09.08.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම බොහෝ ශ්‍රේෂ්ඨ සංගම යුගය, යහපත සිදුවන යුගයයි. ඔබ ඉගෙනගැනීමෙන්, ශ්‍රී ක්‍රිෂ්ණාගේ දේශයේ අධිපතියන් විය යුත්තේ මෙම යුගයේය.

ප්‍රශ්නය:
පියා දැනුමේ පුන්කළස මව්වරුන් මත තබන්නේ ඇයි? භාරතයේ පමණක් පැවතෙන එම එක් ක්‍රමවේදය කුමක්ද?

පිළිතුර:
පියා, දැනුමේ පුන්කළස මව්වරුන් මත තබන්නේ, ඔවුන්ට පාරිශුද්ධත්වයේ රාඛියක් බැඳීමෙන්, සෑම කෙනෙක්වම අපවිත්‍ර බවින් පිවිතුරු කළ හැකි නිසයි. රක‍්ෂා බන්දන යන ක්‍රමවේදය පවතින්නේ භාරතයේ පමණයි. සහෝදරියක්, ඇගේ සොයුරා මත රාඛියක් බඳියි. මෙය පාරිශුද්ධත්වය සංකේතවත් කරයි. පියා පවසන්නේ : දරුවනි, මා පමණක් සිහි කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි; ඔබ පිවිතුරු ලෝකයේ අධිපතියන් වෙයි.

ගීතය:
අවිහිංසක ස්වාමියා තරම් අසහාය වෙනත් කිසිවෙකු නැත.

ඕම් ශාන්ති.
මෙය පිරිනමන්නා යැයි අමතන, අවිහිංසක ස්වාමියාගේ ප්‍රශංසාවයි. ශ්‍රී ලක‍්ෂ්මි සහ නාරායනට ඔවුන්ගේ රාජධානිය ලබා දුන්නේ කවුද කියා ඔය දරුවන් දන්නවා. එය නිසැකයෙන්ම ලබා දෙන්නට ඇත්තේ දෙවියන්ය, මන්ද දිව්‍ය ලෝකය ස්ථාපිත කරන්නේ ඔහු බැවින්. අවිහිංසක ස්වාමියා, දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය, ලක‍්ෂ්මි සහ නාරායන්ට ලබා දුන් ආකාරයෙන්ම, ඔහු එය ක්‍රිෂ්ණාටද ලබා දුන්නේය. ඔබ රාධේ සහ ක්‍රිෂ්ණා හෝ ලක‍්ෂ්මි සහ නාරායන් යැයි කීවත් එය එකම දේය. කෙසේවෙතත්, දැන් රාජධානියක් නැත. පරම පියා, පරමාත්ම ජීවය හැර ඔවුන්ට ඔවුනගේ රාජධානිය ලබා දිය හැකි වෙනත් කෙනෙක් නැත. ඔවුන්ගේ උපත් සිදුවන්නේ දිව්‍ය ලෝකයේ බව කියයි. මෙය දන්නේ ඔය දරුවන් පමණයි. ක්‍රිෂ්ණාගේ උපන් දිනය ගැන විස්තර කළ හැක්කේ ඔය දරුවන්ට පමණයි. ක්‍රිෂ්ණාගේ උපන් දිනය ඇති බැවින්, රාධේටත් එකක් තිබෙන්නට ඇති, මන්ද දෙදෙනාම දිව්‍ය ලෝකයේ වැසියන් විය. රාධේ සහ ක්‍රිෂ්ණා, ඔවුන්ගේ විවාහයෙන් පසුව, ලක‍්ෂ්මි සහ නාරායන් වෙයි. ප්‍රධානතම කාරණය වන්නේ ඔවුන්ගේ රාජධානිය ඔවුන්ට ලබා දුන්නේ කවුද? මෙම රාජයෝගාව ඔවුන්ට ඉගැන්වූයේ කවුරුන් ද, එමෙන්ම කවදා ද? එය දිව්‍ය ලෝකයේදී ඉගැන්වූවා විය නොහැක. ඔවුන් ස්වර්ණමය යුගයේ වඩාත්ම ශ්‍රේෂ්ඨතම ජීවයන්ය. කලි යුගයට පසුව එන්නේ ස්වර්ණමය යුගයයි. එබැවින් ඔවුන් නිසැකයෙන්ම රාජයෝගාව ඉගෙන ගන්නට ඇත්තේ කලි යුගයේ අවසානයේදී, ඔවුන්ගේ නව උපතේදී ඔවුන්ගේ රාජධානිය හිමි කරගැනීම සඳහා. පැරණි ලෝකය, පිවිතුරු, නව ලෝකය බවට පරිවර්ථනය වෙයි. පාරිශුද්ධකරුවා, අනිවාර්යෙන්ම පැමිණෙන්නට ඇති. දැන් සංගම යුගයෙදි පවතින්නේ කුමන ධර්මයද කියා කිසිවෙකු නොදනී. සිහිකර ඇති මෙම වඩාත්ම ශ්‍රේෂ්ඨ සංගම යුගය තිබෙන්නේ, පැරණි ලෝකය සහ නව ලෝකය අතරමැදය. ලක‍්ෂ්මි සහ නාරායන්, නව ලෝකයේ අධිපතියන්ය. පරම පියා, පරමාත්ම ජීවය, එම ජීවාත්මයන්ට ඔවුන්ගේ පෙර භවයෙදී රාජයෝගාව ඉගැන්වූවා. මෙම කාලයේදී ඔවුන් දරන උත්සාහයට, ඔවුන්ගේ නව උපතෙදී ඔවුන්ට ප්‍රතිලාභය ලැබෙයි. මෙයට, වඩාත්ම ශ්‍රේෂ්ඨ, යහපත ගෙන දෙන, සංගම යුගය යැයි කියයි. ඔවුන්ගේ බොහෝ උපත්වල අවසානයේදී, කවුරුන් හෝ නිසැකයෙන්ම ඔවුන්ට රාජයෝගාව උගන්වන්නට ඇති. කලි යුගයේ බොහෝ ආගම් ඇති අතර, ස්වර්ණමය යුගයේ තිබෙන්නේ එක් දේවතා ධර්මය පමණයි. ස්වර්ණමය යුගයේදී ඔවුන්ගේ ප්‍රතිලාභය ලබා ගැනීම පිණිස, උත්සාහ දරමින්, රාජයෝගාව ඉගෙනගන්නා සංගම යුගයෙදී, පවතින ධර්මය කුමක්ද? බ්‍රහ්මණයින්, බ්‍රහ්මාගේ මාර්ගයෙන් නිර්මාණය වන්නේ සංගම යුගයෙදි බව, වැටහෙයි. ක්‍රිෂ්ණාගේ දේශය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් ස්ථාපිත වන බවද, පිංතූර වල පෙන්වා දී ඇත. ඔබ එයට විෂ්ණුගේ දේශය කීවත්, නාරායන්ගේ දේශය කීවත් එය එකයි. මෙය ඉගෙනගැනීමෙන් සහ පිවිතුරු වීමෙන්, ඔබ ක්‍රිෂ්ණාගේ දේශයේ අධිපතියන් වෙමින් සිටින බව ඔබ දන්නවා. මේවා ශිව දෙවියන්ගේ වදන්ය. ඔහුගේ බොහෝ උපත් වල අවසාන උපතේ, මෙය බවට පත්වන්නේ, ක්‍රිෂ්ණා ජීවාත්මයයි ඔහු උපත් 84 ක් ගනී. මෙම 84 වන උපතේ දී ඔහුට බ්‍රහ්ම කියා නම් තැබෙයි. එසේ නොමැති නම්, බ්‍රහ්ම වෙන කොහේ සිට පැමිණෙන්නට ඇති ද? දෙවියන් නිර්මාණය බිහි කළා නම්, බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් පැමිණියේ කොහේ සිට ද? ඔවුන් නිර්මාණය වූයේ කෙසේ ද? ඔවුන්ව මතු කිරීමට යම් විජ්ජාවක් සිදු වුණා ද? ඔවුන්ගේ ඉතිහාසය ඔබට කියන්නේ පියා පමණයි. කෙනෙක් දරුකමට හදාගන්නා විට, ඔහුගේ නම වෙනස් කෙරෙනවා. මෙම කෙනාට ’බ්‍රහ්ම‘ යන නම, පෙර තිබුණේ නැත. ’බොහෝ උපත් වල අවසානයේ...’ යැයි කියමනක් තිබේ. එබැවින් ඔහු අනිවාර්යෙන්ම අපවිත්‍ර මනුෂ්‍යයෙක්ව සිටින්නට ඇති. බ්‍රහ්ම පැමිණියේ කොහේ සිටද කියා කිසිවෙකු නොදනී. මෙය, කාගේ බොහෝ උපත් වල අවසන් උපතද? බොහෝ උපත් ගන්නට ඇත්තේ ලක‍්ෂ්මි සහ නාරායන් පමණයි. නම, රූපය, ස්ථානය සහ කාලය දිගින් දිගටම වෙනස් වෙයි. උපත් 84 හි කතාපුවත ක්‍රිෂ්ණාගේ පිංතූරයේ පැහැදිලිව ලියා තිබේ. සෑම කෙනෙක්ම ක්‍රිෂ්ණා දේවාලයකට යන බැවින්, ජනමාශ්ටමි කාලයේදී ක්‍රිෂ්ණාගේ බොහෝ පිංතූර විකිණෙයි ඔවුන් රාධේ සහ ක්‍රිෂ්ණාගේ දේවාලයකට යයි. රාධේ නිසැකයෙන්ම ක්‍රිෂ්ණා සමඟ සිටියි. රාධේ සහ ක්‍රිෂ්ණා, රජ කුමරා සහ රජකුමරිය, ඉන්පසුව ලක‍්ෂ්මි සහ නාරායන්, අධිරාජයා සහ අධිරාජිණිය බවට පත් වෙයි. ඔවුන් උපත් 84 ක් ගෙන, ඔවුන්ගේ අවසාන උපතෙදී බ්‍රහ්මා සහ සරස්වති වෙයි. පියා, ඔහුගේ බොහෝ උපත් වල අවසානයේදී ඔහු තුළට ඇතුළු වී, ඔහුට මෙසේ පවසයි ඔබගේ උපත් ගැන ඔබ නොදන්නවා. ඔබගේ පළමුවන උපතෙදී ඔබ ලක‍්ෂ්මි සහ නාරායන් විය. ඉන්පසුව ඔබ මෙම උපත ගත්තා. කෙසේවෙතත්, ඔවුන් ’අර්ජුන‘ යන නම සඳහන් කර තිබේ, අර්ජුනට රාජයෝගාව ඉගැන්වූ බව. ඔවුන් අර්ජුනව වෙන් කර ඇති නමුත්, ඔහුගේ නම ඇත්ත වශයෙන්ම අර්ජුන නොවීය. බ්‍රහ්මාගේ ජීවිත කතාව තිබිය යුතු නමුත්, කොතැනකවත් බ්‍රහ්ම හෝ බ්‍රහ්මණයන් ගැන සඳහනක් නැත. මෙතැන අසුන් ගෙන මෙම දේවල් පහදා දෙන්නේ පියා පමණයි. ඔය සියලුම දරුවන් මේවාට සවන් දී, ඉන්පසුව ඔබ මේවා අන් අයට විස්තර කරයි. ඔවුන් භක්ති කතාන්දර වලට සවන් දී, ඒවා අන් අයට විස්තර කරයි. ඔබ මෙයට සවන් දී ඉන්පසුව එය වෙනත් අයට විස්තර කර දෙයි. මෙය වඩාත්ම ශ්‍රේෂ්ඨ සංගම යුගයයි, අධික යුගයයි, අමතර යුගයයි. අධික මාසය ඇති විට මාස 13 ක් තිබේ. ඔවුන් සෑම වසරකදීම සමරන උත්සව, මෙම සංගම යුගය ගැනයි. කිසිම කෙනෙක් මෙම වඩාත්ම ශ්‍රේෂ්ඨ සංගම යුගය ගැන නොදනී. පියා පැමිණ, පාරිශුද්ධ වන බවට පොරොන්දුවක් දීමට ඔබව දිරි ගන්වන්නේ මෙම සංගම යුගයේය. ඔහු අපවිත්‍ර ලෝකය තුළින් පිවිතුරු ලෝකයක් ස්ථාපිත කරයි. රක‍්ෂා බන්දන ක්‍රමය පවතින්නේ භාරතයේ පමණයි. සහෝදරියක් ඇගේ සහෝදරයාගේ අතේ රාඛියක් ගැට ගසයි, නමුත් එම කුමාරිය ඉන්පසුව අපවිත්‍ර වෙයි. පියා දැන් දැනුමේ පුන්කලස ඔය මව්වරුන්ගේ හිස මත තබා ඇත. මේ නිසයි අන් අයට රාඛියක් ගැට ගසන අතර, බ්‍රහ්ම කුමර කුමරියන් ඔවුන්ට පිවිතුරු වන බවට පොරොන්දුවක් වෙන්නට කියා ඔවුන්ව දිරිගන්වන්නේ. පියා පවසන්නේ මා පමණක් සිහි කරන්න, එවිට ඔබ පිවිතුරු වී පිවිතුරු ලොවෙහි අධිපතියන් බවට පත් වෙයි. කෙසේවෙතත්, රාඛියක් ආදිය බඳින්න අවශ්‍යතාවයක් නැත. මෙය ඔබට ලබා දෙන පහදා දීමක් පමණයි. සාදු සන්යාසීන් පරිත්‍යාග ඉල්ලයි. ඇතැම් අය කියන්නේ ඔබගේ කෝපය දන් දෙන්න. ඇතැම් අය කියන්නේ තව දුරටත් ලූණු නොකන්න. ඔවුන්ම නොකන යම් දෙයක් දන් දෙන්න කියා ඔවුන් ඉල්ලයි. ඔබට වඩාත්ම වැදගත් පොරොන්දුව වන්නට කියා ඔබව දිරිගන්වන්නේ අසීමිත පියාය. ඔබට පිවිතුරු වීමට අවශ්‍ය නම්, පාරිශුද්ධකරු පියාව සිහිපත් කරන්න. ඔබ තඹ යුගයේ පටන් අපවිත්‍ර වෙමින් සිටියා. දැන් මුළු ලොවම පිවිතුරු විය යුතු අතර, මෙය සිදුකළ හැක්කේ පියාට පමණයි. කිසිම මනුෂ්‍යයෙකුට සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නා විය නොහැක. ඔබ පිවිතුරු වන බවට ඔබගෙන් පොරොන්දුවක් ගන්නේ පියා පමණයි. භාරතය පිවිතුරු දිව්‍ය ලෝකය වශයෙන් තිබුණා. පාරිශුද්ධකරු වන්නේ පරම පියා, පරමාත්ම ජීවය පමණයි. ක්‍රිෂ්ණාට පාරිශුද්ධකරු යැයි කිව නොහැක ඔහු උත්පත්ති ගන්නවා. ඔහුගේ දෙමාපියන්වද පෙන්වා ඇත. දිව්‍යමය උපතක් තිබෙන්නේ ශිවාට පමණයි. ඔහු සාමාන්‍ය සිරුරකට ඇතුළු වන්නේ කෙසේද කියා, ඔහුගේ හැඳින්වීම ලබා දෙන්නේ ඔහුමයි. ඔහු අනිවාර්යෙන්ම ශරීරයක ආධාරය ගත යුතුයි. මම දැනුමේ මහා සාගරයයි, පාරිශුද්ධකරවායි, එමෙන්ම රාජයෝගාව උගන්වන කෙනාය. දිව්‍ය ලෝකය නිර්මාණය කර, අපායේ විනාශය දිරිගන්වන කෙනා පියා පමණයි. දිව්‍ය ලෝකය පවතින විට, අපාය නොපවති. එය දැන් අපායේ අන්ත අගාධයයි. කලි යුගය සම්පූර්ණ තමෝප්‍රධාන් අපාය වූ කල්හි, පියා පැමිණ සතෝප්‍රධාන් දිව්‍ය ලෝකය නිර්මාණය කරයි. ඔහු එය 100% ක් අපවිත්‍ර බවින් 100% පිවිතුරු කරවයි. පළමුවන උපත අනිවාර්යෙන්ම සතෝප්‍රධාන් වෙයි. ඔය දරුවන් දැනුමේ සාගරය කලතා, දේශන දිය යුතුයි. එක් එක්කෙනා විස්තර කරන අන්දම එකිනෙකාට වෙනස් වෙයි. පියාම අද එක් දෙයක් විස්තර කරන අතර හෙට වෙනත් දෙයක් විස්තර කරදෙයි. සෑම විටෙකම එකම විස්තර කිරීම, විය නොහැක. කෙනෙක් මෙම දේවල්වලට නිවැරදිව පටිගත කළ පටියකින් සවන් දුන්නත්, ඔහුට එම දේවල් නිවැරදිව කීමට නොහැකි වෙයි එහි අනිවාර්යෙන්ම යම් වෙනසක් තිබෙයි. පියා ඔබට කියන සෑම දෙයක්ම නාටකයේ නියම වී ඇති බව ඔබ දන්නවා. ඔහු ඔබට වචනයෙන් වචනයට කියන්නේ, චක්‍රයකට පෙර ඔබට කියූ එම දේවල්මය. මෙම තැටිය තැටිගත වී තිබේ. දෙවියන්ම පවසන්නේ මා ඔබට පවසන්නේ වසර 5000 කට පෙර මා ඔබට පැවසූ එම වදන්මයි. මෙම නාටකයේ රූ ගත කිරීම සිදුවී හමාරයි. මෙහි සුළු හෝ වෙනසක් විය නොහැක. මෙතරම් කුඩා ජීවාත්මයක්, තැටි ගත කළ දෙයින් පිරී ඇත. ක්‍රිෂ්ණාගේ උපත සිදුවූයේ කවදාද කියා ඔය දරුවන්ට වැටහෙනවා. එය අදට වසර 5000 කට දින කිහිපයකට පෙර බව කියැවෙයි, මන්ද ඔහු දැන් ඉගෙනගන්නා බැවින්. නව ලෝකය ස්ථාපනය කෙරෙනවා. ඔය දරුවන්ගේ හදවත් තුළ බොහෝ සතුට තිබිය යුතුයි. ක්‍රිෂ්ණා ජීවාත්මය, උපත් 84 හි චක්‍රය වටා ගොස් ඇති බව ඔබ දන්නවා. ඔහු දැන් ක්‍රිෂ්ණාගේ නම සහ රූපයට නැවතත් ආපසු යනවා. ඔහු පැරණි ලෝකයට පයින් ගසමින් නව ලෝකය ඔහුගේ අත්ල මත තබා සිටින ආකාරය පිංතූරයේ පෙන්වා තිබේ. ඔහු දැන් ඉගෙනගන්නවා. ඒ නිසයි ශ්‍රී ක්‍රිෂ්ණා පැමිණෙනවා කියා කියන්නේ. ඔහුගේ බොහෝ උපත් වල අවසානයේදී, පියා ඔහුට අනිවාර්යෙන්ම උගන්වනවා. මෙම ඉගෙනුම අවසන් වන විට, ක්‍රිෂ්ණා ඉපදෙයි. මෙම ඉගෙනුමට ඇත්තේ ටික කාලයක් පමණයි. සියලුම අනේක ආගම් විනාශ වූ පසු ක්‍රිෂ්ණා අනිවාර්යෙන්ම උපත ලැබිය යුතුයි. ක්‍රිෂ්ණා පමණක් නොවෙයි ක්‍රිෂ්ණාගේ මුළු දේශයම ඉඳිවි. රාජයෝගාව ඉගෙනගෙන ඉන්පසුව දේවතා තත්ත්වය හිමි කරගන්නේ ඔය බ්‍රහ්මණයන්ය. මෙම දැනුම තුළින් ඔබ දේවතාවන් බවට පත් වෙයි. පියා පැමිණ, මෙම ඉගෙනුම තුළින් සාමාන්‍ය මනුෂ්‍යයින්ව දේවතාවන් බවට පරිවර්ථනය කරයි. මෙය පාඨශාලාවකි. වැඩිම කාලයක් ගත වෙන්නේ මෙයටයි. ඉගෙනුම පහසුයි උත්සාහය අවශ්‍ය වන්නේ යෝගාවටයි. ක්‍රිෂ්ණාගේ ජීවාත්මය, දැන් පරමාත්ම පියා, පරමාත්ම ජීවයගෙන් රාජයෝගාව ඉගෙන ගන්නා ආකාරය ඔබට ඔවුන්ට කිව හැක. අපට විෂ්ණුගේ දේශයේ රාජධානිය ලබා දීම සඳහා, ශිව බාබා, අපට බ්‍රහ්මාගේ මාර්ගයෙන් රාජයෝගාව උගන්වනවා. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් වන අප, බ්‍රහ්මණයන්ය. මෙය සංගම යුගයයි. මෙය ඉතාමත්ම කෙටි යුගයක්. කුඩාම වන්නේ මුදුන් මල්කඩයි. ඉන්පසුව ඊට වඩා මුහුණ ලොකු වන අතර, ඉන්පසුව අත්ද, පසුව බඩද වන අතර, ඊට පසුව තිබෙන්නේ දෙපාය. ඔවුන් බහු-රූපී පිළිරුවක් පෙන්වන නමුත්, එහි පැහැදිලි කිරීමක් ලබා දීමට කිසිම කෙනෙකුට නොහැක. ඔය දරුවන් උපත් 84 හි චක්‍රයේ රහස් විස්තර කළ යුතුයි. ශිවාගේ උපතින් පසුව, ක්‍රිෂ්ණාගේ උපත තිබේ. මෙම සංගම යුගය තිබෙන්නේ ඔය දරුවන්ටයි ඔබට කලි යුගය අවසන් වී ඇත. පියා පවසන්නේ සුමිහිරි දරුවනි, මා දැන් පැමිණ ඇත්තේ ඔබව සාම දේශයට සහ සතුටේ දේශයට රැගෙන යාමටයි. ඔබ සතුටු දේශයේ වැසියන්ව සිටි අතර, ඉන්පසුව ඔබ දුක් දේශයට ගියා. ඔබ යදින්නේ බාබා, මෙම පැරණි ලෝකයට එන්න. මෙය, ඔබගේ ලෝකය නොවෙයි. ඔබ දැන් කරන්නේ කුමක්ද? ඔබ යෝගා බලයෙන් ඔබගේ ලෝකය ස්ථාපිත කරනවා. දේවතාවන්ගේ පරම ධර්මය වන්නේ අවිහිංසාව බව කියැවෙයි. ඔබ අවිහිංසක විය යුතුයි. ඔබ රාගයේ අසිපත භාවිත නොකළ යුතු අතර, ඔබ රණ්ඩු සරුවල් ද නොකළ යුතුයි. පියා පවසන්නේ මා සෑම වසර 5000 කටම පසුව පැමිණෙනවා. එය වසර සිය දහස් ගණනක ප්‍රශ්නයක් නොවෙයි. පියා පවසන්නේ ඔබ දන් දෙමින්, තපස් රකිමින්, යාගහෝම ආදිය පවත්වමින් සිටි අතර, ඔබ දිගින් දිගටම පහළට පැමිණියා. විමුක්තිය තිබිය හැක්කේ දැනුම තුළින් පමණි. මනුෂ්‍යයින්, කුම්බකරණ නින්දේ නිදි ඔවුන් අවදි වන්නේම නැහැ. මේ නිසයි පියා පවසන්නේ මා සෑම චක්‍රයකදීම පැමිණෙන්නෙමි. මටද නාටකයේ චරිත කොටසක් තිබේ. චරිත කොටසක් නොමැතිව මට කිසිවක් කළ නොහැක. මාද මෙම නාටකයේ බන්ධනයෙන් බැඳී සිටියි. මා පැමිණෙන්නේ මාගේ නිවැරදි වෙලාවේය. නාටකයේ සැලසුමට අනුව, මා ඔය දරුවන්ව ආපසු නිවසට රැගෙන යන්නෙමි. මා දැන් පවසන්නේ ’මන්මනභව!‘ නමුත් කිසිම කෙනෙකුට මෙහි අරුත වැටහෙන්නේ නැත. පියා පවසන්නේ සියලුම ශාරීරික නෑදෑයින් අත්හැර, මා සිහිපත් කරන්න, එවිට ඔබ පිවිතුරු වෙයි. ඔය දරුවන් පියාව සිහිපත් කිරීමට දිගින් දිගටම උත්සාහ දරනවා. මෙය දෙවියන්ගේ විශ්ව විද්‍යාලයයි. මුළු ලොවටම විමුක්තිය ලබා දිය හැකි දෙවියන්ගේ වෙනත් විශ්ව විද්‍යාලයක් තිබිය නොහැක. පියාණන් වන දෙවියන්, පැමිණ, ඔහුම මුළු ලොවම පරිවර්ථනය කරයි. ඔහු අපායෙන්, ඔබ පාලනය කරන දිව්‍ය ලෝකය බවට, එය පරිවර්ථනය කරයි. ශිවාට බබුල්නාථ (කටු වලට ස්වාමියා) යැයිද කියයි, මන්ද ඔහු පැමිණ ඔබව රාගයේ අසිපතෙන් නිදහස් කර, පිවිතුරු කරයි. භක්ති මාර්ගයේ බොහෝ බාහිර ආටෝපය තිබේ. මෙහි ඔබ නිහඬව පියාව සිහිපත් කළ යුතුයි. ඒ මිනිසුන් විවිධ අන්දමේ හත යෝගා ආදිය කරයි. ඔවුන්ගේ හුදකලා මාවත සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඔවුන් බ්‍රහම් පදාර්ථය ගැන විශ්වාස කරයි. එම පදාර්ථය විශ්වාස කරන අය, පදාර්ථයන් සමඟ යෝගාවේ සිටින අයයි. එය බ්‍රහ්මාන්ද් ලෙසින් හැඳින්වෙන ජීවාත්මයන්ගේ වාසස්ථානයයි. ඒ මිනිසුන් සලකන්නේ බ්‍රහම් පදාර්ථය දෙවියන් බවත්, ඔවුන් සිතන්නේ ඔවුන් එය තුළට මුසුවන බවයි. එනම්, ඔවුන් ජීවාත්මය මරණයට පත් කරවයි. පියා පවසන්නේ මා පැමිණ සියලුම දෙනාට විමුක්තිය ලබා දෙනවා. සියලුම දෙනාට විමුක්තිය ලබා දෙන්නේ ශිව බාබා පමණයි. එබැවින්, ඔහු දියමන්තියක් මෙනි. ඔහු ඔබව ස්වර්ණමය යුගයට රැගෙන යයි. ඔබගේ මෙම උපතද දියමන්තියක් මෙන් වටින්නේය. ඉන්පසුව ඔබ ස්වර්ණමය යුගයට යයි. ඔබව දේවතාවන් බවට පත් කරන මෙම දැනුම, පැමිණ ඔබට උගන්වන්නේ පියාය. ඉන්පසුව මෙම දැනුම අතුරුදහන් වෙයි. ලක‍්ෂ්මි සහ නාරායනට නිර්මාපකයා හෝ නිර්මාණය ගැන හෝ දැනුම නොමැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම පැරණි ලෝකයේ ජීවත් වන අතර, දෙගුණයක් අවිහිංසාවාදී වී, යෝගා බලයෙන් ඔබගේ නව ලෝකය ස්ථාපිත කරන්න. ඔබගේ ජීවිතය දියමන්තියක් මෙන් වටිනා එකක් බවට පත් කරගන්න.

2. පියා ඔබට පවසන දේවල් කලතා, ඉන්පසුව අන් අයට පවසන්න. මෙම ඉගෙනුම අවසන් වන විට, ඔබ ක්‍රිෂ්ණාගේ දේශයට යනවාය, යන කුල්මත්භාවය නිරතුරුවම රඳවාගන්න.

වරදානය:
ඔබ ශුද්ධ හංසයෙකු වී, සියලු නාමයන් සහ අපිරිසිදුකම් අවසන් කිරීමෙන් "ඔහුගේ ශුද්ධකම" යන පදවියට හිමිකම් කියත්වා.

හංසයෙකු කිසි විටෙකත් ගල් අහුලා නොගන්නා අතර මැණික් තෝරා ගන්නා ආකාරයටම, ශුද්ධ හංසයන් කිසි විටෙකත් කිසිදු දෝෂයක්, එනම්, ඕනෑම ගල් තෝරා නොගනී. ඔවුන් නාස්තිකාරයා බලවත් අයගෙන් වෙන් කර නාස්තිකාරයා පසෙක තබා බලවත් අයව හදා ගනී. එවැනි ශුද්ධ හංසයන් පිරිසිදු හා පිරිසිදු ජීවාත්මයන් වන අතර ඔවුන්ගේ ආහාර වේල සහ ඔවුන්ගේ සබඳතා පිරිසිදු ය. අපිරිසිදුකමේ සහ අපිරිසිදුකමේ සියලු නාමයන් සහ සලකුණු අවසන් වූ විට, අනාගතයේදී ඔබට "ඔහුගේ ශුද්ධකම" යන පදවියට හිමිකම් කිව හැකිය. එබැවින්, වැරදීමකින්වත් කිසිවෙකුගේ අඩුපාඩු උරා නොගන්න.

පාඨය:
සම්පූර්ණ අත්හැරිය අයෙකු යනු පැරණි ස්වභාවයේ සහ සංස්කාරවල සියලු පරම්පරාවන් අත්හරින අයෙකි.

අව්‍යක්ත සංඥාව: සහජ යෝගීවරයෙක් වීම සඳහා, පරමාත්ම දෙවියන්ගේ සෙනෙහසේ අත්දැකීම් ලබන්න.

ඕනෑම කාර්යයක් කරන විට, පියා සිහිපත් කරන අතරතුර සෙනෙහසේ ගැලී සිටින්න. මොනයම් හෝ අවස්ථාවන් වල විස්තාරණයකට නොයන්න. ඕනෑම විස්තාරණයකට පූර්ණ නැවතුමක් තබා එය තිත තුළ මුසු කරන්න. තිතක් වන්න, නැවතුම් තිතක් තබන්න, එවිට සියලු විස්තාරණය සහ මුළු ජාලයම තත්පරයකින් මුසු වීම සිදුවෙයි. එවිට ඔබේ කාලය ඉතිරි වේ. උත්සාහ කිරීමෙන් ඔබ නිදහස් වේ. ඔබ තිතක් බවට පත් වී ඒකායන තිතෙහි සෙනෙහසේ ඔබව මුසු වනවා ඇත.