08.07.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ මෙම ජීවිතය ඉතාමත්ම වටිනා එකකි, මන්ද, ඔබ දැන් ශ්‍රීමත් වලට අනුව ලොවට
සේවය කරන නිසා. ඔබ මෙම අපාය දෙව්ලොවක් බවට පත් කරවමින් සිටියි.
ප්‍රශ්නය:
ඔබගේ සතුට
අතුරුදහන් වන්නේ කුමන හේතුවක් නිසාද, ඔබ එය නිරාකරණය කරන්නේ කෙසේද?
පිළිතුර:
ඔබගේ සතුට අතුරුදහන් වන්නේ 1. ඔබ ශරීර අවධානයට පත් වූ විට සහ 2. ඔබගේ හදවත තුළ
සැකයන් ඇති වූ විට. මේ නිසයි ඔබට බාබා අවවාද කරන්නේ : සැකයක් ඇති වූ වහාම ඒ පිළිබඳව
බාබා ගෙන් විමසන්න. ජීවාත්ම අවධානයේ සිටින්නට පුහුණු වන්න, එවිට ඔබ නිරන්තර සතුටට
පත්වේවි.
ඕම් ශාන්ති.
දෙවියන් උසස්ම
උසස්ය. දෙවියන් ඔහුගේ දරුවන් ඉදිරියේ කතා කරයි මා ඔබව උසස්ම උසස් අය බවට පත්
කරවන්නෙමි. එබැවින් ඔය දරුවන් බොහෝ සේ සතුට අත්විඳිය යුතුයි. බාබා ඔබව මුළු ලොවටම
අධිපතියන් බවට පත් කරවන බව ඔබට වැටහේ. මනුෂ්‍යයින් කියන්නේ උත්තරීතර පියා, උත්තරීතර
ජීවය උසස්ම උසස් කෙනා කියාය. පියාම පවසන්නේ මම ලොවට අධිපති වන්නේ නැත. දෙවියන් කතා
කරයි මනුෂ්‍යයින් කියන්නේ දෙවියන් උසස්ම උසස් කෙනා කියාය, එහෙත් මා පවසන්නේ මාගේ
දරුවන් උසස්ම උසස් අය බව කියාය. ඔහු මෙය ඔබට ඔප්පු කර පෙන්වයි. ඔහු පෙර චක්‍රයේදී
කළ පරිදි, නාටකයට අනුව, ඔබට උත්සාහ කිරීමට දිරි ගන්වයි. පියා දිගින් දිගටම විස්තර
කරයි ඔබට යම් දෙයක් නොවැටහෙයි නම්, ඒ පිළිබඳව අසන්න. මනුෂ්‍යයින් කිසිම දෙයක් දන්නේ
නැත. ඔවුන් මෙම ලොව පිළිබඳව හෝ දෙව්ලොව පිළිබඳව හෝ නොදනී. ඇමරිකාවේ සිටින අය බොහෝ
ධනවත් විය හැක, එහෙත් ලක‍්ෂ්මි සහ නාරායන් තරම් ධනවත් වීමට කිසිවෙකුට නොහැක, පෙර
විසූ රජවරුන්ට හෝ අධිපතීන්ට වත් නොහැක. ඇමරිකාවේ ධවල මන්දිරය ආදිය ගොඩ නංවා ඇතත්,
එහි, දියමන්ති සහ මැණික් එබ්බ වූ රත්රං නිවසක් තිබේ. එයට කියන්නේ සතුටෙහි දේශය
කියාය. ඔබ පමණයි වීරයන්ගේ සහ වීරවරියන්ගේ චරිත රඟපාන්නේ. ඔබ දියමන්ති බවට පත්වෙයි.
එය ස්වර්ණමය යුගය වී තිබුණේ ය, දැන් එය කලියුගයයි. පියා පවසන්නේ ඔබ බොහෝ සෙයින්
භාග්‍යවන්තයි. දෙවියන්ම මෙතැන අසුන්ගෙන ඔබට විස්තර කර දෙයි. එබැවින් ඔබ බොහෝ
සතුටින් සිටිය යුතුයි. ඔබගේ මෙම ඉගෙනුම නව ලොවටයි. ඔබ ලොවට සේවය කරන බැවින්, ඔබගේ
මෙම ජීවිතය බොහෝ සෙයින් වටිනා එකකි. මිනිසුන් පියාට මෙසේ කන්නලව් කරයි එන්න, ඇවිත්
අපාය දෙව්ලොව බවට පත්කරවන්න. මිනිසුන්, දෙව්ලොව දෙවි පියාණන් ගැන කතා කරයි. පියා
පවසන්නේ ඔබ දෙව්ලොව සිටියේය, එසේ නොවේද? ඔබ දැන් සිටින්නේ අපායේ. ඉන්පසු ඔබ නැවතත්
දෙව්ලොව හිඳී. අපාය ඇරඹෙන විට, දෙව්ලොවෙහි දේවල් ඔබට අමතක වෙයි. මෙය නැවත වතාවක්
සිදුවෙයි ස්වර්ණමය යුගයෙන් ඔබ අනිවාර්යෙන්ම කලියුගයට යා යුතුයි. බාබා නැවත නැවතත්
ඔය දරුවන්ට කියන්නේ ඔබගේ සතුට අතුරුදහන් වීමට හේතු වන සැකයක් ඔබගේ හදවතෙහි තිබෙන
ඕනෑම විටෙක එය පියාට කියන්න. පියා මෙතැන අසුන් ගෙන ඔබට උගන්වයි. එබැවින් ඔබ ඉගෙන ගත
යුතු නොවේද? ඔබ ශරීර අවධානයට පත්වන බැවිනුයි ඔබට එම සතුට නොමැත්තේ. සතුට තිබිය
යුතුයි, එසේ නොවේද? පියා අධිපති වන්නේ බ්‍රහ්මාන්දයට පමණයි, එනමුදු ඔබ ලොවට අධිපති
වෙයි. පියාට නිර්මාණකරු යැයි කියන මුත්, ලොවෙහි කිසිවක් ඉතිරි නොවන සේ සම්පූර්ණ
වශයෙන්ම නැති වී, ඉන්පසු ඔහු අළුතින් ලෝකයක් නිර්මාණය කරන්නේ නැත. පියා පවසන්නේ මා
කරන්නේ පැරණි ලොව අළුත් කරවීමය. මා ඔබව නව ලොවට අධිපතියන් කොට, පැරණි ලොවෙහි විනාශය
සිතිවිලි මඟින් දිරිගන්වමි. මා කිසිවක් කරන්නේ නැත. මෙයද නාටකයේ නියම වූවකි. ඔබ
මාහට ආරාධනා කරන්නේ පැරණි ලොවට පැමිණෙන්නට පමණයි. මා ඔබව දේවත්වයේ ස්වාමීන් බවට
පත්කරවන්නෙමි. එබැවින් ඔය දරුවන්ම දේවත්වයේ දේශයට යන මුත්, මාහට කිසි විටෙක එහාට
පැමිණෙන්නට යැයි ආරාධනා කරන්නේ නැත. ඔබ කිසි විටෙක මට ආරාධනා කොට මෙසේ කියනවාද?
බාබා පැමිණ දේවත්වයේ දේශයේ සංචාරය කරන්න. ඔබ මට කිසි විටෙක එහෙට ආරාධනා කරන්නේ නැත.
සෑම කෙනෙක්ම පැරණි ලොවෙහි, දුකට පත් වූ විට දෙවියන්ව සිහිකරයි, යැයි කියැවේ. ඔවුන්ට
සතුට ඇති විට, කිසිකෙනෙක් ඔහුව සිහිපත් කරන්නේ නැත. ඔවුන් මා සිහිපත් කරන්නේ හෝ මට
ආරාධනා කරන්නේ හෝ නැත. තඹ යුගයේදී ඔවුන් නිකම්ම මට දේවාල තනා, මගේ පිළිරුවක් එහි
තබයි. ගලින් නොවේ නම්, දියමන්ති වලින් ලිංගමයක් නිර්මාණය කොට, වන්දනාමාන කිරීම සඳහා
ඔවුන් එය එහි තබයි. මේවා බොහෝ සේ චමත්කාරජනක දේවල්ය! ඔබගේ දෙසවන් හොඳින් විවෘතව තබා
මෙම දේවලට හොඳින් සවන් දෙන්න. ඔබගේ දෙසවන්ද පාරිශුද්ධත්වයට පත් කළ යුතුයි. පළමුව
පාරිශුද්ධත්වය තිබිය යුතුයි. මෙසේ කියැවේ සිංහ දේනුවකගේ කිරි තැන්පත් කළ හැක්කේ
රත්තරන් කෙණ්ඩියක පමණයි. මෙහිදීද පාරිශුද්ධත්වය ඇති විට ඔබට දැනුම ධාරණය කළ හැකි
වෙයි. පියා පවසන්නේ විශාලතම සතුරා රාගය වන අතර, එය පරාජය කළ යුතුයි. මෙය ඔබගේ අවසාන
උපතයි. මෙය එම මහාභාරත යුද්ධයම බවත් ඔබ දන්නවා. සෑම චක්‍රයකදීම විනාශය සිදුවෙන
අයුරින්, ඒ හා සර්වසමාන අන්දමටම, නාටකයට අනුව එය දැනුදු සිදුවෙයි. දිව්‍ය ලෝකයේ දී
ඔය දරුවන් තමන්ගේම මාළිගාවන් පෙර චක්‍රයේදී ගොඩ නැංවූ සමාන ආකාරයටම නැවත වතාවක් ගොඩ
නැංවිය යුතුයි. දිව්‍යලෝකයට, පාරාදීසය යැයි ද කියයි. ’පාරාදීසය‘ යන වචනය පුරාණ නම්
ග්‍රන්ථයන්ගෙන් ගෙන ඇත. මානසවිලේ (ආශ්චර්යමත් විලක්) සුරඟනාවන් ජීවත් වන බවත්, එම
විලේ නාන ඕනෑම කෙනෙක් සුරඟනාවක් වන බවත් ඔවුන් කියයි. ඇත්ත වශයෙන්ම එය ග්‍යාන්
මානසවිලයි (දැනුමේ විලයි). එහි නෑමෙන් ඔබ සම්පූර්ණයෙන්ම පරිවර්ථනය වෙයි. ලස්සන
කෙනෙකුට සුරංගනාවියක් යැයි කියයි. සුරංගනාවියක් කියන්නේ අත්තටු තිබෙන කෙනෙක් නොවේ.
ඔබ පාණ්ඩවයන්ට ’මහාවීරයන්‘ යැයි කියන්නා සේම, එම මිනිසුන් පාණ්ඩවයන්ගේ සහ ඔවුන්ගේ
ගුහා ආදියේ අති විශාල ප්‍රතිමා නිර්මාණය කර ඇත. ඔවුන් භක්ති මාර්ගයේ බොහෝ සෙයින්
මුදල් අපතේ යවයි. පියා පවසන්නේ මා ඔය දරුවන්ව බොහෝ සේ ධනවත් කළේය! ඔබ එතරම් මුදලකට
කුමක්ද කළේ? භාරතය බොහෝ ධනවත්ව තිබිණි. දැන් භාරතය පත් වී ඇති තත්ත්වය දෙස බලන්න!
100% ධනවත්ව සිටි අය දැන් 100% දිළිඳුභාවයට පත්වී ඇත. ඔය දරුවන් දැන් බොහෝ සැළසුම්
සූදානම් කළ යුතුයි. ඔබ දරුවන්ට විස්තර කර දිය යුතුයි ශිව් බාබාව මෙනෙහි කිරීමෙන් ඔබ
ක්‍රිෂ්ණා වගේ වෙයි. ක්‍රිෂ්ණා, ක්‍රිෂ්ණා බවට පත්වූයේ කෙසේදැයි කිසිවෙකු නොදනී.
ඔහු ක්‍රිෂ්ණා බවට පත්වූයේ ඔහුගේ පූර්ව ජන්මයේ ශිව් බාබාව මෙනෙහි කිරීමෙන්. එබැවින්
ඔය දරුවන් බොහෝ සතුටට පත්විය යුතුයි. කෙසේවෙතත්, අන් අයට නිරන්තරයෙන් සේවය කරන අයට
පමණයි අසීමිත සතුට අත්විඳිය හැක්කේ. ප්‍රධානතම දේ වන්නේ ඔබගේ ධාරණය, ඔබගේ හැසිරීම
ඉතාම, ඉතාමත්ම රාජකීය විය යුතුයි. ඔබගේ ආහාර, පාන ඉතා හොඳ විය යුතුයි. ඔය දරුවන්
වෙතට පැමිණෙන ඕනෑම කෙනෙකුට සෑම අයුරකින්ම සේවය කළ යුතුයි භෞතිකව මෙන්ම
ආධ්‍යාත්මිකව. ඔවුන්ට ආධ්‍යාත්මිකව සහ භෞතිකව යන දෙවිදියෙන්ම සේවය කළ විට ඔබ බොහෝ
සතුට අත්විඳියි. පැමිණෙන ඕනෑම කෙනෙකුට සත්‍ය නාරායන්ගේ සත්‍ය කතාව කියන්න. ආගමික
ග්‍රන්ථ වල බොහෝ කතා ලියා ඇත. බ්‍රහ්මා, විෂ්ණුගේ නාභියෙන් මතු වූ බව ඔවුන් කියයි.
බ්‍රහ්මා ගේ දැත්වල ආගමික ග්‍රන්ථ පෙන්වා ඇත. දැන්, විෂ්ණුගේ නාභියෙන් බ්‍රහ්මා
මතුවන්නේ කේසේද? මෙය බොහෝ සේ ගැඹුරු රහසකි! වෙනින් කිසිවෙකුට මෙය වැටහෙන්නේ නැත.
කිසිවෙකු නාභියකින් මතුවීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. බ්‍රහ්මා, විෂ්ණු වන අතර,
විෂ්ණු බ්‍රහ්මා වෙයි බ්‍රහ්මාට විෂ්ණු වීමට ගතවන්නේ තත්පරයකි. ’තත්පරයකදී ජීවන්
මුක්තිය‘ යැයි කියැවේ. පියා මට දර්ශනයක් පෙන්වා මෙසේ කීවා ඔබ විෂ්ණුගේ ස්වරූපය බවට
පත්වෙයි. මට තත්පරයකදී විශ්වාසය ඇතිවිය. මා විනාශය පිළිබඳ දර්ශනයක්ද දුටිමි. එසේ
නැත්නම්, මා කල්කටාවල රාජකීය සැප විඳිමින් ජීවත් වුනෙමි. මට කිසි අපහසුකමක්
නොතිබුණු අතර මහා රාජකීයත්වයකින් ජීවත් වූයෙමි. පියා ඔබට දැන් දැනුමේ මිණිමුතු වල
ව්‍යාපාරය උගන්වමින් සිටියි. මෙම ව්‍යාපාරය සමඟ සසඳන විට එම ව්‍යාපාරයේ කිසිවක්
නොතිබුණු තරම්ය. කෙසේවෙතත්, මෙම කෙනාගේ කොටස සහ ඔබලාගේ කොටස් අතර වෙනසක් ඇත. බාබා
ඔහු තුළට ඇතුළු වූ විට, ඔහු ක‍්ෂණයකින් සෑම දෙයක්ම අත් හළේය. බත්තිය නිර්මාණය කළ
යුතුව තිබුණි. ඔබද සෑම දෙයක්ම අත් හළේය. ඔබ ගංඟාව තරණය කොට බත්තියට පැමිණියෝය.
සිදුවූයේ කුමක්ද කියා බලන්න, ඒත් ඔබ වෙන කිසි දෙයක් ගැන තැකීමක් කළේ නැත. ක්‍රිෂ්ණා
ස්ත්‍රීන්ව පැහැර ගත් බව කියැවේ. ඇයි? ඔවුන්ව රාජිනියන් බවට පත් කිරීමට. මෙම බත්තිය
නිර්මාණය කළේ ඔය දරුවන්ව දෙව්ලොව අධිරාජිනියන් බවට පත් කරවීමටයි. ග්‍රන්ථ වල බොහෝ
කතා ලියා ඇත. කෙසේවෙතත්, ප්‍රායෝගික අන්දමින් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ කුමක්ද කියා
ඔබහට දැන් වැටහෙයි. කිසිවෙකු පැහැර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. පෙර චක්‍රයේද
ඔහු නින්දා ලැබූ අතර ඔහුගේ නමටද අගෞරව කළේය. මෙය නාටකයයි. කුමක් සිදුවුවත් එය පෙර
චක්‍රයේ සිදු වූ ආකාරයටමයි සිදුවන්නේ. පෙර චක්‍රයේදී රාජධානිය හිමි කර ගත් අය
අනිවාර්යෙන්ම පැමිණෙන බව ඔබට ඉතා පැහැදිලිව වැටහෙයි. පියා පවසන්නේ මමද සෑම
චක්‍රයකදීම පැමිණ භාරතය දෙව්ලොව බවට පත් කරවන්නෙමි. ජන්ම 84 ක මුළු ගණනයම පෙන්වා
ඇත. ස්වර්ණමය යුගයේදී ඔබ අමරණීයව වෙසෙයි. එහි අකල් මරණ නැත. මරණය පරාජය කිරීමට ශිව්
බාබා ඔබව දිරි ගන්වයි. ඔහු පවසන්නේ මම සෑම මරණයකම මරණයයි. ඒ පිළිබඳ භක්ති කතා
පුවත්ද තිබේ. ඔබ මරණය පරාජය කරයි. ඔබ දැන් අමරණීය දේශයට යමින් සිටියි. අමරණීය දේශයේ
උසස් ස්ථානයක් අත්පත් කර ගැනීම සඳහා පළමුව ඔබ පාරිශුද්ධ විය යුතු අතර, දෙවනුව
දිව්‍යමය ගුණාංග ධාරණය කර ගත යුතුයි. තමන්ට දිනපතා වාර්තා සටහනක් තබා ගන්න. ඔබ
රාවණ් තුළින් පාඩුවක්ද, මා තුළින් ලාභයක්ද අත්විඳියි. ව්‍යාපාරිකයන්ට මෙම දේවල්
හොඳින් වැටහෙයි. දැනුමේ මිණිමුතු මේවායි. ව්‍යාපාරිකයන් ඉතා ස්වල්ප දෙනයි එම කෙනා
සමඟ ව්‍යාපාර කරන්නේ. ඔබ මෙහි පැමිණ ඇත්තේ ව්‍යාපාර කරන්නයි. සමහරු ඉතා හොඳින්
ව්‍යාපාර කොට උපත් 21 කට දෙව්ලොව වාසිය හිමිකර ගනී. උපත් 21 කට පමණක්මත් නොවේ, ඔබ
උපත් 50 ක් 60 ක් පමණ ඉතාමත් සතුටින් සිටියි. ඔබ කෝටිපතියන් වෙයි. දෙවි දේවතාවුන්ගේ
දෙපා මුල නෙළුම් මල් පෙන්වා ඇත. කිසිවෙකුටු එහි තේරුම වැටහෙන්නේ නැත. ඔබ දැන්
කෝටිපතියන් බවට පත්වෙමින් සිටියි. එබැවින් ඔබ බොහෝ සතුට අත්විඳිය යුතුයි! පියා
පවසන්නේ මම බොහෝ සෙයින් සාමාන්‍යයි. මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව දෙව්ලොව රැගෙන
යන්නයි. ඔබ මට කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධත්වයට පමුණුවන්නා පැමිණෙන්න! පැමිණ අපව
පිවිතුරු කරන්න. පිවිතුරු මනුෂ්‍යයන් වාසය කරන්නේ සතුටු දේශයේය. සාම දේශය පිළිබඳව
කිසිම ඉතිහාසයක් හෝ භූගෝලයක් හෝ තිබිය නොහැක. එය ජීවීන්ගේ වෘක‍්ෂයයි. සූක‍්ෂම ලෝකය
පිළිබඳ ගැටළුවක් නොමැත. කෙසේවෙතත්, ලෝක චක්‍රය බ්‍රමණය වන අන්දම ඔබට දැන් වැටහෙයි.
ස්වර්ණමය යුගයේ ලක‍්ෂ්මි සහ නාරායන්ගේ පෙළපත තිබුණි. එක් ලක‍්ෂ්මි සහ නාරායන්
කෙනෙක් පමණක් එහි පාලනය කරනවා නොවේ. ජනගහණය වැඩිවීම සිදුවෙයි. ඉන්පසු තඹ යුගයේදි,
වැඳුම් ලබන්නට සුදුසුව සිටි අය, වන්දනාකරුවන් බවට පත්වෙයි. මිනිසුන් ඉන්පසු
දෙවියන්ට මෙසේ කියයි ’ඔබ වැඳුම් ලබන්නට සුදුසු අයෙක් මෙන්ම වන්දනාකරුවෙකි‘, ඔවුන්
දෙවියන් සර්ව ව්‍යාප්තියි යැයි කියන අයුරින්ම. ඔබට මෙම දේවල් වැටහෙයි. චක්‍රයෙන්
භාගයක්ම, දෙවියන් උසස්ම උසස් කෙනා බව ඔබ කීවේය. දැන් දෙවියන් ඔබට කියන්නේ ඔය දරුවන්
උසස්ම උසස් අයයි. එබැවින් එවැනි පියෙකුගේ අවවාද ඔබ පිළිපැදිය යුතු නොවේද? ඔබගේ
ගෘහයද ඔබ රැක බලා ගත යුතුයි. සෑම කෙනෙකුටම මෙහි සිටිය නොහැක. සෑම කෙනෙක්ම මෙහි
සිටියේ නම්, අති විශාල ගොඩනැගිල්ලක් සෑදිය යුතු වෙයි. මොහොතක දර්ශනයක් ලබා ගැනීමට,
පහළ සිට ඉහළට ඉතාමත් දිග පෝළිමක් මෙහි සෑදෙන අයුරු ඔබට දිනෙකදී දැකගත හැකි වනු ඇත.
කෙනෙකුට මොහොතක දර්ශනයක් ලබාගත නොහැකි වන විට, ඔහු දෝෂාරෝපණය කිරීමට පටන්ගනියි.
ඔහුට අවශ්‍ය මහාත්මාගේ දර්ශනයක් ලබාගැනීමටයි. කෙසේවෙතත්, එම කෙනා දරුවන් ගේ පියා වන
අතර, ඔහු උගන්වන්නේ ඔහුගේ දරුවන්හට පමණයි. ඔබ මාර්ගය පෙන්නුම් කරන සමහරෙකු ඉතා
හොඳින් ඉදිරියට ඇදෙන අතර, තවත් සමහරුන්ට කිසිවක් ධාරණය කර ගත නොහැක. බොහෝ දෙනෙකු මේ
සෑම දේකටම සවන් දී, ඉන්පසු එළියට ගියවිට මේ සෑම දෙයක්ම හැර දමා යති. එම සතුට නොමැත
ඉගෙනුම මෙන්ම යෝගාද නොමැත. වාර්තා සටහනක් තබා ගන්න කියා බාබා ඔබට නිතරම කියයි.
නැතිනම් බොහෝ පසුතැවිලි ඇති වෙයි. ඔබ බාබාව කෙතරම් සිහිපත් කරනවාදැයි බැලීමට ඔබගේ
වාර්තා සටහන පරීක‍්ෂා කරන්න. භාරතයේ ඉපැරණි යෝගාව පිළිබඳව බොහෝ ප්‍රශංසා තිබේ. පියා
විස්තර කරන්නේ ඔබට යමක් නොවැටහෙයි නම්, බාබාගෙන් ඒ ගැන අසන්න. පෙර කළ ඔබ කිසිවක්
දැන සිටියේ නැත. බාබා පවසන්නේ මෙය කටු වලින් ගහණය වූ කැලයකි. විශාලතම සතුරා රාගයයි.
මෙම වදන්ම ගීතාවේ සඳහන් කොට ඇත. මිනිසුන් ගීතාව පාඩම් කළ මුත් එහි තේරුම දැන සිටියේ
නැත. බාබා ඔහුගේ ජීවිතය පුරාම ගීතාව පාඩම් කළේය. ගීතාවේ පණිවිඩය ඉතාමත් ශ්‍රේෂ්ඨ බව
ඔහු විශ්වාස කළේය. භක්ති මාර්ගයේ, ගීතාවට බොහෝ සෙයින් ගෞරව කරයි. විශාල ගීතාවන්
මෙන්ම කුඩා ගීතාවන්ද තිබේ. ශ්‍රී ක්‍රිෂ්ණාගේ සහ අනෙකුත් දේවතාවන්ගේ එම පිංතූරම
පයිසා කිහිපයකට මිලදී ගත හැක. ඉන්පසු එම පිංතූර වලින් විශාල දේවාල නිර්මාණය කරයි.
ඔබ විජයග්‍රාහි මාලාවේ පබුළුවක් විය යුතු බව පියා විස්තර කරයි. එවැනි, බොහෝ සෙයින්
මිහිරි බාබාට ’බාබා, බාබා‘ යැයි කියන්න! බාබා ඔබට දෙව්ලොව රාජ්‍යය ලබා දෙන බව
ඔබගෙන් සමහරෙකුට වැටහෙයි. කෙසේ වුවද, එම අයම, දැනුම අසා ප්‍රබෝධමත් වී, වෙනත් අයටත්
මෙම දැනුම කියා දී, ඉන්පසු බාබාව අත්හැර පලා යෑමට මායා ඔවුන්ව පොළඹවයි. ඔබ ’බාබා‘,
යැයි කියන විට, ’බාබා‘හි අරුත ’බාබා‘යි! භක්ති මාර්ගයේද ඔහු සෑම ස්වාමියෙකුගේම
ස්වාමියා, යැයි සිහිපත් කෙරේ. සෑම ගුරු කෙනෙකුටම ඇත්තේ එක් ගුරු කෙනයි. ඔහු අපගේ
පියාණන්ය. ඔහු ඥාන සාගරයයි, පාරිශුද්ධත්වයට පමුණුවන්නායි. ඔය දරුවන් පවසන්නේ බාබා
අපි ඔබගෙන් සෑම චක්‍රයකදීම අපගේ උරුමය හිමි කරගත්තේය. අපට සෑම චක්‍රයකදීම ඔබව මුණ
ගැසෙයි. අපිට අනිවාර්යෙන්ම අපගේ අසීමිත උරුමය, ඔබගෙන්, අපගේ පියාගෙන් ලැබෙයි.
ප්‍රධානතම දෙය ඇල්ෆායි. ඉන්පසු බීටා, රාජධානිය, එහි අන්තර්ගත වී ඇත. ’බාබා‘ ගෙන්
කියැවෙන්නේ උරුමයක්ය. එය සීමිත වන අතර මෙය අසීමිතයි. සීමිත බාබා ලා බොහෝ සිටියත්,
ඇත්තේ එක් අසීමිත පියෙක් පමණයි. අච්චා.
වසර 5000කට පසුව
පැමිණ නැවත මා හමු වූ දරුවන්ට බාප්දාදාගෙන් සෙනෙහස, සිහිපත් කිරීම සහ සුබ උදෑසනක්.
ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. භෞතික සහ
සූක‍්ෂම සේවයෙහි යෙදී අසීමිත සතුට අත්විඳින්න, තවද අන් අයටද මෙම අත්දැකීම ලබා
දෙන්න. ඔබගේ හැසිරීමේ මෙන්ම ඔබගේ ආහාර පානයේද බොහෝ සෙයින් රාජකීයත්වය රැකගන්න.
2. අමරණීය දේශයේ උසස්
තත්ත්වයක් හිමි කර ගැනීම සඳහා, පාරිශුද්ධ වන්න ඒ සමඟම දිව්‍යමය ගුණාංගද ධාරණය
කරගන්න. ඔබ කොතෙක් බාබාව සිහිපත් කරනවාදැයි බැලීමට ඔබ ගේ වාර්තා සටහන පරීක‍්ෂා
කරන්න. තමන්ට අවිනාශී ආදායමක් රැස් කරගන්නවාදැයි පරීක‍්ෂා කරන්න. සෑම දෙයක්ම ධාරණය
කර ගැනීමට හැකි වන සේ ඔබගේ දෙසවන් පාරිශුද්ධ කරගන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් සෙනෙහසෙහි ගිලී සිටින සහ සේවය කරන අතරතුර, සිහිපත් කිරීමේ අත්දැකීම් වල
ධාවන තරඟවල යෙදෙන ජීවාත්මයක් වේවා.
ඔබ සිහි කිරීමෙන්
රැඳී සිටින නමුත්, දැන් ඔබ එම සිහි කිරීමෙන් ලැබෙන ලැබීම් පිළිබඳ ඔබේ අත්දැකීම වැඩි
කර ගත යුතුයි. දැන් විශේෂ කාලයක් වෙන් කර මේ සඳහා අවධානය යොමු කරන්න, එවිට ඔබ
සෙනෙහසේ ගිලී අත්දැකීම් සාගරයක අතරමං වූ ජීවාත්මයක් ලෙස හඳුනා ගනු ඇත. මෙම වාතාවරණය
තුළ ඔබට පාරිශුද්ධත්වය සහ සාමය දැනෙන ආකාරයටම, ඔබ සෙනෙහසේ ගිලී සිටින උසස් යෝගී
ජීවාත්මයක් බව අත්විඳිය යුතුයි. ඥානයේ බලපෑමක් ඇති නමුත් දැන් ඔබ යෝගාවේ
සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වීමේ බලපෑම ද ඇති කරන්න. සේවය කරන අතරතුර, සිහිපත්
කිරීමේ අත්දැකීම් වල ගිලී සිටිමින් සිහිපත් කිරීමේ වන්දනා ගමනේ අත්දැකීම් තරඟය සිදු
කරන්න.
පාඨය:
දැන් මෙහිදී
සාර්ථකත්වය පිළිගැනීම යනු ඔබේ අනාගත ඵලය දැන්මම අවසන් කර ගැනීමයි.
අව්‍යක්ත සංඥාව:
සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.
ඔය දරුවන් උසස්
සිතිවිලි වල බලයෙන් පිරීපුන් වන තරමට ශ්‍රේෂ්ඨ සේවයේ ස්වරූපය සිදුවන ආකාරය ඔබට
පැහැදිලිව දැකගත හැකි වනු ඇත. ඔය සෑම කෙනෙකුටම, යම් කෙනෙකු ඔබට කතා කරන බවත්, යමෙකු
ඔබට ආයාචනා කරන බවත්, දිව්‍යමය බුද්ධියක් සහ පිරිසිදු සිතිවිලි ඇති බවත් අත්විඳිනු
ඇත. සමහරු පියා සහ මෙම ස්ථානය දිව්‍ය දර්ශනයකින් දකිනු ඇත. දෙයාකාරයේම අත්දැකීම්
සමඟින්, ඔබ ඉතා සීඝ්‍ර වේගයකින් ඔබේ උසස් ගමනාන්තයට ළඟා වනු ඇත.