09.09.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ තුළ ඇති නරක සංස්කාර ඉවත් කර යහපත් සංස්කාර ග්‍රහණය කර ගැනීම උදෙසා යෝගා බලය උපයෝගී කර ගන්න. දැනුම සහ පාරිශුද්ධත්වය යහපත් සංස්කාරයි.

ප්‍රශ්නය:
ඔබවන් දරුවන්ගේ ජන්ම උරුමය කුමක්ද? ඔබට ඇත්තේ කිනම් ආකාරයක හැඟීමක්ද?

පිළිතුර:
ඔබේ ජන්ම උරුමය මුක්තිය සහ ජීවන මුක්තියයි. ඔබ බාබා සමඟ නිවස වෙත යනවා යන්න ඔබ තුළ දැන් ඇතිවන හැඟීමයි. ඔබ විසින් කරන ලද භක්තියෙහි ඵලයක් ලෙස ඔබට මුක්තිය සහ ජීවන මුක්තිය ලබා දීමට බාබා පැමිණ ඇති බව ඔබ දන්නවා. සියලු දෙනාටම දැන් සාම දේශය වෙත යා යුතුව ඇත. ඒ දේශයේ දර්ශන දැන් හැමෝටම වගේ ලැබෙනවා.

ඕම් ශාන්ති.
මනුෂ්‍යයොත් බාබාට සත්‍ය අධිරාජ්‍යයෙක් යැයි කියනවා. ඉංග්‍රීසියෙන් නම් ඔහු අධිරාජ්‍යයෙකු ලෙස හඳුන්වන්නේ නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් ඔහු අමතන්නේ සත්‍ය පියා ලෙසයි. ඔවුන් කියනවා දෙවියන්වහන්සේ තමයි සත්‍යය කියලා. භාරතයේදී ඔහුට කියන්නේ සත්‍ය අධිරාජ්‍යයා කියලයි. එහි විශාල වෙනසක් තිබෙනවා. කෙසේවෙතත්, ඔවුන් කියන්නේ ඔහු සත්‍යයයි. ඔහු සත්‍යය උගන්වා ඔබව සත්‍යවාදී කරවනවා. අන් අය කියන්නේ ඔහු සත්‍ය පාලකයකු කියලයි. ඔහු ඔබව සත්‍යවාදී කරවනවා මෙන්ම ඔබව සත්‍ය දේශයේ පාලකයින් කරවනවා. මුක්තියත් භක්තියේ ඵලය ලෙස හඳුන්වන ජීවන මුක්තියත් ඔබට ඔහු ලබා දෙනවා. ඔහු ඔබට ඔබේ භක්තියේ ඵලය ලබා දී ඔබ ආරක්ෂා කරනවා. දරුවනි, ඔබ දන්නවා ඔහු ඔබට මේ දෙකම ලබා දෙනවා. ඔහු සියල්ලන්ම ආරක්ෂා කරනවා නමුත් ඔබට ප්‍රතිඵල ලබා දෙනවා. මුක්තියත් එහි ඵලයත් නිර්මාණය විය යුතුයි. භාෂා කිහිපයක්ම තිබෙනවා. ශිව බාබාටත් විවිධ නම් දෙනවා. ඔබ ඔහුට ශිව බාබා යැයි කියන විට සමහරු කියන්නේ පාලකයා කියා පමණයි. ඔහු පාලකයෙකු වුවද ඔහුට නමක් තිබිය යුතුයි. නමක් ස්වරූපයක් නොමැතිව කිසිවක් සිදුවිය නොහැකියි. ඔහු කිසියම් හෝ දෙයක පාලකයකු විය යුතුයි! නමක් ස්වරූපයක් අනිවාර්යයි. ඔබ දන්නවා ඇත්තටම බාබා ඔබව ආරක්ෂා කරන බව. පසුව ඔබ සියල්ලන්ම අනිවාර්යෙන්ම සාම දේශයට යා යුතුයි. හැම දෙනාටම ඒ නිවහනෙහි දර්ශන පෙනෙනවා. එම නිවසින් ප්‍රථමයෙන්ම එන්නේ ඔබයි. එමෙන්ම එය ප්‍රථමයෙන්ම දකින්නේත් ඔබයි. ආරක්ෂාව සහ ගැලවීම මෙයයි. මිනිස්සු මෙවන් වචන භාවිත කළද ඔවුන් එය භාවිත කරනුයේ අවබෝධයකින් තොරවයි. දරුවනි, ඔබ නිවස වෙත යන බව හා එහි ඵල ලබන බව ඔබේ හැඟීමෙහි තිබෙනවා. ඔබ ප්‍රතිඵල ලබනුයේ අනුපිළිවෙලටයි. එමෙන්ම අන්‍ය ආගමික පුද්ගලයින් පවා ඔවුන්ගේ වේලාව අනුව ප්‍රතිඵල ලබනවා. බාබා පැහැදිලි කරනවා ’ඔබ දිව්‍යලෝක වාසී කෙනෙක්ද නැතහොත් අපායේ පදිංචිකරුවෙක්ද?‘ යන දැන්වීම් පත්‍රිකාව බොහොම හොඳ බව. ඔබ පමණයි දන්නේ පියාගෙන් ඔබට ලැබෙන, දේව පියාගේ ජන්ම උරුමය ඔබට ලැබෙන මුක්තිය හා ජීවන මුක්තිය බව. ඔබටත් ලිවිය හැකියි ඔබටත් මේ ජන්ම උරුමය බාබාගෙන් ලැබිය හැකියි. බාබාට අයත් වීමෙන් ඔබ මේ දෙකම ලබනවා. කෙසේවෙතත්, අනෙක් ජන්ම උරුමයන් ලබාදෙන්නේ රාවණ් විසිනුයි. මේ ජන්ම උරුමය ලබා දෙන්නේ උත්තරීතර පියා, උත්තරීතර ජීවයයි. මේ ජන්ම උරුමය එන්නේ දෙවියන්ගෙන්, ඒ ජන්ම උරුමය එන්නේ යක්ෂයින්ගෙන්. ඔවුන්ට යමක් අවබෝධ කර ගත හැකි වන සේ ඔබට මේ ආකාරයට යමක් ලිවිය හැකියි. දරුවනි, ඔබ දැන් දෙව්ලොව නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා කළ යුතු කාර්යයන් බොහෝයි. මේ මොහොතේ ඔබ හරියට ළදරුවෙක් වගේ. කලි යුගය තවම ළදරුවෙකියි මිනිසුන් කියන්නා සේම, බාබාත් කියනවා ස්වර්ණමය යුගය ගොඩනැංවීමේදී ඔබත් ළදරුවෙක් වගේ කියලා. ඔබ දැන් ඔබේ උරුමය ලබනවා. රාවණ් උරුමය දෙනවා කියා ඔබ කියන්නේ නැහැ. දේව පියා තමයි ඔබට උරුමය දෙන්නේ. රාවණ්ට පියා කියන්නේ නැහැ ඔහුට කියන්නේ යක්ෂයා කියලයි. යක්ෂයින්ගෙන් ඔබ ලබන උරුමය කුමක්ද? ඔබ ඔවුන්ගෙන් ලබන්නේ පාපයන් පහ. පාපයන් ඔබව තමෝප්‍රධාන් කරවනවා. ඔවුන් දැන් දශේරා (රාවණ් ලෙස සෑදූ පඹයෙකු පිළිස්සීම) උත්කර්ශවත් ලෙස සමරනවා. විශාල ධනයක් වියදම් කර ඔවුන් උත්සව සමරනවා. ඔවුන් පිටරටවල මිනිසුන්ට ඒවා බලන්න එන්න කියා ආරාධනා කරනවා. ඉතාම සුප්‍රසිද්ධ දශේරා උත්සවය සමරන්නේ මයිසූර්වල. එහි බොහෝ ධනවත් මිනිසුන් සිටිනවා. රාවණ් රාජ්‍යයයේ මිනිසුන්ට සුළු මුදලක් පමණක් තිබුණහොත් ඔවුන් මානසිකව කඩා වැටෙනවා. බාබා විස්තර සහිතව පැහැදිලි කර දෙනවා. මෙය රාවණ් රාජ්‍යයයි. එය දේව රාජ්‍යයයි. එය රාම රාජ්‍යය යැයි කීම වැරදියි. ගාන්ධි තුමා හට අවශ්‍ය වුණා එහි රාම රාජ්‍යය පිහිටු වීමට. සමහර මිනිසුන් සිතනවා ගාන්ධි තුමාත් අවතරණයක්ය කියා. ඔවුන් ඔහුට බොහෝ මුදල් දෙනවා. ඔවුන් ඔහුට කියන්නේ භාරතයේ පියා කියලයි. ශිව බාබා තමයි මුළු ලෝකයටම පියා වන්නේ. ඔබ වන ජීව මෙහි හිඳ සිටිනුයේ කොපමණ ජීව එහි සිටිනවා දැයි දැනුමක් ඇතිවයි. මනුෂ්‍ය ශරීර විනාශ වන සුළුයි නමුත් ජීව සදාකාලිකයි. ඉහළ තාරකාවන් සේ, එහි අපමණ ජීවයන් වෙසෙනවා. තාරකාද ජීවයන්ද වැඩි? ඔබ ලෝකයේ තාරකාවන්. ඒ අහස් තලයේ තාරකාවන්. ඔබට කිව්වේ ඉෂ්ට දේවතාවන් කියලයි. පසුව ඔවුන් තාරකා වලට ඉෂ්ට දේවතාවන් යැයි කිව්වා. ඔබ වාසනාවන්ත තරු. අච්චා. ඔබම මේවා සාකච්ඡා කරන්න. නැවතත් බාබා මේ කාරණාව ගන්නේ නැහැ. ඔබ කියා සිටියා සියලුම ජීවයන්ට සිටින්නේ එකම පියා කියලා. ඔහුගේ බුද්ධියෙහි සියල්ලන්ම සිටිනවා. සියලු මනුෂ්‍යයින්ගේ පියා ඔහුයි. ඔබ දන්නවා මුළු ලෝකයේම සෑම දිවයිනක්ම මුහුදෙන් වටවෙලයි තියෙන්නේ. හැම දෙනාම මෙය තේරුම් ගන්නේ නැහැ. බාබා පැහැදිලි කර දෙනවා දැන් මුළු ලොවම රාවණ් රාජ්‍යයෙන් වට වෙලයි තියෙන්නේ. රාවණ් රාජ්‍යය මුහුද හරහා නෙමෙයි තියෙන්නේ. මුහුද තියෙන්නේ රාවණ් රාජ්‍යය වටේට. කථාවක් තියෙනවා කුළු හරකෙක් තම අඟ මත ලෝකය තබාගෙන එය ආරක්ෂා කළ හැටි. හරකා වෙහෙසට පත්වන විට ඌ ලෝකය අනෙක් අඟට මාරු කරනවා. නව ලෝකය දැන් ගොඩනැංවෙමින් පවතින අතර පැරණි ලොව විනාශ වෙනවා. කෙසේවෙතත්, ආගමික ග්‍රන්ථ බොරු කථා වලින් පිරිලා. ඔබ තේරුම් ගන්න සෑම ජීවයකටම ශරීරයක් තිබෙනවා ඔවුන්ට කියන්නේ මනුෂ්‍ය ජීව කියලා. ඔවුන් ජීව ලෝකයේ සිටින විට ඔවුන්ට ශරීර නැහැ එවිට ඔවුන් අශරීරිකයි. ශරීරයකට භෞතික තත්ත්වයක් තිබෙනවා. මේ නිසයි ඔවුන් ශාරීරික. අශරීරික අයට ශරීර නැහැ. මේ ශාරීරික ලෝකයයි. ඒ අශරීරික ජීව ලෝකයයි. මෙයට කියන්නේ ලෝකය කියලයි එයට කියන්නේ අශරීරික ලෝකය කියලයි. ජීවයක් ශරීරයකට ඇතුළු වූ විට එහි චලනයන් සිදු වනවා. එසේ නොවුවහොත් ශරීරයකින් ඇති වැඩක් නැහැ. ඒ ලෝකෙට කියන්නේ අශරීරික ලෝකය කියලයි. අවසානයේදී එහි සිටින සියලුම ජීව පහළට එනවා. මේ යුගය මංගල්‍ය සංගම යුගයයි. සියලුම ජීව මෙහි පැමිණි විට එහි කිසිවකු ඉතිරි වන්නේ නැහැ. මුළු ලෝකයම මුළුමනින්ම හිස් වූ විට සෑම දෙනාම එහි යනවා. ඔබ දරණ උත්සාහයට අනුව මෙවන් සංස්කාර අනුපිළිවෙලින් ලබනවා. සමහරු ඉතා හොඳින් දැනුම නැමැති සංස්කාර ලබනවා සමහරු පාරිශුද්ධත්වය තම සංස්කාර වලට තදින්ම ලබනවා. පළමුව ඔබ නිවස බලා යා යුතුයි. පසුව මෙහි පැමිණිය යුතුයි. දිව්‍යලෝකයේ ඇත්තේ හොඳ සංස්කාර, මෙහි සංස්කාර දූෂිතයි. ඔබේ හොඳ සංස්කාර වෙනස් වී නරක සංස්කාර බවට පත්වනවා. පසුව යෝගා බලයෙන් නරක සංස්කාර යහපත් වනවා. ඔබ එහිදී හොඳ සංස්කාර ලබනවා. ඉගැන්වීමේ සංස්කාර බාබාට තිබෙනවා. ඔහු මෙහි පැමිණ ඔබට උගන්වනවා. ඔහු නිර්මාතෘ සහ නිර්මාණයේ මුල, මැද සහ අග ගැන සියලු රහස් පැහැදිලි කර දෙනවා. ඔහු ඔබට බීජය හා මුළු වෘක්ෂයේම සම්පූර්ණ පැහැදිලි කිරීම ලබා දෙනවා. බීජයේ පැහැදිලි කිරීම යනු දැනුමයි. වෘක්ෂය ගැන පැහැදිලි කිරීමේදී භක්තිය ගැන කියැවෙනවා. භක්තිය සම්බන්ධ කරුණු ගොඩක් තිබෙනවා. බීජය සිහි කිරීම ඉතා පහසුයි. ඔබ එහි යා යුතුයි. තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වීමට ගන්නේ සුළු කාලයයි. ඉන්පසු වසර 5000ක් ගත වෙනවා නැවත සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් වීමට. මේ චක්‍රය ඉතාම නිවැරදියි එමෙන්ම නිරන්තරයෙන්ම නැවත නැවතත් ක්‍රියාත්මක වනවා. කිසිවකුට මේ ගැන කිසිවක් කිව නොහැකියි. ඔබට අන්‍යයන්ට කිව හැකියි මේ චක්‍රය තිබෙන්නේ භාගයක් සහ භාගයක් ලෙස කියා. එක් භාගයක් දිව්‍යලෝකය සහ අනෙක් භාගය අපාය. මේවත් කිව යුතු කරුණුයි. දිව්‍යලෝකයේදී උපත් සිදුවන්නේ අඩුවෙන් නමුත් සෑම කෙනෙකුටම දීර්ඝායුෂ කාලයක් තිබෙනවා. අපායේ උපත් වැඩියි නමුත් ආයුෂ කෙටියි. ඔවුන් යෝගීන් කෙසේවෙතත්, මොවුන් භෝගීන් (සැප පහසුකම් වලම ඇලී ගැලී සිටින්නන්). එනිසයි මෙහි උපත් ගණන වැඩි. කිසිවකු මේ දේවල් දන්නේ නැහැ. දේවී දේවතාවන් සිටියේ කවදාද හෝ ඔවුන් නිර්මාණය වූයේ කෙසේද කියා මිනිසුන් කිසිවක් නොදනී. ඔබ දන්නවා ඔවුන් කෙතරම් සංවේදීද කියා. මේ කාලයේදී තමයි බාබා ඔබට උගන්වා උපත් 21කට ඔබට උරුමය ලබා දෙන්නේ. මෙවන් සංස්කාර නැවත ඔබ තුළ තිබෙන්නේ නැහැ. ඔවුන් දුක් සංස්කාර ලබනවා. පාලනය ඔබේ සංස්කාර වලට ඇතුළු වන විට දැනුම ඉගෙනීම අවසන් වනවා. මේ සංස්කාර අවසන් වන විට ඔබ දරණ උත්සාහය මත රුද්‍රාගේ මල් දාමයට ඔබ අනුපිළිවෙලට බැඳෙනවා. පසුව අනුපිළිවෙලට තම කොටස රඟපෑමට ඔබ පහළට පැමිණෙනවා. සම්පූර්ණ උපත් 84ම ගන්නා අය පළමුවෙන්ම එනවා. ඔවුන්ගේ නමුත් දන්නවා. දිව්‍යලෝකයේ ප්‍රථම අධිරාජ්‍යයා ක්‍රිෂ්ණා. ඔබ දන්නවා ඔහු තනියම ඉන්නේ නැහැ. මුළු රාජ්‍යයම එහි තිබෙනවා රජ කෙනෙකුට යටත්වැසියොත් සිටිය යුතුයි. එක් රජ කෙනෙකුට පසුව තවත් රජ කෙනෙකු ඉපැදිය හැකියි. අට දෙනාම එක්වර එන බව කිව හැකි නමුත් ශ්‍රී ක්‍රිෂ්ණා පළමුවැනියායි. අටදෙනාම එකවර එනවා නම්, ක්‍රිෂ්ණාව වැඩියෙන් වර්ණනා කරන්නේ ඇයි? මේ සියලු කරුණු ඉදිරියේදී ඔබ වර්ධනය වන විට පැහැදිලි කර දෙනවා. බාබා කියනවා මම ඔබට ඉතා වැදගත් කරුණු අද කියනවා. සමහර කරුණු තවම විස්තර කරන්න තිබෙනවා. ඔබ යම් දෙයකට පිළිතුරක් නොදනී නම්, වඩා හොඳයි වැඩිහිටි සහෝදරියකට පිළිතුරු දිය හැකි බව හෝ තවම බාබා ඒ ගැන කියා නැති බව කියන්න. දවසින් දවස ඔහු දැනුමේ ඉතා වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් කියා දෙනවා. මේවා කියන්න ලැජ්ජා විය යුතු නැහැ. මේ වගේ ගැඹුරු කරුණු ගැන කියනකොට ඔබ වඩාත් සතුටු වනවා. නමුත් අවසානයට ඔහු කියනවා මන්මනභව්, මධ්‍යජීභව්! ආගමික ග්‍රන්ථ ලියපු අයත් මේවා එහි සඳහන් කර තිබෙනවා. මේ ගැන කළබල වීමට කිසි හේතුවක් නැහැ. බාබාට අයිති වූ දරුවන් අසීමිත සතුටක් අත්දකිනවා. කෙසේවෙතත්, ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියා වල පාරිශුද්ධත්වයක් තිබිය යුතුයි. බාබාගෙන් පළමුවෙන්ම උරුමය ලබන්නේ ලක්ෂ්මි සහ නාරායන්. ඔවුන් පසුව වන්දනා කරන්නන් බවට පත් වනවා. මේ ගතිගුණ ඔබ තුළ ඇත්දැයි සොයා බලන්න. මේ කාලයේ ගුණධර්ම ඇත්තේ නැහැ. කිසිවකු තමන්ගේම දුර්වලතා දන්නේ නැහැ. දැන් ඔබ බාබාට අයත් වූ බැවින් ඔබ වෙනස් විය යුතුයි. බාබා ඔබේ බුද්ධියෙහි අගුළු විවර කළා. ඔහු ඔබට බ්‍රහ්මා සහ විශ්ණු අතර සම්බන්ධයේ රහස් ගැනත් කිව්වා. මොහු අපිරිසිඳුයි අනෙක් කෙනා පිරිසිඳුයි. ඔබේ නිර්මාණයන් සිදුවන්නේ මේ මංගල්‍ය සංගම් යුගයේ. ඔබේ නිර්මාණයන් සිදුවන්නේ ප්‍රජාපිතා බ්‍රහ්මා පැමිණි පසුවයි. එය ස්වර්ණමය යුගයේදී සිදුවිය නොහැකියි. මෙහෙ මිනිස්සු තමන්ට දරුවකු ලබා ගත නොහැකි නම්, හදාගන්න දරුවකු ගන්නවා. ප්‍රජාපිතා බ්‍රහ්මා (ජනතාවගේ පියා) ටත් බ්‍රාහ්මණ දරුවන් සිටිය යුතුයි. ඔබ උපදින්නේ කටින් ඒ දරුවන් උපදින්නේ පවින්. බ්‍රහ්මා ප්‍රසිද්ධයි. ඔහුගේ පවුල් නාමය අසීමිතයි. හැමෝම තේරුම්ගෙන තිබෙනවා ප්‍රජාපිතා බ්‍රහ්මා තමයි ප්‍රථම දේවතාවා ලෙස. ඉංග්‍රීසියෙන් කියනවා මීමුත්තා කියලා. මේ ඔහුගේ අසීමිත පවුලේ නමයි. අනෙක් පවුල් නාම සීමිතයි. එනිසා බාබා කියනවා හැමෝම කියනවා භාරතය උසස් ආගමික ස්ථානයක්. එය තමයි අසීමිත පියා පැමිණෙන ස්ථානය. එනම්, ඔහු භාරතයේ සෑම තැනකම නැහැ. ආගමික ග්‍රන්ථ වල වැඩි වශයෙන් විනාශයට පාත්‍ර වූ දේශය ගැන කියැවෙනවා. ඔහු මේ දැනුම උගන්වන්නේ කොහිදීද? ඔහු අබූ වලට පැමිණෙන්නේ කෙසේද? ඊට නිවැරදිම සටහනක් තමයි දිල්වාලා කෝවිල. එය සෑදූ කෙනාගේ බුද්ධියට එය ඇතුළු වනවා. නිවැරදි පිළිරුව කිසිවකුට සෑදිය නොහැකියි. සියලු දෙනාටම ගැලවීම ලබා දීමට බාබා මෙහෙට හැර වෙනත් අපිරිසිඳු දේශයකට යන්නේ නැහැ. පකිස්ථාන් පිරිසිඳු දිවයිනක් නොවෙයි. මේ පාරිශුද්ධ දේශයයි. පාරිශුද්ධ දේශය නැමති එම දේශය දිව්‍යලෝකයයි. මේ මුළු නාටකය නැමති කථාන්තරයම රැඳී ඇත්තේ පිරිසිඳු බව හා අපිරිසිඳු බව මතයි. එනිසා, සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවනි, ඔබ දැන් තේරුම් ගන්න උත්තරීතර ජීවය සහ ජීවයන් වෙන්ව දීර්ඝ කලක් සිටිනුයේ කෙසෙද් කියා. අවසානයට අප මුණ ගැසුණු දිනයේ සිට කොපමණ කලක් ගත වී ඇත්ද? අප නැවත මුණ ගැසෙනුයේ කවදාද? තැරැව්කරුවකුගේ වෙසින් පැමිණ සත්ගුරු ඔබව මුණ ගැසෙන විට තමයි ඉතා අලංකාරම හමුවීම සිදුවන්නේ. ගුරූන් බොහෝ ඉන්නවා. එනිසයි අපි මොහුට සත්ගුරු කියන්නේ. විවාහයක් සිදුවන විට කාන්තාව මෙවන් බැඳීම් වලට හසු වනවා ඔබේ ස්වාමිපුරුෂයා දැන් ඔබේ ගුරු සහ දෙවියන් වනවා. කොහොමනමුත්, ඇයව අපිරිසිඳු බවට පත්කරවන්නේ ඇයගේ ස්වාමිපුරුෂයායි. අද ලෝකයේ කැතත් ජරාවත් සෑම තැනකම. ඔබ දැන් පිරිසිඳු සහ ලස්සන විය යුතුයි. බාබා ඉතා දැඩි බැඳීමක ඔබව බන්දවා තබනවා. කෙසේවෙතත්, රක්ෂා බන්ධන් සමරන්නේ ශිවාගේ උපත සිදුවන එකම මොහොතේ. ඒ වෙලාවටම තමයි ගීතාවෙහි උපතත් වන්නේ. ක්‍රිෂ්ණාගේ උපත සිදුවන්නේ නව ලෝකයේදීයි. අනෙක් සියලු උත්සව මේ වකවානුවේ මතක සටහන්. රාමාගේ උපත සිදුවන්නේ කවදාදැයි කිසිවකු දන්නේ නැහැ. ඔබ කියනවා රාමාගේ උපත සිදුවන්නේ නව ලෝකයේ සිට වසර 1250කට පසුවයි. ශිවාගේ හෝ ක්‍රිෂ්ණාගේ හෝ රාමාගේ උපත් වල දිනයන් කිසිවකුට කිව නොහැකියි. මේ ගැන දැනුම ඔබට දැන් ලබා දෙන්නේ බාබා විසිනුයි. ඔබට මේවා අන්‍යයන්ට දැන් ඉතා පැහැදිලිව කිව හැකියි. මුළු ලෝක ජනගහණය ගැනම දැන් ඔබට කිව හැකියි. එක් අයෙක් වසර සිය දහස් ගණනක් ගැන කියනුයේ කෙසේද? බාබා ඔබට මේ අසීමිත දැනුම ඉතා හොඳින් පැහැදිලි කර දෙනවා. එකම එක වතාවයි සහ මේ මොහොත පමණයි ඔබ උපත් 21කට පාප වල පටලැවීමෙන් මිදීමට ඉගෙන ගන්නේ. ඔබ දැන් ඉන්නේ රාවණ් නැමති පිටරට රාජ්‍යයකයි. පාපයන් පහ තමයි රාවණ්ගෙන් පෙන්නුම් කරන්නේ. ඔබ දැන් මුළු උපත් 84හි චක්‍රය හා එකඟයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ අසීමිත සතුට නැමති උරුමය ලබාගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියා වලින් පාරිශුද්ධ විය යුතුයි. යෝගා බලය තුළින් හොද සංස්කාර උකහා ගන්න. ඔබව ගුණවත් කරගන්න.

2. නිරන්තරයෙන් සතුටින් සිටීමට නම්, ඔබ දිනපතා බාබා පැහැදිලි කරනු ලබන ගැඹුරු දැනුමට සවන් දී අන්‍යයන්ටද පවසන්න. කිසිම කරුණක් සම්බන්ධව කලබලයට පත් නොවන්න. උපක්‍රමශීලීව පිළිතුරු දෙන්න, යමකට පිළිතුර තමා නොදන්නේ නම් ඒ බව පැවසීමට ලැජ්ජා නොවන්න.

වරදානය:
ඔබ සතුටේ මාස්ටර් දානපතියෙකු වී, සතුටේ ප්‍රතිමූර්තියක් ලෙස, සෑම ජීවාත්මයකටම සතුට ලබා දෙන්නෙකු වේවා.

නිරතුරුව දැහැමි ක්‍රියා කරන දරුවන්ට එම ක්‍රියාවන්හි ක්‍ෂණික ඵලය ලෙස සතුට හා බලය ලැබේ. ඔවුන්ගේ සිතිවිලි වල පවා සුළු දුක් රැල්ලක්වත් අත්විඳිය නොහැකි නිසා ඔවුන්ගේ හදවත් නිරන්තරයෙන් සතුටින් පවතී. සංගම යුගයේ බ්‍රාහ්මින්වරයෙකු වීම යනු ඔබ සතුට ප්‍රදානය කරන්නාගේ දරුවන් බැවින් කිසිදු දුකක නාමයක් හෝ නොමැති වීමයි. එවන් සතුට පිරිනමන්නෙකුගේ දරුවෝ සතුටේ මාස්ටර් දානපති වෙති. ඔවුන් සෑම ජීවාත්මයකටම නිරන්තරයෙන් සතුට ලබා දෙයි; ඔවුන් කිසිවිටෙකත් දුකක් දෙන්නේ හෝ දුකක් ගන්නේ හෝ නැත.

පාඨය:
මාස්ටර් දානපතියෙකු වීම සහ සහයෝගය, සෙනෙහස සහ දයාව ලබා දීම අනුකම්පාසහගත ජීවාත්මයක සලකුණයි.