07.09.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ඔබගේ දැනුම නම් වූ තෙවැනි ඇස නිරන්තරයෙන් විවෘත කර තිබෙන විට, ඔබ තුළ හිරිගඩු පිපෙන තත්ත්වයක් ඔබට අත්දැකිය හැක. ඔබගේ සතුට නිරන්තරයෙන් උසස් ස්ථානයක පිහිටනවා.

ප්‍රශ්නය:
මේ කාලය වන විට මිනිසුන් හට තිබෙන්නේ බොහෝ සෙයින් දුර්වල තත්ත්වයට පත් වූ දෑස්ය. එමනිසා, ඔවුන් හට මෙය විස්තර කර දීමට නම් ඔබ විසින් යොදා ගත යුතු වන ක්‍රමය කුමක්ද?

පිළිතුර:
බාබා කියනවා : ඔබ ඔබගේ පින්තූර ඉතා විශාල ලෙස නිර්මාණය කළ යුතුයි. මන්ද, ඔවුන් හට දුරදීම එය තේරුම් ගත හැකි වන්නේ එවිටයි. මෙම ලෝක චක්‍රය පිළිබඳ වූ පින්තූරය ඉතා විශාල විය යුතුයි. මෙම පින්තූරය හරියට අන්ධයින් හට කැඩපතක් වැනිය.

ප්‍රශ්නය:
මේ මුලු ලෝකයම පිරිසිඳු කරලීමෙහි ලා ඔබගේ සහකරුවා වන්නේ කවුරුන්ද?

පිළිතුර:
ඔබගේ සහකරුවානන් වන්නේ ස්වභාවික වියසනයි. මේ අසීමිත වූ ලෝකය පිරිසිඳු කරලීම උදෙසා ඔබට අනිවාර්යෙන්ම සහකරුවන් අවශ්‍ය වෙනවා.

ඕම් ශාන්ති.
ඒ ජීවන මුක්තිය නම් වු ඔබගේ උරුමය මෙහිදී සිහිපත් වනවා. එය ඔබට එක් ක්ෂණයකින් බාබාගෙන් ලබාගත හැකි වනවා. මේ වන විට සෑම කෙනෙක්ම ගෙවන්නේ බන්ධන වලින් පිරි ජීවිතයක්ය. මෙම ත්‍රිමුර්ති හා ලෝක චක්‍රය පිළිබඳව වු පින්තූර දෙක තමයි ප්‍රධාන පින්තූර දෙක වන්නේ. මෙම පින්තූර වඩා විශාල පින්තූර ලෙස තැනිය යුතුයි. අන්ධයින් හට පැහැදිලි ලෙස දැක ගැනීමට නම් වර්තමානයේදී ඔවුන් හට කැඩපතක් අවශ්‍ය වෙනවා. සෑම කෙනෙක්ම මේ අවස්ථාවේදී ඔවුන්ගේ ඥානය නම් වූ ඇස බොහෝ සෙයින් දුර්වල කර ගෙන තිබෙනවා. ශිව බාබා සිහි නොකරන අය තුළ සතුටින් පිරි හිරිගඩු පිපෙන්නේ නැහැ. එමනිසා, ඔවුන්ගේ දැනුම නම් වු ඇස දැන් මඳක් හැරී ඇති බව මෙහිදී ඔබට පෙනී යනවා නමුත් එය එතරම් පැහැදිලි නැහැ. බාබා කියනවා ඔබට ඕනෑම කෙනෙක් හට මෙම දැනුමෙහි සාරය විස්තර කර දිය හැකියි. දරුවනි, ඔබ දන්නවා මෙම සේවය කිරීම උදෙසා ඔබට අවශ්‍ය වන්නේ එක් විශාල පින්තූරයක් පමණයි. ඕනෑම විශාල උත්සවයකට ගොස් ඔබට මෙය විස්තර කර දිය හැක. මේ සඳහා එක් පින්තූරයක් පවා ප්‍රමාණවත් වෙනවා. මෙම ලෝක චක්‍රයෙහි පින්තූරය පමණක් පවා ඔබට මේ සඳහා ප්‍රමාණවත් වනවා. බාබා මෙම නාටකයෙහි රහසත් මෙම කල්ප වෘක්ෂයෙහි රහසත් ඔබගේ උපත් 84 ගැනත් සම්පුර්ණ විස්තරය ඔබට ලබා දෙනවා. ඔබ බ්‍රහ්මා මාර්ගයෙන් බාබාගෙන් ලබන උරුමය මෙයයි. මෙයත් ඔබට ඉතා පැහැදිලි දෙයක්. සෑම දෙයක්ම මෙම පින්තූරයෙහි අඩංගු වෙනවා ඔබට පින්තූර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැහැ. මෙම පින්තූරයෙහි ලියා ඇති අකුරුත් ඉතා විශාල ලෙස සඳහන් කළ යුතුයි. ඔබ එහි මෙසේ ලිවිය යුතුයි ’විනාශයට පෙර සත්‍යය වන ඔබගේ පියා විසින් ජීවන මුක්තිය නම් වු ඔබගේ ජන්ම උරුමය ලබා ගන්න.‘ මෙම විනාශය අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. මෙම නාටකයට අනුව ඔබ සියලුම දෙනා මෙය තේරුම් ගන්නවා. ඔබ විසින් ඔවුන්ට මෙය විස්තර කළ යුතු වන්නේ නැහැ. ඔබ ඒ අසීමිත වූ පියාගෙන් ඔබගේ අසීමිත වූ උරුමය ලබා ගන්නවා. මෙය ඔබ විසින් හොඳින් සිහිපත් කළ යුතුයි. නමුත් මායා විසින් එය ඔබට අමතක කරවනවා. කාලය නිරන්තරයෙන් ගෙවී යනවා. මේ වන විට බොහෝ සෙයින් කාලය ගෙවී ගොස් දැනට ඉතිරි වී ඇත්තේ බොහොම කෙටි කාලයක් බව ඔබ දන්නවා. මෙම කියමන වැදගත් වන්නේ මෙම කාලයටයි. දැන් ඔබට ඉතිරි වී ඇත්තේ බොහොම කෙටි කාලයක් පමණයි. මෙම කෙටි කාලයෙනුත් ඔබට ඉතිරි වී ඇත්තේ තවත් කෙටි කාලයකි. මින් පසු සිදුවන්නේ කුමක්ද කියා ඔබ සිතා බැලිය යුතුයි. මිනිසුන් දැන්ම අවදිවන්නේ නැහැ ඔවුන් අවදි වන්නේ තවත් ටික කළකට පසුවයි. එවිට ඔවුන්ගේ දෑස් හොඳින් ඇරෙනවා. එය ඔවුන්ගේ භෞතික දෑස් නොව දැනුම නම් වු ඇසයි. ඔවුන් විශාල පින්තූර දකින විටදී තරම් වු වින්දනයක් පුංචි පින්තූර වලින් ලබන්නේ නැහැ. මෙහිදී විශාල පින්තූර ඔබ විසින් තැනිය යුතුයි. විද්‍යාව ඔබට විශාල සහයක් වනවා. විනාශයේදී ඔබට මෙම ස්වභාවික දේවල් බොහෝ සෙයින් සහය වෙනවා. ඔබ විසින් කිසිම ආකාරයක මුදලක් වැය කරන්නේ නැතිව ඔබට ඔවුන් සහය වෙනවා. ඔවුන් ඔබට සියලු දේ පැහැදිලි කර දෙනවා. මෙය ඉතා කිලිටි ලෝකයකි. අජ්මීර් වලත් සත් යුගයෙහි සිහිවටන තිබෙනවා. දිල්වාලා දේවාලයේත් මෙම ස්ථාපිත වීම ගැන හොඳ සිහිවටනයක් තනා තිබෙනවා. කොහොමනමුත්, ඔබ හැර වෙන කිසිම කෙනෙකුට එහි තිබෙන දේ තේරුම් ගැනීමට තරම් වු සිහි බුද්ධියක් නැහැ. මිනිසුන් විනාශයක් පිළිබඳව තියා, එය කුමක්ද කියා හෝ තේරුම් ගන්නේ නැහැ. සිංහයෙක් එනවා කියා බොරුවක් කියු කතාවක් ගැන ඔබ අසා ඇති. එහිදී මිනිසුන් එය විශ්වාස කළේ නැහැ. නමුත් එක් දිනක් ඇත්තෙන්ම සිංහයෙක් පැමිණ සියලු කොටළුවන් ටික කා ගියා. ඔබ දන්නවා මෙහිදී අනිවාර්යෙන්ම විනාශය සිදුවෙනවා ඒ වගේම ඒ සඳහා තවත් ඉතිරිව ඇත්තේ ටික කාලයක් පමණක් බවත්. ඔබ මේ සියලුම දැනුම ඔබගේ බුද්ධිය තුළ තබා ගත යුතුයි. මේ සියලුම දේ ඔබගේ ජීවය තුළ ධාරණය විය යුතුයි. බාබාගේ ජීවය තුළ බොහෝ සෙයින් දැනුම පිරී තිබෙනවා ඔහු විසින් ශරීරයක් යොදා ගත් කළ ඔහු එම දැනුම ඔබට ලබා දීමට පටන් ගන්නවා. ඔහුට මේ සියලු දැනුම තිබෙන නිසා තමයි ඔහු දැනුමෙන් පිරි පියාණන් ලෙස හඳුන්වන්නේ. ඔහු මෙම ලෝකයේ මුලත් මැදත් අගත් යන සියලු කරුණු ගැන දන්නවා. ඔහුට ඔහු ගැනම දැනුමත් ඒ වගේම මුළු ලෝකය ගැනමත් හොඳ දැනුමක් තිබෙනවා. මේ නිසා තමයි ඉංග්‍රීසි භාෂාවෙහි ’knowledge full ‘ යන වචනය වැදගත් වන්නේ. මේ මුළු මනුෂ්‍ය වෘක්ෂයෙහිම බීජය වන්නේ ඔහු නිසා මේ සෑම දැනුමක්ම තිබෙන්නේ ඔහුටයි. ඔබ විසින් දරණ උත්සාහය අනුව අනුපිළිවෙලින් ඔබ මෙය තේරුම් ගන්නවා. ශිව බාබා අනිවාර්යෙන්ම දැනුමෙන් පිරිපුන්ය. මෙම දැනුම ඔබගේ බුද්ධියෙහි වඩා පැහැදිලි ලෙස පතිත විය යුතුයි. සෑම කෙනෙකුගේම බුද්ධියට සමාන ආකාරයෙන්ම මෙය ධාරණය කර ගත නොහැකියි. ඔබ සියලු දෙනා මෙහි සටහන් ගත්තා වුවත් ඒ ආකාරයෙන්ම ඔබ ධාරණය කර ගන්නේ නැහැ. ඔබ සමහරුන් එය ලියන්නේ ලියන්නට අවශ්‍ය වන නිසයි. ඔවුන් හට වෙන කිසිම කෙනෙක් හට මෙය කිව නොහැකියි ඔවුන්ට කියවිය හැක්කේ ඔවුන්ගේ සටහන් පොතෙහි තිබෙන දෙය පමණයි. එම කොළය විසින් එම දැනුම තබා ගැනීමෙන් ඇති දෙය කුමක්ද? කිසිම කෙනෙක් හට එම කොළය කියවා එය තේරුම් ගත නොහැකියි. ඔවුන් මේ විශාල පින්තූර වලින් මෙය හොඳින් තේරුම් ගන්නවා. මෙම දැනුම උසස්තම දැනුම වන නිසා එහි අකුරු ඉතා විශාල විය යුතුයි. මිනිසුන් ඒ විශාල අකුරු දකින විට ඔවුන් සිතනවා මෙහි යම් වැදගත්කමක් තිබෙනවා කියා. ස්ථාපිත වීමත් විනාශයත් දෙකම එහි සඳහන් වෙනවා. එහි රාජ්‍යයේ ස්ථාපිත වීම යනු ඒ සත්‍ය පියා විසින් ඔබ ලබන ජන්ම උරුමයයි. සෑම දරුවෙකුටම ජීවන මුක්තිය සඳහා උරුමයක් තිබෙනවා. එමනිසා, දරුවන් දැන ගත යුතුයි සෑම කෙනෙක්ම දැන් ගත කරමින් සිටින්නේ වඩා අපහසු, බාධක වලින් පිරුණු ජීවිතයක් කියා. ප්‍රථමයෙන්ම ඔබ සාමයේ දේශය වෙත යන අතර පසුව ඔබ යන්නේ සතුටේ දේශය වෙතටයි. සතුටේ දේශය හඳුන්වන්නේ ජීවන මුක්ති දේශය ලෙසයි. මෙම පින්තූරය ඉතා විශාල ලෙස තැනිය යුතුයි. මෙය තමයි ප්‍රධානම වු පින්තූරය. එම පින්තූර වල අකුරු වඩා විශාල ලෙස ලියත හොත් එය දකින් මිනිසුන් සිතනවා ඔව් බ්‍රහ්ම කුමාරින් විසින් කියන දෙයෙහි යම් වැදගත් දෙයක් තිබෙනවා කියා. එමනිසා, ඔබ විසින් විශාල අකුරු වලින් යුතු වු පින්තූර තැනිය යුතුයි. එවිට මිනිසුන් ඒවා මොනවාද කියා දැන ගැනීමට පිපාසාවෙන් සිටිනවා. එමනිසා, මෙම පින්තූර විශාල ලෙස තැනුව හොත් ඔවුන් හට ඒවා පැහැදිලි ලෙස දැක ගත හැකි වෙනවා. එහි ඉතා පැහැදිලි ලෙස මෙසේ ලියා තිබෙනවා ’ඔවුන් හට ඒ අසීමිත වූ උරුමයක් තිබුණා.‘ එය පසුගිය දෙයක් පමණයි. ඔවුන් තවමත් එහි රැඳී නැහැ. මන්ද, ඔවුන් විසින් උපත් 84ක් ලබාගෙන පසුබැස පැමිණ සිටිනවා. සෑම කෙනෙක්ම සතෝප්‍රධාන් තත්ත්වයෙන් තමෝප්‍රධාන් තත්ත්වයට පත් විය යුතුයි. මෙය දැනුමත් භක්තියත් අතර තිබෙන ක්‍රීඩාවක්. මෙය වන්දනාකරුවෙක් හා වන්දනා ලැබිය හැකි අයෙක් බවට පත් වීමෙහි ක්‍රීඩාවකි. මේ මුළු ක්‍රීඩාවම ගොඩනැගි තිබෙන්නේ සමාන අඩ රවුම් දෙකකිනුයි. එමනිසා, එවන් වු විශාල පින්තූර තැනීමට ඔබට හොඳ ධෛර්යයක් තිබිය යුතුයි. දිල්ලියෙහි සෑම තැනකම සේවය කිරීමට ඔබ උද්යෝගිමත් විය යුතුයි. ඔබ සෑම උත්සවයකටම මෙම පින්තූර ගෙන යා යුතුයි. අවසානයේදී මේ සෑම පින්තූරයක්ම ඔබට අවශ්‍ය වෙනවා. ත්‍රිමුර්තිය හා ලෝක නාටක චක්‍රයේ පින්තූර දෙක තමයි ප්‍රධාන. අන්ධයින් අනිවාර්යෙන්ම මෙය ඉගෙන ගත යුතුයි. මෙහිදී ඉගෙන ගන්නේ ඔබගේ ජීවයයි. ජිවයන් හට පුංචි ඉන්ද්‍රියන් තිබෙන විට ඔවුන් හට විශාල පින්තූර යොදා ගනිමින් උගන්වනවා. පසුව ඔවුන් මඳක් වැඩුණු පසුව ඔවුන් හට සිතියමක් පෙන්වු කළ එය ඔවුන්ගේ බුද්ධියෙහි පතිත වෙනවා. මේ මුළු ලෝක චක්‍රයෙහිම සිතියම දැන් ඔබගේ බුද්ධියෙහි තිබෙනවා. ඒ නොයෙකුත් ආගම් අනුපිළිවෙලින් මෙහි ස්ථාපිත වුවත් එහි සෑම ආගමක්ම මෙම ලෝකය අත්හැර යන්නේ එකම අවස්ථාවකයි. එහි ඇත්තේ එකම ආදී සනාතන දේවී දේවතා ධර්මය පමණයි. එම ස්ථානය හඳුන්වන්නේ ස්වර්ගය, දිව්‍යලෝකය ලෙසයි. බාබා සමඟ යෝගා කිරීමෙන් ඔබට මෙම අපිරිසිඳු තත්ත්වයෙන් පිරිසිඳු තත්ත්වයට පත්විය හැක. භාරතයේ එම පැරණිතම යෝගා ක්‍රමය ඉතා ප්‍රසිද්ධයි. යෝගා යනු ස්මරණයයි. බාබා කියනවා ඔබගේ පියා වන මා පමණක් සිහිපත් කරන්න. මෙහිදී ඔබ විසින් මෙයත් කිව යුතු වෙනවා. ඔබගේ භෞතික පියා විසින් කිසිම විටෙක මෙය පැවසීම අවශ්‍ය වන්නේ නැහැ ’මා සිහිපත් කරන්න.‘ ඔහු විසින් එසේ කීම අවශ්‍ය වන්නේ නැහැ. දරුවන් නිරායාසයෙන්ම මෙසේ කියනවා බාබා සහ මමා. ඔවුන් මෙම ලෝකයේ ඔබගේ මව හා පියායි. නමුත් මොහු තමයි මෙම ලෝකයෙන් ඔබ්බෙන් සිටින ඔබගේ පියා හා මව (පාරලෞකික). මිනිසුන් මෙසේ කියන්නේ මොහුටයි ඔවුන් සතුටින් සිටියා නම් මෙසේ කීම අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් අසතුටින් සිටින විට තමයි එසේ ශබ්ද නගා යාඥා කරන්නේ. ඔබ දැන් දන්නවා මේ තමයි ඔබගේ පියා හා මව කියා. දවසින් දවස මා ඔබට ඉතා ගැඹුරු කරුණු ගැන කියා දෙනවා. මුලදී ඔබගේ පියා හා මව ගැන දැනගෙන සිටියාද? ඔබ දැන් දන්නවා ඔබගේ පියා කියන්නේ කවුද කියා. ඔබ මේ බ්‍රහ්මා මඟින් ඒ පියාගේ උරුමය ලබා ගන්නවා. දරුවන් ලබා ගැනීමට අවශ්‍ය නිසා මේ සඳහා අනිවාර්යෙන්ම ඔබට මවකු අවශ්‍ය වෙනවා. වෙන කිසිම කෙනෙකු හට මෙම කරුණු ගැන සැළකිල්ලක් නැහැ. එමනිසා, බාබා නැවත නැවතත් මෙසේ කියනවා සුමිහිරි දරුවනි, නිරන්තරයෙන් බාබා පමණක් සිහිපත් කරන්න! ඔබට ඉලක්කයක් දුන් කළ ඔබට ඕනෑම ස්ථානයක් කරා යා හැකියි. ඔබ විසින් මෙම දින හතෙහි පාඨමාලාව දුන් කළ ඔබට විදේශ කරා ගොස් මෙම සේවය කළ හැකි වෙනවා. ඔබ අනිවාර්යෙන්ම පියාගෙන් ඔබගේ උරුමය ලබා ගත යුතුයි. මෙම ස්මරණය තබා ගැනීමෙන් පමණයි ඔබට පාරිශුද්ධත්වයට පත් විය හැක්කේ. ඔබ දැන් ඒ සත් යුගයේ පාලකයන් බවට පත් වීමටයි යන්නේ. ඔබට මෙම ඉලක්කය තිබෙන කළ වෙන ඕනෑම විදේශයකට යා හැකියි. මෙම බැජය තුළ මෙම සියලුම ගීතාව තුළ ඇති දැනුම අඩංගු වෙනවා. කිසිම කෙනෙක් හට කරන්නට තිබෙන්නේ මොනවාද කියා අසමින් සිටීම අවශ්‍ය වන්නේ නැහැ. ඔබට බාබාගෙන් උරුමයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් ඔහු සිහිපත් කළ යුතුයි. ඔබ මීට පෙර බොහෝ අවස්ථාවල බාබාගෙන් මෙම උරුමය ලබාගෙන තිබෙනවා. මෙම නාටක චක්‍රය නොනවත්වාම කැරකෙන දෙයක්. මීට පෙර බොහෝ අවස්ථාවලදී ඔබ මෙම ගුරුවරයා සමඟ ඉගෙනගෙන ඔබගේ තත්ත්වය ලබාගෙන තිබෙනවා. ඔබ අනිවාර්යෙන්ම මෙම අධ්‍යාපනය ඔබට ලබාදෙන ඒ ගුරුවරයා සිහිපත් කළ යුතුයි. විභාගයක් විශාල වුවත් පුංචි වුවත් ඒ සඳහා පෙනී සිටින්නේ ජීවයයි. මෙම ජීවයත් මෙහිදී ඉගෙන ගන්නවා. ඉතින්, ඔබගේ ඉලක්කය හා අරමුණු මෙන්ම ඔබගේ ගුරුවරයාත් සිහිපත් කළ යුතුයි. මේ ලෝක චක්‍රය ඔබගේ බුද්ධියෙහි තබා ගත යුතුයි. බාබාත් ඔහු විසින් දෙනු ලබන උරුමයත් සිහිපත් කරන්න. ඔබ විසින් දිව්‍යමය ගුණාංග ඇතුලත් කර ගත යුතුයි. ඔබ විසින් දිව්‍යමය ගුණාංග ඇතුලත් කර ගන්නා තරමට ඔබගේ තත්ත්වය උසස් වෙනවා. ඔබට ඉතා පැහැදිලි ලෙස දිගින් දිගටම බාබාගේ සිහිපත් කිරීම තිබේ නම්, මෙහි එන එකෙහි අර්ථය කුමක්ද? කොහොමනමුත්, ඔබ මෙහි පැමිණිය යුතුමය. අඩුම තරමින් එවන් වු උරුමයක් දෙන පියාව ඔබ දැකබලා ගත යුතුයි. සෑම කෙනෙක්ම මෙහෙන් නැවත යන්නේ මන්ත්‍රයක් ලබාගෙනයි. ඔබ හට ලබාදෙන මන්ත්‍රය ඉතා උසස් මන්ත්‍රයක්. මේ සියලු දැනුම ඔබගේ බුද්ධිය තුළ ඉතා හොඳින් ස්ථාපිත විය යුතුයි. ඔබ දැන් ඒ විනාශයට පත්වෙන කිසිම ආදායමක් පසුපස හඹා නොයා යුතුයි. ඒ සියලු දේ දැන් දූවිලි බවට පත් වීමටයි යන්නේ. බාබා හට යම් දෙයක් අවශ්‍ය වෙනවාද? කිසිම දෙයක් අවශ්‍ය වන්නේ නැහැ. යම් වියදමක් කෙරෙනවා නම් එය කෙරෙන්නේ ඔබගේම ප්‍රයෝජනය උදෙසායි. මෙහිදී ඔබ විසින් සතයක හෝ වියදමක් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබ විසින් යුද්ධය උදෙසා බෝම්බ ගැනීම හෝ යුද්ධ ටැංකි ගැනීම හෝ අවශ්‍ය වන්නේ නැහැ. මන්ද, ඒ ආකාරයේ කිසිම දෙයක් මෙහි සිදුවන්නේ නැහැ. ඔබ සටන් කළා වුවත් ඔබ තමයි මේ ලෝකයේ සිටින සැඟවුණු යුද්ධ භටයින් වන්නේ. ඔබගේ සටන ගෙන යන්නේ කා සමඟද කියා බලන්න. මෙය තමයි යෝගා බලය ලෙස හඳුන්වන්නේ. මේ සියලු දේ සුක්ෂම වු කරුණුයි. මෙහිදී ඔබ විසින් කිසිම කෙනෙක් මරණයට පත් කළ යුතු වන්නේ නැහැ. ඔබ විසින් කළ යුත්තේ බාබා සිහි කිරීම පමණයි. මෙම නාටකයේ සියලු දෙනා මිය යා යුතුයි. ඔබ සෑම අවුරුදු 5000කට වතාවක් මෙම යෝගා බලය ලබා ගැනීමට මෙම අධ්‍යාපනය ලබා ගන්නවා. ඔබ මෙම අධ්‍යාපනය අවසන් කළායින් පසුව ඒ නව ලෝකයේදී ඔබගේ තිළිණය ලබා ගන්නවා. මේ සියලු ස්වභාවික වියසන සිදු වන්නේ මෙම පැරණි ලෝකයේයි. යාදවයන් විසින් ඔවුන්ගේම කුළය විනාශ කර ගත්තා කියා කතාවක් තිබෙනවා. එය ඉතා විශාල වු කුළයක්. එහි මුළු යුරෝපයම ඇතුලත් වෙනවා. මෙම භාරතය තිබෙන්නේ වෙනම කොනකයි. අන් සෑම ස්ථානයක්ම විනාශයට පත් වෙනවා. ඔබ මෙම යෝගා බලයෙන් මුළු ලෝකයම ලැබ ගන්නවා. ඔබ ලක්ෂ්මී හා නාරායන් සේම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. එහිදී ඔබට කිසිම ආකාරයක පාපකාරී ඇසක් එන්නේ නැහැ. ඉතින් එසේ නම් ඔවුන් එසේ සිර වන්නේ කෙසේද? ඔබ මෙසේ ඉදිරියට යන විට ඔබ නොයෙකුත් දර්ශන දකිනවා. ඔබ විදේශයක සිට ඔබගේ නිවහන කරා යන මඟෙහිදී ගස් ආදිය දකින විට ඔබට බොහෝ සතුටක් ඇති වෙනවා. මන්ද, ඔබ එවිට දන්නවා ඔබගේ නිවසට ලඟා වෙනවා කියා. ඔබ දැන් ඔබගේම නිවස කරා ළගා විය යුතුයි. පසුව ඒ සතුටු ලෝකය කරා යාමට ඔබට හැකි වෙනවා. දැන් ඔබට ඉතිරි වී තිබෙන්නේ බොහොම කෙටි කාලයකි. ඔබ ඒ සත් යුගය අතහැර කොතරම් කාලයක් වෙනවාද? සත් යුගය දැන් බොහොම සමීප වෙනවා. ඔබගේ බුද්ධිය දැන් ඒ බ්‍රහ්මාණ්ඞ් නමින් හඳුන්වනු ලබන ඒ අශාරීරික ලෝකය කරා යොමු වෙනවා. ඔබ තමයි ඒ ස්ථානයේ වැසියන් වන්නේ. ඔබ උපත් 84ක් තිස්සේ ඔබගේ කොටස රඟපාමින් සිටියා. ඔබ දැන් ඔබගේ නිවහන කරා යා යුතුයි. ඔබ තමයි ඒ උපත් 84ම ගන්නේ ඔබ මුල සිටම මෙම චක්‍රය වටා යනවා. බොහෝ පසු වී එන අය සෑම දෙයක්ම දන්නා අය ලෙස හැඳින්විය නොහැකියි. බාබා ඔබට වැඩිම සහ අඩුම උපත් සංඛ්‍යාව විස්තර කර දී තිබෙනවා. එය එක් උපතකටත් කෙටි විය හැක. අවසානයේදී සියලුම දෙනා ඔවුන්ගේ නිවස කරා යා යුතුයි. මෙම ක්‍රීඩාව අවසන් වු කල සෑම දෙයක්ම අවසන් වෙනවා. බාබා විස්තර කරනවා මා සිහිපත් කරන්න. එවිට ඔබගේ අවසාන මොහොතේදී ඔබගේ සිතිවිලි ඔබගේ ඉලක්කය සඳහා වැදගත් වෙනවා. ඔබ යන්නේ පරම්දාම් කරායි බාබා ලඟටය. එය හඳුන්වන්නේ විමුක්තියේ දේශය ලෙසයි සාමයේ දේශය ලෙසයි. මෙය තමයි දුක් ලෝකය. එහි සිට පැමිණෙන විට සියලු දෙනා සතෝප්‍රධාන් තත්ත්වයෙන සිටිනවා. පසුව ඔවුන් සතෝ, රාජෝ හා තමෝ යන තත්ත්ව පසුකරමින් යනවා. ජීවය එක් උපතක් ගත්තා වුවත් මේ සියලු තත්ත්වයන් පසු කර යා යුතුයි. බාබා ඔබට ඉතා පැහැදිලි ලෙස විස්තර කර දෙනවා නමුත් ඔබ සමහරු ඔහුව සිහි කරන්නේ නැහැ. ඔවුන් බාබා අමතක කර දමනවා. සෑම කෙනෙක්ම සිටින්නේ අනුපිළිවෙලක් ඇතිවයි. ඔබ දන්නවා රුද්‍රාගේ මල්දම පවා නිර්මාණය වන්නේ අනුපිළිවෙලක් ඇතිව කියා. එය ඔබගේ උත්සාහය අනුව සිදුවන දෙයක්. රුද්‍රාගේ මාලාව තුළ බිලියන ගණන් තිබෙනවා එය තමයි ඒ අසීමිත ලෝකයේ මල්දම වන්නේ. බ්‍රහ්මා විශ්ණු බවට පත්වෙන අතර විශ්ණු බ්‍රහ්මා බවට පත් වෙනවා මේ පවුල් දෙකෙහි නම් දෙක දෙස බලන්න. මොහුගේ නම තමයි ප්‍රජාපිතා බ්‍රහ්මා. පසුව කල්ප භාගයක් සඳහා රාවන් මෙහි පැමිණෙනවා. එහි දිව්‍යමය ධර්මයත් මුස්ලිම් ධර්මයත් පසුව තව තව ධර්මයනුත් පැමිණෙනවා. මිනිසුන් ආදම් හා ඊව් යන්න සිහිපත් කරනවා. ඔවුන් පාරාදීසය පවා සිහිපත් කරනවා. භාරතය කියන්නේ පාරාදීසයයි. එය තමයි සත් යුගය. ඒ සත්‍යය විසින් ඒ උසස්තම වු අධ්‍යාපනය උගන්වනවා කියා ඔබ බොහෝ සතුටක් අත්දැකිය යුතුයි. ඔබ තමයි උසස්තම වු තත්ත්වය ලබා ගන්නේ. බාබා තමයි ඔබගේ උසස්තම වු ගුරුවරයා. ඔහු ගුරුවරයා වනවාත් සමඟම ඔබ සියලු දෙනා ඔබගේ නිවහන කරා ගෙන යන සත් ගුරුවරයාත් වෙනවා. එවන් වු පියෙක් ඔබ විසින් සිහිපත් නොකරන්නේ මන්ද? ඔබගේ සන්තෝශය බොහෝ ඉහළ තත්ත්වයක තිබිය යුතුයි. කොහොමනමුත්, මෙය සටන් බිමකි. මායා කිසිම විටෙක ඔබට මෙම ස්මරණයේ යෙදීමට ඉඩ දෙන්නේ නැහැ ඔබ නැවත නැවතත් පසු බැසීමට ලක් වෙනවා. බාබා කියනවා : දරුවනි, යෝගා බලයෙන් පමණයි ඔබට මායා පරාජය කළ හැක්කේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිම විටෙක සටහනෙහි පමණක් බාබාගේ දැනුම තබා ගන්න එපා. බාබා විසින් උගන්වනු ලබන සියලුම දේ ඔබ විසින් පුහුණුවට යෙදිය යුතුයි. විනාශයට පෙර ඔබ සියලු කරදර බාධක වලින් මිදී ඒ ජීවන මුක්ති තත්ත්වය ලබා ගත යුතුයි.

2. විනාශයට ලක් වන ආදායම් පසුපස හඹා යමින් ඔබගේ කාලය අපතේ යවන්න එපා. මන්ද, ඒ සියලු දේ දැන් දූවිලි බවට පත්වීමටයි සැරසෙන්නේ. එමනිසා, ඒ අසීමිත වු පියාගෙන් ලැබෙන අසීමිත වු උරුමය හිමි කරගන්නා අතර දිව්‍යමය ගුණාංග ද උකහා ගන්න.

වරදානය:
ඔබට යෝගා බලයෙන් මායාගේ බලය පරදවා නිරන්තරයෙන් ජය අත්වේවා.

යෝගා බලය සහ මෙම ඥාන බලය ඉතාමත් උසස් බල වේ. විද්‍යාවේ බලය ඔබට ආලෝකය ගෙන දෙමින් අඳුර පරදවා ජයග්‍රහණය කිරීමට සමත් වන්නා සේම, යෝගා බලයෙන් ඔබට සදාකාලිකවම මායාගේ බලයෙන් ජය ලැබේ. යෝගා බලය කෙතරම් උසස් බලයක් ද යත්, මායාගේ බලය ඊට කිසිසේත් සැසදිය නොහැක. යෝගා බලය ඇති ජීවාත්මයන් සිහිනෙන්වත් මායාට පරාජය කළ නොහැක. ඔවුන්ට ඔවුන්ගේ සිහින වල පවා දුර්වලතා තිබිය නොහැක. එවන් ජයග්‍රාහී තිලකයන් ඔබේ නළල්තල මත නිරතුරුවම පවතී.

පාඨය:
අංක එකට හිමිකම් කීමට, නාස්තිකාර ඕනෑම දෙයක් බලවත් බවට පරිවර්තනය කරන්න.