08.08.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ උපත් 84 ක චක්‍රය අවසන් කර, දැන් නිවහනට යෑමට ඇති බැවින් නිරතුරුව සතුට
රඳවා ගන්න. කර්මය විඳීමට ඉතිරිව ඇත්තේ තව ටික දිනක් පමණයි.
ප්‍රශ්නය:
පාපකාරී
ක්‍රියාවන් පරාජය කිරීමට සිටින ඔය දරුවන්, පාපකාරි ක්‍රියාවන්ගෙන් ආරක‍්ෂා වී සිටීම
සඳහා, බොහෝ සෙයින් අවධානය යොමු කළ යුත්තේ කුමන කාරණාව පිළිබඳවද?
පිළිතුර:
ඔබ කිසිම විටෙක ශරීර අවධානයට පත් නොවන්නට අවධානයෙන් සිටින්න. සෑම පාපකාරී
ක්‍රියාවකටම හේතුව ශරීර අවධානයයි. එබැවින් නැවත නැවතත් ජීවාත්ම අවධානයට පත් වී පියා
සිහිපත් කරන්න. ඔබ අනිවාර්යෙන්ම හොඳ සහ නරක ක්‍රියාවන්ගේ ඵලය නෙලාගනී. අවසානයේදී
ඔබගේ හෘදය සාක්‍ෂිය ඔබට දොස් නඟයි. එබැවින් මෙම උපතේදී කළ පාපකාරී ක්‍රියාවන්ගේ
බරින් සැහැල්ලු වීම සඳහා සෑම දෙයක්ම අවංකවම පියාට කියන්න.
ඕම් ශාන්ති.
උතුම්ම
ගමනාන්තය වන්නේ සිහිපත් කිරීමයි. බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වන්නේ දැනුමට සවන් දීමට
පමණයි. මෙම දැනුම වටහා ගැනීම ඉතාමත්ම පහසුයි. ඔබට ඇත්තේ උපත් 84 හි චක්‍රය වටහා ගෙන
ස්වදර්ශන චක්‍රධාරී වීම පමණයි. එහි ඊට වඩා දෙයක් නැත. ඔබ සෑම කෙනෙක්ම ස්වදර්ශන
චක්‍රධාරීන් බව ඔය දරුවන්ට වැටහෙයි. ඔවුන් ක්‍රිෂ්ණා කරන බවට පෙන්වා ඇති පරිදි, ඔබ
චක්‍රයෙන් කිසිවෙකුගේ ගෙල කපා දමන්නේ නැත. ලක්ෂ්මි සහ නාරායන්, විෂ්ණුගේ ද්විත්ව
ස්වරූපයයි. ඔවුන්ට ස්වදර්ශන චක්‍රයක් තිබේද? ඉතිං ඔවුන් ක්‍රිෂ්ණාව චක්‍රයක් සමඟ
පෙන්වා ඇත්තේ මන්ද? ක්‍රිෂ්ණාගේ එවන් පිංතූර රාශියක් තිබෙන සඟරාවක් තිබේ. පියා
පැමිණෙන්නේ ඔබට රාජයෝගා උගන්වන්නයි ඔහු චක්‍රයකින් රාක‍්ෂයන්ගේ බෙලි කපා දමන්නේ
නැත. රාක‍්ෂයෙක් යනු රාක‍්ෂ ස්වභාවයක් ඇති කෙනෙක්ය, එසේ නමුත් මනුෂ්‍යයින් යනු
මනුෂ්‍යයින්ය. ඔහු සෑම කෙනෙක්වම ස්වදර්ශන චක්‍රයෙන් මරා දමනවාහෙම නොවේ. බලන්න භක්ති
මාර්ගයේ ඔවුන් නිර්මාණය කර ඇති සියලුම විවිධ වු පිංතුර දෙස. එහි දහවලත් රාත්‍රියත්
මෙන් වෙනසක් ඇත. සියලුම දෙනා නළුවන් බැවින්, ඔය දරුවන් මුළු චක්‍රයම සහ සම්පූර්ණ
නාටකයම දැන සිටිය යුතුයි. එම සීමිත නළුවන් ඔවුන්ගේ නාටක දන්නවා. මෙම නාටකය
අසීමිතයි. මෙය විස්තර ඇතුව වටහා ගත නොහැක. එම නාටක පැය 2 ක් පවතී. සෑම කෙනෙකුගේම
කොටසේ විස්තර දැන ගන්නට ලැබෙයි. මෙහිදී, එය උපත් 84 ක් ගැන දැනගැනීම පිළිබඳ
කාරණාවකි. මම බ්‍රහ්මාගේ රථයට ඇතුළු වන්නෙමි යැයි පියා විස්තර කර තිබේ. බ්‍රහ්මාගේ
උපත් 84 හි කතා පුවත ද තිබිය යුතුයි. මෙම දේවල් මනුෂ්‍යයින්ගේ බූද්ධිය තුළට ඇතුළු
වන්නේ නැත. ඇත්තේ උපත් මිලියන 8. 4 ක්ද නැතහොත් උපත් 84 ක්ද කියාවත් ඔවුන්ට
නොවැටහේ. පියා පවසන්නේ මම ඔබගේ උපත් 84 හි කතා පුවත කියන්නෙමි. එය උපත් මිලියන 8. 4
ක් නම් එය කීමට වසර ගණනාවක් යයි. ඔබ සෑම දෙයක්ම තත්පරයක දී දැනගනී. මෙය උපත් 84 හි
කතා පුවතයි. උපත් 84 හි චක්‍රය වටා අපි ගියේ කෙසේද? එය උපත් මිලියන 8. 4 ක් නම් එය
තත්පරයකදී වටහා ගැනීමට නොහැකි වනු ඇත. උපත් මිලියන 8. 4 ක් නොමැත. ඔය දරුවන් උපත්
84 හි චක්‍රය අවසන් කර ඇති බවත්, දැන් ආපසු නිවහනට යෑමට ඇති බැවිනුත් සතුටට පත්විය
යුතුයි. කර්මය විඳීමට ඉතිරිව ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ඔබගේ පාපයන් පුළුස්සා
දමන අන්දමත්, ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වන අන්දමත් ඔබට පෙන්වා දී තිබේ. පියා
විස්තර කරන්නේ මෙම උපතේදී ඔබ සිදුකර ඇති සියලුම පාපයන් පියාට ලිඛිතව දෙන්න. එවිට
ඔබගේ බර සැහැල්ලු වෙයි. ඔබගේ උපත් ගණනාවේ පාප ගැන ඔබ කිසිවෙකුට ලිවිය නොහැක.
පාපකාරී ක්‍රියාවන් දිගටම සිදුවෙමින් පවති. රාවණ්ගේ රාජධානියේ ආරම්භයේ සිටම,
ක්‍රියා පාපකාරී විය. ස්වර්ණමය යුගයේ ක්‍රියාවන් අකර්මයන්ය. දෙවියන් කතා කරයි මා
ඔබට කර්ම, විකර්ම සහ අකර්ම පිළිබඳ න්‍යාය විස්තර කර දෙන්නෙමි. පාප පරාජය කරන්නන්ගේ
කාලවකවානුව, ලක්ෂ්මි සහ නාරායන්ගෙන් ආරම්භ වෙයි. මෙය ඉනිමගෙහි පිංතූරයේ ඉතා
පැහැදිලිය. මෙම කරුණු ආගමික ග්‍රන්ථ වල සඳහන් වන්නේ නැත. සූර්ය සහ චන්ද්‍ර වංශික
රාජධානි වල රහස්, සහ ඔබලා එම අයම බවත් ඔය දරුවන්ට වැටහෙයි. ඔවුන් බහුරූපී ස්වරූපයේ
පිංතූර රාශියක් සෑදුවත් එහි තේරුම ඔවුන්ට නොවැටහේ. පියාට හැර අන් කිසිවෙකුට එය
විස්තර කළ නොහැක. බ්‍රහ්මාට ඉගැන්වූ, ඔහුට ඉහළින් ඉන්නා කෙනෙක් සිටිය යුතුයි, එසේ
නොවන්නේද? ගුරු කෙනෙක් ඔහුට ඉගැන්වූයේ නම්, එක් ගෝලයෙකු පමණක් සිටිය නොහැක. පියා
පවසන්නේ දරුවනේ, ඔබ පාරිශුද්ධත්වයෙන්, අපවිත්‍ර මෙන්ම, අපවිත්‍ර තත්ත්වයෙන්
පාරිශුද්ධත්වයටත් පත්විය යුතුයි. මෙයද නාටකයේ නියම වී තිබේ. ඔබ මෙම චක්‍රය වටා බොහෝ
වාරයක් ගොස් තිබේ. ඔබ දිගින් දිගටම එය වටේට පසු කරයි. ඔබ හැම අතින්ම දක්‍ෂ නළුවන්ය.
වෙන කිසිවෙකු, ආරම්භයේ සිට අවසානය තෙක්ම කොටසක් රඟපාන්නේ නැත. පියා පමණයි ඔබට
විස්තර කර දෙන්නේ. වෙනත් ආගම් වල අය මේ මේ කාල වලදී පැමිණෙන නමුත්, ඔබලාට හැම
අතින්ම දක්‍ෂ චරිතයක් ඇති බව ද ඔබ දනී. ක්‍රිස්තියානුවන් ස්වර්ණමය යුගයේ සිටින බව
ඔබ නොකියයි. ඔවුන් පැමිණෙන්නේ තඹ යුගයේ මැද දීය. මෙම දැනුම ඔය දරුවන්ගේ බුද්ධියේ
පමණක් ඇති අතර, ඔබට එය ඕනෑම කෙනෙකුට විස්තර කළ හැක. වෙනින් කිසිවෙකු ලොවෙහි මුල,
මැද සහ අවසානය නොදනී. ඔවුන් නිර්මාණකරු නොදන්නා බැවින් නිර්මාණය පිළිබඳව දැනගන්නේ
කෙසේද? මෙම නිවැරදි දේවල් මුද්‍රණය කොට ගුවන් යානයකින් සෑම තැනකටම හෙලන ලෙස බාබා
ඔබට කියා තිබේ. අසුන්ගෙන මෙම කරුණු සහ මාතෘකා පිළිබඳව ලියන්න. කිරීමට කිසිම සේවයක්
නොමැති බව සමහර දරුවන් කියයි. කිරීමට සේවය බොහෝ සෙයින් තිබේ. ඔබට හුදකලාව මෙහි
ඉඳගෙන මෙම වැඩ කළ හැක. ඔබ සියලුම විශාල සංවිධානයන් මෙන්ම, ගීතා පාඨශාලාවන් ආදියද
අවදි කළ යුතුව ඇත. සියලුම දෙනාට ඔබ පණිවිඩය දිය යුතුයි මෙය ඉතාමත්ම උතුම් සංගම්
යුගයයි. නුවණැත්තන් ඉක්මණින්ම වටහා ගනී. අළුත් ලොවෙහි ස්ථාපනය මෙන්ම පැරණි ලොවෙහි
විනාශය ද සංගම් යුගයේදි අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. ස්වර්ණමය යුගයේ මනුෂ්‍යයින්
උතුම්ය. මෙහි, මනුෂ්‍යයින් අපවිත්‍ර මෙන්ම රාක‍්ෂක ස්වභාවයන්ගෙන් යුක්තයි. මිනිසුන්
බොහෝ දෙනෙකු කුම්භමේලාවන් වල, ස්නානය කිරීමටද යන බව බාබා විස්තර කර දී ඇත. ඔවුන්
ස්නානය කිරීම පිණිස එහි යන්නේ ඇයි? ඔවුන්ට පාරිශුද්ධ වීමට අවශ්‍ය බැවින්ය. මිනිසුන්
ස්නානය කිරිමට යන ස්ථාන වලට ගොස්, එහි සේවය කරන්න. එම ජලය, පාරිශුද්ධත්වයට
පමුණුවන්නා, නොවන බව ඔවුන්ට පහදා දෙන්න. ඔබට පිංතූර ද තිබේ. ගීතා පාඨශාලා වලට ගොස්
මෙම අත් පත්‍රිකා බෙදා දෙන්න. සමහර දරුවන්, සේවය කිරීමට ඉල්ලයි. ගීතාවේ දෙවියන්
උත්තරීතර පියා, උත්තරීතර ජීවය, ශිවා බවත්, ක්‍රිෂ්ණා නොවන බවත් ලියන්න. ඔහුගේ ජීවිත
කතාවේ ප්‍රශංසාව ලියන්න, ඒ සමඟම ශිව් බාබාගේ ජීවන කතා පුවත ද ලියන්න. එවිට ඔවුන්ටම
විනිශ්චය කළ හැකි වෙයි. පාරිශුද්ධත්වයට පමුණුවන්නා කවුරුන්ද පිළිබඳවත් කරුණු
ලියන්න. ඉන්පසු ශිවා සහ ශංකර් අතර වෙනස පෙන්වන්න. ශිවා, ශංකර්ගෙන් වෙනස් වන්නේ
කෙසේද කියාත් බාබා විස්තර කර දී ඇත. චක්‍රය වසර 5000 යි. මනුෂ්‍යයින් ගන්නේ උපත් 84
ක්ය, උපත් මිලියන 8.4 ක් නොවේ. මෙම ප්‍රධාන කරුණු කෙටියෙන් ලියන්න, එවිට අත්
පත්‍රිකා ගුවන් යානයකින් බිම හෙළිය හැකි වන අතර, ඔබට ඒවා භාවිත කොට විස්තර කර දීමටද
හැකි වෙයි. මේ මේ ආගම, මේ මේ කාල වකවානුවල ස්ථාපනය කළ බව චක්‍රයේ පිංතූරයෙන්
පැහැදිලිය. මෙම චක්‍රයේ පිංතූරයක් ඔබ ලඟ ද තිබිය යුතුයි. එබැවින් මුළු දැනුමම ලබා
දිය හැකි ප්‍රධාන පිංතූර 12 ක් ඇති, දින දර්ශන මුද්‍රණය කිරීමෙන් පහසුවෙන් සේවය
සිදුවෙයි. මෙම පිංතූර අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඔබ නිර්මාණය කළ යුත්තේ කුමන පිංතූරද
සහ ඒවායේ ලිවිය යුත්තේ කුමන කරුණුද කියා ලියන්න. ඔබ අදෘෂ්‍යමාන අන්දමකින් මෙම පැරණි
ලොව පරිවර්ථනය කරමින් සිටියි. ඔබ අප්‍රසිද්ධ සටන්කාමීන්ය ඔබව කිසිකෙනෙක් දන්නේ නැත.
බාබා අදෘෂ්‍යමාන වන අතර දැනුමද අදෘෂ්‍යමානය. ඉන් කිසිම ආගමික ග්‍රන්ථයක් නිර්මාණය
වන්නේ නැත. වෙනත් ආගමික නායකයන් ඔවුන්ගේ බයිබලය ආදිය මුද්‍රණය කරවා ගනී, මේවා
මිනිසුන් දිගින් දිගටම කියවයි. සෑම කෙනෙක්ම තමන්ගේම ආගමික ග්‍රන්ථය මුද්‍රණය
කරවාගනී. ඔබගේ එක භක්ති මාර්ගයේ මුද්‍රණය කරයි. වර්තමානයේ එය මුද්‍රණය නොකරයි, මන්ද
සියලූම ආගමික ග්‍රන්ථ ආදිය විනාශ වීමට යයි. වර්තමානයේ ඔබගේ බූද්ධීන් තුළ තිබිය
යුත්තේ මෙනෙහි කිරීම පමණයි. පියාගේ බුද්ධිය තුළ ද දැනුම ඇත. ඔහු ආගමික ග්‍රන්ථ ආදිය
පාඩම් කරන්නේ නැත. ඔහු දැනුමින් පරිපූර්ණයි. මිනිසුන් සිතන්නේ ’දැනුමින් පර්පූර්ණය‘
හි තේරුම, සෑම කෙනෙකුගේම හදවතෙහි ඇති දේවල් දන්නා කෙනා, එනම් දෙවියන් සෑම දෙයක්ම
දකින බවත්, මේ නිසා ඔහු ක්‍රියාවන්ගේ ඵලය ලබා දෙන බවත්ය. පියා පවසන්නේ මෙයද නාටකයේ
නියම වී ඇත. නාටකයේ ඔබ සිදු කරන ඕනෑම පාපයකට, දඬුවම් ගිණුමක්, ඔබ දිගින් දිගටම එකතු
කර ගනී. ඔබ හොඳ සහ නරක ක්‍රියාවන්ගේ ඵලය අනිවාර්යෙන්ම ලබයි. මේ කිසිවක් පිළිබඳව
ලිඛිතව සටහන් වී නොමැත. තමන්ගේ ක්‍රියාවන්ගේ ඵලය අනිවාර්යෙන්ම ඊලඟ උපතේදී ලබන බව
මනුෂ්‍යයින්ට වැටහෙයි. ඔවුන්ගේ අවසන් මොහොතේදී, සිදු කර ඇති විවිධ පාප නිසා ඔවුන්
ගේ හෘදය සාක්‍ෂිය බොහෝ සෙයින් කනස්සලු වෙයි. ඔවුන්ට සෑම දෙයක්ම මතක් වෙයි. ඔබගේ
ක්‍රියාවන් කෙලෙසද, ඔබ ලබන උපත ඒ අනුවයි. ඔබ දැන් පාපයන් පරාජය කරන්නන් බවට
පත්වෙමින් සිටියි. එබැවින් එවැනි පාප සිදු නොකළ යුතුයි. විශාලතම දුර්ගුණය වන්නේ
ශරීර අවධානයට පත්වීමයි. ජීව අවධානයට පත් වී පියා මෙනෙහි කරන ලෙස බාබා ඔබට නැවත
නැවතත් කියයි. ඔබ පාරිශුද්ධව විසිය යුතුයි. විශාලතම පාපය වන්නේ රාගයේ කඩුව භාවිත
කිරීමයි. මෙයයි, මුල සිට මැද හරහා, අවසානය තෙක්ම දුක ඇති කරන්නේ. සතුට යනු,
කපුටෙකුගේ අසූචි මෙනි, යැයි සන්‍යාසිවරු පවසන්නේ මේ නිසාය. එහි, දුක පිළිබඳ සඳහනක්
නොමැත. මෙහි ඇත්තේ දුක්ය, අන් කිසිවක් නොව දුකම පමණයි. මේ නිසයි සන්‍යාසින් හට
නිරාශාව ඇත්තේ. කෙසේවෙතත්, ඔවුන් වනගත වෙයි. ඔවුන්ගේ නිරාශාව සීමිත වන අතර ඔබගේ
නිරාශාව අසීමිතයි. මෙය අපවිත්‍ර ලෝකයකි. සෑම කෙනෙක්ම කියන්නේ බාබා, පැමිණ අපගේ දුක
නැති කර අපට සතුට ලබා දෙන්න, කියාය. පියා පමණයි දුක නැති කරවන්නා සහ සතුට ලබා
දෙන්නා වන්නේ. නව ලොවෙදි, එය දෙවි දේවතාවරුන්ගේ රාජධානිය වූ බව වැටහෙන්නේ ඔය
දරුවන්ට පමණයි. එහි කිසිම අන්දමක දුකක් නොවීය. කෙනෙක් තම ශරීරය අත්හළ විට, ඔහු
දෙව්ලොව වැසියෙක් වූ බව මිනිසුන් කියන මුත්, තමන් අපායේ සිටින බව හෝ තමන් මිය ගිය
විට දෙව්ලොව යන බව වත් ඔවුන් විශ්වාස කරන්නේ නැත. මිය ගිය කෙනා දෙව්ලොව ගියාද,
නැතිනම් ඔහු නැවතත් මෙම අපායට පැමිණියාද? ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. ඔය
දරුවන්ට, පියවරුන් තිදෙනාගේ රහස පිළිබඳව ඕනෑම කෙනෙකුට විස්තර කර දිය හැක. පියවරුන්
දෙදෙනා ගැන ඕනෑම කෙනෙකුට වටහා ගත හැක- ලෞකික සහ පාරලෞකික. තුන්වැන්නා- අලෞකික
ප්‍රජාපිතා බ්‍රහ්මා- සංගම් යුගයේදි සිටියි. බ්‍රහ්මිණ්වරුන්ද අවශ්‍යයි. අර
බ්‍රහ්මිණ්වරුන් බ්‍රහ්මාගේ මුඛයෙන් උපන් නිර්මාණයක් නොවේ. බ්‍රහ්මා සිටි බව ඔවුන්ට
වැටහෙයි, මේ නිසයි ඔවුන්, ’දේවතාවරුන් වීමට සිටින බ්‍රහ්මිණ්වරුන්ට නමස්කාර වේවා‘
යැයි කියන්නේ. මෙසේ පවසන්නේ කාටද කියාවත්, ඉන් සඳහන් වන්නේ කුමන බ්‍රහ්මිණ්වරුන්
පිළිබඳවද කියාවත් ඔවුන් නොදනි. වඩාත්ම උතුම් සංගම් යුගයට අයත් වන බ්‍රහ්මිණ්වරුන්
වන්නේ ඔබය. ඔවුන් අයත් වන්නේ කලි යුගයටයි. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් දේවතාවරුන්
බවට හැරෙන, වඩාත්ම උතුම් වූ සංගම් යුගය මෙයයි. දේවතා ධර්මය දැන් ස්ථාපනය වෙමින්
පවති. ඔය දරුවන් මේ සෑම කාරණයක්ම ධාරණය කරගෙන ඉන්පසු සේවය කළ යුතුයි. පිටව ගිය
ආත්මයකට නමස්කාර කරමින් ආහාර පූජා කරන අවස්ථා වලදී, ඔවුන් බ්‍රහ්මිණ් පූජකවරයෙකුට
ආරාධනා කරයි. ඔබට, ඔවුන් සමඟ කතාබස් කොට මෙසේ කිව හැක ’අපට ඔබව සත්‍ය
බ්‍රහ්මිණ්වරයෙකු බවට පත් කිරීමට පුළුවනි‘. මෙය දැන්, පිටව ගිය ආත්මයන්ට ආහාර
පිළිගන්වන විශේෂ මාසයයි. මෙය උපායශීලීව කළ යුතුයි. නැතහොත්, මිනිසුන් බ්‍රහ්ම
කුමාරින් වෙතට ගිය පසු ඔවුන් කරන සෑම දෙයක්ම නවත්වන බව කියැවෙයි. කිසිවෙකු කනස්සලු
වන අයුරින් කිසිවක් නොකළ යුතුයි. මෙම දැනුම, උපායශීලීව දිය හැක. එම බ්‍රහ්මිණ්වරුන්
අනිවාර්යෙන්ම පැමිණෙයි, මන්ද එවිට පමණයි ඔබට ඔවුන්ට මෙම දැනුම ලබා දිය හැකි වන්නේ.
මෙම මාසයේදී ඔබට ලෞකික බ්‍රහ්මිණ්වරුන්ට බොහෝ සෙයින් සේවය කළ හැක. ඔවුන්ට කියන්න
බ්‍රහ්මිණ්වරුන් වන ඔබලා ප්‍රජාපිතා බ්‍රහ්මා ගේ දරුවන්ය. බ්‍රහ්මිණ් ආගම ස්ථාපනය
කළේ කවුරුන්ද කියා අපට කියන්න. ඔබට නිවසේ ඉඳගෙනම ඔවුන්හට යහපත සැලසිය හැක. අමරනාථ
වන්දනාවේ යන මිනිසුන්ට, ලිඛිත දේවල්වලින් පමණක් එතරම් වටහා ගැනීමට නොහැකි වනු ඇත.
එහි ඉඳගෙන ඔවුන්ට විස්තර කරන්න අපි අමරනාථ පිළිබඳ සත්‍ය කතා පුවත ඔබට කියන්නෙමු.
අමරනාථ යැයි කියන්නේ එක් අයෙකුට පමණයි. අමරනාථ යනු අමරණීය දේශය ස්ථාපනය කරන කෙනාය.
එම දේශය ස්වර්ණමය යුගයයි. මෙම අන්දමින් ඔවුන්හට සේවය කරන්න. ඔබ එහි යා යුත්තේ පා
ගමනින්ය. එහි ගොස්, හොඳ සහ වැදගත් මිනිසුන්හට විස්තර කරන්න. ඔබට මෙම දැනුම
සන්යාසින්ටද දිය හැක. ඔබ මුළු ලොවටම සෙත සලසන්නන්ය. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්
මුළු ලොවටම සෙත සළසනවාය, යන කුල්මත්භාවය ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබට කාලය
ඇති විට, හුදෙකලාව අසුන්ගෙන, දැනුමේ හොඳ කරුණු කලඹන්න. ඉන්පසු ඒවා පිළිබඳව ලියන්න.
සෑම දෙනාටම පණිවිඩය ලබා දීමට හැකි සහ සෑම දෙනාටම සෙත සැළසිය හැකි ක්‍රම ගැන සිතන්න.
2. පාපකාරී
ක්‍රියාවන් ගෙන් ආරක‍්ෂා වී සිටීමට, ජීවාත්ම අවධානයට පත් වී පියා සිහිපත් කරන්න. ඔබ
තව දුරටත් පාපකාරී ක්‍රියාවන් නොකළ යුතුයි. ඔබ මෙම උපතේදී සිදු කර ඇති පාපී
ක්‍රියාවන් ගැන පියාට අවංකව කියන්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් බලවත් වී, උසස් කාර්යය ප්‍රායෝගික කරවමින්, එය පෙර නියම කරන ලද ඉරණම බව
දැනගනිත්වා.
එම උසස් නව ලෝකය පෙර
නියම කර තිබුණත්, බලවත් වීමේ ආශිර්වාදය ලැබූ දරුවන්, කර්ම දර්ශනය සහ එහි ඵලය,
උත්සාහය සහ එහි විපාකය සහ ඒවා උපකරණ බව දැන ගැනීම සහ නිහතමානීකම මත පදනම්ව එම
කාර්යය ඉටු කිරීමට උපකරණ බවට පත්වේ. ලෝකයේ මිනිසුන්ට කිසිදු බලාපොරොත්තුවක් දැකිය
නොහැකි අතර, ඔබ පවසන්නේ, මෙම කාර්යය බොහෝ වාරයක් සිදු කර ඇති බවත් එය දැන් පවා ඉටු
වෙමින් පවතින බවත්ය. මෙයට හේතුව, ස්වයං-පරිවර්ථනයේ ප්‍රායෝගික සාක්ෂි ඉදිරියේ,
වෙනත් කිසිදු ආකාරයක සාක්ෂියක් අවශ්‍ය නොවන බැවිනි. ඒ සමඟම, පරමාත්ම දෙවියන්ගේ
කාර්යය සැමවිටම සාර්ථකයි.
පාඨය:
ස්වල්පයක්
පැවසීමේ සහ වැඩිපුර කිරීමේ උසස් අරමුණ ඔබව ශ්‍රේෂ්ඨ කරවයි.
අව්‍යක්ත සංඥාව: සහජ
යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.
ඔබ කරන සේවයේ
සාර්ථකත්වය අත්කර ගැනීමට සහ ඔබේ ඉහළ නැඟීමේ අවධිය සඳහා එකම එක පියා කෙරෙහි නොබිඳුණු
සෙනෙහසක් ඇති කරගන්න. එකම පියා හැර අන් කිසිවක් දෘශ්‍යමාන වීමට ඉඩ නොදෙන්න. ඔබේ
සිතිවිලි තුළ බාබා සිටින විට, ඔබේ වචන වල බාබා සිටින විට සහ ඔබේ ක්‍රියාවන්හි
පියාගේ ඇසුර ඇති විට, ඔබට එවන් සෙනෙහසින් ඒකාබද්ධ වීමේ අවධියක් ඇති විට සහ එක්
වචනයක් හෝ කතා කරන විට, එම සෙනෙහසේ වචනය අනෙකුත් ජීවාත්මයන් ද සෙනෙහසින් බැඳ තබා
ගනු ඇත. සෙනෙහසින් ඒකාබද්ධ වූ ජීවාත්මයක් විසින් කථා කරන “බාබා” යන එක වචනයක් පවා
මැජික් මන්ත්‍රයක් මෙන් ක්‍රියා කරයි.