08.08.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සාමකාමීව රැඳී සිටීමේ ස්වභාවය ඉතා හොඳයි. සාමකාමී ස්වභාවයක් ඇති අය හරි මිහිරියි. නිෂ්ඵල දේවල් කතා කරනවාට වඩා කතා නොකර සිටීම හොඳයි.

ප්‍රශ්නය:
සියලු දෙනාම සෙනෙහස දක්වන්නේ කුමන දරුවන්ටද? තමන්ව ආරක‍්ෂිතව තබාගන්නා අන්දම කුමක්ද?

පිළිතුර:
බොහෝ උද්යෝගයකින් සහ සෙනෙහසින් සියලු දෙනාටම සේවය කරන අය, සියලු දෙනාගේ සෙනෙහස ලබයි. සේවය ගැන ඔබ තුළ කිසිම විටෙක අහංකාරකමක් නොතිබිය යුතුයි. පරම පියාගෙන් ඔබට ලැබී ඇති ඥාන කස්තුරි අන් අයට ලබා දී, සියලු දෙනාට ශිව බාබා ගැන සිහි කර දෙන්න. මෙම ස්මරණ වන්දනා ගමන තුළින් ඔබ බොහෝ ආරක‍්ෂිතව සිටිවි. ඔබ සිහි කිරීමේ සිටින ප්‍රමාණයට අනුව, ඔබට එතරම්ම සතුටක් ලැබෙන අතර ඔබගේ ආචාරශීලි බව නොකඩවා නිවැරදි වෙයි.

ඕම් ශාන්ති.
ඔය ආධ්‍යාත්මික දරුවන්ට පහදා දීමට, ආධ්‍යාත්මික පියා මෙහි අසුන්ගනී. ඔබට විස්තර කර දීමෙන් ඔහු ඔබව බොහෝ නුවණැත්තන් කරවයි. ඉගෙනුමද පහසුයි. එය භෞතික ඉගෙනුම වන අතර මෙය සූක‍්ෂම ඉගෙනුමයි. පරම පියා හැර වෙනත් කිසිවෙකුට මෙම ඉගෙනුම අපට ඉගැන්විය නොහැකි බව ඔය දරුවන් දන්නවා. පියා ඇවිත් සිටින්නේ අපව පිවිතුරු කිරීමට සහ අපට අධ්‍යාපනයක් ලබා දීමටයි. අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ තිබේ, එබැවින් එවන් පියෙක් සිහි කිරීමෙන් ඔබේ ඇඟේ හිරිගඩු පිපිය යුතුයි. දවසින් දවස අප සාමකාමීව රැඳී සිටිය යුතු බවත් ඔය දරුවන් දන්නවා. සියලු දෙනාම සාමයට බොහෝ සේ කැමතියි. වැදගත් මිනිසුන් වැඩියෙන් කතා නොකරන අතර ඔවුන් ශබ්ද නගා කතා කරන්නේද නැත. ඔබ බොහෝ වැදගත් මිනිසුන් බවට පත් වනවා, ඇත්ත වශයෙන්ම ඔබ මිනිසුන් වශයෙන් හැඳින්වෙන්නේ නැත, ඔබ දේවතාවන් බවට පත් වෙමින් සිටිනවා. දේවතාවන් කතා කරන්නේ ඉතා අඩුවෙන්ය. දැන් ඔබ දේවතාවන් වීමට යන නිසා, ඔබ ’කතානාදයෙන්’ වෙනස් වී, නිහඬව සිටීම පුහුණු විය යුතුයි. සාමයෙන් රැඳී සිටින අය, තමන් වෙතට අවධානය යොමු කරන බව වටහාගත හැක. ඔබට සාම දේශයට යාමට ඇති නිසා ඔබ ඉතා මුදු ලෙස කතා කළ යුතුයි. මෘදු ලෙස කතා කිරීමෙන් ඔබ එවිට සාම දේශයට යයි. ඔබ සාමයෙන් වඩාත් රැඳී සිටින තරමට, ඔබ සාමය වැඩියෙන් බෙදා හරියි. ඔබ බොහෝ සාමයෙන් රැඳී සිටිය යුතුයි. හඬ නගා කතා කිරීම හොඳ නැති බව හැඟෙයි. කෝපයද හොඳ නැත. ඔය දරුවන් තුළ කිසිම අවගුණයක් නොතිබිය යුතුයි. ඔබ කිසිවෙක් සමග සණ්ඩු සරුවල් නොකරන බවට ඔබ වගබලා ගත යුතුයි. පරම පියා පහදා දී තිබෙන්නේ නපුරු දේ නොඅසන්න, නපුරු දේ නොදකින්න. . . ඔබ අකමැති දේවල් ඇත්නම්, ඔබ ඒ නරක දේවලින් ඉවතට පිය මැනිය යුතුයි, එවිට දෙපිරිසම නිහඬ වෙයි. සෑම අවස්ථාවකම දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න. කෙනෙක් හඬ නගා කතා කරන විට ඔහුට කියන්න නිහඬ වන්න. මෙතරම් ශබ්ද නගන්න එපා. ඔබ සාමය ස්ථාපිත කරන බව ඔබ දන්නවා. සත් යුගයේ සාමය තිබෙනවා, එහෙම නේද? අශාරීරික ලෝකයේ සාමය තිබෙනවා. ඔබට සිරුරක් නොමැති විට ඔබ කතා කරන්නේ කෙසේද? පරම පියා ඔය දරුවන්ට ඉතා හොඳ ශ්‍රීමත් ලබා දෙයි. ඔහු පහදා දෙන්නේ සුමිහිරි දරුවනේ, ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. ’කතා නාදයෙන්’ ඔබ ’චලනයට’ යා යුතු අතර ඉන්පසුව ඔබ නිහඬතාවයට යයි. ඔබට මුණ ගැසෙන සියලු දෙනාටම මෙම පණිවිඩය ලබා දෙන්න. ඔබ වඩාත් නිහඬව සිටින තරමට, ඔබ තමන් ගැන සැලකිලිමත්කමේ (තම ලෝකයේ) ගිලී සිටින බව, මිනිසුන්ට වැඩියෙන් වැටහෙයි. සාමයෙන් සිටීමේ ස්වභාවය ඉතා හොඳයි. එවන් අය ඉතා මිහිරියි. නිෂ්ඵල දේවල් කතා කරනවාට වඩා කතා නොකර සිටීම වඩා හොඳයි. ඔබ සැබෑ පණිවිඩකරුවන්ය. ඔබ සියලු දෙනාටම දයාව දැක්විය යුතුයි. දයාව ඇති අය බොහෝ සාමකාමීව පරම පියාගේ ස්මරණයේ සිටියි. ඔබට තිබෙන්නේ අසීමිත පියාගේ ස්මරණයේ සිටීමේ පණිවිඩය ලබා දීම පමණයි, එවිට ඔබට අසීමිත සතුට සහ ශාන්තිය ලැබෙයි. ලෞකික පියෙකුට බොහෝ ධනය තිබෙන විට, ඔබට විශාල උරුමයක් ලැබෙනවා නේද? අසීමිත පියාට ලෝකයේ ආධිපත්‍යය තිබේ, එමෙන්ම වසර 5000කට පසුව ඔබට එම ලෝක ආධිපත්‍යය හිමි වෙයි. ඔය දරුවන් බොහෝ උනන්දුවෙන් සියලු දෙනාටම සේවය කළ යුතුයි. ඔය සෑම කෙනෙකුටම සේවය කිරීමේ හැකියාව තිබිය යුතුයි. සෙනෙහසින් අන් අයට සේවය කරන අය, සියලු දෙනාගේ සෙනෙහසට පාත්‍ර වෙයි. සේවය පිළිබඳව අහංකාරකමක් ඔබ තුළ කිසිම විටෙක නොතිබිය යුතුයි. ඔබට පරම පියාගෙන් ඥානයේ කස්තුරි ලැබී ඇති අතර ඔබ අන් අයට එය ලබා දිය යුතුයි. නොකඩවා එකිනෙකාට සිහිකර දෙන්න ඔබ ශිව බාබාව සිහි කරනවාද? එහි සතුට තිබේ. ඔබට සිහි කරවන අයට ඔබ ස්තූති කළ යුතුයි. සිහිකිරීමේ වන්දනා ගමනේ සිටීමෙන් ඔය දරුවන් බොහෝ සේ ආරක‍්ෂිතව සිටියි. ඔබ වැඩියෙන් සිහි කිරීමේ සිටින තරමට, ඔබට වැඩියෙන් සතුට තිබී, ඔබගේ ආචාරශීලි බව නොකඩවා හැඩ ගැසෙයි. ඔබ අනිවාර්යෙන් ඔබගේ චරිතය හැඩගසා ගත යුතුයි. ඔබ සෑම කෙනෙක්ම තමන්ගේ හදවතින් විමසිය යුතුයි: මගේ ස්වභාවය බොහෝ සේ මිහිරිද? මා කිසිවෙක්ව සිත් තැවුලට පත් කරනවාද? කෙනෙක් සිත් තැවුලට පත් වන එවන් වාතාවරණයක් නොතිබිය යුතුයි. ඔබ මෙය අත්හදා බැලිය යුතුයි, මන්ද, ඔය දරුවන් බොහෝ ශ්‍රේෂ්ඨ සේවයක නියැලී සිටිනවා. ඔබ මේ මුළු ලෝකයටම ආලෝකය ලබා දිය යුතුයි. පෘථීවියේ ජීවමාන තාරකා ඔබයි. මෙවන් කියමනකි තාරකාමය දේවතාවන්. . . . ඒ තාරකා, දේවතාවන් නොවෙයි. ඔබ මුළු ලෝකයම ආලෝකනය කරන නිසා ඔබ ඒ තාරකාවන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි. ඔබ දේවතාවන් වීමට යනවා. උඩ ඉහළ තාරකාවල දීප්තිය තිබේ, සමහර තාරකා ඉතා දීප්තිමත් වන අතර ඇතැම් ඒවායේ දීප්තිය අඩුයි. සමහර ඒවා හඳට සමීපව තිබේ. ඒ අන්දමින්ම ඔය දරුවන් යෝගා බලයෙන් සම්පූර්ණයෙන් පිවිතුරු වන නිසා ඔබ දිදුලනවා. ඔය දරුවන් දැන් අවිනාශී ඥාන මැනික්වල ලොතරැයිය දිනා ගන්නවා, එබැවින් ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. ඇතුලාන්තයෙන් නොකඩවා සතුටින් ඉපිලී සිටින්න. ඔබගේ මෙම උපත දියමන්තියක් මෙන් වටිනා බව සිහි කෙරෙයි. දැනුමින් පිරිපුන් වන්නේ ඔය බ්‍රහ්මණයන් පමණයි, එබැවින් මෙම ඥානය පිළිබඳ සතුට ඔබට තිබේ. එම දේවතාවන්ට වඩා ඔබ උසස්ය. එබැවින් ඔබගේ මුහුණු සෑම විටම සතුටින් පිබිදී තිබිය යුතුයි. පරම පියා ඔය දරුවන්ට ආශිර්වාද කරයි සුමිහිරි දරුවනේ, ඔබ සෑම විටම සාමයෙන් සිටිත්වා! ඔබට දීර්ඝායු ලැබේවා, එනම්, ඔබ බොහෝ උපත් ගණනාවක් ජීවත් වේවා. ඔබට පියාගෙන් ආශිර්වාද ලැබෙන නමුත් දීර්ඝායු ලබීම සඳහා ඔය සෑම දරුවෙක්ම තම තමන්ගේ උත්සාහ දැරිය යුතුයි. පියාව සිහි කිරීමෙන් ඔබ දීර්ඝායු ඇති අය බවට පත් වනවා. පරම පියා ඔබව මෙයින් ආශිර්වාද කරයි. බ්‍රහ්මණයන් මෙසේද පවසයි ඔබට දීර්ඝායු ලැබේවා! පියාද මෙසේ පවසයි දරුවනේ, ඔබ අඛණ්ඩව ජීවත් වේවා. කල්ප භාගයක් ඔබ කරා මරණය නොපැමිණෙයි. සත් යුගයේ මිය යෑම පිළිබඳ සඳහනක් නැත. මිනිසුන් මරණයට බිය වන නමුත් ඔබ මියැදීම සඳහා උත්සාහ දරයි. බාබාව සිහි කිරීමෙන් ඔබ තම සිරුරු හලා දමා ශිව බාබා වෙතට ගොස් ඉන්පසුව දෙව්ලොව වැසියන් වන බව ඔබ දන්නවා. ඔබ දැන් වඩාත්ම ආදරණීය පියාගේ දරුවන් බවට පත්ව ඇත, එබැවින් ඔබ පියා හා සමානව අතිශය මිහිරි මෙන්ම ඉතාමත්ම ආදරණීය විය යුතුයි. බාබා ලිපි වල ලියන්නේ බොහෝ සුමිහිරි, ආදරණීය, දිගු කලක් නැතිව සිට දැන් හමු වූ දරුවනේ... බාබා ඉතාමත්ම මිහිරියි, එහෙම නේද? ඔබ, බාබා බොහෝ මිහිරි සහ ආදරණීය වන අන්දම ප්‍රායෝගිකව අත්විඳියි. ඔහු අපවද ඒ හා සමාන බවට පත් කරවයි. තවද, ඔබත් කෙතරම් මිහිරි සහ ආදරණීයව සිටියාද කියා ඔබ දන්නවා. අපි වන්දනීයව සිට වන්දනාකරුවන් බවට පත්විය, එබැවින් අප නොකඩවා අපව වන්දනා කළා. මේවා වටහාගැනීම සඳහා ඉතාම ආශ්චර්යමත් කාරණාය. කල්ප භාගයක් අපගේ දුක ඉවත් කරන බාබා, දැන් පැමිණ ඇති බව ඔය දරුවන් දන්නවා. මිනිසුන් පවසන්නේ හර් හර් මහාදේව් (මහාදේව් - සියලු දෙනාගේ දුක නැති කරන මහා දේවතාව). මේ එම මහාදේව නොවෙයි. අපගේ දුක නැති කරන්නේ පරම පියා පමණයි. අපගේ දුක නැති කර ඉන්පසුව අපට සතුට ලබා දෙන්නේ පියාය. කල්ප භාගයක් ඔබ බොහෝ දුක දැක තිබේ. පංච පාපයන්ගේ රෝගය බොහෝ වැඩි වී ඇත. මෙම රෝගය බොහෝ දුක ඇති කර තිබේ. පරම පියා මෙසේ පවසන්නේ ඒ නිසයි සුමිහිරි දරුවනේ, දැන් ඔබගේ ක්‍රියාවන්ගේ ගිණුම නිවැරදි කරගන්න. ව්‍යාපාරිකයන් ඔවුන්ගේ මාස 12ක ගිණුම් තබනවා, නොවේද? පියා විස්තර කර දෙන්නේ දරුවනේ, බලන්න මුළු ලෝකයේ කෙතරම් අපද්‍රව්‍ය තිබෙනවාද කියා. මෙය අපායයි, එබැවින් අපාය දෙව්ලොව බවට පරිවර්ථනය කිරීමට පියා පැමිණිය යුතුයි. පියා බොහෝ සෙනෙහසින් පැමිණෙයි. ඔය දරුවන්ට සේවය කිරීමට ඔහු පැමිණිය යුතු බව ඔහු දන්නවා. මා සෑම කල්පයකම ඔය දරුවන්ට සේවය කිරීම සඳහා ඔබ ඉදිරියේ පෙනී සිටිනවා. ඔහුම පැමිණි විට, අපගේ පියා අපට සේවය කිරීමට පැමිණ ඇති බව, ඔය දරුවන්ට වැටහෙයි. මෙහි අසුන්ගෙන සිටින අතර ඔහුට සියලු දෙනාටම සේවය කළ හැක. මුළු ලෝකයටම සිටින හිතකාමී, දානපති, ඒකායන කෙනා පමණයි. මුළු ලොවෙහි සිටින සියලුම ජීවාත්මයන්ට උරුමයක් ලබා දීමට පැමිණෙන්නේ ඔහුම පමණක් බව පියා දන්නවා. අසීමිත පියාගේ ද්‍රිෂ්ඨිය ලෝකයේ ජීවාත්ම වෙතට යයි. ඔහු මෙහි අසුන්ගෙන සිටින නමුත් ඔහුගේ ද්‍රිෂ්ඨිය, මුළු ලෝකය මත සහ ලෝකයේ සියලුම මනුෂ්‍යයන් මත තිබේ, මන්ද, ඔහු මුළු ලෝකයම එපිට ගෙන යා යුතුයි. නාටක සැලසුමට අනුව, පෙර කල්පයේ සිදු වූ එම ආකාරයටම ලෝකයේ සියලුම ජීවාත්ම එපිටට ගෙන යා යුතුයි. පරම පියා සියලු දරුවන්ව සිහි කරනවා, එහෙම නේද? ඔහුගේ ද්‍රිෂ්ඨිය ඔවුන් වෙතට යනවා, නොවේද? ඔය දරුවන්ට සේවය කිරීමට පරම පියා ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ සංගම යුගයේ පමණයි. ඔහුගේ සේවය හා සැසඳිය හැකි සේවයක් වෙනත් කිසිවෙකුට කළ නොහැක. ඔහුගේ සේවය අසීමිතයි. ඔහු මෙන් ඔබත් සේවය කරන විට, ඔය දරුවන්ට පියාව පෙන්වීමට (හෙළිදරව් කිරීමට) හැකි වෙයි. සේවය කරන අයට බොහෝ ශ්‍රේෂ්ඨ ඵල ලැබෙයි. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ ලෝකයේ සියලුම මිනිසුන්ට සතුට ලබා දෙන අන්දම ගැන කුල්මත් බවක් ඔය දරුවන්ට තිබේ. පියා පවසන්නේ සුමිහිරි දරුවනේ, දැන් ඔබගේ ඒප්‍රන බොහෝ ඥාන මිණි මුතු වලින් පුරවා ගන්න, ඔබට අවශ්‍ය තරම් පුරවාගන්න. ඔබගේ කාලය අපතේ නොහරින්න. ඔබගේ කාලය පරම පියාගේ ස්මරණයේ, ඵලවත් ආකාරයකට භාවිත කරන්න. සෑම දෙයක්ම ඉතා හොඳින් ධාරණය කරගන්නා අය, අන් අයටත් ඉතා හොඳින් සේවය කරයි. ඔවුන් තම කාලය අපතේ නොහරියි. ඔය දරුවන් උත්සාහ දරා අභ්‍යන්තරයට නැඹුරු විය යුතුයි. අභ්‍යන්තර ජීවාත්මය තිබෙනවා නේද? පරම පියා ඔබට විස්තර කර දෙන බවට විශ්වාසය ඇති කරගන්න. ජීව අවධානයට පත් වීම යනු, සැබවින්ම ඇතුලාන්තයට නැඹුරු වී සිටීමය. අභ්‍යන්තරයට නැඹුරු වීම යනු, ඇතුලත ඇති ඔබ යන ජීවාත්මය, පරම පියාගෙන් පමණක් සියලු දේට සවන් දිය යුතු බව. පියා නැවත නැවතත් සෙනෙහසින් පහදා දෙයි. මව සහ පියාගෙන් සහ ඉතා හොඳින් සේවය කරන සියලු විශේෂ ආදරණීය ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන්ගෙන් නොකඩවා ඉගෙන ගන්න. ඔබගේ කාලය අපතේ නොහැරිය යුතු බවට විශ්වාසය තමන්ගේ අභ්‍යන්තරයේ ඇති කරගන්න. ඔබගේ සිරුරු වලට ජීවිකාව සැපයිය යුතු අතර තවද ඔබගේ නිර්මාණය රැක බලා ගත යුතුයි. බැඳීම් ඇති කර නොගන්න, එපමණයි. බැඳීම් තිබීමෙන් පාඩුවක් ඇති වෙයි. ඒකායන පියා කෙරෙහි පමණක් බැඳෙන්න. මෙහිදි ඔබ පෞද්ගලිකව පරම පියා ඉදිරියේ සිටියි. පරම පියාම ජීවාත්මයන්ට මෙහිදි උගන්වන නිසා, ඔය ජීවාත්ම පරම ජීවාත්මය ඉදිරියේ පෞද්ගලිකව සිටියි. එහි, ජීවාත්ම, ජීවාත්මයන්ට උගන්වයි. ඔය දරුවන් මේ සියලු දේවල් ආවර්ජනය කළ යුතුයි. ශිෂ්‍යයෙකුගේ බුද්ධිය තුළ මුළු දවස පුරාම ඔහුගේ ඉගෙනුම තිබේ. ඔබගේ බුද්ධිය තුළත් මුඵ ඥානයම තිබේ. මෙය ආධ්‍යාත්මික හැදෑරුමක්. හොඳ ශිෂ්‍යයින් සෑම විටම ගොස් හුදකලාවේ ඉගෙන ගනී. ශිෂ්‍යයන් මුණගැසෙන විට ඔවුන් ඉගෙනුම ගැන එකිනෙකා සමග සාකච්ඡා කරයි. ඔබ තවත් බොහෝ ප්‍රීතියෙන් මෙම අසීමිත ඉගෙනුමේ තමන්ව නියැලිය යුතුයි. ඔය දරුවන් දැන් පරම පියාගේ උදව්කරුවන් වී ඇත. සිහිපත් කිරීමේ සිටීම, ඔහුට උපකාර කිරීමයි, මන්ද, සිහිපත් කිරීමේ වන්දනා ගමන යනු, නිහැඬියාවේ වන්දනා ගමනයි, මෙසේ පැවසෙන්නේ ඒ නිසයි ඔය සෑම කෙනෙක්ම ඔබගේ නිවස, දෙව්ලොව බවට පත් කළ යුතුයි. ඔය සෑම කෙනෙකුගේ බුද්ධිය තුළ ඇල්ෆා සහ බීටා ඇත. ඇල්ෆා සිහි කරන්න, එවිට ඔබට රාජධානිය හිමි වෙයි. ඔබට කිරීමට වෙන කිසිවක් නැත. සරළව තමන් ජීවාත්ම බව සලකා, පරම පියාව සිහි කරන්න, එවිට රාජධානිය ඔබගේයි. ඔය දරුවන් සියලු දෙනාටම මෙම පණිවිඩය නොකඩවා ලබා දිය යුතුයි: පරම පියාව සිහි කරන්න එවිට ඔබට දෙව්ලොව රාජධානිය හිමි වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා හදවතේ සහ ජීවාත්මයේ ගැඹුරේ සිට සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ කාලය, පියාගේ ස්මරණයේ ඵලවත් අන්දමින් භාවිත කරන්න. මෙම මිල කළ නොහැකි තරම් වටිනා කාලය කිසිම තැනක අපතේ නොහරින්න. ඇතුලාන්තයට නැඹුරු වී, උත්සාහ දරන්න, එනම්, ජීව අවධානයට පත් වන්න.

2. දැන්, බ්‍රහ්මණයන් වන අප, දේවතාවන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි. අප දැන් අවිනාශී ඥාන මිණි මුතුවල ලොතරැයිය දිනාගෙන තිබේ. අප ඥානයෙන් පිරිපුන් වී සිටියි, එබැවින් අපගේ මුහුණු සෑම විටම ප්‍රීතියෙන් පිබිදී තිබිය යුතුයි. ඇතුලතින් නොකඩවා ප්‍රීතියෙන් ඉපිල සිටින්න.

වරදානය:
ඔබ ඔබේ මනසින් ඔබේ බලයන්ගේ ශ්‍රේෂ්ඨ දානයක් පිරිනැමීමෙන් සෑම සිතිවිල්ලකම සාර්ථකත්වය අත්කර ගන්නා, මාස්ටර් සර්ව බලධාරී වේවා.

මනසින් බල දානය කරන දරුවන්ට මාස්ටර් සර්ව බලධාරී වීමේ ආශිර්වාදය හිමි වේ. ඊට හේතුව වන්නේ, මනසින් බල දානය කිරීම මගින් ඔබ තුළ කෙතරම් විශාල සිතිවිලි ශක්තියක් රැස් වේද යත්, ඔබේ සෑම සිතිවිල්ලක්ම සාර්ථකත්වයට පත්වීමයි. එවිට ඔබට අවශ්‍ය ඕනෑම තැනක තත්පරයකින් ඔබේ මනස ස්ථාවර කර ගැනීමට හැකි වනු ඇත; ඔබේ මනස ඔබේ පාලනය යටතේ පවතී. ඔබ ඔබේ සිතිවිලි ජය ගන්නා බැවින්, නොසන්සුන් හෝ අයහපත් සිතිවිලි ඇති අයව පවා කෙටි කාලයක් තුළ නොසැලෙන සහ සාමකාමී තත්ත්වයට පත් කරවීමට ඔබට හැකියාව ලැබේ.

පාඨය:
නිරන්තරයෙන්ම එකම පියාගේ ඇසුරේ රැඳී සිටින්න; එවිට අයහපත් ඇසුරේ බලපෑමෙන් ඔබ ආරක්ෂා වනු ඇත.

අව්‍යක්ත සංඥාව: අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.

ඔබ නැවත නැවතත් යම් පාපී හෝ නිශ්ඵල ක්‍රියාවක් කරන්නේ නම්, ඉන් අදහස් වන්නේ ඔබ ඔබේ සහකාරයා ​​නිරන්තරයෙන් ඔබ සමඟ තබා නොගන්නා බව හෝ ඔහුගේ ඇසුර අත්විඳින්නේ නැති බවයි. 'ශක්තී'වරුන්ට එක් තත්පරයක දෘෂ්ටියකින් අයහපත විනාශ කළ හැකිවාක් මෙන්ම, ඔබේ ඒකාබද්ධ ස්වරූපය පිළිබඳ අවධානයෙන් සිටීමෙන් ඔබට ඔබේ යක්ෂ සංස්කාර හෝ අපවිත්‍ර සිතිවිලි තත්පරයකින් විනාශ කළ හැකිය.