සෑම දෙයක්ම ධාරණය කරගන්නේ ජීවයයි. ශරීරය විනාශ වන සුළුයි.
වැඩකට නැති ඕනෑම දෙයක් පුළුස්සා දමයි. සිරුරකින් තව දුරටත් ඵලක් නැති විට, එය
ගින්නකින් පුළුස්සා දමයි. ඔවුන් ජීවාත්මය පුළුස්සා දමන්නේ නැත. අප ජීවාත්මයි.
රාවණගේ රාජධානිය ආරම්භ වුණු විට, සියලුම මනුෂ්‍යයින් ශරීර අවධානයට පත් වූවා. එය
සිථීර විය මා සිරුරක්. කෙසේවෙතත්, ජීවාත්ම අමරණියයි. අමරණීයත්වයේ ස්වාමියා වන පියා
පැමිණ, ජීවාත්ම අමරණීය කරවයි. එහි (ස්වර්ණමය යුගයේ) සෑම ජීවයක්ම අධිපතියෙක් බැවින්
ඔවුන්ගේම කැමැත්තට සහ ඔවුන්ගේ වෙලාවේදී තම සිරුරු අත්හැර, වෙනත් සිරුරු ගනී. ඔවුන්ට
අවශ්‍ය විටෙක තම ශරීර අත්හැරිය හැක. එහිදී ඔවුන්ගේ සිරුරු වලට දීර්ඝ ආයුෂ කාලයක්
තිබේ. සර්පයාගේ නිදසුන තිබේ. ඒවා ඔබගේ බොහෝ උපත් වල අවසන් උපතේ පැරණි සම බව ඔබ දැන්
දන්නවා. ඔබ සම්පූර්ණ උපත් 84 ගෙන ඇත. ඇතැම් අය උපත් 60 සිට 70 ක් ගන්නා අතර, ඇතැම්
අය උපත් 50 ක් ගනි. රිදී යුගයෙදී ආයුෂ කාලය නිසැකයෙන්ම ටිකක් අඩු වෙයි. ස්වර්ණමය
යුගයෙදී ඔවුන්ට සම්පූර්ණ ආයුෂ තිබේ. ඔබ දැන් ස්වර්ණමය යුගයේ ආරම්භයේ පැමිණීමට
උත්සාහ දැරිය යුතුයි. ජීවාත්මයන්ට එහිදී බලය තිබේ. එබැවින් අකල් මරණ නොමැත. ඔවුන්ගේ
බලය අඩුවන විටයි, ආයුෂ අඩු වන්නේ. පියා, සර්ව බලධාරී වන සේම ඔහු ඔය ජීවාත්මයන්වත්
සර්ව බලධාරී කරවයි. පළමුවෙන්ම ඔබ පිවිතුරු වී, සිහිපත් කිරීමේ සිටිය යුතුයි, මන්ද
එවිට පමණයි ඔබට බලය ලැබෙන්නේ. ඔබ පියාගෙන් ඔබගේ පාරිශුද්ධත්වයේ උරුමය හිමි කරගනී.
අපවිත්‍ර ජීවයන්ට බලය ගැනීමට නොහැක. ජීවාත්ම පුණ්‍යවන්ත වන විට, ඔවුන්ට බලය ලැබෙයි.
ටිකක් සිතන්න ජීවාත්ම වන අප, සතෝප්‍රධාන්ව සිටියා. සෑම විටෙකම ශුභ පැතුම් තබා ගන්න.
සෑම කෙනෙක්ම සතෝප්‍රධාන් නොවන බවත් සමහරෙක් සතෝ පමණක් වන බවත් නොසිතන්න. නැහැ, ඔබ
සෑම විටෙකම සිතිය යුත්තේ ඔබ මුලදී සතෝප්‍රධාන්ව සිටි බවය. මෙම විශ්වාසය තිබීමෙන්
පමණයි ඔබ සතෝප්‍රධාන් වන්නේ. ඔබ සතෝප්‍රධාන් වන්නේ කෙසේද කියා ඔබ නො ඇසිය යුතුයි.
එසේ නැත්නම් ඔබ ලිස්සා ගොස්, සිහිපත් කිරීමේ වන්දනාවේ නොසිටියි. හැකිතාක් උත්සාහ
දරන්න. තමන් ජීවාත්මයක් බව සලකා, සතෝප්‍රධාන් වන්න. මෙකල සියලුම මනුෂ්‍යයින්
තමෝප්‍රධාන්ය. ඔය ජීවාත්මද තමෝප්‍රධාන්ය. පියාගේ සිහිපත් කිරීම තුළින් ඔය ජීව දැන්
සතෝප්‍රධාන් බවට පත් විය යුතුව ඇත. මේ සමඟම ඔබ දිගටම එකවර සේවයද කරන්නේ නම්, ඔබට
ශක්තිය ලැබෙයි. නිදසුනක් ලෙසින් කෙනෙක් මධ්‍යස්ථානයක් විවෘත කරන විට, ඔහුට බොහෝ
දෙනෙකුගෙන් ආශිර්වාද ලැබෙයි. කෙනෙක් වන්දනාකරුවන්ට විවේකාශ්‍රමයක් (ධර්ම ශාලාවක්)
විවෘත කරන විට, ඕනෑම කෙනෙකුට එහි ගොස් විවේක ගත හැකිය. එම ජීව සතුටට පත් වෙයි,
නොවේද? එහි නැවතීමට යන අය, විවේකය අත්විඳින විට, එම නිවස තැනූ කෙනාට ඔවුන්ගේ
ආශිර්වාද ලැබෙයි. එහි ප්‍රතිඵලය කුමක් වෙයිද? එම ජීවාත්මය ඔහුගේ මතු උපතෙදී සතුට
ලබන අතර ඔහුට හොඳ නිවසක් ලැබෙයි. හොඳ නිවසක් ලැබීමේ සතුට ඔහුට තිබෙයි. ඔහු කිසි
විටෙක රෝගී නොවී සිටින්නේ නැත ඔහුට හොඳ නිවසක් පමණක් ලැබෙයි. කෙනෙක් රෝහලක් විවෘත
කළේ නම්, ඔහුට නිරෝගිකම ලැබෙයි. කෙනෙක් විශ්ව විද්‍යාලයක් විවෘත කළේ නම්, ඔහුට හොඳ
අධ්‍යාපනයක් ලැබෙයි. රෝහල් ආදිය දිව්‍ය ලෝකයේ පවතින්නේ නැත. මෙහි, ඔබ උත්සාහ
දැරීමෙන් උපත් 21 කට ඔබගේ ප්‍රතිලාභය ඔබ සාදාගන්නවා. කෙසේවෙතත්, එහි කිසිම රෝහලක්,
උසාවියක් හෝ පොලිසීයක් ආදිය තිබෙන්නේ නැත. ඔබ දැන් සතුටු දේශයට යනවා. එහි
උපදේශකවරුන්ද නොමැත. උසස්ම-උසස් අධිරාජයා සහ අධිරාජිනියට කිසි කෙනෙක්ගෙන් උපදෙස්
ගැනීමට අවශ්‍ය වන්නේ නැත. අනුශාසනා ලබාගන්නේ ඔබට එතරම් නුවණ නොමැති විටයි, ඔබ පාපයට
වැටුණු පසුවයි. රාවණගේ රාජධානියේ සෑම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම නුවණ නොමැත්තන් වන අතර
ඔවුන්ට පහත් බුද්ධි ඇත. මේ නිසයි විනාශය සඳහා ක්‍රම සෑදීමට ඔවුන් උත්සාහ දරන්නේ.
ඔවුන් සිතන්නේ ඔවුන් ලෝකය බොහෝ ශ්‍රේෂ්ඨත්වයට ගෙන යන බවයි, නමුත් ඇත්ත වශයෙන්ම
ඔවුන් එය තවත් වැඩියෙන් පහතට හෙලයි. විනාශය දැන් අත ලඟය. ඔබ ආපසු නිවහනට යා යුතු බව
ඔය දරුවන් දැන් දන්නවා. අප භාරතයට සේවය කරමින් අපගේ දිව්‍යමය රාජධානිය ස්ථාපිත කරන
අතර ඉන්පසුව අප එහි ගොස් පාලනය කරයි. මෙසේ සිහිකර තිබේ පියා අනුගමනය කරන්න. පියා
පුත්‍රයාව පෙන්නුම් කරන අතර, පුත්‍රයා, පියාව පෙන්නුම් කරයි. ශිව බාබා, දැන්
බ්‍රහ්මාගේ සිරුරට ඇතුළු වී අපට උගන්වන බව ඔය දරුවන් දන්නවා. ඔබ මේ අන්දමින් විස්තර
කළ යුතුයි. බ්‍රහ්මා, දෙවියන් හෝ දේවතාවක් ආදිය කියා අප සලකන්නේ නැත. ඔහු අපවිත්‍ර
විය. පියා අපවිත්‍ර සිරුරකට ඇතුළු වී ඇත. පිංතූරය දෙස බලන්න, ඔහු ගසේ මුදුනින්ම
සිටගෙන සිටින ආකාරය දෙස. ඔහු අපවිත්‍රයි. ගසේ මුලෙහි ඔහු පිවිතුරු සහ දේවතාවක් වීම
සඳහා, තපස් රකිනවා. තපස්යාවේ සිටින අය බ්‍රහ්මණයන්ය. ඔය බ්‍රහ්ම කුමර කුමරියන්
සියලු දෙනාම රාජයෝගාව ඉගෙනගන්නවා. එය බොහෝ සේ පැහැදිලියි! මේ සඳහා ඔබ ඉතා හොඳින්
යෝගාව් සිටිය යුතුයි. ඔබ සිහිපත් කිරීමේ නොසිටින්නේ නම්, දැනුම පැවසීමේදී ඔබට එම
බලය නොතිබෙයි. ශිව බාබාව සිහිපත් කිරීමෙන් ඔබට බලය ලැබෙයි. සිහිපත් කිරීමේ සිටීමෙන්
ඔබ සතෝප්‍රධාන් වූයේ නැත්නම්, ඔබ දඬුවම් අත්විඳ පහත් තත්ත්වයක් හිමි කර ගනීවි.
භාරතයේ පෞරාණික යෝගාව වශයෙන් හඳුන්වා ඇති, ප්‍රධානතම දෙය වන්නේ සිහිපත් කිරීමයි.
මෙම දැනුම ගැන කිසිවෙකු නොදනී. පෙර කල, ඍෂිවරු සහ මුනිවරු පැවසුවේ ඔවුන් මැවුම්කරු
හෝ මැවීමෙහි මුල, මැද හෝ අවසානය ගැන කිසිවක් නොදන්නා බවයි. ඔබද පෙරකල කිසිම දෙයක්
දැන සිටියේ නැත. මෙම පාපයන් පහ, ඔබව සම්පූර්ණයෙන්ම පැන්සයක්වත් වටින්නේ නැති අය බවට
පත් කරවූවා. මෙම පැරණි ලෝකය දැන් පිළිස්සී සම්පූර්ණයෙන්ම විනාශ වීමටයි තිබෙන්නේ
කිසිවක් ඉතිරි නොවෙයි. ඔබ සියලු දෙනාම ඔබගේ සිරුරු, මනස සහ ධනයෙන්, ඔබ දරණ උත්සාහයට
අනුව, අංක පිළිවෙලට, එය දිව්‍ය ලෝකය බවට පත් කිරීමට, භාරතයට සේවය කරනවා.
ප්‍රදර්ශනයකදී මිනිසුන් ඔබගෙන් මෙම ප්‍රශ්නය ඇසූ විට, ඔවුන්ට කියන්න, බීකේවරුන් වන
අප, අපගේ සිරුරු, මනස සහ ධනයෙන් ශ්‍රීමත් වලට අනුව සේවය කිරීමෙන්, රාම රාජ්‍යය
ස්ථාපිත කරන බව. ශ්‍රිමත් පිළිපැදීමෙන් ඔහු රාම රාජ්‍යය ස්ථාපිත කරන බව, ගාන්ධිජී
කිසි විටෙක නොකීවේය. මෙහි, ශ්‍රී ශ්‍රී 108 වන පියා (108 නිර්මාණය කරන වඩාත්ම
ශ්‍රේෂ්ඨතම කෙනා) මෙම කෙනා තුළ අසුන්ගෙන සිටිනවා. 108 හි මාලාව නිර්මාණය වෙමින්
පවතිනවා. විශාල මාලාවක් නිර්මාණය වන නමුදු, ඉන් ඉතා හොඳ උත්සාහයක් දරන්නේ 8 ක් සහ
108 කි. ඉතා හොඳ උත්සාහයන් දැරීමේ අංක පිළිවෙලට සිටින අය, බොහෝ දෙනෙකි. රුද්‍රාගේ
යාග ගින්නක් නිර්මාණය කෙරෙන විට, සැලිග්‍රමයන්ද වන්දනා කෙරෙයි. ඔබ නිසැකයෙන්ම
වැඳුම් ලබන්නේ ඔබ සේවය කළ නිසයි. ඔය බ්‍රහ්මණයන් ආධ්‍යාත්මික සේවකයන්ය. ඔබ සෑම
කෙනෙක් තුළම ඇති ජීවාත්මය අවදි කරයි. තමන් ජීවාත්මයක් බව ඔබ අමතක කළ විට, ශරීර
අවධානය ඇති වෙයි. මම ’මේ-මේ-කෙනාය‘ කියා ඔබ සිතයි. තමන් ජීවාත්මයක් බව කිසිම කෙනෙක්
වටහා ගන්නේ නැත. ’මේ-මේ කෙනා‘ යන නම අයත් වන්නේ ශරීරයටයි. ජීවාත්ම වන අප,
පැමිණෙන්නේ කොහේ සිටද කියා, කිසිම කෙනෙකුට අල්ප මාත්‍රයක හෝ අදහසක් නැත. මෙහිදී
අපගේ චරිත කොටස් රඟපාන අතර, ශරීරය පිළබඳ අවධානය ස්ථීර වී ඇත. පියා පවසන්නේ දරුවනි,
වැරදි කිරීම නතර කරන්න! මායා බොහෝ බලවත්ය. ඔබ සිටින්නේ සටන් බිමකයි. ජීවාත්ම
අවධානයට පත් වන්න. මෙය ජීවාත්ම සහ පරම ජීවාත්මය අතර හමුවීමක්. ජීව, පරම ජීවයෙන්
බොහෝ කාලයක් වෙන්ව සිටි බව සිහිකර තිබේ. කිසිවෙකුට එහි අරුත වැටහෙන්නේ නැත. ඔබ පියා
සමඟ වාසය කරන බව, ඔය ජීවාත්මයන්ට දැන් වැටහෙයි. එය ජීවාත්මයන්ගේ නිවහනයි. පියා වාසය
කරන්නේද එහිය. ඔහුගේ නාමය වන්නේ ශිවාය. ශිවාගේ උපන් දිනය සිහි කෙරෙයි. ඔහුට වෙනත්
කිසිම නමක් නොදිය යුතුයි. පියා පවසන්නේ මගේ සැබෑ නම වන්නේ ශිවා, යහපත සලසන්නාය. මට
යහපත සලසන්නා වන රුද්‍රා යැයි නොකියයි. යහපත සලසන, ශිවා, යැයි කියයි. කාශී හි ශිවාට
දේවාලයක් ඇත. සාදූන් එහි ගොස් මෙසේ මන්ත්‍ර ජප කරයි ශිව කාශි විශ්වනාත් ගංඟා. කාශි
හි එම දේවාලයේ පිළිරුවක් තබා ඇති ශිවාට, විශ්වනාථ (විශ්වයේ ස්වාමියා) කියා අමතන බව,
පියා දැන් පහදා දෙයි. කෙසේවෙතත්, විශ්වයේ ස්වාමියා මා නොවෙයි. විශ්වයේ ස්වාමිවරු
වන්නේ ඔබලායි. මා එය වන්නේ නැත. ඔබ බ්‍රහ්ම් පදාර්ථයේ ස්වාමිවරුන් වෙයි. එය ඔබගේ
නිවහන වන අතර අනෙක ඔබගේ රාජධානියයි. මගේ එකම නිවහන, බ්‍රහ්ම් පදාර්ථයයි. මා දිව්‍ය
ලෝකයට යන්නෙත් නැහැ, එහි ස්වාමියා වන්නෙත් නැත. මට නිකම්ම ශිව බාබා යැයි කියයි. මට
ඇති කොටස වන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කරවීමයි. දෙවියන්, කිලිටි, අපවිත්‍ර ඇඳුම්
සෝදන බව සීක්වරුන් පවසන නමුත්, ඔවුන් එහි අරුත නොදනී. ඔවුන් අශාරීරික කෙනාගේ, උපත
සහ මරණය ඉක්මවා සිටින කෙනාගේ වර්ණනාව ගායනා කරයි. මා උපත් 84 ක් ගන්නේ නැත. මා මෙම
කෙනා තුළට ඇතුළු වන්නෙමි. උපත් 84 ක් ගන්නේ මනුෂ්‍යයන්ය. බාබා මා සමඟ මෙම සිරුර තුළ
අසුන් ගෙන සිටින බව, මෙම ජීවය දන්නවා. ඒ තිබියදිත් මට නැවත නැවතත් ඔහුව අමතක වනවා.
මෙම දාදාගේ ජීවය පවසන්නේ මා බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔහු මාත් සමඟ අසුන් ගෙන
සිටින නිසා, මට ඔහුව හොඳින් සිහි කළ හැකි වනවා නොවෙයි නැත. අප සම්පූර්ණයෙන්ම එකට
සිටින අතර, ඔහු මා සමඟ සිටින බව මා දන්නවා. ඔහු මෙම සිරුරේ පාලකයා මෙනි. ඒ තිබියදී
මට ඔහුව අමතක වනවා. මා මෙම නිවස (සිරුර) බාබාට ඉන්නට දී ඇති අතර, මා එහි කොණක
අසුන්ගෙන සිටිනවා. එබැවින් වැදගත් කෙනා වන්නේ ඔහු නේද? පාලකයා, මා අසලින් අසුන්ගෙන
සිටින බව මා සිතනවා. මෙම රථය ඔහුට අයත් වන අතර, ඔහු එය රැක බලා ගන්නවා. මට විටෙක
කවන්නේද ශිව බාබාය. මා ඔහුගේ රථයයි. ඔහු නිසැකයෙන්ම මාව හොඳින් රැක බලා ගනියි. මා
එම සතුටින් කෑම කන්නෙමි. ඉන්පසුව විනාඩි දෙකක් හෝ හතරකට පසුව මට ඔහුව අමතක වෙයි.
එබැවින්, ඔය දරුවන් කොපමණ උත්සාහයක් දැරිය යුතුද කියා මට වැටහෙනවා. මේ නිසයි බාබා
දිගින් දිගටම විස්තර කරන්නේ හැකි තාක් පමණින් පියාව සිහිපත් කරන්න. එහි විශාල
යහපතක් තිබේ. මෙහි ඔවුන් සුළු කාරණා නිසා සිත් තැවුල් ඇති කරගෙන, ඉගෙනීම නවතා දමයි.
ඔවුන් ’බාබා, බාබා‘ යැයි පවසා, ඉන්පසුව ඔහුව දික්කසාද කර දමයි! ඔවුන් පියාව ඔවුන්
සතු කරගනී. ඔවුන් මෙම දැනුම අන් අයටත් පවසයි. ඔවුන් මෙම දැනුමට කැමතියි. ඔවුන්
දිව්‍යමය දර්ශනයකින් දිව්‍ය ලෝකය පවා දකියි. ඔවුන් එහි නර්ථනය කරති. ඉන්පසුව අහෝ!
මායා පැමිණ, ඔවුන් මා දික්කසාද කර, පැන යයි. ඔවුන්ව ලොවෙහි අධිපතියන් බවට පත් කරවන
කෙනාව දික්කසාද කරයි. ඉතා වැදගත්, ප්‍රසිද්ධ අය පවා මාව දික්කසාද කරයි. ඔබට දැන්
මාවත පෙන්වා දී තිබේ. ඔහු ඔබගේ අතින් අල්ලාගෙන ඔබව කැටුව යන්නේ නැත. ඔබ අන්ධ නැහැ
ඔබට දැස් තිබේ. ඔව් ඔබට දැනුමේ තෙවැනි ඇසක් ලැබී තිබේ. ඔබ ලෝකයේ මුල, මැද සහ අවසානය
දන්නවා. ඔබගේ බුද්ධිය තුළ, මෙම උපත් 84 හි චක්‍රය බ්‍රමණය කරන්න. ඔබට ස්ව දර්ශන
චක්‍රධාරීන් යැයි කියයි. අවසානයේදී ඔබට එම තත්ත්වය ඇති වෙයි. භාර්යාවක් ඇයගේ
සැමියාට ආදරය කරයි. එය භෞතික සෙනෙහස වන අතර මෙහි ඔබට ආධ්‍යාත්මික සෙනෙහස තිබේ.
ඉඳගෙන සිටින විට, ඇවිදින විට සහ එහෙ මෙහෙ යන අතර, ඔබ සියලු සැමියන්ගේද සැමියා සහ
සියලු පියවරුන්ගේද පියාව සිහිපත් කළ යුතුයි. සැමියා, භාර්යාව සහ පවුලේ අය, එකිනෙකාට
බොහෝ සෙනෙහසින් යුතුව, එකට වාසය කරන බොහෝ පවුල්, ලොවෙහි ඇත. ඔවුන්ගේ නිවස, දිව්‍ය
ලෝකය මෙනි. දරුවන් පස් දෙනෙක් හෝ හය දෙනෙක් එකට වාසය කරති. ඔවුන් උදේ පාන්දරින්
අවදි වී, ඔවුන්ගේ වන්දනාමාන ආදිය කරයි. ඔවුන්ගේ නිවෙස් වල සණ්ඩු සරුවල් නැත. ඔවුන්
බොහෝ ස්ථාවරව රැඳී සිටියි. ඇතැම් පවුල් වල, පවුලේ එක් සාමාජිකයෙක්, රාධාස්වාමිගේ
අනුගාමිකයෙක් වන අතර, තවත් කෙනෙක් එක් ආගමක්වත් විශ්වාස කොකරන්නෙක් වෙයි ඔවුන් සුළු
දේවල් වලට සිත් තැවුල් ඇති කරගනී. එබැවින් පියා පවසන්නේ මෙම අවසන් උපතේදී
සම්පූර්ණයෙන් උත්සාහ දරන්න. ඔබගේ මුදල් වටිනා අන්දමකින් භාවිත කර, තමන්ට යහපතක්
සිදුකර ගන්න, එවිට භාරතයටද යහපතක් සිදු වෙයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ නැවත
වරක් ඔබගේ රාජධානිය ස්ථාපිත කරන බව ඔබ දන්නවා. සිහිපත් කිරීමේ වන්දනාවේ සිටීමෙන් සහ
ලෝක චක්‍රයේ මුල, මැද සහ අවසානය ගැන දැනුවත් වීමෙන්, අපි ලෝකයේ පාලකයන් බවට පත්
වන්නෙමු. ඉන්පසුව අප පහළට පැමිණීම ආරම්භ කරයි. අවසානයේදී අපි නැවතත් බාබා වෙතට
පැමිණෙයි. ඔබට උසස් තත්ත්වයක් හිමි කරගැනීමට හැකි වන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්
පමණයි. පියා ඔබව එල්ලූම් ගසට යවන්නේ නැහැ. ඔහු පවසන්නේ පළමුවෙන්ම පාරිශුද්ධත්වයට
පත් වී පියාව සිහි කරන්න. ස්වර්ණමය යුගයේ කිසිම කෙනෙක් අපවිත්‍ර නැත. දේවතාවන්
සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඉන්පසුව ජනගහණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙයි. දේවතා
වෘක‍්ෂය කුඩාය ඉන්පසුව එය බොහෝ සෙයින් ව්‍යාප්ත වෙයි. සියලුම ජීවාත්ම දිගින් දිගටම
පහළට එයි. මෙම නාටකය පෙර නියම වූවකි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1.
ආධ්‍යාත්මික සේවකයෙක් වී, ජීවාත්ම අවදි කිරීමේ සේවයේ යෙදෙන්න. ශ්‍රීමත් වලට අනුව,
ඔබගේ සිරුර, මනස සහ ධනයෙන් සේවය කර, රාම රාජ්‍යය ස්ථාපිත කිරීමට උපකරණයක් වන්න.
2. ස්වදර්ශන චක්‍ර
ධාරියෙක් වී, ඔබගේ බුද්ධිය වටා උපත් 84 හි චක්‍රය බ්‍රමණය කරන්න. ඒකායන පියා පමණක්
සිහි කරන්න. වෙනත් කිසිවෙක් සිහි නොකරන්න. කිසිම දේකින් සිත් තැවුලට පත් නොවන්න,
එමෙන්ම ඉගෙනුම නතර නොකරන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් බලවත් ජීවාත්මයක් වී, ඔබේ සමූහයේදී ඔබේ අරමුණ සහ සුදුසුකම් සමාන
කරගනිත්වා.
ඔබේ සමූහයේදී එකිනෙකා
දකින අතරතුර, ඔබට උනන්දුවක් සහ උද්යෝගයක් තිබිය හැකි නමුත්, නොසැලකිලිමත්කමක් ද
තිබිය හැකිය. එවිට ඔබට මෙසේ සිතිය හැකිය: මෙයා මෙය කරනවා, ඉතින් මමත් එයම කළොත් ඇති
ඵලය කුමක්ද? එබැවින්, සමූහයෙන් උදව් ලබාගෙන උසස් වන්න. ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙර,
පළමුවෙන්ම, විශේෂ අවධානයක් යොමු කර, ඔබව සම්පූර්ණ කර ආදර්ශයක් වීමේ අරමුණ තබා ගන්න.
"මම එය කළ යුතු අතර පසුව අන් අය ඒ සදහා යොමු කළ යුතුයි." ඉන්පසු, මෙම ඉලක්කය නැවත
නැවතත් වීමට ඉඩ දෙන්න. ඔබේ සුදුසුකම් සමඟ ඔබේ ඉලක්කය ගැලපීම දිගටම කරගෙන යන්න, එවිට
ඔබ බලවත් වනු ඇත.
පාඨය:
අවසාන කාල
පරිච්ඡේදයේ වේගයෙන් යාමට නම්, සාමාන්‍ය හෝ නාස්තිකාර සිතිවිලි ඇති කර ගනිමින් ඔබේ
කාලය නාස්ති නොකරන්න.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
ආදරය කරන අයව
ඔවුනොවුන්ව සිහිපත් කිරීම අවශ්‍ය නොවේ, ඔවුන් එකිනෙකාව නිරායාසයෙන්ම සිහියේ රැදී
තිබේ. සරළව ඔබේ හදවතින් සෙනෙහස ඇතිව ඉන්න; එය සැබෑ සහ පරාර්ථකාමී සෙනෙහසක් වේවා. ඔබ
“මගේ බාබා! ආදරණීය බාබා!” යැයි පවසන විට, ඔබ ආදරය කරන තැනැත්තා ඔබට කිසිදා අමතක කළ
නොහැක. ඔබට පියා හැර වෙන කිසිවෙකුගෙන් පරාර්ථකාමී සෙනෙහසක් ලබා ගත නොහැක. එමනිසා,
කිසිදු ආත්මාර්ථකාමී චේතනාවකින් ඔහුව සිහිපත් නොකරන්න, නමුත් පරාර්ථකාමී සෙනෙහසේ
ගිලී සිටින්න.
විශේෂ දැනුම්දීම:
බාබාගේ ශ්‍රීමත් වලට අනුව, මුරලි වූ කලී බාබාගේ දරුවන් සඳහා පමණි, රාජ යෝග පාඨමාලාව
හදාරා නැති ජීවාත්මයන් සඳහා නොවේ. එබැවින්, සියලුම උපකරණ ගුරුවරුන්ගෙන්, සහෝදර
සහෝදරියන්ගෙන් අපි නිහතමානීව ඉල්ලා සිටින්නේ බාබාගේ සකාර් මුරලි ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය
පටිගත කිරීම් YouTube, Facebook, Instagram හෝ ඕනෑම what's app කණ්ඩායමක පළ නොකරන
ලෙසයි.