08.09.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පුණ්‍යවන්ත ජීවයක් වීම සඳහා, හැකිතාක් පමණින් යහපත් ක්‍රියා සිදුකරන්න,
මුළු චක්‍රය වටාම යන්නන් වී, දිව්‍යමය ගුණදම් ධාරණය කරගන්න.
ප්‍රශ්නය:
ඔය දරුවන්
කෝටිපතියන් වන්නේ කුමන උත්සාහය දැරීමෙන්ද?
පිළිතුර:
ශ්‍රේෂ්ඨතම උත්සාහය වන්නේ, සාපරාදී දෙනෙත්, ශිෂ්ට කිරීමය. දෙනෙත ඔබව බොහෝ මුලා
කරයි. ඔබගේ දෙනෙත ශිෂ්ට කිරීමේ ක්‍රමය පරම පියා ඔබට පෙන්වා දී තිබේ : දරුවනි, ඔබගේ
ද්‍රිෂ්ඨිය ජීවාත්ම අවධානයට පත් කරගන්න! ශරීරය නොදකින්න. මෙම අභ්‍යාසය ස්ථීර
කරගන්න: මා ජීවාත්මයකි. මෙම උත්සාහය දැරීමෙන් ඔබ උපතින් උපතට කෝටිපතියන් බවට පත්
වෙයි.
ගීතය:
ඉවසන්න සිත!
ඔබගේ ප්‍රීතිමත් දින අත ළඟය.
ඕම් ශාන්ති.
මෙය පැවසුවේ
කවුද? ශිව බාබා එය පැවසුවේ මෙම සිරුර තුළින්ය. සිරුරක් නැති ජීවාත්මයකට කතා කළ
නොහැක. පියාද සිරුරකට ඇතුළු වී, ජීවාත්මයන්ට විස්තර කරයි දරුවනි, තව දුරටත් කිසිම
ශාරීරික සම්බන්ධතාවයක් නොපවත්වන්න. මෙම සම්බන්ධතාවය ආධ්‍යාත්මිකයි. ඔය ජීවාත්මයන්ට
ඥානය ලැබෙන්නේ පරම පියා, පරමාත්ම ජීවයගෙනි. ඔය සියලුම ශාරීරික ජීවාත්මයන්
ඉගෙනගනිමින් සිටිනවා. පරම පියාට, ඔහුගේම සිරුරක් නැත එබැවින් ඔහු කෙටි කාලයකට මෙම
සිරුරේ ආධාරය ගෙන තිබෙනවා. පරම පියා දැන් පවසන්නේ ඔබ ජීවාත්මයන්ය, යන විශ්වාසයෙන්
මෙතැන අසුන් ගන්න, අසීමිත පියා ජීවාත්ම වන අපට විස්තර කරනවා යන විශ්වාසයෙන්. ඔහු
හැර වෙනත් කිසිවෙකුට ඔබට මේ අන්දමින් විස්තර කළ නොහැක. ජීවාත්ම වෙනත් ජීවාත්මයන්ට
විස්තර කරන්නේ කෙසේද? ඔවුන්ට විස්තර කර දීමට, ජීවාත්මයන්හට, පරමාත්ම ජීවය අවශ්‍යයි.
කිසිම කෙනෙක් ඔහුව හඳුනන්නේ නැහැ. ඔවුන් ත්‍රිමූර්තියෙන් ශිවාව ඉවත් කර තිබේ.
බ්‍රහ්මා මාර්ගයෙන් ස්ථාපනය සිදු කරන්නේ කවුද? නව ලෝකයේ නිර්මාපකයා බ්‍රහ්මා
නොවෙයි. නිර්මාපකයා, සියල්ලන්ගේම අසීමිත පියා වන්නේ ඒකායන ශිව බාබා පමණයි. බ්‍රහ්මා
ඔබගේ පියා වන්නේ මෙකලදි පමණයි ඔහු වෙනත් කිසිම කාලයක මෙය වන්නේ නැත. එහි (ස්වර්ණමය
යුගයේ) ඔබට සිටින්නේ භෞතික පියෙක් පමණයි. කලි යුගයේ, ඔබගේ භෞතික පියා මෙන්ම මේ
ලෝකයට එපිටින් සිටින පියාද සිටියි. දැන්, සංගම යුගයෙදී පියවරුන් තිදෙනෙකි භෞතික,
සූක‍්ෂම සහ එපිටින් සිටින කෙනා. පරම පියා පවසන්නේ සතුටු ලෝකයේ කිසිම කෙනෙක් මා සිහි
කරන්නේ නැහැ. පරම පියා ඔවුන්ව ලෝකයේ අධිපතියන් බවට පත් කළා, එබැවින් ඔවුන් කන්නලව්
කරන්නේ කුමකටද? එහි වෙනත් රටවල් නැත. එහි තිබෙන්නේ සූර්ය වංශය පමණයි චන්ද්‍ර වංශය
එන්නේ පසුවයි. පරම පියා පවසන්නේ දරුවනි, ඉවසන්න! ඉතිරිව තිබෙන්නේ තව ටික දවසක්
පමණයි. ඉතාමත්ම හොඳින් උත්සාහ දරන්න. ඔබ දිව්‍යමය ගුණදම් ධාරණය නොකරන්නේ නම්, ඔබගේ
තත්ත්වය විනාශ වෙයි. මෙය විශාල ලොතරැයියක්. නීතිඥයෙක්, ශල්‍ය වෛද්‍යවරයෙක් ආදිය
වීමත් ලොතරැයියකි. ඔවුන් බොහෝ මුදල් උපයයි. ඔවුන් බොහෝ දෙනෙකුට උපදෙස් දෙයි. හොඳින්
ඉගෙනගෙන වෙනත් අයටත් උගන්වන අය, උසස් තත්ත්වයක් හිමි කරගනී. පරම පියාව සිහිපත්
කිරීමෙන් ඔබගේ පාපයන් දුරු වී යයි. ඔබ නැවත නැවතත් පරම පියාව අමතක කරයි. මායා ඔබට
සිහිකිරීමේ සිටීම අමතක කරවන නමුත්, ඇය ඔබට ඥානය අමතක කරවන්නේ නැහැ. පරම පියා
පවසන්නේ ප්‍රගතිය කරා යෑමට, ඔබ මුළු දවස පුරාම කිසියම් පාපකාරී ක්‍රියාවක් සිදුකළාද
කියා බැලීමට, ඔබගේ වාර්තාව තබන්න. එසේ නැත්නම් සිය ගුණයක පාපයන් එක් රැස් වෙයි. මෙම
යාග ගින්න රැක බලාගන්නා අයද මෙහි සිටිනවා. එබැවින් ඔවුන්ගේ අවවාද ගෙන සෑම දෙයක්ම
සිදු කරන්න. ඔබ කියන්නේ ඔබ අපට කුමක් කැව්වත්, කොහේ අසුන් ගැන්වූවත්! එබැවින් අන්
සෑම ආශාවක්ම අත්හරින්න. එසේ නොමැතිනම් පාපයන් දිගටම එක්රැස්වෙයි. ඔය ජීවාත්ම
පිවිතුරු වන්නේ කෙසේද? මෙම යාග ගින්න තුළ කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න.
ඔබ පුණ්‍යවන්ත ජීවාත්ම බවට පත් වන්නේ මෙහිය. යමක් සොරකම් කිරීම පාපයකි. මායා
මැදිහත් වන විට, ඔබට යෝගාවේ සිටීමට හෝ ඥානය ධාරණය කරගැනීමට නොහැකි වෙයි. ඔබගේම
හදවතින් විමසන්න මා අන්ධයින්ට සැරයටියක් නොවන්නේ නම්, මා කවුරුන්ද? මටද අන්ධයෙක්
යැයි කියයි! ද්‍රිටාරාෂ්ත්‍ර (කෞරවයන්ගේ අන්ධ රජතුමා) ගේ දරුවන්ව සිහි කර ඇත්තේ මේ
කාලයට අදාලවයි. එම මිනිසුන් රාවනගේ රාජධානියේ සිටි නමුත් ඔබ සිටින්නේ සංගම යුගයේය.
ඔබ රාමාගේ රාජධානියේ සතුට ලබා ගැනීමට යනවා. පරම පියා, පරමාත්ම ජීවය, සතුට ලබා
දෙන්නේ කෙසේද කියා කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ඔබ කෙතරම් හොඳින් විස්තර
කළත් එය කිසිවෙකුගේ බුද්ධියේ සනිටුහන් වන්නේ නැත. ඔවුන් තමන් ජීවාත්ම බව සැලකූ විට
පමණයි, පරමාත්ම ජීවය විසින් ලබා දී ඇති මෙම ඥානය ඔවුන්ට වටහා ගැනීමට හැකි වන්නේ.
ජීවාත්ම යමක් බවට පත් වන්නේ ඔවුන් දරන උත්සාහයට අනුවයි. මෙසේ සිහි කර ඇත ඔබගේ අවසන්
මොහොතේ ඔබ සිහිකරන දේ... පරම පියා පවසන්නේ මා සිහි කරන අය, මා වෙතට පැමිණෙයි. එසේ
නැත්නම් ඔවුන් බොහෝ දඬුවම් විඳීමෙන් පසුව පැමිණෙයි. ඔවුන් ස්වර්ණමය යුගයට
නොපැමිණෙයි, නමුත් රිදී යුගයේ අවසානයේ පැමිණෙයි. ස්වර්ණමය යුගයට සහ රිදී යුගයට,
බ්‍රහ්මාගේ දිවා කාලය යැයි කියයි. එය බ්‍රහ්මා පමණක් නොවෙයි බ්‍රහ්මාට බොහෝ දරුවන්
සිටියි. බ්‍රහ්මණයන්ගේ දිවා කාලය තිබෙන අතර බ්‍රහ්මණයන්ගේ රාත්‍රියද තිබේ. පරම පියා
දැන් පැමිණ ඇත්තේ රාත්‍රිය, දිවා කාලය බවට පරිවර්ථනය කිරීමටයි. ඔය බ්‍රහ්මණයින්
දැන් දිවා කාලයට යෑමට සූදානම් වෙමින් සිටිනවා. පරම පියා බොහෝ සේ පහදා දෙයි දේවතා
ධර්මය අනිවාර්යෙන්ම ස්ථාපිත වනවා. කලි යුගයේ විනාශය අනිවාර්යෙන්ම සිදුවීමට යනවා.
තමන් තුළ යම් සැකයක් ඇති අය පැන යාවී. පළමුව ඔවුන්ට විශ්වාසය තිබෙන අතර, පසුව ඔවුන්
සැකයන් වර්ධනය කරගනී. ඔවුන් මෙහි මිය ගොස්, නැවත වරක් පැරණි ලෝකයේ ඉපදෙයි ඔවුන්
අතුරුදහන් වෙයි. පරම පියාගේ ශ්‍රීමත් පිළිපැදිය යුතුයි. බාබා ඔය දරුවන්ට බොහෝ හොඳ
කරුණු ලබා දෙයි. පළමුව කියන්න ඔබ ශරීරයක් නොව, ජීවාත්මයකි. එසේ නැත්නම් මුළු
ලොතරැයියම නැති වෙයි. එහි රජවරුන් සහ පුරවැසියන් යන සියලුම දෙනා සතුටින් සිටින
නමුත්, උසස් තත්ත්වයක් හිමි කරගැනීමට ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ කොහොමත් සතුටු
දේශයට යයි කියා නොසිතන්න. නැහැ ඔබ උසස් තත්ත්වයක්ද හිමි කර ගත යුතුයි. ඔබ මෙහි
පැමිණ ඇත්තේ රජවරුන් වීමටයි. එබැවින් එවන් නුවණ ඇති අයද අවශ්‍යයි. ඔබ පරම පියාගේ
සේවය කළ යුතුයි. ඔබට ආධ්‍යාත්මික සේවය කළ නොහැකි නම්, ශාරීරික සේවයද තිබේ. ඇතැම්
විට පිරිමින්ද ඔවුන් අතරේ පංති පවත්වයි. එවිට විටින් විට, සහෝදරියක් එහි ගොස් පංති
පවත්වයි. වෘක‍්ෂය ක්‍රම ක්‍රමයෙන් දිගටම වැඩෙයි. බොහෝ දෙනෙක් මධ්‍යස්ථාන වලට යයි.
කෙසේවෙතත්, ගමන් කරන අතර, ඔවුන් අතුරුදහන් වෙයි. පාපයට ඇද වැටීමෙන් පසු ඔවුන්ගේ
මධ්‍යස්ථානයට යෑමට ඔවුන්ට ලැජ්ජාවක් ඇතිවෙයි ඔවුන් මන්දගාමී වෙයි. ඔවුන් අසනීප වී
ඇති සේය. පරම පියා සෑම දෙයක්ම දිගින් දිගටම විස්තර කරදෙයි. තමන්ට දිනපතා වාර්තාවක්
තබා ගන්න. ඔබගේ ලාභයේ සහ පාඩුවේ ගිණුමක් ඇත. ජීවාත්මයක් පිවිතුරු වනවා යනු ඔහු උපත්
21 කට ලාභයක් රැස් කරගැනීමයි. ඔබ එය එක්රැස් කරගෙන, ඔබගේ පාපයන් දුරු කරගන්නේ, පරම
පියාගේ සිහි කිරීම තුළින් පමණයි. ඔවුන් පවසන්නේ ඕ පාරිශුද්ධකරු බාබා, පැමිණ අපව
පිවිතුරු කරන්න! ඔවුන් මෙසේ පැමිණ අපව ලෝකයේ පාලකවරුන් බවට පත් කරවන්න කියා පවසන්නේ
නැහැ. නැත. මෙය දන්නේ ඔය දරුවන් පමණයි. මුක්තිය සහ ජීවන-මුක්තිය යන දෙකම පිවිතුරු
ලෝකයි. මුක්තිය සහ ජීවන-මුක්තිය යන උරුමය ඔබට ලැබෙන බව ඔබ දන්නවා. හොඳින් ඉගෙන
නොගන්නා අය, අවසානයේ පැමිණෙයි. ඔබ දිව්‍ය ලෝකයට යා යුතුයි. සෑම කෙනෙක්ම තම තමන්ගේ
කාලයේදී පැමිණෙයි. සෑම දෙයක්ම ඔබට විස්තර කෙරෙනවා. ඔබට සෑම දෙයක්ම සැනෙකින් වටහා
ගැනීමට බැරිය. මෙහිදී පරම පියා සිහි කිරීමට ඔබට බොහෝ කාලය තිබේ. පැමිණෙන ඕනෑම
කෙනෙකුට කියන්න පළමුවෙන්ම තමන් ජීවාත්මයක් බව සලකන්න. සියලුම ජීවාත්මයන්ගේ පියා වන,
පරම පියා, ඔබට මෙම ඥානය ලබා දෙනවා. ඔබ ජීවාත්ම අවධානයට පත් විය යුතුයි. ඥානය
ලැබෙන්නේ ජීවාත්මයටයි. ඔබගේ පාපයන් දුරු වන්නේ, පරම පියා, පරමාත්ම ජීවය සිහිපත්
කිරීමෙන් පමණයි. ඉන්පසුව ඔහු ඔබට ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ ඥානය ලබා දෙයි.
ඔබගේ පාපයන් දුරු වන්නේ නිර්මාපකයා සිහි කිරීමෙන් පමණයි. ඉන්පසුව, නිර්මාණයේ මුල,
මැද සහ අවසානය ගැන වටහා ගැනීම තුළින්, ඔබ ලෝක පාලකයන් බවට පත් වෙයි. එපමණයි! ඔබ මෙම
ඥානය අන් අයට කියා දිය යුතුයි. ඔබට පිංතූරද තිබේ. ඔබ දවස පුරාම මෙම ඥානය ඔබගේ
බුද්ධිය තුළ තබා ගත යුතුයි ඔබ ශිෂ්‍යයන්ය. බොහෝ ගෘහවාසීන්ද ශිෂ්‍යයන්ය. ඔබ නිවසේ
වාසය කරන අතර, නෙළුම් මල් මෙන් විය යුතුයි. සහෝදරයන් සහ සහෝදරියන් එකිනෙකා කෙරෙහි
කිසිම විටෙක සාපරාදී ද්‍රිෂ්ඨියක් ඇති කර නොගත යුතුයි. ඔබ බ්‍රහ්මගේ මුඛයෙන් උපන්
දරුවන්. සාපරාදී දෙනෙත්, ශිෂ්ට කිරීම සඳහා, ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. චක්‍රයෙන්
භාගයක්ම ඔබට එම පුරුද්ද තිබී ඇති අතර, එබැවින් එය ඉවත් කර ගැනීමට ඔබ බොහෝ උත්සාහ
දැරිය යුතුයි. බාබා කතා කරන, සාපරාදී දෙනෙත් ගැන කරුණ, බොහෝ බලසම්පන්න බව, සෑම
කෙනෙක්ම ලියයි. අපගේ බුද්ධිය නැවත නැවතත් ඇදී යන අතර බොහෝ සිතිවිලි ඉස්මතු වෙයි.
අපගේ දෙනෙත සමඟ අප කළ යුත්තේ කුමක්ද? සූරදාස්ගේ නිදසුන ඇත. එය ඔවුන් ගෙතූ කතා
පුවතක් පමණයි. ඔහුගේ දෙනෙත් ඔහුව මුලා කරන බව ඔහුට අවබෝධ වී, ඔහු ඒවා උගුල්ලා
දැමුවා. එය එසේ නොවේ. සෑම කෙනෙකුටම ඇස් තිබේ, නමුත් ශිෂ්ට කළ යුත්තේ, සාපරාදී
දෑස්ය. ගෘහයේ වාසය කරන අතර මෙය කිසිසේත් කළ නොහැකි දෙයක් කියා ඒ මිනිසුන් සිතයි.
පරම පියා පවසන්නේ එය කළ හැකි දෙයක්. උපයාගැනීමට විශාල ආදායමක් තිබේ. ඔබ උපතින් උපතට
කෝටිපතියන් වෙයි. එහිදි, ඔබ කිසිම දෙයක් ගණන් කරන්නේ නැත. මෙකල, බාබා ඔබට ’පදම්පති,
පද්මාවතී‘ යන නම්බු නාම දෙයි (කෝටිපති මහතා සහ මහත්මිය). ඔබ කෝටිපතියන් වෙයි. එහි
ගණන් කිරීමක් නොමැත. ඔබ ගණන් කරන්නේ රුපියල්, සත ආදිය ඇති විට පමණයි. එහිදී ඔවුන්
භාවිත කරන්නේ රන් හා රිදී කාසි පමණයි. පෙරකල, රාමා සහ සීතාගේ රාජධානියට අයත්, රන්
හා රිදී කාසි තිබුණා. ස්වර්ණමය යුග රාජධානියට අයත් කාසි පිළිබඳ සඳහනක් නැත. දැක
තිබෙන්නේ චන්ද්‍ර-පෙළපතේ කාසි පමණයි. මුලදී තිබුණේ රන් හා රිදී කාසි පමණයි තඹ කාසි
මතු වුණේ පසුවයි. ඔය දරුවන් දැන් නැවත වතාවක් ඔබගේ උරුමය, පරම පියාගෙන් හිමි
කරගනිමින් සිටිනවා. ස්වර්ණමය යුගයේ පැවතෙන කුමන හෝ චාරිත්‍ර වාරිත්‍ර තිබේද, ඒවා
අඛණ්ඩව පැවතෙයි. දැන් ඔබට තිබෙන්නේ තමන් වෙනුවෙන් උත්සාහ දැරීම පමණයි. ස්වර්ණමය
යුගයේ ඉතාමත්ම ටික දෙනෙක් පමණක් සිටින අතර, ඔවුන්ගේ ආයුෂ දීර්ඝ වෙයි. එහි අකල් මරණ
නොමැත. ඔබ මරණය ජයගන්නා බව ඔබට වැටහෙයි. එහි මිය යෑම ගැන සඳහනක් නැත. එයට අමරණීය
දේශය යැයි කියන අතර මෙයට මරණීය දේශය යැයි කියයි. අමරණීය දේශයේ විලාප හඬවල් නැත.
එහිදී මහළු අය මිය යන විට, ඔවුන් ප්‍රීතිය අත්විඳීයි, මන්ද ඔවුන් කුඩා ළදරුවෙක්
වීමට යන බව දන්නා නිසා. මෙහි යමෙක් මිය ගිය විට, ඔවුන් හඬන්නට පටන් ගනී. ඔබට
ඉතාමත්ම හොඳ ඥානයක් ලැබෙනවා. ඔබ එය ඉතා හොඳින් ධාරණය කරගත යුතුයි, මන්ද ඔබ අන්
අයටත් එය විස්තර කළ යුතු බැවින්. තමන්ට ආධ්‍යාත්මික සේවය කිරීමට අවශ්‍ය බව යමෙක්
බාබාට පැවසූ විට, බාබා සැනෙකින් කියන්නේ ඔව්, ඔබ එය කරන්න. බාබා කිසිම කෙනෙකුට අවසර
නොදෙන්නේ නැහැ. කෙසේවෙතත්, කිසිම ඥානයක් නොමැති නම්, අවිද්‍යාව තිබේ. එවිට,
අවිද්‍යාව නිසා, බොහෝ දුස්සේවයක් සිදුවෙයි. ඔබ ඉතා හොඳින් සේවය කළ යුතුයි. ඔබ
ලොතරැයිය දිනා ගන්නේ එවිට පමණයි. ලොතරැයිය බොහෝ උදාරයි. මෙය පරමාත්ම දෙවියන්ගේ
ලොතරැයියයි. ඔබ රජවරු සහ රැජිණියන් වූ විට, ඔබගේ මුනුපුරන් අඛණ්ඩව ඔබ විසින් පෝෂණය
කෙරෙයි. මෙහි, සෑම කෙනෙකුටම ඔහුගේ ක්‍රියාවල ඵලය ලැබෙයි. ඇතැම් අය බොහෝ දන් දී, ඒ
අනුව රජවරුන් වෙයි. පරම පියා සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර කරයි. සෑම දෙයක්ම හොඳින්
වටහාගෙන එය ධාරණය කරගන්න. ඔබ සේවයද කළ යුතුයි. සිය ගණන් ජනයාට සේවය කෙරෙයි. ඉතා හොඳ
භක්තියේ හැඟීම් ඇති ඇතැම් මිනිසුන් සිටියි. ඔවුන් බොහෝ සේ භක්තිය සිදු කර ඇති විට,
ඔවුන් ඥානයෙන්ද විනෝදයක් ලබයි. ඔබට සෑම දෙයක්ම ඔවුන්ගේ මුහුණු වලින් වටහා ගැනීමට
හැකි වෙයි. සෑම දේකටම සවන් දීමෙන්ම පමණක් ඔවුන් සතුටු වෙයි. වැටහෙන්නේ නැති අය
දිගින් දිගටම අවට බලමින් හෝ දෑස් වසාගෙන අසුන් ගෙන සිටියි. බාබා සෑම දෙයක්ම දකිනවා.
ඔබ අන් අයට උගන්වන්නේ නැතිනම් ඉන් කියැවෙන්නේ ඔබට කිසි දෙයක් වැටහී නැති බවයි.
සමහරු එක් කණකින් අසා අනිත් කණින් එය පිටකර හරියි. මෙය අසීමිත පියාගෙන් ඔබගේ අසීමිත
උරුමය හිමි කර ගැනීමේ සමයයි. ඔබ දැන් ඔහුගෙන් වැඩියෙන් හිමි කරගන්නා තරමට, ඔබ
උපතින් උපතට, චක්‍රයෙන් චක්‍රයට වැඩියෙන් ලබා ගනී. එසේ නැත්නම් අවසානයේදී බොහෝ
සෙයින් පසුතැවිලි වීමට සිදුවෙයි. එකල සෑම කෙනෙකුටම දර්ශන ලැබෙයි. ඔබ සම්පූර්ණයෙන්ම
ඉගෙන ගත්තේ නැති නිසා, ඔබට තත්ත්වයක් හිමි කරගැනීමට නොහැකි වෙයි. එවිට ඔබ කවුරුන්
බවට පත් වෙයිද? සේවිකාවන්, දාසයන් හෝ සාමාන්‍ය පුරවැසියන්. රාජධානියක් ස්ථාපිත
කෙරෙනවා. ඔබ කරන දේට අනුව ඔබට එහි ඵලය ලැබෙයි. නව ලෝකයට උත්සාහ දරන්නේ ඔබ පමණයි.
මිනිසුන් දන් දී පුණ්‍යකර්ම සිදුකරන්නේ මේ ලොවටයි. මෙය සාමාන්‍ය දෙයක්. ඔවුන් යම්
හොඳ දෙයක් කළ විට, ඔවුන්ගේ මතු උපතෙදී ඒ වෙනුවෙන් හොඳ ඵල ලැබෙයි. ඔබගේ මෙය උපත්
21ක් පිළිබඳ කාරණාවකි. හැකි තාක් පමණින් හොඳ ක්‍රියා සිදු කරන්න. චක්‍රය වටා යන අය
වන්න. පළමුවෙන්ම ඔබ ග්‍යානී සහ යෝගී ජීවාත්මයක් විය යුතුයි. ඔබ ග්‍යානී විය යුතුයි,
මන්ද දේශන පැවැත්වීමට ආරාධනා කෙරෙන්නේ මහාරතීන්ටය. සෑම අන්දමකම සේවයන් සිදු කරන අය,
අනිවාර්යෙන්ම පුණ්‍යකර්ම රැස්කරගනී. විවිධ විෂයන් තිබේ. ඔබ යෝගාවේ රැඳී සිටිමින්
කරන ඕනෑම අන්දමක ක්‍රියාවකට ඔබට ඉහළ ලකුණු ලැබෙයි. ඔබගේ හදවතින් විමසන්න මා සේවය
කරන්නේද? එසේ නැත්නම් මා නිකම්ම, කාලා නිදාගන්නවාද? මෙහිදී මෙය අධ්‍යයනයකි, වෙනත්
දෙයක් නොවෙයි. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන්, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙන්
නාරායන බවට පත් වනවා. මෙය අමරණීයත්වයේ සහ තෙවැනි ඇසේ කතා පුවතයි. සියලුම
මනුෂ්‍යයින් වර්තමානයේ සවන් දෙන කතා, ව්‍යාජයි. පරම පියා හැර වෙනත් කිසිම කෙනෙකුට
ඔබට තෙවැනි ඇස ලබා දිය නොහැක. එය තුළින්, ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳව ඔබ
දැනුවත් වී ඇති තෙවැනි ඇස, ඔබට දැන් ලැබී ඇත. කුමාර් සහ කුමාරීන් මෙම ඉගෙනුමෙහි
ඉදිරියෙන් යා යුතුයි. ඔබට පිංතූරද තිබේ. ඔබට ඕනෑම කෙනෙකුගෙන් විමසිය හැක ගීතාවේ
දෙවියන් කවුද? ප්‍රධානතම දෙය මෙයයි. විමුක්ති දේශයේ ඔබගේ උරුමය ඔබට ලබා දෙන ඒකායන
පරමාත්ම දෙවියන් පමණයි සිටින්නේ. අප එම ස්ථානයේ වැසියන්ය. අප මෙහි පැමිණියේ අපගේ
චරිත කොටස් රඟපෑමටයි. අප දැන් පිවිතුරු වන්නේ කොහොමද? පාරිශුද්ධකරු වන්නේ ඒකායන
පියා පමණයි. ඔය දරුවන් දියුණු වත්ම ඔබගේ මනෝ ස්ථීතිය ඉතා හොඳ වෙයි. පරම පියා නොයෙක්
විවිධ අන්දමින් දිගටම විස්තර කර දෙයි. පළමුවෙන්ම ඔබගේ උපත් ගණනාවක පාපයන් මකා
දැමීමට පරම පියාව සිහි කරන්න. ඔබගේ හදවතින් විමසන්න මා කෙතරම් පරම පියාව සිහි
කරනවාද? ඔබගේ වාර්තාව තබාගැනීම හොඳයි. දියුණු වන්න! තමන්ට අනුකම්පා කර, දිගින්
දිගටම ඔබගේ හැසිරීම පරීක‍්ෂා කර බලන්න. අප දිගටම වැරදි සිදුකරන්නේ නම්, රෙජිස්ටරය
නරක් වේවි. මෙහිදී ඔබගේ හැසිරීම දිව්‍යමය විය යුතුයි. මෙසේ සිහි කර තිබේ ඔබ අපට කවන
දේ පමණක් අපි කන්නෙමු. ඔබ අපව අසුන් ගන්වන තැන පමණක් අපි අසුන් ගන්නෙමු. ඔබ අපට දෙන
උපදෙස් පමණක් ක්‍රියාවට නඟන්නෙමු. උපදෙස් ලබා දෙන්නේ නිසැකයෙන්ම සිරුරක් තුළිනි.
’දෙව්ලොව දොරටුව‘. මෙම වදන් ඉතා හොඳයි. දිව්‍යලෝකයට යන දොරටුව මෙයයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පුණ්‍යවන්ත
ජීවාත්මයක් වීම සඳහා, සියලුම ආශාවන් අත්හැර, තමන්ට මෙය ස්ථීර කරගන්න: “බාබා, ඔබ අපට
කවන ඕනෑම දෙයක්, ඔබ අපව අසුන් ගන්වන ඕනෑම තැනක්.” කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු
නොකරන්න.
2. පරමාත්ම දෙවියන්ගේ
ලොතරැයිය දිනාගැනීම සඳහා, අඛණ්ඩව ආධ්‍යාත්මික සේවයේ යෙදෙන්න. ඥානය ධාරණය කර, අන්
අයටත් එසේ කිරීමට දිරිගන්වන්න. ඉහළ ලකුණු ලබා ගැනීමට, සෑම ක්‍රියාවක්ම සිදුකරන අතර,
සිහිපත් කිරීමේ රැඳී සිටින්න.
වරදානය:
ඔබ
නිරන්තරයෙන් සෙනෙහසින් යුතු වී මායා සහ පදාර්ථ ඔබගේ සේවකයින් කරගනිත්වා.
නිරන්තරයෙන්
සෙනෙහසින් යුතු දරුවන් සෙනෙහසේ මුසු වීමෙන් වෙහෙස වී වැඩ කිරීමෙන් සහ දුෂ්කරතාවන්ට
මුහුණ දීමෙන් නිරන්තරයෙන් ආරක්ෂා වී සිටිති. පදාර්ථය සහ මායා යන දෙකම දැන් ඔවුන්
ඉදිරියේ ඔවුන්ගේ සේවකයින් බවට පත්ව ඇත. මෙයින් අදහස් කරන්නේ නිරන්තරයෙන් සෙනෙහසින්
යුතු ජීවාත්ම මාස්ටර්වරුන් බවට පත්වන අතර, එවන් නිරන්තරයෙන් සෙනෙහස දක්වන ජීවාත්ම
මත, තම කාලය හෝ සිතිවිලි ඔවුන් කෙරෙහි නාස්ති කිරීමට පදාර්ථයට සහ මායාට ධෛර්යයක්
නොමැති බවයි (පදාර්ථය සහ මායා). ඔවුන්ගේ සෑම මොහොතක්ම සහ සෑම සිතිවිල්ලක්ම පරමාත්ම
පියා සිහිපත් කිරීම සහ සේවය කිරීම සඳහා ය. සෙනෙහෙබර ජීවාත්මයන්ගේ ස්ථිතියේ
ප්‍රශංසාව නම්, ඔවුන් එකම එක පරමාත්ම පියාට මිස අන් කිසිවෙකුට අයත් නොවන බවයි,
පරමාත්ම පියා ඔවුන්ගේ ලෝකය බවයි. ඔවුන්ගේ සිතිවිලි වලින් වත් ඔවුන්ට කිසිවෙකු මත
යැපීමට නොහැකිය.
පාඨය:
ඥානයෙන්
පිරිපුන් වූ විට ඕනෑම ගැටළුවක් විනෝදය ගෙනෙන ක්‍රීඩා ලෙස අත්විඳිනු ඇත.
අව්‍යක්ත සංඥාව: දැන්
සෙනෙහස් ගින්න දල්වා, ඔබගේ යෝගාව ගිණි කන්දක් මෙන් කරගන්න.
මෙම යකඩ යුගයට අයත්,
තමෝප්‍රධාන් සහ දිරාපත් වූ ගස පුළුස්සා දැමීම සඳහා, ඔබේ ගිණිකඳු යෝගාව සාමූහිකව
පූර්ණ බලයෙන් තීව්‍ර කරන්න. කෙසේවෙතත්, මෙම ගිනි කන්දක් වැනි වු ස්මරණය පවතින්නේ
ස්මරණයේ සබැඳිය නිරන්තරයෙන් සම්බන්ධ වූ විට පමණි. සබැඳිය නැවත නැවතත් කැඩී ගිය විට,
එය නැවත සම්බන්ධ කිරීමට කාලය ගතවේ. එයට උත්සාහයක් ද අවශ්‍ය වන අතර එබැවින්, බලවත්
වීම වෙනුවට, ඔබ දුර්වල වේ.