08.09.24 Avyakt Bapdada
Sinhala
Murli 15.12.2001 Om Shanti Madhuban
ඒකායන කෙනාට කැප වී,
පාරිශුද්ධත්වය ධාරණය කරගැනීමෙන්,
ආධ්‍යාත්මිකත්වය පවත්වාගෙන ඔබගේ මනසින් සේවය කරන්න.
අද දින, ආධ්‍යාත්මික
පියා, සෑම තැනකම සිටින ආධ්‍යාත්මික දරුවන්ගේ ආධ්‍යාත්මිකත්වය දෙස බලන්නේ, සෑම
දරුවෙක් තුළ කෙතරම් ප්‍රමාණයකට ආධ්‍යාත්මිකත්වයේ දීප්තිය තිබෙනවාද කියා බැලීම
සදහාය. ආධ්‍යාත්මිකත්වය දෑස තුළින් හෙළිදරව් වෙයි. ආධ්‍යාත්මිකත්වයේ බලය ඇති
ජීවාත්ම ඔවුන්ගේ දෑස් තුළින් අන් අයට නිරන්තරයෙන් ආධ්‍යාත්මික බලය ලබා දෙයි.
ආධ්‍යාත්මික හසරැල්ලක්ද අන් අයට සතුටේ අත්දැකීම ලබා දෙයි. ඔවුන්ගේ හැසිරීම සහ
මුහුණු, ආලෝකමත් සහ සැහැල්ලු සුරදූතයන් මෙන් දිස්වෙයි. එවන් ආධ්‍යාත්මිකත්වයේ පදනම,
පාරිශුද්ධත්වයයි. ඔබගේ සිතිවිලි, වදන් සහ ක්‍රියා තුළ පාරිශුද්ධත්වය තිබෙන
ප්‍රමාණයට අනුව එතරම් ආධ්‍යාත්මිකත්වයක් දිස්වෙයි. බ්‍රහ්මින් දිවියේ සැරසිල්ල
පාරිශුද්ධත්වයයි. බ්‍රහ්මින් දිවියේ විනයනීති මාලාව පාරිශුද්ධත්වයයි. එබැවින් ඔහුගේ
හෝ ඇගේ පාරිශුද්ධත්වයේ පදනමට අනුව බාප්දාදා සෑම දරුවෙකුගේම ආධ්‍යාත්මිකත්වය දකිනවා.
මේ ලෝකයේ ජීවත් වන අතර ආධ්‍යාත්මික ජීවාත්ම දිස් වන්නේ සූක්ෂම සුරදූතයන් ලෙසයි.
එබැවින් ඔබව සෝදිසි
කර පරීක්ෂා කර බලන්න: මගේ සිතිවිලි සහ වදන් වල ආධ්‍යාත්මිකත්වය තිබෙනවාද?
ආධ්‍යාත්මික සිතිවිලි ඔබව බලයෙන් පුරවන අතර අන් අයටද බලය ලබා දෙයි. ඔබ මෙය වෙනත්
වචන වලින් හදුන්වන්නේ: “ඔබගේ මනසින් සේවය කිරීමට උපකරණ වන්නේ ආධ්‍යාත්මික
සිතිවිලිය.” ආධ්‍යාත්මික සිතිවිලි, ඔබට සහ අන් අයට සතුට අත්විදීමට මගපාදයි. ඒවා ඔබට
ශාන්තිය අත්විදීමට සලස්වයි. එක ආධ්‍යාත්මික වචනයක් බොහෝ ජීවාත්මයන්ට ඔවුන්ගේ ජීවිත
වල ඉදිරියට ගමන් කිරීමට පදනම වෙයි. ආධ්‍යාත්මික වදන් පවසන කෙනෙක් ආශිර්වාද පිරිනමන
කෙනෙක් වෙයි. ආධ්‍යාත්මික ක්‍රියා, ඔබට පහසුවෙන් කර්ම-යෝගී මනෝ ස්ථිතිය අත්විදීමට
මගපාදන අතර අන් අයට කර්ම යෝගීවරු වීමට ඔබ ආදර්ශයක් වෙයි. එවන් ජීවාත්ම සමග සම්බන්ධ
වන ඕනෑම කෙනෙක්, තමන්ද පහසුවෙන්ම සහජ යෝගී සහ කර්ම යෝගී ජීවිතයක් අත්විදියි.
කෙසේවෙතත්, ආධ්‍යාත්මිකත්වයේ බීජය පාරිශුද්ධත්වය බව ඔබට පවසන ලදි. ඔබගේ සිහිනෙන්
වත් පාරිශුද්ධත්වය බිදී නොයා යුතුයි, මන්ද, ආධ්‍යාත්මිකත්වය දිස් වන්නේ එවිට පමණයි.
පාරිශුද්ධත්වය යනු බ්‍රහ්මචාරී වීම පමණක් නොවෙයි, නමුත් සෑම වචනයක්ම “බ්‍රහ්මචාරී”
(බ්රහ්මගේ පියවර අනුගමනය කරන කෙනෙක්) විය යුතුයි, සෑම සිතිවිල්ලක්ම බ්‍රහ්ම-චාරී
විය යුතුයි, එමෙන්ම සෑම ක්‍රියාවක්ම බ්‍රහ්ම-චාරී විය යුතුයි. ලෞකික ජීවිතයේ
දරුවෙකුගේ මුහුණුවර, ඔහුගේ පියාගේ මෙන් වූ විට, ඔහු තුළින් ඔහුගේ පියාව පෙනෙන බව
කියයි. ඒ ආකාරයෙන්ම, ආධ්‍යාත්මිකත්වයේ පදනමට අනුව ඔය බ්‍රහ්මචාරී බ්‍රහ්මින්
ජීවාත්මයන්ගේ මුහුණු, බ්‍රහ්ම පියාගේ මෙන් අත්විදිය යුතුයි, එවිට ඔබ සමග සම්බන්ධ වන
ජීවාත්ම ඔබ පියාට සමාන බව අත්විදියි. හොදයි, ඔබ 100%ක් නොවිය හැකියි, නමුත් වත්මන්
කාලයට අනුව, ඔබට තිබිය යුත්තේ කුමන ප්‍රතිශතයක්ද? ඔබ කුමන ප්‍රතිශතයකට ළගා වී
සිටිනවාද? 75%ක්, 80%ක්, 90%ක්? ඔබ ළගා වී තිබෙන්නේ කොතැනටද? ඉදිරියේ අසුන්ගෙන
සිටින මෙම පේළිය, කතා කරන්න! බලන්න, ඉදිරියේ අසුන් ගැනීමට ඔබට අංකයක් ලබා දී
තිබෙනවා. එබැවින් බ්‍රහ්මචාරී වීමේදි ඔබ ඉදිරි අංකයක් හිමි කරගන්නවා නේද? ඔබ මෙයින්
ඉදිරියේ සිටිනවාද, නැද්ද?
ඔවුන්ගේ
පාරිශුද්ධත්වයේ පදනමට අනුව සෑම දරුවෙකුගේම ආධ්‍යාත්මිකත්වය දැකීමට බාප්දාදා ප්‍රිය
කරයි. බාප්දාදාට සියලු දෙනාගේම වාර්ථාව තිබෙනවා. ඔහු කිසිවක් පවසන්නේ නැහැ, නමුත්
සෑම කෙනෙක්ම කරන දේවල් සහ ඔවුන් එය කරන අන්දම ගැන ඔහු ළග වාර්ථාවක් තිබෙනවා.
බාප්දාදාට සියලුම වාර්ථා තිබෙනවා. පාරිශුද්ධත්වය අතින් පවා සමහර දරුවන්ගේ ප්‍රතිශතය
ඉතාම අඩුයි. කාලයට අනුව ලෝකයේ ජීවාත්මයන්ට අවශ්‍ය වන්නේ ඔය ජීවාත්ම
ආධ්‍යාත්මිකත්වයේ සාම්පල ලෙස දැකීමටයි. මෙය පෙන්වීමට ඔබට ඇති පහසු මාර්ගය වන්නේ එක
ව්‍යවහාරයකට අවධානය යොමු කිරීම පමණයි. මෙම එක ව්‍යවහාරය තමන්ට වැදගත් බව නැවත
නැවතත් සලකන්න. මෙම එක ව්‍යවහාරය වන්නේ “ ඔබ එක් අයෙකුට කැප වේවා!” (ඒක්-වෘතා). එක්
අයෙක් සිටින තැන ඉබේටම ස්ථාවරත්වය තිබෙයි. ඔබ ඉබේටම නොසැලී, අචල බවට පත් වෙයි. එක්
අයෙකුට කැප වීමෙන්, එක උපදෙසක් අනුගමනය කිරීම ඉතා පහසු වෙයි. ඔබ එක් අයෙකුට කැප වී
ඇති බැවින් ඒකායන උත්තරීතර කෙනාගේ උපදෙස් පිළිපැදීමෙන් පහසුවෙන් විමුක්තිය ලැබෙයි.
ඔබගේ ස්ථිතිය ඉබේටම නිරන්තර සහ ස්ථාවර වෙයි. එබැවින් ඔබව පරීක්ෂා කර බලන්න: මම
ඒකායන කෙනාට කැප වී සිටිනවාද? දවස පුරාම මගේ මනස සහ බුද්ධිය ඒකායන කෙනාට කැප වී
තිබෙනවාද? ගිණුම්කරණයේදී, ගිණුමක් ප්‍රථමයෙන් ආරම්භ වන්නේ “1”. 0 සහ අංකයකින්. එක
අංකයක් එකතු කර, එක බිංදුවක් එකතු කර එය අඛණ්ඩව කෙතරම් වැඩි වන්නේද කියා බලන්න.
එබැවින් ඔබට වෙන කිසිවක් මතක නැති වුවද, ඔබට අඩු තරමින් “එක” යන වචනය සිහි කළ හැක.
ඒකායන කෙනාට කැප වී ඇති ඔය ජීවාත්මයන්ට, කාලය සහ ජීවාත්ම කන්නලව් කරනවා. ඕ දේවතා
ජීවාත්මයනේ, ඔබට කාලයේ කන්නලව්ව සහ ජීවාත්මයන්ගේ කන්නලව්ව ඇසෙන්නේ නැද්ද? පදාර්ථ
පවා පදාර්ථයන්ගේ පාලකයන් වන ඔබව දැක, ඔබට කන්නලව් කරනවා: ඕ ජීවාත්මයනේ, පදාර්ථයන්ගේ
පාලකවරුනේ, දැන් පරිවර්ථනය ගෙන එන්න! මේවා අතරමැද විටින් විට සිදුවන සුළු
ගැස්සීම්ය. දුප්පත්, අසරණ ජීවාත්මයන්ට නැවත නැවතත් දුක සහ බියේ ගැස්සීම් අත්විදිමට
සලස්වන්න එපා. අන් අයට විමුක්තිය ලැබීමට මග පාදන ඔය ජීවාත්ම, ඔය මාස්ටර්
විමුක්තිදායකයන්, එම ජීවාත්මයන්ට විමුක්තිය ලබා දෙන්නේ කවදාද? ඔබගේ මනසේ ඔවුන්
වෙනුවෙන් අනුකම්පාවක් දැනෙන්නේ නැද්ද? එසේ නැත්නම් ප්රවෘත්ති ඇසීමෙන් පසුව ඔබ
නිකම්ම නිහඩ වනවා පමණයිද? එපමණයි! ඒ සියල්ල සිදුවුණා. ඔබට ඒ පිළිබදව අසන්නට ලැබුණා.
මේ නිසයි දැන් සෑම දරුවෙකුගේම සානුකම්පිත ස්වරූපය දැකීමට බාප්දාදා කැමති වන්නේ.
දැන් ඔබගේ සියලුම සීමිත කාරණා අත්හරින්න. දයාවන්ත වන්න. ඔබගේ මනසින් සේවය කිරීමේ
කාර්යබහුල වන්න. බලවත් ධාරාවක් ලබා දෙන්න (සකාශ්)! ශාන්තිය දෙන්න! ආධාරක වන්න! ඔබ
දයාවෙන් පිරිපුන් වී, අන් අයට ආධාරක වීමේ කාර්යබහුල වන්නේ නම්, ඔබ සියලු සීමිත
ආකර්ෂණ සහ කාරණා වලින් ඉබේටම දුරස්ත වෙයි. ඔබ වෙහෙස වීමෙන් නිදහස් වෙයි. වචන වලින්
සේවය කිරීමට ඔබ බොහෝ කාලය ලබා දී තිබේ. ඔබ එම කාලය වටිනා ලෙස භාවිතා කළ අතර
පණිවිඩයක්ද ලබා දුන්නා. ඔබ ජීවාත්මයන්ව ඔබ සමග නෑ සබදතාවයකට ගෙන ආවා. නාටකයට අනුව
මේ දක්වා ඔබ සිදුකර ඇති සෑම දෙයක්ම, ඔබ ඉතා හොදින් සිදුකර ඇත. කෙසේවෙතත්, දැන් වචන
වලින් සේවය කරනවාත් සමගම ඔබගේ මනසින් සේවය කිරීමේ වැඩි අවශ්‍යතාවයක් තිබෙනවා.
අළුත්, පැරණි, මහාරතීන් (ඇතුන් පිට යන්නන්), අශ්වාරෝහකයන් සහ පා බල සේනාව යන සියලු
දෙනාටම මෙය කළ හැක. මේ සදහා ඔබට කිසිදු ආධාරක අවශ්‍ය නැහැ: “වැඩිමහල් අය මේ දේ
කරයි! මා තවමත් තරුණයි. මම ලෙඩෙක්! මට භෞතික හැකියා නැත.” කුඩා දරුවන්ට පවා මෙය කළ
හැක. දරුවනේ, ඔබට මෙය කළ හැකියි නේද? (ඔව්). ඔබට ඔබගේ මනසින් සේවය කළ හැක. එබැවින්
දැන් වචන වලින් සහ ඔබගේ මනසින් සේවය කිරීමේ සමබරතාවයක් පවත්වා ගන්න. තම මනසින් සේවය
කරන ඔබ සියලු දෙනාට බොහෝ සේ ලාභයක් හිමි වෙයි. ඇයි? ඔබගේ මනසින් සේවය කිරීමෙන්,
එනම්, ඔබගේ සිතිවිලි වලින් සේවය කිරීමෙන්, ඔබ බලය සහ බලවත් ධාරාවක් (සකාශ්) ලබා දෙන
ජීවාත්ම ඔබට ආශිර්වාද ලබා දෙයි. ඔබගේ ගිණුම් වල දැනටමත් තමන් වෙනුවෙන් දරන
උත්සාහයන්ගේ රැස් කිරීම තිබේ, එමෙන්ම ඔබගේ ආශිර්වාද ගිණුම් වලත් ඔබ රැස් කර ගනී.
එබැවින් ඔබගේ ඉතිරි කිරීමේ ගිණුම් දෙයාකාරයකින් වැඩි වෙයි. ඒ නිසා ඔබ අළුත් වුනත්
පරණ වුනත් - මෙවර බොහෝ අළුත් අය පැමිණ සිටිනවා. ප්‍රථම වතාවට පැමිණි අළුත් අය අත්
ඔසවන්න! බාප්දාදා විමසන්නේ, මෙහි ප්‍රථම වතාවට පැමිණි ජීවාත්මයන්ගෙන්: ඔය
ජීවාත්මයන්ට ඔබගේ මනසින් සේවය කළ හැකිද? (ඔවුන්ගේ මනසින් සේවය කිරීමට හැකිද කියා,
බාප්දාදා පාණ්ඩවයන්, මව්වරු, සහ සියලු කණ්ඩායම් වලින් වෙන වෙනම විමසීය). ඔබ සියලු
දෙනාම ඉතා හොදින් ඔබගේ අත් එසවූවා. දැන් ඔබ රූපවාහිනියෙන් බලමින් සවන් දෙමින්
සිටියත්, බාබාට මුහුණට මුහුණලා සවන් දෙමින් සිටියත්, බාප්දාදා ඔය සියලුම දරුවන්ට
වගකීම ලබා දෙනවා: දිනපතාම ඔබ පැය කීයක් ඔබගේ මනසින් නිවැරදිව සේවය කළාද? නිකමට මෙසේ
නොකියන්න: ඔව්, ඔබ එය කළා. ඔබගේ මනසින් ඔබ පැය කීයක් නිවැරදි ආකාරයට සේවය කළාද? ඔය
සෑම කෙනෙක්ම මෙම වාර්ථාව ඔබ ළග තබා ගත යුතුයි. එක්තරා දවසක හදිසියේම බාප්දාදා
ඔබගෙන් මෙම වාර්ථාව ඉල්ලනවා. ඔබට දිනයක් ලබා දෙන්නේ නැහැ. ඔහු එය ඉල්ලන්නේ
හදිසියේමයි. ඔබ වගකීමේ කිරුළ පැලදගෙන සිටියාද, නැත්නම් එය සෙලවී තිබෙනවාද කියා ඔහු
බලයි. ඔබට වගකීමේ කිරුළ පැලද ගැනීමට අවශ්‍යයි, එහෙම නේද? ගුරුවරු, ඔබ දැනටමත්
වගකීමේ කිරුළ පැලද සිටිනවා නේද? දැන් එයට මෙය එකතු කරන්න. මෙය හොදද? ද්විත්ව
විදේශිකයන් අත් ඔසවන්න! ඔබ මෙම වගකීමේ කිරුළට කැමතිද? එසේ නම් අත් ඔසවන්න!
ගුරුවරුන්ද අත් ඔසවන්න! ඔබව දැකීමෙන් සියලු දෙනාම දිරිගැන්වෙයි. එසේ නම් ඔබ වාර්ථාව
සටහන් කරගන්නවාද? අච්චා, බාප්දාදා එක්තරා දිනයක ඔබගෙන් හදිසියේම මෙසේ අසයි: සෑම
කෙනෙක්ම තමන්ගේම වාර්ථාව ලියා එවන්න. ඉන්පසුව අපි බලමු! මන්ද, වත්මන් කාලයේ මෙයට
විශාල අවශ්‍යතාවයක් තිබෙනවා. ඔබගේ පවුලේ අයගේ දුක සහ අසරණ බව දැකීම ඔබට දරාගන්න
පුළුවන්ද? ඔබට මෙය දැකිය හැකිද? අසතුටින් සිටින ජීවාත්මයන්ට අඩුතරමින් බිදක්වත්
දෙන්න! ඔබට මෙවන් ගීතයක් තිබෙනවා: අපි සෙනෙහසේ එක බිදකට පිපාසාවෙන් සිටිනවා.
වර්ථමානයේ ජීවාත්ම සාමය සහ සතුටේ එක් බිදකට පිපාසිතව සිටිනවා. සාමය සහ සතුටේ අමෘතයේ
එක බිදක් ලැබීමෙන් ඔවුන් සතුටු වෙයි. කාලය ඔබ දෙස බලා සිටින බව බාප්දාදා ඔබට නැවත
නැවතත් පවසනවා. බ්‍රහ්ම පියා, ඔහුගේ නිවසේ දොරටුව විවර කිරීමට බලා සිටිනවා. සෑම
දෙයක්ම සීඝ්‍ර වේගයකින් පිරිසිදු කිරීමට පදාර්ථ බලා සිටිනවා. එබැවින් ඕ! සුරදූතයනේ,
දැන් ඔබගේ ආලෝකයෙන් සහ සැහැල්ලු බවින් ඔවුන්ගේ බලා සිටීම අවසන් කරන්න. ඔය සියලු
දෙනාම “නිති-සූදානම්” යන වදන් පවසනවා. කෙසේවෙතත්, අංගසම්පූර්ණ සහ පරිසමාප්ත වීමේදි
ඔබ නිති සූදානම් වෙලාද? ඔබගේ සිරුර අතහැර යාමට පමණක් නිති සූදානම් නොවන්න, නමුත්
පරම පියාට සමාන වීමට සහ නිවහනට යාමට නිති සූදානම් වන්න.
මධුබන් වල සියලු දෙනා
ඉදිරියෙන් අසුන්ගෙන සිටිනවා; එය හොදයි. ඔවුන් සේවයද සිදු කරනවා. මධුබන් වල අය, ඔබ
නිති සූදානම්ද? ඔබ සිනහසෙනවා. අච්චා, ඉදිරි පේළියේ සිටින මහාරතීන්, ඔබ නිති
සූදානම්ද? පියාට සමාන වීම අතින් ඔබ නිති සූදානම්ද? ඔබ නිකම්ම ආපසු යන්නේ නම් ඔබ පෙර
ගමන් ගිය (advance party) කොටසට යයි. පෙර ගමන් ගිය අයගේ කොට්ඨාශය, කිසිවෙක් නොපතාම
වර්ධනය වෙනවා. ඔබ දැන් වචන වලින් සේවය කිරීම සහ මනසින් සේවය කිරීම අතර සමබරතාවයක්
පවත්වා ගැනීමේ කාර්යබහුල වන්නේ නම්, ඔබට බොහෝ ආශිර්වාද ලැබෙයි. ඔබ ගිණුම් දෙකක රැස්
කරගනීයි: ඔබගේ උත්සාහ දැරීමේ ගිණුමේ මෙන්ම ආශිර්වාද ගිණුමේ. එබැවින් ඔබගේ සිතිවිලි,
වචන, ක්‍රියා සහ නෑ සබදතා තුළින් සුබ පැතුම් ලබා දී, සුබ පැතුම් ලබා ගන්න. එක දෙයක්
පමණක් කරන්න: ඔබට තිබෙන්නේ සුබ පැතුම් පවත්වා ගැනීම පමණයි. යම් කෙනෙක් තුළ නරක
පැතුම් තිබුණත්, ඔබ සුබ පැතුම් සාගරයේ දරුවන් බැවින් ඔබ කළ යුත්තේ ඔවුන්ට සුබ
පැතුම් පමණක් ලබා දීමයි. යම් කෙනෙක් අප්සෙට්ව සිටියත් ඔබ අප්සෙට් නොවන්න. ඔබ
සතුටින් සිටින්න. එය කළ හැකිද? මිනිසුන් 100 දෙනෙක් ඔබව අප්සෙට් කළත්, ඒ තිබියදි
ඔබට සතුටින් සිටිය හැකිද? එය කළ හැකිද? දෙවන පේළියේ අසුන්ගෙන සිටින අය, එය කළ
හැකිද? දැන් ටිකක් හිද බලන්න: අන් අය ඊටත් වැඩියෙන් ඔබව අප්සෙට් කරයි! ප්‍රශ්න
පත්‍රද පැමිණෙයි. මායාද ඔබට සවන් දෙමින් සිටිනවා නේද? මෙම අධිෂ්ඨානගත කැපවීම පමණක්
සිදු කරන්න. මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කරගන්න: මා සුබ පැතුම් දී, සුබ පැතුම්
ලබාගත යුතුයි. එය කළ හැකිද? ඔබ, සියලු දෙනාව සතුටට පත් කරන අය නේද? එබැවින් එක
දෙයක් පමණක් කරන්න, එපමණයි: “ මා අප්සෙට් නොවිය යුතු අතර කිසිවෙකු අප්සෙට් නොකළ
යුතුයි. අන් අය වෙනත් අයව අප්සෙට් කරන්නේ නම්, ඔවුන් එය කළාදෙන්, නමුත් මා අප්සෙට්
නොවිය යුතුයි. මා කිසිවෙක් අප්සෙට් නොකළ යුතු අතර මා අප්සෙට් නොවිය යුතුයි.” ඔය සෑම
කෙනෙක්ම තමා වෙනුවෙන් වගකිව යුතුයි. අන් අය දෙස නොබලන්න. “මේ කෙනා එය කරනවාද? අර
කෙනා එය කරනවාද?” ඔය සෑම කෙනෙක්ම ක්‍රීඩාව නරඹන නොබැදි නරඹන්නෙක් පමණයි. සතුටින්
පමණක් සිටීමේ ක්‍රීඩාව ඔබ නරඹනවාද? විටින් විට, අප්සෙට් වීමේ ක්‍රීඩාවත් ඔබ නරඹනවා
නේද? කෙසේවෙතත්, ඔය සෑම කෙනෙක්ම තමන්ව සතුටින් තබා ගත යුතුයි.
මව්වරු, මෙය කළ
හැකිද? පාණ්ඩවයන් මෙය කළ හැකිද? බාප්දාදා පිංතූරය නරඹමින් සිටියි. බාප්දාදාට ඉතා
විශාල රූපවාහිනී යන්ත්‍රයක් තිබෙනවා. එය ඉතා විශාලයි. ඔහුට සෑම සියලු කෙනෙක්වම
පෙනෙනවා. සෑම මොහොතකදීම, සෑම කෙනෙක්ම සිදුකරන දේවල් ඔහුට පෙනෙනවා, නමුත් ඔහු
කිසිවක් පවසන්නේ නැහැ. ඔහු ඔබට මේ ගැන නොකියයි, නමුත් ඔහු බොහෝ වර්ණ දකිනවා. ඔබ
රහසින් කරන දේවල්ද ඔහු දකිනවා. සමහර දරුවන් තුළ මෙම රැවටීම බොහෝ සේ තිබෙනවා. ඔවුන්
ඉතා දක්ෂයි. ඔබගේ රැවටිලි ගැන බාප්දාදා ඔබට පවසන්නේ නම්, එවිට ඔබ ඒවා ගැන සිතිවිලි
ඇති කරයි, ඔහු ඔබට එය නොකියන්නේ මේ නිසයි. ඔහු ඔබ තුළ සිතිවිලි ඇති කරවන්නේ කුමටද?
කෙසේවෙතත්, සෑම දෙයක්ම සිදු කරන්නේ ඉතා දක්ෂවයි. ඔබට දක්ෂම අයව දැක ගැනීමට අවශ්‍ය
නම්, බ්‍රහ්මින්වරු අතරේ ඔවුන්ව දැක ගන්න. කෙසේවෙතත්, ඔබ දැන් දක්ෂ වන්නේ කුමකින්ද?
ඔබගේ මනසින් සේවය කිරීමේ. මෙයින් ඉදිරි අංකයක් ලබා ගන්න. අවසන් අංකය ලබා නොගන්න.
මෙයට නිදහසට කාරණා නොමැත. “මට වෙලා නැහැ. මට අවස්ථාවක් දෙන්නේ නැහැ.” සියළු දෙනාටම
මෙය කළ හැක. දරුවන් තරග කිරීමේ ක්‍රීඩාවක් සිදු කළා. දැන් මෙයින් තරග කරන්න. ඔබගේ
මනසින් සේවය කිරීමට තරග වදින්න. අච්චා.
මෙවර සේවය කළේ
කර්නාටකයයි. සේවය කිරීමට පැමිණි කර්නාටකයේ අය සිටගන්න! ඔබගෙන් බොහෝ දෙනෙක් සේවය
කිරීමට ඇවිත්. එය හොදයි. මෙයත් ඔබගේ ශ්‍රේෂ්ඨ පුණ්යකර්ම ගිණුමේ පහසුවෙන් රැස්
කිරීමට ඔබට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. එක බ්‍රහ්මින් කෙනෙකුට සේවය කිරීමත් මහා
පුණ්‍යකර්මයක් බව භක්ති මාර්ගයේ පවසා තිබේ, නමුත් මෙහිදි ඔබ සැබෑ බහ්මින්වරු කී
දෙනෙකුට සේවය කරනවාද? එබැවින් ඔබට ඉතා හොද අවස්ථාවක් හිමි වෙනවා. ඔබ එය ප්‍රිය
කළාද, නැත්නම් ඔබ වෙහෙසට පත් වුණාද? ඔබට වෙහෙසක් දැනෙන්නේ නැහැ නේද? ඔබ විනෝදයක්
ලැබුවා නේද? එය පුණ්‍යකර්මයක් බව සලකා, ඔබ අවංක හදවතකින් සේවය කළේ නම්, එවිට එහි
ප්‍රායෝගික දිස්වන ඵලය වන්නේ, ඔබට වෙහෙසක් නොදැනෙන අතර ඔබ සතුටට පත් වීමයි.
පුණ්යකර්ම රැස්වීම, මෙම ප්‍රායෝගික ඵලය ලෙස ඔබ අත්දකියි. යම් හේතුවක් නිසා ඔබට
සුළු වෙහෙසක් දැනෙන්නේ නම්, ඔබට මෙය සුළුවෙන් වත් දැනෙන්නේ නම්, එවිට එය අවංක
හදවතකින් සේවය කිරීම නොවන බව වටහා ගන්න. සේවය යනු, ක්ෂණික ඵලයයි, පෝෂ්‍යදායක ඵලයයි.
ඔබ සේවය කරනවා පමණක් නොවෙයි, නමුත් පෝෂ්‍යදායක ඵල බුදිනවා. එබැවින් කර්නාටක වල
සියලු සේවාධාරීන් ඔවුන්ගේ සේවයේ චරිත කොටස ඉතා හොදින් රගපෑ අතර එම සේවයේ ඵලයද කෑවා.
අච්චා, ඔය සියලු
ගුරුවරු හොදින් සිටිනවාද? වාරය තුළදි ගුරුවරුන්ට බොහෝ අවස්ථා ලැබෙනවා. මෙම අවස්ථාව
ලැබීමත් භාග්‍යයේ සලකුණක්. දැන් ඔය ගුරුවරු ඔබගේ මනසින් සේවය කිරීමේ තරග වැදිය
යුතුයි, නමුත් දවස පුරාම අසුන්ගෙන සිටිමින් මෙසේ නොකියන්න: “මම මනසින් සේවය කරනවා.”
පාඨමාලාව හැදෑරීමට කෙනෙක් පැමිණි විට ඔබ මෙසේ කියයි: “බැහැ, මම මගේ මනසින් සේවය
කරනවා!” නොඑසේ නම් කර්මයෝග කිරීමට වෙලාව පැමිණි විට ඔබ මනසින් සේවය කරන බව කියයි.
නැහැ, සමබරතාවයක් තිබිය යුතුයි. සමහරු වැඩිපුර කුල්මත් වෙයි. එබැවින් එවන් අන්දමට
කුල්මත් නොවන්න. ආශිර්වාද ලැබෙන්නේ සමබරතාවය රැකීමෙන්ය. සමබරතාවයක් නොමැති නම්,
ආශිර්වාද නොමැත. අච්චා.
දැන් ඔබ සියලු දෙනා
තත්පරයකින් ඔබගේ මනසින් සේවය කිරීම අත්දකියි. ජීවාත්මයන්ට සාමයේ සහ බලයේ බිදක් ලබා
දෙන්න. අච්චා. අන් අයට වඩාත්ම ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මිකත්වයේ අත්දැකීම ලබා දෙන සෑම
තැනකම සිටින ආධ්‍යාත්මික ජීවාත්මයන්ට, ඔවුන්ගේ සියලුම සිතිවිලි සහ සිහින වල
පාරිශුද්ධත්වයේ පාඩම භාවිතා කරන බ්‍රහ්මචාරී දරුවන්ට, අධිෂ්ඨානය ඇති සියලු දෙනාට සහ
තම මනසින් සේවය කරන සියලුම තීව්ර උත්සාහ දරන ජීවාත්මයන්ට, නිරන්තරයෙන් සුබ පැතුම්
ලබා දී, සුබ පැතුම් ලබා ගන්න පුණ්යාත්මයන්ට, හදවත සනසන්නා වන බාප්දාදාගේ හදවත්
පත්ලෙන් බොහෝ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.
බාප්දාදා, දාදිජී සහ
දාදි ජන්කිව පෞද්ගලිකව හමුවීම. (මනේසාර් වල දිල්ලි සංකීර්ණය විවෘත කිරීමේදි,
බාප්දාදා දාදි ගුල්සාට, ත්‍රිමූර්ති බ්රහ්මා, දාදි කුමාරිකා සහ දාදි ජන්කිගේ
දර්ශනයක් ලබා දී තිබුණා.)
බාප්දාදා ත්‍රිමූර්ති
බ්රහ්මගේ ජවනිකාව පෙන්වා දුන්නා. ඔබ සියලු දෙනා එය දුටුවාද? එයට හේතුව ඔබ දෙදෙනාම
පියාට සමාන වීම නිසා සහ ඔහුගේ සෑම කාර්යයකදීම ඔහුගේ සහකරුවන් වීම නිසයි, එහෙම නේද?
දර්ශනය පෙන්නුවේ ඒ නිසයි. බාප්දාදා ඔබ දෙදෙනාටම විශේෂ බල පවරා ඇත. ඔහු ඔබට අධිෂ්ඨාන
බලය ලබා දී, සියලු බලයන්ද පවරා තිබේ. ඒ නිසයි එම බල, ඔවුන්ගේම කාර්ය සිදු කරන්නේ.
කරවන්හාර් (සියලු දේ සිදුවීමට මග පාදන කෙනා) ඔබට එය කිරීමට මග පාදනවා. මේ නිසයි,
ඔබට සියලු දේ කිරීමට මගපාදන ඒකායන කෙනා, එය සිදු කරවන්නේ. ඔබ සැහැල්ලුවෙන් රැදී
සිටිමින් එය සිදු කරනවා. ඔබට කිසිම කණස්සල්ලක් නැහැ නේද, ඔබ සැහැල්ලු අධිරාජවරුන්ය.
අච්චා. ඔබගේ සෞඛ්‍යය ගැන දැනුමින් පිරිපුන් වන්න. එය විටෙක යම් දගකාරකමක් ඇති කරයි.
මෙයින්ද ඔබ අනිවාර්යෙන්ම දැනුමින් සපිරි විය යුතුයි, මන්ද, ඔබට බොහෝ සේවය කිරීමට
තිබෙනවා. එබැවින් නිරෝගිකමද ඔබට සහයෝගය ලබා දෙනවා. ඒනිසා, දෙගුණයක් දැනුමින්
පිරිපුන් වන්න. අච්චා.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් සත්‍යයේ ඇසුරේ (සත්සංග - සත්‍යයේ සමූහය) රැදී සිටිත්වා, මන්ද, පරමාත්ම
දෙවියන්ගේ ඇසුරේ සිටීමෙන් ඔබ නරක ඇසුරේ පහරින් තමන්ව ආරක්ෂා කරගනී.
ඔබ ඇසුරේ සිටින අය
කෙතරම් නරක වුවද, ඔබගේ ශ්‍රේෂ්ඨ ඇසුර ඔවුන්ගේ ඇසුරට වඩා බොහෝ ගුණයක් බලවත්ය.
දෙවියන්ගේ ඇසුර ඉදිරියේ එම ඇසුර ශුන්‍යයි. සියලු දෙනාම දුර්වලයි, නමුත් ඔබත් දුර්වල
වුනොත්, එවිට ඔබ නරක ඇසුරින් පහර ලබයි. ඔබ නිරන්තරයෙන් ඒකායන පියාගේ ඇසුරේ සිටින
විට, එනම්, ඔබ නිරන්තරයෙන් සත්‍යයේ ඇසුරේ සිටින විට, වෙනත් කිසිවෙකුගේ ඇසුරේ පැහැයේ
බලපෑමට ඔබ හසු වන්නේ නැත. එවිට වැරදි ඇසුර වන නිෂ්ඵල සිදුවීම් සහ නිෂ්ඵල ආශ්‍රයට
ඔබව ආකර්ෂණය කළ නොහැක.
පාඨය:
සතුටු හදවතක්
තිබිය හැකි වන්නේ, යම් නරක දෙයක් හොද දෙයක් බවට පරිවර්ථනය කරන අයට පමණයි.