09.07.26       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, රුක් අධිපති පරමාත්ම පියා ඔබලා මත බ්‍රහස්පති සුබ ඵල පිහිටුවා ඇත. ඔබලා දැන් අවිනාශි සතුටු ලෝකයකට යමින් සිටියි.

ප්‍රශ්නය:
අවිනාශී බ්‍රහස්පති ග්‍රහ ඵල ලබා ඇත්තේ කුමන දරුවන්ට ද, ඒ බව කිව හැක්කේ කෙසේද?

පිළිතුර:
ජීවත්ව සිටිනා අතරම තම සියලුම ශාරිරික ඥාතීන් අතහැර දමා ඒ සෑම කෙනෙක්ම ජීවාත්ම සත්ථාවන් යන ශ්‍රද්ධා විශ්වාසයෙන් සිටිනා. එවන් විශ්වාසනීය බුද්ධියක් ඇත්තන්, බ්‍රහස්පතී සුබ ඵල විඳින්නෝ වෙති. ඒ අය ගැන තමයි: “අතීන්ද්‍රිය සුවය ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ගොපළු ගොපළින්ගෙන් අහන්න” යි කියන්නේ. ඔවුන්ගේ සතුට කිසිදු විටෙක අතුරුදන් වන්නේ තැත.

ගීතය:
ඕම් නමෝ ශිවාය ...

ඕම් ශාන්ති.
පරමාත්ම පියාගේ ගුණ වර්ණනාව ඔය දරුවන්ට ඇසුණා. අද දින හඳුන්වන්නේ රුක් අධිපතිගේ දිනය, බ්‍රහස්පති සුබ ඵල දිනය කියායි. බ්‍රහස්පතින්දා, ගුරුදා කියන්නෙත් මෙයයි. නිකම්ම ගුරුගේ දිනය පමණක් නොවෙයි. සත්ගුරුගේ දිනයයි. බෙංගාල වැසියන් මෙය ඉතාමත් තදින් විශ්වාස කරනවා. මානව ලෝක වෘක්ෂයේ බීජය ගැන කියා තිබෙනවා. මෙන්න මේ නිසා තමයි ඔහුට රුක් අධිපති දෙවියන් කියා කියන්නේ. ඔහු බීජය මෙන්ම දෙවියනුත් වෙනවා. ගසෙහි බීජයට පරමාත්ම පියා කියාත් කියනවා. ගස මතු වන්නේ ඔහුගෙනුයි. මෙය මානව ලෝක වෘක්ෂය වන අතර එහි බීජය ඇත්තේ ඉහළිනුයි. බ්‍රහස්පතීගේ අවිනාශි සුබ ඵල දැන් ඔය දරුවන් මත වැටී තිබෙන්නේ ඔබලා දැන් අවිනාශි ස්වාධිපත්‍යයක් ලබනා නිසාවෙනි. ස්වර්ණමය යුගය අවිනාශි සතුටු දේශය කියා හඳුන්වනා අතර කලි යුගය හඳුන්වන්නේ විනාශ වන සුළු දුක් දේශය වශයෙනුයි. දුක් දේශය දැන් විනාශ වෙමින් පවතිනවා. සතුටු දේශය අවිනාශියි. එය කල්ප බාගයක් පුරා පවතිනා අතර එය ස්ථාපනය කළේ අවිනාශී රුක් දෙවිඳුන් විසිනුයි. ඔය දරුවන් මෙම කරුණු සේවය සඳහා පොතක සටහත් කරගත යුතුයි. ප්‍රදර්ශන වලදීත් පැහැදිලි කළ යුතු ප්‍රධාන කරුණු මේවායි මන්ද මිනිසුන් කිසිම දෙයක් දන්නේ නැහැ. සැබවින්ම මෙය ඥානයයි. පරමාත්ම පියා දැන් නව ලෝකයේ ආරම්භයත් පැරණි ලෝකයේ අවසානයත් අතර වන සංගමයේ දී ඔබලාට දැනුම් දී පසුව අතුරුදන් වී යනවා. දේවතාවරුන්ට මෙම ඥානය නැහැ. කල්ප චක්‍රය පිළිබඳ ඥානය තිබුණා නම් ඔවුනට අධිරාජ්‍යයේ සතුට විඳිය හැකි වන්නේ නැහැ. දැනටමත් ඔබලා සිතනවා: අධිරාජ්‍යයක උරුමය ලබලාත් අපි නැවතත් මෙම තත්ත්වයට පත් වීමට ද යන්නේ? කෙසේවෙතත්, නාටකය කල්තබාම තීරණය වූවකි. චක්‍රය කරකැවිය යුතුයි. ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවතත් දිග හැරෙනවා. එය නැවතත් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි කියා ඔය දරුවන් දන්නවා. මේ මානව ලෝකයයි. අශාරීරික ලෝකය පිළිබඳ වූ ඥානය ඔබලාට තිබෙනවා. සෑම කෙනෙකුගේම කොටස එකිනෙකට වෙනස්. මේ දේවල් වෙන කිසිම කෙනෙකුගේ සිහියේ නැහැ. කිසිම ග්‍රන්ථයක සඳහන් වෙලා නැහැ. මුලින්ම අප ජීවයන් ශාන්ත දේශයේ වැසියන්ව සිටියා. අප අවිනාශී වන අතර කිසිදා විනාශ වන්නේ නැහැ. ජලයෙන් බුබුලක් මතු වුණු බවත් එය නැවතත් මතුවේවි කියා මිනිස්සු විශ්වාස කරනවා. මුලු රහසම ඔබගේ සිහියේ තිබෙනවා. ජීවාත්මයන් අවිනාශී වන අතර ඔවුන්ගේ සෑම ජවනිකාවක්ම ඔවුන් තුළම සනිටුහන් වී තිබෙනවා. ඇතැම් තැන් වල ස්වස්තිකය පෙන්වා ඇති වුවත්, කල්ප චක්‍රය පිළිබඳ වූ මෙම ඥානය වෙනත් කිසිම ග්‍රන්ථයක සඳහන් කර නැහැ.ආගම් ගණනාවක් තිබුණු බව කීමට පමණක් ඔවුන් රේඛා හෝ රවුම් අඳිනවා. ප්‍රධාන ආගම් හා ආගමික ග්‍රන්ථ හතරක් ඇති බව පරමාත්ම පියා පැහැදිලි කර කියා දී තිබෙනවා. ස්වර්ණමය හෝ රිදී යුග වල දී කිසිම ආගමක් ස්ථාපනය වන්නේ නැහැ ආගමික ග්‍රන්ථ ලියැවෙන්නේත් නැහැ. ඒ සියල්ල ඇරඹෙන්නේ තඹ යුගයෙනි. ඉන් පසුව කෙතරම් ව්‍යාප්තියක් සිදු වෙනවාදැයි කියා බලන්න. අච්චා. ගීතාව කියැවුණේ කවදාද? පරමාත්ම පියා කියනවා: මම පැමිණෙන්නේ චක්‍රයේ සංගම් යුගයේ දී පමණයි. “චක්‍රය” යන වචනය ඉවත් කර ඔවුන් කියා තිබෙන්නේ මා සෑම යුගයකම සංගමයේ දී පැමිණෙනවා කියලයි. ඇත්තටම කියනවා නම්, වෙන කිසිම සංගමයක දී කිසිම ධර්මයක් ස්ථාපනය වන්නේ නැහැ. රිදී යුගය අවසානයේදී හා තඹ යුගය ආරම්භයේ දී ඉස්ලාම් ධර්මය ස්ථාපනය වුණා යි කියා කියන්න බැහැ. නැහැ. තඹ යුගයේදී එය ස්ථාපනය වූ බව පමණයි කියන්නේ. කුම්භ යන නමිනුත් හඳුන්වන මෙම කාලය සංගම යුගයේ සුන්දර අවස්ථායි. කුම්භය යනු සංගමයකි. මෙම සංගමය ජීවාත්මයන් පරමාත්ම ජීවය මුණ ගැසෙනා මොහොතයි. මෙම ආධ්‍යාත්මික හමුව සිදු වන්නේ සංගම යුගයේ දී පමණයි. ඒ මිනිසුන් එවිට ගංඟා නදියේ වතුරට ප්‍රශස්ථ ගී ගයනවා. ඥානයේ මහා සාගර පාරිශුද්ධකරුව ඔවුන් දන්නේම නැහැ. ඔහු අපිරිසිදු ලෝකය පාරිශුද්ධ කෙරෙව්වේ කෙසේදැයි කියා කිසිම ග්‍රන්ථයක සඳහන් වී නැහැ. පරමාත්ම පියා දැන් ඔය දරුවන්ට කියන්නේ: නිරන්තරයෙන් මා පමණක් සිහි කරන්න. සියලුම ශාරිරික ආගම් අතහැර දමන්න. ඔහු මෙය කියන්නේ කාටද? ජීවාත්මයන්ටයි. මෙය හඳුන්වන්නේ ජීව මරණයක් ලෙසිනුයි. කෙනෙක් මිය ගිය විට, ඔහුගේ සියලුම ශාරීරික ඥාතීන් අතහැර දමා ඔහු යා යුතුයි. පරමාත්ම පියා කියනවා: ඔබගේ සියලුම ශාරිරික ඥාතීන් අතහැර දමා තමන් ජීවාත්මයක්ය යන ශ්‍රද්ධා විශ්වාසයේ පිහිටා සිටින්න. විශ්වාසයෙන් පිරි ජීව අවධානාත්මක බුද්ධියක් තබා ගන්න. වැඩි වැඩියෙන් ස්මරණයෙහි නිරතව සිටි තරමට. වැඩි වැඩියෙන් බ්‍රහස්පතී බලපෑම ඔබට දැනේවි ඔබ කෙතරම් දුරට ශිව බාබාව සිහි කරනවාදැයි කියා පරික්ෂා කර බලන්න. ස්මරණයෙන් පමණයි සියලු මළකඩ ඉවත් වී ඔබට සතුට අත්විඳිය හැකි වන්නේ. තම තමන් කොතෙක් දුරට පරමාත්ම පියාව සිහි කරනවාදැයි කියා තම තමන්ටම පරික්ෂා කර බලා ගත හැකියි. ඔබ ඔහුව අඩුවෙන් සිහි කරා නම්. ඉවත් වන්නේ අඩු මළකඩ ප්‍රමාණයකි. ඔබගේ සතුටත් අඩු වන අතර ඔබ ලබනා තත්තවය ද පහත් මට්ටමක් වේවි. සතෝ. රජෝ. තමෝ මට්ටම් පසුකර ගෙන යන්නේ ජීවාත්මයයි. “අතීන්ද්‍රිය සුවය ගැන දැන ගැනීමට නම් ගොපළු ගොපළියන්ගෙන් අහන්න”. මෙය අදාල වන්නේ මේ කාලයටයි. පරමාත්ම පියාම හැරෙන්න වෙන කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක්ව සිහි නොකරනා තරමට ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ යනු ඇත. අපට බ්‍රහස්පතී ලබලා. එනම් සත්ගුරු සුබ ඵල. අපමත. පසුව මෙම සතුට අතුරුදන් වූ විට: බ්‍රහස්පතී සුබ ඵල වෙනස් වී දැන් රාහු ලබලායි කියා කියනවා. ඇතැම් ධනවත් පුද්ගලයින් කොටස් වෙළඳ පලේ අනවශ්‍ය ආයෝජනයට ගිහින් බංකොලොත් වෙනවා. භාරතය පුරා ග්‍රහ බලපෑම ඇති විට කියන්නේ: දානයක් දෙන්න එවිට සියලු අපල උපද්‍රව දුරුවී යාවි කියලයි. ඔබගේ දේවතා ධර්මය කලා දහසයකින් පුර්ණයි. දැන් එය ග්‍රහණයට හසුවෙලා. රාහු අපල ඇති කාල වල දී මිනිස්සු දේව පිළිම ඉදිරියට ගොස්: ඔබ නම් සියලු ගුණදහමිණ් පිරිලා: අපි පව්කාරයින්, මහා රැවටිලිකාරයි. සෑම කෙනෙක්ම අවලස්සන වී ඇත්තේ මෙම ග්‍රහ අපල වලට හසුවීම නිසා බව දැන් ඔබට අවබෝධ වෙනවා. අවසානයේ එක් සරළ රේඛාවක් වන තෙක් චන්ද්‍රයාත් ක්ෂීණ වී යනවා. පරමාත්ම පියා පැහැදිලි කර කියා දෙනවා: ඔය දේවතාවරුන්ගේ රූප තිබෙනවා. ආදී සනාතන දේවි දේවතා ධර්මයේ ආගමික ග්‍රන්ථය ගීතාවයි. කෙසේවෙතත්, ඔවුන් තමන්ගේ ආගමවත් දන්නේ නැහැ. ආගමික නායකවරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණ පවත්වනවා. දෙවියන් සෑම තැනකම සිටින්නෙක් නොවන බව ඔබට එහිදී වූවත් පැහැදිලි කළ හැකියි. ඔහු අසීමිත පියායි. ඔහු මෙහි පැමිණෙන්නේ තම දරුවන්ට උරුමය දීමටයි. සාදු සන්නාසීවරුන්ට උරුමයක් නැහැ. එමනිසා. ඔවුන් මෙය විස්වාස කරන්නේ කෙසේද? උරුමය ලබන්නේ ඔය දරුවනුයි. ඔබ විසින් ඔප්පු කර පෙන්විය යුතු ප්‍රධානම කරුණ නම් දෙවියන් සෑම තැනකම නොසිටිනා බවයි. ශිව ජයන්තිය සමරනවා. ශිව ජයන්තිය කියාත් කිව හැකියි. රුද්‍රා ජයන්තිය කියාත් කිව හැකියි. රුද්‍රා ඥාන යාගය නිර්මාණය කළා. ඔහු ශිවායි. විනාශයේ ගිණි දැල් මතු වන මෙය ගීතාවේ ඥාන යාගයයි. අශාරීරික බාබා රුද්‍රාගේ ඥාන යාගය නිර්මාණය කළේ කෙසේදැයි කියා ඔබට සියැසින්ම දැක ගත හැකියි. භෞතික කෙනාට කිසිම දෙයක් කළ නොහැකියි. මෙය මුලු පැරණි ලෝකයම බිල්ලට දෙන අසීමිත බලි යාගයයි. අන් සියල්ල ලෞකික යාගයනුයි. ඒ දෙක අතර දිවා රෑ මෙන් වෙනසක් තිබෙනවා. පරමාත්ම පියා කියනවා. මෙය රුද්‍රාගේ ඥාන යාගයයි. විනාශය සිදුවිය යුතුයි. මුලුමනින්ම යෝගී තත්ත්වයට පත් වී ඔබ ඉහළින්ම සමත් වුණු විට, නව දෙව්ලොව ඔබට අවශ්‍ය වන අතර අපාය අනිවාර්යෙන්ම විනාශ වී යාවි. “ස්වාධිපත්‍යය වෙනුවෙන් බිලි දෙන අශ්වයා” යන කියමන නිවැරදියි. ඒ මිනිසුන් අශ්වයිනුත් බිලි දෙනවා. ඇත්තටම කියනවා නම් එය අදාල වන්නේ ඔබගේ රථයටයි. දක්ෂ ප්‍රජාපිතාගේ කතාවත් තිබෙනවා. රුක් අධිපති පරමාත්ම පියා දැන් ඔබට උගන්වනා නිසා ඔය දරුවන් දැන් ලොකු සතුටක් විඳිය යුතුයි. අප මත දැන් බ්‍රහස්පතී සුබ ඵල වැටී ඇති නිසා අප සිටින්නේ යහපත් තත්ත්වයකයි. තවත් ඉදිරියට යන විට ඔබ ලියනවා: බාබා, මට සියල්ල පැටලිලා. මුලදී, මම ඉතාමත් සතුටින් සිටියා. නමුත් දැන් මට මොනවා වෙලාදැයි කියා තේරෙන්නේ නැහැ. මෙහි පැමිණ පරමාත්ම පියාට අයිති වීම විශාල වන්දනා ගමනකි. මිනිස්සු වන්දනා ගමන් යන විට විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරනවා. මෙහි කිසිම දෙයක් දානය කිරීමක් කියා දෙයක් නැහැ. කිසිම මුදලක් වියදම් කිරීමට අවශ්‍ය නැහැ. එය භෞතික වන්දනා ගමනක් වන අතර මෙය ඔබගේ ආධ්‍යාත්මික වන්දනා ගමනයි. භෞතික වන්දනා ගමන් වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. සතර දිග් භාගයේම ඇවිද ඇවිද ගියත් අප උපතක් උපතක් පාසා ඔබගෙන් තව තවත් ඈත් වෙමින් සිටියා.. කියා කියනා ගීතයක් තිබෙනවා. ඔබ වන්දනා ගමන් කීයක යන්න ඇති ද කියා දැන් ඔබට තේරෙනවා ඇති. මිනිස්සු අනිවාර්යෙන්ම කුමන හෝ තැනකට යනවා. හරිද්වාරයේ ඇති ගංඟාවට ඔවුන් අනිවාර්යෙන්ම යනවා. ඒ ගංඟා ඔවුන්ව පාරිශුද්ධ කරවනවායි කියා ඔවුන් විශ්වාස කරනවා. ඇත්තටම කියනවා නම්, ඔබලා තමයි සැබෑම ඥාන ගංඟාවන්. බොහෝ දෙනෙක් ඔබ ලඟට පැමිණ ඥානයෙන් ස්නානය කරනවා. ඇත්තේ එකම එක සත්ගුරු කෙනෙක් පමණක් බව බාබා ඔබට පහදා දී තිබෙනවා. එකම එක සත්ගුරු හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට සැමටම විමුක්තිය දානය කරන්නා විය නොහැකියි. පරමාත්ම පියා කියනවා: මම සෑම කල්පයකම සංගම යුගයේ දී පැමිණ ඔබට විමුක්තිය දානය කර. වන්දනා කරනා ඔබලාව වන්දනීය කරවනවා. ඉන් අනතුරුව ඔබ වන්දනාකරුවන් හා දුකින් සිටිනා අය බවට පත් වෙනවා. මේ කාලයේ දී පමණයි ඔබ මෙය දන්නේ. අපගේ රාජධානිය සැබවින්ම කල්ප බාගයක් පුරා පවතින අතර, පසුව තඹ යුගයේදී ඒ දේවතා අපි පාප මාර්ගයට වැටෙනවා. පාප මඟ ඇරඹෙන්නේ රාවන රාජ්‍යය සමඟිනුයි. මෙහි සලකුණු තිබෙනවා. කළු ගලින් සෑදු පිළිම ඔබට ජගත්නාථ දේවාලයේ දී දැක ගත හැකියි. දේවාලය පිටත ඉතාමත් අවලස්සන දේව රූප සාදා තිබෙනවා. ඉන් අදහස් වන්නේ කුමක්දැයි කියා මීට පෙර අපට අවබෝධ වුණේ නැහැ. දුෂිත මිනිසුන් දුෂිත බැල්මෙන් ඒවා දෙස බලා ඒ දේවතාවරුනුත් දුෂිතව සිටියානේ කියා සිතාවි. දේවතාවරුන් පාප මඟට වැටුණු බව සටහන් වී තිබෙනවා. ඔවුන්වත් දේව ඇඳුමින් තමයි පෙන්වා තිබෙන්නේ. මෙහි ඇති දිල්වාලා දේවාලයට ගිය විට එහි සිවිලිමේ දෙව්ලොව පෙන්වා ඇති අකාරයත් පහළින් වටේට බිම අසුන්ගෙන ඔබලා තපස්යාවේ සිටිනා අයුරුත් දැක ගත හැකියි. මේ සෑම රහසක්ම අන් කිසිම කෙනෙකුට අවබෝධ වන්නේ නැහැ. බබාගේ රථය අත්දැකීම් බහුල රථයක්. ජීවාත්මයන් බොහෝ කාලයක් පුරා පරමාත්ම ජීවයෙන් වෙන්ව සිටි බව ඔය දරුවන්ට දැන් තේරෙනවා. මුලින්ම වෙන් වුණු ඔබලා, ඔහුව හමු වීමටත් මුලින්ම පැමිණේවි. ශ්‍රී ක්‍රිෂ්ණා. ස්වර්ණමය යුගයේ පළමු රජකුමරායි. ක්‍රිෂ්ණාට පියෙකුත් සිටිය යුතුයි. ක්‍රිෂ්ණාගේ දෙමාපියන් ගැන එතරම් දෙයක් සඳහන් කර නැහැ. ඔහුගේ පියා ඔහුව මල්ලක දමා හිස මත තබාගෙන ගඟින් එතෙර වුණු බව පමණයි සඳහන් වී ඇත්තේ. අධිරාජ්‍යයක් ආදිය පෙන්වා නැහැ. ඇයි ඔහුගේ පියාගේ ගුණ සඳහන් කර නැත්තේ? ක්‍රිෂ්ණා ජීවාත්මය මේ කාලයේ දී මෙම ඥානය හොඳින් හදාරා තිබුණු නිසා තමයි ඔහුගේ දෙමාපියන්ටත් වඩා ක්‍රිෂ්ණාව ප්‍රශංසාවට ලක් වන්නේ කියා ඔබලාට දැන් තේරෙනවා. ඔබලාත් ශ්‍රී ක්‍රිෂ්ණා දේශයේ සිටි බව ඔබලාට තේරෙනවා. ඉන් අනතුරුව ඔබලා චන්ද්‍ර වංශයේ අය වුණා. දැන් නැවතත් වතාවක් සූර්ය වංශයේ කොටසක් වීමට නම්, අපි ශ්‍රීමත් අනුගමනය කර, පාරිශුද්ධ වී පාරිශුද්ධ ලෝකයේ පාලකවරුන් වෙමු. ඔබ සෑම කෙනෙකුටම තම තමන්ගේ තත්ත්වය පරික්ෂා කර බැලිය හැකියි: දැන් මේ මොහොතේ දී මම මගේ ශරීරය අතහැර ගියහොත් කුමන තත්ත්වයකට පත් වේවි ද? ඔබ සෑම කෙනෙකුටම තම තමන්ගේ මට්ටම අවබෝධ කර ගත හැකි වේවි. වැඩි වැඩියෙන් පරමාත්ම පියාව සිහි කළ තරමට. වැඩි වැඩියෙන් ඔබගේ පාප දුරුවී යාවි. මිනිස්සු නොයෙකුත් අපහසුතා, කරදර හා දුක් වේදනා වලට. බංකොලොත් වීම් වලට පත් වුණු විට සාදු සන්නාසීවරුන්ගේ සරණ පතනවා. ඒ පුද්ගලයා ආගමික කෙනෙක් කියා සලකා තමන්ව රවටනා එකක් නැහැයි කියා සිතනවා. ඔබ සෑම කෙනෙකුටම තම තමන්ගේ බුද්ධිය පාවිච්චි කර මේවා තේරුම් ගත හැකියි. ඔබලා අතරිනුත් ඉතාමත් අඩුවෙන් බාබාව සිහි කරනා අය රාශියක් සිටිනවා. මෙන්න මේ නිසා තමයි බාබා කියන්නේ: තමන්ට යහපතක් සලසා ගැනීමට අවශ්‍ය නම්, සටහන් පොතක් ලඟින් තබා ගන්න. මුලු දවස පුරාවටම කොතෙක් දුරට බබාව සිහි කළදැයි කියා සටහන් කර ගන්න. ඇතැම් පුද්ගලයින් තම මුලු ජීවිත කතාවම පවා ලියනවා. ඔබ කළ යුත්තේ ස්මරණ වාර්තාව සටහන් කර ගැනීම පමණයි. ඔබට යහපත සැලසෙන්නේ මෙමඟිනුයි. බාබාව සිහි කළේ නැතිනම් උසස් තත්ත්වයක් දිනා ගත නොහැකි වේවි. පාප දුරුවුණේ නැතිනම් උසස් තත්ත්වයක් දිනා ගන්නේ කෙසේද? එවිට දඩුවම් විඳීමට සිදුවේවි. දඩුවම් නොවිඳිනා අය හොඳ තත්ත්වයක් දිනා ගනීවි. දඩුවම් විඳ අඩු තත්වයක් දිනා ගැනීමෙන් ඇති ඵලය කුමක්ද? හොඳින් උත්සාහ දරන්න. එවිට ධර්මරාජ්ගේ දඩුවම් විඳ තත්වය බාල කර ගැනීමට සිදු වන එකක් නැහැ. ශිව බාබා මෙහි සිටිනා බව ඔබට පෙනෙනවා. නමුත් එවිට එතැන ධර්මරාජ් සිටිනවා. ඔබ කළ සෑම දෙයක්ම ඔබට පෙන්වාවි: මේක මතකද? ආ. දඬුවම විඳින්න. ඒ මොහොතේ දී විඳීමට සිදු වන දඬුවම හරියට උපතක් උපතක් පාසා දඩුවම් විඳිනවා වගේ ඔබට දැනේවි. අවසානයේදී පොඩි රොටි කෑල්ලක් ලැබීමෙන් ඇති ඵලය කුමක්ද? කිසිම දඬුවමක් නොවිඳිය යුතුයි. ඔබගේම තත්වය පරික්ෂා කර බලන්න. මිනිස්සු මාස හයකට දොලහකට ගිණුම් තබා ගන්නවා. ඇතැම් අය දෛනික ගිණුම් වාර්තාවක් තබා ගන්නවා. පරමාත්ම පියා කියනවා: ඔබලාත් ව්‍යාපාරිකයිනුයි. අසීමිත පරමාත්ම පියා සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරිකයෙක් සිටින්නේ හරිම කලාතුරකිනුයි. මුදල් නොමැති වුවත්, ඔබට ඔබගේ ශරීරය හා මනස තිබෙනවා. ඔහුට කොටස් තැරැව්කරු කියලත් කියනවා. ඔහු ඔබ වෙනුවෙන් සියල්ල මාරු කර හරිනවා. ඔබ ඔබගේ ශරීරය, මනස හා ධනය ඔහුටදී ඒ වෙනුවට උපත් 21කට උරුමයක් දිනා ගන්නවා. “බබා.මම ඔබට අයිතියි. මටත් මගේ ශරීරයටත් දෙදෙනාටම ලක්ෂ්මී නාරායන විය හැකි ආකාරයේ ක්‍රමයක් මට පෙන්වා දෙන්න” බාබා කියනවා: මම ඔබව ඉතාමත් ලස්සන කරවනවා. ඔබගේ පෙනුම මුලුමනින්ම වෙනස් වෙනවා. ඔබගේ ඊලඟ උපතේ දී ඔබට අංක එකේ ශරීරයක් ලබාවි. සියල්ල පාරාදීසයේ දී දැක ගත හැකි වේවි. මමා. බාබා ලක්ෂ්මි නාරායන වෙන බව ඔබ දන්නවා. අරමුණ හා ඉලක්කයත් පෙන්වා තිබෙනවා. කොතෙක් දුරක උත්සාහයක් දැරුවා ද යන්න මත තමයි දැන් එය රඳා පවතින්නේ. සම්පූර්ණ උත්සාහය නොදරා කලබල ඇති කර කර සිටියහොත්, ඔබම ඔබගේ තත්ත්වය විනාශ කරගනීවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේම තත්ත්වය පරික්ෂා කර බලන්න. තමාගේම යහපතට දෛනික දිනපොතක් පවත්වා ගනිමින් ස්මරණ වර්ධන ප්‍රගති සටහන එහි සටහන් කරන්න.

2. අසීමිත පරමාත්ම පියා සමඟ සැබෑ ව්‍යාපාරයේ නිරත වන්න. කය, මන, ධන පරමාත්ම පියාට භාර කර උපත් 21කට කළගුණ ලාභ (return) ලබන්න. බුද්ධියේ ශ්‍රද්ධා විශ්වාසය පවත්වා ගනිමින් තමාට යහපත සලසා ගන්න.

වරදානය:
ඔබ බාධක ජය ගන්නෙකු වී සතුටින් බලය අවශෝෂණය කර ගැනීමෙන් බාධක ජය ගනීවා.

රැස් කර ගැනීමට දන්නා දරුවන් බලවත් වේ. ඔබ යමක් එක් මොහොතක් උපයා වහාම එය ලබා දී එයින් කිසිවක් ඔබ වෙනුවෙන් ඉතිරි නොකරන්නේ නම්, එවිට ඔබට බලයක් ඉතිරි නොවේ; බෙදා ගැනීමේ හෝ පරිත්‍යාග කිරීමේ සතුට ඔබට ඇත. සතුට මෙන්ම බලය ද තිබේ නම්, පහසුවෙන් බාධක ජයගෙන ඒවා ජය ගැනීමට හැකි වනු ඇත. එවිට කිසිදු බාධකයක් ඔබේ සෙනහස තුළ කිසිදු කැළඹීමක් ඇති නොකරනු ඇත. ඔබේ මුහුණේ සතුටේ දීප්තිය පෙනෙනවා සේම, බලයේ දීප්තිය ද දෘශ්‍යමාන වනු ඇත.

පාඨය:
අහිතකර අවස්ථාවන්ට බිය වීම වෙනුවට, එය ඔබේ ගුරුවරයා ලෙස සලකා එයින් පාඩමක් ඉගෙන ගන්න.

අව්‍යක්ත් සංඥාව: ගිනි කන්දක් වැනි මනෝ ස්ථිතියක රැඳී සිට බලවත් ස්මරණයක් අත්විඳින්න.

ඉතිරිව ඇති අවසාන සහ වේගවත් උත්සාහය ගිනි කන්දක ස්වරූපයයි. යාදවයන් පාණ්ඩවයන් නිසා බලා සිටියහ. පාණ්ඩවයන්ගේ උසස් හා අධ්‍යාත්මික ගෞරවයේ අවධිය යාදවයන්ගේ අහිතකර, දුක්ඛිත තත්වයන් අවසන් කරනු ඇත. පීඩාවට පත් ජීවාත්මයන්ට සාමයේ සහ සැනසීමේ ආශිර්වාදය ලබා දීමට ඔබේ ගෞරවය භාවිත කරන්න. ගිනි කන්දක ස්වරූපය වීම යනු ප්‍රදීපාගාරය සහ බල-නිවස අවධිය තේරුම් ගෙන එම උත්සාහය දිගටම කරගෙන යාමයි.