09.06.26 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා සමඟ ආපසු පියඹා යාම සඳහා, ඔබ සම්පූර්ණයෙන්ම පිවිතුරු විය යුතු අතර ඔබව
මුළුමනින්ම කැප කළ යුතුයි: ‘මෙම ශරීරය පවා මගේ නොවෙයි.’ සම්පූර්ණයෙන්ම අශාරීරික
වන්න.
ප්‍රශ්නය:
උසස්
ගමනාන්තයට ළඟා වීම සඳහා ඔබ ඉවත් කළ යුත්තේ කුමන බියද?
පිළිතුර:
ඇතැම් දරුවන් මායාගේ කුණාටු වලට බොහෝ සේ බයයි. ඔවුන් පවසන්නේ : බාබා, කුණාටු බොහෝ
සෙයින් මට කරදර කරයි. ඒවා නවතා දමන්න! බාබා පවසන්නේ : මෙය මල්ලව පොර තරඟයකි. එම
මල්ලව පොර තරඟවල, සෑම විටෙකම පහර දෙන්නේ එක් පැත්තක් පමණක් නොවෙයි. ඔවුන්ගෙන් එක්
අයෙක් පස් වරක් පහර එල්ල කරන්නේ නම්, අනෙත් කෙනා අනිවාර්යෙන්ම දහ වරක් පහර එල්ල
කරනු ඇත. ඔබ බිය නොවිය යුත්තේ මේ නිසාය. මහාවීරයෙක් (නිර්භීත සොල්දාදුවෙක්) වී
ජයගන්න, මන්ද, ඔබගේ ගමනාන්තයට ඔබට ළඟා වීමට හැකි වන්නේ එවිට පමණයි.
ගීතය:
මා දිවුරුම්
දී, ඔබගේ ගෙදොර අසලට පැමිණියෙමි.
ඕම් ශාන්ති.
ඔය දරුවන්ට
ගීය ඇසුණා. පියා මෙම තැටිය මිල දී ගෙන එහි අරුත ඔබට විස්තර කර දෙන නිසා, ගීතයට
නිසැකයෙන්ම යම් වැදගත්කමක් තිබේ. ජීවමානව මියැදී පරමාත්ම පියා සතු වීම, යැයි මෙයට
කියයි. පියාට අයත් වීමෙන් පසුව ඔබ ගුරුවරයාට අයත් වෙයි. ගුරුවරයෙකුට අයත් වීමෙන්
පසුව, වැඩිදෙනෙක් ගුරූ කෙනෙක් වෙතට යයි. ක්‍රිස්තියානුවන්ට දරුවෙක් ලැබුණු විට,
ඔවුන් දරුවා බවුතිස්ම කරයි. ඔවුන් ගොස් දරුවාව, පූජකයෙක් හෝ වෙන කවුරු වුවත්, ගුරු
කෙනෙකුගේ උකුලට දමයි. පූජකයන්, ක්‍රිස්තු තුමා නොවෙයි. ඔවුන් මෙසේ පවසයි ඔබ
ක්‍රිස්තුස් වහන්සේගේ නමින් ක්‍රිස්තියානුවෙක් වනවා. දැන්, ඔය දරුවන් පළමුවෙන්ම
පියාට අයත් වෙයි, එනම්, ඔබ අශාරීරික වෙයි. අපට කුමක් තිබුණත්, අපගේ සිරුරු, මනස සහ
ධනය, අපි ඒ සියල්ල බාබාට පුද කරන්නෙමු. අප ජීවමානව මියැදෙමු, එනම්, ජීවාත්ම වන අප,
ඔහු සතු වෙයි. මෙය ඔබගේ බුද්ධිය තුළ රැඳී තිබිය යුතුයි. මට අයත් වන සෑම දෙයක්ම, මගේ
සිරුර, මගේ ධනය, මගේ දේපළ, මගේ සම්බන්ධතාවයන් ආදිය අමතක කළ යුතුයි. කෙනෙක් මිය යන
විට, ඔහුට සෑම දෙයක්ම අමතක වෙයි. ගමනාන්තය බොහෝ ඉහළයි! අප අශාරීරික ජීවාත්මයන්ය.
මෙය ස්ථීර කරගන්න. ඔබ, ඔබගේ සිරුර හලා, මිය යනවා නොවෙයි නැහැ. ජීවාත්මය, තවමත්
සම්පූර්ණයෙන් පිවිතුරු වී නැත. ඔබ පරමාත්ම පියාට අයත්ය, නමුත් බාබා පවසන්නේ ඔය
ජීවාත්ම අපවිත්‍රයි. ජීවයන්ගේ අත්තටු බිඳී ගොසින්ය. ජීවයන්ට දැන් පියාසර කළ නොහැක.
තමෝප්‍රධාන් වීම නිසා, එකදු ජීවයකටවත් ආපසු නිවහනට යා නොහැක. මායා ඔබගේ අත්තටු
සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇත. බාබා විස්තර කර තිබෙන්නේ, වඩාත්ම වේගවත් වන්නේ
ජීවාත්මයක් බවයි. ජීවාත්මයකට වඩා වේගවත් කිසිවක් නැත. ජීවාත්මයක් සමඟ සැසඳිය හැකි
වෙනත් කිසිවක් නැත. අවසානයේදී සියලුම ජීවාත්ම, මදුරු රැළක් මෙන් ආපසු නිවසට යයි.
ඔවුන් යන්නේ කොහිද? ඔවුන් ඉර හා හඳට ඔබ්ඛෙන් බොහෝ ඈතට ඈතට යයි. ඔවුන් එහි සිට ආපසු
නොපැමිණෙයි. රොකට්ටු එහි ඉහළට ගොස්, ආපසු පැමිණෙයි ඒවාට ඉරටවත් ලඟා විය නොහැක. ඔබ
ඊට වඩා බොහෝ ඈතට යා යුතුයි. ඔබ සූක‍්ෂම කලාපයට ඉහළින් ඇති අශාරීරික ලෝකයට යා
යුතුයි. ජීවයට අත්තටු ලැබෙයි. ජීවාත්මය, සියලුම කර්ම ගිණුම් පියවා, පිවිතුරු වෙයි.
ගිණුම් පියවීමේ කාලය ගැන බොහෝ වර්ණනා ලියා ඇත. සියලුම ජීවාත්ම, ඔවුන්ගේ කර්ම ගිණුම්
පියවා ආපසු නිවසට යා යුතුයි. දැන්, සියලුම ජීව, අපිරිසිඳු මෙන්ම පාපකාරීය. තමන්,
ගුරූන් බව සලකා ’මම බ්‍රහ්ම් තත්ත්වයයි’ කියා පවසන බොහෝ මහා ගුරූන්, තාපසයන් සහ
සන්යාසීන් සිටිනවා. ’මා බ්‍රහ්ම් තත්ත්වය හිමි කරගෙන තිබෙනවා’. ඔවුන් අසුන්ගෙන
සිටින්නේ මෙහිය එබැවින් ඔවුන් බ්‍රහ්ම් තත්ත්වයේ කොතැනටද ලඟා වූයේ? ජීවාත්ම වශයෙන්,
ඔබ බ්‍රහ්ම් තත්ත්වයේ වාසය කරන බව, ඔබට දැන් වැටහෙයි. කෙසේවෙතත්, මෙකල කිසිවෙකුට
ආපසු එහි යාමට නොහැක. සියලුම ජීවාත්ම මෙහි නැවත උපත් ගනී. මෙම නාටකය අසීමිතයි.
සියලුම නළුවන් අනිවාර්යෙන්ම එහි සිට ඔවුන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා, මෙහි පැමිණිය
යුතුයි. සියලුම ජීවාත්ම, වේදිකාවට පැමිණ ඇත. එය විනාශයේ කාලය වන විට, සියලුම දෙනා
මෙහි පහළට පැමිණ සිටිවි. ඔවුන් එහි සිට කුමක් කරන්නද? නළුවෙක් චරිත කොටසක් රඟ නොපා,
නිකම්ම නිවසේ අසුන් ගෙන සිටින්නේ නැහැ. ඔහු අනිවාර්යෙන්ම නාටකය තුළට පැමිණිය යුතු
වනවා. සියලුම දෙනා එහි සිට පහළට පැමිණි විට, පරමාත්ම පියා පැමිණ, සියලුම දෙනා ආපසු
රැගෙන යයි. පියා පවසන්නේ මා මෙහි පහළ සිටියද, ජීව තවමත් අඛණ්ඩව පහළට පැමිණෙනවා.
සංඛ්‍යාව අංක පිළිවෙලට, දිගටම වර්ධනය වනවා. ඉන්පසුව ඔබ අංක පිළිවෙලට ආපසු යයි. සෑම
දෙයක්ම රඳා පවතින්නේ ඔබගේ ස්ථීතිය මතයි. ඔබ ජීවමානව මිය යා යුත්තේ මේ නිසාය. තමන්,
ජීවාත්මයක් යන විශ්වාසය ඇති වීමට උත්සාහයක් අවශ්‍යයි. නැවත නැවතත් ශරීර අවධානයට
පැමිණීමෙන් දරුවන්ට මෙය අමතක වෙයි. ඔබ තමන්ව සම්පූර්ණයෙන්ම කැප කළ විට පමණයි ඔබට
ජීවාත්ම අවධානයෙන් සිටිය හැකි වන්නේ. බාබා, මේ සියලු දේ අයත් ඔබටයි. මාද ඔබට අයත්ය.
මෙම සිරුර මට අයත් නැතිවාක් මෙනි, එබැවින් මා දැන් එය අත්හරින්නෙමි. බාබා, මම ඔබට
අයත්. බාබා පවසන්නේ මට අයත් වී, අන් සියලු දෙනාගෙන් ඔබගේ බැඳීම් බිඳ දමන්න. ඔබ
පැමිණ මෙහි නවාතැන් ගත යුතු නැහැ. ඔබගේ ව්‍යාපාරික කටයුතු ආදියද කරගෙන යා යුතු අතර,
ඔබගේ නිවසද රැක බලාගත යුතුයි. දරුවන්, ඔවුන්ගේ දෙමාපියන් සමඟ ඇති ණය පියවිය යුතු
අතර, ඔවුන්ට සේවය කිරීමෙන් නිසැකයෙන්ම ආපසු ගෙවීමක් කළ යුතුයි. තම රැකවරණය සහ පෝෂණය
වෙනුවෙන්, දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ට ණයගැති වනවා. පියා දැන් ඔබට පෝෂණය සහ රැකවල්
ලබා දෙනවා. ආරම්භයේ පැමිණි සෑම කෙනෙක්ම සැනෙකින් සෑම දෙයක්ම කැප කළේය ඔවුන් තමන්ට
කිසිම දෙයක් ඉතිරි කරගත්තේ නැත. ඔවුන් සෑම දෙයක්ම කැප කළ අතර, ඔය දරුවන් එම ධනයෙන්
භාරතය පාරිශුද්ධ කරනවා. සම්පූර්ණයෙන්ම පාරිශුද්ධව පැවතුණේ භාරතය පමණයි. භාරතයේ
ජනතාව සිටියාක් මෙන් සතුටින් සහ පිවිතුරුව, කිසිම කෙනෙකුට සිටිය නොහැක. ශ්‍රේෂ්ඨතම
වන්දනා ස්ථානය වන්නේ භාරතයයි, එහිදී පියා, මුළු ලෝකයම අපවිත්‍ර බවින් පිවිතුරු බවට
පත් කරවයි. මෙම පදාර්ථයන් පවා දැන් ඔබගේ සතුරන්ය. සෑම කෙනෙක්ම අපවිත්‍ර බැවින්,
භූමිකම්පා මෙන්ම කුණාටුද තිබෙයි. බොහෝ දුක ගෙන ඒම සඳහා, ස්වභාවික ව්‍යසනද තිබෙයි.
මෙකල, සෑම දෙයක්ම දුක් ගෙනදෙයි. ස්වර්ණමය යුගයෙදී සෑම දෙයක්ම සතුට ගෙන එයි. එහි
කුණාටු හෝ උෂ්ණ දේශගුණයක් ආදිය නොතිබෙයි. මෙම කරුණුද වටහාගන්නා අය සිටින්නේ ඔබගෙන්
ඉතා ටික දෙනෙක් පමණයි. අද ඔවුන් මෙහි සිටින අතර හෙට දින ඔවුන් මෙහි නොමැත. එබැවින්
ඔවුන්ට කිසිම දෙයක් වැටහී නැති බව කියැවෙයි. ඔවුන් මෙහි පැමිණෙන නමුත් ඔවුන්ගෙන්
සෑම කෙනෙක්ම සෑම විටෙකම ශක්තිමත්ව සිටින්නේ නැත. ඔවුන් මෙහි සිට ගිය විගස, දින
දහයකට පසුව යමෙක් ඔවුන්ගේ පුවත් ලියා එවයි බාබා, අහවල් කෙනාව මායා ගිලදමා ඇත. මෙය
දිගටම සිදුවනවා. කුඩා මලක් ලොකු වූ විට, එහි ඵල හටගනී. එවිට ඔවුන්ට අන් අයවත් තමා
හා සමාන කිරීමට ශක්තිය තිබෙයි ඔවුන් ඵල දරයි. පරම පියාට අයත් වීමෙන් පසු, ඔබත්
පුරවැසියන් සහ උරුමකරුවන් නිර්මාණය කළ යුතුයි. ඇතැම් අය මාර්ගෝපදේශකයන් වී, ඔවුන්ගේ
ගමනාන්තයට ලඟා වී ඇති බව සිතා, බාබා වෙතට පැමිණෙයි නමුත් නැහැ, ගමනාන්තය ඉතා ඉහළයි.
ඔවුන් පවසන්නේ මායාගේ බොහෝ කුණාටු තිබේ. ඔබ දැන් අයත් වන්නේ පියාටයි, එබැවින්
කුණාටු පැමිණෙයි. ඔවුන් පවසන්නේ බාබා, අප අයත් වූයේ ඔබටයි. අපි අපගේ උරුමය ලබාගත්තේ
ඔබගෙනි. පසුව, පුනර්භව ගැනීමෙන්, අප උපත් 84ක් පසුකරමින් දැන් නැවතත් ඔබට අයත් වී
ඇත. මට අනිවාර්යෙන්ම ඔබගෙන් මගේ උරුමය හිමිවෙයි. එබැවින් එවන් පියෙක්ව බොහෝ සේ
සිහිපත් කළ යුතුයි. ඔබ අන් අයවත් ඔබට සමාන කර, ඵල ලබා දිය යුතුයි. එසේ නැත්නම්
මාලාව නිර්මාණය වෙන්නේ වෙන කෙසේද? ඔබ අන් අයව, පියාගේ උරුමකරුවන් බවට පත් කරන්නේ
කෙසේද? පුරවැසියන් අවශ්‍ය වන අතර සිහසුනේ අසුන්ගැනීමට උරුමකරුවන් අවශ්‍යයි. පියා
වෙතට බොහෝ දෙනෙක් පැමිණෙයි. ඉන්පසුව ඔවුන් පියාව දික්කසාද කරයි. බුද්ධියේ යෝගාව
බිඳී, තරඟය අවසන් වෙයි. සමහර දරුවන් පැමිණ, පියාගෙන් මෙසේ විමසයි බාබා, කුණාටු
වලින් මගේ ස්ථීතියට බලපෑමක් ඇති නොකර ගන්නේ කෙසේද? මෙසේ කිරීමට බාබා ඔබට අඛණ්ඩව
ක්‍රම පෙන්වා දෙයි. පරම පියා සිහි කරන්න! කුණාටු එයි. මල්ලව පොරයකදී, එක් පැත්තක්
පමණක් දිගටම පහර කනවා ඔබ දැක තිබේද? නිසැකයෙන්ම ඔවුන් දෙදෙනාටම නිර්භීතකම තිබෙයි.
එක් අයෙක්, අනෙකාට පස් වරක් පහර දුන්නේ නම්, අනෙකා දස වරක් පහර දෙනු ඇත. මෙයත්
මල්ලව පොරයක්. ඔබ දිගින් දිගටම පියාව සිහිපත් කරන විට, මායා දිගින් දිගටම පැන යයි.
කෙසේවෙතත්, මෙය සැනෙකින් සිදුවන්නේ නැත. ඔබ මායාත් සමඟ පොර බැදිය යුතුයි. මායා ඔබට
පහර නොදෙයි කියා නොසිතන්න. එය කවුරු වුවත්, මෙය මහා මල්ලව පොර තරගයකි. බොහෝ දෙනෙක්
බොහෝ සේ බියපත් වෙයි. මායා ඔවුන්ව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නාසයෙන් අල්ලා ගනී. මෙය
සටන් බිමක්. බුද්ධියේ යෝගාවේ සම්බන්ධතාවයේදී, මායා විශාල බාධක සිදුකරයි. සියඵ
උත්සාහය අවශ්‍ය වන්නේ, යෝගාව සඳහාය. බාබා, දැනුමැති ජීවාත්මයන්ට ආදරය කරන බව පවසන
නමුත්, ඔහු දැනුම ලබා දෙන ජීවයන්ට පමණක් ආදරය කරනවා නොවෙයි, මන්ද, නිවැරදි යෝගාවද
තිබිය යුතුයි. පරම පියා සිහි කරන්න! මායාගේ බාධක වලට බිය නොවන්න. ඔබ ලෝකයේ
අධිපතියන් බවට පත්වනවා. සෑම කෙනෙක්ම මෙය බවට පත්වෙයිද? 16,108ටේ මාලාව ඉතා විශාලයි.
අවසානය වන විට එය සම්පූර්ණ වෙයි. රිදී යුගයේ අවසානය දක්වා, බොහෝ රජ කුමර කුමරියන්
සිටිවි. මෙහි ඇතැම් සලකුණු තිබෙනවා. අට සහ 108ටේ සලකුණු තිබෙනවා. මෙය මුළුමනින්ම
නිවැරදිය. රිදී යුගයේ අවසානය වන විට, රජ කුමර කුමරියන් 16,108 සිට ඇත. ආරම්භයේ
එතරම් ගණනක් නොසිටියි. මුලදි ඔවුන්ගෙන් ටික දෙනෙක් සිටින අතර පසුව සංඛ්‍යාව දිගින්
දිගටම වැඩිවෙයි. ඔවුන් සියලු දෙනාම නිර්මාණය වන්නේ මෙහිදීය. ඔබට ඉතා හොඳ අවස්ථාවක්
ඇත, නමුත් ඒ සඳහා විශාල උත්සාහයක් අවශ්‍යයි. ගීතයේ මෙසේද ගායනා කර තිබේ මා
මියැදුනත් කිසිදා ඔබ හැර නොයමි. බාබා, මෙම සිරුර, මනස සහ ධනය යන සියල්ල අයත් ඔබටයි.
මා අශාරීරික වෙමින් ඔබව සිහි කරනවා. මගේ බුද්ධියේ යෝගාව මා ඔබට සම්බන්ධ කරමි. බාබා
පවසන්නේ මේ සියලු දේ දරුවන් වන ඔබලාටයි. දරුවන් පවසන්නේ මා සතු සියල්ල ඔබගේය. ඔවුන්
පවසන්නේ මේ සියලු දේ ලබා දුන්නේ දෙවියන් විසින්ය. දැන් බාබා පවසන්නේ මේ සියල්ල
විනාශ වීමටයි තිබෙන්නේ. ඔබට තිබෙන්නේ මොනවාද? ඔය සිරුරු පවා විනාශ වෙයි. මම දැන්
ඔබට ඒවා හුවමාරු කර දෙමි. ඔබ ඒවා හුවමාරු කරනවා පමණයි. එබැවින් බාබා පවසන්නේ
දරුවනි, අශාරීරික වන්න! මා සිහිපත් කරන්න! ඔබගේ බුද්ධිය ලවා සියලු දේ කැප කරන්න.
ඔහුගේ දේපළ භාරකාරිත්වයක තබන ලෙස ඉල්ලු හරිශ්චන්ද්‍ර රජුගේ කතාපුවත තිබේ. පරම පියා
පවසන්නේ මේ සියලුම ග්‍රන්ථ ආදියේ සාරය මම ඔබට විස්තර කර දෙමි. බ්‍රහ්මාගේ මුඛය
මඟින් මා ඔබව රජවරුන් සහ රැජිණියන් බවට පත්කළ අතර, දැන් මා නැවත වරක් එසේ කරන්නෙමි.
ඔවුන් වෙනුවෙන් ගීතාව කියවීමෙන්, මනුෂ්‍යයන්ට කිසි විටෙක මනුෂ්‍යයන්ට රාජයෝගාව
උගන්වා, ඔවුන්ව රජවරුන් සහ රැජිනියන් බවට පත් කළ නොහැක. එබැවින් ගීතාවට සවන් දීමෙන්
ඇති ප්‍රයෝජනය කුමක්ද? පරම පියා පවසන්නේ සෑම චක්‍රයකදීම මාම පැමිණ, ඔබව ලෝකයේ
අධිපතියන් බවට පත් කරවන්නෙමි. ඔබ උරුමකරුවෙක් වන්නේ, ඔබ මට අයත් වූ විට පමණයි.
එබැවින් ඔබ වැඩියෙන් යෝගාවේ සිටින තරමට, ඔබ වැඩියෙන් අඛණ්ඩව පිවිතුරු වෙයි. බාබා,
මේ සියලු දේ අයත් ඔබටයි. මම භාරකරුවෙක් පමණයි. ඔබගේ නියෝග නොමැතිව, මා කිසි දෙයක්
නොකරමි. ඔබගේ සිරුර වෙනුවෙන් ආදායමක් උපයාගන්නේ කෙසේද කියාද ඔබ උපදෙස් ලබා ගනී.
ඔවුන්ගේ මුළු ගිණුමම ලබා දෙන්නේ සාමාන්‍යයෙන් දුප්පත් අයයි. ධනවත් අයට එය ලබා දිය
නොහැක ඔවුන්ට තමන්ව කැප කළ නොහැක. ඔවුන් මතු වන්නේ ඉතා කලාතුරකිනි. ජනක්ගේ නම තිබේ.
ඔවුන්ට දරුවන් සහ නොබෙදුනු ඉඩකඩම් තිබේ, එබැවින් එය බෙදන්නේ කෙසේද? එය කැප කිරීම
සඳහා, ඔවුන්ගේ ඉඩම (වෙන්කර) ලබා ගන්නේ කෙසේද? පියා, දුප්පතුන්ගේ ස්වාමියාය. වඩාත්ම
දුප්පත් වන්නේ මව්වරුන්ය. ඔවුන්ටත් වඩා කුමාරීන් දුප්පත්ය. කුමාරීන්හට උරුමයක
කුල්මත්භාවය කිසිදා නොමැත. ඔවුන්ගේ දෙමාපියන්ගේ දේපළවල කුල්මත්භාවය, පුතුන්හට තිබේ.
එබැවින් පාරාදීසියේ උරුමය හිමි කරගැනීම සඳහා ඔබ ඒ සියල්ල අත්හල යුතුයි. දන් දෙනු
ලබන්නේ සෑම විටෙකම, දුප්පතුන්ටයි. වඩාත්ම දුප්පත් වන්නේ භාරතයයි. අමරිකාව බොහෝ
ධනවත්ය. ඔවුන්ට උරුමයක් ලැබෙනවාද? භාරතය වඩාත්ම ධනවත් වූ කල්හි, වෙනත් ආගම්
නොතිබිණි භාරතයේ ජනතාව පමණක් සිටි අතර තිබුණේ එක් භාෂාව පමණයි. පරමාත්ම දෙවියන්
එක්කෙනෙකි. මම එක් ආධිපත්‍යයක්, එක් ධර්මයක් සහ එක් භාෂාවක් ස්ථාපිත කරමි. මම එක්
සර්ව බලධාරී රජය ස්ථාපිත කරමි. එකකින්, පසුව දෙකක්ද තුනක්ද ඇති වෙයි. දැන් බොහෝ
ආගම් තිබේ. එබැවින් දැන් අනිවාර්යෙන්ම එක් ධර්මයක් තිබිය යුතුයි. එක් ධර්මයක් තිබී
දැනට වසර 5000ක කාලයක් ගත වී තිබේ. ස්වර්ණමය යුගයේ කාල වකවානුව වසර සිය දහස් ගණනක්
බව, විද්වතුන් ලියා ඇත. ස්වර්ණමය යුගය කුමක්ද කියා ඔවුන්ට වැටහෙන්නේ නැත. කෙනෙක්
මිය ගිය විට, ඔහු දිව්‍ය ලෝකයේ වැසියෙක් වී ඇති බව, ඔහු සමහර විට උඩ ඉහළට ගිය බව,
ඔවුන් සිතයි. දිල්වාලා දේවාලයේද, ඔවුන් දිව්‍ය ලෝකය පෙන්වා ඇත්තේ, උඩ, සිවිලිමේය.
මිනිසුන් අවුලට පත් වී ඇත්තේ මේ නිසාය. ඇත්ත වශයෙන්ම දිව්‍ය ලෝකය තිබෙන්නේ උඩ, ඉහළ
නොවෙයි. ඔබ බාබා වෙතට ගොස් ඉන්පසුව මෙහි පහළට පාලනය කිරීමට පැමිණෙන බව ඔබ දන්නවා.
ඔබට ඕනෑම කෙනෙකුට විස්තර කිරීමට හැකි වන සේ, මෙම දැනුම, ඔබගේ බුද්ධිය තුළ තිබිය
යුතුයි. පක‍්ෂියා වන මායා, දුර්වල අයව කා දමයි. ඡායාරූපයක් ඉල්ලාගන්නේ එමෙන්ම
වාර්ථාවක් තබාගන්නේ මේ නිසාය. බාබාට සියලුම තොරතුරු ලැබෙයි. ’අහවලා කෙබඳු ආකාරයක
දැනුමේ ඊතලයක් විද්දේද යත්, මා බාබාගේ දරුවෙක් විය!’ කුමාරීන් ඊතල විද්ද බව,
ග්‍රන්ථ වලද සඳහන් වී ඇත. අහෝ! ඔබ පියා අමතක කළේ මන්ද? මෙයට දැනුමේ ඊතලය යැයි
කියයි. ඔබ ඔවුන්ට පරමාත්ම පියා ගැන සිහිකර දිය යුතුයි එපමණයි. හිංසනයේ ඊතලයක්
පිළිබඳ ප්‍රශ්නයක් නැත. බාබා පවසන්නේ මම, බ්‍රහ්මාගේ මුඛය මඟින් ඔබට සියලුම ග්‍රන්ථ
වල වැදගත්කම පහදා දෙනවා. බ්‍රහ්මා නිසැකයෙන්ම සිටිය යුත්තේ මෙහිය. ඔවුන්, විෂ්ණුගේ
නාභියෙන්, බ්‍රහ්මා මතු වන ආකාරය පෙන්වා තිබේ. ඔවුන් කිසිම දෙයක් නොදනී! ඔවුන්ගේ
සිතට ඇතුළු වන කුමන හෝ දෙයක් මිනිසුන් ලියා තිබේ. බොහෝ අපද්‍රව්‍ය තිබේ! ගුප්ත බල
තිබෙන බොහෝ දෙනෙක් සිටියි! සත්‍යය මතුවන විට, බොරුව එයට විරුද්ධ වෙයි. ශිව බාබා
අශාරීරික බවත්, මෙම බ්‍රහ්මා ශාරීරික බවත් ඔබට දැන් වැටහෙයි, නමුත් නාභියක ආදියේ
ප්‍රශ්නයක් නැත. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. දැනුමට
සවන් දී, එය නිකම්ම පවසන කෙනෙක් නොවී, දැන් දැනුමැති ජීවාත්මයක් වන්න. සිහිපත්
කිරීමටද උත්සාහ දරන්න. අශාරීරික වී, අශාරීරික පියාව සිහි කරන්න.
2. පියාට අයත් වී,
අන් සෑම දෙයකින්ම ඔබගේ බැඳීම් කඩා බිඳ දමන්න. ‘මෙම සිරුර පවා මට අයිති නැහැ’.
මුළුමනින්ම ජීවාත්ම අවධානයට පත් වී, තමන්ව සම්පූර්ණයෙන්ම කැප කරන්න.
වරදානය:
ඔබ මාස්ටර්
සර්වබලධාරී ආසනය මත සකස්ව හිඳ පහසුවෙන් නිරන්තර කර්ම යෝගීවරයෙකු ලෙස රැඳී සිටිත්වා.
යම්කිසි යන්ත්‍රයක්
පළමුව සකස් කරගත් පසු, එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වනු ඇත. එලෙසම, ඔබ මාස්ටර්
සර්වබලධාරී අවධියට පත් වූ පසු, දුර්වලතාවයේ වචන කිසි විටෙකත් මතු නොවනු ඇත. සෑම
සිතිවිල්ලක්ම, වචනයක්ම සහ ක්‍රියාවක්ම එම සැකසුම අනුව ඉබේම මතුවනු ඇත. එම සැකසුම
ඔබව පහසු නිරන්තර කර්ම යෝගීවරයෙකු බවට පත් කරවනු ඇති අතර අපිරිසිදු සිතිවිලි වලින්
නිදහස් වනු ඇත.
පාඨය:
'මම' වෙනුවට
'බාබා, බාබා!' යැයි පැවසීම ස්මරණයේ සිටින බවට සාක්ෂියකි.
අව්‍යක්ත සංඥාව:
නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටීමට, පහසු-ස්වභාවයක් ඇතිව දරාගන්න.
නාටකයේ පළිහ භාවිත
කරමින් ස්ථාවරව සහ සතුටු සිතින් සිටීමට හැකි වන්නේ දරාගත හැකි අයට පමණි. ඔබ
ඉවසිලිවන්ත නොවන්නේ නම්, නාටකයේ පළිහ අල්ලා ගැනීම ඔබට අපහසු වනු ඇත. මේ අවස්ථාවේ දී
ඔබ කුමන ක්‍රියාවක නියැලුනත්, නිරන්තරයෙන් කරන්කරවන්හාර් පිළිබඳව අවධානයෙන්
සිටින්න. පරම පියා ඔබට සෑම දෙයකටම උද්යෝගයක් ලබා දෙන අතර සෑම දෙයක්ම කරන අය ඔහුගේ
උපකරණ වේ. මෙම අවධානයෙන් ක්‍රියා කළහොත්, ඔබ නොබැඳි නිරීක්ෂකයෙකු ලෙස ඔබගේ චරිත
කොටස රඟපාන බව අත්විඳිනු ඇත.