09.08.26 Avyakt Bapdada
Sinhala
Murli 02.03.2011 Om Shanti Madhuban
මාස්ටර් සර්ව
බලධාරියෙක් යන ඔබගේ ස්ව-අභිමන් ආසනයේ අසුන්ගෙන සිටින්න. එකිනෙකාට උනන්දුව සහ
උද්යෝගය ලබා දෙමින් සහයෝගය ලබා දෙන්න.
නිෂ්ඵල සිතිවිලි වල දුගඳ හමන මල කැප කර, අංක එකේ තෑග්ගක් හිමි කරගන්න.
අද දින අම්රිත්
වේලාවේ සිට ඔබ සියලු දෙනා මෙන්ම සෑම තැනකම සිටින සියලුම දරුවන්, බොහෝ සෙනෙහසින්
යුතුව ඔබගේ සෙනෙහසේ සහ සතුටේ සුබ පැතුම් ලබා දුන්නා. පරම පියාද පැමිණ ඇත්තේ ඔය බොහෝ
කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන්ට මෙම උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් ලබා දීමටයි.
සෑම දරුවෙක් වෙනුවෙන්ම පරම පියා තුළ බොහෝ සෙනෙහස තිබෙන අතර ඔහුගේ හදවතට ඔවුන්
ආදරණීයයි. බාප්දාදා ඔබ සියලු දෙනාටම, ඔහුගේ බාහුවල මල්දමින් සුබ පැතුම් ලබා දෙනවා.
බාබාගේ ඉදිරියේ සිටින
ඔබ සියලු දෙනා සුබ පැතුම් ලබා දෙන අතර සුබ පැතුම් ලබා ගන්න බව බාප්දාදා දකිනවා. සෑම
තැනකම බොහෝ ස්ථාන වල සිටින ඔබ සියලු දෙනා සුබ පැතුම් ලබා දෙන අතර පියාද, මේ දේශයේ
සහ විදෙස් රටවල සිටින ඔය සියලුම දරුවන්ට, බොහෝ සෙනෙහසින් පිරි සුබ පැතුම් ලබා
දෙනවා. ඔය සියලුම දරුවන් ඔබගේ ප්‍රීතිමත් මුහුණු සමග සෙනෙහස් සයුරේ රළ තුළ ගමන් කරන
බව බාප්දාදා දකිනවා. පියා තනිවම නොපැමිණීම ගැන සතුටු වනවා; ඔහු පැමිණෙන්නේ දරුවන්
සමගයි, මන්ද, ඔහු පැමිණෙන්නේ මෙම යග්යාව (යාග ගින්න) නිර්මාණය කිරීමටයි. එසේ නම්
මෙම යග්යාවේ සිටින්නේ කවුරුන්ද? බ්‍රහ්මින්වරු. මේ නිසයි පරම පියා තනිවම නොපැමිණ
දරුවන් සමග පැමිණ සිටින්නේ, මන්ද, මෙම උපන් දිනය සියලුම උපන් දින අතරින් වඩාත්ම
ආශ්චර්යමත් උපන් දිනයයි. මුළු කල්පය පුරාම, එකම වෙලාවේ පියාගේ සහ දරුවන්ගේ උපන්
දිනය පැවැත්වෙන එකම උපන් දිනය මෙයයි, මේ නිසයි මෙම උපන් දිනය දියමන්තියක් තරම් වටින
බව පැවසෙන්නේ. ආදි මැණික් වන සියලුම දරුවන්ටත් පරම පියා විශේෂ සුබ පැතුම් ලබා
දෙනවා. ඉතිං ඔබ සියලු දෙනාම අද මෙහි පැමිණියේ සුබ පැතුම් දී, සුබ පැතුම් ලබා ගන්නද?
පියා පවසන්නේ: ඔබ එකට රැඳී සිට, එකට ආපසු පියාසර කර, එකට පැමිණ බ්‍රහ්ම පියා සමග
පාලනය කරයි. ඔබ සමග රැඳී සිටීමට බාබා පොරොන්දු වී තිබේ. ඔබත් පවසන්නේ කුමක්ද? පියා
සිටින ඕනෑම ස්ථානයක අපිත් සිටිනවා. දරුවන් විසින් පියාට සිදු කරන සහ පියා විසින්
දරුවන්ට සිදු කරන පොරොන්දුව මෙයයි. භෞතිකව ඔබ වෙනත් ස්ථානයක ජීවත් වනවා විය හැක,
නමුත් ඔබගේ හදවත් වල, පරම පියා සෑම විටම ඔබ සමග සිටින අතර පියා දිලාරාම් (හදවත සනසන
කෙනා) ලෙස හඳුන්වන්නේ මේ නිසයි. මෙහි ඇති සිහිවටනය වන්නේද දිලාරාම් දේවාලයයි.
එබැවින් හදවත් සනසන්නා සිටින්නේ ඔබ සියලු දෙනාගේ හදවත් තුළයි, එහෙම නේද? ඔබට කිසිම
විටෙක තනිව නොසිටින ලෙස පියා ඔබට සෑම විටම පවසයි. අප නිරන්තරයෙන් එකට සිටිය යුතුයි.
අප එකට සිටිය යුතුයි. ඔබ තනි වන්නේ නම්, මායා ඇගේ අවස්ථාව ගනී, නමුත් ඔබ පියා සමග
සිටින්නේ නම් එවිට ප්‍රදීපාගාරයම සිටින්නේ ඔබ සමගයි. ඔබ ඔහු සමග එකට සිටින විට,
මායා ඈත සිටම දිව යනු ඇත. ඇයට ඔබගේ සමීපයට වත් පැමිණීමට නොහැකි වෙයි, මේ නිසයි, ඔය
දරුවන් පියාට පොරොන්දු වී ඇත්තේ, එමෙන්ම පියා ඔය දරුවන්ට පොරොන්දු වී ඇත්තේ, අප
නිරන්තරයෙන් එකට සිටින බව. ඔබ එකට සිටීමට ප්‍රිය කරනවා නේද? ඔබ සියලු දෙනාගෙත්
පොරොන්දුව මෙය නේද? අප එකට සිටින අතර අප එකට රැඳී සිටීවි. ඔබ එකට සිටීමට කැමතියි
නේද? ඔව් ඔබට අත් එසවිය හැක.
ඔය සියලුම දරුවන්,
අම්රිත් වේලාවේ ඔබගේ හදවත් වල කාරණා ගැන බාබාට බොහෝ පවසන බව, බාප්දාදා දුටුවා. එසේ
නැත්නම්, ඔබට වෙලාව නොමැත, නමුත් අම්රිත් වේලාවේ, ඔබ සියලු දෙනා ඔබගේ හදවත් වල ඇති
බොහෝ මිහිරි කාරණා පවසන අතර පරම පියාද ඔය සියලුම දරුවන්ගේ හදවත් වල කාරණා වලට සවන්
දී ඔබ සියලු දෙනාට ප්‍රතිචාරයක් ලබා දෙයි. ඔබ සියලු දෙනාම එක දෙයක් ගැන බොහෝ සතුටු
වෙයි: ඔබ හදවතින් පවසන්නේ ‘මේරා බාබා’ (මගේ බාබා) කියා, එමෙන්ම පරම පියා ඉදිරිපත්
වෙයි; ස්වාමීම ඉදිරිපත් වෙයි. මෙය හදවත පිළිබඳ කාරණාවක් පමණයි. වෙනත් කිසිවක්
කිරීමට අවශ්‍ය නැත. ඔබ හදවතින්ම පැවසුවේ ‘මේරා බාබා’ කියා, එවිට ස්වාමීම ඉදිරිපත්
විය.
අද දින බාප්දාදාගේ
දෙසවන් තුළ සෑම තැනකම මධුර ගීතයක් වාදනය වෙමින් තිබුණා. කුමන ගීතයද? ‘මගේ බාබා,
ආදරණීය බාබා, මිහිරි බාබා!’ බාප්දාදා ද, ඔය දරුවන්ගේ සෙනෙහස තුළ මුසු වී සිටි අතර
මුසු වී සිටිනවා. ඔබගේ සෙනෙහසේ දිව්‍යමය ක්‍රියාකාරකම් දැක, ඔබගේ බැතිමතුන්ගේ
බුද්ධිය ද ඊට දෙවැනි නැහැ. ඔවුන් ඉතා හොඳින් ඔබගේ සිහිවටනය අනුකරණය කර තිබේ. ඔවුන්
තඹ යුගයේ පැමිණෙන අතර ඔවුන්ගේ ප්‍රථම උපත කොහොමත් සතෝප්‍රධාන්ය, මන්ද එම ජීවාත්ම
පැමිණෙන්නේ පරම දනව්වේ සිටයි. ඉතිං අද බාබාගේ ද්‍රිෂ්ඨිය, බැතිමතුන් මතද පතිත විය.
ඔවුන් නිවැරදිව ඔබව අනුකරණය කර තිබෙනවා, මන්ද, ඔබගේ ප්‍රායෝගික ක්‍රියා තිබෙන්නේ
කොතැනකද, ආරම්භක කාල වකවානුවේ ඔබගේ විශේෂ බැතිමතුන්, ඔබගේ සිහිවටන ඉතා හොඳින්
අනුකරණය කර ඇත. කෙසේවෙතත්, ඔබගේ එය ප්‍රායෝගික වන නමුත් ඔවුන්ගේ එය සිහිවටනයකි. ඔබ
භාරයක් වී ඇත. ඔබ සිදු කළ භාරය කුමක්ද? පාරිශුද්ධත්වය පිළිබඳව. ඔවුන්ද භාර වනවා.
ඔවුන් භාරයක් සිදු කිරීම අනුකරණය කර ඇති නමුත්, ඔබ එක උපතකට භාරයක් සිදු කරන විට,
එය බොහෝ උපත් ගණනාවක් නොකඩවා පවතිනවා. ඔවුන් එක් දිනක් පිවිතුරුව සිටින අතර
පිවිතුරු ආහාර පානද ගනී. ඔබගේ භාරය උපත් 21ක් වෙනුවෙන් වන අතර, ඔවුන්ගේ එය තාවකාලික
කාලයකටයි. ජාග්රන් වලටද (රාත්‍රියේ නිදි වර්ජිතව සිටීම) එය එසේමයි : ඔබ ආලෝකය වෙතට
පැමිණ, මුළු ලෝකය පුරාම අන්ධකාරය දුරු කළා. කල්ප භාගයකට අන්ධකාරයට පැමිණිය නොහැක.
ඔබ සිත් තුළ ඇති අඳුර දුරු කළ අතර බාහිර වශයෙන් ඔබ පදාර්ථයන්ගේ අන්ධකාරය සහ දුක
දුරු කළා. ඔවුන්ද එය අනුකරණය කර ඇත්තේ රාත්‍රිය පුරා අවදිව සිටීමෙනි. තව දෙයක්
වන්නේ ඔබ තමන්ව පරම පියා වෙනුවෙන් කැප කිරීමයි; ඔබ තමන්ව පුද කළා. ඔබ සම්පූර්ණයෙන්
තමන්ව කැප කළ අතර ඔවුන්ද ඔබව අනුකරණය කර තිබේ, නමුත් ඔවුන් තමන්ව කැප නොකරයි. ඔවුන්
තමන්ව කැප නොකරන නමුත් ඔවුන් බිලි දෙන්නේ කාවද? ඔබ එය දන්නවාද? ඔවුන් එළුවෙක් පූජා
කරයි. ඔවුන් වෙන දෙයක් නොමැතිව එළුවෙක් පමණක් සොයා ගත්තේ ඇයි? ඔබ එයට හේතුව දන්න
නිසා ඔබ සියලු දෙනා සිනහසෙනවා. පියා ඔබට නැවත නැවතත් සංඥා කර තිබේ: “මම” යන අවධානය
අත්හැර උපකරණයක් වීමේ අවධානය ඇති කරගන්න, එබැවින් එළුවෝ සෑම විටම “මෑ, මෑ” (මම, මම)
කියන නිසා, ඔවුන් එළුවෙක් සොයා ගත්තා. ඉතිං බැතිමතුන්ගේ බුද්ධිය විශ්මිතයි. ඔවුන්
සැබවින්ම ඔබගේ බැතිමතුන්ය. ඔවුන් පරම පියාගේ සහ ඔබගේ බැතිමතුන්ය. මේ නිසයි අවංක
හදවතකින් ඔබව වන්දනා කරන ඔබගේ බැතිමතුන්ට පරම පියා එක හෝ වෙන ඵලයක් ලබා දෙන්නේ.
භක්තියේ ඵලය වන්නේ ඔවුන්ද සෑම විටම අවංකව සහ සත්වික් ලෙස රැඳී සිටීමයි. ඔවුන්
සතුටින් රැඳී සිටියි. දුක් කාල වලදී ඔවුන් දුක අත්දකින්නේ නැත, මන්ද ඔවුන් අවංක
හදවත් වලින් ඔවුන්ගේ භක්තිය සිදු කරන නිසා. එබැවින් මේ දිනවල පරම පියාද ඔය දරුවන්ට
සංඥා කරන්නේ “මම” යන අවධානය අත්හරින ලෙසයි. “සිදුවිය යුත්තේ මම කියන දේ පමණයි. මම
පමණයි නිවැරදි, එබැවින් සිදුවිය යුත්තේ ඒ දේ පමණයි.” එකක් වන්නේ “මම” යන සාමාන්‍ය
අවධානයයි: “මම ශාරීරික ජීවියෙක්; මම භෞතික ජීවියෙක්.” කෙසේවෙතත්, එකක් සාමාන්‍ය
“මම” වන අතර අනෙක, සූක්ෂම “මම”ය. එහිදි පරම පියා ලබා දුන් තිලිණය පවා තමන්ගේ බව ඔබ
සලකයි. “මම මේ දේ සිදු කළා”; “මම මේ දේ පැවසුවා”; “මම මේ දේ කරනවා”. පියා විසින්
ඔබට ලබා දුන් විශේෂතා ගැන ඔබට “මම” යන අවධානය තිබෙයි. මෙම දැනුම වටහාගැනීම පිළිබඳව
මෙන්ම ඔබගේ විශේෂතා ගැන වටහා ගැනීම පිළිබඳවත් සූක්ෂම “මම” තිබෙයි. බාප්දාදා ඔබට
සංඥා කරන්නේ, “මම” සහ “මගේ” වෙනුවෙන් ඔබ සෑම විටම සිතිය යුත්තේ: “මගේ බාබා”. එම
ඒකායන කෙනා වෙත පමණක් ඔබගේ හදවත් බැඳ ගන්න. “මගේ නම, මගේ ගෞරවය, ආදි සීමිත “මගේ”
අවසන් කර, එය මෙසේ පමණක් කරගන්න: “පරමාත්ම දෙවියන් දැන් මගෙයි. මට තව කුමක්ද
අවශ්‍ය?” එකක් සාමාන්‍ය “මම” වන අතර අනෙක සූක්ෂම “මම”ය. මෙම සූක්ෂම “මම” ඔබව
අපිරිසිදු කරන අතර “මගේ බාබා” ඔබව සියළලු සම්පත් වලින් පිරිපුන් කරවයි.
අද දින ඔබ උපන් දිනය
සැමරීමට ඇවිත්. තවද ඔබ පැමිණියේ ඔබගේද උපන් දිනය සැමරීමටයි. ඔය දරුවන් නොමැතිව පියා
කිසි දෙයක් නොකරයි. එබැවින් ඔබට උපන් දින සුබ පැතුම් ලබා දීමට පරම පියා පැමිණ
සිටිනවා: “අපූරුයි මගේ දරුවනේ! අපූරුයි!” දැන් මා යමක් කියන්නද? ඔබ එයට සූදානම්ද?
බාබා ඔබට කිව යුතුද? එසේ නම් ඔබට එය කිරීමට සිදුවෙයි. ඔබ එය කිරීමට යනවා නම් අත්
ඔසවන්න! ද්විත්ව විදේශිකයන් ඔබ එය කරනවාද? ගුරුවරු, ඔබ එය කරනවාද? මේ වන තුරු
වර්ථමාන සිහිවටනයේ, ඔවුන් ශිවාට, පරමාත්ම ජීවයට අක් මලක් පුජා කරයි. ඔවුන් රෝස මලක්
හෝ වෙන දෙයක් පුද නොකරයි, අක් මලක් පමණයි. අද දින, බාප්දාදාට අවශ්‍ය ඔබගේ කුමන කැප
කිරීමද? ඔබට මෙම ගෙදරවැඩ දීම, බාප්දාදාට අවශ්‍යයි. ඔබ එයට සූදානම් නේද? අච්චා.
ඔය සියලුම දරුවන්: හා
ජී (සැබැවින්ම ඔව්) කියන විට, බාප්දාදා එයට බොහෝ සේ ප්‍රිය කරයි. එබැවින්, අද උපන්
දිනයේ, පරම පියාගේ සිතිවිල්ල වන්නේ: එකිනෙකාට උනන්දුව සහ උද්යෝගය ලබා දෙන අතර සහ
එකිනෙකා සමග සහයෝගී වන අතර නිෂ්ඵල සිතිවිලි යන අක් මල පුද කරන්න. ඔබ නිෂ්ඵල
සිතිවිලි ඇති නොකළ යුතුයි. ඔබ නිෂ්ඵල කිසිවකට සවන් නොදිය යුතු අතර යම් කෙනෙකුගේ
ඇසුරට යෑමෙන්, නිෂ්ඵල සිතිවිලි වල ඇසුරින් තමන්ව වර්ණ ගැන්වීම සිදුනොකළ යුතුයි.
මෙයට හේතුව වන්නේ, නිෂ්ඵල සිතිවිලි ඇති ඕනෑම විටෙක ඔබට ස්මරණයේ පිවිතුරු සිතිවිලි,
හෝ ඔබ මුරලිය ලෙස හඳුන්වන, මෙම දැනුමේ මිහිරි වදන් ඔබගේ අවධානයේ තබා ගැනීමට නොහැකි
වීමයි. ඔබ මුරලියකට සවන් දෙනවා විය හැක, ඔබ එය කියවනවා ඇති, එමෙන්ම එය අවශ්‍යයි.
මෙය බ්‍රහ්මින්වරුන්ගේ විනයයි, නමුත් ඒ වන තුරු පමණක් (සවන් දෙන විට පමණක්) එය ඔබ
සමග රැඳී තිබෙයි. ඔබගේ මනසින් කිසිම ආවර්ජනය කිරීමක් සිදු නොවෙයි. ඔබ මෙසේ සිතා,
තවද මෙසේ පවසයි: ‘අද මුරලිය ඉතාම හොඳයි. මා ඒ ගැන සිතනවා. වරදානයද ඉතා හොඳ විය,
එමෙන්ම ඔව්, මට විගසින් එය සිහි වෙයි.’ නිෂ්ඵල සිතිවිලි ඔබගේ මනස සහ බුද්ධිය, ඒවා
වෙතට ඇද ගනී. ඔබ පරම පියාට පවසන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද? “බාබා, අපි උනන්දුවක්
දක්වන ප්‍රවෘත්ති වලට සවන් දිය යුතුයි නේද? අපි දැනුමින් පිරිපුන් විය යුතුයි”.
කෙසේවෙතත්, නිෂ්ඵල කාරණා, ඔබට ලැබෙන තත්ත්වයට පාඩුවක් සිදු කරයි. එබැවින් නිෂ්ඵල
සිතිවිලි ඇති නොකිරීමට ඔය සියලුම දරුවන්, පරම පියාට පොරොන්දු වනවාද? ඔබ මෙසේ කියයි:
“ඒවායේ පැමිණීම අපට අනවශ්‍ය නමුත් ඒවා පැමිණෙයි. අපට ඒවා අනවශ්‍යයි, නමුත් ඒ
තිබියදී ඒවා පැමිණෙයි.” එබැවින් ඔබ ඒවා අධිෂ්ඨානයෙන් පියාට ලබා දිය යුතුයි.
ප්‍රථමයෙන්, ඔබ ලබා දෙන අන්දම දන්නවාද? ඔබ එය පරම පියාට ලබා දී ඇත. ඔබ දුන් දෙයක්
නැවත ඔබ වෙතට එන්නේ නම්, ඔබ එය තබා ගන්නවාද, නැත්නම් ආපසු දෙනවාද? ඔබ දුන් දෙයක් ඔබ
ළඟ තබා ගන්නේ නම්, ඔබගේ නම්බු නාමය කුමක් වෙයිද? තමන්ගේම යහපත උදෙසා සහ
අධිෂ්ඨානයෙන් සෑම කලටම එය පරම පියාට භාර දෙන්න. ඉන්පසුව නැවත නැවතත් පරීක්ෂා කරන්න:
මා දුන් දෙයක් නැවත මා වෙතට පැමිණෙන්නේ නැහැ නේද? අන් අයට අයිති දෙයක්, තමන්ට අයිති
බව සැලකීම, හොඳ දෙයක් බව සලකන්නේ නැත. එබැවින් දිනපතා රාත්‍රියේ නින්දට යාමට පෙර,
පළමුව තමන්ව පරීක්ෂා කිරීමෙන් පසුව නින්දට යන්න: අද දින දවස පුරාම, මා තුළ කිසියම්
හෝ නිෂ්ඵල සිතිවිලි ඇති වුණාද? මා නිෂ්ඵල දෙයක් සිදු කළාද? මා දුන් දෙයක් නැවත ආපසු
ගත්තේ නැහැ නේද?
අද දින, මෙම උපන් දින
ත්‍යාගය ලබා දීමට ඔබට එඩිතරකමක් තිබෙනවාද? ඔබට මෙම නිර්භීතකම තිබෙනවාද? ඔබට එඩිතරකම
ඇත්නම් අත ඔසවන්න! එඩිතරකම ඇති තැන, බාප්දාදා ඔබට ත්‍යාගයක් ලබා දෙයි. ඔබගේ හදවතින්
මෙසේ පවසන්න: “මගේ බාබා, දයාවෙන් පිරි, කරුණාවන්ත බාබා, මෙය අරගන්න!” ඔබගේ හදවතින්ම
ඔබ එය පවසන්නේ නම්, එවිට පියා අතිරික්ත ත්‍යාගයක් ලබා දෙනවා. ඔබට එඩිතරකම තිබෙන
විට, පියා අතිරික්ත උපකාර ලබා දෙනවා. ඔබට එඩිතරකම තිබෙන විට ඔබට නියත වශයෙන්ම පරම
පියාගේ උදව් ලැබෙයි. ඔබ මෙය අත්විඳ තිබෙනවා නේද? බාප්දාදා දැන් ටික කාලයක සිට ඔබට
අනතුරු ඇඟවූයේ, දැන් තීව්‍ර උත්සාහ දරන අන්දම වන්නේ තිත් තුන තැබීමයි: මම තිතක්,
තිතක් වන පියාව සිහි කරන්න, එමෙන්ම අතීතයට තිතක්, නැවතීමේ තිතක් තබන්න. මේ වෙනුවෙන්
බාප්දාදා පවසන්නේ: මෙය මතගාන්න, තිතක් වන්න, තිත දකින්න සහ තිතක් තබන්න. තිතට විශාල
වැදගත්කමක් තිබෙන්නේ මේ නිසයි. මිනිසුන් මුදල් ගණන් කරන විට, වත්මන් ලෝකයේ පවා
බිංදුවට විශාල වැදගත්කමක් තිබෙනවා. මෙකල මිනිසුන් වඩාත්ම ප්‍රිය කරන්නේ කුමටද?
මුදල්. මුදල් වැඩි වන්නේ කෙසේද? නොකඩවා බිංදුවක් එකතු කරන්න. 10 ට බිංදුවක් එකතු
කරන්න, එවිට එය 100 වෙයි. තව බිංදුවක් එකතු කරන්න, එවිට එය 1000 වෙයි. ඔවුන්
බිංදුවකට වැදගත්කමක් ලබා දෙනවා නමුත්, සැබෑ බිංදුව කුමක්ද කියා ඔවුන්ට අමතක වී ඇත.
ඉතිං අද ඔබ පියාට මෙම උපන් දින ත්‍යාගය ලබා දුන්නාද? ඔබ එය දුන්නාද? ඔබ එය ඔබගේ
හදවතින්ම ලබා දුන්නාද? ඔබ මෙසේ විමසන්නේ නැහැ නේද: “ඇයි?” හෝ “මොකක්ද?” “මා එය
කරන්නේ කෙසේද?” “මා එය කළ යුත්තේ ඇයි?” මෙම ප්‍රශ්න කිරීමේ භාෂාව නරකයි: “මා එය කළ
යුත්තේ ඇයි?” “මා එය කරන්නේ කොහොමද?” මෙවන් ප්‍රශ්න අසන්න එපා. මෙම ත්‍යාගය ලබා
දීමට, ඔබ අත් එසවූයේ සතුටින්ද, නැත්නම් සමූහයේ සිටින නිසා එහි බලපෑම නිසාද? බලපෑම
නිසා කරන අයට එය ස්ථිරව කිරීමට නොහැක; එය ඇතැම් විට පමණක් සිදු වෙයි. තම හදවතින්ම
එය සිදු කරන අය, මෙසේ කියයි: “මා මෙය කළ යුතුයි. මා මෙය බවට පත්විය යුතුයි.’ ඔබ මෙම
ත්‍යාගය ලබා දී තිබෙනවාද, නැත්නම් ඔබට එය දීමට තිබේද? ඔබට මෙම සිතිවිල්ල සතුටින්
ඇති වන්නේ නම්, එවිට සර්ව බලධාරී පියාගේ මාස්ටර් සර්ව බලධාරීන්ට, එය මහ ලොකු දෙයක්
නොවෙයි. ඔබගේ ආසනයේ රැඳී සිටින්න. සෑම විටම මාස්ටර් සර්ව බලධාරියෙක් යන ඔබගේ ආසනයේ
තැන්පත් වී සිටින්න. එය අමතක නොකරන්න. මෙය ස්ව-අභිමානය නොවේද? ඔබට ඔබගේ ස්ව-අභිමානය
අත්හළ නොහැක. ගෞරවය නොමැති නිසා මිනිසුන් එකිනෙකා සමග සටන් කරයි. මේ නිසයි බාප්දාදා
තුළ ඔබ වෙනුවෙන් සෙනෙහස තිබෙන්නේ: සුළු කාරණා මත ඔබගේ ආත්ම-අභිමානය අහිමි කර
නොගන්න. මෙම ආත්ම-අභිමානය ඔබට ලබා දෙන්නේ පරමාත්ම දෙවියන් විසින්ය. වෙනත් මිනිසුන්
ලබා දෙන ගෞරවය නිසා මිනිසුන්ට බොහෝ කුල්මත් බවක් තිබෙයි, නමුත් මෙහිදී ඔබට
ආත්ම-ගෞරවය ලැබී තිබෙන්නේ පරමාත්ම දෙවියන් ගෙනි: ඔබ මාස්ටර් සර්ව බලධාරීන්ය. ඔබට
අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැක. ඔබට මෙම නිර්භීතකම තිබෙනවා නේද? එකඟතාවය පල කිරීමට හිස
වනන්න! අත් වනන්න එපා, නමුත් එකඟතාවයෙන් හිස වනන්න! ඔබට මෙම එඩිතරකම තිබෙනවාද?
ගුරුවරු? ඔබට ඔවුන් ලවා එය කරවීමට සිදුවෙයි. ඔබට අවධානය යොමු කිරීමට සිදුවෙයි. ඔබ
එය සිදුකර, එමෙන්ම අවධානය යොමු කර, අන් අය ලවාද එය සිදු කරවයි. මේ සඳහා උපකරණ වන්නේ
ඔබලාය. ඉන්පසුව කුමන පංතියද, එමෙන්ම කාගේ පංතියද අංකයක් හිමි කරගන්නේ කියා අපි
බලමු, ඉන්පසුව ඔවුන්ට හොඳ ත්‍යාගයක් දෙමු. ඔහු ලබා දීමට යන ත්‍යාගය කුමක්ද කියා
බාබා පවසන්නේ නැහැ. බාබා ලස්සණ ත්‍යාගයක් ලබා දෙනවා. මුළු පංතියම මෙය සිදු කිරීමට
තැත් කරන්න. එය සිදු කරන්නේ එක්කෙනෙක් පමණක් නොවිය යුතුයි. බහුතරය මෙය සිදුකළ
යුතුයි.
අද දින, ඔය සෑම
දරුවෙක් වෙනුවෙන් බාප්දාදාට බොහෝ සෙනෙහස දැනුනි, ඔබ අංක දෙක වත් නොව, ඔබ අංක එක
හිමි කරගත යුතුයි කියා. ඔබ ප්‍රථම සිංහාසනයේ අසුන් ගන්නේ නැත, මන්ද සිහසුනේ
අසුන්ගන්නේ දෙදෙනෙක් පමණක් නිසා, නමුත් ඔබ පළමු රාජධානියේ, ප්‍රථම රාජකීය පවුල තුළට
පැමිණෙයි. අංක දෙකක් නියම කර තිබෙනවා, නමුත් ඔබ පාලනය කර, රාජධානියට අයිතියක් හිමි
කරගත යුතුයි, එබැවින් ඔබ පළමුවන රාජධානියට පැමිණෙයි. බාප්දාදා තුළ ඔය දරුවන්
වෙනුවෙන් සෙනෙහස තිබෙනවා. ඔහුට හැඟෙන්නේ, සෑම දරුවෙක්ම එක හෝ වෙනත් විශේෂත්වයකින්
අංක එක හිමිකරගත යුතුයි කියා: අංක පිළිවෙලට නොවෙයි, නමුත් අංක එක. ඔබට මෙම උද්යෝගය
තිබෙනවාද? ඔබට අංක එක හිමි කරගැනීමට අවශ්‍යද, නැත්නම් ඔබට ලැබෙන ඕනෑම දේකින් ඔබ
සෑහිමට පත් වනවාද? මෙසේ නොකියන්න: ‘එය හොඳයි, එය හොඳයි.’: කියා නොකියන්න. එක හෝ
වෙනත් ආශ්චර්යයක් පෙන්වීම අතින්, සෑම දරුවෙක්ම අංක එක හිමි කරගැනීමයි, පියාගේ
බලාපොරොත්තුව වන්නේ. විෂයයන් සතරක් තිබේ, එමෙන්ම ඔබ අනිවාර්යෙන්ම විෂයයන් සතරින් එක
විෂයයකින් අංක එක හිමි කරගත යුතුයි. වැදගත් බව සලකන්න: “මා අනිවාර්යෙන් මෙය විය
යුතුයි’. බාබා ඔබට අපහසු වැඩ බොහොමයක් ලබා නොදෙයි. එක් හෝ වෙනත් විෂයයකින් අංක එක
හිමි කරගන්න. මෙය පහසුයි, නේද? අද අමිරිත්වේලාවේ හමුවක් සැමරූ ඔය සියලුම දරුවන්
බොහෝ සතුටින් සිටි බව පෙනුනි. ඔබ සතුටින් සිනහමුසුව සිටියා. නිරන්තරයෙන් පියාසර
ස්ථිතියේ සිටීමේ ආශිර්වාදය පරම පියා සෑම දරුවෙකුටම ලබා දුන්නා - ඇවිදින ස්ථිතිය නොව
නමුත් පියාසර ස්ථිතිය. එබැවින් බාප්දාදාගෙන් අද දින ලැබුණු මෙම ආශිර්වාදය මතකයේ
තබාගන්න. ඔබගේ සහ ඔහුගේ උපන්දිනය දා, බාප්දාදා ඔබ සියලු දෙනාටම ලබා දුන් ආශිර්වාදය
කුමක්ද? ඔබ පියාසර ස්ථිතියේ සිටිත්වා! අද දින දවස පුරාම, ඔබගේ හදවත් වලින් ඔබ ශිව
රාත්‍රී උත්සවය සැමරුවා නේද? ඔබ සියලු දෙනාම හොඳයි. ඔබ යහපත් ලෙස රැඳී සිටීවි. ඔබ
හොඳම රාජකීය තත්ත්වය හිමි කරගනීවි. ඔබ සියලු දෙනාම හොඳින් නේද? පියා නිරන්තරයෙන්
සෑම දෙයක්ම යහපත් ලෙසට දකියි. අච්චා.
සෑම තැනකම සිටින ඔය
සියලුම දරුවන්, ඔබ පෞද්ගලිකව බාබා ඉදිරියේ අසුන්ගෙන සිටියත්, තමන්ගේම ස්ථාන වල
අසුන්ගෙන සමරමින් සිටියත්, ඔය සියලු දරුවන් දැකීමෙන් බාප්දාදා සතුටු වන අතර ඔය
දරුවන්ද පියා සමග හමුව දැකීමට සතුටු වනවා. කෙසේවෙතත්, අද සිට, ඔබ ඇතැම් විට පමණක්
සතුටින් සිටින අය නොවෙයි, නිරන්තරයෙන් සතුටින් සිටීමේ සිතිවිල්ල ඔබට තිබිය යුතුයි.
ඔබ දෙස බලා, ඔබගේ මුහුණ දකින ඕනෑම කෙනෙක්, ඔබ ඉතා වාසනාවන්ත ජීවාත්මයක් ලෙස පෙනෙන
බව, සිතිය යුතුයි. ඔබගේ ක්‍රියාකාරකම් වල සහ ඔබගේ මුහුණේ ඔබගේ වාසනාව දිස්විය
යුතුයි. ඔබගේ මනසේ එය බොහෝ තිබෙන බව නොසිතන්න, නැහැ! ඔබගේ සතුටු සහ වාසනාවන්ත මුහුණ
අන් අයට හැඳින්වීමක් ලබා දෙයි. ඔබට යමක් තිබෙන බව, ඔබගේ මුහුණ ඔවුන්ට පවසයි. ඔබගේ
මුහුණ සේවය කර, ඔවුන්ව පරම පියා වෙතට රැගෙන ආ යුතුයි. සතුටින් ඉන්න! මෙයත් සේවය
කිරීමේ ක්‍රමවේදයකි. සෑම තැනකම සිටින ඔය සියලුම දරුවන්ට, ඔබගේ උපන් දිනය දා, කෝටි
ගුණයක සුබ පැතුම්, සුබ පැතුම්, සූබ පැතුම්. අච්චා.
වරදානය:
ඔබ සියලු
සැකයේ සිතිවිලි අවසන් කිරීමෙන්, මායා පරාජය කරන ජයග්‍රාහී මැණිකක් වේවා.
ඔබ තුළ සැකයේ
සිතිවිල්ලකට මතු වීමට ඉඩ දී, කිසිම විටෙක මෙසේ නොසිතන්න: ‘සමහර විට මම අසමත් වෙයි.’
ඔබ පරාජය වන්නේ, සැකයෙන් පිරි බුද්ධියක් තිබීමෙන්ය. එබැවින් ඔබ අනිවාර්යෙන් ජයගෙන
සියලු දෙනාටම පෙන්වන්නම්, කියා නිරතුරුවම සිතන්න. ජයග්‍රහණය ඔබගේ උපත් අයිතියයි;
සියලු අයිතීන් ඇතිව සෑම දෙයක්ම සිදු කිරීමෙන්, ඔබට නියත වශයෙන්ම ජයග්‍රහණයට
අයිතියක් තිබෙයි, එනම්, සාර්ථකත්වයට. මේ අන්දමින් ඔබ ජයග්‍රාහී මැණිකක් වෙයි. මේ
නිසයි මෙවන් වදන්: “මම දන්නේ නැහැ’ වැනි වදන්, මාස්ටර් දැනුමින්-පිරිපුන්
ජීවාත්මයකගේ දෙතොල් වලින් කිසිවිටෙක මතු නොවිය යුත්තේ.
පාඨය:
දයාවේ හැඟීම,
උපකරණයක් වීමේ අවධානය, පහසුවෙන් මතු කරවයි.
අව්‍යක්ත සංඥාව:
අපවිත්‍රතාවයේ බීජය අවසන් කර, සම්පූර්ණයෙන් පිරිසිඳු (පිවිතුරු) වන්න.
ඔබ නිදිකුම්බා
පැළෑටියක් සුළුවෙන් හෝ ස්පර්ෂ කළ සැනින්, එය බලරහිත වන සේම, ඔබගේ පිවිතුරු
සිතිවිල්ලෙන්, නිදිකුම්බා පැළෑටිය වන මායාව, තත්පරයකින් සිහිසුන් කරවන්න.
නිරන්තරයෙන් ඔබගේ ආදිතම ස්වරූපය සහ ඔබගේ ආශිර්වාද ලත් ස්වරූපය ඔබගේ අවධානයේ තබා
ගන්න, එවිට කිසිදු අපවිත්‍රතාවයක හෝ අමතකවීමක නමක් හෝ සලකුණක් ඉතිරි නොවෙයි.