08.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඉතාමත් උසස්ම යුගය වන්නේ සංගම යුගයයි. ජීවාත්ම වන ඔබලා උත්තරීතර ජීවාත්මය
වන පියාව මුණගැසෙන්නේ මෙම යුගයේදීයි. සැබෑම වූ කුම්භ මේලාව මෙයයි.
ප්‍රශ්නය:
වෙන කිසිම
මිනිසෙකුට කියාදිය නොහැකි පරමාත්ම පියා විසින්ම පමණක් කියා දිය හැකි පාඩම කුමක්ද?
පිළිතුර:
ජීවාත්ම අවධානයට පත්වීමේ පාඩම ඔබට කියා දෙන්නේ එකම එක පියා පමණයි. මෙම පාඩම කිසිදු
මනුෂ්‍යයෙකුට කියා දෙන්න බැහැ. පළමුවෙන්ම, ඔබට ජීවාත්මය පිළිබඳ වූ දැනුම ලැබෙනවා.
ජීවාත්ම වන අප උත්තරීතර දනව්වේ සිට අපගේ චරිත කොටස් රඟ දැක්වීම සඳහා මෙහි පැමිණ ඇති
බව ඔබට දැන් තේරෙනවා. නාටකය දැන් අවසන් වෙමිනුයි යන්නේ. මෙම නාටකය කල්තබාම තීරණය
වූවකි. කිසිම කෙනෙක් එය නිර්මාණය කළේ නැහැ. මෙන්න මේ නිසා තමයි එයට කිසිම ආරම්භයක්
හෝ අවසානයක් නැත්තේ.
ගීතය:
අවදිවන්න!
මනාලියනි, අවදිවන්න! නව යුගය උදාවීමට ආසන්නයි.
ඕම් ශාන්ති.
දරුවන් වන
ඔබලා මෙම ගීතය මීට පෙර නොයෙක් වර අසා ඇති. මනමාලයා මනමාලියන් වන ඔබලාට කතා කරනවා.
ඔහු මනමාලයා වන්නේ ශරීරයට පැමිණි විටයි. නැතිනම් ඔහු පියා වන අතර ඔබලා දරුවන්
වෙනවා. ඔබ සෑම කෙනෙක්ම දෙවියන් සිහි කරනා භක්තිවන්තයිනුයි. මනමාලියන් මනමාලයාව
සිහිපත් කරනවා. මනමාලයා සෑම කෙනෙකුගේම ආදරවන්තයායි. ඔහු මෙහි අසුන් ගෙන දරුවන් වන
ඔබලාට පැහැදිලි කරනවා : අවදි වන්න. දැන් නව යුගය ඇරඹෙන්නයි යන්නේ. නව යුගය යනු
ස්වර්ණමය යුගයේ නව ලෝකයයි. කලි යුගය පැරණි ලෝකයයි. පියා දැන් ඔබලාව දිව්‍යලෝකයේ
නේවාසිකයන් බවට පත් කරවීමට පැමිණ සිටිනවා. කිසිම මිනිසෙකුට: මම ඔබව දිව්‍යලෝකයේ
නේවාසිකයෙක් බවට පත් කරවනවා කියා කියන්න බැහැ. දිව්‍යලෝකය හෝ අපාය ගැන සන්යාසීන්
කිසිම දෙයක් දන්නේ නැහැ. අනිකුත් ආගම් තිබෙන්නාක් සේ සන්යාසීන්ටත් ඔවුන්ගේම ආගම්
තිබෙනවා. ඒක ආදි සනාතන දෙවි දේවතා ධර්මය නොවෙයි. ආදි සානාතන දෙවි දේවතා ධර්මය
ස්ථාපනය කරන්නේ බාබා පැමිණි විට පමණයි. අපායේ වැසියන් පසුව දිව්‍යලෝකයේ, ස්වර්ණමය
යුගයේ වැසියන් බවට පත් වෙනවා. ඔබලා දැන් තව දුරටත් අපායේ වැසියන් නොවෙයි; ඔබ
සිටින්නේ සංගමයේයි. මෙම සංගමය ඇත්තේ දෙකට අතර මැදයි. මෙන්න මේ නිසා තමයි මෙම සංගම
යුගය ප්‍රශංසාවට ලක්ව තිබෙන්නේ. ඇත්තටම කියනවා නම් මෙම කුම්භ මේලාව තමයි උසස්ම මුණ
ගැසීම. මෙය හඳුන්වන්නේ ඉතාමත් උසස් මේලාවක් ලෙසයි. ඔබ සෑම කෙනෙක්ම එකම එක පියාගේ
දරුවන් බව ඔබට තේරෙනවා. මිනිස්සු සහෝදරත්වය ගැන කතා කරනවා. සෑම ජීවයක්ම සහෝදරයින්.
හින්දුවරුන් හා චීන ජාතිකයින් සහෝදරයින් කියා මිනිස්සු කියනවා. සෑම ආගමකටම අනුව සෑම
කෙනෙක්ම සහෝදරයින්. මේ කාලයේදී ඔබට මෙම දැනුම ලැබෙනවා. පියා පැහැදිලි කරනවා : ඔබලා
පියා වන මගේ දරුවනුයි. ඔබ දැන් ඇහුම් කන් දීගෙන ඉන්නේ පියාටමයි. මිනිස්සු හුදෙක්
කිව යුතු නිසා කියනවා : සෑම ජීවාත්මයකම පියා ඒකායන කෙනායි. සෑම කෙනෙක්ම සිහිපත්
කරන්නේ ඒකායන ඔහුවයි. ගැහැණු පිරිමි දෙපක්ෂයම තුළ ජීවාත්මයක් තිබෙනවා. ජීවාත්ම
වශයෙන් ඔබලා සහෝදරයින්. පසුව ඔබ පිරිමි හෝ ගැහැණු වෙනවා. එමගින් ඔබලා සහෝදරයින් හෝ
සහෝදරියන් වෙනවා. ඉතින් පියා පැමිණ දරුවන් වන ඔබට පැහැදිලි කර දෙනවා. ජීවාත්මයනුත්
උත්තරීතර ජීවාත්මයත් බොහෝ කාලයක් තිස්සේ වෙන්ව සිටි බව සඳහන් වී තිබෙනවා. ගංගාවක්
බොහෝ කාලයක් තිස්සේ සාගරයෙන් වෙන්ව සිටියා කියා කියන්නේ නැහැ; ලොකු ගංගාවන් සෑම
විටම සාගරය හා සම්බන්ධයි. ගංගාවක් මහ මුහුදේ දරුවෙක් කියා ඔබලා දන්නවා. මහ සාගරයෙන්
ජලය වාලාකුළු මතට ගොස්, කදු මුදුන් වලට වැසි වස්සනවා. ඒ වතුර පසුව ගංගාවක් වෙනවා.
ඉතින් සෑම ගංගාවක්ම මහ සයුරේ දරුවන් (දූ පුතුන් වෙනවා) වතුර එන්නේ කොහේ ඉදන්ද
කියලාවත් දරුවන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේකත් ඔබට උගන්වනවා. දැනුමේ සාගරය වන්නේ
එකම එක පියා බව දන්නේ දරුවන් වන ඔබලා පමණයි. ඔබ සෑම කෙනෙක්ම ජීවාත්මයන් බවත් ඔබට
පැහැදිලි කර කියා දී තිබෙනවා. සිටින්නේ එකම එක පියෙකුයි. ජීවාත්ම අශාරීරිකයි. භෞතික
ලෝකයට ඇතුළු වුණු විට ඔවුන් නැවත උපත් ගන්නවා. පියාටත් ඔබව හමු විය හැක්කේ ඔහු
භෞතික ලෝකයට පැමිණි විට පමණයි. ඔබට පියාව මුණ ගැසෙන්නේ මෙම එකම එක යුගයේ දී පමණයි.
ඔහු දෙවියන් බව මිනිස්සු සොයා ගනීවි. ගීතාවට ක්‍රිෂ්ණාගේ නම ඇතුලත් කර තිබෙනවා.
නමුත් ක්‍රිෂ්ණාට මෙහි පැමිණෙන්න බැහැ. ඔහුව අපහාසයට ලක් කරන්නේ කොහොමද? මේ කාලයේදී
ක්‍රිෂ්ණා ජීවය මෙහි සිටිනා බව ඔබ දන්නවා. පළමුවෙන්ම, ඔබට ජීවාත්මය පිළිබඳ දැනුම
ලැබුණා; තමන් ඇත්තෙන්ම ජීවාත්මයක්, නමුත් ශරීරයක්ය කිය කියා ඔබලා මෙපමණ කාලයක්
තිස්සේ යමින් එමින් සිටියා. පියා දැන් පැමිණ සිටින්නේ ඔබලාව ජීවාත්ම අවධානයට පත්
කරවීමටයි. සන්යාසීන් හා පූජකවරුන් ආදී කිසිම කෙනෙක්ට ඔබලාව ජීවාත්ම අවධානයට පත්
කරවීමට බැහැ. ඔබලා දරුවන් ඒ වගේම ඔබට අසීමිත පියාගෙන් උරුමයක් හිමි වෙනවා. තමන්
උත්තරීතර දනව්වේ වැසියන්ය යන්න ඔබ සිහියෙන් අවබෝධ කර ගෙන ඉන්නවා. ඔබ මෙහි පැමිණ
සිටින්නේ ඔබගේ චරිතය රඟපෑමටයි. මෙම නාටකය දැන් අවසන් වීමටයි යන්නේ. මෙම නාටකය
කවුරුවත් විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. මෙම නාටකය කල්තබාම තීරණය වූවක්. මෙම
නාටකය ආරම්භ වුණේ කවදාද කියා මිනිස්සු ඔබෙන් ඇසූ විට: මෙය සදාකාලිකයි: එහි ආරම්භයක්
අවසානයක් නැහැයි කියා කියන්න. අළුත් දේ පරණ වෙනවා. පරණ දේ අළුත් වෙනවා. දරුවන් වන
ඔබලා මෙය ඉතාමත් හොදින් තමන්ට ධාරණය කරගෙන තිබෙනවා. නව ලෝකය නිර්මාණය වුණේ කවදාද එය
පැරණි වුණේ කවදාද කියා ඔබලා දන්නවා. ඔබගෙන් ඇතැම් අය තුළ මෙය ඉතාමත් හොදින් ධාරණය
වී තිබෙනවා. නාටකය දැන් අවසන් වෙමින් තිබෙනා බවත් එය නැවතත් වතාවක් සිදු වන බවත්
ඔබලාට දැන් තේරෙනවා. ඔබගේ උපත් 84 කතාව දැන් අනිවාර්යෙන්ම අවසන්. පියා දැන් පැමිණ
සිටින්නේ අපව නැවතත් ඔහු සමග ආපසු ගෙන යාමටයි. පියා මග පෙන්වන්නා වන අතර ඔබ සෑම
කෙනෙක්මත් මග පෙන්වන්නන්ය. මග පෙන්වන්නන් වන්දනා කරුවන්ට මග පෙන්වනවා. ඒ මග
පෙන්වන්නන් භෞතිකයි. නමුත් ඔබ මග පෙන්වන්නන් අධ්‍යාත්මිකයි. මෙන්න මේ නිසා තමයි
ඔබලා පාණ්ඩව ආණ්ඩුව කියා හඳුන්වන්නේ. කොහොමනමුත්, ඔබලා අදෘශ්‍යමානයි. පාණ්ඩවයින්,
කවුරවයින් හා යාදවයින් කළේ කුමක්ද? මෙම ප්‍රශ්නය අදාල වන්නේ මහා භාරත යුද්ධය සිදුවන
වත්මන් කාලයටයි. දැන් ආගම් ගනණනාවක් තිබෙනවා. ලෝකය තමෝප්‍රධාන් වෙලා. විවිධාකාර වූ
ආගම්වල ආගම් ගස දැන් සම්පූර්ණයෙන්ම පරණ වෙලා. මෙම ගසෙහි පළමු පදනම ආදි සනාතන දෙවි
දේවතා ධර්මය බව ඔබ දන්නවා. සත් යුගයේ සිටින්නේ මිනිසුන් ඉතාමත් ටික දෙනයි. ජනගහනය
වර්ධනය වෙන්නේ පසුවයි. මෙය කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබලා අතරිනුත් මෙය පිළිවෙලක්
ගන්නවා. ඔබගෙන් ඇතැම් ශිෂ්‍යන් ඥානවන්තයි; ඔබ මෙය ඉතාමත් හොදින් අවබෝධකරගෙන අන්
අයටත් එය අවබෝධ කරගැනීමට උනන්දු කරවනවා. ඇතැම් අය ඉන්නේ මධ්‍යස්ථ තැනක. තවත්
පිරිසක් තෙවන තැනක සේම තවත් පිරිසක් හතර වෙනි තැන. ප්‍රදර්ශන පවත්වන විටෙකදී ඉතාමත්
හොදින් පැහැදිලි කරන්නන් අවශ්‍ය වෙනවා. පළමුවෙන්ම, තමන්ට පියවරුන් දෙදෙනෙක් සිටිනවා
කියා කියන්න. එක්කෙනෙක් මෙම අසීමිත පාරලෞකික පියා අනිත් කෙනා සීමිත භෞතික පියා.
භාරතයේ මිනිසුන් තම අසීමිත උරුමය දිනා ගත්තා. භාරතය දිව්‍යලොකයක් වගේ තිබී පසුව
අපාය බවට පත් වුනා. මෙම ලෝකය හැඳින්වෙන්නේ යක්ෂ රාජ්‍යයක් ලෙසයි. ආරම්භයේදී භක්තිය
ඉතාමත් පිරිසිදුයි. ඒ කාලයේදී මිනිස්සු සිහිපත් කරන්නේ ශිව බාබාව පමණයි. පියා
කියනවා : දරුවනි, ඔබට ඉතාමත් උසස් මිනිසුන් වීමට අවශ්‍ය නම් තමාව පහතට ඇද දමනා
ආකාරයේ දේවලට ඇහුම් කන් නොදෙන්න. එකම එක පියාට පමණක් ඇහුම් කන් දෙන්න. පිරිසිදු
දැනුමට ඇහුම් කන් දෙන්න. අනිත් අයගෙන් අහන්න ලැබෙනා සෑම දේම මිත්‍යාවයි. පරමාත්ම
පියා දැන් ඔබට සත්‍යම පවසන අතර ඔබව ඉතාමත් හොඳම හොඳ මිනිසුන් බවට පත් කරවනවා. ඔබලා
පහතට ඇද වැටුනේ නරක දේ වලට ඇහුම් කන් දීමෙන්. ආලෝකය බ්‍රහ්මාගේ දහවල වන අතර
අන්ධකාරය බ්‍රහ්මාගේ රාත්‍රිය වෙනවා. මේ සියලුම කරුණු ඔබ විසින් හොදින් ධාරණය කරගත
යුතුයි. කොහොමනමුත්, සෑම කාරණයක් සම්බන්ධයෙන්ම දරුවන් වන ඔබලා විවිධාකාර වූ මට්ටම්
ගන්නවා. ඇතැම් ශල්‍ය වෛද්‍ය වරුන් එක ශල්‍ය කර්මයකට පවා රු.10,000 ක් 20,000 ක් අය
කරනවා නමුත් තවත් පිරිසකට හරියට කන්නවත් නැහැ. නීතිඥවරුනුත් එහෙමයි. හොදින් ඉගෙන
ගෙන අන් අයටත් ඉගැන්වූ තරමට, ඔබ ලබාගන්නා තත්ත්වය තව තවත් ඉහළ වනු ඇත. එහි වෙනසක්
තිබෙනවා. සේවක සේවිකාවනුත් විවිධාකාර මට්ටම් ගන්නවා. සියල්ල රඳා පවතින්නේ ඔබගේ
ඉගෙනීම මතයි. තමාගෙන්ම අසන්න: මා කෙතරම් දුරට ඉගෙන ගන්නවාද? මගේ අනාගත උපත් වලදී මම
කොයි වගේ තත්ත්වයකට පත්වේවිද? උපත් ගණනාවකට ඔබ කොයිවගේ තත්ත්වයකට පත්වනවාද යන්නෙන්
අදහස් වන්නේ සෑම කල්පයකදීම ඔබ එම තත්ත්වයටම පත්වෙන බවයි. එමනිසා, මෙම ඉගෙනීම කෙරෙහි
ඔබ සම්පූර්ණ අවධානය යෙදවිය යුතුයි. විෂ පානය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන්න.
දෙවියන් අපිරිසිදු ඇඳුම් සෝදනවා කියා සත් යුගයේදී කියන්නේ නැහැ. මේ කාලයේදී, සෑම
කෙනෙකුගේ ම ඇඳුම පරණ වෙලා; ඒවා තමෝප්‍රධාන්. මෙයත් හොදින් අවබෝධකරගත යුතු කාරණයක්.
කාගේ ඇඳුම ද පරණම වෙලා තිබෙන්නේ? අපේ; අපි දිගින් දිගටම අපේ ශරීර මාරුකරමින්
පැමිණියා. ජීවාත්ම එන්න එන්නම අපිරිසිදු වෙනවා වගේ ශරීරත් අපිරිසිදු හා පැරණි
වෙනවා. එමනිසා, මෙම ශරීරය වෙනුවට වෙනත් ශරීරයක් ලද යුතුයි. ජීවාත්මයක් වෙනුවට වෙනත්
ජීවාත්මයක් ගන්න බැහැ. ශරීරය පරණ වෙලා. පසුව මරණයට පත්වෙනවා. මේකත් නාටකයේම තීරණය
වී ඇත්තක්. සෑම කෙනෙකුටම චරිතයක් තිබෙනවා. ජීවාත්ම අවිනාශියි. ජීවාත්මයන්ම කියනවා :
මම මෙම ශරීරය අතහැර දමනවා. ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුතුයි. මිනිස්සු සිටින්නේ
ශාරීරික අවධානයේයි. කල්ප බාගයක් පුරා ජීවාත්ම අවධානයේ සිට ඉතිරි බාගයේදී ශාරීරික
අවධානයෙනුයි. ස්වර්ණමය යුගයේ දේවතාවරුන් ජීවාත්ම අවධානයෙන් සිටිනා නිසා , ඔවුනට -
බැඳීම් ජයගත්තන් - කියන නම වැටී තිබෙනවා. තමන් ජීවාත්ම බවත් මෙම ශරීරය අතහැර තමන්
තවත් ශරීරයක් ලැබිය යුතු බවත් ඔවුන්ට තේරෙනවා. බැදීම් ජයගත් රජකෙනෙක් ගැන කථාවක්
තිබෙනවා. දේවතාවරුන් බැදීම් ජයගත්තන් කියා පියා පැහැදිලි කර දෙනවා. තම ශරීරය අතහැර
දමා ඊළඟ ශරීරය ඔබ සතුටින් ලබාගත යුතුයි. දරුවන් මෙම සම්පූර්ණ දැනුම පියාගෙන් ලබනවා.
චක්‍රය පුරාම ගිහින් ඇවිත්, දැන් ඔබ බාබා සොයාගෙන . අනෙකුත් ආගම් වලට මාරු වුනු
අයත් පැමිණ බාබාව මුණ ගැසේවි. ඔවුනුත් පැමිණ තම කුඩා උරුමය දිනා ගනීවි. ඔවුන් තම
ආගම සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන. එම ආගම තුළ ඔවුන් කොපමන කාලයක් සිටියා ද කියා කවුද
දන්නේ? ඒ තුළ උපත් දෙක තුනක් ගන්න ඇති. කෙනෙක් හින්දු ආගමෙන් මුස්ලිම් ආගමට වෙනස්
වුනා නම්, ඒ ආගමේම නැවත නැවතත් උපත් ලබාගනිමින් පසුව ඔහු මෙහි පැමිණේවි. විස්තර තව
තිබෙනවා: පියා කියනවා: මේ සියල්ල මෙහෙම මතක තබාගැනීමට ඔබට අමාරු නම්, අවම වශයෙන්
තමන් පියාගේ දරුවෙක් බව සළකන්න. හොඳ දරුවන් පවා බාබාව අමතක කරනවා. ඔවුන් පියාව
සිහිපත් කරන්නේ නැහැ. මායා ඔවුනට පියාව අමතක කරවනවා. මීට පෙර ඔබලා සිටියේ මායාගේ
දාසයින් වශයෙනුයි. දැන් ඔබ අයිති බාබාටයි. එය නාටකයේ කොටසක්. තමන් ජීවාත්මයක්
වශයෙන් සළකා ඔබ පියාව සිහිපත් කළ යුතුයි. ජීවාත්ම වන ඔබලා පළමුවෙන්ම ශරීර වලට ඇතුළු
වුනු විට, ඒ කාලයේ දී ඔබලා පාරිශුද්ධයි. පසුව, නැවත උපත් ගනිමින් ඔබලා අපිරිසිදු
වෙලා. පියා කියනවා : දැන් බැඳීම් ජයගත්තෙක් බවට පත්වන්න. තම ශරීරය කෙරෙහි කිසිම
බන්ධනයක් තබාගන්න එපා. මෙම පැරණි ලෝකය තුළ දරුවන් වන ඔබලා අසීමිත නිරාශාවක් තබා ගත
යුතුයි. මන්ද, මෙම ලෝකයේ සිටිනා සෑම කෙනෙක්ම එකිනෙකාට දෙන්නේ දුකම පමණයි. එමනිසා,
පැරණි ලෝකය අමතක කර දමන්න. අප ආවේත් අශාරීරිකව යන්නේත් අශාරීරිකව. මෙම ලෝකය දැන්
විනාශ වීමටයි යන්නේ තමෝප්‍රධාන් තත්ත්වයෙන් ඔබලාව සතෝප්‍රධාන් කරවීමට පියා කියනවා :
මා පමණක් සිහිපත් කරන්න. ක්‍රිෂ්ණා කවදාවත් මා පමණක් සිහිපත් කරන්න කියා කියනා එකක්
නැහැ. ක්‍රිෂ්ණා සිටින්නේ ස්වර්ණමය යුගයේදීයි. පියාම පමණක් කියනා දෙයක් තමයි: ඔබ මට
පාරිශුද්ධ කරුවාණන් කියා කතා කළා. එමනිසා, දැන් මා සිහිපත් කරන්න. පාරිශුද්ධත්වයට
පත්වීමේ මග මා ඔබට පෙන්නුවා. සෑම කල්පයකදීම මා ඔබට මෙම මග පෙන්නුවා. ලෝකය පැරණි වන
විට පරමාත්ම දෙවියන් පැමිණිය යුතුයි. නාටකගේ කාල පරාසය හරිම විශාලයි. එම නිසා
මිනිස්සු සම්පූර්ණයෙන්ම මෙම ලෝකය අමතක කර දමලා. දැන් මේ සංගම යුගය බව ඔබ දන්නවා.
ඉතාමත් උසස්ම උසස් මිනිසුන් කොටසක් බවට පත්වීමට තිබෙනා යුගය මෙයයි. මිනිස්සු
සිටින්නේ දැඩි අන්ධකාරයක. මේ කාලයේ සිටිනා සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්. ඔබලා දැන්
තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වෙනවා. ඉතාමත් ඉහළම ඉහළ භක්තියක් කර ඇත්තේ
ඔබලායි. භක්ති මාර්ගය දැන් අවසන් වෙමින් යනවා. භක්තිය සිදුවන්නේ මරණීය දේශයේදියි.
ඉන් අනතුරුව අමරණීය දේශය පැමිණෙනවා. දැන් ඔබලා දැනුම ලබනවා. පසුව, භක්තියේ කිසිඳු
සඳහනක්වත් ඉතිරිවන එකක් නැහැ. අහෝ දෙවියනි, අහෝ රාමා යන සෑම වදනක්ම භක්තියේ වචනයි.
මෙහිදී ඔබ කිසිම ශබ්දයක් නොකළ යුතුයි. පියා දැනුමේ සාගරයයි: ඔහු කිසිම ශබ්දයක්
කරන්නේ නැහැ. ඔහු හඳුන්වන්නේ සතුටේ හා සාමයේ සාගරය ලෙසයි. එමනිසා, කථා කිරීමට ඔහුට
ශරීරයක් අවශ්‍යයි. දෙවියන් ගේ භාෂාව කුමක්ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. බාබා සෑම
භාෂාවකින්ම කතා කරනවා කියා නැහැ. නැහැ ඔහුගේ භාෂාව හින්දි භාෂාවයි. බාබා පැහැදිලි
කර දෙන්නේ එකම එක භාෂාවකින්. ඔබ එය අන් භාෂාවලටත් පරිවර්තනය කර අනිත් අයටත්
පැහැදිලි කර කියා දිය යුතුයි. තමාට මුණ ගැසෙනා සියලුම විදේශිකයින්ටත් පියාගේ දැනුම
ලබාදෙන්න. ඔහු දැන් ආදි සනාථන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරනවා. ත්‍රිමූර්තිය ගැනත්
පැහැදිලි කරන්න. ප්‍රජාපිතා බ්‍රහ්මාට බ්‍රහ්ම කුමාරින් හා කුමාරයින් ගණනාවක්
සිටිනවා. එන ඕනෑම කෙනෙකුගෙන් පළමුවෙන්ම අහන්න: ඔබ පැමිණ සිටින්නේ කා ළඟටද? එළියේ
බෝඩ් එකක් දමා තිබෙනවා. ප්‍රජාපිතා හරහා තමයි නිර්මාණය සිදුවන්නේ. ඔහුට දෙවියන්
කියා කියන්න බැහැ. දෙවියන් කියා කියන්නේ අශාරීරික කෙනාට පමණයි. බ්‍රහ්මාගේ දරුවන්
බ්‍රහ්ම කුමාරින් හා කුමාරයනුයි. ඇයි ඔබ මෙහි පැමිණ සිටින්නේ? ඇයි ඔබට පියාව
මුණගැසීමට අවශ්‍ය? පියාට අවශ්‍ය දරුවන් පමණයි. අපි පියාව ඉතාමත් හොඳින් දන්නවා.
පුතු පියාව පෙන්වයි කියන කාරණාව මෙහිදී මතක් වෙනවා. අපි ඔහුගේ දරුවනුයි. අච්චා.
සුමිහිරි , ආදරණීය,
බොහෝ කලක් නැතිවී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. අධ්‍යාත්මික පියාගෙන් අධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඉතාමත්
උසස් මිනිසුන් බවට පත්වීමට නම්, තමාව පහතට ඇද දමනා නරක දේ වලට ඔබ ඇහුම් කන් නොදිය
යුතුයි. එකම එක පියාගෙන් ලැබෙනා පිරිසිදුම වූ දැනුමට පමණක් ඇහුම් කන් දෙන්න.
2. බැඳීම් වලින්
නිදහස් වීම සඳහා ජීවාත්ම අවධානයට පත්වීමට සම්පූර්ණ උත්සාහය දරන්න. මෙම පැරණි
ලෝකයෙන් ලැබෙන්නේ දුකම පමණයි යන්න ඔබගේ සිහියට මතක් වියයුතුයි. එමනිසා, එය අමතක කර
අසීමිත නිරාශාවක් තබාගන්න.
වරදානය:
සංගම් යුගයේ
ඔබගේ සියලු ලැබීම් පිළිබඳව දැනුවත්ව සිටීමෙන් ඔබට උසස් ලාභයක් ලැබී ආරෝහණ අවධිය
අත්විඳිය හැකි වේවා.
පරමාත්ම දෙවියන්
හමුවීමේ සහ පරමාත්ම දෙවියන්ගේ ඥානය ලබා ගැනීමේ විශේෂත්වය වන්නේ අවිනාශී ලැබීම් ලබා
ගැනීමයි. සංගම් යුගය උත්සාහයෙන් පිරුණු ජීවිතයක් පමණක් බවත් ස්වර්ණමය යුගය එහි ඵලයේ
ජීවිතයක් බවත් නොවේ. සංගම් යුගයේ විශේෂත්වය නම් ඔබ එක් පියවරක් තබා එහි ඵලයේ පියවර
දහසක් උපකාර ලබා ගැනීමයි. ඉතින්, එය උත්සාහය පමණක් නොව උසස් ඵලයකි. මෙය නිරන්තරයෙන්
ඔබ ඉදිරියේ තබා ගන්න. ඵලය දැකීමෙන්, ඔබට පහසුවෙන් ආරෝහණ අවධිය අත්විඳිය හැකිය. "මට
ලබා ගැනීමට අවශ්‍ය දේ මම ලබා ගත්තා" යන ගීතය ගායනා කරන්න, එවිට ඔබ හුස්ම හිරවීමෙන්
හෝ හිස වැනුමෙන් ආරක්ෂා වනු ඇත.
පාඨය:
බ්‍රහමින්වරුන්ගේ හුස්ම ධෛර්යයයි, එමඟින් ඉතාමත් අපහසු කාර්යයන් පවා පහසු වේ.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ඔබ බ්‍රහ්ම පියාව
දුටුවා: ඔහු සෑම විටම පරම පියා සමග ඒකාබද්ධ වී සිටීම අත්වින්ද අතර තවද එම අත්දැකීම
ලබා දුන්නා. කිසිවෙකුට මෙම ඒකාබද්ධ ස්වරූපය වෙන් කළ නොහැක. එවන් වටිනා දරුවන් පරම
පියා සමග ඒකාබද්ධ වී සිටීම නිරන්තරයෙන් අත්විදියි. කිසිම බලයකට ඔවුන්ව වෙන් කළ
නොහැක.