09.06.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබලා සෑම කෙනෙක්ම මුළු ලෝකය පුරාම සාම රජදහන ස්ථාපනය කරවනා ඒකායන පියාගේ
අත්උදව්කරුවන්ය. සාමයේ හා සතුටේ ලෝකය දැන් ඇත්තේ ඔබ ඉදිරිපිටමයි.
ප්‍රශ්නය:
දරුවන් වන
ඔබලාට පියා උගන්වන්නේ ඇයි? මෙම අධ්‍යාපනයේ සාරය කුමක්ද?
පිළිතුර:
පියා ඔබලාට උගන්වන්නේ ඔබලාව දිව්‍යලෝකයේ රජකුමාරයින් බවට, ලෝක පාලකයින් බවට
පත්කරවීමටයි. පියා කියනවා: දරුවනි, මෙම දැනුමේ සාරය නම්: ලෝකයේ සෑම දෙයක්ම
අත්හරින්න. තමා ළඟ මිලියන ගණනක් සිය දහස් ගණන් තිබෙනවා කියා සිතන්න එපා. කිසිම
දෙයක් ඔබට අල්ලාගෙන සිටීමට නොහැකි වේවී. එමනිසා, ඉතාමත් හොඳින් උත්සාහ දරා මෙම
දැනුමට අවධානය යොමු කරන්න.
ගීතය:
අප මෙතෙක් කල්
මඟ බලාගෙන සිටි දිනය අවසානයේ අද උදා වී ඇත!
ඕම් ශාන්ති.
දරුවන් වන
ඔබලා ගීතය ඇසුවා. අවසානයේ කොහොමහරි දැන් ලෝකයේ සාමය උදාවීමට දවස ඇවිත්. මෙම ලෝකයේ
සාමය ඇති කරවිය හැක්කේ කෙසේද කියා සැම කෙනෙක්ම වාගේ අහනවා. මෙම ප්‍රශ්නයට හොඳ
උපදෙස් දෙන අයට ත්‍යාග පිරිනමනවා. නේරුතුමාත් උපදෙස් දුන්නා, නමුත් ඉන් සාමය
උදාවුණේ නැහැ. ඔහු ඔහුගේ උපදේශය දී යන්න ගියා. මුළු ලෝකයේම කවදා හෝ මීට පෙර දවසක
සාමය, සතුට හා සෞභාග්‍යය තිබුණු බව දරුවන් වන ඔබලාගේ සිහියේ තිබෙනවා. දැන් ඒක තව
දුරටත් නැහැ. නැවතත් එය ඒවී. චක්‍රය කැරකැවිය යුතුයි. සංගම යුගයේ බ්‍රහමීන්වරුන් වන
ඔබලගේ සිහියේ මෙය තිබෙනවා. ඔබගේ බුද්ධියේ ඇත්තේ රත්තරනුයි. භාරතය නැවතත් වතාවක්
ස්වර්ණමය වන බව ඔබලා දන්නවා. භාරතය හඳුන්වන්නේ ස්වර්ණමය රජදහනක් ලෙසයි. මිනිස්සු මේ
ගුණ ගායනා කළත් ඒකත් කිසිදු අර්ථයකින් තොරවයි කියන්නේ. ඔබලා දැන් මේ සඳහා ඇත්තටම
උත්සහ දරනවා. තව ඉතිරි වී ඇත්තේ ඉතාමත් ටික දවසක් කියා ඔබ දන්නවා. ඉතින් එම නිසා
අපායේ සියලුම දුක්ඛිත දේවල් ඔබට අමතක කර දැමිය හැකියි. සතුටින් පිරි ලෝකය දැන්
ඔබලාගේ සිහියෙන් තමන් ඉදිරියේමයි තිබෙන්නේ. මීට පෙර, දුර ඈතපිටරටක ඉදන් පැමිණෙන විට
තම ගමනාන්තයට තව ඇත්තේ ඉතාමත් ටික දුරක් කියා ඔබලා දැන ගන්නවා. දැන් ගුවන් යානා
මගින් ඔබලාට ඉතාමත් ඉක්මනින් යා හැකියි. තම සතුටේ දින නැවතත් වතාවක් පැමිණෙමින්
තිබෙනා බව දරුවන් වන ඔබලාගේ සිහියේ තිබෙනවා. මේ සඳහා ඔබලා උත්සාහ දරනවා. ඉතාමත්
පහසුවෙන් උත්සාහ දරන්නේ කෙසේද කියා බාබා ඔබට පෙන්වා දී තිබෙනවා. නාටකයට අනුව මෙය
සහතිකයි. කල්පයකට පෙර සිදුවුණු ආකාරයෙන්ම එය අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඔබලා සිටියේ
දේවතාවරුන් ලෙසයි. දේවතාවරුන් සඳහා දේවාල ගණනාවක් ගොඩනැගෙමින් තිබෙනවා. දේවාල ආදිය
සෑදිමෙන් අනතුරුව ඔවුන් මොනවද කරන්නේ කියා දරුවන් වන ඔබලා දන්නවා. දැන් තව දවස්
කීයක් ඉතිරි වී තිබෙනවා ද? දරුවන් වන ඔබලා දැනුමේ අධිකාරීන්. උත්තරීතර පියා වන
උත්තරීතර ජීවය සියලු බල ඇත්තා කියා හඳුන්වනවා. ඔබලා දැනුමේ අධිපතීන් වන අතර ඔවුන්
භක්තියේ අධිපතීන් වෙනවා. සියලු බල වලට අධිපතියා ලෙස හඳුන්වන්නේ බාබාවයි. දරුවන් වන
ඔබලාතම තමන් දරනා උත්සාහයේ තරමට මේ තත්ත්වයට පත් වෙනවා: ලෝකයේ මුල මැද හා අග පිළිබඳ
වූ දැනුම ඔබ තුළ තිබෙනවා. පියාගෙන් තම උරුමය දිනා ගැනීමට තමන් උත්සාහ දරනා බව ඔබලා
දන්නවා. භක්තියට අධිපතිත් සැමට කතා කරන්නේ භක්තිය ගැනයි. ඔබලා දැනුමට අධිපතිනුයි.
එමනිසා ඔබලා කතා කරන්නේ දැනුම ගැන පමණි. ස්වර්ණමය යුගයේ භක්තියක් නැහැ. එහි එකම එක
වන්දනා කරුවෙක්වත් නැහැ. එහි සිටිනා සෑම කෙනෙක්ම පූජනීය අයයි. කල්පයේ පළමු කල්ප
භාගයේ දී ඔබලා වන්දනා ලබනා තත්ත්වයේ සිට පසුව ඉතිරි කල්ප බාගයේදී ඔබලා වන්දනාකරුවන්
බවට පත් වෙනවා. මෙය අදාල වන්නේ භාරතයේ මිනිසුන්ට පමණයි. පුජනීය තත්ත්වයේ ඔවුන් සිටි
කල, භාරතය දිව්‍ය ලෝකයක් ලෙස තිබුණා. භාරතයේ මිනිසුන් වන්දනා කරුවන් බවට පත් වුණු
අතර එය අපායක් වුණා. දරුවන් වන ඔබලා දැන් ඉතාමත් ප්‍රායෝගිකවම තම ජීවිතය නිර්මාණය
කර ගන්නවා. තම තමන්ගේ උත්සාහයේ හැටියට ඔබ සෑම කෙනෙක්ම සෑම දෙනාටම කරුණු පැහැදිලිකර
කියා දෙනවා. ඔබලාගේ ගණන ටික ටික වැඩි වෙනවා. මෙය නාටකයේ කල් තබාම තීරණය වුවක්.
නාටකයත් මෙයට ඔබව උනන්දු කරවන අතර ඔබ දිගටම එය කරගෙන යනවා. නාටකයේ තමාට අවිනාශි වූ
චරිතයක් රඟ දැක්වීමට තිබෙන බව ඔබ දන්නවා. ලෝකයේ කිසිම කෙනෙක් මේ ගැන දන්නේ මොනවාද?
නාටකයේ අපට මෙම චරිතය තිබෙනවා. මේ ගැන කතා කරනා අය නාටකයේ අපට කොටසක් ඇත්තේ කෙසේද
කියා දන්නවා. මේ ලෝකය දිගටම කැරකෙනවා. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය ගැන දන්නේ වෙන
කවුරුවත් නොව ඔබම පමණයි. ලෝකයේ ඉහළම ඉහළ කෙනා කවුදැයි කියා වෙන කිසිම කෙනෙක් දන්නේ
නැහැ. ඍෂිවරුන් හා මුණිවරයින්, අපි ඒ ගැන දන්නේ නැහැයි කියා කියමින් සිටියා. ඔවුන්
නෙති, නෙති (ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි) කියා තමයි කියන්නේ. පියා නිර්මාණකරු වන බවත්
ඔහු දැන් අපට උගන්වන බවත් ඔබලා දැන් දන්නවා. බාබා ඔබට නැවත නැවතත් කියනවා: ඔබලා
මෙහි අසුන් ගෙන සිටින විට ජීව අවධානයේ සිටිය යුතුයි. ඔබට රාජයෝගා උගන්වා ලෝකයේ
ඉතිහාසය හා භූගෝලය ගැන කියා දෙන්නේ එකම එක පියා පමණයි. පියා කියනවා: මම සිත්
කියවන්නෙක් නොවෙයි. ලෝකය හරිම විශාලයි. ඒ ගැන මම කිසිදෙයක් කියන්නේ ඇයි? පියා
කියනවා: නාටකයේ තියෙන හැටියට මම ඔබලාව පාරිශුද්ධ කරවීමට පැමිණෙනවා. නාටකයේ මට හිමි
චරිතය රඟපෑම සඳහා මා පැමිණෙනවා. නමුත් මම කිසිම කෙනෙකුගේ සිත් කියවන්නේ නැහැ. මා
රඟපාන්නේ කුමන චරිතයද ඔබ රඟපාන්නේ කුමන චරිතයද කියා මා ඔබට කියා දෙනවා. ඔබ මෙය ඉගෙන
ගෙන අන් අයටත් කියා දෙනවා. මගේ චරිතය අපිරිසිඳු අයව පාරිශුද්ධ කරවීමයි. මේ ගැන
දන්නේ දරුවන් වන ඔබලා පමණි. එයට දින වකවානු ඔබ දන්නවා. ලෝකයේ වෙන කිසිම කෙනෙක් මේ
ගැන දන්නේ නැහැ. දරුවන් වන ඔබලා පමණයි දන්නේ. පසුව මෙම චක්‍රය අවසානයට පැමිණෙන විට
බාබා නැවතත් පැමිණේවි. දැන් සිදුවන සෑම ජවනිකාවක්ම නැවතත් වතාවක් ඒ ආකාරයෙන්ම
කල්පයකට පසුව සිදුවෙනවා. එක් තත්පරයක් අනිත් තත්පරය හා කිසිසේත් සම වෙන්නේ නැහැ.
මෙම නාටකය දිගටම කැරකෙමින් යනවා. දරුවන් වන ඔබලා දැන් මෙම අසීමිත නාටකය ගැන දන්නවා.
ඒ ගැන දැනගෙනත් නැවත නැවතත් ඔබට එය අමතක වෙනවා. බාබා කියනවා: බාබා තමාගේ පියා බවත්
ගුරුවරයා බවත් පමණක් සිහියේ තබාගෙන සිටින්න. ඔබගේ සිහිය යොමුවිය යුත්තේ ඒ දිසාවටයි.
පියාගේ ගුණ ඇසීමෙන් ජීව වන ඔබලා සතුටට පත් විය යුතුයි. අපේ බාබා අපේ පියා හා
ගුරුවරයා කියා සෑම කෙනෙක්ම කියනවා. ඔහු සත්‍යයම මිසක් වෙන කිසිවක් නොවෙයි. මෙම
ඉගෙනීමත් සත්‍යයය මෙන්ම සම්පූර්ණ එකක්. අනිත් අයගේ ඉගෙනීම් අසම්පූර්ණයි. දරුවන් වන
ඔබලාගේ බුද්ධියේ විශාල සතුටක් තිබිය යුතුයි. ලොකු විභාග සමත් වන අය සිටින්නේ ලොකු
සතුටකින්. ඔබලා ඉගෙන ගන්නේ ඉතාමත් විශාල ඉගෙනීමක්. එම නිසා ඔබ විදිනා සතුටින් ඔබගේ
හිස පිරි යා යුතුයි. අසීමිත පියා වන බාබා අපට උගන්වනවා. ඔබගේ ඇඟේ හිරිගඩු පිපෙන
තරම් සතුටක් ඇති විය යුතුයි. ඒ ගීතාවම දැන් නැවතත් කියැවෙනවා. ඔබ හැරෙන්න වෙන කිසිම
කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. මිනිස්සු චක්‍රයේ කාල පරාසය දීර්ඝ කර තිබෙනවා. වසර 5000
කතාව ඔබගේ සිහියේ තිබෙනවා. ස්ව දර්ශන චක්‍රය කියා හැඳින්වෙන්නේ මෙයයි. ඇතැම් දරුවන්
කියනවා: බාබා, කුණාටු රාශියක් එනවා. ඒ නිසා මට ඔබව අමතක වෙනවා. බාබා අසනවා: කාවද
ඔබට අමතක වෙන්නේ? ලෝකයේ කිරුළු දෙකක් පළන් පාලකවරුන් බවට ඔබව පත් කරවනා පියාව ඔබට
අමතක වෙන්නේ කෙසේද? ඔබ වෙන කිසිම කෙනෙක්ව අමතක කරන්නේ නැහැ. ඔබට හැමෝවම මතකයි: ඔබගේ
බිරිඳ, දරුවන්, මාමලා, නැන්දලා, යහළු හිතමිතුරන් හැමෝවම ඔබට මතකයි. එහෙමනම් කොහොමද
මේ කාරණය අමතක වෙන්නේ? සටන තිබෙන්නේ මෙම ස්මරණයේයි. හැකි උපරිමයෙන් මෙම ස්මරණයේ
සිටින්න. තව දුරටත් වර්ධනය වීම සඳහා දරුවන් වන ඔබලා උදේ පාන්දරින්ම අවදි වී, බාබාව
සිහිපත් කරමින් ඇවිදින්න යන්න. සිසිල් මද සුළඟ හමන බැල්කනියට ගිහින් ඉන්නත්
පුළුවන්. මෙහේ ඇවිත් වාඩිවෙන්නම ඕනේ කියලා නැහැ. එළියට යන්නත් පුළුවන්. උදේ පාන්දරට
බය වෙන්න දෙයකුත් නැහැ. එළියේ ඇවිදින්න යා හැකි යි. කවුද බාබාව වැඩියෙන්ම මතක්
කරන්නේ කියන එක ගැන ඔබ එකිනෙකා අතර කතා බස් කරගන්න. තමන් කොපොමණ දුරට බාබාව සිහිපත්
කළා ද අනිත් වෙලාවට සිහිය ගියේ කොහාට ද වැනි දේ ගැන අත්දැකීමුත් අන් අය සමඟ
බෙදාගන්න. එකිනෙකා සමඟ එකතුව වර්ධනය වෙනවා යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. තමන් කොතරම්
දුරට බාබාව සිහිපත් කළාද කියා සටහන් කර ගන්න. බාබා තමාගේම පුහුණුව ගැනයි ඔබට මේ
කියන්නේ. බාබාව සිහිපත් කරමින් පැයක් තිස්සේ ඇවිද්දත් කකුල් රිදෙන්න ගන්නේ නැහැ.
ස්මරණය තුළින් පාප රාශියක් දුරුකර දැමිය හැකියි. ඔබ චක්‍රය ගැන දන්නවා. තමන් දැන්
නිවස බලා යාමටයි සිටින්නේ යන කරුණ දිවා රෑ තම සිහියේ තබා ගෙන සිටින්න. ඔබ ඒ සඳහා
උත්සාහ දරන්න. කලි යුගයේ මිනිස්සු මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මුක්තිය
සඳහා ඔවුන් සෑහෙන භක්තියක් කරනවා. විවිධ අදහස් රාශියක් තිබෙනවා. බ්‍රහමීන්වරුන් වන
ඔබලා තුළ තිබෙන්නේ එකම එක අදහසක් පමණයි. බ්‍රහමීන්වරුන් වන ඔබලා සෑම කෙනෙක්ටම
අනුගමනය කිරීමට ශ්‍රීමත් තිබෙනවා. පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබලා
දේවතාවරුන් බවට පත් වෙනවා. දේවතාවරුන්ට ශ්‍රීමත් නැහැ. බ්‍රහමීන්වරුන් වන ඔබලාට
ලැබී තිබෙන්නේ මෙන්න මේ කාලයේ දී පමණයි. දෙවියන් අශාරීරික කෙනායි. අධිරාජ්‍යයයේ
වාසනාව දිනා ගනිමින් මුළු ලෝකයේ ම උසස් පාලකවරුන් බවට ඔබව පත් කරවනා රාජයෝගා ඔහු
ඔබට උගන්වනවා. භක්ති මාර්ගයේ වේද ග්‍රන්ථ රාශියක් තිබෙනවා. කොහොමනමුත්, වැඩකට ඇති
දෙයකට තිබෙන්නේ එකම එක ගීතාව පමණයි. දෙවියන් පැමිණ රාජයෝගාව උගන්වනවා. ඒ ඉගැන්වීම්
වලට පමණයි ගීතාව කියා කියන්නේ. දිව්‍යලෝකයේ අධිරාජ්‍යය තමාට ලබා දෙන පියා සමඟ ඔබ
දැන් ඉගෙන ගනිමින් සිටිනවා. ඉගෙන ගන්නා අයට එය ලැබේවී. නාටකයේ ඔබ රඟ දක්වනා චරිතය
මෙයයි. දැනුමේ සාගරය වන්නේ එකම එක පියා පමණයි. ඔබට දැනුම කියා දෙන්නේත් ඔහුම පමණයි.
නාටක සැලැස්මට අනුව ඔහු පැමිණෙන්නේ සංගම යුගයේදී පමණයි. කලි යුගයේ අවසානයත් සත්
යුගයේ ආරම්භයත් අතරමැද කාලයේ දී තමයිඔහු පැමිණෙන්නේ. කිසිම දෙයක් සම්බන්ධයෙන්
පටලැවිල්ලට පත් වෙන්න එපා. පියා මොහු තුළට ඇතුළු වී ඔබට උගන්වනවා. වෙන කිසිම
කෙනෙකුට ඔබට උගන්වන්න බැහැ. මේ දාදා වෙනත් කවුරු හෝ කෙනෙක් සමඟ ඉගෙන ගත්තා නම්, ඒ
කෙනාත් සමඟ තවත් බොහෝ දෙනා ඉගෙනගෙන තියෙන්න ඇති. පියා කියනවා: මම සියලු ගුරුන්ලාවත්
වර්ධනය කරවීමටත් එක්කයි පැමිණෙන්නේ. දරුවන් වන ඔබලාගේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරියේ
තිබෙනවා. අපි ඒ තත්ත්වයට පත් වෙමින් සිටිනවා. මෙය සාමාන්‍ය මනුෂ්‍යයෙක් නාරායනන්
කෙනෙක් බවට පත්වීම පිළිබඳව වූ සත්‍ය කතන්දරයයි. පසුව ඔහුව භක්ති මාර්ගයේ දී
ප්‍රශංසාවට ලක් කෙරෙනවා. භක්ති මාර්ගයේ සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක
වෙමින් යනවා. රාවන්ගේ රාජ්‍යය දැන් අවසන් වීමටයි යන්නේ. දෂේරාව ආදිය සැමරීමට ඔබ
දැන් තවත් වෙන කොහේවත් යන්නේ නැහැ. ඔවුන් කරන්නේ කුමක්ද යන්න ගැන පැහැදිලි කිරීමටයි
ඔබ එහි යන්නේ. ඒ සියල්ල පොඩි දරුවන්ගේ වැඩ. රාවන්ව පුළුස්සන්නේ කොහොමද කියා බලන්න
ලොකු ලොකු ප්‍රභූවරුන් පවා යනවා. ඔහු කවුද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙය
රාවනගේ රාජ්‍යයයි. මිනිස්සු ලොකු සතුටකින් දෂේරාව සමරනවා. ඒ උත්සවයේ දී ඔවුන්
කරන්නේ රාවන්ව පිළිස්සීමයි. ඔවුන්ගේ දුක ඒත් තියෙනවා. ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ.
තමන් කොපමණ දුරකට අඥානයෙක්ව සිටියා ද කියා ඔබට දැන් තේරෙනවා. ඔබව මෝඩයෙක් බවට පත්
කරවන්නේ රාවනුයි. බාබා අපි අනිවාර්යයෙන්ම ලක්ෂ්මි සහ නාරායන් වෙනවා කියා ඔබ දැන්
කියනවා. අපි ඒ සඳහා කිසිසේත්ම අඩු උත්සාහයක් දරන්නේ නැහැ. මෙය අපේ එකම එක පාසල වන
අතර මෙම ඉගෙනීම ඉතාමත් පහසුයි. වයසක අම්මලාට වෙන දේවල් එපමණ මතක තබා ගැනීමට බැරි
නම් බාබාව පමණක් හිතේ තබාගෙන සිටින්න. මිනිසුන්ගේ කටින් ඕ ‘රාමා‘ කියා පිට වෙනවා.
බාබා ඔබට කියා දෙන්නේ ඉතාමත් පහසු ක්‍රමයක්: ඔබ ජීවයක්, උත්තරීතර ජීවය වන පියාව
සිහිපත් කරන්න. ඔබගේ බෝට්ටුව එතෙර වී යාවි. ඔබ යන්නේ කොහිද? සාමයේ දේශයට හා සතුටේ
දේශයටයි. අන් සියල්ල අමතක කර දමන්න. මීට පෙර අසා ඇති හෝ ඉගෙන ගෙන ඇති සියල්ල අමතක
කර දමන්න. තමා ජීවයක් වශයෙන් සලකා පියාව සිහිපත් කළ විට අනිවාර්යයෙන්ම ඔබගේ
උරුමයඔබට පියාගෙන් ලබා ගත හැකි වේවි. ඔබගේ පාප සියල්ල දුරු කර දමා ගත හැක්කේ මෙම
ස්මරණයෙන් පමණයි. එය හරිම පහසු දෙයක්. පුදුමාකාර වූ ජීවයක්. නළල මධ්‍යයේ දිදුලමින්
තිබෙනවා කියා කියනවා. එමනිසා, ජීවයක් අනිවාර්යයෙන්ම කුඩා දෙයක් විය යුතුයි.
වෛද්‍යවරුන් පවා ජීවයක් දැකීමට දැඩි උත්සාහයක් දරනවා. නමුත් එය හරිම සූක්ෂමයි.
කිසිදු භෞතික උපකරණයක් මඟින් කිසිම කෙනෙක්ට එය දැකිය නොහැකියි. පියාත් එවන් ම වූ
කුඩා තිතක්. ඔහු කියනවා: ඔබලා සාමාන්‍ය අය වෙනවා සේම ඔබලාට ඉගැන්වීම සඳහා මමත්
සාමාන්‍ය කෙනෙක් වෙනවා. දෙවියන් අපට උගන්වනවා කියා කවුරු හෝ දැන ගන්නේ කෙසේද?
ක්‍රිෂ්ණා නම් උගන්වන්නේ ඇමරිකාවේ අය ජපානයේ අය සෑම කෙනෙක්ම මෙහි ඒවී. ඔහුට එපමණ
ආකර්ෂණයක් තිබෙනවා. සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණාට ආදරෙයි. තමනුත් දැන් ඒ වගේ කෙනෙක් බවට
පත් වෙනවා කියා දරුවන් වන ඔබලා දන්නවා. ක්‍රිෂ්ණා රාජ කුමාරයෙක්. ක්‍රිෂ්ණාව තම
ඔඩොක්කුවට ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා ඔබ උත්සාහයක් දැරිය යුතුයි. මෙය එතරම් ලොකු
දෙයක් නොවෙයි. දිව්‍ය ලෝකයේ රාජ කුමාරයින් බවටත් ලෝකයේ පාලකවරුන් බවටත් ඔබව පත් කර
වීමට බාබා ඔබට උගන්වනවා. පියා කියනවා: දරුවෙනි, මෙම සම්පූර්ණ අධ්‍යනයේ සාරය නම්
ලෝකයේ ඇති සියල්ල අතහැර දැමීමයි. තමන් ළඟ මුදල් මිලියන ගණනින් දස දහස් ගණනින්
තිබෙනවා කියා සිතාගෙන ඉන්න එපා. ඔබට කිසිම දෙයක් අල්ලා ගෙන තියාගෙන ඉන්න පුළුවන්
වෙන එකක් නැහැ. එමනිසා, හොඳ උත්සාහයක් දරන්න. බාබා ළඟට ඔබ පැමිණි විට ඔහු චෝදනා
කරනවා: මාස අටක් තිසසේ ඔබ පන්තියට පැමිණියා, ඉතින් තවමත් තමාට දිව්‍යමය උරුමයක් ලබා
දෙන පියාව හමුවෙන්න ආවේ නැද්ද? එවන් දරුවන් තමාට එක එක වැඩ තියෙනවා කියා බාබාට
කියනවා. අහා, ඔබ මැරුණොත්... කොහොමද මෙහේ එන්නේ? මේ වගේ සමාවට කරුණු කියලා හරියන්නේ
නැහැ. පියා ඔබට රාජයෝගාව උගන්වනවා, නමුත් ඔබ ඉගෙන ගන්නේ නැහැ. දැඩි භක්තියක් කළ අයට
දවස් හතකින් නොවෙයි හරියටම දුන්න වදින්න ගත වන්නේ එක තත්පරයයි. එක තත්පරයකින් ඔබට
ලෝක පාලකවරයෙක් බවට පත් විය හැකියි. අත්දැකීම් බහුල මොහු මෙතන ඉන්නවා. විනාශයෙත්,
අත් සතරක් ඇති රූපයෙත් දර්ශනය තමාට ලැබුණු විට තමා ලෝක පාලකවරයෙක් බවට පත් වීමට යන
වග ඔහුට අවබෝධ වුණා. තමාට ලැබුණු දර්ශන වලින් ඔහු උද්යෝගිමත් වී අන් සියල්ල අතහැර
දැම්මා. දිව්‍ය ලෝකයේ අධිකාරිත්වය තමාට ලබා දීම සඳහා පියා දැන් මෙහි පැමිණ සිටිනා
බව දරුවන් වන ඔබලා දන්නවා. පියා අහනවා: කොපමණ කාලයක් තිස්සේ මේ විශ්වාසය තිබුණා ද?
මාස අටක් කියා ඔබ කියනවා. ප්‍රධානම දේ වන්නේ ස්මරණය හා දැනුම කියා බාබා පැහැදිලි කර
කියා තිබෙනවා. දර්ශන ආදියෙන් වැඩක් වෙන්නේ නැහැ. පියාව එක පාරක් හඳුනා ගැනීමෙන්
අනතුරුව, දැනුම ඉගෙන ගන්න තමනුත් ඒ හා සම කෙනෙක් බවට පත් වේවි. තමාට ලැබුණු කරුණු
ඕනෑම කෙනෙක්ට පැහැදිලි කර කියා දිය හැකියි. ආදරයෙන් කියා දෙන්න: පාරිශුද්ධකරු වන
ශිව බාබා කියනවා: මා සිහිපත් කරන්න එවිට ඔබ පාරිශුද්ධ ලෝකයේ පාරිශුද්ධ පාලකවරුන්
බවට පත් වේවි. දක්ෂ ලෙස පැහැදිලි කරන්න:තමාව මින් නිදහස් කර ගෙන නිර්වාණ දනව්ව වෙත
ගෙනයවා ගැනීමට ඔබට අවශ්‍යයි නේද? හොඳයි ජීව වන ඔබ වටා බැඳි ඇති මළකඩ ඉවත් කර වීමට
බාබා කියනවා: මා සිහිපත් කරන්න! අච්චා.
සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා,
බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන්
ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. උදේ
පාන්දරින් අවදි වී බාබාව සිහිපත් කරමින් ඇවිදින්න යන්න. තම තමන් කෙතරම් දුරට බාබාව
සිහිපත් කරනවාද යන්න ගැන ඔබ එකිනෙකා අතර ඉතාමත් ළබැඳි සංවාද පවත්වමින් තම අත්දැකීම්
බෙදා ගන්න.
2. පියාව හඳුනා
ගැනීමෙන් අනතුරුව කිසිම සමාවට කරුණක් නොකියා, මෙම හැදෑරීමේ කාර්යයේ බහුලව නිරත
වන්න. කවදාවත් මුරලිය අතපසු නොකරන්න.
වරදානය:
සෑම කෙනෙකුගේම
ගුණධර්ම දකින අතරතුර, ඔබ පරමාත්ම පියාගේ ගුණධර්ම ඔබ තුළට උකහා ගෙන ගුණධර්ම වල
ප්‍රතිමූර්තියක් වේවා.
සංගම් යුගයේ දී,
ගුණධර්ම වල මාලයක් පැළඳ සිටින දරුවන් ජයග්‍රාහී ජප මාලයට ඇතුළු වේ. එමනිසා, ඔබ
ශුද්ධ හංසයෙකු විය යුතු අතර, සෑම කෙනෙකුගේම ගුණධර්ම දකින අතර තුර, ඔබම පියාගේ
ගුණධර්ම උකහා ගත යුතුය. මෙම ගුණධර්ම වල මාලය ඔබේ සෑම කෙනෙකුගේම ගෙල වටා තිබිය
යුතුය. ඔබ පරමාත්ම පියාගේ ගුණධර්ම උකහා ගන්නා තරමට, ඒ අනුව, ඔබේ ගෙල වටා විශාල
මාලයක් ඇත. ගුණධර්ම වල මාලයේ පබළු කරකැවීමෙන්, ඔබම, ගුණධර්ම වල ප්‍රතිමූර්තියක් බවට
පත්වනු ඇත. මෙහි සිහිවටනයක් ලෙස, දේවතාවන්ගේ සහ ශක්තීන්ගේ (දේවතාවියන්ගේ) ගෙල වටා
මාලයක් පෙන්වා ඇත.
පාඨය:
නොබැඳි
නිරීක්ෂකයෙකුගේ අවධිය නිවැරදි තීරණ ගැනීමේ සිංහාසනයයි.
අව්‍යක්ත සංඥාව: ජීව
අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.
අභ්‍යන්තරිකව සිටිය
දී සෑම දෙයක්ම කිරීමෙන්, ඔබ බාධක සහ නිෂ්පල සිතිවිලි වලින් ආරක්ෂා වන අතර ඔබේ කාලය
ද ඉතිරි වේ. ඔබ අභ්‍යන්තරිකව සිටින විට, දැනුවත්භාවයේ බලය වර්ධනය කර ගන්නා අතර ඔය
ජීවාත්මයන්ගේ ඇස් බලවත් වේ. එවිට, ඕනෑම බාධාවක් පැමිණෙන විට, ඔබට එදින පරීක්ෂණ
පත්‍රිකාවක් ලැබෙන බව කල්තියා දැනෙනු ඇත. ඔබ ඒ ගැන කල්තියා දැන ගන්නා තරමට,
ප්‍රඥාවන්තව සිටීමට හැකි වී වැඩි සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වනු ඇත.