09.07.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, පියා පැමිණියේ ඔබට ඥාන මිණිමුතු දීමටයි. පියා ඔබට කියන හෝ විස්තර කරන
සියල්ල ඥානයයි. මේ ඥාන මිණිමුතු ඥාන සාගරය වන කෙනාට මිස වෙන කිසිවෙකුට දිය
නොහැකියි.
ප්‍රශ්නය:
ජීවාත්ම සත්ථා
වටිනාකම අඩු වන්නට හේතු වන ප්‍රධාන කරුණ කුමක් ද?
පිළිතුර:
වටිනාකම අඩු වන්නේ ඊට වෙනත් දේ මිශ්‍ර වීමෙනි. රනින් නිම වූ ස්වර්ණාභරණ වල අගය
වෙනත් දේ මිශ්‍ර වූ විට අඩු වන්නා සේම අපිරිසිඳු බව නම් වූ දේ ජීවාත්ම සත්ථාවන්ට
මිශ්‍ර වූ විට තනි රත්තරන් වැනි එහි වටිනාකම බසී. මෙකළ තමෝප්‍රධාන් ජීවාත්ම
සත්ථාවන්ට කිසිම වටිනාකමක් නැත. ශරීර වලට ද වටිනාකමක් නැත. ස්මෘතිය තබා ගැනීම මඟින්
ඔබ ජීවාත්ම සත්ථාවන් හා ශරීර යන දෙකම වටිනා බවට පත් වේ.
ගීතය:
අද උදේ
පාන්දරින් ම ආවේ කවුද ..?
ඕම් ශාන්ති.
පියා ඔබ
මිහිරි ආධ්‍යාත්මික දරුවන්ට තේරුම් කරන අතරම ස්මෘතිය තබා ගන්නා මාර්ගද පෙන්වයි.
මෙහි වාඩි වී සිටිනා ඔබ දරුවන් ඇතුළතින්ම සිහිපත් ව සිටිනවා අපගේ අහිංසක බාබා වන
ශිවා පැමිණ ඇති බව. බාබා පැය භාගයක් පමණ නිහඬවම කිසිවක් නොකියාම සිටියොත්, ඔබ
ජීවාත්ම සත්තාවන්ට ඇතුළතින් දැනෙනවා බාබා යමක් කිව යුතුයි කියා. ඔබ දන්නවා මොහු තුළ
ශිව බාබා සිටින බව නමුත් ඔහු කිසිවක් නොකියයි. එයද ඔබේ ස්මෘති වන්දනා ගමන වේ. ඔබේ
බුද්ධිය තුළ ඇත්තේ ශිව බාබාගේ ස්මෘතියම පමණි. ඔබට ඇතුළතින් දැනෙනවා ශිව බාබා යමක්
පවසා ඥාන මිණිමුතු දේය කියා. පියා පැමිණෙන්නේ ම ඔබට මිණිමුතු දීමටයි. ඔහු ඥාන
සාගරයයි. ඔහු මෙසේ කියයි දරුවනි, ජීවාත්ම සත්තා විඥානයෙන් සිටින්න. පියාව සිහි
කරන්න. මේ ඥානයයි. දරුවනි, නාටක චක්‍රය ද ඉණිමඟ සහ පියා ද සිහි කරන්න. එයද ඥානයයි.
බාබා විස්තර කරන්නේ යමක් ද එය ඥානයයි. ඔහු ඔබට ස්මෘති වන්දනා ගමන ද විස්තර කරයි. මේ
සියලු කරුණු ඥාන මිණිමුතු වේ. ඔහු ස්මෘතිය ගැන විස්තර කරන දේ හොඳ ම මිණිමුතුය. පියා
මෙසේ කියයි ඔබේ උපත් 84 සිහි කරන්න. ඔබ පිරිසිඳුවෙන් පැමිණ ඇති අතර දැන් ඔබ ආපසු යා
යුත්තේ පිරිසිඳු වීමෙන් පසුවයි. ඔබ කර්මටීට් තත්ත්වයෙන් ආපසු යා යුත්තේ පියාගෙන්
සම්පූර්ණ උරුමය ලබා ගත් පසුවයි. එය සිදු වන්නේ ස්මෘති බලය ලබා ගැනීම මඟින් ඔබ
ජීවාත්ම සත්තාවන් සතෝප්‍රධාන් බවට පත් වූ විටයි. මේ වචන ඉතා අගනේය. ඒවා සටහන් කර
ගන්න. සියල්ල උකහා ගන්නේ ජීවාත්ම සත්තාවයි. අංගෝපාංග සහිත මෙම ශරීරය විනාශයට යයි.
ජීවාත්ම සත්තාව හොඳ හා නරක සංස්කාර වලින් පිරී යයි. පියාද පිරී ඇත්තේ ලෝකයේ මුල,
මැද, අග පිළිබඳ වූ ඥාන සංස්කාර වලින්ය. ඔහුට ඥානයෙන් පිරී ඇතැයි කියන්නේ මේ නිසාය.
බාබා ඔබට සියල්ල නිවැරදිව විස්තර කරයි. උපත් 84 චක්‍රය ඉතා පහසුය. එම චක්‍රයේ
අවසානය දැන් පැමිණ ඇත. ඔබ දැන් පියා වෙත ආපසු ගෙදර යා යුතුයි. කිලිටු ළමයින්ට නම්
බැරි වෙයි. ඔබ ජීවාත්ම සත්තාවන් පාරිශුද්ධියට පත් වූ විට ඔබ ශරීර හලා දමයි. මෙහිදී
ඔබට පිරිසිඳු ශරීරයක් ලැබිය නොහැකියි. මෙය පරණ වූ සපත්තුවක් වැනිය. එය දුරලිය
යුතුයි. අප ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වෙමින් අනාගතයේ දී පිරිසිඳු ශරීරද ලැබිය
හැකියි. ස්වර්ණමය යුගයේ දී ජීවාත්ම සත්තාවත් ශරීරයත් යන දෙකම පිරිසිඳු ව තිබේ.
මෙකළ, ඔබ ජීවාත්ම සත්තාවන් අපිරිසිඳු බවට පත් වී ඇති අතර ඔබේ ශරීරද අපිරිසිඳුය.
යොදන රත්තරන් අනූව හදන ආභරණ වටී. ආණ්ඩු විසින් කියන්නේ මිනිසුන් පැළඳිය යුතු වන්නේ
අඩු කැරට් රත්තරන් ආභරණ විය යුතුයි කියා. එවිට විශාල වියදමක් නැත. ඔබ ජීවාත්ම
සත්තාවන්ද ඉතා අඩු අගයකින් යුක්තය. එහිදී නම්, ඔබ ජීවාත්ම සත්තාවන්ගේ අගය වැඩිය. ඔබ
සැම දෙන සතෝප්‍රධාන්ය. දැන් හැම දෙනාම තමෝප්‍රධාන්ය. ජිවාත්ම සත්තාවන්ට වෙනත් දේ
මිශ්‍ර වී ඇත. එවිට එහි කිසි ප්‍රයෝජනයක් නැත. එහිදී, ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වන
අතර අගයද වැඩිය. දැන් ඔවුන් කැරට් නමයක් බවට පත් වී කිසිඳු අගයක් නැත. බාබා මෙසේ
කියන්නේ ඒ නිසයි ඔබ ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වූ විට ඔබට පිරිසිඳු ශරීරයක් ලැබේ.
කිසිවෙකුට මෙම ඥානය දිය නොහැකියි. පියා පමණක් ම මෙසේ කියයි මා පමණක්ම නිරතුරුව
සිහිකරන්න. ක්‍රිෂ්ණා මෙසේ කියන්නේ කෙසේද? ඔහු ශරීරයක් සහිත කෙනෙක්. පියා මෙසේ
කියයි ශරීර ඇති අන් අය සිහි නොකරන්න. ඔබ මේ සියල්ල තේරුම් ගෙන ඇති අතර දැන් අන් අයට
විස්තර කර දිය යුතුයි. ශිව බාබා අශරීරිකය. ඔහුගේ උපත සූක‍්ෂමය (අලෞකිකය). ඔහු ඔබට
දෙන උපතද සූක‍්ෂමය. එවිට මෙහි සූක‍්ෂම පියාගේ සූක‍්ෂම දරුවන් සිටී. මෙසේ කියැවේ
ලොකික් (ලෞකික), අලොකික් (සූක‍්ෂම) සහ පර්ලොකික් (මේ ලෝකය අභිභවා). ඔබ දරුවන්
ලබන්නේ සූක‍්ෂම උපතකි. ඔබ සූක‍්ෂම පියාගෙන් ලබන්නේ සූක‍්ෂම උරුමයකි. ලෝකයේ
හිමිකරුවන් බවට පත් විය හැක්කේ බ්‍රහ්ම කුමාර සහ කුමාරින්ට ම පමණි. මනුෂ්‍යයින්
කිසිවක් තේරුම් නොගනී. පියා ඔබට බෙහෙවින් විස්තර කරයි. අපිරසිඳු වූ ජීවාත්ම
සත්තාවන්ට ස්මෘතිය ඇතිව මිස කිසිවිට පිරිසිඳු බවට පත් විය නොහැක. ඔබ ස්මෘතිය තුළ
නොසිටියොත් පිටස්තර දේ අස් නොවෙන අතර ඔබට පිරිසිඳු බවට ද පත් විය නොහැකියි. එවිට
ඔබට දඬුවම් විඳීමට සිදුවේ. මුළු ලොවම සිටිනා මිනිස් ජීවාත්ම සත්තාවන් සැම ආපසු ගෙදර
යා යුත්තේ පිරිසිඳු වීමෙන් පසුවයි. ශරීර එහි යන්නේ නැත. පියා මෙසේ කියයි ඔබ ජීවාත්ම
සත්තාවක් බව සැලකීම අසීරුයි. ඔබට වැඩෙහි යෙදෙමින් එසේ විය නොහැකිය. බාබා මෙසේ කියයි
හොඳයි, ඔබ ජීවාත්ම සත්තාවක් සේ සැලකිය නොහැකි වුවත්, ශිව බාබා සිහි කරන්න. ඔබ
වැඩෙහි යෙදී සිටින අතරම මෙම උත්සාහයේ යෙදෙන්න ජීවාත්ම සත්තාවක් වන මා මෙම ශරීරය
තුළින් මේ වැඩේ කරමි. ජීවාත්ම සත්තාවක් වන මා ශිව බාබා සිහිකරමි. ජීවාත්ම සත්තාවක්
වන මා පළමුව පිරිසිඳුව සිටි අතර දැන් නැවතත් පිරිසිඳු බවට පත් විය යුතුව ඇත. ඔබ
දැරිය යුතු උත්සාහය මෙයයි. මෙහි ඉපැයෙන ආදායම ඉතා විශාලය. මිනිසුන්ට කොතරම් ධනය
තිබුණත් ඔවුන්ට සතුටක් නැත. හැම කෙනෙකුටම බොහෝ දුක් ඇත. කෙනෙක් රජෙක් හෝ ජනාධිපති
ලෙස අද සිටියත් හෙට මැරුම් කෑ හැකියි. පිට දේස වල සිදුවන දේ දෙස බලන්න. ධනවතුන්ට සහ
රජුන් ආදීන්ට බොහෝ ප්‍රශ්න ඇත. මෙහි රජුන්ව සිටි අය වැසියන් බවට පත් වේ. දැන්
මිනිසුන්ගේ ආණ්ඩුව විසින් රජුන් ද පාලනය කරයි. එය නාටකයේ නියමිත දෙයකි. අවසානයේ දී
තත්ත්වය මෙයයි. බොහෝ අය ඔවුනොවුන් අතර සටන් කරයි. මෙයම පසුගිය කල්පයේ දී සිදු වූ බව
ඔබ දනී. ඔබට නැති වී ගිය රජ දහන දැන් ඔබ මුළු හදින්ම හා ආදරයෙන් නොපෙනෙන සේ ඉල්ලා
සිටී. ඔබ ගණන් ගැණුනේ ලෝකය හිමි සූර්ය වංශික දෙවි දේවතාවුන් ලෙසයි. එය නැවතත් ලබා
ගැනීමට ඔබ දැන් උත්සාහ කරන්නේ සත්‍ය නාරායන්ගේ කතාන්තරයට කන්දීම මඟිනි. පියා අපව
සාමාන්‍ය මිනිසුන්ගෙන් නාරායන් බවට පත් කරවන්නේ කෙසේද? පියා පැමිණ අපට රාජයෝග
උගන්වයි. භක්ති මාර්ගයේ කිසිවෙකුට මෙය ඉගැන්විය නොහැක. කිසිම මනුෂ්‍යයෙකුට පියා,
ගුරුවරයා සහ ගුරු යනුවෙන් කිව නොහැකියි. භක්ති මාර්ගයේ දී බොහෝ පුරාණ කතාන්තර ඇත.
ඔබ දරුවන් දැන් නියත ලෙසම පාරිශුද්ධියට පත් විය යුතුයි උපත් 21 ක සම්පත් ලැබීම
සඳහා. පියා මෙසේ කියයි ඔබ ජීවාත්ම සත්තාවන් බව සලකන්න. නාටකය අනූව ඔබ චක්‍ර භාගයක්
ම ශරීර විඥානයෙන් සිට ඇත. දැන් ඔබ ජීව සත්තාමය විඥානයට පත් විය යුතුයි. නාටකයට අනූව
දැන් ජරාජීර්ණ ලෝකය නව ලෝකය බවට වෙනස් විය යුතුයි. මෙය එකම ලෝකයකි. පැරණි ලෝකය නව
ලෝකය බවට පත් වේ. නව ලෝකයේ නව භාරතය ඇති විට එහි ජීවත්ව සිටියේ දෙවි දේවතාවුන්ය. ඔබ
එහි අග නගරය දනී. එය තිබුණේ යමුනා ගඟ අසබඩය. එයට කීවේ පරිස්ථාන් කියාය. එහි
ස්වභාවික සෞන්දර්යය තිබුණි. ඔබ ජීවාත්ම සත්තාවන් පිරිසිඳු වූ විට, පිරිසිඳු ශරීර
ලැබේ. පියා මෙසේ කියයි මම පැමිණ ඔබ සුන්දර දෙවි දේවතාවන් බවට පත් කරවමි. ඔබ දරුවන්
හැම කෙනෙක්ම දිගටම ඔබවම පරීක‍්ෂා කරන්න. මට යම් අඩුපාඩු තිබේද? මා ස්මෘතියෙන්
සිටිම්ද? ඔබ අධ්‍යයනය කළ යුතුමයි. මෙම අධ්‍යයනය ඉතා වැදගත්ය. මෙහි ඔබට ඉගෙනීමට
ඇත්තේ එක දෙයකි. අන් අධ්‍යයන වල බොහෝ පොත් ආදිය ඇත. මෙය සියල්ලටම වඩා ඉහළ
අධ්‍යයනයයි. උගන්වන්නේ ඉහළම ඉහළ ශිව බාබාය. ශිව බාබා ලෝකයේ හිමිකරුවා නොවේ. ලෝකයේ
හිමිකරුවා වන්නේ ඔබයි. බාබා දිගටම අළුත් ගැඹුරු කරුණු බොහෝ කියයි. මිනිසුන් සිතන්නේ
ලෝකය හිමිකරුවා දෙවියන් කියාය. පියා විස්තර කර දෙයි සුමිහිරි දරුවනි, මම මේ ලෝකයේ
හිමිකරුවා නොවෙමි. ඔබ ඔබේ රජ දහන අයිති කර ගන්නා අතර පසුව එය අහිමි වෙයි. එවිට බාබා
පැමිණ ඔබට නැවත එම අයිතිය ලබා දෙයි. මේ ලෝකයයි. එය සූක‍්ෂම කලාපයට හෝ අශරීරික ලෝකයට
අදාල නොවේ. ඔබ අශරීරික ලෝකයේ සිට මෙහි පැමිණ උපත් 84 චක්‍රය වටා යයි. එවිට පියා
නැවත එනු ඇත. ඔබ දැන් ඔබට නැති වී ගිය දේ නැවත ලබා ගැනීම සඳහා කරන උත්සාහය
දිරිගන්වනු ලැබ ඇත. මෙය ජය පැරදුම නම් වූ ක්‍රීඩාවයි. මේ රාවණ් රාජ්‍යය අවසන් විය
යුතුය. පියා හැම දේම පහසු ලෙස විස්තර කරයි. පියා ඔහුම පැමිණ ඔබට උගන්වයි. අන් සැම
තැන මිනිසුන්ට මිනිසුන් ම උගන්වයි. ඔබ මිනිසුන් වුවත් ඔබ ජීවාත්ම සත්තාවන්ට
උගන්වන්නේ පියා විසින්ය. ඉගෙන ගන්නා සංස්කාරය ජීවාත්ම සත්තාවන් තුළ පවතී. ඔබ දැන්
ඥානයෙන් පිරී ඇත. අන් සියලු දැනුම් භක්ති දැනුම්ය. යම් ආදායමක් ඉපැයීමට ඔබට දැනුම්
අවශ්‍යයි. ආගමික ලේඛණ වලද දැනුම ඇත. මේ ඥානය අධ්‍යාත්මිකය. ආධ්‍යාත්මික පියා මෙහි
සිට ඔබ ජීවයට ඥානය දෙයි. ඔබ මෙය අවුරුදු 5000කට පෙරද ඇසුවා. ලෝකයේ වෙන කිසිම තැනක
මේ විදියට කිසිවෙක් උගන්වන්නේ නැත. දෙවියන් උගන්වන ආකාරය කිසිවෙක් නොදනී. ඔබ දරුවන්
දන්නවා මෙම අධ්‍යයනය තුළින් රජදහනක් ස්ථාපනය වන බව. හොඳින් ඉගෙන ගන්නා, ශ්‍රීමත්
පිළිපදින අය ඉහළම තත්ත්වය ලබන අතර පියාගේ අත අතහරිමින් ඔහුට නිග්‍රහ කරන අය ඉතා අඩු
තත්ත්වයක් ලබමින් යටත් වැසියන් බවට පත් වේ. පියා උගන්වන්නේ එකම අධ්‍යයනයක් පමණි. ඒ
ඉගැන්මේ සීමාව ඉතා විශාලය! එය දෙවි දේවතා රාජ්‍යය නොවේද? පියා පමණි මෙහි පැමිණ රජ
දහනක් තනන්නේ. අන් සැම විනාශ වී යයි. පියා මෙසේ කියයි දරුවනි, ඉක්මණින්ම සූදානම්
වන්න. වැරදි කරමින් කාලය අපතේ නොහරින්න. ඔබ ස්මෘතියේම නොසිටින විට ඔබේ වටිනාම කාලය
අහිමි වේ. ශරීරය ජීවත් කරවීම සඳහා වැඩෙහි යෙදුනත් ඔබ අත් වලින් වැඩකරන අතර හදවතින්
(බුද්ධිය) බාබා සිහි කරන්න. පියා මෙසේ කියයි මා සිහි කළ විට ඔබට රජ දහනක් ලැබේ.
මිතුරා වන දෙවියන් (ඛූදා) ගැන කතන්දරයක් ඇත. ඇලඩින් සහ පුදුම පහන යනුවෙන් නාටකයක් ද
ඇත. එක අත්පුඩියකින් බොහෝ ධනය ලැබේ. අල්ලාඃගේ එක අත්පුඩියකින් ඔබ වෙනස්වන ආකාරය ඔබ
දැන් තේරුම් ගෙන ඇත. දිව්‍යමය දසුනක් මඟින් ඔබ ක‍්ෂණයකින් පාරාදීසයට යැවේ. මුල්
කාලයේ දී ඇතැම් දූවරු එකට වාඩි වී ධ්‍යානගත වූහ. මේ නිසා මිනිසුන් කියන්න පටන්
ගත්තා මෙහි මැජික් තිබුණාය කියා. ඒ නිසා එය නවතා දැමුවා. මේ සියල්ල මෙකළට අදාළ
කතන්දර වේ. හතම්තායි පිළිබඳ කතන්තරය ද ඇත. පබළු ඇටය කටේ දා ගත් ගමන් මායා අතුරුදන්
වේ. පබළු ඇටය එළියට ගත් විට මායා නැවත එයි. මේ රහස තේරුම් ගැනීමට වෙන කෙනෙකුට නම්
බැරිය. පියා මෙසේ කියයි: දරුවනි, පබළු ඇටයක් කටේ තබා ගන්න. ඔබ සාම සාගර වේ. ඔබ ඔබේ
මුල් ආගම වන නිහඬ බවේ සිටියි. ස්වර්ණමය යුගයේ දීද ඔබ ජීවාත්ම සත්තා බව දන්නා නමුත්
උත්තරීතර ජීවාත්ම සත්තාව වන පියා නොහඳුනයි. ඒ ගැන කවුරු හෝ අසුවොත් මෙසේ කියන්න එහි
පාප නැත. එය පාපයෙන් තොර ලෝකයයි. පාප 5 එහි නැත. එහි ශරීර විඥානය නැත. මායාගේ රජ
දහනේ ඔබ ශරීර විඥානයෙන් යුතු වන අතර එහිදී, සත් යුගයේදී, ඔබ ඇලීම ජයගත්තවුන්ය. මේ
ජරාජීර්ණ ලෝකයට ඇති ඇල්ම ජය ගන්න. ගේ දොර අත් හැර යන ඒ මිනිසුන් (සන්‍යාසීන්) මේ
ලෝකය නොරිස්සයි. ඔබ ගේ දොර අත්හැර යා යුතු නැත. පියා පිළිබඳ ස්මෘතියෙන් සිටින අතරම
ශරීර හලා දමා නැවත ගෙදර යා යුතුව ඇත. ඔබ සැමට කර්ම ගිණුම් පිය විය යුතුව ඇත. එවිට
ඔබ සැම නැවත ගෙදර යනු ඇත. සෑම චක්‍රයකදීම මෙය සිදුවේ. ඔබේ බුද්ධිය දැන් ඉතා ඉහළට
එසවේ. අනෙක් මිනිසුන් සාගර පත්ලෙත් ඉර හෙඳත් මොනවා හෝ ඇතැයි සොයන්න උත්සාහ කරයි.
කලින් විශ්වාසයක් තිබුණා ඉරයි හඳයි දෙවි දේවතාවුන් බවට. ඔබ දැන් කියන්නේ එය කරලියට
එළිය දෙන ලාම්පු වැනි දේ කියාය. නාටකය රඟදැක්වෙන්නේ මෙහිය. ඒ නිසා ආලෝකය අවශ්‍ය
වන්නේ මෙහිය. එවැනි දේ අශරීරික ලෝකයේ හෝ සූක‍්ෂම කලාපයේ නැත. එහි නාටකයක්
රඟදැක්වීමක්ද නැත. නාටකය දිගටම සදාතනිකය. චක්‍රය දිගටම කැරකේ. සමූලඝාතනයක් නැත.
භාරතය වූ කලී සදාතනික භූමියයි. මනුෂ්‍යයින් එහි පදිංචිකරුවන් වෙයි. එහි ගං වතුර
නැත. සියලු සතුන් හා කුරුල්ලන් එසේම සිටී. කොහොමනමුත්, අනෙක් භූමි සත් යුගයේ හා
ත්‍රේත යුගයේ නොතිබේ. ඔබ දිව්‍යමය දසුනේ දකින දේ ම ප්‍රායෝගිකව ද දැකිය හැකිය. ඔබ
ප්‍රායෝගිකවම පාරාදීසයට ගොස් එය පාලනය කරයි. මේ සඳහා ඔබ දැන් උත්සාහය කරයි. එසේ
තිබිය දී පියා මෙසේ කියයි ස්මෘතිය සඳහා විශාල උත්සාහයක් අවශ්‍යයයි. ඊට මායා ඉඩ
දෙන්නේ නැත. බාබා ඉතා සෙනෙහසින් සිහි කරන්න. අඥාන මාර්ගයේ දීද හැම කෙනෙක්ම ඔවුන්ගේ
පියාට ආදරය දක්වයි. ‘අපේ පියාට මෙහෙම තත්ත්වයක් තිබුණා. එයා මෙහෙමයි.‘ ඔබේ බුද්ධිය
තුළ දැන් මුළු නාටක චක්‍රයම තිබේ. ඔබට සියලුම ආගම් ගැන ඥානය ඇත. ඉහළ ජීවාත්ම
සත්තාවේ ප්‍රවේණි ගස මෙන් මෙහි මනුෂ්‍යයින්ගේ ප්‍රවේණි ගස තිබේ. බ්‍රහ්මා ආදීම
මුතුන්මිත්තාය. ඊළඟටම ඔබේ පරම්පරාවයි. ලෝකය දිගටම යා යුතුයි. පියා මෙසේ කියයි
දරුවනි, ඔබ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ව සිට නාරායන් බවට පත් වීම සඳහා ඔබේ ක්‍රියා හා ඔබේ
චවන එක සේ විය යුතුය. පළමුවම ඔබේ මට්ටම දෙස බලන්න. බාබා, මම නියතයෙන්ම ඔබෙන්
සම්පූර්ණ උරුමය ලබා ගනිමි. ඒ නිසා, එම හැසිරීම ද අවශ්‍යය. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙන්
නාරායන් බවට පත් වීමට ඇති එකම අධ්‍යයනය මෙය පමණි. මේ අධ්‍යයනය උගන්වන්නේ පියා පමණි.
ඔබ පමණි රජුන්ගෙත් රජු වන්නේ. ඔවුන් අනෙත් හැම භූමියේම නැත. ඔබ පළමුව පිරිසිඳු
රජවරු බවට පත් වේ. ඉන්පසු ඔබ ආලෝක ඔටුන්නක් නොමැති කිලිටි වූ රජුන් බවටත් පත් වී
පිරිසිඳු රජුන්ට සිද්ධස්ථාන තනා වැඳුම් පිදුම් කරයි. දැන් ඔබ අධ්‍යයනය කරන කාලයයි.
ශිෂ්‍යයෙක් ගුරුවරයා අමතක කරන්නේ මන්ද? ඔබ මෙසේ කියයි බාබා, මායා මට ඔබව අමතක
කරවයි. ඔබ මායාට දොස් පවරයි. ඒ නමුත්! ඔබ විසින් ඔබමයි බාබා සිහිකළ යුත්තේ. ඇත්තේ
එකම ප්‍රධාන ගුරුවරයාය. අන් සියලු දෙනා උපගුරුවරුය. ඔබට පියාව අමතක වී නම්, එවිට
ගුරුවරයාව සිහි කරන්න. එසේ ඔබට අවස්ථා තුනක් දී ඇත. එකක් අමතක වූ විට අනෙක සිහි
කරන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. පියාගෙන්
සම්පූර්ණ උරුමය ලබා ගැනීම සඳහා ඔබේ ක්‍රියා ඔබේ වචන හා සමාන විය යුතුයි. මේ සඳහා
උත්සාහ දරන්න. ඇලීම ජයගත්තෙකු වන්න.
2. සැම විට ඔබ සාම
සාගරයේ දරුවන් යැයි සිතමින් සාමකාමී වන්න. පබළු ඇටය මුඛය තුළම තබා ගන්න.
නොසැලකිලිමත් වීමෙන් ඔබේ කාලය අපතේ නොහරින්න.
වරදානය:
ඔබ සැමගේ
සෙනෙහසට පාත්‍ර වන සහ මෙම සමූහයේ බලකොටුව ශක්තිමත් කරන තෘප්තිමත් ජීවාත්මයක් වේවා.
මෙම සමූහයේ බලය විශේෂ
බලයකි. එක් දිශාවකට එක්සත් වී ඇති මෙම සමූහයේ බලකොටුව කිසිවෙකුට සොලවන්නට නොහැකිය.
කෙසේවෙතත්, මේ සඳහා පදනම වන්නේ එකිනෙකා ට සෙනෙහස දැක්වීම සහ සෑම කෙනෙකුටම ගරු
කිරීමයි, ඔබම තෘප්තිමත්ව සිට අන් අයව ද තෘප්තිමත් කරවීමයි. කිසිවෙකුට බාධා නොවී
කිසිවෙකුගෙන් ඔබට බාධා නොවේවා. සියල්ලන්ටම සුබ පැතුම් සහ පිරිසිදු හැඟීම් වල සහයෝගය
දිගටම ලබා දෙන්න, එවිට මෙම සමූහයේ බලකොටුව ශක්තිමත් වනු ඇත. සමූහයේ මෙම බලය
ජයග්‍රහණය සඳහා විශේෂ පදනමයි.
පාඨය:
ඔබගේ සෑම
ක්‍රියාවක්ම නිවැරදි සහ යුක්තියුක්ත් වූ විට, ඔබ පාරිශුද්ධ ජීවාත්මයක් ලෙස හඳුන්වනු
ලැබේ.
අව්‍යක්ත සංඥාව:
සිතිවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න.
සෑම දරුවෙකුටම තමා
වෙනුවෙන් සහ සේවය සඳහා ඇති ඉතා හොඳ සිතිවිලි, මෙතැන් සිට, ඔහු මෙය කරනු ඇත හෝ එය ඒ
ආකාරයෙන් කරනු ඇත, ඔහු නිසැකවම යමක් කර එය සෑම කෙනෙකුටම පෙන්වනු ඇත: එවැනි උසස්
සිතිවිලි වල බීජ වපුරන අය, එය දිගටම පවත්වා ගෙන යනු ලබන්නේ සහ ප්‍රායෝගික ස්වරූපයකට
දමන්නේ නම්, ඔවුන්ගේ එම බීජ නිසැකවම ඵල දරනු ඇත.