07.09.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබලා දැන් ශ්‍රී ක්‍රිෂ්ණා මෙන් කුමාරවරුන් බවට පත් වීම සඳහා මෙම දැනුම ඉගෙන ගනිමින් සිටිනවා. ඔබට උගන්වන්නේ දෙවියන්මයි.

ප්‍රශ්නය:
"දෙවියත් කතා කරයි" කියා බාබා කියූ විට ඇතැම් දරුවන් කලබල වන්නේ ඇයි?

පිළිතුර:
දෙවියන් අදෘශ්‍යමාන නිසා. ඔවුන් හිතනවා මේ දාදා තමයි දෙවියන් කතා කරයි කියා කියන්නේ කියලා. කොහොමනමුත්, අශාරීරික දෙවියන්ට අනිවාර්යෙන්ම කතා කිරීමට කටක් අවශ්‍යයි. බාබා කියනවා: මොහු තුළට ඇතුළුවී මා ඔබට උගන්වන්නේ කෙසේද වැනි අපූරු කරුණු හොඳින් තේරුම් ගත යුතුයි.

ඕම් ශාන්ති.
දෙවියන් කතා කරයි. මොනවාද දෙවියන් කියන්නේ? දෙවියන් කතා කරයි කියා කිව්වේ කවුද? පේන්න කිසිම කෙනෙක් නැහැ. මිනිසුන්ට දෙවියන් කියා කියන්න බැහැ. මේ කතා කරන කෙනා තමයි "දෙවියන් කතා කරයි" කියා කියන්නේ කියා ඇතැම් අය සිතාවි. කොහොම නමුත්, අශාරීරික දෙවියන් තමයි කතා කරන්නේ කියා දන්නේ ඔබ පමණයි. කවුද මෙහි අසුන් ගෙන සිටින්නේ, දෙවියන් සිටින්නේ කොහේද? මෙය අළුත් කාරණයක්, මිනිස්සු කලබල වන්නේ පටලැවිල්ලට පත් වන්නේ මේ නිසායි. කොහොම නමුත්, දෙවියන් අනිවාර්යයෙන්ම කතා කර කියනවා: මම දරුවන් වන ඔබලාට රාජයෝගාව උගන්වනවා. සාමාත්‍ය මනුෂ්‍යයෙකුගෙන් ඔබව නාරායන් හෝ ක්‍රිෂ්ණා බවට පත් කරවීමටත්, සාමාන්‍ය කාන්තාවකගෙන් ඔබව ලක්ෂ්මි හෝ රාධේ බවට පත් කරවීමටත් මම ඔබට දැනුම හා යෝගාව උගන්වනවා. තව මොනවාද ඔබට අවශ්‍ය? මම ඔබලාව රජවරුන්ගෙත් රජවරුන් බවට, කුමාරයන්ගෙනුත් කුමාරයන් බවට පත් කරවනවා. කුමර කුමරියනුත් දේවාල වලට යනවා. පාපකාරී කුමාරවරුත් පාපයෙන් තොර කුමරු වන ශ්‍රී ක්‍රිෂ්ණාට වන්දනා කරනවා, ඉතින් එමනිසා, මා ඔබලාව කුමර කුමරියන් බවට පත් කරවනවා. ශ්‍රී ක්‍රිෂ්ණා වගේ දෙව්ලොව කුමාරයෙක් බවට පත් වන්න. ඒ තත්ත්වයට ඔබ පත්වන්නේ දැනුම හැදෑරීමෙන් පමණයි. තමාව වෛද්‍යවරුන් හා නීතීඥවරුන් බවට පත් කරවනවා කියා වෛද්‍යවරුන් හා නීතීඥවරු තම ශිෂ්‍යයින්ට කියනවා. කොහොම නමුත්, ඔවුන් ඒ තත්ත්වයට පත් වන්නේ හැදෑරීම තුළින් පමණයි. බාබා කියනවා: ඔබට රාජයෝගාව උගන්වන්නේ එකම එක දෙවියන් මිසක් ශ්‍රී ක්‍රිෂ්ණා නොවන බව දරුවන් වන ඔබලාට දැන් තේරෙනවා. රාධේ හා ක්‍රිෂ්ණා අධිරාජ්‍ය දෙකකින් පැමිණි දෙදෙනෙක්. ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වෙනවා. විවාහයෙන් පසු ඔවුන්ගේ නම් වෙනස් වෙනවා. මෙන්න මේ නිසා තමයි. ලක්ෂ්මි හා නාරායන් පින්තූරයේ ලක්ෂ්මී නාරායන් දෙපළ යටින් රාධේ හා ක්‍රිෂ්ණාව පෙන්වා තිබෙන්නේ. මේ බ්‍රහ්මා පවා අංක එකේ භක්තිවන්තයෙක්: ඔහු නාරායන් වන්දනා කරමින් සිටියා කියා පියා දැන් ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි කර කියා දෙනවා. ඔහු නාරායන්ව වන්දනා කළත් ක්‍රිෂ්ණාව වන්දනා කළත් දෙකම එකයි: ක්‍රිෂ්ණා තමයි වැඩිමහල් වුණු විට නාරායන් වන්නේ. ඔබගේ උපත් 84 දැන් අවසානයට පැමිණ තිබෙනවා. ඔහුගේ ජීවයත් දැන් ඉගෙන ගනිමින් සිටිනවා, අනාගතයේ දී ඔහු ශ්‍රී ක්‍රිෂ්ණා බවට පත් වේවි. පියා කියනවා: දරුවනි, දැනුම් සෑය මත අසුන් ගෙන සිටීමෙන් ඔබලා ලස්සන වෙලා. පසුව රාග ගින්නේ අසුන් ගැනීම නිසා ඔබලා අවලස්සන වෙලා. මෙය කාන්ස්වරුන්ගේ, යක්ෂයින්ගේ දේශයයි. මා පැමිණ සිටින්නේ ඔබව ක්‍රිෂ්ණාගේ දේශය වෙතට ගෙන යාමටයි. ශ්‍රී ක්‍රිෂ්ණා සියලුම ගුණධර්ම වලින් පිරි කලා 16 න්ම සම්පූර්ණ වූවෙකි. මෙහි සිටින කිසිම කෙනෙක්ට සියලුම ගුණධර්ම නැහැ. මා පැමිණ සිටින්නේ දරුවන් වන ඔබලාව සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර අය බවට පත් කරවීමටයි. ඔබ යෝගා බලයෙන් ඒ තත්ත්වයට පත් විය යුතුයි. දුණු ඊතල වලින් මුලදී සටන් කළ ප්‍රචණ්ඩකාරී යුද්ධයකින් තමයි භෞතික බලය දිනා ගත්තේ. පසුව තුවක්කු හා කඩු වලින් යුද්ධ කරන්න පටන් ගත්තා. දැන් බෝම්බ වලින් සිදු වෙනවා. තමන් නිවසට වී සිටින අතර සියල්ලම විනාශ කර දැමිය හැකි ආකාරයේ බෝම්බ තමන් නිෂ්පාදනය කරනවා කියලා. හමුදාවක් කියලා එතකොට මොනවා කරන්න ද? පියා කියනවා: ආදරණීය දරුවනි. මෙය අධ්‍යයන ස්ථානයක්. මා ඔබව ශ්‍රී ක්‍රිෂ්ණා මෙන් කුමාරයෙක් බවට පත් කරවනවා. සත් යුගයේ පළමු කුමරා උපත් 84ක් ගෙන මෙම කලි යුගයේ දී හිඟන්නෙක් බවට පත් වෙලා. ඔහුගේ අධිරාජ්‍යය ඇත්තේ භාරතයේයි. පසුව ඔහු නැවත උපත් ගත යුතුයි. ක්‍රිෂ්ණා දෙවියන් කියා ඔවුන් කියනවා. එසේනම් දෙවියන් කොහොමද නැවත උපත් ගත්තේ? දෙවියන් අශාරීරිකයි. ඔහු එකම එක නිර්මාණකරු වන අතර අන් සැම නිර්මාණය වේ. ජීව වන අප සෑම කෙනෙක්ම සහෝදරයින් කියා ඔවුන් කියනවා. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරින් වන ඔබ සෑම කෙනෙක්ම සහෝදර සහෝදරියන් කියා බාබා පැහැදිලි කර කියා දෙනවා. ඉතින් එහෙම නම් විෂම දැක්මක් ඇති විය හැක්කේ කෙසේද? අනාගතය වෙනුවෙන් ඔබ එකම එක පියාගෙත් උරුමයක් දිනා ගන්නවා. පාරිශුද්ධත්වයෙන් සිටියේ නැතිනම් සාමයේ දේශයටත් සතුටේ දේශයටත් යන්නේ කෙසේද? මිනිස්සු කන්නලව් කරනවා: අපි අපිරිසිදුතාවයට පත්ව ඇති නිසා පැමිණ අපව පාරිශුද්ධ කරවන්න කියලා. පියා කියනවා: මා සිහිපත් කරන්න. මේ ඔබගේ අවසන් උපතයි. ජීව වන ඔබ සෑම කෙනෙක්ම දැන් විශ්‍රාම යාමට සිටින නිසා තමයි විශ්‍රාම අවධියේ සිටින්නේ. කිසිම ගුරු කෙනෙකුට බැහැ ඔබට මේ මාර්ගය පෙන්වා දෙන්න. මෙම දැනුම ඇත්තේ එකම එක පියා තුළ පමණයි. ඔහු අශාරිරික පාරිශුද්ධකරුවායි. පියා කියනවා: මා සිහිපත් කරන්න. මා මෙම ශරීරය කෙටි කාලයකට කුළියට ගත්තා කියලා. ශරීරයක් නැතිව ජීවයක් කතා කරන්නේ කොහොමද? පරමාත්ම දෙවියන් කියනවා: මම සාමාන්‍ය මහලු ශරිරයකට ඇතුළු වී දරුවන් වන ඔබලාට උගන්වනවා. මම මව් කුසකට ඇතුළු වන්නේ නැහැ. ගර්භාෂයකට ඇතුළු වන සෑම කෙනෙක්ම නැවතත් උපත් ගත යුතුයි. මා පැමිණෙන්නේ එකම එක් වතාවකදී පමණයි. මට අනිවාර්යයෙන්ම පදාර්ථයන්ගේ ආධාරය අවශ්‍යයි. මම මොහු තුළ අසුන් ගෙන ඔබට උගන්වනවා. මීට පෙර මොහු කළේ මොහුගේ ආභරණ වෙළඳාමයි. ගුරු කෙනෙක් ඔහුට ඉගැන්වූවා නොවෙයි: පියාම තමයි හදිසියේම පැමිණ ඔහුට ඇතුළු වුණේ. ඔහු කරන්කරවන්හාර් වන නිසා ඔහු දිගටම මොහු ලවා සියල්ල කරවන අතර මොහුත් සියල්ලම ඉගෙන ගන්නවා. ඔබත් ඔහු සමග සියල්ල ඉගෙන ගන්නවා. ඔහු ඔබලාට කතා කළත් එය පළමුවෙන්ම ඇසෙන්නේ මටයි. මා පැමිණෙන්නේ දරුවන් වන ඔබලාට ඉගැන්වීමටයි. නමුත් මොහුගේ ජීවයත් දිගටම ඉගෙන ගන්නවා. මා පැමිණ සිටින්නේ දරුවන් වන ඔබලාට රාජයෝගාව ඉගැන්වීමටයි. වෙන කිසිම කෙනෙක් මේ විදියට උගන්වන්නේ නැහැ. මෙය පාරිශුද්ධත්වයට පත් වීම පිළිබඳ කාරණාවක්. මෙම සංගම යුගය ඉතාමත් උසම උසස් කෙනෙක් බවට පත් වීමට තිබෙන කාලයයි. උසස්ම උසස් ජීවය වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණායි. විවාහයෙන් පසුව ඔහුගේ කලාව ක්‍රම ක්‍රමයෙන් බසින්න පටන් ගත්තා. මෙන්න මේ නිසා තමයි ශ්‍රී ක්‍රිෂ්ණාව මහත් සේ ප්‍රශංසාවට ගැනෙන්නේ. එහි නම ම ශ්‍රී ක්‍රිෂ්ණා දේශයයි. මෙය හැදින්වෙන්නේ කාන්ස්වරුන්ගේ යක්ෂයින්ගේ දේශය කියායි. ක්‍රිෂ්ණා හා කාන්ස්වරුන් ගැන කතාන්දර රාශියක් සාදා තිබෙනවා. ඔබගේ තත්ත්වය පරිණත වත තරමට ක්‍රමයෙන් භක්ති කිරීම නතර වන බව දරුවන් වන ඔබට පහදා දී තිබෙනවා. භක්ති වැඩ කරන්න එපා කියා කාටවත් කියන්න එපා. ඔවුන්ට දැනුම දෙන්න. පියා පැමිණ සිටින්නේ ඔබට දැනුම දී දෙව්ලොව කුමාරයින් බවට ඔබලාව පත් කරවීමටයි. ක්‍රිෂ්ණා දෙව්ලොව පාලකයා ලෙස සිටි නමුත් දැන් ඔහු නැහැ. ඔහු නැවතත් රාජයෝගාව ඉගෙන ගෙන ඉන් ඒ තත්ත්වයට පත් වෙනවා. ඔබත් උත්සාහ දරා පියාව සිහිපත් කළ යුතුයි. ඒ දෙව්ලොව දෙවියනුයි. දෙව්ලොව ස්ථාපනය කරන්නා වන පියා ඔහුයි. ඔහු පැමිණ නව ලෝකය ස්ථාපනය කරනවා. ඔහු එය කරන්නේ කලි යුගය අවසන් වුණු විටයි. සත් යුගයේ දී රිදී යුගයේ දී ඔහු එන්නේ නැහැ. ඔහු කියනවා මම සෑම කල්පයකම සංගම යුගයේදී පැමිණෙනවා. චක්‍රය යන වචනය ඉවත් කර ඔවුන් ඔහු සෑම යුගයකදීම පැමිණෙනවා කියා සඳහන් කර තිබෙනවා. කොහොම නමුත් යුග හතරක් තිබෙනවා. පස් වැන්න මෙම සංගම යුගයයි. අච්චා. එසේනම් ඔහු වේෂ පහක් ඇත්තෙක් වශයෙන් සැලකිය යුතුයි. එහෙම නම් මාළු, කිඹුලෝ හා පරසුරාම් වැනි අයගේත් වේෂ තිබේද? ඒ සියල්ලම අයිති ග්‍රන්ථ වලටයි. ධර්මයේ නම හා භාරතයේ නම ඔහුත් සම්පූර්ණයෙන්ම වෙනස් කරවලා. හින්දු ආගම හා හින්දුස්ථානය කියා දැන් ඔවුන් එය හඳුන්වනවා. භාරතය යන නම වෙනස් කරන්නේ ඇයි? මුළු භාරතයම අන්ත අධර්මිෂ්ඨ වුණු විට කියා කියන විටත් භාරතය යන වචනය යෙදෙනවා. පියා පැහැදිලි කරනවා: ඔබ එක් උපතකට පමණක් භක්තිය කළේ නැහැ. තඹ යුගයේ පටන් ඔබ එය කරගෙන ඇවිත් තිබෙනවා. මුලදී භක්තිය පිරිසිදුව තිබුණා. ඔවුන් කළේ භාරතය දෙව්ලොව බවට පත් කළ ශිව, වන්දනාව පමණයි. ඔහු දැන් නැවතත් වතාවක් පැමිණ සිටින්නේ ඔබ සෑම කෙනෙක්වම නැවතත් දෙව්ලොව පාලකවරුන් බවට පත් කරවීමටයි. එමනිසා, ඔහු අපිරිසිදු ශරීරයක අසුන්ගෙන ඔබට කියනවා: මා අපිරිසිදු ලෝකයේ අපිරිසිදු ශරීරයකට පැමිණ අපිරිසිදු දේ පාරිශුද්ධ කරනවා. භක්ති මාර්ගයේදී ඔවුන් මා වෙනුවෙන් මහා විශාල දේවාලයක් හැදුවා. මෙය ඉතාමත් පැහැදිලියි. බාබා ඇතුළු වුවායින් පසුව මොහු ගීතාව හැදෑරීම ආදිය නතර කළා. භක්තිය නතර කළා: හදිසියේම එය අතහැරියා. භක්ති මාර්ගයේ ක්‍රියා කරන්න එපා කියා ඔබ කාටවත් කියා නැහැ. බාබා දරුවන් වන ඔබට පැහැදිලි කර කියා දෙන්නේ: මම නැවතත් වතාවක් ඔබලාව ක්‍රිෂ්ණාගේ දේශයේ පාලකවරුන් බවට පත් කරවනවා. ක්‍රිෂ්ණාගේ වංශයේ අට දෙනෙක් සිටිනවා. පළමුවෙන්ම, ඔහු ස්වර්ණමය යුගයේ කුමාරයෙක් බවට පත් වී පසුව ස්වර්ණමය යුගයේ රජ බවට පත් වෙනවා. පරම්පරා අටක් තිබෙනවා. ඒ කාලයේ දී වෙන අධිරාජ්‍යයන් තිබුණේ නැහැ. බාබා කියනවා: දරුවන් වන ඔබලාත් දැන් ස්වර්ණමය යුගයේ කුමාරවරු බවට පත් විය යුතුයි. භක්තියේ කිසිදු සතුටක් නැහැ. දැනුම තුළින් ඔබලා දෙව්ලොව පාලකවරුන් බවට පත් වෙනවා. කෙනෙකුගේ පියා මිය ගිය විට ඔහුගෙන් අසනවා: ඔබගේ පියා ගියේ කොහාටද කියලා. ඔහු කියාවි ඔහු දෙව්ලොව වැසියෙක් වෙලා කියලා. ජීවයත් ශරීරයත් දෙකම ගියා කියා ඔවුන් කියනවා. කොහොම නමුත්, ශරීරය මෙහි දමා යන්න ගියේ ජීවයයි. ඉන් අදහස් වන්නේ ඒ පුද්ගලයා පළමුව සිටියේ අපායේ බවත් පසුව ජීවය ශරිරය අතහැර දමා දිව්‍ය ලෝකයට ගිහින් ඇති බවය. ඉතින් එහෙනම් ඇයි අඬන්නේ? දිව්‍ය ලෝකය ඇත්තේ මෙහි ද? කොහොම නමුත්, ඔවුන්ට එය තේරෙන්නේ නැහැ. ඔවුන් ඔහේ නිකම් කියනවා. ඒ සියල්ල දෙවියන්ගේ වැඩයි. සතුට දුක දෙකම දෙන්නේ දෙවියන්මයි. සෑම දෙයක්ම දෙවියන්ගේ ස්වරූපයයි කියා. කොහොම නමුත්, පියා කියනවා: මම කොහොමද දරුවන්ට දුකක් දෙන්නේ? දරුවන් කවදාවත් පියාගෙන් දුක ඉල්ලනවා ද? පියා දරුවන් වන ඔබලාව සුදුස්සන් බවට පත් කරවා තම දේපළ ඔබට දෙනවා. නමුත් තම තමන් කළ ක්‍රියාවන් වලට අනුව තමයි ඔබට දුක් විඳීමට සිදුවන්නේ. පියා කියනවා: දැන්, දරුවන් එහෙම ඉල්ලන්න එපා. මේ සියලුම දේපළ ආදිය දැන් විනාශ වීමටයි යන්නේ. ඉතින් ඔබගේ දරුවන් මොනවා ලබයි ද? ඔබගේ දරුවන් ඔබගේ දේපළේ හිමිකරුවන් බවට පත් වීමට තරම් කාලයක් දැන් ඉතිරි වී නැහැ. දරුවන් ලොකු මහත් වූවායින් පසුවනේ පාලකයින් වෙන්නේ. කෙසේ වෙතත්, දැන් එපමණ කාලයක් ඉතිරි වී නැහැ විනාශය අත ලඟයි. කලි යුගයේ තවමත් වසර 40,000ක් ගත වීමට තිබෙනවා කියා මිනිස්සු කියනවා. බ්‍රහ්ම කුමාරයින් හා කුමාරීන් හැම තිස්සේම විනාශය ගැනම කතා කර කර ඉන්නවා කියා ඔවුන් කියාවි. කොටියා එනවා කොටියා එනවා කිය කියා සිටි කොළුවාගේ බැටළු රෑනම කා දමන්න අවසානයේ දී ඇත්තටම කොටියෙක් ආ බව කියනා කතාවක් තිබෙනවා. සෑම කෙනෙක්ම හිතන්නේ මරණය එන්නේ ටික දෙනෙක්ට පමණයි කියලයි. මෙය දිගටම සිදු වෙනවා. මහා මාරයා පැමිණිලා කියා ඔබ කියනවා. මහා මාරයා වන ශිව බාබා පැමිණ ජීව වන අප සෑම කෙනෙක්වම නිවහන වෙත ගෙන යාවි. ඉතින්, ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ ශරීර අතහැර දමා යා යුතුයි. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ, යෝගාව තුළින් පාරිශුද්ධත්වයට පත් වන්න. මම ජීව වන ඔබලාව පාරිශුද්ධ කරවා නැවතත් නිවහන වෙතට ගෙන යන්නම්. පාරිශුද්ධත්වයට පත් වුණේ නැතිනම් අවසානයේ දී මහත් දඬුවම් විඳීමට සිදුවී ඔබට උසස් තත්ත්වයක් දිනා ගත නොහැකි වේවි. ශ්‍රී ක්‍රිෂ්ණ අංක එකේ කෙනා වශයෙන් ගෞරවාන්විතව සමත් වුණා. ඔහු ශිෂ්‍යත්වයක් ලැබුවා. උපත් 21කටම ඔහුට අධිරාජ්‍යය ලැබෙනවා. ඔහු ඉතාමත් පහසුවෙන් ඔබට පැහැදිලි කර කියා දෙනවා. මෙය ඔබගේ බුද්ධියට ගොස් පසුව අතුරුදහන් වී යනවා. කිසිම කෙනෙකුට භක්ති මාර්ගයේ ක්‍රියා කිරීම තහනම් කරන්න එපා. පියා පැමිණ සිටින්නේ ජීව වත ඔබලාට භක්තියේ ඵලය ලබා දීමටයි. ඔහු කියනවා: මා මීට පෙර කල්පයේදී පැමිණි ආකාරයෙන්ම මෙම සාමාන්‍ය ශරීරයෙන්ම පැමිණ සිටිනවා. මේ ඉහළම ඉහළ අධ්‍යාපනයයි. සතෝප්‍රධානත්ව සිටි ඔබ තමෝප්‍රධාත් වී ඇති බව ඔබ දන්නවා. පසුව භාරතය සතෝප්‍රධාන් වේවි. අනිකුත් ආගම් වල අය මෙතරම් සතුටක්වත් මෙතරම් දුකක්වත් අත්දැක නැහැ. පිටරට වල මිනිසුන්ට බොහෝ ධනය තිබෙනවා. ඒ නිසා ඔවුන් ඒවා දුප්පත් රටවලට ණයට දෙනවා. ඔවුන් ඒ කරන්නේ තමන් ගත් දේම ආපසු නැවත දීමයි කියා ඒ දුප්පත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් සෑම කෙනෙක්ම ගැඹුරු කුම්භකරණ නිද්‍රාවේ නිදි. අවසානයේදී ඔවුන් වේදනාවෙන් කෑගසයි. පසුව, යුද්ධය ආරම්භ වූවායින් අනතුරුව තමන් ප්‍රමාද වැඩියි කියා ඔබ කියාවි. පසුව ඔවුන් කරන්නේ කුමක්ද? පිදුරු ගොඩට ගිණි ඇවිළුණායින් පසුව ආයිත් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: දරුවනි, දැන් වේගවත් උත්සාහයක් දරන්න. බාබා ඔබට ලොකු අපහසුතාවක් දෙන්නේ නැහැ. ඔබ පැමිණ බාබාට කියනවා: බාබා, භක්තියේ ක්‍රියා කළේ නැතිනම් අපි අදේවවාදීන් කියා ඔවුන් කියාවි කියලා. බාබා ඔබට කියන්නේ නොබැඳි නිරීක්ෂකයෙක් සේ බබාව ස්මරණය කරමින් ඉන්න කියලයි. බාහිරව ටිකක් වැන්දට කමක් නැහැ. තම හදවතින්ම යමක් කිරීමත් අන් අයව සතුටු කිරීමට පමණක් කිරීමත් කියන දෙක අතර වෙනසක් තිබෙනවා. ඇතුළතින්, ඔබ කළ යුත්තේ ශිව බාබාව සිහි කිරීම පමණයි. කවුරු හෝ ඔබට කරදර කරනවා නම්, දණ ගසා වඳින්න. ඔවුන් සතුටු වේවි. එය පාපයක් නොවෙයි. විවාහ උත්සව වලට වුණත් යන්න කියා බාබා ඔබලාගෙන් සෑහෙන දෙනෙකුට කියනවා. දෙපැත්තටම ඔබගේ වගකීම ඉටු කළ යුතුයි. එහිදී දැනුම ඉදිරිපත් කළ විට කාට හෝ ඊතලය වදීවි. උපක්‍රමශීලීව හැසිරිය යුතුයි. පියාගේ විධානය නම්: දැන් අපිරිසිදු වෙන්න එපා. පාරිශුද්ධත්වයට පත් වීමෙන් පමණයි ඔබට ක්‍රිෂ්ණාගේ දේශයේ පාලකවරුන් බවට පත් විය හැක්කේ. ශිව බාබාව සිහි කරන්න ඔබගේ පාප දුරු වී ගොස් ඔබ ලෝක පාලකවරුන් බවට පත් වේවි. දරුවනි, මේ ආකාරයෙන් උපක්‍රමශීලීව ඔබගේ ඥාති හිතමිතුරන්ට මේවා පැහැදිලි කර කියා දෙන්න. එය භෞතික වන්දනාවක්, නමුත් මෙය ආධ්‍යාත්මික වන්දනාවක්. මෙම ආධ්‍යාත්මික වන්දනාව ඔබට උගන්වන්නේ පියාම පමණයි. ඔහු කියනවා: නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. අපිරිසිදුතාවයෙන් පාරිශුද්ධ වී ඔබගේ සියලු දුක් දුරු වනු ඇත. දෙව්ලොව අධිරාජ්‍යය දිනා ගැනීමේ ව්‍යාපාරය වන මෙම ව්‍යාපාරය කරන්නේ ව්‍යාපාරිකයින් අතුරින් ඉතාමත් අතලොස්සක්. දිගටම ශ්‍රීමත් අනුගමනය කරන්න. අයුතු ලෙස යොදවා මුදල් නාස්ති කරගෙන කිසිම ඵලයක් ලැබෙන්නේ නැති තැනකටම පත් නොවිය යුතුයි. තම ගෙදර දොරත් රැක බලාගෙන ඔබ දරු මල්ලනුත් පෝෂණය කළ යුතුයි. ශ්‍රීමත් අනුගමනය කරන්න. බාබාගෙත් උපදෙස් ගන්න: බාබා, මේ වගේ වෙලාවක මොනවාද කරන්නේ? බාබා මගේ දුව කියනවා එයාට විවාහ වෙන්න ඕනේ කියලා. එතකොට බාබා කියාවි: ඇයව විවාහ කරවා දෙන්න. ඇයගේ කොටස ඇයට දෙන්න. බාබා සරළව සියල්ල පහදා දෙනවා, නමුත් තව දුරටත් අහන්න ඕනේ නම්, ශ්‍රීමත් වලට අනුව ඒවා කරන්න. දරුවන් පියාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. යහපතක් ඇත්තේ එහි පමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නොබැඳි නිරීක්ෂකයෙකු සේ සෑම ක්‍රියාවක්ම ශිව බාබාව සිහිපත් කරමින් කරන්න. තම ලෞකික හා ආධ්‍යාත්මික ඥාතීන්ට දෙගොල්ලන්ටම වගකීම් ඉටු කරන්න. ඔබගේ ලෞකික ඥාතීන් සමඟ උපක්‍රමශීලීව වැඩ කටයුතු කරන්න.

2. මේ කාලයේ ඔබගේ මෙම අවසන් උපතේ දී ඔබ සිටින්නේ ඔබගේ විශ්‍රාමික අවදියේයි. ඔබ නිවහන කරා යා යුතුයි. එමනිසා, අනිවාර්යෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. තවත් අළුත් බන්ධන ඇති කරගන්න එපා.

වරදානය:
ඔබ, සියලු නියෝග පිළිපැදීමෙන් ඔබේ සියලු ආශාවන් අවසන් කර, මායාට ස්පර්ශ කළ නොහැකි තත්ත්වයට පත් වේවා.

අම්රිත් වේලවේ සිට රාත්‍රිය දක්වා ඔබට ලැබී ඇති නියෝග වලට අනුකූලව ඔබේ ආකල්පය, දෘෂ්ටිය, සිතිවිලි, සිහිය, සේවාව සහ සබඳතා පරීක්ෂා කර බලන්න. සෑම සිතිවිල්ලකින්ම සහ සෑම පියවරකදීම නියෝග අනුගමනය කරන්නන්ගේ සියලු ආශාවන් අවසන් වේ. ඔබේ උත්සාහයන් හෝ සාර්ථකත්වය පිළිබඳව ඔබට යම් ආශාවක් දැනේ නම්, ඔබ අනිවාර්යෙන්ම කොතැනක හෝ නියෝග නිසි ලෙස ඉටු නොකරන බවයි ඉන් අදහස් වන්නේ. එබැවින්, ගැටලුවක් මතු වූ විට, නියෝග වලට අනුකූලව කටයුතු කිරීම ගැන පරීක්ෂා කර බලන්න; එවිට ඔබ ඉබේම 'මායා' ස්පර්ශ කළ නොහැකි තත්ත්වයට පත් වනු ඇත.

පාඨය:
ඔබේ සියුම් දුර්වලතා ගැන සිතා ඒවා දුරු කිරීම යනු ඔබේ සැබෑ මුල් ස්වභාවය ගැන සිතීමයි (ස්ව-චින්තනය).

අව්‍යක්ත සංඥාව: දැන් ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.

යම් අඩුවක් හෝ හිඩැසක් ඇති වූ විට, 'සියලු අංශ වලින් සේවය කරන්නෙකු නියම වේලාවට එම හිඩැස පුරවයි. ඒ හා සමානව, යමෙකුට යම් විශේෂිත ශක්තියක් අඩු බව ඔබට හැඟේ නම්, එම පුද්ගලයා තුළ කිසිදු අඩුවක් අන් අයට නොදැනෙන පරිදි එම හිඩැස පිරවීමට ඔහුට උපකාර කරන්න. මෙය කාලයට අනුකූලව 'දානපති' ගේ දරුවෙකු වීම සහ එම ජීවාත්මයට සහයෝගීතාවය නම් වූ තෑග්ග ලබා දීම ලෙස හැඳින්වේ.