08.12.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ජීවත්ව සිටිනතාක් කල් පරමාත්ම පියාව සිහිපත් කරන්න. මෙම සිහි කිරීම පවත්වා ගැනිමෙන් පමණයි ඔබගේ ආයු කාලය දීර්ඝ වන්නේ. මෙම අධ්‍යයනයේ සාරයම ස්මරණයයි.

ප්‍රශ්නය:
ඔය දරුවන්ගේ අතින්ද්‍රීය සුවය ගැන විශේෂයෙන් සඳහන් ඇත්තේ මන්ද?

පිළිතුර:
මන්ද ඔබ නිරන්තරයෙන්ම බාබා සිහිකරමින් සතුටින් සිටිනා නිසායි. ඔබලාට හැමදාම නත්තල්. ඔබට උගන්වන්නේ පරමාත්ම දෙවියනුයි: එයට වඩා තවත් ලොකු සතුටක් තිබෙනවාද? මේ සෑමදාකටම වු සතුටයි. මෙන්න මේ නිසා තමයි ඔබගේ අතීන්ද්‍රීය සුවය ගැන සිහිපත් කෙරෙන්නේ.

ගීතය:
අන්ධයින්ට මඟ පෙන්වනු මැන දෙවි පියාණනි...

ඕම් ශාන්ති.
ඥානයේ තෙවැනි ඇස දානය කරන්නා වන ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරවන් අමතා පැහැදිලි කර කියා දේ. පරමාත්ම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට ඥානයේ තෙවැනි ඇස දිය නොහැකියි. ඔය සෑම දරුවෙක්ම ඔය දැන් ඥානයේ තෙවැනි ඇස ලබා තිබෙනවා. භක්තිය අන්දකාර මාවත බව පරමාත්ම පියා පහදා දී තිබෙනවා. රාත්‍රියේ ආලෝකය නොමැති හෙයින් මිනිස්සු අන්දකාරයේ එහේ මෙහේ අතපත ගානවා. බ්‍රහ්මාගේ දවස හා බ්‍රහ්මාගේ රාත්‍රිය කියා කියනවා. ස්වර්ණම යුගයේදි ඔබට මාවත පෙන්වා දිය යුතුයි කියා ඔබ කියන්නේ නැහැ. මන්ද දැන් ඔබට ඒ මග පෙන්වාදීලයි තිබෙන්නේ. පරමාත්ම පියා පැමිණ ඔබට මුක්තිය හා ජිවන මුක්තිය ඔබ වෙත වු මඟ පෙන්වා දෙනවා. ඔබලා දැන් උත්සහ දරමින් සිටිනවා. දැන් ඉතිරි වී ඇත්තේ ඉතාමත් ටික කාලයක් බව ඔබ දැන් දන්නවා. ලෝකය වෙනස් වීමටයි යන්නේ. ලෝකය වෙනස් වීමට යන්නේ කෙසේද කියා කියවෙන ගීතයක් නිර්මාණය වී තිබෙනවා. කෙසේ වෙතත් දූප්පත් මේ පිරිසට ඥානයේ තෙවැනි ඇස ලැබි නොමැති නිසා ලෝකය වෙනස් වන්නේ කවදාද, කොහොමද, කවුද එය කරවන්නේ කියා දන්නේ නැහැ. ඔය දරුවන්ට දැන් ඥානයේ තෙවැනි ඇස ලැබි තිබෙනා නිසා ලෝක චක්‍රයේ මුල, මැද සහා අග ගැන ඔබලා දැන් දන්නවා. ඔබගේ සිහියේ ඇති මෙය ඥාන සැකරිනයයි. සැකරින් කුඩා ප්‍රමාණයක් වුවත් ඉතාමත් පැනි රස වන්නාක් සේම මන්මන බව යන වචනයද ඉතාමත් මිහිරි වචනකි. සරළව පියා සිහිපත් කරන්න. පරමාත්ම පියා පැමිණ ඔබට මාවත පෙන්වා දෙනවා. ඔහු පාර පෙන්වන්නේ කොහේ යාමටද? සාම දේශයට හා සතුටේ දේශය වෙත යාමටයි. ඉතින් ඔය දරුවන් ඉතාමත් සතුටින් සිටිනවා. සතුටින් සමරන්නේ කොයි කාලයේ දැයි කියා ලෝකයේ අය දන්නේ නැහැ. පැරණි ලෝකයේ සතුට නැහැයි යන්න සාමාන්‍ය දෙයක්. පැරණි ලෝකයේ සිටින්නන් තමෝප්‍රධාන් වි සිටිනා නිසා වේදනාවෙන් කෑ ගසමිනුයි සිටින්නේ. පැරණි ලෝකයේ සතුටක් තිබිය හැක්කේ කෙසේද? ස්වර්ණමය යුගය පිළිබඳ වු දැනුම කිසිම කෙනෙකුට නැහැ. මෙන්න මේ නිසා තමයි දූප්පත් අසරණයින් තවමත් මෙහි එය සමරමින් සිටින්නේ. ඔවුන් නත්තල සතුටින් සමරණ ආකාරය දෙස මදක් බලන්න. බාබා කියනවා: සතුට කිසියම් හෝ දෙයක් අසා ගැනිමට උවමනා නම් මගේ දරුවන් වන ගොපළු ගොපලියන්ගෙන් අහන්න. මන්ද පරමාත්ම පියා ඔබට ඉතාමත් පහසු මාවතක් පෙන්වා දෙනවා. ඔබගේ පවුලේ අයත් සමඟ ගෙදර දොරේ ජීවත් වෙමින් තම තමන්ගේ රැකියා කටයුතු ආදියත් කරගෙන යන අතර නෙළුම් මලක් සේ සිටින්න. ආදර වන්තයෙක් හා ආදර වන්තියක් තම තමන්ගේ වැඩපොපළ වල නිරතව සිටියදීත් එකිනෙකාව සිහිකරනවාක් සේ මාව සිහිකරන්න. ලයිලා, මංජු හා හීර් රන්ජහා වැනි අය ලද්දා සේ ඔවුන්ටත් එකිනෙකාව පෙන්වනවා. නමුත් ඔවුන් එකිනෙකාට ආදරය කළේ පාපය වෙනුවෙන් නොවෙයි. ඔවුන්ගේ සෙනෙහස අදටත් සිහිකරනවා. ඔවුන් එකිනෙකාගේ සෙනෙහසේ ගැලුණා කෙසේ වෙතත් මෙහිදි එය එසේ වන්නේ නැහැ. මෙහිදි ඔබලා ඔපත් ගණනාවක් පුරා ඒ ආදර වන්තයාගේ ආදර වන්තයින් වි සිටියා. ඒ ආදර වන්තයා ඔබගේ ආදර වන්තිය නොවෙයි. ඔබ ඔහුට මෙහි පැමිණෙන්නයි කියා කන්ලව් කළේ: අහෝ දෙවියනේ පැමිණ මේ අන්ධයින්ට මඟ පෙන්වනු මැන කියායි. ඔබ කල්ප භාගයක් පුරා ඔහුට කනලව් කරමින් සිටියා. මිනිස්සු වැඩි වැඩියෙන් ඔහුට කනලව් කරන්නේ දූක වැඩි වන විටයි. දූකින් වේදනාවෙන් සිටිනා විට ඔහුව සිහිකරනා අය වැඩියි. බලන්න. දැන් ඔහුව සිහිකරනා අය රාශියක් සිටිනවා. සෑම කෙනෙක්ම දූකට පත් වණු විට දෙවියන් සිහිකරනවා කියා සඳහන් වී තිබෙනවා. කාලය ඉදිරියට යාමත් සමඟ ඔවුන් තව තවත් තමෝප්‍රධාන් වෙනවා. ඉතින් ඔබලා ඉහළ වර්ධනයක් වන අතර ඔවුන් තව තවත් පහළට ඇද වැටෙනවා. මන්ද විනාශය සිදූ වන තෙක් සියල්ල එන්න එන්නම තමෝප්‍රධාන් වීගෙන යනවා. දවසින් දවස මායාත් තව තවත් තමෝප්‍රධාන් වෙනවා. මේ කාලයේ පරමාත්ම පියා සියලු බල ඇත්තා වන්නාක් සේම මායාත් සියලු බල ඇත්තිය වී සිටිනවා. ඇය ඉතාමත් බලවත් මේ කාලයේදි ඔය දරුවන් බ්‍රහ්මාගේ කටින් උපන් අය වන අතර බ්‍රහමිණ් වංශයේ සැරසිල්ල වෙනවා. ඔබගේ කුලය උසස්ම කුළය වෙනවා. මේ කාලයේ ඔබගේ ජීවිතය ඉතාමත් වටිනා ජිවිතයකි. මෙන්න මේ නිසා තමයි ඔබ ඔබගේ ජීවිතය (ශරිරය) රැක බලා ගත යුත්තේ. පංච මහා පාපයන් නිසා මිනිසුන්ගේ ශාරිරික ආයු කාලයත් එන්න එන්නම අඩු වීගෙන යනවා. එම නිසා බාබා කියනවාඃඒ පාප පහ අතහැර දමන්න. ඔබගේ ආයු කාලය දිගු වේවි. ඔබගේ ආයු කාලය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වී අවසානයේදි එය වසර 150 දක්වා වේවි. දැන් වර්ත මානයේ එසේ වන්නේ නැහැ. එම නිසා පරමාත්ම පියා කියනවා: ඔබගේ ශරිරය හොඳින් රැක බලා ගන්න. ඒ හැරෙන්න ශරිරය හොදෙක් මැටි රූකඩයක් පමණයි කියා තමයි කියන්නේ. ජීවතුන් අතර සිටිනතාක් කල් තමන් බාබාව සිහිකළ යුතු බව ඔය දරුවන් දැන් තේරුම්ගෙන තිබෙනවා. ඇයි ජීවාත්ම පරමාත්ම පියාව සිහිකරන්නේ? උරුමය වෙනුවෙන් පියා කියනවා: තමා ජීවාත්යක් බව සලකා පරමාත්ම පියා සිහිකර දිව්‍යමය ගුණධර්ම හොඳින් ධාරණය කරගත් තරමට ඔබත් ඒ තත්ත්වයට පත්වේවි. එමනිසා ඔය දරුවන් මෙම ඉගෙනුම හොඳින් ඉගෙන ගත යුතුයි. ඉගෙන ගැනීමේදී ඔබ කුසිත නොවිය යුතුයි. නැතිනම් ඔබ අසමත් වේවි. පහළ තත්ත්වයකට යාවි. මෙම ඉගෙනුමෙහි ප්‍රධානම දෙයෙහි සාරය: පරමාත්ම පියා සිහිකරන්න. යන්නයි. කුමණ හෝ මොහොතකදී කවුරු හෝ කෙනෙක් ඔබගේ ප්‍රදර්ශනය බැලිමට හෝ මධ්‍යස්ථානයට පැමිණිය හොත් පළමුවෙන්ම ඔවුන් ඉහළම ඉහළ කෙනා වන බාබාව සිහිකළ යුතු බව කියා දෙන්න. ඉහළම ඉහළ කෙනාව පමණයි සිහිකළ යුත්තේ. ඊට වඩා පහළ කෙනෙක්ව ඔබ සිහි නොකළ යුතුයි. ඉහළම කෙනා වන්නේ පරමාත්ම දෙවියන් කියා සඳහන් කර තිබෙනවා. නව ලෝකය ස්ථාපනය කරන්නේ පරමාත්ම දෙවියනුයි. පරමාත්ම පියා කියනවා: බලන්න මම නව ලෝකය ස්ථාපනය කරනවා. මෙන්න මේ නිසා තමයි. ඔබ මා සිහි කළහොත් ඔබගේ පාප දූරු වි යන්නේ. පරමාත්ම පියා පාරිශුද්ධකරු වන නිසා ඉතාමත් හොඳින් මෙය සිහියේ තබාගන්න. ඔහු කියනවා: පාරිශුද්ධකරු කියා ඔබ මට අමතන විට ඔබ තමෝප්‍රධාන් හා ඉතාමත් අපිරිසිඳුවටයි සිටින්නේ. දැන් පාරිශුද්ධ වන්න. පරමාත්ම පියා පැමිණ ඔය දරුවන් හට පහදා දෙනවා: ඔබේ සතුටේ දින අත ලඟයි. දූක් දින දැන් ගෙවි අවසන් වි යනවා. මෙන්න මේ නිසා තමයි මිනිස්සු ඔහුට කන ලව් කරන්නේ: අහෝ දූක නැති කොට සතුට දානය කරන්නාණනි. ස්වර්ණම යුගයේ සතුටම හැරෙන්න වෙන කිසිවක් නොමැති බව ඔබ ඉතාමත් හොඳින් දන්නවා. පරමාත්ම පියා ඔය දරුවන් හට කියන්නේ: ඔබ සෑම කෙනෙක්ම සාම දේශය හා සතුටේ දේශය සිහි කළ යුතුයි. මෙය සංගම් යුගයයි. තොටියා පැමිණ ඔබ එතෙරට ගෙන යනවා. තොටියෙක් හෝ බෝට්ටුවක් ගැන මෙහි ඇති දෙයක් නැහැ. මගේ බෝට්ටුව එතෙරට ගෙන යනු මැනව කියා නිකම් ගයනවා පමණයි. එක් අයෙකුගේ බෝට්ටුවක් පමණක් නොවෙයි එතෙර කරවිය යුත්තේ. මුළු ලෝකයේම බෝට්ටු එතෙර කරවීමට සිදු වී තිබෙනවා. මෙම මුළු ලෝකයම එතෙර වෙමින් සිටිනා ලොකු නැවක් වගෙයි. ඉතින් ඔය දරුවන් මහත් වු සතුටකින් සැමරිය යුතුයි. මන්ද ඔබට ඇතේ නිරන්තර සතුටකුයි: හැමදාම නත්තල් මෙන්න මේ නිසා තමයි ඔබගේ අතින්ද්‍රීය සුවය ගැන සඳහන් වී තිබෙන්නේ බලන්න ඇයි මෙයා හැමතිස්සේම සතුටින් ඉන්නේ කියලා? අහා ඔහුට අසීමිත පියාව ලැබිලා. ඔහු අපට උගන්වනවා. ඉතින් ඔබලා තුළත් මේ සතුට හැමදාම තිබිය යුතුයි. අසීමිත පියා ඔබට උගන්වනවාය යන්න අරුමයක්. මීට පෙර ඔබ කවුරු හෝ මෙවන් දෙයක් අසා තිබුණාද? පරමාත්ම දෙවියන් කතා කරයි. කියා ගීතාවේ සඳහන්ව තිබෙනවා. ඔහු රාජයෝගා උගන්වනවා. නීතීඥවරයෙක් හෝ ශල්‍ය වෙද්‍ය වරයෙක් වෙන්නේ කෙසේද කියා ඔවුන් උගන්වන්නාක් සේ මම ඔය ආධ්‍යාත්මික දරුවන්ට රාජයෝගා උග්වනවා. ඔබ මෙහි පැමිණි විට අනිවාර්යෙන්ම පැමිණෙන්නේ රාජයෝගා හැදෑරීමටයි. අන්දමන්ද විය යුත්තේ නැහැ. ඉතින් ඔබ රාජයෝගා ඉගෙනගෙන මෙම පාඨමාලාව සම්පුර්ණ කළ යුතුයි. පැන යන්නට එපා. හොඳින් ඉගෙනගෙන මෙය හොඳින්ම ධාරණය කර ගත යුතුයි. ගුරුවරයා මෙය උගන්වන්නේ ඔබට හොඳින් ධාරණය කර ගැනිමටයි. එකිනෙකාගේ බුද්ධි මට්ටම් එකිනෙකට වෙනස්. ඇතැම් අයට ඉහළම බුද්ධියක් තිබෙනවා. තවත් පිරිසකට මධ්‍යම තරමේ අනිත් අයට ඊටත් වඩා අඩුවෙන්. ඉතින් තමාගෙන්ම අසා දැන ගන්න: මම සිටින්නේ ඉහළම ඉහළ තත්ත්වයේද, මැදද, පහළද? ඉහළම ඉහළ විභාගයෙන් සමත් වී ඉහළ තත්ත්වයක් දිනා ගැනිමට තරම් තමන් සුදූසෙක් වී ඇත්දැයි කියා ඔබටම දැනගත හැකි විය යුතුයි. මම සේවය කරනවාද? පරමාත්ම පියා කියනවා: දරුවනි, සේවා දාරි වන්න. බාබාව අනුගමනය කරන්න. මමත් සේවය කරනවා. මම මේ රථය ගෙන සිටින්නේ මමත් පැමිණ සිටින්නේ සේවය කිරිමට වන නිසායි. ඉතින් මා එය සෑම දිනකම කරනවා. රථය ඉතාමත්ම හොඳයි. ශක්තිමත් ඔහු නිතරම තම සේවය සපයනවා. බාප්දාදා සෑම විටම මොහුගේ රථයේ සිටිනවා. මොහුගේ ශරිරය ලෙඩ වුවත් මම ඒකෙමයි සිටින්නේ. ඉතින් මම ඔහු තුළ සිට ලියනවා. මොහුට කටින් යමක් කියන්න බැරි නම් ඒත් මට ලියන්න පුළුවනි. මුරලිය කවදාවත් අතපසුවන්නේ නැහැ. මොහුට ඉඳගෙන ලියන්න පුළුවන් වුණු විටත් මට මුරලිය ලියා දරුවන්ට යැවිය හැකියි. මන්ද මම සේවයට ලැදියි. එම නිසා පරමාත්ම පියා පැමිණ පැහැදිලි කර කියා දෙනවා: තමා ජීවාත්මයක් බව සලකන්න. බුද්ධියේ විශ්වාසය තබාගන්න. තමාව සේවයේ නිරත කරවන්න. ඒ පරමාත්ම පියාගේ සේවයයි: දේව පියාගේ සේවය පිණිසයි. රාජ්‍ය සේවය පිණිසයි කියා ලියනවා. ඉතින් ඔබ කියන්නේ කුමක්ද? ඒ රාජ්‍ය සේවයටත් වඩා මේ සේවය ඉතාමත්ම ඉහළයි. මන්ද ඔහු ඔබව රජවරුන්ගෙත් රජවරුන් බවට පත්කරනවා. තමන් දැන් ඇත්තෙන්ම ලෝක පාලකවරුන් වෙමින් සිටිනවා කියා ඔබලාට තේරෙනවා. හොඳ උත්සහයක් දරණ ඔය දරුවන්ට මහාවීරයින් කියා කියනවා. බාබාගේ උපදෙස් ක්‍රියාත්මක කරනා මහාවීරයින් කවුදැයි කියා ඔබ බැලිය යුතුයි. පරමාත්ම පියා පහදා කියනවා: දරුවනි. තමා ජීවාත්මයක් බව සලකා සහෝදරයෙක් ලෙසින් එකිනෙකාව දකින්න. පරමාත්ම පියා තමන් ඔය සහෝදරවරුන්ගේ පියායි. කියා සලකා බලන්නේ සහෝදරවරුන් දෙස පමණයි. ඔහු සෑම කෙනෙක් දෙසම බලන්නේ නැහැ. ශරිරයකින් තොරව අහන්න කතා කරන්න බැහැයි කියා ඔබ දන්නවා. මමත් ශරිරයකට පැමිණ සිටිනා බව ඔබලා දන්නවා. මම මෙම ශරිරය ණයට ගෙනයි තිබෙන්නේ. සෑම කෙනෙකුටම ශරිරයක් තිබෙනවා: මෙහි සිටිනා ජීවාත්මයන් ඉගෙන ගන්නේ ශරිර හරහායි. එම නිසා තමාට දැන් උගන්වන්නේ බාබායි යන්න ඔය ජීවාත්මයන් අවබෝධකර ගත යුතුයි. බාබා ඉඳගන්නේ කොහිද? අමරණීය සිහසුනේයි. සෑම ජීවාත්මයක්ම කිසිදූ විටෙක විනාශ නොවන අමරණීය රූපයක් කියා බාබා පහදා දී තිබෙනවා: එය කවදාවත් පිළිස්සෙන්නේ, විනාශ වී යන්නේ හෝ ගිලෙන්නේ නැහැ. එය කුඩා වන්නේවත්, ලොකු වන්නේවත් නැහැ. ශරිරය ලොකු කුඩා විය හැකියි. මෙම ලෝකයේ සිටිනා සියළු ජිවාත්මයන්ගේ සිහසුන තිබෙන්නේ නළල මධ්‍යයේයි. ශරිර වෙනස් ඇතැම් අඅයගේ අමරණීය සිහසුන පිරිමි බවක් ගන්නා අතර අනෙක් අයගේ එය ගැහැණු වෙනවා. තවත් කෙනෙක් කුඩා දරුවෙක් වෙනවා. ඉතින් ඕනෑම කෙනෙක් හා කතාබහ කරනා විට තමා ජීවාත්යක් බව සලකා සහෝදර ජීවයකට කතා කරනවාය කියා සිතන්න. මම පරමාත්ම පියාගේ පණිවිඩය දෙනවා: ශිව බාබාව සිහි කරන්න ජීවයේ මළකඩ ඉවත් වේවි. රත්‍රං වලට අනිකුත් ලෝහ එකතු වුණු විට එහි වටිනාකම බාලවෙනවා. ඒ වගේම ඔබගේ වටිනාකමත් දැන් අඩුවෙලා. ඔබලා දැන් මුළු මනින්ම අගයක් නැති අය බවට පත්වෙලා. මෙයත් හඳුන්වන්නේ බංකොලොත් වීමක් කියලයි. භාරතය ඉතාමත්ම ධනවත්ව තබුණා: දැන් එය එන්න එන්නම ණය බරිත වෙනවා. විනාශයේ සෑම කෙනෙකුගේම මුදල් අවසන්ව යාවි. ණය දෙන අයත් ණය ගන්නා අයත් දෙගොල්ලම අවසන් වී අවිනාශි ඥාන මිණිමුතු අහුලා ගත් අය පමණක් ඇවිදින් තම තමන්ගේ වාසනාව දිනා ගනිවි. අචිචා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබා මෙන් පියා අනුගමනය කර සේවා සපයන්නෙක් වන්න. ඉහළින්ම සමත් වි ඉහළ තත්ත්වයක් දිනා ගැනිමට තරම් සුදූස්සෙක් බවට තමන් පත් වි ඇති දැයි කියා පරික්ෂා කර බලන්න.

2. බාබාගේ උපදෙස් අනුගමනයකර මහාවීරයෙක් වන්න. බාබා ජීවාත්මයන්ව දැක ඔවුන්ට උගන්වන්නාක් සේ සෑම කෙනෙක් සමඟම කතා බස් කරනා විට ජීවාත්ම සත්තාවක්. සහෝදරයෙක් දෙස බලනා ලෙසින් බලන්න.

වරදානය:
ඔබේ ශ්‍රේෂ්ඨත්වය සහ බාප්දාදාට සමීප වීම තුළින් මුළු චක්‍රයටම උසස් ලාභයක් නිර්මාණය කරන විශේෂ නළුවෙකු වේවා.

ජීව මරණීය මෙම ජීවිතයේ, ශ්‍රේෂ්ඨත්වයේ පදනම වන්නේ කරුණු දෙකකි: 1) නිරන්තරයෙන් අන් අයව උසස් කිරීම. 2) උපතේ සිටම පාරිශුද්ධව සිටීම. ආරම්භයේ සිටම මේ දෙකෙහිම නියතව සිටි සහ අවසානය දක්වා සිටින, කිසිදු ආකාරයකින් පාරිශුද්ධත්වය අඩු නොවූ, සහ ලෝකයට සහ බ්‍රහ්මණ පවුලට නිරන්තරයෙන් කරුණාව දක්වන දරුවන්: එවැනි විශේෂ නළුවන් නිරන්තරයෙන් බාප්දාදාට සමීපව සිටිති. එබැවින්, ඔවුන්ගේ උසස් ලාභය මුළු චක්‍රය සඳහාම නිර්මාණය වේ.

පාඨය:
ඔබගේ සිතුවිලි නාස්තිකාර වන විට, සියලු ධන වස්තුන් ද නාස්ති වේ.

අව්‍යක්ත සංඥාව: දැන් සම්පූර්ණ හා කර්මතීත් වීමේ ගැඹුරු සැලකිල්ලක් දක්වන්න.

කර්මතීත් අවධිය අත්විඳීමට, මෙම ඥානයට සවන් දීම සහ එය ජීවිතයට සම්බන්ධ කිරීම සමඟ, බ්‍රහ්ම බාබා හා සමානව, නොබැඳිව අශාරීරික වීමට විශේෂ අවධානයක් යොමු කරන්න. කර්මතීත් වීමට පෙර, බ්‍රහ්ම බාබා ශාරීරික ජීවිතයේ ලබැඳිව හා නොබැඳිව සිටීමේ ප්‍රායෝගික අත්දැකීම ලබා දුන්නේය. ඔහු සේවය කිරීම හෝ වෙනත් කිසිදු ක්‍රියාවක් කිරීම නතර කළේ නැත, නමුත් නොබැඳිව අවසාන දිනය දක්වා දරුවන්ට සේවය කළේය. පියාව එලෙසම අනුගමනය කරන්න.