07.09.25    Avyakt Bapdada      Sinhala Murli     31.12.2006    Om Shanti    Madhuban


අධිෂ්ඨාන සහ පරිවර්ථන බලයෙන් ‘හේතු’ සහ ‘ගැටළු’ යන වචන වලට සමුදී,
විසඳුම් වල ප්‍රතිමූර්තියක් වන්න.


අද දින, නව යුගයේ නිර්මාණකරු වන බාප්දාදා, නව වසර සහ නව යුගය වෙනුවෙන් සෑම තැනකම සිටින ඔහුගේ දරුවන්ට සුබ පැතුම් ලබා දීමට ඇවිත්. ඔය දරුවන්ද සෑම තැනකින්ම මෙහි පැමිණ ඇත්තේ සුබ පැතුම් ලබා දීමටයි. ඔබ ඇවිත් සිටින්නේ නව වසරට පමණක් සුබ පැතුම් දීමටද, නැත්නම් නව යුගයටත් දීමටද? ඔබට නව යුගය පිළිබද සතුට තිබෙන සේම, තවද ඔබ නව යුගය වෙනුවෙන් සතුට ලබා දීමද සිදු කරයි. ඉතිං ඔය බ්‍රහ්මින් ජීවාත්ම, ඒ තරමට නව යුගය සිහි කරනවාද? නව යුගය ඔබගේ දෑස් ඉදිරියට ඇවිත්ද? නව වසර මෙහි ඇති බව ඔබගේ හදවතේ තිබෙන අයුරින්ම, ඔබගේ නව යුගයත් පැමිණ ඇති බව ඔබ අත්දකිනවාද? මෙම නව යුගය පිළිබද අවධානය එතරම්ම සමීපද? ඔබගේ සිරුරේ දීප්තිමත් ඇදුම ඔබ ඉදිරියට පැමිණෙනවාද? බාප්දාදා ඔබට දෙගුණයක සුබ පැතුම් ලබා දෙනවා. නව යුගයේ ජවනිකා සහ දර්ශන පථ ඔය දරුවන්ගේ මනස සහ ඇස් ඉදිරියේ මතුවී තිබෙනවාද? නව යුගයේ ඔබගේ සිරුරු, මනස, ධනය සහ සම්බන්ධතා (මිනිසුන්) බොහෝ උසස්ය, එමෙන්ම ඔබට සියලු ලැබීම් වල සම්පත් ගබඩාවක් තිබේ. අද ඔබ පැරණි ලෝකයේ සිටින අතර ඔබ නව රාජධානියට යාමට ඉතා ආසන්න බවට සතුට ඔබට තිබේ. ඔබගේ රාජධානිය ඔබට මතකද? අද ඔබ මෙහි පැමිණ ඇත්තේ ද්විත්ව කාර්යයක් වෙනුවෙන්. ඔබ පැරණි දේට සමු දීමට සහ නව වසරට සුබ පැතීමට ඇවිත්. එසේම ඔබ පැමිණ ඇත්තේ නව වසරට සමු දීමට පමණක්ද? එසේ නැත්නම් ඔබ පැරණි ලෝකයේ, පැරණි ස්වභාවයට, සංස්කාර වලට සහ හැසිරීමට සමු දීමටද පැමිණියේ? පැරණි වසරට සමු දීම පහසුයි, නමුත් ඔබගේ පැරණි සංස්කාර වලට සමු දීමටත් ඒතරම්ම පහසුද? ඔබ සිතන්නේ කුමක්ද? ඔබ ආවේ මායාටත් සමු දීමටද, නැත්නම් ඔබ ආවේ වසරට පමණක් සමු දීමටද? ඇයට සමු දීමට ඔබට අවශ්‍යයි නේද? නැත්නම් ඔබ තුළ මායා කෙරෙහි ටිකක් සෙනෙහස තිබෙනවාද? ඔබට තව ටික කාලයක් ඇයව ඔබ සමග තබා ගැනීමට අවශ්‍යද?

අද, සෑම තැනකම සිටින ඔය දරුවන්ට, ඔබගේ පැරණි ස්වභාවයට සහ සංස්කාර වලට සමුදීම සදහා මග පෑදීමට, බාප්දාදාට අවශ්‍යයි. ඔබට මෙය කළ හැකිද? ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? එසේ නැත්නම් මායාට සමු දීමට ඔබට අවශ්‍ය වුනත් ඇය පැමිණෙන බව ඔබ සිතනවාද? මෙදින, ඔබගේ පැරණි සංස්කාර වලට සමු දීමට සහ නව යුගයේ සංස්කාර සහ නව ජීවිතයට සුබ පැතුම් ලබා දීමට ඔබට එඩිතරකම සමගම අධිෂ්ඨාන බලය තිබෙනවාද? ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? මෙය කළ හැකි බව, එය සිදු විය යුතු බව හැගෙන අය: ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? එඩිතරකම තිබෙන බව හැගෙන අය අත් ඔසවන්න! ඔබට එඩිතරකම තිබෙනවාද? අච්චා, අත් එසවූ නැති අයට: ඔබ තවමත් සිතමින් සිටිනවාද? ද්විත්ව විදේශිකයන් අත් එසවූවාද? එඩිතරකම තිබෙන අය, අත් ඔසවන්න! සියලු දෙනාම නොවෙයි. අච්චා. ද්විත්ව විදේශිකයන් දක්ෂයි, මන්ද, ඔබට දෙගුණයක කුල්මත් බවක් තිබෙනවා. ප්‍රවේසම් වන්න, එපමණයි! බාප්දාදා සෑම මසකම ප්‍රතිඵලය බලනවා. ඔබ එඩිතර දරුවන් වීම ගැන බාප්දාදා සතුටු වනවා. ඔබ දක්ෂව ප්‍රතිචාර දක්වන දරුවන්. මන්ද? ඔබගේ එඩිතරකමේ එක පියවරකට, බාබාගෙන් අනිවාර්යෙන් පියවර 1000ක උපකාර ලැබෙන බව, ඔබ දන්නා නිසා. ඔබට අයිතියක් තිබෙනවා. ඔබට පියවර 1000 ක උපකාර වලට අයිතියක් තිබේ. සිදුවන්නේ, මායා ඔබගේ එඩිතරකම චංචල කිරීමට තැත් කිරීම පමණයි. ඔබ හොදින් එඩිතරකම පවත්වා ගන්න බව බාප්දාදා දකින අතර ඔහුගේ හදවතින්ම බාප්දාදා ඔබට සුබ පතනවා. කෙසේවෙතත්, ඔබ එඩිතරකම පවත්වා ගන්න නමුත්, එය සමගම, ඔබ නිෂ්ඵල සිතිවිලිත් නිර්මාණය කරයි: “මා මෙය කරනවා, එය සිදුවිය යුතුයි, මා අනිවාර්යෙන් එය කරන්නම්..., මා දන්නේ නැහැ”. නොදැන සිටීමේ සිතිවිලි තිබීම, ඔබගේ එඩිතරකම දුර්වල කරයි. එහි අතරමැදට මෙම ‘නමුත්’ තිබේ! “මා එය කරනවා, නමුත්...” “මා එය කළ යුතුයි, නමුත්...” “මා ඉදිරියට පියාසර කළ යුතුයි, නමුත්...” මෙය ඔබගේ එඩිතරකම චංචල කරවයි. එබැවින්, ‘නමුත්’ ගැන නොසිතන්න, ඔබ එය කළ යුතුයි. පරමාත්ම පියා ඔබ සමග සිටින බැවින් එය සිදු නොවන්නේ ඇයි? එබැවින් පරම පියාගේ ඇසුර සමග, ‘නමුත්’ තිබිය නොහැක.

ඉතිං, මෙම නව වසරේ ඔබ ගෙන එන්නේ කුමන නවතාවයක්ද? ඔබගේ එඩිතරකමේ පාදය ශක්තිමත් කරන්න. මායා පවා සැලෙන නමුදු, ඔබගේ පාදය නොසැලෙන තරමට, ඔබගේ එඩිතරකමේ පාදය ශක්තිමත් කරගන්න. එසේ නම් නව වසරේ ඔබ මෙම නවතාවය ගෙන එනවාද? නැත්නම් ඔබ විටෙක ස්ථිතිරව සිටින අතර විටෙක චංචල වනවාද? ඔබ එය කරන්නේ නැහැ නේද? ඔබ සියලු දෙනාගේ යුතුකම සහ කාර්යභාරය කුමක්ද? ඔබ තමන්ව හදුන්වන්නේ කෙසේද? එය මතක් කරගන්න. ලොවට යහපත සළසන්නන්, ලෝක පරිවර්ථකයන්: ඔබගේ කාර්යභාරය මෙය නේද? ඉතිං විටෙක බාප්දාදාට මිහිරිව සිනහ යයි. ඔබට “ලෝක පරිවර්ථකයන්” යන නම්බු නාමය තිබෙනවා නේද? ඔබ ලෝක පරිවර්ථකයන්ද? නැත්නම් ඔබ ලන්ඩන් හෝ ඉන්දියාවේ පරිවර්ථකයන්ද? ඔබ සියලු දෙනාම ලෝක පරිවර්ථකයන්ද? ඔබ වාසය කරන්නේ ගමක, ලන්ඩන් වල හෝ අමරිකාවේ වුවද, ඔබ සියලු දෙනාම ලෝක පරිවර්ථකයන් නේද? ඔබ එවැනි නම්, අත් ඔසවන්න! ඔබට නිසැකද? එසේ නැත්නම් ඔබ ඉන් 75% පමණයිද? ඔබ 75% ලෝක පරිවර්ථකයන් වන අතර ඉතිරි 25% එසේ නොවීමට ඔබට අවසර තිබෙනවාද? ඔබගේ අභියෝගය කුමක්ද? ඔබ අනිවාර්යෙන් සොබාදහම පරිවර්ථනය කිරීමට යන බව, ඔබ සොබාදහමට පවා අභියෝග කර ඇත. එබැවින් ඔය ලෝක පරිවර්ථකයන්, ඔය ස්වභාව ධර්මය පරිවර්ථනය කරන්නන්ට ස්ව-පරිවර්ථකයන් විය නොහැකිද? ශක්ති සේනාව සිතන්නේ කුමක්ද? මේ වසරේ, තමන්ට සහ බ්‍රහ්මින් පවුලට ඔබගේ නම්බු නාමය වන්නේ ‘ලෝක පරිවර්ථකයන්’ය. මෙයට හේතුව, ප්‍රථමයෙන් පුණ්‍යකර්ම ආරම්භ වන්නේ තම නිවසින් නිසා. එසේ නම් ඔබගේ කාර්යභාරයේ ප්‍රායෝගික ස්වරූපය ඔබ හෙළිදරව් කරනවා නේද? ඔබටත් තමන්ගේ ස්ව-පරිවර්ථනය අවශ්‍ය වන අතර බාප්දාදාටත් එය අවශ්‍යයි - ඔබ එය දන්නවා. ඔබගේ අරමුණ කුමක්ද කියා බාප්දාදා ඔබ සියලු දෙනාගෙන් විමසන විට, ඔබගෙන් වැඩි දෙනෙක් කියන්නේ, “පියාට සමාන වීමට”. එය නිවැරදිද? ඔබට පරම පියාට සමාන වීමට අවශ්‍යයි නේද? නැත්නම් ඔබ ඒ ගැන බලන්නම්ද? ඔබ ඒ ගැන සිතන්නම්ද? එසේ නම් මෙම නව වසරේ - ඔබ 70 වන වසර සම්පූර්ණ කරන අතර (2006 දී) ඔබ දැන් සිටින්නේ 71 වන වසරේය, බාප්දාදාට අවශ්‍ය වන්නේ, තවද ඔබ යම් විශ්මයක් සිදුකර මෙය පෙන්විය යුතු බවයි. බොහෝ උද්යෝගයෙන් සේවය කිරීමට ඔබ සියලු දෙනාට විවිධ වැඩසටහන් තිබේ; එමෙන්ම ඔබ එයින් සාර්ථකයි. ඔබ දරන උත්සාහ අතින් ඔබ සාර්ථක වීම ගැනත් බාප්දාදා සතුටු වනවා. ඒවා අපතේ නොයයි, නමුත් ඔබ සේවය කරන්නේ මන්ද? ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද? පරම පියාව හෙළිදරව් කිරීම සදහා. එසේ නම් පියා අද ඔබගෙන් ප්‍රශ්නයක් අසනවා. ඔබ පරම පියාව හෙළිදරව් කළ යුතු අතර ඔබ එය අනිවාර්යෙන් කළ යුතුයි, නමුත් පියාව හෙළිදරව් කිරීමට පෙර, තමන්ව හෙළිදරව් කරන්න. ශිව ශක්තීන් කතා කරන්න. මේ වසරේ ඔබ තමන්ව ශිව ශක්තීන් ලෙස හෙළිදරව් කරනවාද? ඔබ මෙය කරනවාද? ජනක් කතා කරන්න! ඔබ මෙය කරනවාද? (අප එය කළ යුතුයි). ඔබගේ සහකරුවන්, පළමු පේළියේ අසුන්ගෙන සිටින අය, දෙවන පේළියේ ගුරුවරු: එය මේ වසරේ සිදු කරන අය, ඔය ගුරුවරුන්ය. ඔබ එය යම් වෙලාවක සිදු කරයි නොවේ, නමුත් මෙය කිරීමෙන් ඔබ එය පෙන්වනවා. අච්චා: සියලුම ගුරුවරුන් අත් එසවූවාද, එසේ නැත්නම් සමහරු අත් එසවූයේ නැද්ද?

අච්චා, මධුබන් වල අය. ඔබ එය කළ යුතුයි, මධුබන් සමීප නිසා ඔබට එය කිරීමට සිදුවෙයි. මෙම දිනය සටහන් කරගන්න (දෙසැ 31) එමෙන්ම වෙලාව (ප:ව: 9.20). ඉන්පසුව පාණ්ඩව සේනාව? ඔය පාණ්ඩවයන් පෙන්වීමට යන්නේ කුමක්ද? ජයග්‍රාහී පාණ්ඩවයන්. ඇතැම් විට පමණක් ජයග්‍රාහි අය නොවෙයි, නමුත් ජයග්‍රාහී පාණ්ඩවයන් ඔබලාය. ඔබ මේ වසරේ මෙය පෙන්වීමට යනවාද? එසේ නැත්නම් ඔබ මෙසේ කීමට යනවාද: “මා කුමක් කරන්නද? මට එය අවශ්‍ය නොවූ නමුත් මායා පැමිණියා”? අවසානය දක්වාම මායා පැමිණීම නතර නොවන බව, බාප්දාදා ඔබට මින් පෙරත් කියා තිබෙනවා. කෙසේවෙතත්, පැමිණීම, මායාගේ වගකීම වන අතර ඔබගේ වගකීම කුමක්ද? ජයග්‍රහණය කිරීම. එබැවින් මෙසේ නොසිතන්න, “මා සිතුවේ නැහැ (එය සිදුවෙයි කියා), මට එය අවශ්‍ය වූයේ නැහැ, නමුත් මායා පැමිණ එය සිදුවිය!” දැන් මේ වසරට මෙන්ම, එම වචන වලට සමූ දීමටත්, ඔබට මගපෑදීමට බාප්දාදාට අවශ්‍යයි. මධ්‍යම රාත්‍රියේ ඔබ මෙම වසරට සමු දෙනවා නේද? එබැවින් ඔබ සීනුව නාද කරන විට, එම සීනුව කුමක් සදහාද? දවසේ අවසානයට, වසරේ අවසානයට හෝ මායාට සමුදීමටද? කාරණා දෙකක් තිබේ. එකක් ඔබ පරිවර්ථන බලය අතින් දුර්වලයි. ඔබ ඉතා හොද සැලසුම් සාදයි. “මා මෙය කරන්නම්, මා ඒ දේ කරන්නම්, මා මේ දේ කරන්නම්”. ඔබ ඉතා හොද සැලසුම් සෑදීම ගැන බාප්දාදා පවා සතුටු වනවා. ඔබ ඉතා හොද සැලසුම් සාදා තිබෙනවා, නමුත්, ඔබට පරිවර්ථන බලය නොමැති නිසා, සමහර දේවල් පරිවර්ථනය වන අතර තව දේවල් ඉතිරිව තිබෙයි. දෙවන දුර්වලතාවය අධිෂ්ඨානයයි. ඔබට ඉතා හොද සිතිවිලි තිබේ. අද බාප්දාදා බොහෝ කාඩ්පත්, පොරොන්දු, ප්‍රතිඥා ආදිය දුටුවා. ඉතා හොද ලිපි බොහොමයක් ඇවිත්. (වේදිකාව, කාඩ්පත්, ලිපි, නව වසරේ පොරොන්දු ලියූ සටහන් වලින් සරසා තිබුණි.) එබැවින් ඔබ මෙය සිදුකර පෙන්වයි. එය සිදුවිය යුතුයි. ඔබ මෙය විය යුතුයි. කෝටි ගුණයක සෙනෙහස සහ ස්මරණය. සෑම දෙයක්ම බාප්දාදා වෙතට ළගා වී ඇත. මෙහි මුහුණට මුහුණලා පෞද්ගලිකව අසුන්ගෙන සිටින සියලු දෙනාගේ හදවත් වල හඩත් බාප්දාදා වෙතට ළගා වී ඇත. කෙසේවෙතත්, බාප්දාදා දැන් මෙම බල දෙක වැදගත් බව පවසනවා. එකක් අධිෂ්ඨානය නොමැතිකම. මෙම දුර්වලතාවයට හේතුව වන්නේ නොසැලකිල්ල සහ අන් අය දෙස බැලීමය. “එය සිදුවෙයි, මා එය කරනවා, මා එය කරන්නම්, මා අනිවාර්යෙන් එය කරන්නම්”.

මේ වසරේ බාප්දාදාට දැන් අවශ්‍ය වන්නේ ඔබ සෑම කලටම එක වචනයකට සමු දිය යුතු බවයි. බාබා ඔබට එය කිව යුතුද? එසේ වුනොත් එයට සමු දීමට ඔබට සිදුවෙයි. මේ වසරේ බාප්දාදාට ඔබ ලවා කිරීමට අවශ්‍ය වන්නේ ‘හේතු’ යන වචනයට සමුදීමය. විසදුම් තිබී, හේතු අවසන් විය යුතුයි. ගැටළු අවසන් වී, ඔබ විසදුම් වල ප්‍රතිමූර්ති වේවා. හේතුව තමන්, ඔබගේ සහකරුවන්, සමූහය හෝ අවස්ථා වුවද, බ්‍රහ්මින් ශබ්දකෝෂයේ, ‘හේතු’ සහ ‘ගැටළු’ යන වචන, ‘විසදුම්’ වලට පරිවර්ථනය විය යුතුයි. අද උදෑසන අම්රිත් වේලාවේ, ඔබ බාබා සමග මේ දේවල් ගැන කතා කළා, නව වසරේ ඔබ අළුත් යමක් කරන බව. ඉතිං දැන් බාප්දාදාට අවශ්‍ය වන්නේ, මෙම වචන දෙක අවසන් වන අන්දමට ඔබ නව වසර සැමරිය යුතු බවයි. අන් අයව ඉහළ නංවන අය වන්න. ඔබම ‘හේතුවක්’ වුනත්, වෙනත් කෙනෙක් ‘හේතුව’ වුනත්, අන් අයව ඉහළ නංවන කෙනෙක් වන්න, දයාවෙන් පිරිපුන් ජීවාත්මයක් වන්න, සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් ඇති කෙනෙක් වී, සහයෝගය ලබා දී, සෙනෙහස ලැබ ගන්න.

එසේ නම්, ඔබ මෙම නව වසර හදුන්වන්නේ කෙලෙසද? පෙර, ඔබ සෑම වසරක්ම (යම් විශේෂ අන්දමකින්) නම් කළා; ඔබට මතකද? එබැවින් මේ වසර, ශ්‍රෙෂ්ඨ සහ පිවිතුරු සිතිවිලි, අධිෂ්ඨානගත සිතිවිලි, සෙනෙහසේ සහ සහයෝගයේ සිතිවිලි වල වසර ලෙස පමණක් හැදින්වීම බාප්දාදාට අවශ්‍ය නැත, නමුත් බාප්දාදාට අවශ්‍ය වන්නේ ඔබ එය බවට පත්වනවා දැකීමටයි. අධිෂ්ඨානයේ බලය සහ පරිවර්ථන බලය, ඔබගේ නිරන්තර සහකරුවන් කරගන්න - යමෙක් ඔබට නිෂේදනීය දෙයක් දුන් විට පවා. ඔබ නිෂේදනීයත්වය, ධනාත්මක බවට පරිවර්ථනය කිරීමේ පාඨමාලා අන් අයට ලබා දෙයි, එබැවින් තමන්ටම නිෂේදනීයත්වය, ධනාත්මක බවට පරිවර්ථනය කරගත නොහැකිද? වෙනත් අය බාහිර බලපෑම් වලට ලක්වෙයි, එබැවින් බලපෑම් වලට හසුවන අය කෙරෙහි ඔබ තුළ අනුකම්පාවක් ඇත. අජීව ප්‍රතිමා ඔබගේ පිළිරූය, එහෙම නේද? භාරතයේ, වන්දනීයත්වයට පත්වන ද්විත්ව විදේශිකයන්ගේ ප්‍රතිමාද තිබෙනවා, එහෙම නේද? දිල්වාලා දේවාලයේ ඔබගේ ප්‍රතිමා ඔබ දැක තිබෙනවා නේද? ඉතා හොදයි. ඔබගේ අජීවී-ප්‍රතිමා දයාවෙන් පිරිපුන් බැවින්, ඔබ ඉන් ඕනෑම ප්‍රතිමාවක් ඉදිරියට ගිය විට පවසන්නේ කුමක්ද? “සානුකම්පිත වන්න! කාරුණික වන්න! අනුකම්පා කරන්න! දයාව! දයාව!” එබැවින් පළමුව නිරතුරුව තමන්ට දයාව දක්වන්න. ඉන්පසුව බ්‍රහ්මින් පවුල කෙරෙහි දයාව දක්වන්න. සමහරු ඔවුන්ගේ සංස්කාර වල බලපෑම යටතේ සිටින්නේ නම්, ඔවුන් දුර්වල නම්, ඒ වෙලාවේ ඔවුන් අනුවණ වෙයි. එබැවින් කෝපයට පත් නොවන්න. කෝපය පිළිබදව බාප්දාදාට බොහෝ වාර්ථා ලැබෙනවා. කෝපය නොමැති නම්, එහි දරුවන් කෙරෙහි ඔබ තුළ බොහෝ සෙනෙහසක් තිබේ. මහන්තත්තකම, කෝපයේ දරුවෙකි. එබැවින් පවුලක් තුළ සේම, වැඩිමහල් දරුවන් කෙරෙහි සෙනෙහස අඩුවී, මුනුපුරන් කෙරෙහි වැඩි සෙනෙහසක් තිබෙයි, ඒ අන්දමින්ම කෝපය, පියා වන අතර මහන්තත්තකම සහ වැරදි කුල්මත් බව - විවිධාකාර කල්මත්භාවයන් තිබේ: ඔබගේ බුද්ධිය ගැන කුල්මත් බව, ඔබගේ වගකීම ගැන කුල්මත් බව, ඔබ සිදුකළ විශේෂ සේවා කාර්යයක් පිළිබද කුල්මත් බව. ඒ සියල්ල මහන්තත්තකමයි. එබැවින් සානුකම්පිත වන්න, කාරුණික වන්න. බලන්න, නව වසරේ ඔබ එකිනෙකාගේ මුව මිහිරි කරනවා: ඔබ සුබ පැතුම් ලබා දී ඔවුන්ගේ මුවට රස කැවිලි දෙනවා, එහෙම නේද? ඉතිං, වසර පුරාම, කිසිම කටුක බවක් නොපෙන්වන්න. ඒ මිනිසුන් මුවට රස කැවිලි දමා මුව මිහිරි කරයි, නමුත් ඔබගේ මුහුණුද මිහිරි විය යුතුයි. ඔබගේ මුහුණු සෑම විටම ආධ්‍යාත්මිකත්වයේ සෙනෙහසින් පිරිපුන්ව සෑම විටම සිනහමුසුව තබා ගන්න. කුහකකමක් නොතිබිය යුතුයි. බාප්දාදා සමග ඔබගෙන් වැඩි දෙනෙක් හදවතට සමීප කතාබහක යෙදෙන විට, ඔබ තමන් ගැන බාබාට අවංකව පවසයි, මන්ද, වෙන කිසිවෙක් කොහොමත් සවන් දෙන්නේ නැහැ. එබැවින් වැඩි දෙනෙකුගේ ප්‍රතිඵලයේ කෝපයේ සහ කෝපයේ දරුවන් ගැන වැඩිපුර වාර්ථා ලැබෙයි.

එබැවින් මෙම නව වසරේ, බාප්දාදාට අවශ්‍ය වන්නේ, ඔබ මෙම කුහකකම ඉවත් කළ යුතු බවයි. ඔබගෙන් බොහෝ දෙනෙක් ඔබගේ පොරොන්දු ලියා තිබේ, ඔබට එය අනවශ්‍ය නමුත් එය පැමිණෙන බව කියා. එබැවින් බාප්දාදා ඔබට හේතුව පැවසුවා, එනම්, එය අධිෂ්ඨානයේ අඩුවක් බව. ඔබගේ සිතිවිලි වලින් ඔබ බාප්දාදා ඉදිරියේ පොරොන්දුවක් පවා සිදු කරයි, නමුත් අධිෂ්ඨානය කෙතරම් බලයක්ද යත්, ඒ ගැන ලෝකයා පවා පවසන්නේ, “ඔබට සිරුර අත්හරින්නට සිදු වුනත් ඔබගේ පොරොන්දුව කඩ නොකළ යුතුයි.” ඔබට මිය යාමට, හිස නැමීමට, තමන්ව පරිවර්ථනය කිරීමට, දරා ගැනීමට සිදුවෙයි, නමුත් තමන්ගේ පොරොන්දුව අතින් ස්ථිරව සිටින අය පමණයි, සෑම පියවරකදීම සාර්ථක වන්නේ, මන්ද, සාර්ථකත්වයේ යතුර, අධිෂ්ඨානයයි. ඔබ සියලු දෙනාටම මෙම යතුර තිබෙනවා, නමුත් ඔබට අවශ්‍ය වෙලාවට ඔබ එය නැති කරගනී. එසේ නම් ඔබගේ සිතිවිලි මොනවාද?

නව වසරේ ඔබ අනිවාර්යෙන් නවතාවයක් ගෙන ආ යුතුයි: තමන් තුළ, ඔබ සමග සහයෝගී අය තුළ සහ ලෝක පරිවර්ථනයෙදි. පිටුපස අසුන්ගෙන සිටින අය සවන් දෙනවාද? එසේ නම් ඔබ මෙය කිරීමට යනවා නේද? මෙසේ නොසිතන්න: “ජ්‍යේෂ්ඨයින් එය පළමුව කරයි; අප කුඩා අය පමණයි.” කුඩා අය පියාට සමානයි. සෑම දරුවෙකුටම, පියාට අයිතියක් තිබෙනවා. ඔබ මෙහි පැමිණියේ ප්‍රථම වතාවට වුවද, ඔබ “මගේ බාබා” යැයි පවසා ඇති විට, ඔබට අයිතියක් තිබේ. ඔබට ශ්‍රීමත් අනුගමනය කිරීමට අයිතියක් තිබෙන අතර සියලු ලැබීම් වලටත් ඔබට අයිතියක් තිබෙනවා. ගුරුවරු, ඔබලා අතරේ වැඩසටහනක් සාදන්න. විදෙස් රටවල අය මෙන්ම භාරතයේ අය, වැඩසටහනක් සාදන්න. බාප්දාදා ඔබට තෑග්ගක් ලබා දෙනවා. ඉන්දියාවේ හෝ විදෙස් රටක වුවද අංක එක හිමි කරගන්නේ කුමන කලාපයද? ඔවුන්ට රත්තරන් පදක්කමක් ලබා දෙනවා. තමන්ව පමණක් මෙය බවට පත් කර නොගන්න, ඔබගේ සහකරුවන්වත් මෙය බවට පත් කරන්න, මන්ද, ඔය දරුවන්ගේ පරිවර්ථනය නොමැතිව, ලෝක පරිවර්ථනය සිදු වන්නේ සෙමින් බවත්, ජීවාත්මයන්ට අළුත් ආකාරවල දුක් ලැබෙමින් තිබෙන බවත්, බාප්දාදා දැක තිබේ. දුක සහ අසාමය වර්ධනය වීමට අළුත් හේතු තිබේ. එබැවින් දැන් දරුවන්ගේ දුක් හඩවල් ඇසීම නිසා, පරිවර්ථනය දැකීමට පරම පියාට අවශ්‍යයි. අහෝ මාස්ටර් සතුට දානපතියනේ, දුක් විදින අයට අනුකම්පා කරන්න! බැතිමතුන්ද භක්තියෙන් වෙහෙසට පත්ව සිටියි. බැතිමතුන්ට ඔවුන්ගේ මුක්තියේ උරුමය ලබා ගැනීමට මගපාදන්න. ඔබට අනුකම්පාවක් දැනෙනවාද, නැද්ද? ඔබගේම කාලසටහනට අනුව සහ තමන්ගේම සේවය කිරීමේ ඔබ කාර්යබහුලද? ඔබත් උපකරණයි. උපකරණ වන්නේ ජ්‍යෙෂ්ඨයින් පමණක් නොවෙයි. “මගේ බාබා” කියා, එය පිළිගෙන ඇති සෑම දරුවෙක්ම උපකරණයකි. එසේ නම්, නව වසරේ, ඔබ එකිනෙකාට තෑගිත් ලබා දෙනවා නේද? එබැවින් ඔබ දැන් බැතිමතුන්ගේ බලාපොරොත්තු ඉටු කර ඔවුන්ට තෑග්ගක් ලබා ගැනීමට මග පෑදිය යුතුයි. දුක් විදින අයව ඔවුන්ගේ දුකින් නිදහස් කරන්න. ශාන්ති දේශයේ ශාන්තිය ඔවුන්ට ලබා දෙන්න. ඔවුන්ට මෙම ත්‍යාගය ලබා දෙන්න. බ්‍රහ්මින් පවුලේ සෑම ජීවාත්මයකටම ඔබගේ හදවතින් සෙනෙහස සහ සහයෝගයේ තිලිණය ලබා දෙන්න. ඔබට මෙම තිලිණයේ තොගයක් තිබෙනවාද? ඔබට සෙනෙහස, සහයෝගය තිබෙනවාද? ඔවුන්ට විමුක්තිය ලබා ගැනීමට මගපෑදීම සදහා ඔබට බලය තිබෙනවාද? විශාල තොගයක් තිබෙන අය, අත් ඔසවන්න! ඔබට එවන් තොගයක් තිබෙනවාද? ඔබට තිබෙන්නේ කුඩා තොගයක් පමණයිද? පළමු පේළියේ අසුන්ගෙන සිටින අය, ඔබට තොග ටිකක් තිබෙනවාද? බ්‍රිජ්මෝහන් ඔහුගේ අත ඔසවන්නේ නැහැ. ඔබට මෙම තොගය තිබෙනවා නේද? ඔබට මෙම තොගය තිබෙනවාද? ඔබ සියලු දෙනාම අත් එසවූවාද? ඔබට මෙම තොගය තිබෙනවාද? එසේ නම් ඔබ මෙම තොගයෙන් කරන්නේ කුමක්ද? ඔබ එය නිකම් රැස් කරගෙන තබනවාද? ගුරුවරු, ඔබට තොගය තිබෙනවා නේද? එසේ නම් එය දන් දෙන්න! පරිත්‍යාගශීලී හදවතක් ඇති කෙනෙක් වන්න! මධුබන් වල අය කරන්නේ කුමක්ද? මධුබන් වල ඔබට මෙම තොගය තිබෙනවාද? මධුබන් වල සෑම තැනක්ම තොග වලින් පිරි තිබේ. එබැවින් දැන් දානපතියන් වන්න. නිකම්ම රැස් කර නොගන්න. දානපතියන් වී අඛණ්ඩව දෙන්න. මෙය හොදද? අච්චා.

දැන් ඔබට තම මනසේ පාලකයා බව අත්විද තත්පරයකදි ඔබගේ මනස ස්ථාවර කරගත හැකිද? ඔබට එයට නියෝග කළ හැකිද? තත්පරයකදි ඔබගේ මිහිරි නිවහනට යන්න. තත්පරයකදි ඔබගේ රාජධානියට, දිව්‍යලෝකයට යන්න. ඔබගේ මනස, ඔබගේ නියෝග වලට කීකරු වනවාද? නැත්නම් එය චංචල වනවාද? පාලකයා වන ඔබ, වටිනා මෙන්ම බලවත් නම්, ඔබගේ මනසට, ඔබට කීකරු නොවී සිටිය නොහැක. එබැවින් දැන් මෙය පුහුණු වන්න. ඔබ සියලු දෙනාම තත්පරයකදි ඔබගේ මිහිරි නිවහනට යන්න. දවස පුරා විටින් විට මෙය පුහුණු කිරීමට අවධානය යොමු කරන්න. ඔබගේ මනසේ ඒකාග්‍රතාවය, තමන්ව සහ වාතාවරණය බලවත් කරයි. අච්චා.

සියලු දෙනා සමග ආදරණීය සහ සහයෝගී වන සෑම තැනකම සිටින ඔය උපරිම ලෙස ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, සෑම තැනකම සිටින ජයග්‍රාහී දරුවන්ට, පරිවර්ථන බලයෙන් බලවත් වන, සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, නිරන්තරයෙන් තමන්ව සහ පරම පියාව හෙළිදරව් කරන සියලුම දරුවන්ට, නිරන්තර විසදුම් වල ප්‍රතිමූර්ති සහ ලෝක පරිවර්ථකයන් වන සියලුම දරුවන්ට, බාප්දාදාගෙන් සෙනෙහස සහ ස්මරණය මෙන්ම ඔහුගේ හදවතින් ආශිර්වාදත් කාරුණිකව පිළිගන්න. මෙයට අමතරව, පරම පියාගේ හිසේ ඔටුනු වන සියලුම දරුවන්ට, හිසේ ඔටුනු වන එවන් දරුවන්ට, බාප්දාදාගේ නමස්තේ.

වරදානය:
ඔබ නිරන්තරයෙන් බලවත් ජීවාත්මයක් වී, මුරලිධරගේ මුරලියට, ඔබ තුළ නිරන්තර සෙනෙහස තිබේවා.

මෙම ඉගෙනුම ප්‍රිය කරන දරුවන්, එනම්, මුරලියට සෙනෙහස ඇති දරුවන්ට, නිරන්තරයෙන් බලවත් වීමේ ආශිර්වාදය හිමි වෙයි. ඔවුන් ඉදිරියේ කිසිම බාධකයක් තිබිය නොහැක. මුරලිධාර් කෙරෙහි සෙනෙහස තිබීම යනු, ඔහුගේ මුරලිය ප්‍රිය කිරීමයි. මුරලිධාර් කෙරෙහි ඔබ තුළ බොහෝ සෙනෙහස ඇති නමුත් ඔබට මුරලිය ඉගෙන ගැනීමට කාලය නොමැති බව ඔබ කියන්නේ නම්, පරම පියා එය පිළිනොගනී, මන්ද, සෙනෙහස ඇති තැන, කිසිදු නිදහසට කාරණා තිබිය නොහැක. මෙම ඉගෙනුම සහ පවුලේ සෙනෙහස, ඔබ ආරක්ෂිතව සිටින බලකොටුවක් වෙයි.

පාඨය:
සෑම අවස්ථාවකටම තමන්ව හැඩ ගසා ගන්න, එවිට ඔබ සැබෑ රත්තරං වෙයි.

අව්‍යක්ත සංඥාව: දැන් සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.

ඔබ බලවත්, ගිණි කන්දක් වැනි යෝගාවේ සිටීමට අසුන් ගන්න විට, තත්පරයකදි අන් සියලු දේ මුසු කර ගැනීමේ බලය භාවිතා‌ කරන්න. සේවය පිළිබඳ සියලු සිතිවිලි ද මුසු කරගන්න. ඔබ “නවතින්න” කියා පැවසූ සැනින්, ඔබට නැවතීමේ තිතක් තැබීමට හැකි වන පරිදි බොහෝ බලවත් වන්න. දුර්වල බ්‍රේක් පාරක් නොව, බලවත් බ්‍රේක් පාරක් තැබිය යුතුයි. මෙය කිරීමට තත්පරයකට වඩා වැඩි කාලයක් ගත වන්නේ නම්, ඉන් අදහස් වන්නේ ඔබගේ මුසු කිරීමේ බලය අතින් ඔබ දුර්වල බවයි.