09.04.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, තවදුරටත් ඉදිරියට යාමට පෙර පළමුව නාඩි පරිකෂා කොට ඔවුන් තුළ ඇල්ෆා කෙරෙහි
විශ්වාසය ඇති කිරීමට උපකාරි වන්න. ඇල්ෆා කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් නොමැති නම්,
ඔවුන්ට දැනුම ලබා දීම කාලය අපතේ යැවීමකි.
ප්‍රශ්නය:
ඔබට
ශිෂ්‍යත්වයක් ලැබීමට උපකාරී වන්නේ කිනම් ප්‍රධාන උත්සාහයද?
පිළිතුර:
අභ්‍යන්තරගත වීමේ උත්සාහය. ඔබ හොඳින් අභ්‍යන්තර ගත විය යුතුයි. පියා යහපත ගෙන
දෙන්නා නිසා ඔහු ඔබට අවවාද කරන්නේ ඔබගේම යහපත උදෙසායි. අභ්‍යන්තරගත වන යෝගී දරුවන්
කිසි විටෙක ශරීර අවධානයට පත්වන්නේ හෝ මුහුණු පුලුටු කරගන්නේ හෝ එකිනෙකා සමග ගැටුම්
ඇති කර ගන්නේ හෝ නැත. ඔවුන්ගේ හැසිරීම බොහෝ රාජකීයයි. ගාම්භීරයි. ඔවුන් ඉතා අඩුවෙන්
කතා කරන අතර යාගයේ සේවය කිරීමට කැමැත්තක් දක්වයි. ඔවුන් වැඩිපුර දැනුම පිළිබඳව කතා
නොකෙරුවත් යෝගාවේ හිඳිමින් සේවය කරයි.
ඕම් ශාන්ති.
සාමාන්‍යයෙන්
සේම විශේෂයෙන් වුවද ප්‍රදර්ශන පිළිබද සේවා ප්‍රවෘත්ති ලැබෙන විට, ප්‍රධාන කරුණ
පිළිබඳව, එනම්, පියා හඳුනා ගැනීම පිළිබඳව, මිනිසුන් තුළ සම්පූර්ණ විශ්වාසය නොමැති
විට, ඔබ ඔවුන්හට පැහැදිලි කරන අනිත් දේවල් ඔවුන්ගේ බුද්ධියට පිළිගැනීමට බොහෝ අපහසු
බව පෙනේ. එය ඉතා හොඳ බව ඔවුන් කියන මුත් ඔවුන් පියාව හඳුනා නොගනී. පළමුව විය යුත්තේ
පියාව හඳුනා ගැනීමයි. පියාගේ ශ්‍රේෂ්ඨ වදන් වන්නේ : මා ස්මරණය කරන්න.
පාරිශුද්ධත්වයට පත් කරන්නා මා පමණයි. මා සිහි කිරීමෙන් ඔබ අපවිත්‍රව සිට
පාරිශුද්ධත්වයට පත් වේ. මෙය ප්‍රධාන කරුණයි. එක් දෙවි කෙනෙක් පමණයි සිටින්නේ. ඔහු
පමණයි පාරිශුද්ධත්වයට පත් කරන්නේ. ඔහු දැනුමේ සාගරයයි, සතුටේ සාගරයයි,
ශ්‍රේෂ්ඨයන්ගේත් ශ්‍රේෂ්ඨතමයායි. මෙම විශ්වාසය ඔවුන් තුළ තහවුරු වූ විට වේද
ග්‍රන්ථ, භගවත් ගීතාව සහ භක්ති මාර්ගයේ සෑම ග්‍රන්ථයක්ම අසත්‍ය බව ඔවුන්ට අවබෝධ
වෙයි. දෙවියන්ම පවසයි : මම එම ග්‍රන්ථ දේශනා කළේ නැත. මා ලබා දෙන දැනුම ග්‍රන්ථ වල
නොමැත. එය භක්ති මාර්ගයේ දැනුමයි. මා පැමිණ ඔබට දැනුම ලබාදී, විමුක්තියට පත්කොට,
ආපසු නිවහනට යන්නෙමි. ඉන්පසු මෙම දැනුම නැතිවී යයි. දැනුම තුළින් ඔබට ලැබෙන සුබ ඵල
අවසන් වූ විට භක්ති මාර්ගය ආරම්භ වෙයි. ඔවුන්ට පියා කෙරෙහි විශ්වාසය ඇති විට පමණක්,
දෙවියන්ගේ වදන් තේරුම් ගැනීමටත් එම සෑම ග්‍රන්ථයක්ම භක්ති මාර්ගයට අයත් වන බව
තේරුම් ගැනීමටත් හැකි වනු ඇත. දැනුම සහ භක්තිය යන දෙක, චක්‍රයේ කාලයෙන්, සම සමව
පවතී. පරමාත්ම දෙවියන් පැමිණි විට ඔහුගේම හැඳින්වීම ලබා දෙයි. එක් චක්‍රයක කාල
සීමාව වසර 5000ක් බව මම ඔබට පවසමි. බ්‍රහ්මාගේ මුඛයෙන් මම ඔබට විස්තර කරන්නෙමි.
එබැවින් ඔවුන්ගේ බුද්ධිය තුළට කාවැද්දිය යුතු පළමු සහ ප්‍රධාන කරුණ වන්නේ දෙවියන්
කවරෙක්ද යන කරුණයි. මෙම කරුණ ඔවුන්ගේ බුද්ධිය තුළ තැන්පත් වන තුරු ඔබ ඔවුන්ට
පැහැදිලි කර දෙන වෙනින් කිසිම දෙයක් ඔවුන් තුළ බලපෑමක් ඇති නොකරයි. සෑම උත්සාහයක්ම
රඳා පවතින්නේ මෙය මත පමණයි. පියා පැමිණෙන්නේ ඔබව සොහොනින් අවදි කරන්නයි. ග්‍රන්ථ
හැදෑරීමෙන් ඔබ අවදි වන්නේ නැත. උත්තරීතර ජීවාත්මයට ආලෝකයක ස්වරූපයක් තිබේ. එබැවින්,
ඔහුගේ දරුවන්ට ද ආලෝකයක ස්වරූපයන් තිබේ. එනමුදු, ඔය දරුවන්ගේ ජීවාත්ම අපවිත්‍ර වී
ඇති නිසා ඔබේ ආලෝකයන් අඩු වී ඇත; ඔබ තමෝප්‍රධාන් වී ඇත. ඔබ පළමුවෙන්ම පියාගේ
හැඳින්වීම ලබා නොදුන්නොත් ඔබ සිදු කරන සෑම උත්සාහයක්ම මෙන්ම, ඔබ මිනිසුන්හට ලියන්නට
කියන අදහස් වලින්ද කිසිදු ඵලක් ඇති වන්නේ නැත. සේවය සිදු නොවන්නේ මේ නිසයි. ඔවුන්
තුළ විශ්වාසය තිබුණේ නම් ඔවුන් තේරුම් ගනියි මෙම දැනුම ඇත්ත වශයෙන්ම දෙනු ලබන්නේ,
බ්‍රහ්මාගේ මාර්ගයෙන් බව. මිනිසුන් පියාව හඳුනාගෙන නැති නිසයි බ්‍රහ්මාව දකින විට
එතරම් අවුල් සහගත තත්ත්වයකට පත්වන්නේ. භක්ති මාර්ගය දැන් පසු වී ඇති බව ඔබ සැවොම
දන්නවා. කලියුගයේ ඇත්තේ භක්ති මාර්ගයයි. සංගම් යුගයේ ඇත්තේ දැනුමේ මාර්ගයයි. අපි
සැවොම අයත් වන්නේ සංගම් යුගයටයි. අපි ඉගෙන ගන්නේ රාජයෝගාවයි. අපි දිව්‍යමය ගුණාංග
ඇති කරගන්නේ නව ලෝකයටයි. සංගම් යුගයේ නොමැති අය දිනෙන් දින වැඩි වැඩියෙන්
තමෝප්‍රධාන් තත්ත්වයට පත්වෙමින් සිටියි. ඒ පැත්තේ ඔවුන්ගේ තමෝප්‍රධාන් තත්ත්වය
වැඩිවෙන අතරෙදි මේ පැත්තේ ඔබගේ සංගම් යුගය අවසන් වෙනවා. මෙම කරුණ වටහා ගත යුතුයි.
මේවා තේරුම් කර දෙන්නන් වුවද අංක පිළිවෙල අනුවයි එය සිදු කරන්නේ. බාබා දිනපතා ඔබේ
උත්සාහයන් දිරි ගන්වයි. තම බුද්ධිය තුළ විශ්වාසය තිබෙන අයයි ජය ලබන්නේ. සමහර දරුවන්
තුළ බාබාව මෙනෙහි නොකර, නිකම් වැඩකට නැති දේවල් කතාකිරීමේ බලවත් පුරුද්දක් ඇත.
බාබාව ස්මරණය කිරීම ඉතා අපහසුය. ඔවුන් බාබා ස්මරණය කිරීම නවතා තම තමන්ගේ දේවල්
පිළිබඳව දිගින් දිගටම කතා කරයි. ඔවුන් තුළ බාබා කෙරෙහි විශ්වාසය තහවුරු වන තුරු
අනිත් පිංතූර කිසිවක් තේරුම් කර නොදිය යුතුයි. ඔවුන් තුළ විශ්වාසය නොමැති නම් කිසි
දෙයක් තේරුම් නොගනු ඇත. ඇල්ෆා කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක් නොමැති නම් බීටා සහ තීටා
ආදියට යෑම කාලය අපතේ යැවීමකි. ඔබ කිසිවෙකුගේ නාඩි පරීකෂා නොකරයි. විවෘත කිරිමේ
උත්සව පැවැත්වීමට පැමිණෙන්නන් හට පළමුවෙන්ම පියාගේ හැඳින්වීම ලබා දෙන්න; මේ,
ඉහළම-උසස්ම-පියා, දැනුමේ සාගරය. මේ කාලයේදි පමණයි පියා ඔබට මෙම දැනුම ලබා දෙන්නේ.
ස්වර්ණමය යුගයේදී මෙම දැනුම අවශ්‍ය වන්නේ නැත. පසුව භක්තිය ආරම්භ වෙයි. පියා පවසයි
: මම එන්නේ මට අපහාස කිරීම අවසන් වන කාලයේදීය. චක්‍රයෙන් භාගයක්ම ඔබලා මට නිග්‍රහ
කළ යුතුව තිබුණා. ඔබ වන්දනාමාන කළ කිසිවෙකුගේ කාර්යභාරය ඔබ දැන සිටියේ නැත. ඔය
දරුවන් අන් අය සමග වාඩි වී ඔවුන්ට පැහැදිලි කර දෙති. එනමුදු තමන් පියාත් සමග යෝගාවේ
නොයෙදෙන්නේ නම් අන් අයට කුමක් පැහැදිලි කරයිද? ඔබ “ශිව් බාබා” යැයි කියන මුත් ඔබ
යෝගාවෙහි නොයෙදෙන්නේ නම් ඔබගේ පාපයන් නැති වන්නේ වත් කිසිම දෙයක් ධාරණය කිරීමට හැකි
වන්නේ වත් නැත. ප්‍රධාන දේ වන්නේ එකම පියාගේ ස්මරණයේ යෙදීමයි. ඔය දරුවන් අවබෝධ වු
ජිවාත්මයන් විය හැකි නමුත් ඔබ යෝගීන් නොවන්නේ නම් අනිවාර්යෙන්ම ඔබ ළඟ ශරීර අවධානයේ
අංශු මාත්‍රයක් හෝ තිබිය යුතුයි. යෝගාවේ නොසිට අන් අයට පැහැදිලි කිරිමේ කිසිදු
ප්‍රයෝජනයක් නැත. එවිට ඔබ ශරීර අවධානයට පත් වන නිසා යම් අයෙකුට හෝ තවත් කෙනෙකුට
දුක් කම්කටොළු සිදු කරනු ඇත. සමහර දරුවන් හොඳ දේශන පවත්වන බැවින්, ඔවුන් බොහෝ සේ
අවබෝධ වු ජීවාත්මයන් යැයි ඔවුන් විශ්වාස කරති. පියා පවසන්නේ : ඔවුන් අවබෝධ වු
ජීවාත්මයන් විය හැක, එහෙත් ඔවුන් යෝගාව අතින් දුර්වලය; ඔවුන් යෝගාවේ යෙදීම වෙනුවෙන්
දරන්නේ ඉතා මඳ උත්සාහයකි. පියා ඔබට ඔබගේ වාර්තාව ලියන්න යැයි කොතෙකුත් කියයි.
ප්‍රධාන කාරණය වන්නේ යෝගාවයි. සමහර දරුවන් දැනුම විස්තර කර දීමට කැමැත්තක් දක්වයි
එහෙත් ඔවුන් යෝගාවේ නොයෙදෙයි. මෙලෙස යෝගාවේ නොයෙදෙන බැවින් පාප විනාශ නොවේ. ඔවුන්
එවිට කුමන තත්ත්වයකට උරුමකම් කියයි ද ? බොහෝ දරුවන් යෝගා විෂයෙහි අසමත් වෙති. ඔවුන්
සිතන්නේ ඔවුන් යෝගාවේ සියයට සියයක් යෙදී සිටින බවයි, නමුත් බාබා කියන්නේ ඔවුන්ට
ඇත්තේ සියයට දෙකක් පමණක් බවයි. බාබාම පවසනවා : මම ආහාර වේලක් ආරම්භ කිරිමේදී
ස්මරණයෙහි සිටියත් ඉන්පසු අමතක වෙයි. මා ස්නානය කරද්දී ද, බාබාව මෙනෙහි කරන්නෙමි.
මා ඔහුගේ දරුවා වුණත් ඔහුව ස්මරණය කිරීම මට අමතක වේ. ඔබ සිතනවා ඇති ඔහු අංක එකට
උරුමයට හිමිකම් ලබන බැවින් අනිවාර්යෙන්ම දැනුමේ සහ යෝගාවේ නිවැරදිවම ඇති කියා,
එහෙත් බාබා පවසන්නේ : යෝගාවේ යෙදෙන්නට දැඩි උත්සාහයක් කිරීම අවශ්‍ය වේ. ඔබත් උත්සාහ
කර බලන්න. ඉන්පසු ඔබේ අත්දැකීම් කියන්න. උදාහරණයක් වශයෙන් ඔබ ඇඳුම් මසන කෙනෙක් නම්,
ඔබ බාබාව සිහිපත් කරනවාදැයි තමන්ව පරීකෂා කර බැලිය යුතුයි. බාබා අපේ ඉතාමත්
සුමිහිරි සෙනෙහෙවන්තයායි. අප ඔහුව ස්මරණය කරන තරමට අපගේ පව් මැකී, අප සතෝප්‍රධාන්
තත්ත්වයට පත්වෙති. ඔබ කොතෙක් වේලා ස්මරණයෙහි සිටිනවාදැයි තමන්ව පරීක්ෂා කර බලන්න.
බාබාට ප්‍රතිඵල පෙන්වන්න. ස්මරණයෙහි සිටීමෙන් පමණයි යහපතක් ඇති වන්නේ. එහෙත් ඔබ
එක්වරම වැඩිපුර විස්තර කිරීමට යාමෙන් කිසිදු යහපතක් සිදු නොවේ. ඔවුන්ට කිසිම දෙයක්
නොවැටහෙයි. ඔවුන් ඇල්ෆාව තේරුම් නොගෙන කිසි දෙයක් සිදුවන්නේ කෙසේද? එකම එක ඇල්ෆාව
වත් ඔවුන් නොදනී. සෑම බිංදුවක්ම ඔවුන්ට නිකම්ම බිංදුවක් වශයෙන් පවතී; ඔවුන්ට කිසි
දෙයක් නොවැටහේ. ඇල්ෆාවට බිංදු එකතු කිරීමෙන් යහපතක් සිදුවේ. යෝගාව නොමැති නම්, දවස
පුරාම කාලය අපතේ යැවීමකි. ඔවුන් කිනම් තත්ත්වයකට උරුමකම් කියයිද කියා බාබාට
අනුකම්පාසහගත හැඟීම් පහළ වෙයි. කෙනෙකුගේ භාග්‍යයේ එය නැතිනම් පියා කුමක් කරන්නද?
පියා නැවත නැවතත් කියන්නේ : දිව්‍යමය ගුණාංග ධාරණය කරගන්න. පියාගේ ස්මරණයෙහි යෙදී
සිටින්න. මෙය ඉතාමත් අවශ්‍යයි. ස්මරණයෙහි යෙදී සිටීමෙන්, සෙනෙහස වර්ධනය වෙයි. එවිට
පමණයි ඔබට ශ්‍රීමත් අනුගමනය කිරීමට හැකි වන්නේ. බොහෝ වැසියන් නිර්මාණය කළ යුතුව ඇත.
ඔබ මෙහි පැමිණ සිටින්නේ ලකෂ්මී හෝ නාරායන වීමටයි. මේ සඳහා උත්සාහය අවශ්‍යයි. ඔබ
සැවොම දෙව්ලොව ගියත්, සමහරෙක් දඬුවම් විඳ, අවසානයේ අඩු තත්ත්වයකට හිමිකම් ලබයි.
බාබා ඔය සෑම දරුවෙක්වම දන්නවා. යෝගාවෙහි දුර්වල දරුවන් ශරීර අවධානයට පත්වෙයි; ඔවුන්
මුහුණු පුළුටු කර ගනී, දිගින් දිගටම ගැටුම් ඇති කර ගනී. ස්ථිර යෝගීන් ගේ
ක්‍රියාකාරකම් සහ හැසීරීම ඉතා රාජකීයයි, හොඳයි. ඔවුන් කතා කරන්නේ ඉතාමත් අඩුවෙනි.
ඔවුන් යාගයට සේවය කිරීමට කැමතියි. තමන්ගේ ඇට මිදුළු පවා යගියා සේවය වෙනුවෙන්
පරිත්‍යාග කිරීමට නොපැකිලෙන සමහරෙක් සිටියි. එහෙත් බාබා කියන්නේ : දැනට වඩා බොහෝ සේ
ස්මරණයෙහි සිටින්න. මේ තුළින් බාබා කෙරෙහි සෙනෙහස වර්ධනය වී සතුට භුක්ති විඳියි.
පියා කියයි : මම භාරත දේශය තුළට පැමිණෙමි. මා එන්නේ භාරත වාසීන් නඟා සිටුවීමටයි.
ස්වර්ණමය යුගයේදී ඔබ ලෝකයට අධිපනියන්ව සිටියේය. ඔබ විමුක්තිය ලබා සිටියේය. කවුරුන්ද
එවිට ඔබව අගාධයට ගෙන ගියේ? රාවන්. එය කවදාද සිදුවුයේ? (තඹ යුගයේ.) ඔබ තත්පරයකදී
චක්‍ර භාගයකටම විමුක්තිය ලබා ගනී. උපත් 21කට ඔබ උරුමය හිමිකර ගනී. එබැවින් ඕනෑම
විටෙකදී හොඳ පුද්ගලයෙක් පැමිණි විටෙකදී පළමුවෙන්ම ඔහුට පියාගේ හැඳින්වීම ලබා දෙන්න.
පියා පවසන්නේ : දරුවනේ, මෙම දැනුම හැදෑරීමෙන් පමණයි ඔබට විමුක්තිය ලබා ගැනීමට හැකි
වන්නේ. ඔය දරුවන් දන්නවා නාටකය තත්පරයෙන් තත්පරයට රඟ දැක්වෙමින් පවතින බව. මේ දේ
පමණක් ඔබගේ බුද්ධියෙහි තබා ගත්තත් ඔබට බොහෝ ස්ථිරව සිටීමට හැකියාව ලැබේ. මෙතැන
ඉඳගෙන සිටින විට ලෝක චක්‍රය උකුණෙකුගේ ගමනින් ඇදී යන අන්දමත්, තත්පරයෙන් තත්පරයට
ගෙවී යන ආකාරයත් ඔබගේ බුද්ධිය තේරුම් ගත යුතුයි. මුළු කොටසම නාටකයේ අන්දමටම රඟ
දැක්වෙමින් පවතී. ගෙවී යන සෑම තත්පරයක් සමඟින් එය අවසානය කරා ළඟා වෙයි. පටය
ලිහෙමින් පවතී; එය කැරකෙන්නේ ඉතා සෙමෙන්ය. මෙය අසීමිත නාටකයයි. මේවා තම බුද්ධිය තුළ
තබා ගැනීමට මහළු අයට නුපුළුවන. ඔවුන් ගේ බුද්ධිය තුළ දැනුම රැදෙන්නේ නැත. ඔවුන්
යෝගාවේ යෙදෙන්නේවත් නැත. එසේ වුවත් ඔවුන් තවමත් බාබාගේ දරුවන්ය. ඔව් යෝගාවේ
යෙදෙන්නන් හට ඊට වඩා උසස් තත්ත්වයක් හිමි වෙයි. අන් සෑම කෙනෙක්ම අඩු තත්ත්වයක්
ලබයි. මෙම අසීමිත නාටකය සහ චක්‍රය කැරකෙමින් පවතින ආකාරය ඔබගේ අවධානයේ ස්ථිරව
තබාගන්න. තැටියක් දිගටම වාදනය වෙමින් පවතින ආකාරයට ජීවාත්ම වන අපද, එවැනි තැටියකින්
පිරී ඇත. මෙවැනි කුඩා ජිවාත්මයක් තුළ මෙතරම් විශාල චරිත කොටසක් අඩංගු වී ඇත. මෙයට
පුදුමයක් යැයි කියයි. කිසිවක් නොපෙනේ. මෙම දේවල් වටහා ගත යුතුයි. දළ බුද්ධි ඇති අයට
මේවා නොවැටහේ. කාලය ගෙවී යද්දී අප කියන ඕනෑම දෙයක් වසර 5000කට පසුව නැවතත් සිදු
වෙයි. වෙන කිසිම කෙනෙකුට මෙම වැටහීම නොමැත. ඔබලාගෙන් මහාරාතීන් වන අය මෙම කරුණු ගැන
සිතා බලා අන් අයටත් පහදා දෙයි. මේ නිසයි බාබා කියන්නේ පළමුවෙන්ම පියා ස්මරණය කිරීමට
ගැටයක් ගසන්න කියා. පියා පවසන්නේ : මා ස්මරණය කරන්න. ඔය ජීවාත්මයන් දැන් ආපසු
නිවෙස් කරා යා යුතුයි. සියලු ශාරීරික සම්බන්ධකම් අත්හරින්න. දිගින් දිගටම හැකි තරම්
දුරට පියාව ස්මරණය කරන්න. ඔවුන්ට පියාගේ හැඳින්වීම ලබා දෙන්න. පළමුවෙන්ම ඔබ කළ
යුත්තේ පියාගේ හැඳින්වීම ඔවුන්ගේ බුද්ධිය තුළ රැදෙන්නට සැලැස්වීමයි. ඔවුන්ට කියන්න:
දැන් ලියන්න, ඔහු සැබවින්ම අපගේ පියා කියා. ශරීරය ඇතුළුව අන් සෑම දෙයක්ම අමතක කොට
එකම එක පියාව පමණක් ස්මරණය කරන්න. මෙම ස්මරණයෙන් පමණයි ඔබට තමෝප්‍රධාන් සිට
සතෝප්‍රධාන් විය හැක්කේ. මුක්ති සහ ජීවන් මුක්ති යන දේශ වල දුකක් හෝ වේදනාවක්
නොමැත. දිනෙන් දින ඔබට බොහෝ යහපත් දේවල් විස්තර කෙරෙයි. මේ දේවල් පමණයි ඔබලා අතරේ
කතා බහට ලක් විය යුත්තේ. ඔබ සුදුසු විය යුතුයි. බ්‍රහමින්වරු වීමෙන් පසුත් ඔබ
පියාගේ අධ්‍යාත්මික සේවාවන් නොකරන්නේ නම් ඔබෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔබ මෙම
ඉගැන්වීම හොඳින් ධාරණය කර ගත යුතුයි. ඔබගෙන් බොහෝ දෙනෙක් එකදු වචනයක්වත් ධාරණය
නොකරන බව බාබා දන්නවා. ඔවුන් නිවැරදි ආකාරයට පියාව ස්මරණය කරන්නේ නැත. රජෙකු හෝ
රැජිනකගේ තත්ත්වයට හිමිකම් කීම සඳහා උත්සාහ කිරීම අවශ්‍යයි. උත්සාහ කරන්නන් උසස්
තත්ත්වයකට හිමිකම් කියයි. රාජකීය පවුලට ඇතුළු විය හැක්කේ ඔබ උත්සාහ කළොත් පමණි. අංක
එක වන අය පමණයි, ශිෂ්‍යත්වයක් දිනා ගන්නේ. ලකෂ්මී සහ නාරායන ශිෂ්‍යත්ව දිනුවේය.
ඉන්පසුව එය අංක පිළිවෙලටයි. මෙය ඉතා වැදගත් විභාගයකි. මාලාව සෑදී ඇත්තේ ශිෂ්‍යත්ව
දිනූ අය ගෙනි. මිණි මුතු 8කි. 8ක් ද, පසුව 100 සහ ඉන්පසු 16000 ඇත. එබැවින් මාලාවට
ඇතුළු වීම සඳහා ඔබට බොහෝ උත්සාහ දැරීමට සිදුවේ. අභ්‍යන්තර ගත වී සිටීමට උත්සාහ
ගන්න. එවිට ශිෂ්‍යත්වයක් දිනා ගැනීමට ඔබට අයිතියක් ලැබෙයි. ඔබ බොහෝ සේ අභ්‍යන්තර ගත
විය යුතුයි. පියා යහපත සළසන්නාය. ඔහු ඔබට අවවාද කරන්නේ ඔබගේම යහපත උදෙසායි. මුළු
ලොවෙහි සියලුම දෙනාට යහපත ගෙන ආ යුතුයි. එහෙත් එය අංක පිළිවෙලටයි. ඔබ පියා වෙතට
පැමිණ ඇත්තේ ඉගෙන ගැනීමටයි. ඔබගෙනුත්, ඉගෙනුමට අවධානය යොමු කරන්නේ, හොඳ
ශිෂ්‍යයින්ය. සමහරු කිසිසේත්ම අවධානය යොමු නොකරයි. තමන් ගේ භාග්‍යයෙහි ඇති ඕනෑම
දෙයක්, තමන්ට ලැබේ, යැයි බොහෝ අය සිතති. ඔවුන්ගේ ඉගෙනුමෙහි අරමුණක් නොමැත. එබැවින්
ඔය දරුවන් ඔබගේ ස්මරණයෙහි සටහනක් තබාගත යුතුයි. අපි දැන් ආපසු නිවහනට යා යුතුයි. ඔබ
දැනුම හැර දමා යයි. දැනුමේ කොටස, අවසන් වීමට තිබේ. ජීවාත්මය ඉතා කුඩා වුවද, ඔහුට රඟ
පෑමට ඉතා විශාල චරිත කොටසක් ඇත. මෙය පුදුමයකි. මෙම නාටකය සදාතනිකයි. අභ්‍යන්තරගත වී
තමන්ට දිගටම මෙසේ කතාකරන්න. එවිට පියා පැමිණ, ජීවාත්මය විනාශ නොවන බව, වැනි දේවල්
කියා දීම පිළිබඳව, ඔබ තුළ විශාල සතුටක් ඇතිවෙයි. නාටකයේ සෑම මනුෂ්‍යයෙකුටම සහ සෑම
වස්තුවකටම නියමිත වූ කොටසක් ඇත. නිමාවක් නැති යැයි එයට පැවසෙන්නේ නැත. නිමාවට
පත්වුවද, එය සදාතනිකයි. බොහෝමයක් දේ ඇත. එයට පුදුමයක් යැයි කියයි. එයට දෙවියන්ගේ
පුදුමය යැයි කිව නොහැක. මා ද, මාගේ කොටස, මෙහි රඟ පෑ යුතු බව, ඔහු පවසයි. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. යෝගාව සඳහා
බොහෝ සේ උත්සාහ දැරිය යුතුයි. ක්‍රියා කරන අතරතුර ඔබ කොතරම් වේලාවක් පියාගේ
ස්මරණයෙහි සිටිනවාදැයි බලන්න. යහපතක් විය හැක්කේ ඔහු ස්මරණය කිරීමෙන් පමණයි.
සුමිහිරි ස්නේහවන්තයාව බොහෝ සෙනෙහසින් ස්මරණය කරන්න. ඔබගේ ස්මරණයෙහි සටහනක් තබා
ගන්න.
2. මෙම නාටකයේ රහස්
තේරුම් ගැනීමට සියුම් බුද්ධියක් අවශ්‍යයි. මෙම නාටකය බොහෝ සෙයින් යහපත ගෙන දෙයි. අප
කියන සහ කරන සෑම දෙයක්ම වසර 5000කට පසුව, නැවතත් අප සිදු කරයි. මෙය නිවැරදිව වටහා
ගෙන සතුටින් සිටින්න.
වරදානය:
ඔබ
මායා-ප්‍රතිරෝධී වී ඔබගේ උසස් ජීවිතය තුළ පරමාත්ම දෙවියන්ගේ ඥාණයේ ප්‍රායෝගික
සාක්ෂි පෙන්වනු ලැබේවා.
ඔබ ප්‍රායෝගික
ආදර්ශයක් ලෙස සලකා පරමාත්ම දෙවියන්ගේ ඥාණය ඔප්පු කිරීමෙන්, මායා-ප්‍රතිරෝධී වනු ඇත.
ප්‍රායෝගික සාක්ෂිය ඔබේ උසස්, පිරිසිදු ජීවිතය ය. කළ නොහැකි දේ වලින් කළ හැකි
විශාලතම දෙය නම්, ඉන් ඔබ්බට යන ආකල්පයක් ඇතිව නිවසක ජීවත් වීම සහ භෞතික ලෝකයේ ශරීර
සහ සබඳතා පිළිබඳ දැනුවත්භාවයෙන් ඔබ්බට රැඳී සිටීමයි. ඔබේ පැරණි ශරීරයේ ඇස් පැරණි
ලෝකයේ දේවල් දකින නමුත් නොපෙනේ නම්, එයින් අදහස් වන්නේ ඔබ සම්පූර්ණ පාරිශුද්ධ
ජීවිතයක් ගත කරන බවයි. පරමාත්ම දෙවියන්ගේ හෙළිදරව් කිරීමට සහ මායා-ප්‍රතිරෝධී වීමට
පහසුම ක්‍රමය මෙයයි.
පාඨය:
ඔබගේ අවධානයේ
ආරක්ෂකයන් හොඳින් ක්‍රියාත්මක වන්නේ නම්, ඔබට ඔබගේ අතීන්ද්‍රිය සතුටේ නිධානය නැති
කර ගත නොහැක.
අව්‍යක්ත සංඥාව:
ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.
ඔබ පරම පියාව ඔබගේ
සහකරු බවට පත්කරගෙන තිබේ, එබැවින් දැන් ඒකාබද්ධ ස්වරූපයෙන් ඔහුව අත්විදින්න, එමෙන්ම
මෙම අත්දැකීම ඔබගේ අවධානය තුළට නැවත නැවතත් ගෙන ඒමෙන්, ස්මරණයේ ප්‍රතිමූර්තියක්
වන්න. ඔබ ඒකාබද්ධව සිටිනවාද කියා, ඔබ පසෙකට පියවර තබා නොමැතිද කියා, නැවත නැවතත්
පරීක්ෂා කරන්න. ඒකාබද්ධ ස්වරූපයේ ඔබගේ අත්දැකීම වැඩි කරගන්න තරමට, බ්‍රහ්මින් දිවිය
ඉතාම ආදරණීය සහ විනෝදාත්මක බව ඔබ වැඩියෙන් අත්දකීවි.