08.09.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැන් ඔබ දේවත්වයේ අලුත් රුධිරය ලබා තිබෙනවා. ඔබ බොහෝ කුල්මත් වූ සිතින් කතා පැවැත්විය යුතු අතර ශිව බාබා ඔබට උගන්වනවා යන කුල්මත්භාවයත් තබා ගත යුතු වනවා.

ප්‍රශ්නය:
ඔබගේ ඉලක්කය හා අරමුණ පිළිබඳ වූ සදාකාලික කුල්මත්භාවයක් තබා ගැනීමට නම් ඔබ විසින් යොදා ගත යුතු ක්‍රමය කුමක්ද?

පිළිතුර:
රාජධානිය වෙත යාමට අවශ්‍ය වන ගමන් බලපත්‍රය ඔබ ළඟ තබා ගන්න. පහළින් ඔබගේ සාමාන්‍ය පිංතුරයකුත්, ඊට ඉහළින් ඔබ රාජකීය තත්ත්වයේ ඇඳුමින් සැරසුණු පින්තුරයකුත්, ඊටත් ඉහළින් ශිව බාබාත් තබා ගන්න. එවිට ඉතාමත් පහසුවෙන් ඔබට ඔබගේ ඉලක්කය සහ අරමුණ ඔබගේ ආකල්පය මත තබා ගත හැකි වෙනවා. සෑම විටකදිම ඔබගේ සාක්කුව තුළ ඔබගේ ගමන් බලපත්‍රය තබා ගන්න. මායාගේ කුණාටු එන විට, ඔබට සිතෙයි ඔබගේ ගමන් බල පත්‍රය අවලංගු වි දිව්‍යලෝකයට යාමට නොහැකි වෙයි කියා.

ගීතය:
ඔහෝ රාත්‍රියේ සංචාරකය, වෙහෙසට පත් නොවන්න. අරුණෝදය වෙත, තව එතරම් දුර නැත!

ඕම් ශාන්ති.
දරුවන් මෙම ගීතයේ අර්ථය වටහා ගත්තා. දැන් භක්ති මාර්ගයේ ඒ ඝන අන්ධකාරය අවසානයට පැමිණ ඇත. දරුවන් දන්නවා මරණය දැන් ඔබ ඉදිරියට පැමිණිය නොහැකි බව. අප මෙහි අසුන්ගෙන සිටියත් අපගේ ඉලක්කය හා අරමුණ වන්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා වන් බවට පත්වීමයි. සන්යාසින් මිනිසුන්ට කියනවා, ඔබ තමන් මී හරකෙක් කියා සිතුවොත්, ඔබ එම ස්වරූපය ගන්නවා කියා. එයද, රාමා වඳුරන්ගේ හමුදාවක් ගෙනැවිත් භාරතය රාවණ්ගෙන් මුදවා ගත්තා යැයි පැවසෙන උදාහරණය වැනිම වූ භක්ති මාර්ගයේ තවත් එක් උදාහරණයක්. ඔබ මෙහි අසුන්ගෙන සිටින අතර ඔබට වැටහෙනවා අනාගතයේදි ඔබ ඔටුණු යුගලයකින් යුතු වූ දේවතාවන් බවට පත්වන බව. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාසලේ ඉගෙන ගන්නා විට ඔවුන් කියනවා, මෙම අධ්‍යාපනය මඟින් මා නීතිඥයෙක් වෙනවා, වෛද්‍යවරයෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා ආදී වශයෙන්. ඔබ දන්නවා මෙම අධ්‍යාපනය මඟින් ඔබ දේවතාවන් බවට පත්වන බව. අප, අපගේ ශරීර අත්හල කල, ඔටුණු පැළෙඳනවා. මෙය ඉතාමත් කිලුටු වූ ලෝකයක් වන අතර ඒ නව ලෝකය පළවන පන්තියේ ලෝකයක් වෙනවා. පරණ ලෝකය සම්පුර්ණ තුන්වන පන්තියේ ලෝකයක්. මේ ලෝකය දැන් අවසානයකට පත්වීමටයි තිබෙන්නේ. අනිවාර්යෙන්ම මෙම ලෝකයේ නිර්මාණකරු තමයි අපව ලෝක පාලකයන් බවට පත්කරවන්නේ. වෙන කිසිම කෙනෙකුට අපට උගන්වන්න බැහැ. අපව දැනුමැත්තන් බවට පත් කරමින් රාජයෝගා උගන්වන්නේ ශිව බාබා පමණයි. පියා මෙසේ පවසා තිබෙනවා ජීව අවධානයට පත්වන්න. ජීව අවධානයට පත්වීම සඳහා උත්සාහය අවශ්‍ය වෙනවා. ජීව අවධානයට පත් වු පසු ඔබට තවත් අවශ්‍ය වන්නේ මොනවාද? කෙසේ හෝ ඔබ බ්‍රහමිණ් දරුවන් වන අතර දැන් දේවත්වයට පත් වෙනවා. එම තත්ත්වයට පත්වීම පිළිබඳ වූ කුල්මත්භාවයත් ඔබ තුළ තිබෙනවා. මුලදී, අප කලි යුගයේ අපායේ සිටින විට, අප අපිරිසිඳු වූවා. දේවතාවන් හා යක්ෂයන් අතර විශාල වෙනසක් තිබෙනවා. දේවතාවන් ඉතාමත් පිරිසිඳුයි. මෙහි මිනිස්සු ඉතාමත් අපිරිසිඳුයි. ඔවුන්ගේ පිටස්තර ස්වභාවය මනුෂ්‍ය තත්ත්වයේ තිබුණත් ඔවුන්ගේ චරිතය දෙස මදක් බලන්න. දේවතාවන් වන්දනා කරන අය ඔවුන්ගේ ප්‍රතිමා ඉදිරියේ ඔවුන්ගේ ප්‍රශංසනීයත්වය ගායනා කරනවා ඔබ ගුණාංග වලින් පරිපූර්ණ වන අතර අප තුළ කිසිම ගුණාංගයක් ඇත්තේ නැහැ. ඔබ දැන් වෙනසකට ලක් වී දේවතාවන් බවට පත් වනු ඇත. ඔබ ක්‍රිෂ්ණා වන්දනා කරන අතර එමනිසා, ක්‍රිෂ්ණාගේ දේශයටත් යාමට හැකි වෙනවා. කොහොමනමුත්, ඔබ එහි යන්නේ කවදාද කියා ඔබ දන්නේ නැහැ. ඔබ නොකඩවා දෙවියන් ඉදිරියේ එහි ඵලය ලබා දෙන මෙන් ඉල්ලමින් වන්දනාමාන කළා. භක්තියේ ඵලය විමුක්තියයි. මෙය අධ්‍යාපනයක්. සියල්ලටම පෙර ඔබට උගන්වන කෙනා පිළිබඳ විශ්වාසයක් තබා ගන්න. මොහු හඳුවන්නේ ශ්‍රී ශ්‍රී නාමයෙන්. දරුවන් දන්නවා පියා ඔබට ශ්‍රීමත් දෙන බව. මෙය නොදන්නා කෙනෙක් උසස් වන්නේ කෙසේද? මේ දිනවල නම් එකිනෙකා හට උපදෙස් දෙන්නේ, එකිනෙකාව පහළට ඇද දැමීමටයි. එවැනි වූ උපදෙස් යක්ෂ උපදෙස් ලෙස හැඳින්වෙනවා. මේ සෑම බ්‍රහමිණ් දරුවෙක්ම ඒ ශ්‍රී ශ්‍රී ශිව බාබාගේ උපදෙස් පිළිපදිනවා. ඒ උත්තරීතර ජීවයේ උපදෙස් පිළිපැදිමෙන් පමණයි ඔබ උසස් තත්ත්වයකට පත් වන්නේ. මෙය බුද්ධියට ඇතුළු වන්නේ එය කෙනෙකුගේ වාසනාවේ තිබේ නම් පමණයි. එසේ නැතිනම්, ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැහැ. ඔවුන් තේරුම් ගත් කල ඔබට උදව් කරන්නට පටන් ගන්නවා. සමහරු මේ කවුද කියාවත් දන්නේ නැහැ. මේ නිසා තමයි බාබා කිසිම කෙනෙක්ව මුණ ගැසෙන්නේ නැත්තේ. මිනිස්සු දෙන්නේ තම තමන්ගේ යක්ෂ උපදෙස් පමණයි. දැන් සෑම කෙනෙක්ම සාමාන්‍ය මිනිසුන්ගේ බොරු උපදෙස් පිළිපදිනවා. ශ්‍රීමත් ගැන දැනුවත්කමක් නොමැතිකම හේතුවෙන් ඔවුන් බ්‍රහ්ම බාබාට තම තමන්ගේ උපදෙස් දෙන්නට පටන් ගත්තා. පියා දැන් දරුවන්ව උසස් කරවීමට පැමිණ සිටිනවා. දරුවන් කියනවා බබා මීට අවුරුදු 5000කට පෙර හමුවූවාක් සේ අප දැන් නැවතත් හමුවෙනවා. කිසිම දෙයක් නොදන්නා අයට එවැනි දෙයක් කිව නොහැකියි. ඔබගේ අධ්‍යාපනය පිළිබඳව ඔබ තුළ විශාල කුල්මත්භාවයක් තිබිය යුතුයි. මෙම අධ්‍යාපනය ඉතාමත් වැදගත්. කොහොමනමුත්, මායාත් සම්පූර්ණයෙන්ම ඔබට විරුද්ධයි. ඔබ දන්නවා ඔබ මේ ඉගෙන ගන්නා ඉගෙනීමෙන් ඔටුණු යුගලයක් පැළඳි අය බවට පත්වන බව. අනාගතයේදි ඔබ උපතක් උපතක් පාසා ඔටුණු යුගලයක් පළඳිනවා. එමනිසා, ඔබ ඒ සඳහා විශාල උත්සාහයක් යෙදිය යුතුයි. මෙය හඳුන්වන්නේ රාජයෝගාව ලෙසයි. එය එවන් වූ අසිරිමත් වූ දෙයක්. බාබා සෑම විටම ඔබට ලක්ෂ්මි හා නාරායන් කෝවිල්වලට යන්න කියා කියනවා. එම කෝවිල භාර වන්දනාකරුවාටත් විස්තර කර දෙන්න ඔබට පුළුවන්. ඔහුගෙන් අහන්න ලක්ෂ්මි හා නාරායන් ඔවුන්ගේ එම තත්ත්වයන් ලැබුවේ කෙසේද කියා. ඔවුන් ලෝක පාලකයන් බවට පත්වූයේ කෙසේද? මේ අයුරින් ඔබ අනෙක් අයට විස්තර කර දුන්නේනම්, ඒ කෝවිල භාරකාර කෙනා පවා ප්‍රයෝජනයක් ලබාවි. ඔවුන්ට මෙසේ කිව හැකියි ලක්ෂ්මි හා නාරායන් ඔවුන්ගේ රාජ්‍යය හිමිකර ගත්තේ කෙසේද කියා අපි ඔබට විස්තර කර දෙන්නම්. ගීතාවේ මෙසේ කියනවා දෙවියන් කතා කරයි මා ඔබට රාජයෝගා උගන්වා රජවරුන්ගෙත් රජවරුන් බවට පත්කරවනවා. එමනිසා දරුවන් එම තත්ත්වයට පත්වනවා යන්න පිළිබඳ ඔබ තුළ විශාල කුල්මත් බවක් තිබිය යුතුය. ඔබට ඔබගේ පින්තූරයකුත් (දැන්), ඒ රාජධානියේ සිටින ආකාරයේ පින්තූරයකුත් ගෙන එකට තබා බැලිය හැකියි. පහළින් ඔබගේ පින්තූරය තිබිය යුතු අතර, ඊට ඉහළින් රාජ්‍යයේ පින්තූරය තිබිය යුතුයි. මේ සඳහා කිසිම වියදමක් නැහැ. ඔබට ඉතාමත් ඉක්මණින් රාජකීය ඇඳුමක් මැසිය හැකියි. එය ඔබ ලඟින් තබා ගන්න. එවිට ඔබ දේවතා තත්ත්වයට පත්වෙනවා යන්න නැවත නැවතත් සිහිපත් කරගත හැකි වෙනවා. උඩින්ම ශිව බාබා සිටිය යුතුයි. ඔබ මේ සෑම පින්තූරයක්ම ගත යුතුයි. අප සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයෙන් දේවතා තත්ත්වයට පත්වෙනවා. අප දැන් රාජයෝගා ඉගෙන ගන්නා නිසා මෙම ශරිරය අතහැර දේවත්වයට පත් වනු ඇත. මේ පින්තූරය උදව්වට ගත හැකියි. උඩින්ම ශිවාගේ පිළිරුව තිබිය යුතු වන අතර, පසුව රාජකීය ඇඳුමින් සැරසි ඔබගේ පින්තූරයක්, ඊට පහළින් ඔබගේ සාමාන්‍ය පින්තූරයක් තිබිය යුතුයි. අප ශිව බාබා සමඟ රාජයෝගා ඉගෙන ගන්නා අතර ඔටුණු යුගලක්ද පැළඳි දේවතාවන් බවට පත්වනු ඇත. ඔබ මෙම පින්තූරය ඔබ ලඟ තබා ගතහොත්, කෙනෙක් ඔබගෙන් ඒ පිළිබඳව විමසූ විට ඒ ඔබට උගන්වන ශිව බාබා කියා ඔබට කියන්න පුළුවන්. දරුවන් මෙම පින්තූරය දෙස බලන විට කුල්මත් බවක් අත්දකිනු ඇත. කඩසාප්පු වලත් ඔබට මෙම පින්තූරය තියන්න පුළුවන්. බාබා භක්ති මාර්ගයේ සිටින විට ඔහු නාරායන්ගේ පින්තූරයක් තබාගෙන සිටියා. ඔහු තම සාක්කුවේ එම පින්තූරය රැගෙන ගියා. ඔබත් ඔබගේ පින්තූරය එසේ ගෙන යා යුතුයි. මන්ද, එවිට ඔබට සිහිපත් වෙයි ඔබ දැන් ඉන්නේ දේවත්වයට පත්වීමට බව. ඔබ උත්සාහ දරා පියා සිහිපත් කිරිමට මාර්ගයක් සෙවිය යුතුයි. පියාව සිහි කිරීමට අමතක කළ විට තමයි ඔබ වැටෙන්නේ. ඔබ පාපයට වැටුණු පසු තමාට දේවත්වයට පත්වීමට නොහැකි බව දකිමින් ඔබ ලැජ්ජාවට පත්වෙනවා. එවිට ඔබ හෘදයාබාධයක් සෑදි මෙසේ සිතයි මම දැන් දේවත්වයට පත්වන්නේ කෙසේද? බාබා කියනවා පාපයේ ගැලෙන අයගේ පින්තූර ඉවත් කරන්න! ඔවුන්ට කියන්න ඔබලා දිව්‍ය ලෝකයට යාමට තරම් ශක්තිමත් නැත. දැන් ඔබගේ ගමන් බලපත්‍ර අවලංගු වී ඇත. ඔවුන්ටම දැනේවි මා දැන් පහළට වැටී සිටින අතර දැන් දිව්‍ය ලෝකයට යන්නේ කෙසේද? බාබා මෙහිදි නාරද්ගේ උදාහරණය ගන්නවා. ඔහුට කීවා තමාව ලක්ෂ්මි විවාහ කර ගැනිමට සුදුසු අයෙක්ද කියා කැඩපතකින් බලන්න කියා. ඔහු දැක්කේ වඳුරෙකුගේ පින්තූරයක්. එමනිසා, මිනිසුන්ටත් තමා තුළ පාපයන් තිබෙන නිසා ශ්‍රී ලක්ෂ්මි හෝ ශ්‍රී නාරායන් හා විවාහ වීමට තරම් තමා සුදුසු නැතැයි කියා ලැජ්ජා සිතේවි. බාබා ඔබට නොයෙකුත් මාර්ග පෙන්වා දෙනවා. කොහොමනමුත්, ඔබ තුළ මෙම විශ්වාසයක් තබිය යුතුයි. ඔබ පාපයෙන් කුල්මත්ව සිටින විට තමාට ඒ ඔටුණු යුගලයක් පැළඳි රජවරුන්ගෙත් රජවරුන් බවට පත්වීමට නොහැකි බව ඔබට වැටහෙනවා. ඔබ උත්සාහ දැරිය යුතුයි. බාබා විස්තර කරනවා එවැනි ලස්සන උපක්‍රම නිර්මාණය කර, නොකඩවා අන් අයටත් විස්තර කරන්න. ස්ථාපනය සිදුවන්නේ රාජයෝගා මගිනි. විනාශය දැන් ඔබ ඉදිරියේමයි. දිනෙන් දින වැඩියෙන්, ඉතා බලවත් ලෙස කුණාටු හමනවා. බෝම්බ තවමත් නිපදවෙමින් පවතිනවා. දරුවන් මෙය ඉගෙන ගන්නේ උසස් තත්ත්වයක් ලැබීම උදෙසායි. ඔබ අපිරිසිඳු බවින් පිරිසිඳු වන්නේ එකම එක අවස්ථාවකදි පමණයි. මිනිස්සු තුළ දැන් තිබෙන්නේ ගල් බුද්ධියක් නිසා තමාව දැන් අපායේ වැසියන් බවට පත්ව තිබෙන බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඔබ දැන් ගල් බුද්ධියකින් යුතු වු කෙනෙක් බවින් දිව්‍යමය බුද්ධියකින් යුතු වු අයෙක් බවට පත්වෙනවා. කෙනෙකුගේ වාසනාව තිබේ නම් ඔහු ඉතා ඉක්මණින් තේරුම් ගන්නවා. එසේ නැත්නම් ඔබ ඔහුට මොන ආකාරයෙන් තේරුම් කර දුන්නත් එය ඔහුගේ බුද්ධියට යන්නේ නැහැ. ඔවුන් පියාව දන්නේ නැතිනම්, ඔවුන් අදේවවාදින්, අනාථයින්. ඔබ ශිව බාබාගේ දරුවන් වන නිසා අනිවාර්යෙන්ම ඒ ස්වාමියා හට අයත් විය යුතුයි. මෙහි සිටින, දැනුමෙන් යුතු වූ අය තම දරුවන්වත් නොකඩවාම පාපයෙන් මුදවා ගන්නවා. දැනුම නැති මිනිස්සු තමන් පාපයේ ගිලී සිටින්නා සේම, තම දරුවන්වත් දිගින් දිගටම පාපයෙහිම යොදවනවා. මෙහිදී, ඔබ පාපයෙන් ආරක්ෂා වී සිටින බව ඔබ දන්නවා. කුමාරින් පළමුවෙන්ම ආරක්ෂිත විය යුතුයි. දෙමව්පියන් තම දරුවන් පාපයට අද්දවා ගන්නවා. මේ පැරණි ලෝකය දූෂිත වූවක් බව ඔබ දන්නවා. සෑම කෙනෙක්ටම උසස් වු ලෝකයක් අවශ්‍යයි. නමුත් ඒ ලෝකය නිර්මාණය කරන්නේ කවුද? පරමාත්ම දෙවියන් (සත්‍යය) කතා කරයි මම පූජකවරුන් සහ සාන්තුවරුන් පවා ඉහළ නංවනවා. මේ කාලයේදි ඔවුන් ගීතාවේ නියම දෙවියන් ශිවා කියා දැන ගත්තේ නම්, කවුද දන්නේ කුමකින් කුමක් වේද කියා? කොහොමනමුත්, තවමත් ඒ සඳහා කාලය තිබෙනවා. එසේ නැති නම් සෑම කෙනෙකුගේම තත්ත්වය සෙලවීමට පටන් ගනීවි, ඔවුන්ගේ සිහසුන සෙලවේවි. යුද්ධයක් සිදුවන විට කෙනෙකුගේ සිහසුන දැන් සෙලවීමට පටන්ගෙන තිබෙන බවත්, ඔහු දැන් වැටෙන බවත් ඔබ දන්නවා. එය දැන්ම සෙලවුණහොත් කලබලයක් ඇති වෙනවා. අනාගතයේදි එය සිදු වෙනවා. ඔබ කතා පවත්වද්දී ඔබට මෙය විස්තර කර දිය හැකියි. හොඳින් සංස්කෘත දන්නා අයට ආගමික ග්‍රන්ථවල තිබෙන දේවල් හොඳින් කියා දිය හැකියි. පාරිශුද්ධකරු, සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දෙන්නාම, මෙසේ කියනවා මම සත්‍ය වශයෙන්ම බ්‍රහ්මාගේ ශරිරය මාර්ගයෙන් මෙම ස්ථාපිත කිරිම කරගෙන යනවා. ඔහු සෑම කෙනෙකුටම විමුක්තිය ලබා දෙනවා. ඒ කියන්නේ ඔහු සෑම කෙනෙකුම උසස් කරවනවා. කතා පැවැත්වීම කෙරෙහි ඔබ තුළ විශාල කුල්මත් බවක් තිබිය යුතුයි. කුමාරින් තුළ තිබෙන්නෙ අලුත් ලෙය කියා කියනවා. ඔවුන්ට දැනුම නැමැති ගල විසි කළ හැකියි. ශිෂ්‍යයන් තුළ මේ අලුත් ලෙය තිබෙන හෙයින් ඔවුන් කළබල කරමින් ගල් කැබලි පවා විසි කරනවා. එයට ඔවුන් බොහෝ දක්ෂයි. මෙයත් ඔබගේ අලුත් ලෙයයි. ඔවුන් බොහෝ සෙයින් තුවාල කරන බව ඔබ දන්නවා. මෙය තමයි ඔබගේ දේවත්වයෙන් යුතු වූ අලුත් ලෙය. ඔබ පරණ බවින් අලුත් වෙනවා. පරණ කලි යුග තත්ත්වයට පත්ව ඇති ජීවයන් වන ඔබ දැන් අලුත් සත්යුග ජීවයන් බවට පත් වෙමින් සිටිනවා. දරුවන් තුළ මේ පිළිබඳව විශාල ආශාවක් තිබිය යුතුයි. සෑම විටම ඔබ කුල්මත්ව සිටිය යුතුයි. ඔබ හා සමව සිටින අයවත් ඉහළ නැංවිය යුතුයි. මෙහිදි මව වූ ගුරුවත් සිහිපත් වෙනවා. මව්වරුන් ගුරුවරු වන්නේ කවදාද කියා ඔබ දන්නවා. ගුරුන්ගේ ව්‍යාපාරය දැන් සිදු වෙනවා. පියා පැමිණ දැනුම නම් පුන් කලස මව්වරුන් මත තබනවා. මේ ආකරයෙන් තමයි එය ඇරඹෙන්නේ. සමහර මිනිසුන් කියනවා ඔවුන්ගේ මධ්‍යස්ථානයට බ්‍රහමිණ් ගුරුවරයෙක් එවන්න කියා. බාබා කියනවා ඔබටම පුළුවන් ඔබගේ මධ්‍යස්ථානය ගෙන යන්න. එවිට ඒ සඳහා තමාට අවශ්‍ය තරම් ධෛර්යයක් නැති බවත්, අම්මා කෙනෙක් අනිවාර්යෙන්ම අවශ්‍ය බවත් ඔබ පවසනවා. මව්වරුන්ට ගෞරව කිරිම හොඳයි. මේ දිනවල ලෝකයේ තිබෙන්නේ පිටින් පෙන්වන ගෞරවය පමණයි, කිසිම කෙනෙක් සදාකාලික වූ ගෞරවයක් ලබන්නේ නැහැ. මේ කාලයේදි, දරුවන් ඒ සදාකාලික වූ වාසනාවේ රාජ්‍යය ලබනවා. පියා ඔබට නොයෙකුත් ආකාරයෙන් විස්තර කර දෙනවා. බාබා ඔබට තමාව නිරන්තරයෙන් උද්යෝගයෙන් තැබීම සඳහා නොයෙකුත් ආකාරයේ හොඳ උපක්‍රම කියා දෙනවා. ලක්ෂ්මි හා නාරායන් බවට පත්වීම සඳහා ඔබ තුළ සැම විටම සුබ ප්‍රාර්ථනා තිබිය යුතුයි. කෙනෙකුගේ වාසනාවේ මෙය නැති නම්, ඔහු දරණ උත්සාහය කුමක්ද? ඔබ කළ යුතු උත්සාහය කුමක්ද යන්න ඔහු ඔබට කියනවා. උත්සාහය කිසි විටෙක අපතේ යන්නේ නැහැ, එය සැම විටම ප්‍රයෝජනවත් වෙනවා. රාජ්‍යය ස්ථාපිත වන අතර මහාභාරත යුද්ධය මඟින් විනාශයත් අනිවාර්යෙන්ම සිද්ද විය යුතුයි. ඔබ මෙසේ දියුණු වෙමින් ඉදිරියට යන විට, ඔබ ශක්තිමත් වන අතර එවිට සෑම කෙනෙක්ම එනු ඇත. ඔවුන් මෙය දැන් තේරුම් ගන්නේ නැහැ. නැතිනම්, ඔවුන්ගේ රාජ්‍යය අවසන් වී යයි. ඔබ ලඟ ඉතාමත් හොඳ පින්තූර තිබෙනවා. මෙය තමයි විමුක්තිය, සතුටේ දේශය. ඒ වගේම මේක තමයි විමුක්තියේ දේශය. ඔබගේ බුද්ධිය කියනවා, ජීවයන් වන ඔබ නිර්වාණ දේශයේ සිට දැන් ’කථන‘ ලෝකයට පැමිණ සිටින බව. ජීවයන් වන අප එම ස්ථානයේ වැසියන්. මෙම නාටකය පදනම් වන්නේ භාරතය මතයි. මෙහිදි මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරණවා. පියා කියනවා මා දැන් පැමිණ සිටින අතර, මීට චක්‍රයකට පසුව නැවතත් පැමිණෙනවා. භාරතය පාරාදීසයයි. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණිමට වසර බොහොමයකට ප්‍රථම මෙහි පාරාදීසයක් තිබුණා කියා කියනවා. එය දැන් නොපවතී. නමුත් පසුව එය පවතිනවා ඇත. එමනිසා, අනිවාර්යෙන්ම අපායේ වැසියන්ගේ විනාශයත්, දිව්‍යලෝකයේ වැසියන්ගේ ස්ථාපනයත් අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි. ඔබ දිව්‍යලෝකයේ වැසියන් බවට පත් වෙනවා. අපාය විනාශයට පත්වෙනවා. ඔබ මෙයද තේරුම්ගත යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම කෙනෙකුටම සුබ ප්‍රාර්ථනා කරන්න. සෑම කෙනෙකුටම නියම ගෞරවය දෙන්න. ඒ සත් යුග අධිරාජ්‍යයේ උසස් තත්ත්වයක් ලැබීමට උත්සාහ කරන්න.

2. ජීව අවධානයට පත්වීමට උත්සාහ දරන්න. සාමාන්‍ය මනුෂ්‍යයින්ගේ උපදෙස් පිළිපැදීම අතහැර එම ඒකායන කෙනාගේ උපදෙස් පමණක් පිළිපදින්න. ඔබගේ අධ්‍යාපනය පිළිබඳ වූ කුල්මත් බව දිගින් දිගටම තබා ගන්න.

වරදානය:
ඔබ මෙම ඥානයේ මාස්ටර්-සූර්යයා බවට පත්වී, සියලු ජීවාත්මයන්ගේ අපවිත්‍ර සිතිවිලි සහ ආකල්ප දවා හරිත්වා.

සූර්යයා තම කිරණ මගින් කුණු කසළ සහ විෂබීජ ආදිය දවා හරින්නාක් මෙන්, ඔබ මෙම ඥානයේ මාස්ටර්-සූර්යයා වී අපවිත්‍ර ජීවාත්ම දෙස බලන විට, ඔවුන්ගේ අපවිත්‍ර සිතිවිලි, ආකල්ප සහ දෘෂ්ටිය දැවී යනු ඇත. අපවිත්‍ර සිතිවිලි පවිත්‍ර කරන්නන් වන ජීවාත්මයන්ට පහර දිය නොහැක. අපවිත්‍ර ආත්ම පවිත්‍ර කරන්නන් වන ආත්මයන්ට යටත් වනු ඇත. ඒ සඳහා, බලාගාරයක් වන්න; එනම්, මෙම ඥානයේ මාස්ටර්-සූර්යයාගේ ස්ථිතිය තුළ ස්ථාවරව සිටින්න.

පාඨය:
ඔබේ 'ධාරණා' ස්වරූපය තුළින් ඔබේ යෝගී ජීවිතය මගින් බලපෑමක් ඇති කිරීම ඉතා උතුම් සේවයකි.

අව්‍යක්ත සංඥාව: දැන් ඔබගේ දානපති ස්වරූපය හෙළිදරව් කරන්න.

'භාග්‍යය පිරිනමන්නා වන පරම පියා බ්‍රහ්මා හරහා භාග්‍යය බෙදා දුන් බව සිහිපත් කෙරේ. එබැවින්, බ්‍රහ්මාගේ කාර්යය ඔය බ්‍රාහ්මණවරුන්ගේ ද කාර්යය වේ. ලෝකයේ මිනිසුන් ඇඳුම්, ආහාර සහ ජලය බෙදා දෙන නමුත්, මෙම උසස් භාග්‍යය බෙදා දිය හැක්කේ 'භාග්‍යය පිරිනමන්නාගේ' දරුවන් වන ඔබට පමණි. මෙම භාග්‍යය ගන්නා අය සියල්ල ලබා ගනී. එබැවින්, මෙම භාග්‍යය බෙදා දීමේ දී ත්‍යාගශීලී හදවතක් ඇති අයෙක් වන්න.