08.06.25 Avyakt Bapdada
Sinhala
Murli 15.11.2005 Om Shanti Madhuban
අවංක හදවතකින් පියාට
සහ පවුලේ අයට ආදරණීය වී,
වෙහෙස වීමෙන් නිදහස් වීමට පොරොන්දු වී, එම පොරොන්දුවේ ප්‍රයෝජන ලබා ගන්න.
අද දින සෑම තැනකම
සිටින ඔහුගේ ශ්‍රේෂ්ඨ, ස්ව-ආධිපත්‍යයට අයිතියක් ඇති සහ ඔවුන්ගේ ස්ව-අභිමන් ස්ථිතියේ
ස්ථාවරව සිටින දරුවන්ව බාප්දාදා දකිනවා. පියා දරුවන්ට ලබා දී ඇති ගෞරවය, ඔහුගේ
ගෞරවයටත් වඩා ඉහලයි. ඔහු සෑම දරුවෙක්ව ඔහුගේ දෙපා මුල වැටීමෙන් නිදහස් කර ඔවුන්ව
ඔහුගේ හිසේ කිරුළ බවට පත් කරගෙන ඇත. ඔහු සෑම විටම ආදරණීය දරුවන්ගේ සේවකයා ලෙස තමන්ව
හදුන්වයි. ඔහු එතරම් මහා අධිකාරිත්වයක ගෞරවය දරුවන්ට ලබා දුන්නා. එබැවින් ඔය සෑම
කෙනෙක්ම තමන්ට එවන් ස්ව-අභිමානයක් තිබෙන බව සලකනවාද? තම ස්ව-අභිමානයේ ස්ථාවරව සිටින
කෙනෙකුගේ විශේෂ සුදුසුකම කුමක්ද? කෙනෙකුට ස්ව-අභිමානය තිබෙන තරමට ඔහු එයට අනුකූලව
සියළු දෙනාටම ගරු කරයි. කෙනෙකුට ස්ව-අභිමානය තිබෙන තරමට, ඒ ප්‍රමාණයට ඔහු නිරහංකාර
වන අතර සියළු දෙනාගේ සෙනෙහසට පාත්‍ර වී, සියළු දෙනාට ආදරණීය වෙයි (සර්ව කා ප්‍යාරා
යනු, සියළු දෙනාට ආදරණීය වී, සියළු දෙනාගේ සෙනහස දිනා ගැනීමයි). ස්ව-අභිමානය ඇති
කෙනෙකුගේ ලක්ෂණය වන්නේ, ඔහු පරම පියාට සෙනෙහසින් යුතු වන අතර සියළු දෙනාටද සෙනෙහස
දැක්වීමයි. ඔහු සීමිත සංඛ්‍යාවකට පමණක් සෙනෙහස නොදක්වන අතර ඔහු තුල අසීමිතව සෙනෙහස
තිබෙයි. පරම පියා සියළු දෙනාගේ සෙනෙහස ලබයි. කෙනෙක් එක් මසක කෙනෙක් වුණත් ආදි
මැණිකක් වුණත්, සෑම කෙනෙක්ම විශ්වාස කරන්නේ: “මම බාබාගේ වන අතර බාබා මගෙයි.” මෙම
ශ්‍රේෂ්ඨ ස්ව-අභිමානය, සියළු දෙනාගේ සෙනෙහස ලැබෙන බවට සලකුණකි, මන්ද, පරම පියාව
අනුගමනය කරන්නේ එවන් දරුවන්ය. බලන්න, කුඩා දරුවන් සිට මහළු, පරිණත දරුවන් දක්වා,
පරම පියා සියළු වයස් කාණ්ඩ වල අයට ගෞරවය ලබා දී ඇත. තරුණයන්ට, විනාශකාරී අයව සිට
ලොවට සෙත සලසන්නන් ලෙස ඔවුන්ව දැකීමේ ගෞරවය ඔහු ඔවුන්ට ලබා දී ඇත; ඔහු ඔවුන්ව
ශ්‍රේෂ්ඨත්වයට පත් කර තිබේ. පවුලක වාසය කරන ගෘහවාසීන්ව ඔහු මහාත්මයන්ට සහ ජගත්
ගුරූන්ටත් (ඍෂිවරු) වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් කර ඇත. ඔවුන් නිවෙස් වල වාසය කරන නමුත්,
ඔවුන්ට මහාත්මයන් කීකරු වන සහ එපිට සිටීන ආකල්පයක් ඇති අය, ඔවුන් ඉදිරියේ හිස නමන
අය බවට ඔවුන්ව පත් කර ඇත. ඔහු කුමාරීන්ට ශිව ශක්ති ස්වරූපයේ ගෞරවය ගැන මතක් කර දී
ඇති අතර ඔවුන්ව එය බවට පත් කර ඇත. ඔහු මහළු, පරිණත, අත්දැකීම් ඇති දරුවන්ට බ්‍රහ්ම
පියාට සමාන වීමේ ගෞරවය ලබා දී ඇත. ඒ ආකාරයෙන්ම තම ස්ව-අභිමානයේ ස්ථාවරව සිටින
දරුවන්, සෑම ජීවාත්මයක්ම එවන් ගෞරවයකින් දකියි. ඔවුන්ව නිකම්ම ඒ අන්දමින් ඔවුන්
නොදකින නමුත් ඒ ආකාරයේ නෑ කමක් හෝ සබැදියාවක් පවත්වනු ඇත. ස්ව-අභිමානය (ස්වමාන්)
ශරීර අවධානය (දේහ අභිමානය) අවසන් කරයි. ස්ව-අභිමානය ඇති තැන, සිරුරේ අහංකාරකම
නොතිබෙයි. ශරීර අවධානය අවසන් කිරීමට ඇති ඉතා පහසු ක්‍රමයක් වන්නේ නිරන්තරයෙන් ඔබගේ
ස්ව-අභිමානයේ රැදී සිටීමයි. සෑම විටම සියළු දෙනා දෙස ගෞරවයෙන් බලන්න. කෙනෙක් පාබල
සේනාවේ කෙනෙක් වුනත්, 16,000 මාලාවේ අවසන් අංකයේ වුනත්, නාටකයට අනුව, අවසන් අංකයටත්
පරම පියාගෙන් එක හෝ වෙනත් විශේෂත්වයක් ලැබී ඇත. ස්ව-අභිමානය ඇති කෙනෙක්, අන් අයගේ
විශේෂත්වය දැක, ඔවුන්ට ගෞරවය ලබා දෙයි. සෑම කෙනෙකුගේම විශේෂත්වය ඔහුගේ ද්‍රිෂ්ඨියේ,
ආකල්පයේ සහ ක්‍රියා තුල මුසු වී තිබෙයි. පරම පියාට අයත් වන ඔනෑම කෙනෙක් විශේෂ
ජීවාත්මයකි. ඔහු අංකානුරූප වුනත්, ලෝකයේ ජීවාත්ම හා සසදන විට, ඔහු කෝටි ගණනකින්
කෙනෙකි. ඔබ සියළු දෙනා, තමන් මේ ආකාරයේ විශේෂ ජීවාත්ම බව සලකනවාද? ඔබගේ
ස්ව-අභිමානයේ ඔබ ස්ථාවරව රැදී සිටිය යුතුයි. ශරීර අවධානයේ නොව නමුත් ස්ව-අභිමානයේ.
පියා තුළ සෑම දරුවෙක්
කෙරෙහිම සෙනෙහස තිබෙන්නේ ඇයි? එයට හේතුව සෑම දරුවෙක්ම ඔහුව හදුනාගෙන ඔහුට අයත් වී
ඇති බව පියා දන්නා නිසාය. ඔවුන් මෙම සමූහයට ප්‍රථම වතාවට පැමිණියත්, ඒ වුනත් දරුවා
“බාබා” කියා තිබේ, එබැවින් ඔහු පියාගේ සෙනෙහස ලැබීමට සුදුසුයි. සෑම තැනකම සිටින
සියළුම දරුවන් කෙරෙහි බාප්දාදා තුල බොහෝ සෙනෙහස තිබේ. ඒ අන්දමින්ම පියාව අනුගමනය
කරන්න. සෙනෙහසට බදුන් නොවූ එකදු කෙනෙක්වත් නොමැත; සෑම කෙනෙක් කෙරෙහි සෙනෙහස තිබේ.
බලන්න, “මගේ බාබා” කියා පවසන ඔනෑම දරුවෙක් - මෙම “මගේ” යන අවධානය ගෙන එන්නේ කුමක්
විසින්ද? සෙනෙහසය. ඔබව පියාට අයත් කලේ සෙනෙහස බව, මෙහි අසුන්ගෙන සිටින සියළු දෙනාට
හැගෙයි. පරම පියාගේ සෙනෙහස කාන්දමකි. සෙනෙහසේ කාන්දමෙන් පියාට අයිති වීමට ඔබ
පැමිණියා. හදවතින් සෙනෙහස, වචන වලින් පමණක් සෙනෙහස නොවෙයි. මෙම බ්‍රහ්මින් දිවියේ
අත්තිවාරම හදවතින් නැගෙන සෙනෙහසයි. ඔබ බාබාව මුණ ගැසෙන්නට එන්නේ ඇයි? ඔබව මෙහි
රැගෙන ආවේ සෙනෙහස නොවේද? මෙහි පැමිණ මෙහි අසුන්ගෙන සිටින සියළු දෙනා, ඔබ මෙහි
පැමිණියේ ඇයි? ඔබව ආකර්ෂණය කළේ සෙනෙහස නොවේද? ඔබට කෙතරම් සෙනෙහස තිබෙනවාද? එය
100%ද, නැත්නම් අඩුද? ඔබ තුල 100% සෙනෙහස ඇති බව සිතන අය අත් ඔසවන්න! ඔබගේ සෙනෙහස
අතින් 100% ක් ? එය සුළුවෙන්වත් අඩු නැහැ නේද? අච්චා, එසේ නම් ඔබලා අතරේ,
බ්‍රහ්මින් පවුල තුල ඔබට එතරම්ම සෙනෙහසක් තිබෙනවාද? මේ සදහා අත් ඔසවන්න කියා බාබා
ඔබට කිව යුතුද? මෙයට ප්‍රතිශතයක් තිබේ. පියා තුල සියළු දෙනා කෙරෙහි සෙනෙහස තිබෙන
සේම, ඔය දරුවන් තුලත් සියළු දෙනා කෙරෙහි සෙනෙහස තිබෙන අතර ඔබ සියළු දෙනාගේ සෙනෙහස
ලබයි. අන් අයගේ දුර්වලතා දෙස නොබලන්න. කෙනෙක් සංස්කාරයක බලපෑම යටතට හසු වන්නේ නම්,
ඔබ අනුගමනය කළ යුත්තේ කාවද? බලපෑමක් යටතේ සිටින අයවද? ඔබ, මනසට විනයක් ගෙන දෙන
මන්ත්‍රය, ඔවුන්ව බලපෑමකින් නිදහස් කරන මන්ත්‍රය ලබා දෙන අයයි; ඔවුන්ව නිදහස් කරන
අය ඔබ නේද? නැත්නම් ඔබ අන් අය දෙස බලන අයද? නැත්නම් ඔබට ඔවුන්ගේ දුර්වලතා පෙනෙනවාද?
ඔබ යම් නරක දෙයක් දුටුවොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබ නොකඩවා එ් දෙස බලා සිටිනවාද,
නැත්නම් ඉන් ඉවතට පියවර තබනවාද? තමන්ගේ හදවත තුල සෙනෙහස ඇති අය, පරම පියා කෙරෙහි
ඔවුන්ගේ හදවත් තුල සෙනෙහස ඇති අය, නියත වශයෙන්ම සියළු දෙනාගේ සෙනෙහසට බදුන් වන බව,
බාප්දාදා දැක තිබෙනවා. පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීමට, හදවතේ සෙනෙහස තිබීම ඉතාම
පහසු මාර්ගයකි. සමහරු කෙතරම් දැනුමින් පිරි අය වුනත්, ඔවුන්ගේ හදවත තුල සෙනෙහස
නොමැති නම්, ඔවුන්ට විනෝදමත් බ්‍රහ්මින් දිවියෙක් නොතිබෙයි. එය වියළි, නීරස
ජීවිතයක් වෙයි. මෙම දැනුම මාවතේ, සෙනෙහස නොමැතිව දැනුම ඇත්නම්, එවිට මෙම දැනුම
පිලිබද ප්‍රශ්න පැන නැගෙයි: “ඇයි? කුමක්ද?” කෙසේවෙතත් මෙම දැනුමත් සමගම සෙනෙහසද
ඇත්නම්, එවිට එම පුද්ගලයා නිරන්තරයෙන් සෙනෙහසේ ගිලී සිටියි. සෙනෙහස ඇති කෙනෙකුට,
තමන් සෙනෙහස දක්වන කෙනාව සිහි කිරීමට උත්සාහ දැරීමට සිදු නොවෙයි. කෙනෙක් දැනුමින්
පමණක් පිරී සිටින නමුත් ඔහු තුල සෙනෙහස නොමැති නම්, එවිට ඔහුට වෙහෙස වීමට සිදු
වෙයි. ඒ කෙනා වෙහෙස දැරීමේ ඵලය බුදින අතර මේ කෙනා සෙනෙහසේ ඵලය බුදියි. මෙම දැනුම
බීජය වන අතර සෙනෙහස, ජලයයි. බීජයට, සෙනෙහසේ ජලය නොලැබෙන්නේ නම්, ඵලයට මතුවිය නොහැක.
අද, බාප්දාදා ඔය
සියළුම දරුවන්ගේ හදවත් තුල පියා කෙරෙහි ඇති සෙනෙහස සහ අන් සියළු දෙනා කෙරෙහි ඇති
සෙනහස පරීක්ෂා කළා. ඉතිං, ඔබ සියළු දෙනා තමන් කවුරු බවද සලකන්නේ? ඔබ ආදරණීයයිද? ඔබ
එසේද? ඔබගේ හදවත් ආදරණීය බව සිතන අය අත් ඔසවන්න! ඔබ සියළු දෙනාටම ආදරණීයද? සියළු
දෙනාටම? අච්චා. ඔබගේ හදවත තුල පියා කෙරෙහි සෙනෙහස තිබේ; ඔබ අන් සියළු දෙනාටත්
ආදරණීයයිද? සියළු දෙනාටම? ඔය සෑම කෙනෙක්ම මෙසේ සිතනවාද: “මේ කෙනා අයිති මටයි?” ඔබ
එය විශ්වාස කරනවාද? එසේ නැත්නම් එය විශ්වාස කරන්නේ ඔබගෙන් ඇතැම් අය පමණයිද? පියා
කෙරෙහි සෙනෙහස තිබීම වෙනුවෙන් ඔබ සියළු දෙනාම අත් එසවූ සේම, එනම්, ඔව්, ඔබ පියාට
ආදරණීයයි, ඒ ආකාරයෙන්ම, අන් සියළු දෙනා වෙනුවෙන්ද ඔබ අත් ඔසවනවාද, එනම්, ඔබ තුල
සියළු දෙනා කෙරෙහි සෙනෙහස තිබීමට? ඔබට මෙම සහතිකය ලැබෙයිද? ඔබ සහතිකයක් ලබා ගත
යුත්තේ පරම පියාගෙන් පමණක් නොවන බව, බාප්දාදා ඔබට මින් පෙරත් පවසා තිබේ, ඔබ
බ්‍රහ්මින් පවුලෙන්ද එය ලබා ගත යුතුයි, මන්ද, පියා දැන් ධර්මයක් මෙන්ම රාජධානියක්ද
එකවර ස්ථාපිත කරනවා. රාජධානියේ ඉන්නේ පියා පමණක් නොවෙයි, පවුලත් සිටිවි. පියාට
ආදරණීය වන්න, එමෙන්ම පවුලේ අයටත් ආදරණීය වන්න.
ඔබ දැනුමැති අය වී
සිටියි, නමුත් ඒ සමගම ආදරණීය වීමත් අවශ්‍යයි. ඔබගේ ස්ව-අභිමානයේ රැදී සිට අන් අයටත්
ගෞරවය ලබා දෙන්න - දෙකම අවශ්‍යයි. ඔය දරුවන් ඔබගේ බ්‍රහ්මින් උපත ගත් සැනින්, පියා
ඔබට ගෞරවය ලබා දුන්නා, එමෙන්ම ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨත්වයට පත් වුනේ ඒ ආකාරයටයි. ඔබ මෙම
එක් උපතෙදි ගෞරවය ලබා දිය යුතු අතර ඉන්පසුව, එහි ප්‍රතිලාභය, මුළු චක්‍රය පුරාම ඔබ
ගෞරවය ලබා ගනියි. කල්ප භාගයක්, රාජධානියට අයිතියක් තිබීමේ ගෞරවය ඔබට ලැබෙයි, එමෙන්ම
කල්ප භාගයක්, භක්ති මාර්ගයේ, ඔබට බැතිමතුන්ගෙන් ගෞරවය ලැබෙයි. කෙසේවෙතත් මෙහි මුළු
කල්පයේම පදනම වන්නේ මෙම එක උපතෙදි ගෞරවය දී, ගෞරවය ලබා ගැනීමයි.
දැන් පවා සෑම තැනකම
විදේශයන්හි දරුවන්ව බාප්දාදා දකිනවා: සමහරු මෙම හමුව රාත්‍රියේ සමරන අතර තවත් අය
මෙම හමුව දහවල් සමරනවා. ඔබගේ සේවයේ වේගයේ වැඩි කිරීම සදහා ඔබට මෙතරම් හොද දාදි
කෙනෙක් (දාදි ජන්කි) සිටිනවා. එය එහෙමයි නේද? ඇය සුළු දුර්වලතාවයක් දුටුවත් එය
පිලිබදව පංති පිට පංති පවත්වයි. මේ දේශයේ හෝ විදේශ දරුවෙකුට ඔනෑම විෂයක් අපහසු බව
දැනෙන්නේ නම්, එයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ හදවතේ ඇති සෙනෙහසේ අඩුවක්. සෙනෙහස
යනු, සෙනෙහසේ ගිලී සිටීමයි. ඔබ සෙනෙහස දක්වන කෙනෙක්ව සිහි කිරීමට ඔබ උත්සාහ දැරිය
යුතු නැහැ: ඔබ සෙනෙහස දක්වන කෙනෙක්ව අමතක කිරීමයි අපහසු. ඔබට උත්සාහ දැරීමට සිදු
වන්නේ නම්, එයට පිලියම වන්නේ ඔබගේ හදවතේ ඇති සෙනෙහස පිරික්සීමයි. යම් තැනක
කාන්දුවක් තිබෙනවාද? පුද්ගලයෙක් කෙරෙහි, පුද්ගලයෙකුගේ විශේෂත්වයකට, පහසුකමකට හෝ
ඔනෑම විමුක්තියකට හෝ අතිරික්ත මුක්තියකට (පහසුකමකට / ආධාරයකට) බැදීමක් තිබෙන විට:
අවශ්‍ය තරමට මුක්තිය කමක් නැත, නමුත් විටෙක අතිරික්ත මුක්තියකට ඔබ තුල සෙනෙහස හෝ
බැදීමක් තිබේ; ඔබ නොකඩවා එම මුක්තිය සිහි කරයි. එහි ලක්ෂණය වන්නේ: කාන්දුවක් තිබෙන
විට, එක් හෝ වෙනත් හේතුවක් නිසා ඔබගේ ජීවිතයේ නිරන්තර තෘප්තියේ අත්දැකීම නොතිබෙයි.
එක් හෝ වෙනත් හේතුවක් ඔබට අතෘප්තියේ අත්දැකීමක් ගෙන දෙයි, නමුත් තෘප්තිය ඇති තැන,
එහි ලක්ෂණය වන්නේ, නිරන්තර සතුට තිබීමයි. ඔබ නිරන්තරයෙන් ආධ්‍යාත්මික රෝස මලක් මෙන්
සිනහ මුසුව සිටියි. ඔබ පිපී සිටින අතර “නරක මූඩ්” එකක් නොතිබෙයි. ඔබ නිරන්තරයෙන්
ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටියි. එබැවින් ඔබට වැටහෙනවාද? දැන් තමන්ව වෙහෙස වීමෙන්
බේරා ගන්න. ඔය දරුවන්ට වෙහෙස වීමට සිදු වන විට බාප්දාදා එයට ප්‍රිය නොකරයි. ඔබ කල්ප
භාගයක් වෙහෙස විය: දැන් විනෝද වන්න. සෙනෙහසේ ගිලී සිටින්න. දැනුමේ සාගරයේ පතුලේ
සෙනෙහසේ මුතු කැට අත්විදින්න. එක වරක් පමණක් කිමිද, යලි සාගරයෙන් පිටතට නොඑන්න,
නමුත් එය තුල ගිලී සිටින්න.
ඔබ සියළු දෙනාම
පොරොන්දුවක් සිදු කළා නේද, ඔබ පියා සමග එකට ජීවත් වී, ඔහු සමග ආපසු නිවසට යන බවට?
ඔබ මෙම පොරොන්දුව සිදු කළාද? ඔබ ඔහු සමග යනවාද, නැත්නම් ඔහුගේ පසුපසින් ගමන්
කරනවාද? බාබා සමග යාමට සුදානම් අය අත් ඔසවන්න! ඔබ සුදානම්ද? හොදින් සලකා බැලිමෙන්
පසුව අත් ඔසවන්න. සූදානම් වීම යනු පියාට සමාන වීමයි. ඔහු සමග ආපසු යන්නේ කවුද? ඔහු
සමග යන්නේ ඔහුට සමාන අයයි. එසේ නම් ඔබ ඔහු සමග යනවාද? ඔබ නිති සූදානම්ද? පලමු පේළිය
නිති සූදානම්ද? ඔබ නිති සූදානම්ද? ඔබට ඔහු සමග යන්නට කියා හෙට නියෝගයක් ලබා දෙන්නේ
නම්, ඔබ ඔහු සමග යනවාද? ඔය ගෘහවාසීන් ඔහු සමග යනවාද? ඔබගේ දරුවන්ව ඔබට සිහි
නොවෙයිද? ඔය මව්වරුන් බාබා සමග යනවාද? ඔය මව්වරු නිති සූදානම්ද? ඔබ කිසිවෙක් සිහි
කරන්නේ නැද්ද? ඔය ගුරුවරුන්ට ඔබගේ මධ්‍යස්ථාන සහ ඔබගේ ශිෂ්‍යයන්ව සිහි වෙයිද? ඔබට
ඔවුන්ව සිහි වෙන්නේ නැද්ද? අච්චා. ඔය සියළු දෙනා බන්දන වලින් නිදහස් වෙලාද? එය ඉතා
හොදයි. එවිට ඔබට වෙහෙස වීමට සිදු වන්නේ නැහැ නේද?
ඔබ පියාගේ ඉදිරියේ
අසුන්ගෙන සිටියත් දුර අසුන්ගෙන සිටින අතර පියාගේ හදවතේ අසුන්ගෙන සිටියත් අද
බාප්දාදාට අවශ්‍ය වී ඇත්තේ සියළු දෙනාව වෙහෙස වීමෙන් නිදහස් කිරීමටයි. ඔබ එය බවට
පත් වනවාද? ඔබ අත්පොලසන් ගසන නමුත් ඔබ එය වෙනවාද? හෙට සිට කිසිවෙක් දාදීන් වෙතට
නොයයි. ඔවුන්ට ඔබ වෙනුවෙන් උත්සාහ දැරීමට ඔබ සිදු කරවන්නේ නැහැ නේද? ඔබ ඔවුන්ව
මුණගැසෙන්නේ විනෝදය සදහා. ඔබ කලාප නායකයන් වෙතට නොයයි. ඔබ පැමිණිලි නොකරයි. ඔබ
පරිසමාප්ත වෙයි. එය හොදද? දැන් ඔබගේ අත් ඔසවන්න! හොදින් සලකා බැලීමෙන් පසුව අත්
ඔසවන්න! නිකම්ම අත් ඔසවන්න එපා. පැමිණිලි නොමැත. කිසිවෙකුට “මගේ” යන සිහිය නොමැති
අතර කිසිවෙක් ඔබට අයිති නැහැ. “මම” නොමැත. “මගේ” නොමැත. ඒවා අවසන් වෙලා. බලන්න, ඔබ
පොරොන්දුවක් වුනු අතර එය හොදයි. සුබ පැතුම්! කෙසේවෙතත් සිදු වන්නේ ඔබ එම පොරොන්දුවේ
ප්‍රයෝජනය නොගැනීමයි. ඔබ ඉතා විගසින් පොරොන්දු වන නමුත් ඉන් ප්‍රයෝජනයක් ගැනීම
සදහා, පලමුව දිනපතාම එහි අවබෝධය ඇති කරගන්න, එමෙන්ම දෙවනුව, එය පුනරීක්ෂණය කරන්න.
දිනපතාම ඔබගේ පොරොන්දුව පුණරීක්ෂණය කරන්න: මා පොරොන්දු වුනේ කුමක්ද? අම්රිත් වේලාවේ
හමුවෙන් පසුව, දෙකෙහි තුලනයේ වාර්ථාවක් සාදන්න, පොරොන්දුව (වයිදා) සහ එහි ප්‍රයෝජනය
(ෆයිදා). ඔබ පොරොන්දු වුනේ කුමක්ද? ඔබ ලබා ගන්න ප්‍රයෝජනය කුමක්ද? මෙය අවබෝධ කරගෙන
එය පුනරීක්ෂණය කරන්න. තුලනයක් තිබෙන විට එය හොද වෙයි. රැස්වීම් පවත්වන අය මෙම
පොරොන්දුව සිදු කර ඇති බව බාප්දාදා දන්නවා.
බාප්දාදා ප්‍රිය කරන
බොහෝ හොද සැලසුම් ඔබ සාදන බව බාප්දාදා දැක තිබෙනවා. බාප්දාදාට අවශ්‍ය වන්නේ කුමක්ද?
බාප්දාදාට අවශ්‍ය වන්නේ එක ව්‍යවහාරයක් පමණයි: ‘සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා
කරන්න.’ සාර්ථක වන්න. ඔබට තිබෙන සියළුම සම්පත්, ඔබට තිබෙන සියළු බල - සිතිවිලි, වචන
සහ ක්‍රියාද බලයන්ය. කාලය සම්පතක් මෙන්ම බලයකි; ඔබ ඒ සියල්ලක්ම වටිනා ලෙස භාවිතා කළ
යුතුයි. එය භෞතික ධනය වුනත්, ආධ්‍යාත්මික සම්පත් වුනත්, ඔබ සෑම දෙයක්ම වටිනා ලෙස
භාවිතා කළ යුතුයි. සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමේ සහතිකය ඔබ ලබා ගත යුතුයි. සෑම
දෙයක්ම වටිනා ලෙස භාවිතා කර අන් අයට ඇති සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට ඔවුන්ට
මගපාදන්න. යම් කෙනෙක් යම් දෙයක් වටිනා ලෙස භාවිතා නොකරන්නේ නම්, එවිට කිසිවක්
නොකියන්න එමෙන්ම නිවැරදි කිරීම් සිදු නොකරන්න, නමුත් ඔබගේ සුබ පැතුම්, පිවිතුරු
හැගීම් වලින් සහ නිරන්තරයෙන් පිවිතුරු ගෞරවය ලබා දීමෙන් එය සිදුකර, ඒ අනුව ඔවුන්ට
සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට මගපාදන්න. නිකම්ම ඔවුන්ව නිවැරදි නොකරන්න. ඔබට
ඔවුන්ව නිවැරදි කිරීමට සිදු වන්නේ නම්, එය සමාව දීමෙන් සිදුකර, ඉන්පසුවයි එම
නිවැරදි කිරීම කළ යුත්තේ. ඔබගේ සමාව දීමේ ස්වරූපයෙන් ඉගැන්වීම් ලබා දෙන්න.
සානුකම්පිත වන්න. දයාවන්ත වන්න. ඔබගේ සානුකම්පිත ස්වරූපය අනිවාර්යෙන් නිවැරදි
කිරීමේ ඵලය පෙන්වයි. බලන්න, මෙකල ශල්‍ය වෛද්‍යවරු ශල්‍යකර්මයක් සිදු කරන විට, ඔවුන්
ප්‍රථමයෙන් කරන්නේ කුමක්ද? ඔවුන් පලමුව ඔබව නින්දට දමා (නිර්වින්දනය කර) ඉන්පසුව
ශල්‍යකර්මය සිදු කරයි. ඊට පෙර ඔවුන් ඔබට ශල්‍යකර්මය සිදු නොකරයි. ඔවුන් ද්‍රාවණයක්
සම මතට දමයි; පලමුව ඔවුන් පිඹ ඉන්පසුව ද්‍රාවණය දමයි. එබැවින් ඔබත් පලමුව
සානුකම්පිත වී, ඉන්පසුව වැරැද්ද කියා දිය යුතුයි, එවිට මෙය ඔවුන් මත බලපෑමක් ඇති
කරයි. එසේ නැත්නම් ඔබ ඔවුන්ගේ වරද පෙන්වා දීම ආරම්භ කරන විට, ඔවුන් ඊට පෙර ඔබට වඩා
දක්ෂ වෙයි. එබැවින්, ගුරුවරයෙක් තව ගුරුවරයෙකුගෙන් නිවැරදි කිරීමක් භාර නොගනු ඇත.
ඔබ ඔවුන්ට කරුණක් කියන විට, “මෙය නොකරන්න, ඒ වෙනුවට මෙය කරන්න”, ඔබව කපා දැමීමට
ඔවුන් කරුණු 10ක් කියයි. එබැවින් සමාව දීම සහ නිවැරදි කිරීම එකට යා යුතුයි. ඉතිං
මෙම 70 වන සංවත්සරයේ තේමාව වන්නේ සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කර, අන් අයට සෑම
දෙයක්ම වටිනා ලෙස භාවිතා කිරීමට මගපෑදීම සහ සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වන්න. සෑම
දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්න. ඔබට ආලෝකමත් සහ සැහැල්ලු වීමට අවශ්‍යයි; එබැවින්
සෑම දෙයක්ම වටිනා ලෙස භාවිතා කරන්න. ඔබගේ සංස්කාර පවා වටිනා ලෙස භාවිතා කරන්න. ඔබගේ
ආදිතම සංස්කාර, ඔබගේ දේවතා සංස්කාර සහ ජීවාත්මයේ සදාතනික සංස්කාර ඉස්මතු කරගන්න.
වැරදි සංස්කාර වලට ආදාහන උත්සවයක් පවත්වන්න. ඔබගේ ආදිතම සහ සදාතනික සංස්කාර ඉස්මතු
කරගන්න. සෑම කෙනෙකුටම දැන් මෙම විශේෂිත වූ එක පැමිණිල්ල තිබේ: “මගේ සංස්කාර මට
වෙනස් කළ නොහැක, මගේ සංස්කාර මට වෙනස් කරන්නට බැහැ.”
ඔබ සියළු දෙනාම වෙහෙස
වීමෙන් නිදහස් වීමට පොරොන්දුවක් වුනා නේද? (සියළු දෙනාම අත් එසවීය). ඡායාරූපයක්
ගන්න. ඉතිං දැන් එක විනාඩියක්, අධිෂ්ඨානයෙන් මෙම පොරොන්දුව ඔබගේ හදවතේ සටහන්
කරගන්න. එය ඔබගේ හදවත තුල ස්ථිර කරගන්න. (අභ්‍යාසය) අච්චා.
ස්ව-අභිමානය ඇති සෑම
තැනකම සිටින ඔය දරුවන්ට, ඔවුන්ගේ හදවත් තුළ පියා කෙරෙහි සෑම විටම සෙනෙහස ඇති අයට,
සියලු දෙනා කෙරෙහි සෙනෙහස ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, නිරන්තරයෙන් වෙහෙස වීමෙන්
නිදහස්ව සිටින සහ ජීවන-මුක්තිය අත්විදින තීව්‍ර උත්සාහ දරන දරුවන්ට, ඔවුන් සිදු කරන
පොරොන්දුව සහ එම පොරොන්දුවෙන් ඔවුන්ට ලැබෙන ලාභය අතර නිරන්තරයෙන් තුලනයක් පවත්වා
ගන්න ආනන්දයෙන් පිරි දරුවන්ට, නිරන්තරයෙන් ප්‍රීතියෙන් සිටින සහ අන් අයටත්
ප්‍රීතියෙන් සිටීමට මග පාදන අයට, ශ්‍රේෂ්ඨ භාග්‍යයට අයිතියක් ඇති එවන් සංගම යුගී
දරුවන්ට, බාප්දාදාගෙන් සෙනෙහස, ස්මරණය සහ නමස්තේ සහ හදවත සනසන ඒකායන කෙනාගෙන්
ආශිර්වාද. සෙනෙහස, ස්මරණය සහ නමස්තේ.
දාදීලාට:
ඔබ හොදින්ද? ඔබ
දැකීමෙන් සියළු දෙනා සතුටු වනවා. පරම පියා සහ දරුවන්: සියළු දෙනා ඔබ දෙදෙනා
දැකීමෙන් සතුටු වනවා. ඔබ දෙදෙනා සමානයි; ඔබට සියළු දෙනාම ආදරය කරයි. සියළු දෙනා තුල
දාදීන් වෙනුවෙන් විශේෂ සෙනෙහස තිබේ. සියළු දෙනා තුල බොහෝ සෙනෙහස තිබේ. උපකරණ වන අයට
එතරම්ම වගකීමක් තිබේ, එබැවින් ඔවුන්ට එතරම්ම සෙනෙහසද ලැබෙයි, මන්ද ඔවුන්ගේ ජීවිතයේ,
සියළු දෙනාගෙන් සෙනෙහසේ සහ ආශිර්වාදවල ඉහල යන විදුලි සෝපානයක් (lift) ඔවුන්ට හිමි
වෙයි. උපකරණ වන ඔබලාටත් සෝපානයක් ලැබෙයි. කෙසේවෙතත් සෝපානයේ තිලිණය (gift) ඔබත් සමග
සෑම විටම තබාගන්න විට, බොහෝ යහපතක් සිදුවිය හැක. ඔබට ලැබෙන අතිරික්ත ආශිර්වාද
මේවාය. ඔනෑම කාර්යයක් වෙනුවෙන්, එය දේවමය කාර්යයක් හෝ යග්යාවේ සේවය සදහා වුවද,
විශේෂ උපකරණ වන අයට ආශිර්වාද සහ සෙනෙහස යන දෙකෙහිම සෝපානය ලැබෙයි. සෙනෙහස කෙබදු
වන්නේද යත් එය විශ්මයන් සිදු කරයි. අද ඔබ ලෝකයේ ඔනෑම කෙනෙකුගෙන් ඔහුට අවශ්‍ය කුමක්ද
කියා විමසන්නේ නම්, ඔහු මෙසේ කියයි: “මට සෙනෙහස ඔනෑ. මට සාමය ඔනෑ.” කෙසේවෙතත් එය
ලබාගත හැක්කේ සෙනෙහස තුලින් පමණයි. එබැවින් සෙනෙහස, ජීව අවධාන සෙනෙහස, සියල්ලටම වඩා
ශ්‍රේෂ්ඨතම දෙයයි.
වරදානය:
ඔබගේ ඒකාබද්ධ
ස්වරූපය පිළිබද අවධානය තුළින් ඔබ පියාව අමතක කිරීමෙන් නිදහස් වී, ඒ අනුව නිරන්තර
යෝගීවරයෙක් වේවා.
පරම පියා සමග තමන්
ඒකාබද්ධ වී සිටින බව අත්විදින දරුවන්ට ඉබේටම “ඔබ නිරන්තර යෝගීවරයෙක් වේවා!” යන
ආශිර්වාදය හිමි වෙයි. මෙයට හේතු වන්නේ ඔවුන් කොහේ සිටියත්, ඔවුන් නොකඩවා හමුවක්
අත්විදීමයි. කෙනෙක් ඔවුන් ලවා ඔහුව අමතක කරවීමට කෙතරම් තැත් කළත්, ඔහුව අමතක
කිරීමෙන් ඔවුන් නිදහස්ය. පියාව කිසි විටෙක අමතක නොකරන එවන් දරුවන්, පියාගේ ආදරය
බොහෝ සේ ලබයි, එබැවින් ඔවුන් නිරන්තර යෝගීවරුන්ය, මන්ද, සෙනෙහසේ ලක්ෂණය වන්නේ
ස්වාභාවිකව සිහි වීමය. මායාට ඔවුන්ගේ සිතිවිලි වල නිය පොත්තක් වත් (සුළු කොටසක්)
සෙලවිය නොහැක.
පාඨය:
නිදහසට කාරණා
පැවසීම වෙනුවට, විසදුමක් සොයා ගන්න, එවිට ආශිර්වාද ලැබීමට ඔබට අයිතියක් හිමි වෙයි.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
අභ්‍යන්තරගත වි, මෙම
දැනුම ආවර්ජනය කිරීමේ පුහුණුවෙන්, අලෞකික කුල්මත් බවින් නිරතුරුව කුල්මත්ව සිටින්න
- එවිට, මේ ලෝකයේ කිසිම ගැටළුවක් ඔබව ආකර්ෂණය නොකරයි. බෝම්බ ආදියේ බලපෑමෙන් තමන්ව
ආරක්ෂා කර ගැනීම සදහා හමුදාවේ අය භූගතව සිටින ආකාරයෙන්, ඔබගේ ජීව අවධාන ස්ථිතියෙන්
ඔබ අභ්‍යන්තරගතවී භූගතව සිටීම පුහුණු කළ විට, බාහිර දේවල් ඔබට බාධා නොකරයි.