07.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ පමා වී පැමිණ ඇති නමුදු, ඔබ සීඝ්‍රයෙන් උත්සාහ දරන්නේ නම්, ඔබට
ඉදිරියෙන් යාමට හැකි වෙයි. අන් අය ගැන කරදර වීම නවතා, ඔබගේ උත්සාහයන්වල කාර්යබහුල
වන්න.
ප්‍රශ්නය:
කිසිම
මනුෂ්‍යයෙකුට සිදු කළ නොහැකි, පියාගේ කාර්යය කුමක්ද?
පිළිතුර:
මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කර, ඔවුන්ව සාම දේශයේ සහ සතුටු දේශයේ අධිපතියන්
බවට පත් කරවීම, ඒකායන පියාගේම කාර්යය පමණයි. කිසිම මනුෂ්‍යයෙකුට මෙම කාර්යය සිදුකළ
නොහැක. ඔබ, දෙවියන්ගේ වදන් වලට සවන් දෙන්නේ සංගම යුගයෙදි පමණයි, යන විශ්වාසය ඔබට
තිබේ. පෙර චක්‍රයේදී කළ, එම ආකාරයෙන්ම, පරමාත්ම දෙවියන්ම දැන් ඔබට රාජයෝගාව
උගන්වනවා.
ඕම් ශාන්ති.
අසීමිත
ආධ්‍යාත්මික පියා, අසීමිත ආධ්‍යාත්මික දරුවන්ට උගන්වනවා. ඥානයේ සෑම වදනක් හෝ
මැණිකක්ම රුපියල් සිය දහස් ගණනක් වටියි. දෙවියන්ට රුප් සහ බසාන්ට් යැයි ද කියන බව,
පියා විස්තර කර දී ඇත. ඔහුට ස්වරූපයක් තිබෙන අතර ඔහුගේ නම ශිව බාබාය. ඔහු ඥානයේ මහා
සාගරය වන අතර, මෙම ඥානය තුළින් ඔබට විමුක්තිය ලැබෙයි. ඥානය, ධනය මෙන්ම ඉගෙනුමක්ද
වෙයි. ආධ්‍යාත්මික පියා ඔබට මෙම ඥානය ලබා දෙයි. ජීවාත්මයකට, ආධ්‍යාත්මික ජීවයක්
(ප්‍රාණියෙක්) යැයි කියයි. භක්ති මාර්ගයේ, ජීව, පියාව මුණ ගැසීමට බොහෝ සේ වැටි වැටි
සැරිසරයි ඔවුන් ඔහුව සොයයි. දෙවියන් යනු ශිවා පමණක් බව ඔවුන් විශ්වාස කරන නමුත්
ඔවුන් දිගටම වටේ සැරිසරයි. පරම පියා පැමිණ විස්තර කරයි ආධ්‍යාත්මික දරුවනි, ඔබ
අවිනාශී වන අතර පරම දනව්වේ නිවැසියන්ය, ඔබ එහි සිට මෙහි පහළට ඔබගේ චරිත කොටස් රඟපෑම
සඳහා පැමිණෙයි. ඔබ දුර ඈත දේශයේ නිවැසියන්ය. මෙය නාටකයක් වන අතර, එයට ජය හා පරාජය,
දුක හා සැපෙහි රංගනයක් යැයි කියයි. පියා විස්තර කරන්නේ මා සහ ඔබ සියලු දෙනාම සාම
දේශයේ නිවැසියන්ය. එයට නිර්වාණ දේශය යැයිද කියයි. ප්‍රථමයෙන්, තමන් එම ස්ථානයේ
නිවැසියන් යන විශ්වාසය ඇති කරගන්න. ජීවාත්ම වන අපගේ මුල්ම ධර්මතාවය, සාමයයි. මුළු
අවිනාශී කොටසම ජීවාත්මය වන තිතෙහි පටිගත වී තිබේ. පියා ඔබට උගන්වයි. ඔබ ලෝකයේ
මිනිසුන් ගැන කරදර වෙයි. දෙවියන්ගේ වදන් වෙනත් කිසිම කාලයකදී නොව, සංගම යුගයෙදී
පමණක් පැවසෙන බවට විශ්වාසය ඔබට තිබේ. මනුෂ්‍යයන්ව දේවතාවන් බවට වෙනත් කිසිවෙකුට
පරිවර්ථනය කළ නොහැක. ඔවුන්ට කිසිවෙක්ව සාම දේශයේ හෝ සතුටු දේශයේ අධිපතියෙක් බවට පත්
කළ නොහැක. පියා ඔබව එය බවට පෙර චක්‍රයේදී පත් කළා. ජනාධිපති කෙනෙක් බවට දැන් පත් වී
ඇති කෙනෙක්, දැන් සිට වසර 5000කට පසුව, නැවතත් එය බවට පත් වෙයි. මුළු ලොවෙහිම
ජවනිකාව සහ දර්ශන, නැවතත් වසර 5000කට පසුව ඒ අයුරින්ම සිදුවෙයි. මහළු මව්වරුන්ට මේ
සියලුම දේවල් ධාරණය කරගත නොහැක, එබැවින් ඔවුන්ට කරුණු 3ක් පමණක් මතක තබා ගැනීමට
යැයි කියයි ජීවාත්ම වන අප, සාම දේශයේ නිවැසියන්ය. ඉන්පසුව අපි සතුටු දේශයට යයි,
පසුව චක්‍රයෙන් භාගයකට පසුව, රාවණගේ රාජධානිය ආරම්භ වන විට, අපි පාපයේ ගැලීම ආරම්භ
කරයි. එයට දුක් දේශය යැයි කියයි. දුක් දේශය අවසානයකට පැමිණෙන විට, පරම පියා පැමිණ
මෙසේ පවසයි මා සිහි කරන්න. ඔබව ආපසු සාම දේශයට සහ සතුටු දේශයට රැගෙන යාමට, මා
පැමිණිය යුතුයි. පැමිණ, පියාට අයත් වූ අය, දැන් පැමිණ ඔවුන්ගේ උරුමය හිමි කරගනී.
සූර්ය වංශික සහ චන්ද්‍ර වංශික රාජධානි ස්ථාපිත කෙරෙනවා. මිනිසුන් මිලියන ගණනක්
පැමිණ, පියාට සවන් දී, එක් හෝ තව දෙයක් වටහා ගනී. බොහෝ වර්ධනය සිදු වෙයි. ඔබට සෑම
තැනකටම ගොස් සෑම කෙනෙකුටම විස්තර කිරීමට සිදුවෙයි. බොහෝ දෙනෙක් මේ ගැන පුවත්පත්
වලින්ද අසා දැන ගනීවි. පාකිස්ථානයේද ඔවුන් පුවත්පත් වලින් මේ ගැන කියවයි. එහි
අසුන්ගෙන සිටින අතර, ඔවුන් පුවත්පත් වලින් මේ ගැන කියවයි. එහි අසුන්ගෙන සිටින අතර
ඔවුන් මෙම දැනුමට සවන් දෙයි. ගීතාව මුළු ලොව පුරාම ප්‍රසිද්ධියට පත්කර ඇත. පියා
පවසන්නේ නිරන්තරයෙන් මා පමණක් සහ ඔබගේ උරුමය සිහිපත් කරන්න. ඔවුන් මෙය පුවත්පත්
වලින් කියවන විට බොහෝ දෙනෙක් බ්‍රහ්මණයන් වෙයි. තම උරුමය හිමි කරගැනීමට අවශ්‍ය අය,
නියත වශයෙන්ම පැමිණ, එය හිමි කරගනී. තවම ටික කාලයක් ඉතිරිව තිබෙන අතර, වර්ධනය
දිගින් දිගටම සිදුවෙයි. පමා වී පැමිණෙන අයට සීඝ්‍රයෙන් උත්සාහ දැරීමට සිදුවෙයි. පෙර
කල්පයේදී දෙව්ලොව වැසියන් වූ අය, නියත වශයෙන්ම දැනුදු එය බවට පත් වෙයි. මෙහි සුළු
හෝ වෙනසක් සිදුවිය නොහැක. සාම දේශයට යාමට ඇති අය, සාම දේශයට යයි. ඉන්පසු ඔවුන්ගේම
වෙලාවට ඔවුන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා ඔවුන් පැමිණෙයි. පියා පවසන්නේ දරුවනි, දැන්
මා සිහි කරන්න, එවිට ඔබ, ඔබගේ නිවසට ලඟා වනු ඇත. සන්යාසීන් මුක්තිය වෙනුවෙන් බොහෝ
වෙහෙස වෙයි, මුක්තිය පමණක් සෑහෙන බව ඔවුන් පවසන්නේ මේ නිසාය. ඔවුන් සතුට, කපුටෙකුගේ
අසූචි මෙන් බව සලකයි. ස්වර්ණමය යුගයේ පවා, දුක් කරුණු තිබුණු බව, ග්‍රන්ථවල ලියා
තිබේ. ඔවුන්ට කිසිම දෙයක් නොවැටහෙයි. ඔවුන් පවසන්නේ දෙවියන් පැමිණිය යුතු බවය.
’පාරිශුද්ධකරු, පරමාත්ම ජීවය, පැමිණ, අපට මාර්ගය පෙන්වනු මැන!‘ අනෙක් අතට, ඔවුන්
පවසන්නේ ගංඟා නදිය පාරිශුද්ධකරු බවයි. ඔවුන් විශ්වාස කරන්නේ, ගංඟා නදියේ ස්නානය
කිරීම, යාග හෝම පැවැත්වීම, තපස් රැකීම සහ වන්දනා ගමන් යාම යන සියල්ල, දෙවියන් වෙතට
යන මාර්ග ලෙසිනි. ඔබ දෙවියන්ට අඬගසන බැවින්, ඔබ දිගින් දිගටම සැරි සරන්නේ මන්ද?
භක්ති මාර්ගයේ ඒ සියලුම දේවල් නියම වී ඇත. මිනිසුන් දිගින් දිගටම ඔවුන්ගේ සිතට
ඇතුළු වන ඕනෑම දෙයක් පවසයි. දෙවියන් සොයා ගැනීමට ඔවුන් බොහෝ උත්සාහ දරති. බැතිමතුන්
දෙවියන් හමුවීමට යන්නේද, නැතිනම් දෙවියන් මෙහි පැමිණිය යුතු වෙයිද? අපවිත්‍ර
ජීවයන්ට එහි යා නොහැක පියා මෙහි පැමිණෙන්නේ ඔබව එහි රැගෙන යාමටයි. සියලුම ජීවයන්ගේ
මාර්ගෝපදේශකයා වන්නේ ඒකායන කෙනා පමණයි. ඔබත් පිවිතුරු වී ඔහු පසුපස යයි. ඔබ
අධිරාජයන් සහ අධිරාජිනියන් බවට පත්කිරීම සඳහා, මනාලයා ඔබව ඥානයේ මිණි මුතු වලින්
සරසයි. ක්‍රිෂ්ණා අහවලාව පැහැරගෙන, රැජිණක් බවට පත් කළ බව, ඔවුන් පෙන්වයි. එම දේවල්
සැබවින්ම ඔහුට අදාල වන්නේ නැත. ඔබ දෙව්ලොව අධිරාජිනියන් වන බව, ඔය දරුවන් දන්නවා.
ඔබ දිව්‍ය ලෝකයේ නිවැසියන් විය. පියා දැන් ඔබව නැවතත් ඔවුන් බවට පත්කිරීමට පැමිණ
ඇත. එය උපත් 84ක් පිළිබඳ කාරණයකි. කිසිම කෙනෙකුට උපත් මිලියන 8.4ක් සිහි කළ නොහැක.
ඔවුන් ස්වර්ණමය යුගයට වසර සිය දහස් ගණනක්ද, රිදී යුගයට එයට අඩු වසර ගණනක්ද පෙන්වා
ඇත. ගණනය ඔබින්නේ නැත. පියා ඉතා පහසුවෙන් ඔබට සෑම දෙයක්ම පවසයි කරුණු දෙකක් පමණක්
සිහියේ තබාගන්න ඇල්ෆා සහ බීටා. එවිට ඔබ පිවිතුරු වන අතර පියාසර කිරීමට හැකි වී උසස්
තත්ත්වයක් හිමි වෙයි. කුමක් සිදුවුවත්, පියා සිහිපත් කිරීමේ සැලකිල්ල ඔබට
අනිවාර්යෙන් තිබිය යුතුයි. මායාගේ කුණාටු පැමිණෙයි, නමුත් ඔබ පරාජය නොවිය යුතුයි.
කෙනෙකුට තරහ ගියත් ඔබ කිසිවක් නොකිව යුතුයි. සන්යාසීන් පවසන්නේ ඔබගේ මුවට වාසනාවන්ත
මන්ත්‍රයක් දමාගන්න, එවිට අනෙක් පුද්ගලයා, බොහෝ කතා කිරීමෙන් අනතුරුව නිහඬ වෙයි.
පියා මෙසේද පවසයි කෙනෙක් ඔබට කෝපයෙන් කතා කරන්නේ නම්, නිහඬව නිරීක්ෂණය කරන්න.
සියලුම සිදුවීම් අතරතුර, ඔබ අනිවාර්යෙන්ම ශිව බාබා සිහිපත් කළ යුතුයි. ශිව බාබා
සිහි කිරීමෙන් පමණයි ඔබට ඔබගේ උරුමය සිහිපත් වන්නේ. ඔබගේ අතීන්ද්‍රීය සුඛය සිහි කර
ඇත ඔබ උපත් 21කට දිව්‍ය ලෝකයේ රාජකුමාරියන් බවට පත් වෙයි. එහි දුක පිළිබඳ කිසිදු
සඳහනක් නොතිබෙයි. ඔබ උපත් 50ක් හෝ 60ක් සතුට අත්විඳියි සතුටෙහි කාල වකවානුව වැඩියි.
සතුට සහ දුක සමාන නම්, ඉන් ඇති ඵලය කුමක්ද? ඔබට බොහෝ ධනයද තිබේ. මෑතක් වන තුරු,
මෙහි ධාන්‍ය ඉතා ලාභ විය. රජවරුන්ට විශාල රාජධානි තිබුණි. බාබා විසින්, ධාන්‍ය කිලෝ
37ක් පමණ, අන්නා (අන්නා 16ක් එක රුපියලකට සමානයි) 10කට විකුණනු ලැබුවා. එබැවින් එයට
පෙර සෑම දෙයක්ම බොහෝ ලාභ වන්නට ඇති. එකල මිනිසුන් සුළු පිරිසක් සිටින්නට ඇති.
ඔවුන්ට ආහාර පිළිබඳ ගැටළුවක් නොතිබෙන්නට ඇති. ඔබ ප්‍රථමයෙන් නිවහනට ගොස්, ඉන්පසුව
නව ලෝකයට ගොස් ඔබගේ නව චරිත කොටස් රඟපාන බව, ඔබ දැන් සිහියේ තබා ගත යුතුයි. එහි,
ඔබගේ සිරුරු, සතෝප්‍රධාන් පදාර්ථයන්ගෙන් නිර්මාණය වෙයි. දැන් පංච මහා භූතයන්
මුළුමනින්ම තමෝප්‍රධාන් සහ අපවිත්‍ර වී ඇත. ජීවාත්ම සහ සිරුරු යන දෙකම අපවිත්‍රයි.
එහි ශරීර රෝගී නොවෙයි. මේ සියලුම කාරණා වටහා ගත යුතුයි. මෙහිදී ඔය දරුවන්ට සෑම
දෙයක්ම ඉතා පැහැදිලිව විස්තර කර දෙන නමුත්, ඔබ ආපසු නිවසට ගිය විට, ඔබට ඒවා අමතක
වෙයි. මෙහි වලාකුළු පිරී ඇති විට ඒවා බොහෝ සතුටින් සිටින නමුත්, පිටතට ගිය සැනින්,
ඔවුන්ට අමතක වෙයි. පෙර, බොහෝ නැටුම් ද තිබුණි. පසුව ඒ සියල්ල නතර කරනු ලැබුවා.
මිනිසුන් සිතුවේ, මෙහි විජ්ජාවන් සිදුවන බවය. භක්ති මාර්ගයේ ඔවුන් තීව්‍ර භක්තියේ
යෙදෙන විට, ඔවුන්ට දර්ශන ලැබෙන්නේ ඉතා අපහසුවෙනි. මෙහි භක්තිය පිළිබඳ ප්‍රශ්නයක්
නැත. අසුන් ගෙන සිටියදි පවා ඔවුන් ධ්‍යාන ගත වෙයි, මෙහි විජ්ජා ඇති බව මිනිසුන්
සිතුවේ මේ නිසාය. මෙකල ලෝකයේ බොහෝ අය, දෙවියන් බවට පත් වී ඇත! ඔවුන් තමන්ට, සීතා
රාම්, රාධේ ක්‍රිෂ්ණා වැනි නම් දීගනී. දිව්‍ය ලෝකයේ අධිපතියන් සහ අපායේ වැසියන් අතර
විශාල වෙනසක් තිබේ. මෙකල සෑම කෙනෙක්ම අපායේ වැසියෙකි. මෙය ඉතා පැහැදිලිව ඉනිමග
පිංතූරයේ පෙන්වා තිබේ. දරුවන්, ඔවුන්ගේම ආවර්ජනය තුළින් ඉනිමගෙහි පිංතූරය නිර්මාණය
කර ඇත. බාබා මෙය දැක බොහෝ සතුටට පත් විය. ඉනිමගෙහි පිංතූරයේ සෑම දෙයක්ම අන්තර්ගත වී
ඇත දිගටම භක්තියේ යෙදෙමින්, තඹ යුගයේ සිට දූෂිත රජවරුන් පහළට පැමිණ ඇති ආකාරය.
ඔවුන්ට දැන් කිරුළු නොමැත. පිංතූර භාවිත කරමින් විස්තර කිරීමට ඉතා පහසුයි. උපත්
84කට පහළට බසින ස්ථීතය තිබෙන ආකාරය සහ ඉන්පසුව ඉහළ නැඟීමේ ස්ථීතිය ඇති වන ආකාරය
පිළිබඳව ඔබට විස්තර කළ හැක. ඔවුන් ගයන්නේ ඉහළ නැඟීමේ ස්ථීතිය නිසා සෑම කෙනෙකුටම
යහපත සිදුවෙයි. පියා පැමිණ සෑම කෙනෙකුටම සතුට ලබා දෙයි. සෑම කෙනක්ම කන්නලව් කරන්නේ
අහෝ බාබා, අපගේ දුක නැති කර අපට සතුට ලබා දෙන්න! කෙසේවෙතත්, ඔහු ඔවුන්ගේ දුක නැති
කර සතුට ලබා දෙන්නේ කෙසේද කියා, කිසිවෙකු නොදනී. මෙකල මිනිසුන් ගීතාව කටපාඩම් කර එය
හඬ නගා කියවයි. ඔවුන් එහි අරුත කෙටියෙන් විස්තර කරයි. ඔවුන් සංස්කෘතික භාෂාවෙන්
කටපාඩමින් ස්ලෝක කියන බැවින්, එම මහාත්මාව ඉතා හොඳ බව මිනිසුන්ට සිතෙයි. මිනිසුන්
සිය දහස් ගණනින් ගොස් ඔහු ඉදිරියේ නමස්කාර කරයි. එම ලෞකික ඉගෙනුමට වසර 15ක් හෝ 20ක්
ගතවෙයි. කෙනෙක් බොහෝ දක්ෂ නම්, ඔහුට සියල්ල විගසින් කට පාඩමින් ඉගෙන ගෙන, එය හඬ නගා
කියා, බොහෝ මුදල් රැස් කර ගැනීමට හැකි වෙයි. ඒ සියලු දේවල් ආදායමක් උපයා ගැනීමේ
මාර්ගයි. කෙනෙක් බංකොලොත් වූ විට, ඔහු ගොස් පැවිදි වෙයි, එවිට ඔහුගේ සියලු කරදර
අවසන් වෙයි, මන්ද ඔහු එක් මන්ත්‍රයක් හෝ තව එකක් පමණක් සිහියේ තබා ගෙන, සෑම තැනකම
සංචාරය කරයි. ඔහු දුම්රියෙන් සෑම තැනකම සංචාරය කරයි. මෙහි, පියා පවසන්නේ තමන්
ජීවාත්මයක් බව සලකා, පියා සිහිපත් කරන්න. පරම පියා සහ සියලුම ජීවාත්ම, වාසය කරන්නේ
අශාරීරික ලෝකයේය. එහි සිට ඔවුන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා ඔවුන් භෞතික ලෝකයට
පැමිණෙයි. නාට්‍යය දැන් අවසන් වීගෙන යනවා. ඔබ තමෝප්‍රධාන් බැවින් ඔබට ආපසු නිවසට
යාමට නොහැක. ඔබව සතෝප්‍රධාන් කිරීමට බාබා දැන් පැමිණ ඇත. සෑම කෙනෙක්ම ආපසු නිවසට යන
අතර ඉන්පසුව ස්වර්ණමය යුගයේ දේවතාවන්ගේ රාජධානිය පමණක් පැවතෙයි. එය සාම දේශය හෝ
සතුටු දේශය හෝ දුක් දේශය වූයේ කවදාද කියා, කිසි කෙනෙකුගේ බුද්ධියට ඇතුළු නොවන්නේ,
ඔවුන් සම්පූර්ණ අන්ධකාරයේ සිටින බැවිනි. ඔවුන් විශ්වාස කරන්නේ, කලි යුගයේ අවසානය
පැමිණෙන්නේ, බොහෝ වසර දහස් ගණනකට පසුව බවයි. ඔවුන්ට එහි නිසි ගණනය නොමැත. මනුෂ්‍ය
ජනගහණය එන්න එන්නම වර්ධනය වන අතර අවශ්‍ය තරම් ආහාර නොමැත. තවත් වසර 40,000ක් යන්නට
තිබෙන්නේ නම්, කුමක් සිදුවෙයිද කියා කීමට නොහැකි වෙයි. ඔවුන් කුමක් පැවසුවත් එය
සම්පූර්ණ මුසාවකි එහි කිසිවක් තුළ සත්‍යයේ බිඳක්වත් නැත. පියා දැන් ඔබට රාවණ පරාජය
කරන අන්දම කියා දෙයි. රාවණ පරාජය කළ හැක්කේ ඔබට පමණයි. බාබා මුළු ලෝකයම රාවණගෙන්
මුදවාගනී. ශක්ති සේනාව ඔබගේ වන අතර ඔබ භාරතය, දිව්‍ය ලෝකය බවට පත් කරනවා. ඔහු ඔබට
ඉතා හොඳ දේවල් පවසයි. එබැවින් ඔබ පියා සහ උරුමය සිහි කර බොහෝ සතුටින් සිටියි
යුතුයි. ඥාන මාවතේ සතුටෙහි අත්දැකීම බොහෝ සේ තිබේ. බාබා දැන් පැමිණ සිටියි. අප දැන්
මෙම පැරණි ලෝකය හැර දමා යන්නට ඉතා ආසන්නයි. බාබා සිහි කිරීමෙන් ඔබ සතෝප්‍රධාන්
වෙයි. එසේ නැත්නම්, දඬුවම් විඳීමට සිදුවන අතර, ඉන්පසුව සමහර විට ඔබට චපාති
කැබැල්ලක් ලැබෙයි. කෙසේවෙතත්, ඉන් කුමන සෙතක් අත්වෙයිද? දිගින් දිගටම තමන් වෙනුවෙන්
හැකි පමණින් උත්සාහ දරන්න. ශ්‍රීමත් පිළිපදින්න. සෑම පියවරකදීම බාබාගෙන් උපදෙස් ලබා
ගන්න. ඇතමුන් පවසන්නේ බාබා, මගේ ව්‍යාපාරයේදී මට බොරු කීමට සිදුවෙයි. පියා පවසන්නේ
ව්‍යාපාර වල වංකකම තිබේ. අඛණ්ඩව පියා සිහි කරන්න. ඔබ පාපයේ ගැලී, ඉන්පසුව බාබා
සිහිකරමින් සිටි බව ඔබ නොකිව යුතුයි. නැහැ ඔබ පාපයේ ගැලෙන්නේ නම් ඔබ මිය යයි. ඔබ
පියාට පොරොන්දුවක් වී ඇත, එහෙම නේද? රාඛියක් බඳින්නේ පාරිශුද්ධත්වය වෙනුවෙනි.
කෝපයෙන් නිදහස් වීමට කිසිම විටෙක රාඛියක් බඳින්නේ නැත. රාඛි බන්දනය යනු, ඔබ කිසිදා
පාපයේ නොගැලිය යුතු බවයි. මිනිසුන් කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරු, වඩිනු මැන! ඔය
දරුවන් තුළ බොහෝ සතුට තිබිය යුතුයි ’බාබා අපට උගන්වනවා. ඉන්පසුව බාබා අපව ඔහු සමඟ
රැගෙන යයි. එහි සිට අප ඉන්පසුව දිව්‍ය ලෝකයට යයි.‘ හැකි පමණින් හිමිදිරි උදෑසනින්
අවදි වී බාබා සිහි කරන්න. බාබා සිහි කිරීම යනු ආදායමක් උපයා ගැනීමයි. එහිදී
ආශිර්වාද වලින් ඇති ඵලය කුමක්ද? ඔබ මෙසේ නොකිව යුතුයී බාබා මට ආශිර්වාද ලබා දෙන්න,
එවිට මා ඔබ සිහි කරන්නම්. බාබා සෑම කෙනෙකුටම ආශිර්වාද ලබා දෙන්නේ නම්, සෑම කෙනෙක්ම
දිව්‍ය ලෝකයට යනු ඇත. මෙහිදී ඔබ උත්සාහ දැරිය යුතුයි. හැකි පමණින් බාබා සිහි කරන්න.
බාබා යනු උරුමයයි. ඔබ ඔහුව කොපමණ සිහි කරන්නේද, එයට අනුව ඔබට රාජධානියක් ලැබෙයි.
සිහිපත් කිරීමේ විශාල යහපතක් තිබේ. එය පහසු ගනුදෙනුවකි. වෙනත් කිසිවෙකුට ඔබත් සමඟ
මෙතරම් පහසු ගනුදෙනුවක් කළ නොහැක. මෙම ගනුදෙනුව සිදු කරන්නේ ඉතාමත් ටික දෙනෙක්
පමණයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. කෙනෙක් කෝප
වූ විට ඔබ බොහෝ සේ නිහඬ විය යුතුයි. ඔබ සමඟ කෝපයෙන් සිටින කෙනෙක් සමඟ තරහ නොවන්න.
මායාගේ කුණාටු වලින් පරාජය නොවන්න.
2. හිමිදිරි උදෑසන
පියා සිහි කරන්න. ඔබගේ ආදායම රැස් කරගන්න. පාරිශුද්ධත්වය වෙනුවෙන් ස්ථීර රාඛියක්
ගැට ගසා ගන්න.
වරදානය:
ඔබේ අව්‍යක්ත
සහ ශාන්ත ස්වරූපය තුළින් වාතාවරණය අව්‍යක්ත කරමින්, අන් අයට දර්ශන ලබා දෙන
ප්‍රතිරූපයක් බවට ඔබ පත්වේවා.
සේවය කිරීම සඳහා ඔබ
වැඩසටහන් සකස් කරන්නාක් මෙන්ම, උදෑසන සිට රාත්‍රිය දක්වා ස්මරණයේ රැඳී සිටීම සඳහා ද
වැඩසටහනක් සකස් කරගන්න. විටින් විට මිනිත්තු දෙක තුනක් සඳහා ඔබේ සිතිවිලි වලට
විරාමයක් තබන්න. යමෙකු තුළ අධික ලෙස ලෞකික දේ පිළිබඳ බැඳීම පවතින බව දුටු විට,
ඔවුන්ට කිසිවක් නොකියා, එවැනි අව්‍යක්ත සහ ශාන්ත ස්වරූපයක් ඇති කර ගැනීමෙන් ඔවුන්ට
ඉඟියක් මගින්ම එය වටහා ගත හැකි වේ. ඔබ එසේ කිරීමෙන් වාතාවරණය අව්‍යක්තව පවතිනු ඇත;
යමක් සුවිශේෂී ලෙස දිස්වනු ඇති අතර ඔබ දර්ශන ලබා දෙන ප්‍රතිරූපයක් වනු ඇත.
පාඨය:
පූර්ණ සත්‍යය
යනු පාරිශුද්ධත්වයේ පදනමයි.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
යම් සහයෝගී සහෝදරයෙකු
හෝ සහෝදරියක් හෝ පවුලේ කිසියම් ජීවාත්මයක්, ඔවුන්ගේ වැරදි අවබෝධය හෝ ළාමක මුරණ්ඩුකම
හේතුවෙන්, තාවකාලික දේ ස්ථිර ජයග්‍රහණයක් ලෙස සලකමින් තාවකාලික නාමය, කීර්තිය,
ගෞරවය සහ ලාභය කෙරෙහි ආශාවක් දක්වන්නේ නම්, එවිට ඔබ නිහතමානීව සිටිමින් ඔවුන්ට
ගෞරවය දැක්වීම යනු අන් අයව ඉහළ නැංවීමයි. මේ ආකාරයට “දීම” යනු සදාකාලිකවම
“ගැනීමයි”.