07.08.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මේ මොහොත වනතෙක් ඔබ ඉගෙනගත් හැම දේම අමතක කර දමා එකම පියාව සිහිකරන්න.

ප්‍රශ්නය:
භාරතය පුරා ස්වර්ණමය යුග ආධිපත්‍යය ස්ථාපිත කිරීමට අවශ්‍ය බලය කුමක්ද?

පිළිතුර:
පාරිශුද්ධත්වයේ බලය. ඔබ සර්ව බලධාරී පියා සමග යෝගා තබාගෙන පාරිශුද්ධත්වයට පත්වෙනවා. ස්වර්ණමය යුග ස්වාධිපත්‍යය ස්ථාපිත වන්නේ පාරිශුද්ධත්වයේ බලය මඟිනි. මේ සඳහා යුද්ධයක් ඇති වීම පිළිබඳ ගැටළුවක් නැහැ. ඔබව පාරිශුද්ධ ලෝකයේ හිමිකරුවන් බවට පත්කරවන්නේ ඥානයේ සහ යෝගාවෙහි බලයෙනි. සාධාරණ එකම උපදේශය මෙම බලයෙන් ස්ථාපිත වෙනවා.

ගීතය:
අවසානයේදී අප බලා සිටි දිනය පැමිණියා...

ඕම් ශාන්ති.
දරුවන් ගීතයට සවන් දුන්නා. මේ ගීතය නිර්මාණය කළේ අප නොවෙයි. සියලුම වේද සහ ආගමික ග්‍රන්ථ වල සාරය ඔබට පැහැදිලි කර දෙනවා සේම නිර්මාණය කරන ලද මෙම ගීතයන්ගේ සාරය ද පැහැදිලි කර දෙනවා. තොටියා, ගෙවත්තේ හිමිකරු සහ විමුක්තිය සළසන්නා වන්නේ එකම පියා පමණක් බව දරුවන් වන ඔබ දන්නවා. ජීවන මුක්තිය ලබා ගැනීම උදෙසා මිනිස්සු භක්ති කරනවා. කෙසේවෙතත්, ජීවන මුක්තිය සළසන්නේ හෝ ගැළවීම ලබා දෙන්නේ පරමාත්ම දෙවියන් පමණයි. මෙහි අර්ථය වටහා ගන්නේ දරුවන් වන ඔබ පමණයි අනෙක් මිනිස්සු එය අවබෝධ කර ගන්නේ නැහැ. ගැලවීම යනු ඔහු ඔබව දුකින් ගලවා සාමය ලබා ගැනීමට හැකියාව ලබා දෙනවා. භාරතයේ වැසියන් වන, දරුවන් වන ඔබ දන්නවා එය ලක්ෂ්මි සහ නාරායනගේ රාජ්‍යයව පවතින කල එහි පාරිශුද්ධත්වය, සතුට සහ සාමය තිබුණු බව. ඔබ එය රාධේ සහ ක්‍රිෂ්ණාගේ රාජ්‍යය යැයි කියන්නේ නැහැ. එහෙත්, මව්වරුන්, රාධේගේ සමීපතමයන්. ඔවුන් වැඩියෙන් ආදරය කළ යුත්තේ රාධේටයි. නමුත්, ඇත්තෙන්ම ඔවුන් බොහෝ සෙයින් ආදරය කරන්නේ ක්‍රිෂ්ණාටයි. ඔවුන් ඔහුව තොටිල්ලේ තබා නළවනවා. ඔවුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනය පවා සමරණවා. රාධේගේ උපන් දිනය සමරන්නේ නැහැ. ඒත්, ඔවුන් ඒ දෙදෙනාගේම උපන් දිනය සැමරිය යුතුයි. ඔවුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. කිසිම කෙනෙක් ඔවුන්ගේ ජීවිත කතාව දන්නේ නැහැ. පරමාත්ම පියා පැමිණ ඔබට තමන්ගේ ජීවිත කතාව සහ හැමදෙනාගේම ජීවිත කතා කියා දෙනවා. උත්තරීතර ජීවය, ශිවාට නමස්කාර කියා මිනිස්සු කියනවා. කෙසේවෙතත්, ඔවුන් ඔහුගේ ජීවිත කතාව දන්නේ නැහැ. ඉතිහාසය සහ භූගෝලය යනු මනුෂ්‍යයන්ගේ ජීවිත කතාවයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය සිහිකෙරෙනවා. ඔවුන් බොහෝ ප්‍රදේශ පාලනය කළා, බොහෝ දේශයන් පාලනය කළා! ඔවුන් පාලනය කළේ කෙසේද කියා හෝ ඔවුන් ගියේ කොහේද කියා කිසිවෙක් දන්නේ නැහැ. දරුවන් වන ඔබට මෙය ඉතාමත් හොඳින් පැහැදිලි කර දුන්නා. නිර්මාපක සහ නිර්මාණයේ ඥානය දරුවන් වන ඔබට පැහැදිලි කර දුන්නා. දැන් සත්‍ය වශයෙන්ම යකඩ යුගයේ අවසානය සහ ස්වර්ණම යුගයේ ආරම්භය බව දරුවන් වන ඔබ දන්නවා. උත්තරීතර පියා, උත්තරීතර ජිවය සංගම යුගයේදී පමණක් පැමිණ අපිරිසිඳු මණුෂ්‍යයන්ව පාරිශුද්ධ දේවතාවන් බවට වෙනස් කරනවා. ඔහු ඔවුන්ව සෑම මනුෂ්‍යයෙක්ටම වැඩියෙන් ඉතාමත් දිව්‍යමය කරවනවා. මේ කාලයේ සිටින මනුෂ්‍යයන් දිව්‍යමය නැහැ, ඔවුන් පහත්ම අයයි. උසස්ම, මධ්‍යම සහ පහත්ම මට්ටම්වල මිනිසුන් සිටිනවා, සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන් තිබෙනවා. ඉතාමත් හොඳින් ඥානයට සවන් දෙන අය සතෝගුණී අය ලෙස හැඳින්වෙනවා. ටිකකට පමණක් සවන් දෙන අය රජෝගුණී අය ලෙසත්, ඥානයේ කිසිම දෙයකට සවන් නොදෙන අය තමෝගුණී අය ලෙසත් හැඳින්වෙනවා. ඉගෙනීමකදී එය පොදුයි. දරුවන් වන ඔබට අවශ්‍ය සතෝප්‍රධාන් ඉගෙනීමක්. මේ නිසා තමයි ඔබට සතෝප්‍රධාන් ලක්ෂ්මි සහ නාරායන වීමට ඥානය දෙන්නේ. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන් නාරායන බවටත්, සාමාන්‍ය කාන්තාවකගෙන් ලක්ෂ්මි බවටත් වෙනස් වෙනවා. ඔබ සත්‍ය ගීතාව වන ගීතාව ගැන කියනවා. මෙය ඔබ සත්‍ය නාරායන වීමේ කතාන්තරයට, අමරණීයත්වයේ සත්‍ය කතාන්තරයට, තෙවෙනි ඇසේ සත්‍ය කතාන්තරයට සවන් දෙන නියම ගීතා පාඨශාලාව බව ඔබට ලිවිය හැකියි. ඔබ ළඟ තිබෙන සෑම පින්තූරයකම සියලුම ඥානය තිබෙනවා. ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ අනිවාර්යෙන්ම භාරතය දිව්‍ය ලෝකයක් කරන බවට දැන් පොරොන්දු වෙනවා. ඔබ හැමදෙනාටම දන්වා සිටිය යුතුයි. ගාන්ධිජීටත් පාරිශුද්ධ රාජ්‍යයක් අවශ්‍යව තිබුණා. ඉතින් එසේනම් මෙය අනිවාර්යෙන්ම අපිරිසිඳු රාජ්‍යය විය යුතුයි. කිසිම කෙනෙක්ට තම තමන් අපිරිසිඳු බව තේරුම් ගැනීමට බැහැ. පාපයන් පහ රාවණ්ය. ඔවුන් තමන්ට රාම රාජ්‍යය අවශ්‍ය බව කියනවා. එමනිසා, ඔවුන් අනිවාර්යෙන්ම සිටින්නේ යක්ෂ සමාජයේ විය යුතුයි. කෙසේවෙතත්, මෙය කිසිවෙක්ගේ බුද්ධියේ රඳන්නේ නැහැ. උගත් ගුරූන්වත් මෙය තේරුම් ගන්නේ නැහැ. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, හරියටම වසර 5000කට පෙරාතුව කළා සේම තමන් දේවතා රාජ්‍යය ස්ථාපිත කරන බව දරුවන් වන ඔබ ඔවුන්ට දන්වන්න. මේ වඩාත් පිරිහුණු මනුෂ්‍යයන් දැන් වඩාත් දිව්‍යමය මනුෂ්‍යයන් බවට පත්වන ඉතා මංගල්‍ය වූ සංගම යුගයයි. උසස් ආර්ය පිළිවෙත් වූ කලී ආදී සනාතන දේවී දේවතා ධර්මයයි. ස්ථාපිත වන්නේ එකම එක දේවතා ධර්මයක් පමණයි. ඉන්පසු එහි වෙනත් කිසිම ධර්මයක් පවතින්නේ නැහැ. ස්වර්ණම යුගයේ පවතින්නේ එකම ධර්මයක් සහ එකම රාජ්‍යයක් පමණක් බව දරුවන් වන ඔබට ඔප්පු කර පෙන්වන්න සහ පැහැදිලි කර දෙන්න පුළුවන්. රිදී යුගයේදී ඔබ සූර්ය වංශයේ සිට චන්ද්‍ර වංශයට මාරු වුවත්, එහි තිබෙන්නේ එකම එක භාෂාවක් පමණයි. දැන් භාරතයේ භාෂාවන් ගැණිය නොහැකි ප්‍රමාණයක් තිබෙනවා. ඔවුන්ගේ රාජ්‍යයේ තිබුණේ එකම එක භාෂාවක් පමණක් බව දරුවන් වන ඔබ දන්නවා. අද කාලයේ ඔබ බොහෝ දේ දකිනවා. දීර්ඝ සංචාරයකින් පසු තම වාස භූමිය අසලට පැමිණි විට තමන් නිවසට පැමිණියා සහ දැන් හැමදෙනාවම මුණගැසීමට යනවා යනුවෙන් විශාල සතුටක් ඔබට ඇතිවෙනවා. තම රාජ්‍යයේ දර්ශන නිතරම ඔබට ලැබෙනවා. තමන් දැරූ උත්සාහයන්ගේ දර්ශනද ලැබෙනවා. බාබා ඔබට බොහෝ උත්සාහ දරන්න යැයි කියන්නේ ඇයි දැයි කියා දකින්නට ඔබට හැකි වේවි. එසේ නොවුනහොත්, ඔබට වේදනාවෙන් හැඬීමට සිදුවන අතර තත්ත්වයත් බාල වෙනවා. නිරතුරුවම හැමදෙනාටම යෝගා නැමති වන්දනාව පැහැදිලි කර දෙන්න. එය පැහැදිලි කර දීම ඉතාමත් පහසුයි. ඉණිමගේ පින්තූරය පැහැදිලි කර දීම ඉතාමත් පහසුයි. පසුව පැමිණෙන අය ඉතාමත් පහසුවෙන් දිනෙන් දින මෙම ඥානය ලබා ගන්නවා. එක් සතියක් පමණක් සවන් දීමෙන් එය පහසුවෙන්ම අවබෝධ කර ගැනීමට හැකිවෙනවා. නියමාකාරයෙන් කළ පහදාදීම් වලින් පින්තූර නිර්මාණය කර තිබෙනවා. උපත් 84හි පින්තූරය මුළුමණින්ම නිවැරදියි. එය භාරත ජනතාව වෙනුවෙනුයි. දරුවන් වන ඔබගේ බුද්ධියේ මේ සියලු ඥානය තිබෙනවා. දරුවන් වන ඔබ දන්නවා තමන් නැවත වතාවක් ඔබේම ශරීරය, මනස සහ ධනයෙනුත්, පහසු රාජයෝගා මගිනුත්, පාරිශුද්ධත්වයට පත්කරන්නා වන ශිව බාබා විමුක්තිය ලබා දෙන්නාගේ උපදේශයන් අනුගමනය කිරීම මගිනුත් නැවත වතාවක් භාරතය දිව්‍ය ලෝකයක් බවට පත්කරන බව. අපි වෙනත් කිසිම කෙනෙක්ගේ, කිසිම දෙයක් භාවිත කරන්නේ නැහැ. අප සේවය කරන්නේ අපේම ශරීරය, මනස සහ ධනයෙනුයි. හැම කෙනෙක්ම කුමක් කළත්, ඔහු තමන්ගේ අනාගතය නිර්මාණය කර ගන්නවා. ඔබ පවුලක සාමාජිකයන්. බාබා ඔබ මාර්ගයෙන් ස්වර්ණම යුග ස්වාධිපත්‍යය ස්ථාපිත කරනවා. වියදම දරනු ඇත්තේ ඔබලායි. ලොකු වියදමක් තිබෙන්න අවශ්‍ය නැහැ. ඔබට ශිව බාබා සිහිකිරීම පමණයි තිබෙන්නේ. කුමරියන්ට තියෙන වියදම කුමක්ද? ඔවුන්ට මොනම දෙයක්වත් තියෙනවාද? දරුවන් වන ඔබගෙන් බාබා ගන්නා අයකිරීම් මොනවාද? කිසිම දෙයක් නැහැ! පාසල් වලදී, ඔවුන් පළමුවෙන්ම අහන්නේ ගාස්තුවයි. ඉගෙනීම සඳහා බොහෝ සේ වියදම් කිරීමට ඔවුන්ට සිදුවෙනවා. ශිව බාබා දරුවන් වන ඔබගෙන් මොනම ගාස්තුවක් හෝ ඉල්ලන්නේ කොහොමද? මොනයම් හෝ මුදලක් ගත්තා කියා, ශිව බාබාට තමා වෙනුවෙන් නිවසක් තැනීමට නැහැ. අනාගතයේදී ඔබ දරුවන් දෙව්ලොව වෙත යන අතර දියමන්ති ඔබ්බවන ලද මාළිගා තනනවා. ඔබ මෙහිදී කරන සෑම දේටම සරිලන ප්‍රතිලාභ ලෙස තමයි අනාගතයේදී මාළිගාවන් ලැබෙන්නේ. මේ කරුණු අවබෝධ කර ගත යුතුයි. එහිදී ඔබ ලබන දෙය තීරණය වන්නේ මෙහිදී තම ශරීරය, මනස සහ ධනය තුළින් කරන සේවය තරමටයි. කවුරුහරි පාසලක් හෝ ආරෝග්‍යශාලාවක් සාදන විට ඔහුට මිලියනයක්, මිලියන දෙකක් පමණ ඒ සඳහා යොදවන්න වෙනවා. මෙහිදී, ඔබට එතරම් වැය කරන්න සිදුවන්නේ නැහැ. ඉතා කුඩා ගොඩනැගිල්ලක ආධ්‍යාත්මික පාසලක් සමග ආරෝග්‍යශාලාවක් සෑදිය හැකියි. පාණ්ඩවයන්ගේ ස්වාමියා කවුද? ඔවුන් ක්‍රිෂ්ණාගේ නම ලියා තිබෙනවා. ඒත්, ඒ අභෞතික පරමාත්ම දෙවියන්ය. පරමාත්ම දෙවියන් යනු ඔබට ශ්‍රීමත් ලබා දෙන්නායි. හැමදෙනාම රාවණ් රාජ්‍යයේදී රාවණ්ගේ අණ පිළිපදිනවා. රාවණ්ගේ අණ පිළිපැදීමෙන් ඔවුන් බොහෝ අපවිත්‍ර වෙලා! මේ ලෝකය පැරණියි, දැන් නැවතත් අළුත් වෙනවා. ලෝකයේ තිබුණේ භාරතය පමණයි. භාරතය පැරණි සහ අළුත් ලෙස හැඳින්වෙනවා. අළුත් භාරතය දිව්‍ය ලෝකය වූවා. දැන් එය පැරණියි, එය අපායක් වෙලා. එය අපායේ අන්ත අගාධය ලෙස හැඳින්වෙනවා. මෙය අදාලවන්නේ මනුෂ්‍යයන්ටයි. මෙහෙ, සතුටේ සළකුණක්වත් නැහැ. මෙය නියම සතුට නොවෙයි! මේ කාලයේ සතුට කපුටෙක්ගේ පැහැරීමක් වැනි යැයි සන්යාසීන් පවා කියනවා. මේ නිසා තමයි ඔවුන් තමන්ගේ නිවෙස් සහ පවුල් අතහැර දමා යන්නේ. ඔවුන්ට දිව්‍ය ලෝකය හෝ ස්වර්ණමය යුගය ස්ථාපිත කළ නොහැකියි. ක්‍රිෂ්ණා දේශය ස්ථාපිත කරන්නේ උත්තරීතර ජීවය පමණයි. ශ්‍රී ක්‍රිෂ්ණාගේ ශරීරය සහ ජීවය යන දෙකම සතෝප්‍රධාන්. මිනිසුන්ට ක්‍රිෂ්ණා පිළිබඳ විශාල සෙනෙහසක් තිබෙන්නේ ඔහු පාරිශුද්ධ නිසායි. කුඩා දරුවෙක් බ්‍රහම්-ග්‍යානි කෙනෙක් වැනි යැයි කියනවා. කුඩා දරුවන් පාපයන් පිළිබඳ දන්නේ නැහැ. සන්යාසීන් ඒවා පිළිබඳ දැනුමකින් යුක්තයි. උපතේදී ළදරුවන් ශ්‍රේෂ්ට ජීවයන්. ළදරුවන් පිරිසිඳු මල් යැයි කියනවා. නොම්මර එකේ මල ශ්‍රී ක්‍රිෂ්ණායි. දිව්‍ය ලෝකය වන නව ලෝකයෙහි පළමු රජ කුමරා ඔහුයි. ඔහු උපත ලද විගස, පළමු රජ කුමරා ලෙස හැඳින්වෙනවා. හැමදෙනාම ක්‍රිෂ්ණාව සිහිපත් කරන අතර ශ්‍රී ක්‍රිෂ්ණා වැනි දරුවෙක් ලැබීමට ඔවුන්ට අවශ්‍යයි. පියා කියනවා ඔබට අවශ්‍ය ඕනෑම කෙනෙක් බවට පත්වන්න! එක් ක්‍රිෂ්ණා කෙනෙක් පමණක් නොවෙයි සිටින්නේ. කී දෙනෙක් වේල්ස් කුමරු බවට පත්වෙනවාද? පළමු, දෙවන සහ තෙවන ආදී වශයෙන් සිටිනවා. මෙහෙත් පරම්පරාවක් සිටිනවා. පියාට පසු, දෙවැනියා සිහසුනට පත්වෙනවා. වෙනත් පරම්පරාවණ් තිබෙන්නාක් සේ, මෙම පරම්පරාවත් තිබෙනවා. ක්‍රිස්තියානීන් සමග ඔබට සම්බන්ධයක් තිබෙනවා. ක්‍රිෂ්ණා සහ ක්‍රිස්තියානි යන වචන දෙකේ ශබ්ද සමාන අතර ඒ දෙක අතර බොහෝ දේ හුවමාරු වෙනවා. ඔවුන් භාරතයෙන් බොහෝ ධනය ලබා ගන්නවා. දැන් ඔවුන් ඒවා ආපසු ගෙවනවා. ඔවුන් සේවය ආපසු ලබා දීම කරනවා. යුරෝපීයයන් ඔවුනොවුන් යුද්ධ කර ගනිමින් තම තමන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර ගන්නවා. බළලුන් දෙදෙනෙක් බටර් එකකට දබර කරමින් සිටියදී ඒ අතර සිටි වඳුරෙක් එය ලබා ගැනීමේ කතාවක් තිබෙනවා. එම කරුණ අදාල වන්නේ මේ කාලයටයි. ඔවුන් දබර කර ගනිද්දී ඔබ රාජ්‍යය ලබා ගන්නවා. දරුවන් වන ඔබට දැන් විශාල ඥානයක් තිබෙනවා. තමන් සියලුදෙනාම බ්‍රහ්ම කුමර කුමරියන් බව දරුවන් වන ඔබගේ බුද්ධියේ තිබෙනවා. ඔබ ගුජරාති කෙනෙක් හෝ ඛෙංගාල් කෙනෙක් වුවත් කිසිම ගැටළුවක් නැහැ. එවන් තේරීම් නොතිබිය යුතුයි. ඔබ සියලුදෙනාම එකම පියාගේ දරුවන්. අපි බ්‍රහ්ම බාබා මාර්ගයෙන් දුන් ශිව බාබාගේ උපදේශයන් පිළිපැදීමෙන් නැවත වතාවක් අපේ ස්වාධිපත්‍යය ස්ථාපිත කර ගන්නවා. ඥානය සහ යෝගා බලයෙන් අප මෙය කරනවා. අප යෝගා බලයෙන් පාරිශුද්ධත්වයට පත්වෙනවා. පරමාත්ම පියා සර්ව බලධාරියා වන අතර අප ඔහුගෙන් බලය ලබා ගන්නවා. ඔබ ලෝක රාජ්‍යය දිනා ගන්නවා. මේ තුළ කිසිම යුද්ධයක් නැහැ. හැමදේම පාරිශුද්ධත්වයේ බලයෙන් සිදුවන දේය. ඔවුන් කියනවා පැමිණ අපිරිසිඳු අපව පාරිශුද්ධත්වයට පත්කරන්න. මේ සියල්ලම ස්මරණයේ බලයයි. පිටතට ගොස් තම එදිනෙදා ව්‍යාපාරයන්හී කාර්ය බහුලව නිරත වන විට හැමදේම අමතක වී යන්න බැහැ. මෙහෙ, නොනවත්වාම ඔබට පෞද්ගලිකවම තමන් ඉදිරිපිටින් ඥානය නැමැති සාගරයේ තරංග ඇසෙනවා. ගංගාවන්හී, තරංග නැහැ. එක් සාගර තරංගයකට පවා විශාල විපතක් කළ හැකියි. භූමිකම්පාවක් පැමිණි විට, සාගරය පවා කණපිට පෙරලෙනවා. මිනිස්සු සාගරයේ ජලය බැස යෑමට සලස්වා නැවත එහි ගොඩබිමක් සාදා සුළු මුදලකට විකුණා දමනවා. බොම්බේ ඉතිරි නොවන බව ඔබ දන්නවා. ඉස්සර, එහි බොම්බේ කියා තැනක් තිබුණේ නැහැ. එය ඉතාමත් කුඩා ගම්මානයක්. මව්වරු ඉතාමත් අහිංසකයි. ඔවුන් එතරම් උගත් අය නොවෙයි. මෙහිදී, ඔබ තමන් ඉගෙනගත් හැමදේම අමතක කළ යුතුයි. ඔබ කිසිම දෙයක් ඉගෙන ගෙන නැත්නම් එය වඩාත් හොඳයි. උගත් කෙනෙක්ට යමක් පැහැදිලි කර දෙන විට ඔහු බොහෝ ප්‍රශ්න ඇසිය හැකියි. මෙහිදී, ඔබ කළ යුත්තේ එකම පියාව සිහිකිරීම පමණයි. එහිදී ශාරීරික මනුෂ්‍යයන් සිහිකිරීම පිළිබඳ ගැටළුවක් නැහැ. ප්‍රශංසාව ඇත්තේ එකම අසීමිත පියා පිළිබඳවයි. පරමාත්ම දෙවියන් උසස්ම උසස් කෙනා බව ඔබ දන්නවා. ඉන්පසු දෙවන නොම්මරය බ්‍රහ්මායි. ඔහුට වඩා උසස් අයෙක් තවත් නැහැ. ඔහුට වඩා උසස් පෞරුෂත්වයක් ඇති තවත් කෙනෙක් නැහැ. නමුත් ඔහු අදෘෂ්‍යමාන ලෙස අදහස් හුවමාරු කර ගන්නේ කෙසේදැයි බලන්න. උදාහරණයක් ලෙස, ඔහු දරුවන් වන ඔබ සමග සාමාන්‍ය ලෙස හිඳගෙන සිටිනවා. මෙයා දුම්රියෙන් ගමන් කරන විට, ඔහු කවුද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම දෙවියන් පැමිණ ඔබට ඥානය දෙනවා. ඔහු අනිවාර්යෙන්ම ඥානය දීමට කාටහරි ඇතුළු වනවා. එසේ කරන්නේ ක්‍රිෂ්ණා නම්, එහි විශාල පිරිසක් රැඳෙන අතර ඔහුට ඉගැන්වීමට නොහැකි වෙනවා. මිනිස්සු නිකම් ඔහු දෙස බලා සිටිනවා. මෙහෙ, පරමාත්ම පියාම පැමිණ දරුවන් වන ඔබට සාමාන්‍ය ලෙස, අදෘෂ්‍යමාන ආකාරයෙන් ඥානයෙන් දැනුවත් කරවනවා. ඔබ අදෘෂ්‍යමාන හමුදාවයි. යෝගා බලයෙන් තමන් නැවත වතාවක් තමන්ගේම රාජ්‍යය ස්ථාපිත කරන බව ජීවාත්ම වන ඔබ දන්නවා. ඔබ තම පැරණි ශරීරය අතහැර දමා අළුත් අලංකාර ශරීරයක් ගන්නවා. දැන් එය යක්‍ෂ රාජ්‍යයක් වන අතර පසුව දේවතා රාජ්‍යය වෙනවා. ජීවය කියනවා මා නව ලෝකයේදී දිව්‍යමය ශරීරයක් ගෙන රාජ්‍යය පාලනය කරනවා. ජීවාත්මය පුරුෂ වන අතර ශරීරය සෑදී ඇත්තේ මහා භූතයන්ගෙනි. ජීවාත්මය සෑම විටම පුරුෂ වේ. නමුත් පුරුෂ හෝ ස්ත්‍රී ශරීරයක් නිර්මාණය වන්නේ කර්ම ගිණුම් පදනම් කරගෙනයි. කෙසේවෙතත්, අවිනාශී ජීවාත්මයක්. මේ චක්‍රය නොනැවතී කැරකෙනෙවා. අනිවාර්යෙන්ම යකඩ යුගයේ විනාශය සිදුවෙනවා. ඔබට තමා ඉදිරිපිට විනාශයේ සළකුණු දැකිය හැකියි. එකම මහාභාරත යුද්ධය සිදුවන බැවින් අනිවාර්යෙන්ම පරමාත්ම දෙවියන් යම්කිසි ස්වරූපයකින් හෝ සිටිය යුතුයි. දරුවන් වන ඔබ හැර වෙනත් කිසිම කෙනෙක් ඔහු ඇතුළු වූයේ කුමන ස්වරූපයෙන්ද කියා හෝ කාගේ ශරීරයටද කියා හෝ දන්නේ නැහැ. ඔහු කියනවා මා ඉතාමත් පැරණි ශරීරයකට ඇතුළු වනවා. සම්පූර්ණ උපත් 84 ගන්නා ක්‍රිෂ්ණාගේ ශරීරයට මා ඇතුළු වන්නේ නැහැ. මා පැමිණෙන්නේ මොහුගේ උපත් ගණනාවක අවසානයේදියි. උපත් 84ම ගන්නේ සූර්ය වංශයට ඇතුළු වෙන අයයි. මුල්ම නොම්මරය ගන්නා අය ඔවුන්ය. භෞතික වෘක්ෂය සහ අභෞතික වෘක්ෂය ගැන සියලු ඥානය ඔබට තිබෙනවා. අභෞතික ලෝකයේ සිට ජීවාත්ම අනුපිළිවෙලට පහළට පැමිණෙනවා. පළමුවෙන්ම එන්නේ දේවතා ධර්මයේ ජීවාත්මයන්ය. පසුව අනෙක් සියලුම ජීවාත්මයන් අනුපිළිවෙලට පැමිණෙනවා. පින්තූර වල ඇති පැහැදිලි කිරීම් ඉතාමත් උසස්. කුමරියන් ඕනෑම දෙයකට වඩාත් හොඳින්, ඕනෑම වේලාවක සූදානම්ව ස්ථාවර විය යුතු බව දරුවන් වන ඔබට පැවසුවා. දියණියන් එවන් දේවල් පැහැදිලි කිරීම විශාලම පුදුමය විය හැකියි. ඔවුන් බොහෝ සෙයින් නම ගෞරවයට පාත්‍ර කරනවා. ඔවුන් ලෞකික සහ ආධ්‍යාත්මික පියවරුන් දෙදෙනාගේම නම් ගෞරවයට පාත්‍ර කරනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සංගම යුගයේදී දිව්‍යමය ක්‍රියාවන් කර දිව්‍යමය මනුෂ්‍යයන් වන්න. තමන්ව පිරිහුණු මනුෂ්‍යයෙක් බවට පත්කරන ආකාරයේ කිසිම ක්‍රියාවක් කරන්න එපා.

2. අදෘෂ්‍යමාන ලෙස පියාගේ උදව්කරුවෙක් වී භාරතය දිව්‍යලෝකයක් කිරීමට සේවය කරන්න. තමන්ගේම ශරීරය, මනස සහ ධනය මගින් භාරතය දිව්‍යලෝකයක් බවට පත්කරවන්න. ස්මරණය සහ පාරිශුද්ධත්වය නැමති බලයන් උකහා ගන්න.

වරදානය:
ඔබගේ පරිපූර්ණ සහ පරිසමාප්ත ස්ථිතිය තුළින් සියලු ආකාරයේ යැපීම් අවසන් කර, ඔබ පදාර්ථය ජයගත්තෙකු වේවා.

ඔබ ඔබේ පරිපූර්ණ සහ පරිසමාප්ත ස්ථිතිය තුළ ස්ථාවරව සිටින විට, ඔබට ජයග්‍රහණය අත්විඳිය හැකි වනු ඇත; එනම්, පදාර්ථය කෙරෙහි ඔබට පාලන අයිතියක් හිමි වනු ඇත. පරිපූර්ණ සහ පරිසමාප්ත ස්ථිතිය තුළ කිසිදු ආකාරයක යැපීමක් තිබිය නොහැක. කෙසේවෙතත්, ඔබේ ස්ථිතිය පරිපූර්ණ සහ පරිසමාප්ත කර ගැනීම සඳහා එකවර කරුණු තුනක් තිබිය යුතුය: 1) අධ්‍යාත්මිකත්වය, 2) අධ්‍යාත්මික කුල්මත්භාවය සහ 3) දයානුකම්පාව දැක්වීමේ ගුණය. මෙම කරුණු තුන ඔබේ ස්වරූපය, ඔබේ ස්ථිතියේ, ඔබේ මුහුණ සහ ඔබේ ක්‍රියාකාරකම් තුළින් විද්‍යමාන වන විට, ඔබ පූර්ණ අයිතියක් ඇති සහ පදාර්ථය ජයගත් ජීවාත්මයක් ලෙස හැඳින්වෙනු ඇත.

පාඨය:
'ශ්‍රීමත්' (පරමාත්ම දෙවියන්ගේ උසස් මඟපෙන්වීම) නම් වූ පාලන ලණුව තදින් අල්ලාගෙන සිටින විට, මනස නම් වූ අශ්වයාට නිදැල්ලේ දිව යා නොහැක.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.

ඔබේ ආකල්පය, අවධානය හෝ සිතිවිලි තුළ යම් අපවිත්‍රත්වයක් තිබේ නම්, ඔබට ඔබේ 'බ්‍රාහ්මණ අවධිය' තුළ ස්ථාවරව සිටිය නොහැක. එබැවින්, ඔබ සෑම පියවරකදීම ප්‍රවේශම් විය යුතුය. ඔබට විශේෂ ගුණාංග තිබිය හැකි නමුත්, එක් දුර්වලතාවයක් හෝ තිබේ නම්, එම එක් දුර්වලතාවය මගින් ඔබේ බොහෝ විශේෂ ගුණාංග විනාශ කරනු ඇත.