08.10.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබ දැන් ශබ්දය ඉක්මවා යා යුතුයි. එබැවින් ඔබගේ මුවින් ’ශිවා, ශිවා‘ යැයි
කීමට අවශ්‍යතාවයක් නැත.
ප්‍රශ්නය:
සර්ව බලධාරී,
ඥානයේ මහා සයුර, ලෙසින්, වෙනත් කිසිවෙකු නොව, පියාවම පමණක් අමතන්නේ මන්ද?
පිළිතුර:
මන්ද, ජීවාත්ම, අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ, ඒකායන පියාව සිහිපත් කිරීමෙන් පමණක්
බැවිනි. අපවිත්‍ර අයව පිවිතුරු කරන්නේ, පියාම පමණයි. කිසිම ශාරීරික ජීවයකට
මනුෂ්‍යයන්ව පිවිතුරු කළ නොහැක. පියා ඔබව රාවණගේ රාජධානියෙන් නිදහස් කරයි. ඔබට ශිව
බාබාගෙන් ශක්තිය ලැබෙයි. ඔබ ඔහුව වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබට වැඩියෙන් ශක්තිය
ලැබී, දිගින් දිගටම මිශ්‍ර ලෝහ ඉවත් වී යයි.
ගීතය:
ශිවාට නමස්කාර
වේවා.
ඕම් ශාන්ති.
ඔය සුමිහිරි,
ආදරණීය, බොහෝ කාලයක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට භක්තියේ ප්‍රශංසාව ඇසුණා. ඔබද
ප්‍රශංසා ගී ගායනා කළ මුත් ඔබ දැන් එසේ නොකරයි. ඔබව ප්‍රශංසා කිරීමටද අවශ්‍යතාවයක්
නැත. ඔය දරුවන්ට බැතිමතුන් කරන දේවල් කළ නොහැක. ඔබ බැතිමතුන්ව සිටි නමුත් ඔබට දැන්
දෙවියන්ව හමු වී ඇත. සෑම කෙනෙකුටම එකවර ඔහුව සොයා ගත නොහැක. පියා සෑම කෙනෙකුටම එකවර
උගන්වන්නේ කෙසේද? එය කළ නොහැක්කක්. සියලුම බැතිමතුන්ට එකවර එකතුවිය නොහැක. ඔව්, මෙය
රාජයෝගාව බැවින්, පියා අනිවාර්යෙන්ම ඔබට ඉගැන්වීමට පැමිණිය යුතුයි. සූර්ය සහ
චන්ද්‍ර වංශික රාජධානි ස්ථාපනය කළ යුතුයි. ඔය දරුවන් ප්‍රදර්ශන වලදි විස්තර කළ
යුතුයි. ඔබට සේවය කළ හැකි වන්නේ, ඔබ මෙම උත්සව පවත්වන විටයි. ඔබ තමන් වෙනුවෙන්
රාජධානියක් ස්ථාපිත කළ යුතුයි. ඔබලා ශිව ශක්තීන්, මහාරතී සේනාවයි. ඔබ වෙනත් කිසිම
අභ්‍යාසයක් ආදිය ඉගෙන ගන්නේ නැත. ඔබ ඉගෙනගන්නේ ආධ්‍යාත්මික අභ්‍යාසය පමණයි. භාරතයේ
මෙම අභ්‍යාසය ඉතා ප්‍රසිද්ධයි. මෙය යෝගාවේ අභ්‍යාසයයි. ජීවාත්ම, පරම පියා, පරමාත්ම
ජීවය සමඟ යෝගාවේ සිට, ඔහුගෙන් තම උරුමය හිමි කරගත යුතුයි. මෙහිදී යුද්ධයක් පිළිබඳ
ප්‍රශ්නයක් නැත. ඔබ පියාගෙන් ඔබගේ උරුමය හිමි කරගන්නා අතර, යුද්ධයක් සමඟ සම්බන්ධයක්
නැත. ඔබ අසීමිත පියාගේ උරුමකරුවන්ය. එබැවින් පියාට අයත් වී, ඔහුගේ ශ්‍රීමත්
පිළිපදින්න. පරම පියාගේ උපදෙස්, සටන් කිරීම සඳහා නොවෙයි. පියා පවසන්නේ මෙපමණයි ඔබ
සතෝප්‍රධාන්ව සිටියා. ඔබ රාජධානිය පාලනය කළ අතර, ඔබට දැන් එය සිහි වී තිබේ. පියා
පවසන්නේ ඔබ ඔබගේම උපත් ගැන නොදනී. මනුෂ්‍යයන් උපත් 84ක් ගන්නා බව සිහි කර තිබේ.
උපත් මිලියන 8.4ක් ගැන කතා කිරීම මුසාවක්. භක්ති මාර්ගයේ මිනිසුන්, ඔවුන් ඉදිරියට
පැමිණෙන කුමක් වුවත් දිගින් දිගටම හදාරති. නාටකයට අනුව, ඒවා භක්ති මාර්ගයේ මෙවලම්ය.
ස්වර්ණමය සහ රිදී යුගයන්හි භක්තියක් නැත. භක්තිය ඥාණනයෙන් වෙනස්ය. ඔය දරුවන් හැර,
ඍෂිවරුන්, මුනිවරුන් හෝ කිසිම කෙනෙකුගේ බුද්ධිය තුළ මෙම ඥානය නොමැත. සතුට දුකින්
වෙන්ව ඇති බව ඔවුන් නොදනී. පියා සතුට ලබා දෙන අතර රාවණ දුක ඇති කරයි. සූර්ය සහ
චන්ද්‍ර වංශික රජ පෙළපත් වලට අයත්ව සිටි ඔබ, උපත් 84හි චක්‍රය වටා ගොස්, ශුද්‍ර
වංශයේ කොටසක් බවට පත් විය. ඔබ ලෝකයේ අධිපතියන්ව සිටි බව, පියා ඔබට සිහි ගන්වයි. ඔබ
උපත් 84ක් අත්විඳ පහළට පැමිණියා. ඔබගේ බුද්ධි, පහත් සහ තමෝප්‍රධාන් විය.
සතෝප්‍රධාන් අයට පිරිසිඳු සහ උසස් බුද්ධි ඇති බව කියයි. තමෝප්‍රධාන් අයට පහත්
බුද්ධි ඇති බව කියයි. පහත් බුද්ධි ඇති අය, උසස් බුද්ධි ඇති අයට නමස්කාර කරති. ඔබ
උසස්ව සිට, දැන් පහත් වී ඇති බවත් ඔබ දැන සිටියේ නැත. බාබා විස්තර කර ඇත්තේ අංක එකේ
උපත ගත් කෙනා, නැවත සතෝප්‍රධාන් වෙයි. සූර්ය රාජ වංශයට අයත් අය පමණක් උපත් 84ක්
ගනී. ඔබ ලෝකයේ අධිපතියන්ව සිටි කල්හි, ඔබ සතෝප්‍රධාන්ව සිටි බව, ඔබට දැන් වැටහෙයි.
අපවිත්‍රව රැඳී සිටින අයට, ලෝකයේ අධිපතියන් විය නොහැක. ඔවුන්ගේ ප්‍රශංසාව කෙතරම්
උසස්ද කියා බලන්න සියලුම දිව්‍යමය කලාවන්ගෙන් සපිරුණු. රිදී යුගයේ අය, සියලු
දිව්‍යමය කලාවන්ගෙන් සපිරි බව, ඔබ නොකියයි. සූර්ය රාජ වංශයට අයත් අය පමණයි සියලු
දිව්‍යමය කලාවන්ගෙන් සපිරි බව පැවසෙන්නේ. දිව්‍යමය කලාවන් 14ක් පමණක් ඇති අයට
’සපිරි‘ යන වචනය භාවිත කළ නොහැක. ඔය දරුවන් දැන් දිව්‍යමය කලාවන් 16කින් පිරිපුන්
වෙමින් සිටිනවා. මෙම ඥානය ඉතාමත්ම පහසු බව, ඔය දරුවන්ට විස්තර කර ඇත. මෙයට වඩා පහසු
දෙයක් නැත. බාබා දයාවන්තයි. භක්ති මාර්ගයේ, වැටි වැටී ගමන් කර, ඔය දරුවන් වෙහෙසට
පත්වන්නට ඇති බව, බාබා දන්නවා. දෙවියන්, දෞපදීගේ දෙපා පිරිමැද්ද බව, පෙන්වා ඇත්තේ
මේ නිසාය. බොහෝ මහළු මව්වරුන්ද බාබා වෙතට පැමිණෙයි. බාබා පවසන්නේ ඔබ භක්ති මාර්ගයේ
වැටි වැටී ගමන් කරමින් බොහෝ වෙහෙසට පත්වී සිටියි, මේ නිසයි දැන් බාබා ඔබගේ සියලුම
වෙහෙස නිවා දමන්නේ. භක්ති මාර්ගයේ ඔවුන් රාමාගේ නම මතුරමින් මාලයක පබුළු කරකවයි.
බාබා, ක්‍රිස්තියානි පූජකයන් සමඟද සම්බන්ධතා පවත්වා ඇත. පූජකයන් අසුන්ගෙන බයිබලය
විස්තර කර දෙන අතර බොහෝ දෙනෙක් ක්‍රිස්තියානුවන් බවට පත් වෙයි. මෙහි, මාලාවක පබුළු
කරකැවීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ තමන් ජීවාත්මයක් බව සලකා බාබාව සිහි
කරන්න. ඔබගේ මුවින් ’ශිවා, ශිවා‘ යැයි පැවසීමට අවශ්‍යතාවයක් නැත. අප ශබ්දය ඉක්මවා
යන්නෙමු. බාබා ඔබට ඉතා පහසු ක්‍රමයක් පෙන්වා දෙයි මා සිහි කරන්න, එවිට මිශ්‍ර ලෝහ
ඉවත් වෙයි. නිවසේ වාසය කරන අතර ඔබ පිවිතුරුද විය යුතුයි. නෙළුම් මල ඉතා
සුප්‍රසිද්ධයි. එයට ඉතා විශාල පවුලක් සිටින නමුත්, එය ඉතා සෙනෙහසින් යුතුව නොබැඳී
සිටියි. ඔබද විෂ සාගරයේ වාසය කරන අතර සෙනෙහසින් යුතු වී, නොබැඳී සිටිය යුතුයි. විෂ
සාගරය මෙයයි එයට ගඟක් යැයි කිව නොහැක. ඔය දරුවන් දැන් බොහෝ නුවණැත්තන් වනවා. ඔබ
රජකුමරුන් වන්නේ වටහා ගැනීමෙන්ය. ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. උත්සාහ දරන්න! පුතුන්
සහ දියණියන් යන දෙපිරිසගේම ජීවාත්ම, උත්සාහ දැරිය යුතුයි. ලෞකික සම්බන්ධතාවයකදී,
ඔවුන්ගේ පියාගේ උරුමය හිමි වන්නේ දියණියන්ට නොව, පුතුන්ට පමණයි. මෙහි සියලුම
ජීවාත්මයන්ට උරුමයක් ලැබෙයි. පියා විස්තර කරන්නේ ඔබට සිහිපත් කිරීමේ වන්දනා ගමන
තුළින් උසස් තත්ත්වයක් හිමි කර ගත හැක. ප්‍රදර්ශන වලදී, පළමුව පියාගේ හැඳින්වීම ලබා
දී, ඉන්පසුව පියාගේ උරුමය විස්තර කරන්න. ප්‍රථමයෙන්ම ඒ ඔබගේ අසීමිත පියාය, යන
විශ්වාසය ඔවුන් තුළ සනිටුහන් කරන්න. ඔවුන්ට පහදා දෙන්න පරමාත්ම දෙවියන් එක්කෙනෙක්
පමණයි. බ්‍රහ්ම, විෂ්ණු හෝ ශංකර්, දෙවියන් නොවෙයි ඔවුන් දේවතාවන්ය. පාරිශුද්ධකරු,
අශාරීරික පියා, දෙවියන්ය. ඔහුගේ වර්ණනාව වෙනස්ය. මේ දිනවල, ප්‍රදර්ශන වලදි ඔබ
ත්‍රිමූර්තියද විස්තර කළ යුතුයි. එම කෙනා පියා වන අතර මෙම කෙනා දාදාය. උරුමය
ලැබෙන්නේ අර කෙනා ගෙනි. එම කෙනා අශාරීරික බැවින් ඔබට ඔහුගෙන් උරුමය ලැබෙන්නේ කෙසේද?
ඔහු සියල්ලන්ගේ නිර්මාණකරුය. බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර්ද නිර්මාණයයි. නිර්මාණයට,
උරුමයක් ලබා ගත හැක්කේ නිර්මාණකරුගෙන් පමණයි. අශාරීරික පියා, ඔබට මෙම කෙනාගේ
මාර්ගයෙන් උරුමයක් ලබා දෙයි. සියල්ලන්ගේම නිර්මාණකරු එක්කෙනෙක් පමණයි. සියල්ලන්ටම
විමුක්තිය ලබා දෙන්නා වන්නේ එක් අයෙක් බව සිහිකර ඇත්තේ මේ නිසාය. ඔහුට ඥානයේ මහා
සාගරය යැයි කියයි. අන් සියලු දෙනා ග්‍රන්ථ වල බලධාරීන්ය. එම ඒකායන කෙනා, ඥානයේ මහා
සාගරය, බලධාරියාය. ලෝක සර්ව බලධාරියාම පවසන්නේ මම, වේද සහ ග්‍රන්ථ දන්නා අතර, ඒවායේ
සාරය ඔබට විස්තර කරන්නෙමි. ඒ සියල්ල භක්තියේ මෙවලම්ය. ඒවා ස්වර්ණමය සහ රිදී
යුගයන්හි නොපවති. ඔබ ඉනිමග දිගේ පහළට බසින්නේ භක්තිය තුළිනි. සර්ව බලධාරියා ලෙස
සිහි කරන්නේ ඒකායන පියාව පමණයි. අප පිවිතුරු වන්නේ, ඔහු සමඟ යෝගාවේ සිටිමෙන්ය.
එබැවින් ඔහු සර්ව බලධාරියා නොවේද? ඔහු සෑම කෙනෙක්වම අපවිත්‍ර බවින් පිවිතුරු කරයි.
ඔහු අපව රාවණගේ රාජධානියෙන් මුදවාගනී. ඔබ දැන් ශිව බාබාගෙන් ශක්තිය ලබා ගන්නවා. ඔබ
ඔහුව වැඩියෙන් සිහිපත් කරන තරමට, ඔබට වැඩියෙන් ශක්තිය ලැබී, වැඩියෙන් මිශ්‍ර ලෝහද
ඉවත් වෙයි. දිවා රාත්‍රියේ ඔබ සැලකිලිමත් විය යුත්තේ, අපවිත්‍ර බවින් පිවිතරු වන්නේ
සහ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ කෙසේද යන්න ගැන පමණයි. මායාගේ කුණාටු
පැමිණෙයි. බාබා පවසන්නේ ඔබ ඇය ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඔබගේ යුද්ධය තිබෙන්නේ
මායා සමඟයි. බොහෝ නිෂ්ඵල, පාපකාරී සිතිවිලි එයි. ඥානයට පෙර, ඔබට කිසිදා නොතිබුණු
සිතිවිලි පවා එයි. ඔබ දැන් සිටින්නේ සටන් බිමකයි. සියලුම උත්සාහය, සිහිපත් කිරීමේ
වන්දනා ගමන වෙනුවෙන්ය. භාරතයේ යෝගාව සුපතලය. බාබා මෙසේ පවසන්නේ යෝගාව සඳහාය තමන්
ජීවාත්මයක් බව සලකා, පියා සිහිපත් කරන්න. කිසිම මනුෂ්‍යයෙකුට මේ ආකාරයෙන් විස්තර කළ
නොහැක. ඔවුන් පවසන්නේ සෑම දෙයක්ම දෙවියන්ගේ ස්වරූපයක් බවයි, ’මා කොහේ බැලූවත්
දකින්නේ දෙවියන්ව පමණයි!‘ පියා විස්තර කරන්නේ ඔබ ජීවාත්මයක් වන අතර ඔබ උපත් 84ක්
ගනී. සියල්ල දෙවියන් නම්, දෙවියන් උපත සහ මරණය යන චක්‍රයට ඇතුළු වනවාද? ජීවාත්මයක්
එක් සිරුරක් හලා දමා, වෙනෙකක් ගනී. ජීවාත්මයන්ට හොඳ සහ නරක සංස්කාර තිබේ. වර්ණනා
ගැයෙන්නේ හොඳ සංස්කාර ඇති අයටයි. නරක සංස්කාර ඇති අයට පාපකාරී සහ පහත් යැයි කියයි.
බාබා ඔබට පිවිතුරු වීමට ඉතා පහසු ක්‍රමයක් පෙන්වයි. ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා
තුළින් කිසිම කෙනෙකුට දුකක් සිදු නොකරන්න. තමන්ට දුකක් සිදුකර ගන්නත් එපා. කිසිම
පාපකාරී ක්‍රියාවක් සිදු නොකරන්න, එමෙන්ම කිසිම දෙයක් සොරකම් නොකරන්න. ඔබට විටෙක
බොරුවක් පැවසීමට සිදුවන්නේ නම්, එසේ නම් පියාගෙන් උපදෙස් ලබාගන්න. විශාලතම පාපය
වන්නේ රාගයේ අසිපත භාවිත කිරීමයි. එය භාවිත නොකරන්න. පියා පවසන්නේ දරුවනි, සෑම
දෙයක්ම ඔබගේ දෑතින් සිදු කරන අතර, ඔබගේ බුද්ධියේ යෝගාව මා හට සම්බන්ධ කරන්න. බාබා,
ශල්‍යවෛද්‍යවරයා ද වෙයි. සෑම කෙනෙකුටම එකම රෝගය තිබිය නොහැකි සේම, ඔවුන්ගේ ක්‍රියාද
සමාන විය නොහැක. එබැවින් ඔබ සෑම පියවරකදීම විමසිය යුතුයි. ගමනාන්තය ඉතා ඉහළයි.
මිනිසුන් අමර්නාථ (අමරණීයත්වයේ ස්වාමියා) වෙත වන්දනා ගමන් යන විට, ඔවුන් පවසන්නේ
අමරණාථ ස්වාමියාට ජයවේවා, බද්රිනාථ හි ස්වාමියාට ජයවේවා. අහෝ බද්රිනාථ, මා ආරක්ෂා
කරන්න! දැන් ඔබට කිසිම වන්දනා ගමනක් ආදිය යාමට අවශ්‍ය නැත. ඥානයේ මෙම දේවල් විස්තර
කරන්නේ පරම පියා පමණයි. මෙම චරිත කොටස තිබෙන්නේ ඔහුට පමණයි. ඔබත් බාබා සමඟ නළුවන්ය.
ඔබ වැඩියෙන් ඉගෙන ගන්නා තරමට, ඔබට හිමි වන තත්ත්වයද ඉහළ වෙයි. එය කාගේවත්
ශ්‍රේෂ්ඨත්වයක් පිළිබඳ කරුණක් නොවෙයි. ශ්‍රේෂ්ඨත්වය, සෑම මනුෂ්‍යයෙකුටම විමුක්තිය
ලබා දෙන, ඒකායන කෙනාගේය. ඔහු සියලුම දරුවන්ව අපවිත්‍ර බවින් පිවිතුරු කරයි. මටද
නාටකයේ චරිත කොටසක් ලැබී ඇත. පංච මහා භූතයන්ටද ඔවුන් රඟපෑ යුතු ඔවුන්ගේම කොටස් ලැබී
ඇත පෘථීවිය පෙරළිය යුතු අතර විනාශය සිදුවිය යුතුයි. ඔබටද නාටකයේ චරිත කොටස් තිබේ.
එහි ඇති ශ්‍රේෂ්ඨත්වය කිමෙක්ද? ඔබ, ඔබගේ රාජධානිය පාලනය කරමින් සිටි අතර ඔබ
අපවිත්‍ර වී ඇත. ඔබ පෙර සිටියේ කවුරුන් ලෙසද? පැන්සයක්වත් නොවටින අය ලෙස. ඔබ දැන්
ලෝකයේ අධිපතියන් වෙමින් සිටිනවා. ඔබගේ චරිත කොටස මෙයයි. ඔබ නැවතත් එය බවට පත්විය
යුතුයි. මෙහිදී ශ්‍රේෂ්ඨත්වයක් හෝ වර්ණනාවක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙම නාටකය, පෙර
තීරණය වුණු එකකි. බාබාද පැමිණ, ඔහුගේම චරිත කොටස රඟපායි. බැතිමතුන් ශ්‍රේෂ්ඨත්වය
ගැන මෙන්ම වර්ණනා ගීතද ගයයි, නමුත් අපට එසේ කළ නොහැක. මෙහි අප පියා සිහිපත් කළ
යුතුයි. ’බාබා, මෙම නාටකයේ රහස බොහෝ ආශ්චර්යමත්ය. කිසිවෙකු මෙය ගැන නොදනී. බාබා,
අපට මේ සෑම දෙයක්ම ස්වර්ණමය යුගයෙදී අමතක වෙයි. නාටකය බොහෝ සෙයින් අසහායයි!‘ මේ
අන්දමින් තමන් සමඟ කතා කරන්න. නළුවන් ඔවුන්ගේ චරිත කොටස් හොඳින් රඟපාන විට, ඔවුන්ට
මහ හඬින් අත්පොලසන් ලැබෙයි. අපද පවසන්නේ මිහිරි බාබා, ශිව බාබාට ඉතා හොඳ චරිත
කොටසක් තිබේ. අපත් බාබා සමඟ ඉතා හොඳ චරිත කොටස් රඟපානවා. බාබා සෑම දෙයක්ම ඉතා
පැහැදිලිව පහදා දෙයි. කෙසේවෙතත්, ඇතමුන්ට වටහාගැනීමට නොහැකි වෙයි, එබැවින් ඔවුන්
අපගේ රාජධානියට නොපැමිණෙන බව අපට වැටහෙයි. තවද, පෙර බ්‍රහ්මණයන් වූ අය, බ්‍රහ්මණයන්
වී, දේවතාවන් බවට පත්වන බවත් අපි දන්නවා. ඔය දේවතාවන් අතර පුරවැසියන් ආදීන්ද
සිටිවි. සෑම කෙනෙකුටම තම අවිනාශී චරිත කොටස ලැබී තිබේ. අඛණ්ඩව සෑම කල්හිම පවතින,
එක් ලෝකය පමණක් තිබෙයි. පරමාත්ම දෙවියන් එක්නෙකි, නිර්මාණය එකකි. එකම චක්‍රය අඛණ්ඩව
බ්‍රමණය වෙයි. හඳේ තිබෙන්නේ කුමක්ද සහ ඉන් ඔබ්බට ඇත්තේ කුමක්ද කියා බැලීමට මිනිසුන්
පර්යේෂණ කරති. එයට ඔබ්බෙන් තිබෙන්නේ සූක්ෂම කලාපයයි. ඔවුන්ට එහි කුමක් දැක ගත හැකි
වෙයිද? ආලෝකය හැර වෙනත් දෙයක් නොවෙයි. ඔවුන් ඒ සියල්ල වෙනුවෙන් බොහෝ වෙර දරයි.
විද්‍යාවට සීමා තිබේ. මායාගේ පම්පෝරියද බොහෝ තිබේ. මෙහි විද්‍යාව, දුක මෙන්ම සතුට
ඇති කරයි. එහිදී ගුවන් යානා කිසිදා කඩා නොවැටෙයි. එහි දුක සමඟ කිසිම සම්බන්ධයක්
නොතිබෙයි. මෙහි දුක හැර වෙනත් දෙයක් නැත. සොරුන් පැමිණ සෑම දෙයක්ම කොල්ලකයි
ගින්නෙන් සියල්ල පිළිස්සී යයි. එහි ඔවුන්ට ඉතා විශිෂ්ඨ ගොඩනැගිලි තිබෙයි. සෑම
රජෙකුටම මුළු අබූ ප්‍රදේශය තරමටම ඉඩම් තිබෙයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ දිව්‍ය ලෝකයේ
නිවැසියන් වීමටයි. බාබා සිහිපත් කරන්න, එවිට මිශ්‍ර ලෝහ ඉවත් වනු ඇත. ඔබ සියලු
දෙනාම පෙම්වතුන්ය. ආදරවන්තයා දැන් ඔබට පවසන්නේ මා පමණක් සිහි කරන්න, එවිට ඔබ අමරණීය
දේශයේ අධිපතියන් වෙයි. එහි අකල් මරණ සිදුවන්නේ නැත. ස්වර්ණමය යුගය ශ්‍රේෂ්ඨ ලෝකය වන
අතර මෙය පහත් ලෝකයයි. පියාගෙන් බොහෝ බීකේවරුන් තම උරුමය හිමි කරගන්නවා. ඔබටද ඔබගේ
උරුමය හිමිකර ගත හැක. ඔබ ශ්‍රීමත් අනුගමනය නොකරන්නේ නමි, ඔබට උසස් තත්ත්වයක් හිමිකර
ගැනීමට නොහැකි වෙයි. බාබා සෑම වසර 5000කට වරක්ම දිව්‍ය ලෝකය ස්ථාපිත කිරීමට
පැමිණෙයි. කලි යුගයේ බොහෝ මනුෂ්‍යයන් සිටින නමුත් ස්වර්ණමය යුගයේ සිටින්නේ සුළු
පිරිසකි. විනාශය නියත වශයෙන්ම සිදුවෙයි. මහා භාරත යුද්ධය ඔබගේ අත ළඟ තිබෙන්නේ මේ
සඳහාය. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ
සිතිවිලි, වචන හෝ ක්‍රියා තුළින් කිසිම කෙනෙකුට දුකක් නොදෙන්න. සියලුම නරක සංස්කාර
ඉවත් කර, දැන් හොඳ සංස්කාර ධාරණය කරගන්න. කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකිරීමට
අවධානය යොමු කරන්න.
2. මෙම අසහාය නාටකයේ
ඔබගේ උසස් භාග්‍යය දකිමින්, ඔබ පරමාත්ම දෙවියන් සමඟ නළුවෙක් බවත්, ඔබගේ චරිත කොටස
ඉතා හොඳ බවත් තමන්ට කියාගන්න.
වරදානය:
ඔබ සියලු
බලයන්ගෙන් සම්පූර්ණ වී, ඔබේ සෙනෙහසට ප්‍රතිචාරයක් ලෙස සමානත්වයේ අත්දැකීම ලබන්නෙක්
වේවා.
පරම පියා කෙරෙහි ඇති
සෙනෙහස තුළ නිරන්තරයෙන්ම ඒකාග්‍රව සිටින දරුවන්ට, තම සෙනහසට ප්‍රතිචාරයක් ලෙස පරම
පියාට සමාන වීමේ ආශිර්වාදය ලැබේ. නිරන්තරයෙන් සෙනෙහෙවන්තව සහ යෝගාවේ නිවැරදිව සිටින
අය ඉබේම සියලු බලයන්ගෙන් පිරීයයි. ඔබ සතුව සියලු බල පවතින විට, ජයග්‍රහණය සහතික වේ.
සර්ව බලධාරී පියා තම සහකාරයා බව දන්නා අයට කිසිදු සිදුවීමක් හමුවේ නොසන්සුන් විය
නොහැක.
පාඨය:
තම උත්සාහය
දරන ජීවිතය තුළ තෘප්තිමත්ව සහ සතුටින් සිටින අයට සතුටේ භාග්‍යය හිමි වේ.
අව්‍යක්ත සංඥාව: අන්
අයව ඉහළ නැංවීමේ උද්යෝගය වැළඳගෙන ඔබට අපහාස කර ඇති අයව ඉහළ නංවන්න.
මේ මොහොතේ, අන් අයව
ඉහළ නංවන අය සහ දානපති පිරිසකගේ අවශ්‍යතාවක් පවතී. සම්පත් වලින් පූර්ණ රජවරුන් තම
යටත්වැසියන්ට නිරන්තරයෙන් දානය දෙන්නාක් මෙන් - එනම් පූර්ණ රජවරුන්ගේ දෑත්
කිසිවිටෙකත් “ගන්නා” දෑත් නොව “දෙන” දෑත් වන බැවින් - ඔබ දරුවන් ද දෙව්ලොව
අධිරාජ්‍යයන් ලෙස දානපතියන්ගේ භූමිකාව රඟ දක්වයි; එබැවින් එම සංස්කාරය දැන් සිටම ඔබ
තුළ පුරවා ගන්න.