08.05.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ දැන් ශුද්‍ර වංශයෙන් ඉවත් වී බ්‍රාහ්මණ වංශයට පැමිණ සිටියි. පරමාත්ම පියා ඔබව භාර ගෙන ඇත්තේ බ්‍රහ්මාගේ මුඛයෙනි. එමනිසා, මෙම සතුට රඳවා ගන්න.

ප්‍රශ්නය:
බ්‍රාහ්මන වංශයේ ඔය දරුවන්ට පමණක් තේරුම් ගත හැකි ගැඹුරු රහස කුමක්ද?

පිළිතුර:
අශාරීරික ශිව බාබා ඔබගේ පරමාත්ම පියා වන අතර මේ බ්‍රහ්මා ඔබගේ මවයි. අශාරීරික දෙවි පියාණන් තම මවත් පියාත් සහෝදරයාත් යහළුවාත් වන්නේ කෙසේද යන මෙම ගැඹුරු නොපෙනෙන රහස තේරුම් ගත හැක්කේ බ්‍රාහ්මණ කුලයේ ඔය දරුවන්ට පමණයි. මෙහිදීත්, දේවතා කුළයේ උසස් තත්වය දිනා ගැනීමට සිටිනා අය මෙම රහස නිවැරදිවම තේරුම් ගනීවි.

ඕම් ශාන්ති.
මෙහි අසුන් ගෙන සිටිනා දරුවන් තම බාප්දාදා පැමිණ සිටිනා බව තේරුම් ගන්නවා. පරමාත්ම පියා දාදා සමඟ එකතු වන නිසා තමයි බාප්දාදා පැමිණ සිටිනවා කියා කියන්නේ. ඔහු ගුරුවරයාත් වෙනවා. පරමාත්ම පියාට (බාප්) දාදා නොමැතිව කිසිවක් කියන්න බැහැ. ඔබගේ බුද්ධිය මෙම කරුණු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි. මන්ද මෙය අලුත් කාරණාවක්. අඥාන මාර්ගයේ දී සිහිකරන්නේ එක් අයෙක්ව පමණයි: තමන්ගේ ගුරු අහවල් අහවල් තැන සිටිනවා කියා කියාවි. ඔහුගේ ශරීරයේ නම ඔවුන් දන්නවා. ඔවුන් කියනවා: අපේ පියා, අපේ මව මෙන්න මේ තැන සිටිනවා. නම් හා රූප තිබෙනවා. මිනිස්සු මේ ගැන කෙටියෙන් සඳහන් කර තිබුණත් ඒ ලියා ඇති සෑම දෙයක්ම වැරදියි. ඔබ තමයි මව පියා කියා සිහි කළත් එසේ ගායනා වන්නේ එක් අයෙක් සම්බන්ධයෙන් පමණයි. බ්‍රහ්මා ගැනවත් එසේ කියන්නැහැ. ඔහුගේ නමවත් රූපයවත් ඔවුන්ගේ සිහියට ඇතුලු වන්නේ නැහැ. විෂ්ණු හෝ ශංකර්ටවත් නැහැ. ඔබයි මව ඔබයි පියා අපි ඔබගගේ දරුවනුයි කියා මිනිස්සු ගී ගයනවා. එසේ තිබියදීත් ඔවුන්ගේ සිහිය ඉහළට යනවා. ඒ වෙලාවට ඔවුන් ක්‍රිෂ්ණාව සිහි කරන්නේ නැහැ. එවන් අවස්ථාවකදීත් ඔවුන් සිහි කරන්නේ අශාරීරික කෙනාවමයි. ඔහුගේ ගුණ වර්ණනාව තිබෙනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියනවා: ඔබ මෙහි අසුන් ගත් විට, ලෞකික ඥාතීන්ගෙන් ඔබගේ සිහිය ඉවතට ගෙන මෙම ලෝකයෙන් එහා සිටිනා පරමාත්ම පියාව සිහිකරන්න. ඔහු මේ වෙලාවට ඔබ ඉදිරියේමයි සිටින්නේ. භක්ති මාර්ගයේ දී මිනිස්සු ඔහුට කන්නලව් කරනා විට ඇස් ඉහළට යොමු කරගෙන තමයි: ඔබයි මව ඔබයි පියා කියා කන්නලව් කරන්නේ. ඔහුව සිහිකර අහෝ දෙවියනේ කියා කියනවා, දෙවියනේ කියා කියනා විට ඔවුන් ශිව ප්‍රතිමාවවත් සිහි කරන්නේ නැහැ. ගිරවුන් සේ ගැයීම පමණයි කරන්නේ. ලක්ෂ්මි හා නාරායන සම්බන්ධයෙන් වත් මෙසේ කිව නොහැකියි. ඔවුන් අධිරාජිණීයක් හා අධිරාජවරයෙක්ව සිටියා. ඔවුන්ගේ දරුවන් පමණයි ඔවුන්ට මව පියා කියා අමතන්නේ. ඔවුන්ගේ දරුවන් ඔවුන්ට සහෝදරයා කියා අමතන එකක් නැහැ. බැතිමතුන් පාරිශුද්ධකරුව සිහි කරනවා, නමුත් ඔහු ශිව ප්‍රතිමාවක්ය යන ඔවුන්ගේ බුද්ධියට ඇතුලු වන්නේ නැහැ. අහෝ දෙවියනේ කියා කන්නලව් කරනවා. එසේ කීවේ කවුද? කාට ද? ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ජීවාත්ම වන තමන් පරමාත්ම දෙවියන්ට කන්නලව් කරනවායි යන දැනුම ඔවුන්ට තිබුණා නම් පරමාත්ම දෙවියන් අශාරීරික බව ඔවුන් අවබෝධ කරගනීවි. ඔහුගේ හැඩය ඕවලාකාරයි. කිසිම කෙනෙක් පරමාත්ම පියාව හරිහැටියටම දන්නේ නැහැ. මට ඔහුගෙන් තමන්ට ලැබෙන්නේ මොනවාද, කවදාද ලැබෙන්නේ කියා ඔවුන් දන්නේ නැහැ. ඔබවත් ඒ ගැන දැනගෙන සිටියේ නැහැ. ඔබ දැන් පරමාත්ම පියාට අයිතියි. ශිව බබා ඔබව බ්‍රහ්මා මගින් තම දරුවන් බවට පත් කරගෙන සිටිනා බව ඔබ දන්නවා. මේ මඟ බ්‍රහ්මායි. ශිව බාබා ඔබව ගෙන තිබෙන්නේ බ්‍රහ්මා මඟිනුයි. තමන් ශිව බාබාගේ දරුවන් බව මේ කාලයේ දී ඔබ ඉතාමත් පැහැදිලිව තේරුම් ගෙන සිටිනවා. පසුව භෞතික ස්වරූපයෙන් ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වෙනවා. මානව ලෝකය නිර්මාණය වී ඇත්තේ ප්‍රජාපිතා බ්‍රහ්මා මඟිනුයි. නව ලෝකයක් නිර්මාණය වෙනවා කියා දෙයක් සිදුවන්නේ නැහැ. ඔහු මේ කාලයේ දී පැමිණ ඔබව භාර ගන්නවා. ඔබ ඔහුට මව පියා කියා කියනවා. එම නිසා, ශිවා පියා වන අතර බ්‍රහ්මා මව වෙනවා. ඔවුන්ව මව පියා කියා අමතනවා. පරමාත්ම පියා බ්‍රහ්මා මඟින් ඔබට කියනවා: ඔය ජීවාත්මයන් මගේ දරුවන්ය. ඔහු මෙහි සිට ජීවාත්මයක් යනු කවුදැයි යන හැඳින්වීම දෙනවා. ජීවාත්මයක් තාරුකාවක් සේ නළල මධ්‍යයේ වාසය කරනා බව ඔවුන් කියනවා. ඔවුන් වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. ජීවාත්මයන් උපත් 84ක් ගන්නා බවවත් ශරීරයක් මඟින් තම චරිත කොටස රඟ දක්වන බවවත් ඔවුන්ට කියන්න බැහැ. ජීවාත්මයක් තම ශරීරය අතහැර දමා තම නම, රූපය, දේශය හා කාලය වෙනස් කළවිට ඔහුගේ මුලු පවුලමත් වෙනස් වෙනවා. කෙනෙක් හදා ගැනීමට ගත් විටත් ඔහුගේ මුලු පවුලම වෙනස් වෙනවා. උපතින් තමන්ට දෙමාපියන් වුණු අයව ඔහු හඳුනා ගත්තත් පසුව තමාව හදා ගැනීමට ගත් පවුලේ අයට ඔහු අයිති වෙනවා. ශුද්‍ර වංශයෙන් ඈත් වුණු ඔබ පසුව මෙහි පැමිණ බ්‍රහ්මණ වංශයට අයිති වෙනවා. ඔබව හදා ගැනීමට ගත්තේ බ්‍රහ්මාගේ ශරිරය මඟිනුයි. ඔබ පැමිණ සිටින්නේ බ්‍රාහ්මණ කුළයටයි. මේ දේවල් ග්‍රන්ථ වල සඳහන් කළ නොහැකියි: පැහැදිලි කිරීම පමණයි කළහැක්කේ. ලියු දෙයකින් පමණක් කිසිම කෙනෙක්ට කිසිම දෙයක් අවබෝධ කරගත නොහැකියි. තමන් පරමාත්ම පියාගේ, පරමාත්ම ජීවයේ දරුවන් බවට පත්ව සිටිනා බව ඔය දරුවනුත් දන්නේ දැනුයි. මොහු මවයි. බ්‍රහ්මාට පමණයි ප්‍රජාපිතා කියා කිවහැක්කේ. මම මොහු හරහා ඔය දරුවන්ව හාර ගන්නවා. එවන් ගැඹුරු කරුණු රැසක් තිබෙනවා. පුද්ගලිකවම පැහැදිලි කිරීමකින් තොරව ඒ කිසිම කෙනෙක්ට මේ දේවල් අවබෝධ කර ගත නොහැකියි. මෙම බ්‍රාහ්මණ කුලයට අයිති අය පමණයි මේ දේවල් තේරුම් ගන්නේ. දේවතා වංශයේදීත් උසස් තත්වයක් දිනාගන්නේ ඔවුනුයි. අලුත් අයගේ බුද්ධියට මේ දේවල් අතුලු වන්නේත් නැහැ. මේ දේවල් ඔවුන්ගේ බුද්ධියට ඇතුලුවන්නේත් නැහැ. තවත් කෙනෙකුට පැහැදිලි කළ හැකි වන්නේත් නැහැ. ඔබ අතරිනුත් මේවා බුද්ධියට යන්නේ ඔබ එකිනෙකා දරණා උත්සාහයේ තරමට පමණි. ඔබ තමයි මව පියා කියා සඳහන් කර තිබෙනවා. ශිව බාබාව සිහි කරනවා. මව පියා ඔබයි කියා කියනවා. එකම එක පියෙක් මව හා පියා වන්නේ කෙසේද? වෙන කිසිම කෙනෙකුට මේ දේවල් තේරුම් කර දෙන්න බැහැ. ව්‍යාස් ග්‍රන්ථ වල ලියු දේවල් මිනිස්සු කටපාඩමි කර ගන්නවා. කෙනෙක් මේ දේවල් තමන්ට කියු බවත් තමන් ඒවා කටපාඩම් කර ගත් බවත් ඔවුන් කියනවා. අලුත් අයට මෙය තේරුම් ගැනීම අපහසුයි. මෙහි සිටිනා අය අතරිනුත් තමන් ජීවාත්මයන් බවත් තමන්ගේ පියා පරමාත්ම පියා, පරමාත්ම ජීවය බවත් හරිහැටි තේරුම් කර දීමට කිසිම කෙනෙකුට බැහැ. අසීමිත උරුමයක් ඔබට දෙන්නේ අසිමිත පරමාත්ම පියාම පමණයි. ඔහු ඔබට උරුමය දෙනවා. දැන් නැවත ඉපදීමෙන් අනතුරුව ඔබ උපත් 84ක් සම්පුර්ණ කර තිබෙනවා. එමනිසා, පරමාත්ම පියා නැවතත් වතාවක් ඔබට ඔබගේ උරුමය දිනා දෙනවා. මෙය අන් අයට පැහැදිලි කර දීම ඉතාමත් පහසුයි. ඔබ මව පියා කියා අමතන්නේ කාටද කියන එක ගැන මදක් සිතා බැලිය යුතුයි. ඔහු බ්‍රහ්මා මඟින් ඔබව භාර ගෙන සිටිනවා. එමනිසා, මවක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් නාටක සැලැස්මට අනුව ඉතාමත් සුවිශේෂී දියණියකට ලෝකමාතා, ජගදම්බා යන නාමය දී තිබෙනවා. පිරිමි කෙනෙකුට ලෝක මාතාවයි කියන්න බැහැ. ඔහුට ලෝක පියා, ජගත්පිතා කියා කියාවි. ප්‍රජාපිතා යන නම ඉතාමත් ප්‍රසිද්ධයි. හොඳයි, එසේ නම් ප්‍රජා මාතා සිටින්නේ කොහිද (ප්‍රජාවගේ මව)? මෙන්න මේ නිසා තමයි මවක් ගත්තේ. ආදි දේව් සිටිනවා. පසුව ආදී දේවි නම් කළා. එකම එක ජගදම්මා කෙනෙක් පමණයි සිටින්නේ. ඇයගේ නම කීර්තියට ලක්ව තිබෙනවා. ජගදම්බා වෙනුවෙන් නොයෙකුත්කණ්ඩායම් සිටිනවා. කෙසේවෙතත්, කිසිම කෙනෙක් ඇයගේ රැකියාව දන්නේ නැහැ. කාලී වෙනුවෙන් කල්කටා නුවර දේවාලයක් තිබෙනවා. බොම්බේ නුවර ජගදම්බා වෙනුවෙන් දේවාලයක් තිබෙනවා. ඔවුන්ගේ මුහුණු වෙනස්. ජගදම්බා කවුද? කිසිම කෙනෙක් මෙය දන්නේ නැහැ. ඇයව දෙවඟනක් කියා හඳුන්වනවා. ජගදම්බා දෙවඟනක් කියා හඳුන්වන්නේ නැහැ. ඇය බ්‍රහමිණ්වරියක්. ඇය ඥානයේ කුමරියයි. ඇය පරමාත්ම පියාගෙන් ඥානය ලැබුවා. ඔබ සෑම කෙනෙක්මජ ජගදම්බාගේ දරුවනුයි. ඔබ ඥානයට ඇහුම් කන් දී පසුව එය අන් අයටත් කියා දෙනවා. මෙය ඔබගේ ව්‍යාපාරයයි. ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියනුයි. මනුෂ්‍යයෙක් නොවෙයි. මේ බ්‍රහ්මාත් මනුෂ්‍යයෙක්. මිනිසෙකුට කිසිම කෙනෙක්ව පාරිශුද්ධ කරවන්න බැහැ. මිනිසුන්ගේ බුද්ධිය කෙතරම් දුරට දුබල වෙලා ද කියනවා නම් ඔවුන්ට කිසිම දෙයක් අවබෝධ කරගන්න බැහැ. පාරිශුද්ධකරු වන්නේ එකම එක පරමාත්ම පියායි. ඔහු පැමිණ සිටින්නේ අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවීමට පමණයි. මේ මුලු ලෝකයම තමෝ ප්‍රධාන්: සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. නව ලෝකය පාරිශුද්ධ වන අතර පැරණි ලෝකය අපිරිසිඳුයි. පැරණි ලෝකයේ අපායවාසීන් ටාසය කරනා අතර නව ලෝකයේ වාසය කරන්නේ දෙව්ලොව වාසීන්ය. බුද්ධියෙනුත් කියන්නේ ස්වර්ණමය යුගයේ දී භාරතීය දේවතාවරුන් පමණයි මෙලොව සිටියේ: එහි වෙන කිසිම කෙනෙක් නැහැ. ඔය දරුවන් දැන් මෙම ඥානය ලබා තිබෙනවා. නව ලෝකයේ සුර්ය වංශික දේවතාවරුන් සිටි අතර පසුව චන්ද්‍ර වංශය ඇති වුණා. එමනිසා, සූර්ය වංශය අතීතය වුණා. පසුව සූර්ය වංශයෙන් අනතුරුව ක්ෂත්‍රිය වංශය ඇරඹුණා. ලක්ෂ්මි නාරායන රාජ්‍යය අනිවාර්යයෙන්ම තිබුණා. හොඳයි ඔවුනට පෙර පැවතියේ කුමක්ද? කිසිම කෙනෙකුට මෙය තේරෙන්නේ නැහැ. පරමාත්ම පියා ඔය දරුවන්ට චක්‍රයේ රහස පහදා දෙනවා. තඹ යුගයේ සිටියේ ක්ෂත්‍රිය වංශයයි. කලි යුගයේ තිබෙන්නේ ශුද්‍ර වංශයයි. තමන් දැන් බ්‍රහමිණ්වරුන් වී සිටිනා බව ඔබලාට තේත්රනවා. පරමාත්ම පියා ඔබව තමන්ට අයිති කරවාගෙන ඔබලාව ශුද්‍ර ධර්මයෙන් දේවතා ධර්මයට මාරු කර යවා තිබෙනවා. සුර්ය හා චන්ද්‍ර වංශයට අයිති අය දැන් මේ කාලයේ නැහැ. ලක්ෂ්මි නාරායන රාජ්‍යය හෝ රාම රාජ්‍යයක් දැන් නැහැ. දැන් ඇත්තේ කලි යුගයේ අවසානයයි. කලි යුගය අවසානයේ දී අනිවාර්යෙන්ම ස්වර්ණමය යුගය ඇතිවෙනවා. මෙම කලි යුගයේ ඇත්තේ පැරණි අපිරිසිඳු ලෝකයයි. සෑම කෙනෙක්ම සිටින්නේ මහා විශාල දුකකිනි. මෙන්න මේ නිසා තමයි ඔවුන් දේවතාවරුන්ගේ ගුණ ගායනා කර ඔවුන්ට වන්දනාමාන කරන්නේ. හොඳයි. ලක්ෂ්මි නාරායනට ඔවුන්ගේ රාජ්‍යය දිනා දුන්නේ කවුද?මෙය අපට කිව හැකි කවූරු හෝ කෙනෙක් සිටිනවාද? මෙය කිසිම කෙනෙකුගේ සිතිවිලි වල නැහැ. මන්ද ඔවුන්ගේ සිහියේ තිබෙන්නේ කලි යුගය තවම සිටින්නේ තම ළදරු කාලයේ කියලයි. තව වසර 40,000ක් තිබෙනවා කියා ඔවුන් සිතනවා. එමනිසා, මෙවන් සිතිවිලි ඔවුනගේ සිහියට ඇතුලු වන්නේ නැහැ. ඔබලාට දැන් මෙවන් සිතිවිලි තිබෙනවා. ස්මරණීය සිහි කිරීමේ සිටීමට තමන්ට හැකියාව නැහැයි කියා ඇතැම් දරුවන් කියනවා. ඇයි නැත්තේ? මන්ද ඔවුන් උදේ පාන්දරින් අවදි වී සිහි කිරීමේ සිටිනා නමුත් ඥානය ධාරණය කිරීම කරගන්නේ නැහැ. එය අවබෝධ වුණත් තවත් කෙනෙකුට පැහැදිලි කර දීමේ හැකියාව ඔවුනට නැහැ. මෙය අනිවාර්යෙන්ම සිදුවේවි. සෑම කෙනෙක්ටම එකම තරමින් ඥානාන්විත වන්න බැහැ. ඥානාන්විත අයත් අඥානයිනුත් සිටිය යුතුයි. ඉතාමත් ඥානවන්ත අය ගිහින් රජවරුන් රැජිණීන් වේවි. කෙනෙක් හොඳින් මෙය තේරුම් ගෙන අන් අයට පැහැදිලි කර කියා දුන් තරමට ඔහුගේ නම කීර්තියට ලක් වේවි. ප්‍රදර්ශනයක් පවත්වන විට වූවත් ඔවුන් අහවල් අහවල් කෙනා එවන්නැයි කියා බාබාට ලියනවා. ඇයි ඔබට පැහැදිලි කර කියා දෙන්න බැරිද? බාබා ඒ කෙනාට මේවා හොඳට පුරුදුයි. අපි තවමත් ටිකක් දුර්වලයි. බාබාම කියනවා: ඔබට ආරාධනාවක් ලැබුණු සෑම විටෙකම බාබාට ඒ ගැන ලියන්න. එවිට බාබා කාවද එවන්න පුළුවන් කියා සොයා බලා කියාවි. එතැනට සන්නාසී පුජකවරුන්ට ආරාධනා කර තිබෙනවාද? එසේනම් ඉතාමත් හොඳ බ්‍රහ්ම කුමාරි කෙනෙක්ව යැවිය යුතුයි. හොඳයි. කුමාර්කා, මනෝහාර්, ගංඟා වැනි අයගෙන් කෙනෙක්ව යැවිය හැකියි. දරුවන් රැසක් සිටිනවා. ජගදීශ්ව යවන්න. රමේෂ්ව යවන්න. විනිශ්චයකාරවරුන් හා මැජෙස්ට්‍රේට්වරුන් සිටින්නාක් සේ සෑම කෙනෙක්ම එකිනෙකා පරයා දක්ෂ බව ඔබට පෙනෙනවා. ඒ සෑම කෙනෙක්ම හරිම දක්ෂයි. ආණ්ඩුවත් දන්නවා ඒ සෑම කෙනෙක්ම දක්ෂ බව. ඒනිසා තමයි නඩුවක් වුවත් එක් උසාවියකින් තවත් උසාවියකට, ඉහළ උසාවියකට යැවෙන්නේ. එසේ ගිහින් නඩුව ඉහළ අධිකරණයට පැමිණියායින් පසුවත් ඊටත් ඉහළ තැනටත් යවනවා. එතැතින් නිවැරදි විනිශ්චය ලැබුණේ නැතිනම්, තවත් ඉහළ උසාවියකට යනවා. මොහුට අනුකම්පා කරන්න. මෙහි එවන් දේ සිදු වෙනවා. ස්වර්ණමය හෝ රිදී යුගවලදී එසේ වන්නේ නැහැ. තඹ යුගයේ පටන් රජ රැජිණ අධිරාජ්‍යයක් තිබුණා. එහි සෑම දෙයක් දෙසම බලනා අධිරාජ්‍යවරයෙක් හා අධිරාජිණියක් සිටිනවා. තිබෙන්නේ සිදුවීම් කිහිපයක් පමණයි. දැන් සෑම කෙනෙක්ම අපිරිසිඳුයි. තමෝප්‍රධාන්. නඩුවක් අධිරාජ්‍යවරයෙකුට ගෙන ගියතහොත්, ඔහු යම් දඩුවමක් දේවි. කළ වරද ඉතාමත් බරපතල වරදක් නම් දැඩි දඩුවම් දේවි. මෙහි විනිශ්චයකාරවරුන් හා නීතීඥවරුන් රැසක් සිටිනවා. ක්‍රියාකාරකම් වල විශාල වෙනසක් තිබෙනවා. ස්වර්ණමය යුගයේ සිදුවන්නේ කුමක්දැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. පරමාත්ම පියා දැන් ඔබට පැහැදිලි කර කියා දෙනවා: ලක්ෂ්මි නාරායන ගැන දන්නවාද කියා අහන්න. උදාහරණයක් ලෙස කියනවා නම්, බිර්ලා ඔවුන් වෙනුවෙන් දේවාල ගණනාවක් සාදා තිබෙතවා. ඉතින් දක්ෂ දරුවෙකුට පුළුවන් ඔහුට ලිපියක් ලියන්න. ලක්ෂ්මි නාරායන වෙනුවෙන් දේවාල ගණනාවක් සාදා තිබෙනවා. කෙසේවෙතත්, ඔවුන් ඒ රාජ්‍යය ලැබුවේ කෙසේද. ඒ කාලය ස්වර්ණමය යුගයට පෙර තිබුණු කලි යුගයයි. කලි යුගයේ කිසිම දෙයක් නැහැ. දේවතාවරුන් කා සමඟවත් සටන් කරන්න යන එකක් නැහැ. කිසිම කෙනෙකුට සටන් කර ලෝකය දිනාගන්න බැහැ. ලක්ෂ්මි නාරායනගේ පින්තුර ලෝක පාලකවරුන් ලෙසින් සිටි අයගේ පින්තූරයි. දැන් මෙය කලි යුගයයි. මෙහි මිනිස්සු ආයුධ වලින් සටන් කරනවා. ක්‍රිස්තියානි ධර්මයට අයිති අය එකට එකතු වී එකිනෙකා අතර සෙනෙහසින් සිටියා නම් මුලු ලෝකයේම පාලකවරුන් වීමට ඔවූනට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත්, ලෝක පාලකවරුන් වන්නේ ලක්ෂ්මි නාරායන පමණයි. ඒසෑම කෙනෙක්ම එකට එකතු වුණා නම් ලෝකය පාලනය කළ හැකිව තිබුණා කියා බුද්ධියෙන් කීවත් කිසිම කෙනෙකුට ස්වර්ණමය යුගයේ රජ රැජිණ විය නොහැකියි. නාටකය නිර්මාණය වී ඇත්තේ මේ ආකාරයෙනුයි. දැන් අපි නැවතත් වතාවක් යෝග බලයෙන් අපගේ දෙව් ලොව උරුමය දිනා ගන්නවා. මීට කල්පයකට පෙර සංගම යුගයේ දී පරමාත්ම පියාගෙන් තම තත්වය ඔවුන් දිනාගත්තේ කෙසේද කියා පැහැදිලි කර කියා දිය හැකියි. අපි උපත් 84 සම්පුර්ණ කර තිබෙන අතර දැන් නැවතත් වතාවක් අපි අපගේ උරුමය හිමි කර ගන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥානය හොඳින් ධාරණය කරගෙන අන් අයවත් ඒ සඳහා දිරි ගැන්වීමට නම් උදේ පාන්දරින් අවදි වී පරමාත්ම පියාව සිහිපත් කරන්න. ඔබ විසින් තේරුම් ගත් දේ අන් අයටත් පහදා දීමට පුහුණු වන්න.

2. ලෞකික ඥාතීන්ගෙන් ඔබගේ බුද්ධියේ යෝගාව ඉවතට ගෙන මෙම ලෝකයෙන් එහා සිටිනා පරමාත්ම පියාව සිහිකරන්න. පරමාත්ම පියාගෙන් ලැබෙනා දැනුමට ඇහුම්කන් දී එය අන් අයටත් කියා දීම ඔබගේ කාර්ය භාරයයි.

වරදානය:
ඔබ ඉඩ දෙමින් හැඩගැසීමේ බලය ඇතිව එකමුතුකමේ වාතාවරණයක් නිර්මාණය කරන්නෙකුගේ ආදර්ශයක් වේවා.

ජපමාලයක පබළු, ඒකායන තැනැත්තා කෙරෙහි සෙනෙහසක් ඇති, නියත හා ස්ථාවර අවධියක් ඇති, ඒකායන තැනැත්තාගේ උපදෙස් අනුගමනය කරන, එකිනෙකා අතර සිතිවිලි වලින් එක්සත් වූ අයට සමාන ය. ඔවුන් ජපමාලය තුළට ඇමිණිය හැකි අයයි. කෙසේවෙතත්, එක් දිශාවක් අනුගමනය කිරීමේ වාතාවරණයක් නිර්මාණය කළ හැක්කේ ඔබට ඉඩ දෙමින් හැඩ ගැසීමේ බලය ඇති විට පමණි. ඕනෑම තත්ත්වයක මතභේදයක් තිබේ නම්, ඔබ එම වෙනසට හැඩ ගැසිය යුතුය, මන්ද එවිට පමණක් ඔබ එම එකමුතුවීමත් සමඟ සමීප වී සැමට ආදර්ශයක් වනු ඇත.

පාඨය:
ඔබේ සෑම සිතිවිල්ලකම, වචනයකම සහ ක්‍රියාවකම ආධ්‍යාත්මිකත්වය ධාරණය කර ගන්න, එවිට ඔබ කරන සේවයේ උත්සවශ්‍රීයක් තිබෙනවා ඇත.

අව්‍යක්ත සංඥාව: නිරතුරුවම නොසැලෙන, අචල සහ නිරන්තර ස්ථිතියක් අත්විඳින්න.

ඔබ ඕනෑම වේදනාකාරී දර්ශනයක් දකින විට, එය අලුත් දෙයක් නොවන බව දැන ගන්න. "අලුත් දෙයක් නැත" යන පාඩම ස්ථිර කර ගත් අය කිසි විටෙකත් බිය නොවනු ඇත. "මොකද වුණේ? ඒක කොහොමද වුණේ? මේක වුණේ..." ප්‍රවෘත්ති අසන අතරතුර සහ දකින අතරතුර, කලින් නියම කර ඇති නාටකය දිග හැරෙන ආකාරය දකින අතරතුර බලවත්ව සිටින්න සහ අන් අයට බලය ලබා දීම දිගටම කරගෙන යන්න. ලෝකයේ මිනිසුන් බියට පත් වන අතර, ඔබ එම ජීවාත්ම බලයෙන් පුරවයි. ඔබ සමඟ සම්බන්ධ වන සියලු දෙනාටම සාමයේ හා බලයේ දානය දිගටම ලබා දෙන්න.