08.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, මෙම මුළු ලෝකයම දෙවියන්ගේ පවුලයි. “මවත් පියාත් ඔබ වන අතර අප ඔබගේ දරුවන්ය”
කියා ගයන්නේ මේ නිසාය. ඔබ දැන් ප්‍රායෝගික අන්දමකින් දෙවියන්ගේ පවුලට අයත් වී ඇත.
ප්‍රශ්නය:
පියාගෙන් උපත්
21කට සම්පූර්ණ උරුමයම හිමි කරගැනීමට ඇති පහසු මඟ කුමක්ද?
පිළිතුර:
සංගම යුගයෙදී, පියාව ඔබගේ උරුමකරුවා කරගන්න. ඔබගේ සිරුර, මනස සහ ධනයෙන් තමාව කැප
කරන්න, එවිට ඔබ උපත් 21කට මුළු උරුමය හිමි කරගනියි. බාබා පවසන්නේ: සංගම යුගයෙදී
ඔවුන්ට තිබෙන සියලුම පැරණි දේවල් රක‍්ෂණය කරන දරුවන්ට, මම උපත් 21කට ප්‍රතිලාභයක්
ලබා දෙන්නෙමි.
ගීතය:
අන්ධ අපට මඟ
පෙන්වන්න, ආදරණීය දෙවියණේ!
ඕම් ශාන්ති.
ඔය දරුවන්ට
ගීතය ඇසුණා. ඒ බැතිමතුන් දෙවියන්ට කන්නලව් කිරීමය. දෙවියන්ව සම්පූර්ණයෙන්ම හඳුනා
නොගැනීම නිසා, මිනිසුන් බොහෝ දුකින් සිටියි. භක්ති මාර්ගයේ ඔවුන් බොහෝ සෙයින්
ඔවුන්ගේ ඔළුව ගසාගනී. එය මෙම උපත පමණක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි එය ආරම්භ වූ දා
පටන් ඔවුන් භක්ති මාර්ගයේ දිගින් දිගටම වැටි වැටී ගමන් කර ඇත. දේවතාවන්ගේ රාජධානිය
පැවතුණේ භාරතයේ පමණක් වන අතර, එය දිව්‍ය ලෝකය, සත්‍ය දේශය යැයි හැඳින්විය. භාරතය
දැන් මුසාවේ දේශය වී ඇත. එය පරම පියා, පරමාත්ම ජීවයගේ උපන් ස්ථානය බැවින්, භාරතයේ
ප්‍රශංසාව බොහෝ ශ්‍රේෂ්ඨයි. ඔහුගේ සැබෑ නම, ශිවාය. මිනිසුන්, ශිවාගේ ජන්ම දිනය
සමරති. එය රුද්‍රාගේ හෝ සෝම්නාථගේ ජන්ම දිනය ලෙස හැඳින්වෙන්නේ නැත. එයට ශිවාගේ ජන්ම
දිනය හෝ ශිව රාත්‍රිය යැයි කියයි. දිව්‍ය ලෝකය ස්ථාපිත කරන්නේ දිව්‍යමය දෙවි
පියාණන් පමණයි. සියලුම බැතිමතුන්ට ඇත්තේ එක් දෙවි කෙනෙක් පමණක් විය යුතුයි. ඔවුන්
සියලු දෙනාටම පෙනීම නොමැත, එනම්, ඔවුන්ට දැනුමේ ඇස හෝ දිව්‍යමය ද්‍රිෂ්ඨිය නොමැත.
පරමාත්ම දෙවියන් පවසයි මම ඔබට රාජයෝගාව උගන්වනවා. ප්‍රධානතම ග්‍රන්ථය ශ්‍රීමත්
බගවත් ගීතාවයි. ශ්‍රී යනු වඩාත්ම ශ්‍රේෂ්ඨ උපදෙස්ය. ඔබව දැන් බොහෝ ඥානවන්ත අය බවට
පත්කෙරෙනවා. ඔවුන් දිව්‍යමය ඇස, එනම්, දැනුමේ තෙවැනි ඇස පෙන්වයි. ඇත්ත වශයෙන්ම ඔය
සෑම බ්‍රහ්මණයෙකුටම දැනුමේ තෙවැනි ඇසක් ලැබෙයි, එය මඟින් ඔබ පියාව, සහ පියාගේ
නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන දැනුවත් වෙයි. මෙකල, සෑම කෙනෙකුටම ශරීරයේ
අහංකාරකම එනම්, පාපයන් පහ තිබේ, ඔවුන් උපරිම අන්ධකාරයේ සිටින්නේ මේ නිසාය. ඔය
දරුවන්ට ආලෝකය තිබේ. ඔය ජීවාත්ම දැන් මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය දන්නවා. පෙරකල
ඔබ සියලු දෙනාම නූගතුන් විය. සත්ගුරු ඔබට දැනුමේ තෙල ලබා දුන් විට, අවිදු අන්ධකාරය
දුරු විය. පිදුම් ලබන්නට සුදුසුව සිටි අය, පසුව, වඳින්නන් විය. දෙවියන් පිදුම්
ලබන්නට සුදුසුව සිට පසුව වඳින්නෙක් වූ බව කිව නොහැක. ඔහු උත්තරීතර වශයෙන් පිදුම්
ලබන්නට සුදුසුයි. ඔබ සියලු දෙනාව පිදුම් ලබන්නට සුදුසු කරවන්නේ ඔහුයි. ඔහු උත්තරීතර
වශයෙන් පිදුම් ලබන්නට සුදුසු ඒකායන කෙනා ලෙස හැඳින්වෙයි. ’උත්තරීතර පියා, උත්තරීතර
ජීවාත්මය’ යනු පරමාත්ම දෙවියන්ය. ක්‍රිෂ්ණා පිළිබඳව ඔබ මෙසේ නොකියනු ඇත. ඔහුට දෙවි
පියාණන්, යැයි කිසිවෙකු නොකියයි. දෙවි පියාණන් යැයි සෑම කෙනෙක්ම කියන්නේ, අශාරීරික
දෙවියන්ටයි. ඔහුද ජීවාත්මයක් වන නමුත්, ඔහු උත්තරීතර බැවින්, ඔහුට දෙවියන් යැයි
කියයි. එම උත්තරීතර ජීවාත්මය සෑම විටම වාසය කරන්නේ උත්තරීතර දේශයේය. ඉංග්‍රීසියෙන්
ඔහුට සුප්‍රීමි සෝල් යැයි කියයි. පියා පවසන්නේ ජීවාත්ම සහ උත්තරීතර ජීවාත්මය, බොහෝ
කලක් වෙන්ව සිටි බව, ඔබ ගායනාද කරයි. උත්තරීතර ජීවාත්මය, උත්තරීතර ජීවාත්මයෙන් බොහෝ
කාලයක් වෙන්ව සිටියා නොවෙයි. නැහැ, ජීවාත්මය, උත්තරීතර ජීවාත්මය බවත්, උත්තරීතර
ජීවාත්මය, ජීවාත්මය බවත් පැවසීම, පළමු පෙළේ අඥානකමකි. ජීවාත්ම, උපත් සහ
පුනරුත්පත්ති චක්‍රය තුළට පැමිණෙයි. පරමාත්ම දෙවියන් පුනර්භව නොගනී. පියා මෙතැන
අසුන්ගෙන ඔබට පහදා දෙයි භාරතයේ ජනතාව වන ඔබලා, පිදුම් ලබන්නට සුදුසු දෙව්ලොව වාසීන්
විය. පිදුම් ලබන්නට සුදුසු මානව ජීව, දේවතාවන් විය. ඔබ සියලු දෙනාම දෙවියන්ගේ පවුලේ
අයයි. දෙවියන්, නිර්මාණකරුය. මෙසේ ගායනා කෙරෙයි මවත් පියාත් ඔබ වන අතර අප ඔබගේ
දරුවන්ය. එබැවින් මෙය පවුලකි, එහෙම නේද? හොඳයි, ඔබ ’මව සහ පියා’ යැයි කියන විට, ඉන්
හැඳින්වෙන්නේ කවරෙක්ද? මෙසේ පවසන්නේ කවුද? ජීවාත්මය මෙසේ කියයි මවත් පියාත් ඔබ වන
අතර ඔබගේ ආශිර්වාදයෙන් අපට දිව්‍ය ලෝකයේදී බොහෝ දිව්‍යමය සතුට හිමි විය. අපගේ මව සහ
පියා වන ඔබ, පැමිණ, දිව්‍ය ලෝකය ස්ථාපිත කරයි. එබැවින් අපි ඔබගේ දරුවන් වනවා. පියා
පවසන්නේ මා පැමිණ නව ලෝකය වෙනුවෙන් ඔබට රාජයෝගාව උගන්වන්නේ සංගම යුගයෙදී පමණයි.
මනුෂ්‍යයන්ගේ බුද්ධි, සම්පූර්ණයෙන්ම පහත් බවට පත් වී ඇත ඔවුන් දිව්‍ය ලෝකය, අපාය
යැයි සලකයි. ඔවුන් පවසන්නේ, කාන්ස්, ජරාසඳ, හිරන්‍යකශ්‍යප (අසුරයන්ගේ නම්) ආදීන්ද
එහි වාසය කළ බවයි. පරමාත්ම පියා පැමිණ විස්තර කරන්නේ ඔබට සෑම දෙයක්ම අමතක වෙලාද? ඔබ
භාරතයේ මගේ උපන් දිනය පවා සමරයි. ’ශිවාගේ රාත්‍රිය’ද සිහි කෙරෙයි. මෙය කුමන
රාත්‍රියද? මෙය බ්‍රහ්මාගේ අසීමිත රාත්‍රියයි. පරමාත්ම පියා, සංගම යුගයෙදි පැමිණ,
රාත්‍රිය, දිවාකල බවට පරිවර්ථනය කරයි, එනම්, අපාය දිව්‍ය ලෝකය බවට. ’ශිවාගේ
රාත්‍රිය’ ගැන කිසිවෙකුට වැටහෙන්නේ නැත. දෙවියන් අශාරීරිකයි. මනුෂ්‍යයන්ගේ සිරුරු
වලට ලබා දෙන නම්, උපතින් උපතට වෙනස් වෙයි. දෙවියන් පවසන්නේ මට ශාරීරික නමක් නැත.
මගේ නම ශිවා පමණයි. මා පැරණි, විශ්‍රාමික සිරුරක ආධාරය ගන්නවා පමණයි. ඔහු පිදුම්
ලබන්නට සුදුසුව සිට, දැන් වඳින්නෙක් බවට පත් වී ඇත. ශිව බාබා පැමිණ, දිව්‍ය ලෝකය
ස්ථාපනය කරයි. ඔබලා ඔහුගේ දරුවන්ය. එබැවින්, ඔබලා දිව්‍ය ලෝකයේ අධිපතියන් විය
යුතුයි. උසස්ම-උසස් වන්නේ ශිව බාබාය. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ට ඔවුන්ගේම චරිත
කොටස් තිබේ. සෑම ජීවාත්මයකටම ඔහුගේ සතුට සහ දුකෙහි චරිත කොටස තිබේ. ඔබ ශිව බාබාගේ
උරුමකරුවන් වූ බව, ඔබ දන්නවා. ශිව බාබා, ඔබව, දිව්‍ය ලෝකයේ වාසීන් බවට පත් කළා, සෑම
කෙනෙක්ම ඔහු සිහි කරන්නේ මේ නිසාය. අහෝ දෙවියණේ, අනුකම්පා කළ මැනවි! මෙහි දුක ඇති
නිසා, තාපසයන් පවා ආධ්‍යාත්මික උත්සාහයන් දරයි. ඔවුන්ට නිර්වාණ දේශයට යාමට අවශ්‍ය
මේ නිසාය. ජීවාත්මයක්, උත්තරීතර ජීවාත්මයට මුසුවන බව විශ්වාස කිරීම හෝ ජීවාත්මයක්,
උත්තරීතර ජීවාත්මය බව විශ්වාස කිරීම වැරදිය. ඔබ දැන් පවසන්නේ ජීවාත්ම, උත්තරීතර
දේශයේ නිවැසියන්ය. අපි දේවතා වංශයට ගොස් ඉන්පසුව උපත් 84ක් ගනිවි. ජීවාත්ම වන අප,
විවිධ වංශ තුළින් යයි. ශිව බාබා, උපත් සහ මරණ චක්‍රය තුළට ඇතුළු වන්නේ නැත. තිබුණේ,
නාරායනගේ පෙළපත පමණයි. ක්‍රිස්තියානුවන් අතරේ, පළමුවන, දෙවන සහ තුන්වන එඩ්වඩ්
ආදින්, සිටි ආකාරයෙන්ම, එහි, පළමුවන ලක‍්ෂ්මි සහ නාරායන, දෙවන ලක‍්ෂ්මි සහ නාරායන,
තෙවන ආදිය සිටිවි. මේ ආකාරයෙන් පෙළපත් අටක් සිටියි. ඔය බ්‍රහ්මණයන්ගේ තෙවැනි ඇස
දැන් විවෘත වී තිබේ. පරමාත්ම පියා මෙහි අසුන් ගෙන කතාකරන්නේ ජීවාත්මයන්ටයි. ඔබ උපත්
84හි චක්‍රය වටා ගොස්, බොහෝ උපත් ගනී. විවිධ වංශ පෙන්වන පිංතූරය තිබේ. ඉන්
දේවතාවන්, ක‍්ෂත්‍රියයන්, වෛශ්‍යයන් සහ ශුද්‍රයින් පෙන්නුම් කෙරෙයි. බ්‍රහ්මණයන් වන
ඔබලා, මුදුන් ගැටය බව ඔබට දැන් වැටහෙයි. මෙකල අපි ප්‍රායෝගික අන්දමකින් දෙවියන්ගේ
දරුවන්ය. මෙම පහසු රාජයෝගාව සහ දැනුම තුළින් අපට බොහෝ සතුට ලැබෙයි. ඇතමුන් සූර්ය
පෙළපත් රාජධානියේද, ඇතැමුන් චන්ද්‍ර පෙළපත් රාජධානියේද උරුමයක් ලබයි. මුළු
රාජධානියම ස්ථාපිත කෙරෙනවා. ඔබ සෑම කෙනෙක්ම ඔබ දරන උත්සාහයට අනුව, ඔබගේම තත්ත්වය
හිමි කරගනිවි. ඔහු ඉගෙන ගන්නා අතර, තම සිරුර අත්හළේ නම්, ඔහුට කුමන තත්ත්වයක් හිමි
වෙයිද කියා කෙනෙක් විමසුවේ නම්, බාබාට එය ඔහුට පැවසිය හැක. යෝගාවෙන් ඔබගේ ආයුෂ වැඩි
වන අතර, ඔබගේ පාපයන් දුරු වෙයි. අපවිත්‍ර බවින් පිවිතුරු වීමට වෙනත් මඟක් නැත.
ඔවුන් ’පාරිශුද්ධකරු’ ගැන පවසන විට, ඔවුන් දෙවියන්ව සිහි කරන නමුත්, ඔවුන් දෙවියන්
කවුරුන්ද කියා නොදනී. පියා පවසන්නේ මා පැමිණෙන්නේ භාරතයේ පමණයි. මගේ උපන් ස්ථානය
මෙයයි. සෝම්නාථ දේවාලය බොහෝ අලංකාරයි. පරම පියා මෙහි අසුන් ගෙන මේ සියලුම දේවල් ඔය
දරුවන්ට විස්තර කර දෙයි. ඉන්පසුව භක්ති මාර්ගයේදී සිහිවටන නිර්මාණය කිරීම ආරම්භ
වෙයි. ඔබ වඳින්නන් වන විට, ඔබ පළමුවෙන්ම දේවාලයක් තනන්නේ සෝම්නාථටයි. ස්වර්ණමය සහ
රිදී යුගයන්හිදි, භාරතය බොහෝ ධනවත් විය. දේවාල වල පවා බොහෝ ධනය තිබිණි. භාරතය,
දියමන්ති තරම් වටිනා විය. දැන් භාරතය සිප්පි කටු මෙන් දුගී වී ඇත. පරම පියා පැමිණ
ඇත්තේ, භාරතය, දියමන්ති මෙන් වටිනා කිරීමටයි. නිර්මාණකරු කවරෙක්ද කියා කෙනෙකුගෙන්
විමසන්න, එවිට ඔහු, ’දෙවියන්!’ යැයි කියනු ඇත. ඔහු කොහිද? එවිට ඔවුන් ’ඔහු සෑම
තැනකම සිටිනවා!’ යැයි කියනු ඇත. පරම පියා පවසන්නේ මෙම මුළු වෘක‍්ෂයම සම්පූර්ණ
පරිහාණියේ තත්ත්වයකට පත් වී ඇත. ඔබ මමා සහ බාබාගේ සිහසුනේ අසුන් ගැනීමට තරම් වටිනා
වී ඇද්ද කියා, ඔබ තමන්ව පරීක‍්ෂා කර බැලිය යුතුයි. මෙම ලෝකය අපවිත්‍රයි. ප්‍රධානතම
දෙය පාරිශුද්ධත්වයයි. වර්තමානයේ, නිරෝගී බව, ධනය හෝ සතුට නොමැත. මෙම රාජධානිය
මිරිඟුවක් වැනිය. එම ග්‍රන්ථයේ දුර්යෝදන ගේ කතා පුවත පදනම් වී තිබෙන්නේ මෙය මතය.
දූෂිත අයට, දුර්යෝදන යැයි කියයි. ඇගේ ගෞරවය ආරක‍්ෂා කර දෙන ලෙස, ද්‍රෞපදී හඬ
නැඟුවේය. ඔබ සියලු දෙනාම ද්‍රෙපදීන්ය. දිව්‍ය ලෝකයේ දොරටු වන්නේ මෙම දියණියන්ය.
බාබා ඉතා හොඳින් පහදා දෙයි! ඉතා හොඳින් යෝගාවේ තම බුද්ධි සම්බන්ධ කර ඇති අයට, ධාරණය
කරගැනීමටද හැකි වෙයි. දැනුම හදාරන්නේ බ්‍රහ්මචාරීව සිටින අතරයි. පරම පියා විස්තර
කරන්නේ නිවසේ වාසය කරමින්, නෙළුම් මලක් මෙන් රැඳී සිටින්න. දෙපිරිසටම ඔබගේ වගකීම්
ඉටු කරන්න. සෑම කෙනෙක්ම අනිවාර්යෙන්ම මිය යා යුතුයි. කෙනෙක් මිය යාමට ආසන්න වූ විට,
ඔහුට මන්ත්‍රයක් ලබා දෙයි. පියා පවසන්නේ ඔබ සෑම කෙනෙක්ම මිය යාමටයි යන්නේ. සියලු
මරණයන්ගේ මරණය වන මා, සෑම කෙනෙක්ම ආපසු රැගෙන යාමටයි, පැමිණ සිටින්නේ. එබැවින් බොහෝ
සතුට තිබිය යුතුයි. හොඳින් ඉගෙන ගන්නා අය, දිව්‍ය ලෝකයේ අධිපතියන් වෙයි. ඉගෙන
නොගන්නා අය, පුරවැසියන්ගේ තත්ත්වය ලබයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ රාජකීය තත්ත්වයක් හිමි
කරගැනීමටයි. මෙය ඉගෙනුමක් බැවින්, මෙහි අන්ධ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙම
ඉගෙනුම, රාජධානියක් සඳහාය. නිදසුනක් ලෙස, ඔබගේ ඉගෙනුමේ අරමුණ සහ ඉලක්කය වන්නේ
නීතිඥයෙක් වීම නම්, ඔබගේ යෝගාව නිසැකයෙන්ම තිබෙන්නේ, ඔබට එසේ වීමට කියා දෙන
ගුරුවරයා සමඟයි. මෙහි, ඔබට පරමාත්ම දෙවියන් උගන්වන බැවින්, ඔබගේ යෝගාව ඔහු සමඟ විය
යුතුයි. පරම පියා පවසන්නේ මම බොහෝ ඈත, පරම දේශයේ සිට පැමිණියෙමි. පරම දේශය,
තිබෙන්නේ බොහෝ ඉහළය! එය සූක‍්ෂම දේශයටත් වඩා ඉහළින් තිබෙන නමුත් මට එහි සිට
පැමිණීමට ගත වන්නේ තත්පරයකි. මෙයට වඩා වේගවත් කිසිවක් තිබිය නොහැක. මා ඔබට
තත්පරයකදී ජීවන-මුක්තිය පිරිනමමි. ජනක්ගේ නිදසුන තිබේ. මෙය දැන් අපායේ පැරණි
ලෝකයයි. නව ලෝකයට, දිව්‍ය ලෝකය යැයි කියයි. පරමාත්ම පියා අපායේ විනාශය දිරිගන්වා,
ඔබව දිව්‍ය ලෝකයේ අධිපතියන් බවට පත්කරවයි. ඉතිරි සියලුම ජීවාත්ම, සාම දේශයට යයි.
ජීවාත්මයක් අමරණීය වන අතර එයට අමරණීය චරිත කොසක් ලැබී තිබේ. එබැවින් ජීවාත්මයක් වඩා
විශාල හෝ කුඩා වන්නේ කෙසේද, එමෙන්ම එය පුළුස්සා දමන්නේ හෝ මිය යන්නේ කෙසේද?
ජීවාත්මයක් තාරකාවක් පමණයි. එයට ඊට වඩා විශාල හෝ කුඩා විය නොහැක. ඔබලා දැන් දෙවි
පියාණන්ගේ ශිෂ්‍යයින්ය. පියාණන් වන පරමාත්ම දෙවියන්, දැනුමින් පිරි මෙන්ම
ආනන්දයෙන්ද පිරී සිටියි. ඔහු ඔබට උගන්වනවා. මෙම ඉගෙනුම තුළින් ඔබ දේවතාවන් වන බව ඔබ
දන්නවා. ඔබ භාරතයට සේවය කරනවා. පළමුව, ඔබ පියාට අයත් විය යුතුයි. වෙනත් ස්ථාන වල,
ඔවුන් තම ගුරූ වෙතට යයි, එබැවින් ඔවුන් ගුරූට අයත්ය, එනම්, ඔවුන් ඔහුව තම ගුරූ බවට
පත් කරගනී. මෙහි ඔබට පරම පියා සිටියි. එබැවින් පළමුවෙන්ම පියාගේ දරුවෙක් වන්න! පියා
ඔය දරුවන්ට ඔහුගේ දේපළ දෙයි. පියා පවසන්නේ දරුවනි, ඔබට තිබෙන සෑම දෙයක්ම හුවමාරු
කරගන්න. පිදුරු තරම් වටින ඔබගේ සෑම දෙයක්ම මා සතු වන අතර, මට ඇති සෑම දෙයක්ම ඔබගේය.
ඔබගේ සිරුර ඇතුළුව, ඔබට තිබෙන සෑම දෙයක්ම මට දෙන්න. මා ජීවාත්මය වන ඔබව සහ ඔබගේ
සිරුර යන දෙකම පිවිතුරු කර, ඉන්පසුව ඔබට රාජකීය තත්ත්වයක්ද ලබා දෙන්නම්. ඔබට තිබෙන
සෑම දෙයක්ම කැප කරන්න, එවිට ඔබට ජීවන-මුක්තිය හිමි වෙයි. බාබා, මේ සෑම දෙයක්ම
ඔබගේය. පරම පියා පවසන්නේ මාව ඔබගේ උරුමකරු කරගන්න. මා ඔබව උපත් 21කට උරුමකරුවන් බවට
පත් කරවනවා. මගේ උපදෙස් පිළිපදින්න, එපමණයි. ඔබට ඔබගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යා
හැක, විදේශයන්හි සංචාරය කළ හැක, එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක. මගේ උපදෙස්
පිළිපදින්න එපමණයි! ප්‍රවේසම් වන්න! එසේ නැත්නම් මායා ඔබව නැවත නැවතත් වට්ටයි.
කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න. ඔබ ශ්‍රීමත් පිළිපදින විට, ඔබ ශ්‍රේෂ්ඨ
වෙයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ජිවාත්මය
සහ සිරුර යන දෙකම පිවිතුරු කිරීම සඳහා, ඔබගේ සිරුර ඇතුළුව, ඔබට ඇති සෑම දෙයක්ම
පරමාත්ම පියාට කැප කර, ඔහුගේ උපදෙස් පිළිපදින්න.
2. මව සහ පියාගේ
සිහසුනේ අසුන් ගැනීමට, තමාව සුදුසු කරගන්න. සුදුසු වීමට, පාරිශුද්ධත්වය නම්
ප්‍රධානතම ගුණධර්මය ධාරණය කරගන්න.
වරදානය:
සංගම් යුගයේ
ද්විත්ව ලැබීමකට අයිතියක් ලැබ, ඔබ අතීන්ද්‍රිය සුඛය අත්විඳිත්වා.
සංගම් යුගයේ
අතීන්ද්‍රිය ප්‍රීතිය අත්විඳින දරුවන්ට නිරන්තර සාමය සහ සතුට යන ද්විත්ව ලැබීම් වල
කුල්මත්භාවයක් ඇත. මෙයට හේතුව මෙම ලැබීම් දෙකම අතීන්ද්‍රිය සුඛයට ඒකාබද්ධ වී ඇති
බැවිනි. පරම පියාගෙන් වර්තමානයේ ඔය දරුවන් ලබන ලැබීම් සහ උරුමය මුළු චක්‍රයේ වෙනත්
කිසිදු අවස්ථාවක අත්විඳිය නොහැක. මෙම කාලයේ ලැබීම් යනු අතීන්ද්‍රිය සුඛය සහ මෙම
ඥානය වන අතර ඒවා වෙනත් කිසිදු අවස්ථාවක ලබා ගත නොහැක. එබැවින්, මෙම ද්විත්ව ලැබීම්
සඳහා අයිතියක් හිමි කර ගන්න.
පාඨය:
එකිනෙකාගේ
සංස්කාර දැනගෙන සුසංයෝග කරමින් ඉදිරියට යාම ප්‍රගතියක් ලබා ගැනීමේ මාර්ගයයි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
පහසු ස්වභාවයක් ඇති
අය නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටිති. ප්‍රබෝදමත් හදවතක් ඇති අය සියල්ලන්ම ආකර්ෂණය
කරති. ප්‍රබෝදමත්ව සිටීම යනු අතීන්ද්‍රිය සුඛයේ පැද්දීමයි. මෙම ඥානය මතගාමින්,
අව්‍යක්ත අවධිය අත්විඳින අතර අතීන්ද්‍රිය සුඛයේ පැද්දෙමින් සිටීම ප්‍රබෝදමත්ව සිටීම
ලෙස හැඳින්වේ. මේ සඳහා, නොබැඳි නිරීක්ෂකයෙකුගේ අසුනේ රැඳී සිට විනෝදයක් ලෙස මායා සහ
පදාර්ථයේ රූකඩ සංදර්ශනය නරඹන්න.
මාතේශ්වරිගේ ශ්‍රේෂ්ඨ
අමිල වදන්
සත්‍ය පත්ශා, වන
පරමාත්ම ජීවය සමඟ අවංක වන්න.
මෙකල අපගේ පියා වන
පරමාත්ම දෙවියන්ගෙන් අපට මෙම නියෝගය ලැබී තිබේ : නිරන්තරයෙන් මා සිහිපත් කරන්න.
යෝගාවේ අරුත වන්නේ පරමාත්ම දෙවියන්ගේ සිහිපත් කිරීමේ සිටීමයි. යෝගා යනු ධ්‍යාන ගත
වීම නොවේ. මෙය, අප ඇවිදින විට, එහෙ මෙහෙ යන එන විට සහ අපගේ සියලු කාර්යයන් සිදු කරන
අතර සිහිකිරීමේ සිටින, අපගේ පහසු යෝගාවයි. මෙය නොබිඳුණු, නිරන්තර යෝගාව ලෙස
හැඳින්වෙයි. කෙසේවෙතත්, නිරන්තරයෙන් යෝගාවේ සිටීමට අප පුහුණු විය යුතුයි. අප ඔහුගේ
නියෝග පිළිනොපදින්නේ නම්, අප අකීකරු වන්නේ නම්, අපට නියත වශයෙන්ම දඬුවම් විඳීමට
සිදු වෙයි. ඔහුගේ නියෝග වන්නේ : මා කුමන ක්‍රියා සිදු කළත්, ඔබගේ පියවර මා අනුව
තබන්න, නොඑසේ නම් මායා ඔබට හානි කරයි. සත්‍ය පත්ශා (අධිරාජයා) සමඟ අවංක වන්න. මායා
ඔබට කුමනාකාරයේ බාධක ගෙනැවිත් කරදර කළත් මේවාද ඔහු ඉදිරියේ තබන්න, එවිට ඔහුගේ
උපකාරයෙන් මායා ඉවත් වී ඔබගේ මාවත පැහැදිලි වෙයි. ඉන්පසුව ඔහු ඔබට කොහේ අසුන්
ගැනීමට සැලැස්වුවත්, ඔබව කොහොම ගමන් කරවූවත්, ඔහු ඔබට කුමක් කැවුවත්, මාවත පැහැදිලි
වෙයි. මේ ආකාරයෙන් ඔබගේ ඇසුර ලබා දීමට, ඔබට බොහෝ එඩිතරකම අවශ්‍ය වෙයි. ජයග්‍රාහී
මාලාවේ ඇමිණෙන, සිය ගුණයක් භාග්‍යවන්ත, එවන් ශ්‍රේෂ්ඨ අය සිටින්නේ ඉතා සුළු
පිරිසකි. සුළු දෙයක් පමණක් ලබාගෙන පුරවැසියන් වන අය සුළුවෙන් භාග්‍යවන්තයි. එබැවින්
ඔබට සුළු වශයෙන් පමණක් ලැබුණු විට සතුටු නොවන්න. සෑම දෙයක්ම සම්පූර්ණයෙන් ලබා
ගැනීමේ ආශාව ඇති කරගන්න. එඩිතරව ඉදිරියට ගමන් කරන්න. මායා බාධක ගෙන එන නමුත් ඔබ ඇය
ජයගත යුතුයි. මෙහිදි ඔබ අතින් වැරදීමක් සිදු වුණොත් එයට හේතුව වන්නේ ඔබ තුළ
විශ්වාසය නොමැතිකම හෝ ඔබගේ ධාරණාවේ යම් අඩුවකි. මෙය ඔබගේ වරදක්. මෙහිදි මිනිසුන්ගේ
අදහස් සහ චාරිත්‍ර වාරිත්‍ර වලට ඇති ඔබගේ බන්දන බිඳ දැමිය යුතුයි. ඔබට සත්‍ය
පාරලෞකික විනය නීති මාලා ලැබෙන්නේ, ඔබ ඒවාගෙන් මිදුණු විට පමණයි. මෙම දූෂිත ලෝකය
අවසන් වීමටයි යන්නේ. බලන්න, මීරාට වුවද ගිරිදරව(ක්‍රිෂ්ණා) ලැබුණේ ඇය මිනිසුන්ගේ
අදහස් වලින් මිදුණු විටයි. ඔබ මිනිසුන්ගේ මතවාද අල්ලා ගෙන සිටින්නේ නම්, ඔබට
දිව්‍යමය ලෝකයේ සාමාජිකයෙක් විය නොහැක. ඔබට දැන් දේවමය අවවාද ලබා දෙන්නේ ඔබගේම යහපත
වෙනුවෙනි. ඔබ කළ යුත්තේ කුමක්ද සහ නිවැරදි මෙන්ම යුක්ති සහගත වන්නේ කුමක්ද කියා
ඔබගේ බුද්ධියෙන් ඔබ දැන් තීරණය කළ යුතුයි.